• -10%
    (0)

    ඩුඕ – Duo

    බුද්ධිට තිබුණේ නැත්තෙ බුද්ධිය චිතරයි. සද්දෙ ඕසෙට. පෙනුම රියනට, හේ කෙතෙක් බුද්ධිමත්දැයි කියත හොත් තුනේ පංතියේදී කොළුවෙකුට ඔලුව පැලෙන්න තඩි බා, දැනගනින් බජාර් එකේ මගේ නම චුට්ටේ කියා තර්ජනය කළා. එකලත් තරමක වලස් පැටියෙක් තරම් විශාල වුණත් එදා ඉඳන් බුද්ධි හුරතලේට ‘චුට්ටේ’ වුණා. එයා කොච්චර හුරතල් පැටියෙක් වුණා ද කිව්වොත් ඒ නිසාම අනෙක් හුරුබුහුටි ළපටියෝ ඇස් රතු කරගෙනම හිටියේ. මේ බෝල බබා ඔරලෝසුවේ කටුවටත් වඩා වේගයෙන් කැරකී අලි බබෙක් වුණා. නමින් චුට්ටේ වුණාට, චුට්ටෙගේ කිසිම දෙයක් චුට්ටියට තිබුණෙත් නෑ. අවලස්සන තරබාරු ශරීර කුඩුවකට උරුම කියපු චුට්ටෙට තිබුණේ ඔළුවත් කඳත් විතරයි. මේ දෙක සම්බන්ධ කළ බෙල්ලක් නම් පෙනුණේ නෑ. උසින් අඩි හයක් විතර වුණු ඔහු පළල අඩු දොරකින් ඇතුළු වුණේ අමාරුවෙන්. කිසිම ලස්සනක් නොතිබුණු ඔහුගේ මුහුණේ ඇස් දෙක කුඩායි. හීනියි. චුට්ටේ කතා කරන කොට ඌරෙක් වගේ ගෙරෙව්වා. කතා කරලා ඉවර වුණාමත් ඒ ඌරු සද්දේ ආවා. චුට්ටෙගේ අම්ම නම් කිවුවේ කොල්ලට හොඳටම සෙම’ කියල. පොඩි අලි පැටියෙක් ගිලපු තරමට බඩ ගෙඩියක් තිබුණු චුට්ටේ, කවදාවත් රූපවාහිනියෙන් නිතර ප්‍රචාරණය කළ බාල ප්ලාස්ටික් පුටුවල නම් වාඩි වුණේ නෑ. විකල්ප සංකල්ප බවට පත් කර එක උඩ තවෙකක් දමා පුටු ඩබල් කර ඉඳ ගත්තා. පුටු ඩබලත් සමගම හිට ගත්තා. චුට්ටේ පාර දිගේ ඇවිදගෙන එද්දී මිනිස්සුන් වැඩි දෙනෙක් අයින් වෙලා ඉඩ දුන්නා. එක්කෝ බයට.

    Original price was: Rs. 1,350.00.Current price is: Rs. 1,215.00.
  • -20%
    (0)

    අරාජිකයෙක් ඇවිත් – Arajikayek awith

    2022 වර්ෂයේ මාර්තු මාසයේ රසල්ගේ උපන් දිනයට ඔහුගේ මිතුරිය වූ චමරිගෙන් යුවාල් නෝහා හරාරිගේ ‘සේපියන්ස්’ පොත තෑගී ලැබුණ අතර එය ඔහු නොසිතූ අපූරු තෑග්ගක් විය. රසල් තමාගේ ප්‍රියතම විෂය වූ පුරාවිද්‍යාව පොතකටත් වඩා ආශාවෙන් සහ කැමැත්තෙන් සේපියන්ස් වෙත බැඳුණ අතර සේපියස්ද ඔහුව ග්‍රහණයට හසු කරගෙන සිටියේය. මහා පිපිරුමේදී පදාර්ථ, ශක්තිය, කාලය සහ අවකාශය ඇති වීම පිළිබඳ කතාව භෞතික විද්‍යාව ලෙසත්, පරමාණු සහ අණුවල අන්තර් ක්‍රියාකාරිත්වය පිළිබඳ කතාව රසායන විද්‍යාව ලෙසත්, පසුකාලීනව ජීවය ඇති වීම පිළිබඳ කතාව ජීව විද්‍යාව ලෙසත්, එමෙන්ම හෝමෝ සේපියන්ස් ඇති වීමේ දා සිට ගලා ආ මානව සංස්කෘතිමය කතන්දරය ඉතිහාසය ලෙසත් යනුවෙන් පොත ආරම්භයේදීම විවරණයක යෙදෙන යුවාල් නෝහා හරාරි, ක්‍රමිකව පෘථිවියේ රිද්මය තුළ කියවන්නා සමාධිගත කරන අයුරු රසල්ගේ සිත් ගත්තේය.

