මොකේද මං යන්නෙ ? වෑන් එකකද?”
” නෑ පැටියො… සමාජ සේවා එකේ කට්ටිය ඇවිත් ඔයාව කාර් එකකින් අරන් යාවි. හරියට ඔයා කලින් හිටිය ගෙදරදී කළා වගේම… ගිහින් ඔයාගෙ අම්මවයි තාත්තවයි මුණ ගස්සවල ආපහු ගෙනත් බස්සාවි…”
“වෑන් එකක නං මං යන්නෙ නෑ. මට වැන් පෙන්න බෑ. කාලකණ්ණ වෑන්…” ජෝඩි කීවේ නොසන්සුන් අයුරිනි.
” නෑ ජෝඩි… ඔයා යන්නෙ කාර් එකක. මං දන්නව ඔයාගෙ තාත්ත ඔයාව බලන්න මහ බලාගෙන ඉන්න බව. ඒකනං හරිම ආස හිතෙන දෙයක්… නේ…?”
Reviews
There are no reviews yet.