-
වාපි – Wapi
Original price was: Rs. 800.00.Rs. 640.00Current price is: Rs. 640.00.මිනින්දෝරුවා හෙවත් රිචඩ් කුඩාරමේ එල්ලා තිබෙන ලන්තැරුමෙන් එහා සිට කඩා වදින්නට දඟලන අන්ධකාරයට දැස් දල්වා සිටී. කුඩාරමට වම් පසින් අඟුරු බැස ඇති ගිනිමැලයට දර කොටත් ළං කරමින් ගිනි බෝ කරන්නට කිරාල රෑ පුරා කරන සටන ඔහුට මැනවින් හුරුය. අඟුරු ගොඩ ඉහළින් එල්ලා ඇති දුම්බැඳි කළු ගැසුණු කේතලයේ හූ හඬට කන්දීගෙන කිරාල සිටින්නේ අඳුර දෙස බලාගත් වන මය. මිනුම් සටහන් තැබීමටත්, තම අගනා වාරිමාර්ග වාර්තා ලේඛනගත කිරීමටත් පාවිච්චි කරන අකුළා තැනින් තැන ගෙන යා හැකි කුඩා මේසය මත දෙපා විහිදුවමින් අකුළන පුටුවේ හාන්සි වී පයිප්පය උරන රිචඩ්ට දහවල් දවස පුරා ලයින් කැපීමටත්, තියඩෝලයිට්ටුව ඇතුළු මිනුම් උපකරණ ඔසවා ගෙන සැතපුම් ගණනාවක් දුර පා ගාටමින් හෙම්බත් වූ කම්කරුවන් නින්දෙන් කෙඳිරිගාන හඬ ඇසෙයි. මින්නේරි වැව් හිසින් මෝදු වී එන ළා හඳ යාන්තම් ලපයක් ලෙස අහසේ වැහි බිත්තර අතරින් වරින් වර මතු වෙයි. බිම එළාගත් ගෝනි පඩංගුව මත වකුටු වී කෙඳිරිගාන මිනින්දෝරු පාටියේ කෙසඟ මිනිසුන් දකින රිචඩ්ට අවරදිගුවන් විස්ම පත් කළ මහ සයුරුවන් මහ වාපින් ඉදිකළ විස්මිත වාරි රහස් සඟවා ගෙන මේ පොළොව තුළ සැඟවුණු යෝධ මිනිස් කැලකගේ වත්මන් ජාන සම්පත මේ දැයි මහත් කුතුහලයක් ඇති වෙයි.
-
පර්ලිනා – Perlina
Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.කලක පටන් දැඩි හිරු රශ්මියත් සමඟ පොර බැදූ පොළව, නිවා සනහන්නට තරම් වරුසාවක් නොලැබූ කර්කශ පොළොවට උදලු පහරවල් කිහිපයක් එක පෙළට වැඳිනි. උදලු තලයේ වැදී පස් කැටිති දසත විසිරුනා මිසක පොළව පසාරු වන බවක් නොවීය. මද්දහන් හිරුගෙන් උණුසුම් වන වියළි සුළඟ. එළි පෙහෙලි කර සැකසූ හේන් අතරින් උජාරුවට සැරිසැරුවේය. අග්ගහ කැලයෙන් නැගුණු ගෝනෙකුගේ පොළුහංදීමකට හේනේ කොනක දළුපත් සොයමින් සිටි සාවෙකු බියපත් වී ගොල්ලකට වැදී සැඟව සිටියේය. ගම්මානයේ විසූ හේන් ගොවියන් මහමුකලන් බැසීම ඇරඹියේ එදිනය. ඒ වන විටත් යාය රාළට අක්වැස්සක හීන් ඉවක් පහළව තිබිණි. සුභ නැකතට වල් කොටන්නේ යායෙ රාළය. වල් කොටන්නේ රුක් අත්තන, පෙතං, පලු, බෝමි, කහට, ලෝලු, කොබ්බෑ, කුරටි, දෙමට යන ගස් වලින් තෝරා ගත් ගසකිනි. යායෙ රාළ විසින් පළමු වල් අත්ත කපන්නේ මරු සිටින දිසාවට පිටුපාය. මිනිසාගේත්, පරිසරයේත් සබැදියාවට ඇත්තේ දිගු අතීතයකි. එය සිහිගැන්වුමට යාය රාළ පළමු ව අත්ත කපා දමනුයේ දේව කන්නලව්වක් සමඟය පොසොන්, ඇසළ, නිකිණි මාස් වලදි නුවර කලාවියේ ඇත්තන් හේන් වල වල් කොටා, වල් වියළා, ගිනිලෑම අරඹයි.