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
  • -20%
    (0)

    5D මිරකල් – 5D miracle

    2015 මැයි 23 වෙනි රාත්‍රිය සුන්දරත්වයේ කඩතිර වලට මුවා වී අසුන්දර ම දේ සිදුවිය හැකි එය වසරේ සුන්දර ම මාසය විය. දීප්තිමත් හිරු රශ්මිය පවා ඉඳ හිට වැටෙන වැහි පොදකින් සෞම්‍යවත් වූ දහවලකින් පසුව උදා වූ රාත්‍රියක් විය. දිනය පුරා පිපී, සුවඳ විහිද වූ වෙසක් මල් ක්‍රමයෙන් නිදි ගන්නා රාත්‍රියක් විය. වෙසක් පොහෝ දිනය පසු වී දින කිහිපයක් ඉකුත්ව තිබුණ ද තවමත් සඳ රැස් බිඳක් පතිත වෙමින් හාත්පස සෙවණැලි මැවී ය, වෙසක් සිරි නරඹන්නට මහ මගට බට ජනයාගේ රිය සක් හඬින් මෙන්ම, කෑකොස්සන් නගන හඬින් ද වරින් වර රාත්‍රියේ නිහඬතාවයට බාධා පැමිණුනෙන් එය නිස්කලංක රාත්‍රියක් ද නොවීය. කලබල මංමාවත් සන්සිඳුණේ රෑ මැදියම ද ආසන්න වෙමින් පැවතියේ දීය. මිනිසුන් විසින් ඇති කරන ලද නානාවිධ ශබ්ද ක්‍රමයෙන් යටපත් ව යද්දී පරිසරය විසින් ඇති කරන ශබ්ද වඩාත් උස් ව ඇසෙන්නට විය. වැටුණු මඳ වැස්සෙන් උදම් වූ නිශාචරයන්ගේ හඬට විටින් විට රෑහි හඬක් ද මුසු විය.

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
  • -20%
    (0)

    හසරැල් ගංගා – Hasarel ganga

    ඒත් මගේ කටින් වචන ටික පිට වුණාට පස්සෙ ගංගා මගෙන් අඩු තරමේ ඇයි…?’ කියලාවත් ඇහුවේ නෑ. එතකොට ඊළඟට මම කියන්නෙ මොනවද, කරන්න ඕනෙ මොකක්ද කියලා මට හිතාගන්න බැරුව ගියා. මගේ වචන වලට පස්සේ මුළු ලෝකෙම නිහඬ වුණා වගේ මට දැනුණා. එළියේ හුළං හමන හඬ පවා ගොඩ කාලෙකට පස්සෙ මට ඇහුණා. සමහර විට ආපු කම්පනේට එයා මැරුණද දන්නේ නෑ.. කියලා නිහඬතාවය දරා ගන්න බැරි තැන මම හිතුවා. එතකොට නම් මට බය හිතුණා. ඒත් ඉතින් එහෙම මැරුණා නම් වැටෙන සද්දයක් හරි ඇහෙන්න එපෑ! හිට ගෙනම මැරුණ මිනිස්සු ගැන මම අහලා නෑ. තවත් ටික වෙලාවක් බිමම බලාගෙන හිටි මම එයා දිහා බලන්න හිත හදාගත්තේ එයාගෙන් කිසිම විදිහක ප්‍රතිචාරයක් නැති තැන. එහෙම බලද්දි ඇරලා තියෙන ජනේලයෙන් එපිට දුර ඈත බලන් ඉන්න ගංගාව මට පෙනුණා. ඒ දර්ශනේ චිත්‍රයක් වගේ කියලා මට හිතුණා. ඉස්සරම දවසක. පළවෙනි වතාවට කාසා ඇකඩමියෙදී ගංගා මගේ චිත්‍රයකට වාඩි වෙච්ච මුල්ම වතාවෙත් මට එයාව පෙනුණේ මේ විදිහටමයි. එදත් එයා ජනේලෙකින් එළිය බලාගෙන හිටියා. එදත් එයා ඇඳන් හිටියේ කහ පාට සැටින් නයිටියක්. එදත් එයාගෙ උරහිසේ තියෙන තුවාල කැළැල මගේ ඇස් පහුරු ගෑවා. එදායි මෙදායි අතර අපේ ජීවිත කොච්චර වෙනස් වෙලාද?” කියලා ගංගා දිහා බලාගෙනම මම කල්පනා කරා. කල්පනා කරද්දි මට හිතුණා අතීතයට දුවලා ගිහින් ජීවිතේ පරණ සිද්ධි මකලා දාලා එන්න. ඒත් එහෙම අතීතෙට දුවලා යනවා නම් කොච්චර නම් අතීතෙකට දුවලා යන්නද? (2020 මැයි 15 – සිකුරාදා) රෑ හරිම කළුවරයි. අමාවක වෙන්න ඇති, හඳ පළුවක්වත් අහසේ තිබුණේ නෑ. ඒක නිසාම වෙන කවදටත් වඩා තාරකා හොඳට පෙනුණා.

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
  • -20%
    (0)

    පෘථිවි – Pruthivi

    ඔවුහු තමා යක්ෂයා ලෙස හංවඩු ගැසුවෝය. ද්‍රෝහියෙකු ලෙස නම් කර පිටුවහල් කළෝය. ‘අයෙක් නොදන්නා දැනුමක් බෙදා දීම ඔහු යක්ෂයෙකු වීමට බලපායිද…’ හෙතෙම නැවතත් සිතුවේය. තමා කෙරෙන්ඈ ත් වන්නා වූ ස්වර්ගය දෙස අවසන් වරටත්
    බැලු‍වේය. ‘ද්‍රෝහි වූයේ මා ඔවුනට නොව, ඔවුන් මා
    හටය. දිනෙක එය සංසිඳෙනු ඇත. ස්වර්ගය බිඳ වැටෙනු ඇත!’
    තමාම එය සිදු කරනා වග, ඔහු තමාටම ශපථ කරගත්තේය.
    ඔහු ද්වාරය තුළ ගිලෙත්ම, ස්වර්ගය ඔහුගේ ඇස් මානයෙන්ගි ලිහිණි.

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
  • -20%
    (0)

    රෝජා – ROJA

    මිනිස්සු… දුබලයන්ව ඉපදෙන්නාහ. මිනිස්සු… ජීවිතයේ යම් යම් යුගවල විවිධ හේතු කාරණාවන් නිසාවෙන් දුබලයන්ව ජීවිතය රැකගන්නාහ. නමුත්… අප කිසිවෙකුටත් දුබලයන්ව මිය යන්නට අයිතියක් නැත. අපි නැඟිටිය යුතුය! අපි හිනැහිය යුතුමය!

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
  • -20%
    (0)

    හදවත්වරක්

    ජීවිතේ කියන්නෙ මහ පුදුම ගමනක්.අපි කාගෙත් එහෙමයි. හැමෝගෙම ජීවිතවල ප්‍රසිද්ධියේ පෙනෙන දේට යටින් ලෝකෙට කෑ ගහලා නොකියපු කතා තියනවා. හැම කතාවකටම බොහෝ පැතිකඩයනුත් තියනවා.