-
ලන්තැරුම් එළිය – Lantherum Eliya
Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.වෙනදා හැමදාමත් විනාඩි පහෙන් ගෙදරට යන පාර අද කොච්චර දුර ද ? මහ පාර ළඟ ඉඳන් ගෙදරට කොච්චර වේගයෙන් දිව්වත් තව ගේ ළඟට ආවේ නෑ. දැන් නම් මට හොඳට ම හනි කෙළ ගිලගනත් බැරි තරමට ම. ” සයිමන් අයියගේ දුව නේද අර යන්නෙ?” ඩිංගිරි මා මගේ මිදුලට වෙලා කමලා නැන්දයි, සුමනා නැන්දයි කතා වෙනවා මට ඇහෙනවා. හැමදාමත් ගමේ කවුරු මුණට මුලිච්චි වුණත් හිනාවෙලා කතා කරන මං, අද නැවතීමක් නැතිව ම ගෙදරට දුවන්නේ මගේ සතුට අම්මට කියන තෙක් ඉවසිල්ලක් නැති නිසාවෙනි. ” පුතේ ඔයා මේ පාර විභාගේ ලිව්වා නේද?” ” කොහොමද ළමයෝ ප්‍රතිඵල ?” ” මම පාස් නැන්දේ.”
-
සංගිලිපාලම – Sangilipalama
Original price was: Rs. 850.00.Rs. 680.00Current price is: Rs. 680.00.අසනි වැස්සක් වැටිණ. දෙපත් කපාගෙන ඇද හැළුණු මහ වැස්ස, දෙරණ බිලිගන්නට එන්නා වූ රකුසෙකුගේ විලාසය ගනී. වැස්ස තුරල් වන පාටක් නැත. සඳුනි දෙපාරක් පාපිස්සේ හප්පා ආපසු හැරී බැලුවාය. වැස්ස තමා පසුපස හඹා ආයේ සතුරෙකු පරිද්දෙනි. හිටි ගමන් ඇද හැළුණු වැස්සට ඈ බිය වූවා ය. ඈ කවදත් වැස්සට බිය ය. විළිරුදාවෙන් පෙළෙන ගැබ්බර අහස අකුණු ගසන විට ඈ තිගැස්සුණාය. වැස්සේ තෙත බරිත වෙමින් ටික දුරක් පැමිණි ඈ හිස ගස්සා ආපසු බැලුවා ය. ඇගේ දෙනෙතේ තිබුණේ බියකි. සතුරු සේනාවක් වෙඩි තබමින් කෑ මොර දී තමා පසුපස හඹා ආ කලෙක ඔවුන්ගෙන් බේරුණාක් වැනි හැඟීමක් ගෙට ගොඩ වූ සැණින් ඇයට දැනිණ. ඉස්තෝප්පුවේ කොට තාප්පයේ වාඩි වී සිටි රංග අයියා දෙසට ඈ හෙළුවේ ජයග්‍රාහී බැල්මකි. එහෙත් ඔහුගේ අවධානය ඇය වෙතට යොමු වුයේ නැත. ඇගේ ගෑවෙන සීමාවට රංග අයියා දෙසට කිට්ටු වූ සඳුනි, ඔහුගේ අවධානය උදුරා ගන්නට තැත් කළාය. එහෙත් රංග, නිනව්වක් නැති මහ වැස්ස දෙස අපේක්ෂා භරිතව බලා සිටියේ ය. කොට තාප්පය මත සඳුනි සටහන් මිටිය තැබුයේ කනස්සල්ලෙනි.