    මේ පොතේ හැම චරිතයක්ම, හැම සිදුවීමක්ම ලියලා තියෙන්නෙ සැබෑ ජීවිතයේ සැබෑ මිනිසුන්ගේ අත්දැකීම් පාදක කරගෙන. නමුත් මේ චරිත වල නම් වගේම සඳහන් කර ඇති තැනුත් මනංකල්පිතයි. ඔබත් දන්නා,මාත් දන්නා මිනිස්සු තිස් දෙනෙක් චරිත් කිහිපයකට ලඝු වෙලා එකම කතන්දරයක් කියනවා.

    හදවත්වරක්

    ඔබේ, මගේ, අපේ කතා වලින් එකක්.

    එන්න, අපි අපේ හිත් කියවමු. මොහොතකට හරි අනිත් කෙනා හිතන්නෙ කොහොමද කියලා විමසන්න නතර වෙමු. අපිට එතකොට පුලුවන් වෙයි අපේම මිනිස් පවුලට අදට වඩා බිඳක් හරි හෙට කාරුණික වෙන්න.

    තවත් හදවතක් ගැහෙන රිද්මය තව වරක් කියවන්න

    හදවත්වරක් දෙවන කොටසකුත් තියනවා.

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
  • -10%
    (0)

    ඔයයි මමයි තව දෙන්නයි – Oyai mamai thawa dennai

    මේ වගේ වෙලාවක කෙල්ලෙක්ට ට්‍රයි කරනව නම් මධ්‍යස්ථ බවකින් කෙල්ලගේ හිතේ ලියාපදිංචි වෙන්න ඕනේ. මොකද නැත්නම් කෙල්ල දැන ගන්නවා කොල්ලා එන්නේ පොල් පැළේ කන්න කියලා වැඩිපුර වැරදි කරලා තියෙන්නේ කෙල්ල වුණත් ඒ වැරැද්ද අතිශය සාධාරණ මානුෂික කරුණක් බවට තර්ක ගොඩනගන්න ඕනේ. මේ අතරේ සෙක්ස් වගේ දේවල් ගැන ගොඩක් ගැඹුරින් ඒත් සරල ව ‘මට ඕවා ගාණක් නෑ කියන්න වගේ අදහසුත් එකතු කරගැනීමේ අනිවාර්යයි. තමන්ට ඕනම දෙයක් තේරුම් ගන්න පුළුවන් කැපෑසිටි එකක් තියෙනවා කියලා කෙල්ලගේ හිතට එන්නත් කිරීමත් වැදගත් කවිකාර දඟකාර හිතුවක්කාරකම් ගෑවුණ වචන සාමාන්‍ය වචන දහයකට දෙකක්වත් යොදා ගැනීම අනාගතයට ප්‍රයෝජනවත්

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,170.00.
  • -10%
    (0)

    විස්කම් යතුරු සහ අකුණු කන්ද – Viskam yathuru saha akunu kanda

    සමුද්‍ර දේශයෙන් සහ මිතුරු මිතුරියන්ගෙන් සමුගැනීමේදී සියුම් සංවේගයක් සිතට පාවී ආවද කලකට පසු දෙමව්පියන් සහ සොයුරිය හමුවීමේ සතුට තමාව වෙළාගෙන ඇතැයි සඳරුට සිතිණ. එදින උදෑසනම සිය නිවස කරා පැමිණි සඳරු මව්පියන්ගේ සහ සොයුරියගේ නිම නොවන ප්‍රශ්නාවලියට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටියේය. එහෙයින් සමුද්‍ර දේශයේ ගත කළ අවසන් දින සැඳෑව ඔහු ගත කළේ අද දිනයේ ඔහු ඉදිරියේ දිග හැරෙන ඕස්ට්‍රේලියාව පිළිබඳව සැකසුණු ප්‍රශ්න පත්තරයට දක්ෂ ලෙස පිළිතුරු සැපයීමට හැකි වන සේ සාක්ෂි එක්රැස් කරමිනි. සිධාර්තා සහ තේජන විසින් ගෙනෙන ලද ඕස්ට්‍රේලියානු තෑගි බෝග රාශියක් ඔහුගේ ගමන් මල්ලෙහි වූයේය. එමෙන්ම පරිගණක භාවිතයෙහි විශිෂ්ටතමයා වූ තරු ප්‍රභාගේ උපකාරයෙන් තමාගේ සහ අනෙකුත් මිතුරු මිතුරියන්ගේ ඡායාරූප, ඕස්ට්‍රේලියාවේ ඡායාරූප හා එකතු කර නිර්මාණය කරන ලද අලුත්ම ඡායාරූප පිරි කවරයක්ද ඔහු සතු විය. ඕස්ට්‍රේලියාව පිළිබඳ සොයාගත් තොරතුරු මෙතෙහි කරමින් ඔහු තම නැගණිය වූ සදෙනි සමඟ පිළිසඳර ආරම්භ කළේ ඡායාරූප සහිත කවරය ඇය අත තබන ගමන්ය. ඇය ඒවා එකිනෙක නරඹන අතරතුර පළමු පැනය සඳරු වෙත ඉදිරිපත් කළාය.

    Original price was: Rs. 1,250.00.Current price is: Rs. 1,125.00.
  • -10%
    (0)

    නෝබොඩි – Nobody

    වැව නිසසලය. එහෙත් ගල් තලාව මත අව්ව තපින කිඹුලාද
    දිය මතු පිට වේගයෙන් ඇදී යන දියකාවෝ ද එය එසේ නොවන බව පහදා දෙති. වැවට ඉහළ නිල්වන් අහස් ගැබ එකලාව සරන උකුස්සා මාංශ භක්ෂක පක්ෂියකුගේ උදාරම් බව විදහා පාමින් මේ අරුමැසි සිත්තම පූර්ණත්වයට පමුණුවයි.
    පැලේ පිල් කණ්ඩියට හේත්තු කළ බයිසිකලය මත රැඳුණු දෑස අඳුරුය.
    ” මං ආවට කැමති නෑ නේද?”
    ඇය එක එල්ලේ ඇසූ ප්‍රශ්නයෙන් ඔහු තිගැස්සුණේය.
    ඇයි එහෙම කියන්නෙ?”
    ” එහෙම තමා පේන්නෙ.”

    Original price was: Rs. 1,250.00.Current price is: Rs. 1,125.00.
  • -20%
    (0)

    සුර අසුර යාමය – sura asura yamaya

    අහසේ නැඟෙනහිර අන්තයෙන් නැඟි සඳ පාළුවට ගිය හොරණ – කළුතර පාරේ තම දුබල රැස් දහර අතුරා තිබුණේ අතරින් පතරය. පාර දෙසට නැමුණු අතු ඉති සඳ එළියට පාර මුවා කිරීමේ වරද ගැන වගේ වගක් නැතුව ඔහේ බලාගෙන සිටියේය. සිරිතක් ලෙසින් හැමදාම රෑට පාළු පාර සිය නිදි යහන බවට පත් කර ගන්නා වියපත් සුනඛයාටද ඒ ගැන හැඟීමක් තිබුණේ නැත. පාර අඩ අඳුරේ පැවැතීම ඔහුගේ නින්දට ඇප උපකාර කරන සත්කාර සේවාවක් බව මේ සුනඛ තෙමේ දැන සිටියේය. ස්වකීය පරපුරේ චිරාගත සම්ප්‍රදාය අනුව අපේක්ෂිත නිදියහන් සීමාව වටා තෙවරක් පැදකුණු කළ සුනඛයා අනතුරුව පාර මැද වකුටු සෙයියාවෙන් වැතිර ගත්තේය. තනිකම ශීතලය. තනිකමේ ශීතල අද වෙනදාටත් වඩා දැඩිව ඔහුට දැනේ. ඔහු සිත සංකාවෙන් බරය. ඇස අගින් ගිලිහුණු කඳුළු බිඳුවක් ඔහුගේ වියපත් කම්මුල මතින් ගලා හැලුණේය.