-
කැලණිවැලි Express – Kelaniweli express
Original price was: Rs. 850.00.Rs. 680.00Current price is: Rs. 680.00.කොළඹ කොටුව බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය තව ස්වල්ප වේලාවකින් පළවෙනි වේදිකාවට ළඟා වනවා ඇත. එම දුම්රිය නවත්වන්නේ කොට්ටාව, පන්නිපිටිය, මහරගම, උඩහමුල්ල නුගේගොඩ, නාරාහේන්පිට, කොටාරෝඩ්, බේස්ලයින්, මරදාන යන දුම්රිය ස්ථානවල පමණි.” කෝච්චි වලට පණ තියෙනවා. කෝච්චියේ එන්ජිමට, පෙට්ටිවලට හුස්ම ගන්න පුළුවන්. අපි හොඳට කන්දීගෙන හිටියොත් ඒ හුස්ම ගන්න සද්දය විතරක් නෙමෙයි නාඩි වැටෙනවත් ඇහෙනවා. ඒක ඒ තරම් සජීවී සහ සංවේදී දෙයක්. මේ කෝච්චියේ පෙට්ටි එකකට එකක් සම්බන්ධ වෙන්නේ නහර වැල්වලින්. ඒ නහර ඇතුළෙ තමයි ලේ දුවන්නේ. පෙට්ටිය උඩින් හම් තට්ටුවක් තියෙනවා. ඒ හම එක එක පාටයි. එතකොට ඒ හමට වැහිලා ඊට යටින් තියෙන මස්වලින් තමයි කෝච්චි පෙට්ටියක් සම්පූර්ණ වෙන්නේ. මස් වලට යටින් තව ඇටකටු එහෙමත් තියෙනවා. එහෙම බලනකොට කෝච්චියක් කියලා කියන්නේ සුවිසල් ජීවියෙකුටයි.
-
විලම්බීත – vilambeetha
Original price was: Rs. 800.00.Rs. 720.00Current price is: Rs. 720.00.” තිලක උඹ කැමති ද ඉංගිරිසි විද්‍යාලයකට යන්ව? අප්පච්චි මේ ප්‍රශ්නය මතු කළේ රෑ කෑමෙන් පසු පවුලේ සියල්ලන් ම ඉස්තෝප්පුවේ පැදුරු එළාගෙන වාඩි වී බුලත් සපමින් සිටින විටය. එදා කන්ද කපා හඳ පායා තිබුණි. කජු වැටට එහා වෙල්යායට හඳ එළිය වැටිලා හරියට දවල් වගෙයි. මඳ සුළගින් පිච්ච සුවඳ ගේ පුරා ” අනේ ඔව් කියන්ට මල්ලි ” අනුලක්කා නිශ්ශබ්දය බින්දාය. ” මට මොකට ද ඉංගිරිසි විද්‍යාල ? ” ” මදැ පෙරුම් පුරලා ඇහුවා !” අම්මා කට කොනකින් සිනාසුණාය. ” අනේ මල්ලී කොච්චර හොඳ ද ලොකු විද්‍යාලයක ඉගෙන ගන්න එක! ඒ කීවෙත් අනුලක්කාය. ” එතකොට අයියා කලිසං සපත්තු ඇඳලා ඉඳි මහත්තයා වගේ ” සෝමා නංගි කීවාය. ” ආය කලිසං සපත්තු!” ” එව්වා නැතුව පුළුවනැ ඉංගිරිසි විද්‍යාලයකට යන්ට! ‘ අප්පච්චි කීවේය. ” අප්පච්චි ඉතිං එව්වා මට ඇන්න දෙනවද?” “එහෙනම් මොකද? ”
-
යකඩ සිල්පර – Yakada silpara