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.
  • -20%
    (0)

    චක්‍රවර්ති – Chakrawarthi

    මඳින් මඳ හැමු සුළං කෝඩයේ දැවටුණු සිහින් හිම කැටිති ජනෙල් වීදුරු වල ගැටෙද්දී නැඟුණු සිරි සිරි හඬ කාමරය පුරා හීන් හඬින් විහිද යමින් තිබූ නන්දා මාලනීගේ මියුරු ගී රාවය යටපත් කරමින් පැතිරෙමින් තිබුණි. ආරතීට ඒ කිසිවක් ඇසුණේ නැත. ඇය සිටියේ පරිගණක තිරයට මුහුණ ඔබාගත් ගමන් මය. ඉරිදා සිතුමිණ හි ශාස්ත්‍රීය අතිරේකයෙහි පිටුවක් පුරා පළව තිබූ ඒ ලිපිය ඒ වන විට තුන් හතර වතාවක් ම නැවත නැවත කියවා තිබූ ඈ කිසියම් ප්‍රබෝධයක්. විස්මයක්, කුතුහලයක් සහ තිගැස්මක් සහිත නොසන්සුන් කමකින් පෙළෙමින් සිටියා ය. පරිගණක තිරයෙන් නැවත නැවත කියවීම අපහසු වූ හෙයින් අන්තර් ජාලයෙන් බාගත කළ ඒ පුවත්පත් පිටුවේ මුද්‍රිත පිටපතත් සිය කුඩා ප්‍රින්ටරයෙන් ලබාගත් ඇය එය කියවමින් ම යාබද ව ඇති පැන්ට්‍රිය වෙත ගොස් යහමින් කිම් දැමූ තවත් කෝපි බඳුනක් සාදා ගත්තාය. අවධාරණ කියවීමක දී කෝපි මඟින් ලැබෙන උත්තේජනය ප්‍රාණවත් ය. එය තොල ගාමින්, ඇවිදිමින්. හිඳ ගනිමින්, නැවත නැවත කියවමින්, ඒ ලිපිය සමඟ තම මතකයන් ගළපමින් ඈ අතීතයේ කිමිදෙන්නට වූවාය. හිමාංකයට ආසන්න උෂ්ණත්වයක වූ ඒ දෙසැම්බරයේ උදෑසන සීතල ද යටපත් කරමින් නැවුම් උණුසුමක් ඇයට දැනෙමින් තිබිණි.

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.
  • -20%
    (0)

    මද්දලේනාගෙන් හාදුවක් – Maddelenagen haduwak

    ඔන්න ඔහොමයි වුණේ.. 1945 සැප්තැම්බරයේ දිනක. දොස්තර ෆැබියානෝ දොරෙන් ඇතුළු වෙන්න පෙරාතුවෙන් විදුලි සීනු බොත්තම තුන් පාරක් තද කළා. ඉදිරිපස කාමරේ තුබුණ කවිච්චියක වාඩි වෙලා නියපොතු විකන ගමන්, හිස් බැල්මෙන් ඔහේ බලාගත්තු අත බලාගෙන හිටපු කොන්සෙටා ලියෝනිට මේ වෙද්දි බාගෙටත් වඩා ටිකක් වැඩියෙන් පිස්සු. පහු ගිය කාලෙ පුරාවට මූණපාන්න සිද්ධ වෙච්චි දේ එක්ක ඈට ඉහේ කෙස් ගැන ආසාව අත අරින්න වුණා. ඒවා ඔහේ වැටී වැටී නැත්තට ම නැති වෙලා ගියා. මේ කමිසෙ, මගෙ පුතා දැකල අරන් ඇවිත් තිබුණා. දොස්තර මහත්තයා කතාව පටන් ගත්තා. මිනිහ සෙල්ලම් කර කර ඉඳල තියෙන්නෙ ගඟට ඉහළ බෑවුමේ. හරි නම් යන්ඩ සුදුසු නෑ තමයි. ඒත් ඉතිං කොලු වයස නෙ. එතකොට තමයි ඉවුරෙ ගල් දෙකක් අස්සේ මේ කමිසෙ තියෙනව පෙනිලා තියෙන්නෙ.” කමිසේ ඉදිරි පැත්තෙ හරියටම විශාල දතක හැඩේට වියළුණු ලේ පැල්ලමක් තිබුණා. කොලුවා ගෙදර උස්සන් ආපු කමිසෙ දොස්තර මහත්තය කොන් සෙටාට පෙන්නන්න අරන් ඇවිත්. ඈ ඉස්සරහ හිටගත්තු දොස්තර ෆැබියානෝ. කොන් සෙටාට පේන්ඩ කමිසෙ දිග ඇරලා දෙපාරක් විතර ඒ මේ අත හරවලා අල්ලගෙන ඉන්න ගමන් ඉරිච්ච කමිස අතයි. ලේ පැල්ලමයි නූල් දිය වෙච්ච කමිස කරයි පෙන්නුවා. “නෝනා, මට කියන්න. මේක ඔහේගෙ පුතාගෙ නේද?’ ඒ ගමන කොන්සෙටා අත් දෙකෙන්ම කමිසෙ අරන් නාසයට ළං කරල ඉව කළා. කමිසෙ කිහිලි දෙකත් ඉඹලා බැලුවා. “නෑ. කමිසෙ ආපහු දොස්තරට දෙන ගමන් ඈ කිව්වා.

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.
  • -20%
    (0)

    කර්ම – Karma

    අඹ ගහ පැත්තෙන් ගිරව් රූනක් කියෝ ගන්නවා ඇහුණා. උදේට රැට උන්නෙ කන් කරච්චලේ මහ පුදුමයක් නෙමේ. ඒත් ඉතිං දැන් ඔය කියන උදේවත් රැවත් නෙමේනෙ. මං පැද පැද උන්න ට සර්රෙක පිළිකන්නෙ දාල මිදුලට දිව්වා. අවුරුදු ගාණකින් ගෙඩියක් හැදුන් නැති නාකි අඹ ගහේ තිබ්බ බෙනේක ගිරා පවුලක් උන්නා. පවුලක් කිව්වට පැටවු දෙන්නෙක් රතු හොටවල් එළියට දික්කර කරා ඉන්නවා මං කීප දවසක්ම දැක්කා. අප්පච්චි ලැස්තිය තිවුණෙ නාකි ගහ දරට කපන්න. “බෙනේ ගිරා පැටවු ඉන්නවනේ දැම්ම කපන්න එපා..” අම්මා තමා එහෙම කිව්වේ. මගෙ පොල්පිති ගොනා ඉතර අලි ඔළුවක් තියෙන සුදු කළු වයිරං වැටිච්ච නයෙක් අඹ ගහ දිගේ බඩගානවා. ගිරා රෑන කෑකෝ ගහගෙන වටේට ඉගිළි ඉගිළි ඌට කොටනවා. අපේ ගේ තිබ්බේ වෙල් යායට මුණ දාල. ඔය කබර නයා ඇහැ පේනමානෙ ලියදිවල අව්ව තපිනවා මං අනන්තවත් දැකල තියෙනවා. මෙච්චර කාලෙකට අපි කාටවත් පෙනේ උස්සන තරමෙවත් චණ්ඩිකමක් කරල නෑ. අප්පච්චි කියන්නෙ අඹ ගහ තරමටම ඌටත් දැන් වයසයි කියල. අප්පච්චිත් දැන් මෙතන ඉන්නයි තිබ්බෙ. එහෙනම් බලා ගන්න තිබ්බා නාකියගෙ කෙරුවාව. ඔන්න ඒ ගමන කොහෙද උන්න දෙමළිත්තන් රෑනකුත් ගිරවුන්ට උදව්වට ආවා. කබරයට ඒ පාර නම් ලේසි වෙන්නෑ ඖ. මං හිතුව හරි. එකපාර දෙමළිත්තෙකු ගෙනුයි, ගිරවෙකුගෙනුයි හොටවල් පාර කාපු නාග රාජයා දොහ් ගාල බිමට පත බෑවුණා. “හොඳ වැඩේ උඹට..” මට කියවුණා. අඹ ගහට මෙහායින් නවසි ගහේ බැඳල උන්න කඩියත් හොඳ වැඩේ උඹට කියනවා වගේ දිගටම බුරන්න පටන් ගත්තා. පෙනේ අකුළගත්තු චණ්ඩියා හෙමිහිට ඇළ කණ්ඩිය දිගේ පල්ලම් බැස්සා. ඔය ගියාට මේ පාඩම මතක තියෙන්නෙ ටික වෙලාවයි. මුකුත්ම උනේ නෑ වගේ ලැජ්ජා නැතුව උන්දැ හෙටත් එනවා කියල මංනම් දන්නවා.