Original price was: Rs. 900.00.Rs. 720.00Current price is: Rs. 720.00.පඬු පැහැ එළිය විහිදවමින් දිලිසෙයි. මහ මුකළානේ පලු,වීර,කෝන්, මොර, මී කොහොඹ කුඹුක් ගස් යෝධයින්ගේ අතු පතරට යටාවතින් වූ අඳුර පලවා හැරීමට හීන් අඩ සඳ පළුවට නොහැකිය. ගස් ගොම්මනේ වූ අඳුර අතර කුඩා දිය ඇල්ලක් වගේ සැරිසරනා කණාමැදිරියන් රෑන දෙස රුත් ඇලීසියා විලියම්සන් බලා සිටියාය. ඇය සිටියේ නවතා ඇති දුම්රිය මැදිරියකය. රැයින් අඩකටත් වඩා නිදිවරා සිටිය ද ඇගේ දැස් වලට අල්ප මාත්‍රයක හෝ නිදිබරක් නොදැනිණ. ඊට හේතුව තම ස්වාමි පුරුෂයා වූ ඩන්ස්ටන් මුලර්ගේ දිනපොතේ ලියා තිබූ කැලෑ මිනිසා පිළිබඳ වූ කුතුහලයයි. දසතින් දෝංකාර දෙන රෑහි හඬ ඉඳ හිට නැඟෙන කිරළුන්ගේ කැරැව්වෙන් මඳකට යටපත් වෙයි. තරමක් ඈතින් බකමුණු යුවළකගේ හීන් බුම්මන් හඬ ඇසෙයි. රූත් තමාගේ හිස වටා කැරකෙමින් සිටි මදුරුවන් කීපදෙනෙකු අතවනා පන්නා දැමුවාය. එහෙත්, මදුරුවන් මඳ වේලාවකින් යළිත් පැමිණ අමිහිරි හඬ නඟමින් ඇගේ හිස වටා කරකැවෙන්නට වූයෙන් ඇය දුම්රිය කවුළුවේ වීදුරු ජනේලය පහත් කර දැමුවාය. ඒ විසිවන සියවසේ මුලයි. ඒ අවධියේ ගමන් බිමන් යාම කළේ තිරික්ක වලින් වන අතර බඩු ගෙන ගියේ අඹරා කරත්ත වලිනි.
-
බිෂෝප් -Bishop
Original price was: Rs. 800.00.Rs. 720.00Current price is: Rs. 720.00.දෙවනුව මම මගේ අම්මා, අප්පච්චි, අයියා සහ අක්කාට විශේෂයෙන් ස්තුති කළ යතුයි. ගෙදර අයගේ ශක්තිය සහ රැකවරණය මේ පොතට වගේම මගේ ජීවිතයටත් විශාල පිටුවහලක් වුණා. එසේම ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ සියලුම වසරවල මගේ ආදරණීය සහෝදර සහෝදරියන්ට හදවතින්ම ස්තූති වන්ත වෙනවා. ඔවුන්ගේ අගය කිරීම්, ඔවුන් ලබා දුන් ධෛර්ය මා හට දැවැන්ත ශක්තියක් වුණා. එසේම මිලින්ද සාලිය, මහේෂ් නිලංග, හංසි කොමදී, හර්ෂණ නදීප යන මගේ ආදරණීය හිතවතුන් විශේෂයෙන් සිහිපත් කළ යුතුය. ඔවුන් සියලු දෙනාම මේ කතාව අවසාන අදියරට රැගෙන ඒමට විශාල උපකාරයක් සිදු කළ ආකාරය මා හට සැමදා සිහිපත් වනු ඇත. තවද මේ වෙනුවෙන් අලුත් අදහස් සහ තොරතුරු ලබා දුන් ප්‍රගීත් සුපුන් නාලින්ද, ලසන්ත ගිහාන් සහ හෂාන් චින්තක යන මගේ ප්‍රාණ සම මිතුරන් තිදෙනාටද මාගේ ගෞරවය සහ ස්තූතිය ලබාදීමට කැමතියි.