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.
  • -20%
    (0)

    ආසික්ලන්තය

    මා ඔබට කතාවක් පවසමි.

    ඔබ මෙය විශ්වාස නොකරනු ඇත.

    එය විශ්වාස කරන්නැ’යි

    මම බල කරන්නේ ද නැත.

    එහෙත් මෙය කියවන විට

    “ඔබේ මනස හැකිතාක් විවෘත ව

    තබා ගන්නැ’යි”

    පමණක් ඉල්ලා සිටිමින්,

    මම කතාව ආරම්භ කරමි

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.
  • -10%
    (0)

    කුරුලු හදවත – Kurulu hadawatha

    දෙවැනි සැරේ විභාගෙ ප්‍රතිඵල ඇවිල්ලා කියල ආරංචි උනාම සුදු කලිසමයි කමිසෙයි දඩිබිඩියෙ ඇඳ ගත්ත දිනසිරි ඉස්කෝලෙට බයිසිකලේ පැද්දා. මේ නිල ඇඳුම නිසාද ඒ නිල ඇඳුම් ඇඳ ගත්ත අය ඉන්න ඉස්කෝලෙ නිසාද ලැබෙන නිදහස අදින් අවසන් වන බවක් ඔහුගෙ හිතේ පිරිලා. ඔහු හරි. විභාග දෙපාර්තන මේන්තුවත් හරි. ඔහු එවරත් අසමත්. තමන් අසමත් වීම දරා ගන්නට සමත් යැයි හිතාගෙන ප්‍රතිඵල බලන්න ගියත් අසමත් බව තමන්ම හිතා ගන්නව වගේ නෙමේ කවුරු හරි තමන් අසමත් බව කොළේක මුද්‍රණය කරල තැපෑලෙන් එව්වම දැනෙන හැඟීම. කල්පනාවෙන් බරව ගෙදර එන අතරෙ ඔහුට මතක් උනේ ඔහුගේ යාළුවන්ට ගිය අවුරුද්දෙත් මතක් උන දේ. ඒ තමයි හමුදාව. අසමත් කොල්ලන්ට තමන් සමත්කම් ඇති කොල්ලො කියල පෙන්නන්න තියෙන හොඳම අවස්ථාව: හමුදාව. විභාග දෙපාර්තනමේන්තුවයි හමුදාවයි අතර රහස් ගිවිසුමක් තියෙනවා වගේ දෙපාර්තමේන්තුව අසමත් කරන අය හමුදාවට බඳවාගෙන ඔවුන්ගේ සමත්කම් මතු කරලා පෙන්නනවා. දින සිරිත් හිතුවා ඒකම තමයි විසඳුම කියලා. ඔහු බයිසිකලේ වැල්ලව තැපැල් කන්තෝරුව පැත්තට හැරෙව්වෙ දිග ලියුම් කවරෙකුයි මුද්දරේකුයි ගන්න.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 1,080.00.