• -10%
    (0)

    Pollyanna

    Original price was: Rs. 750.00.Current price is: Rs. 675.00.

    In the little attic room Nancy swept and scrubbed vigorously, paying particular attention to the corners. “I just wish I could dig out – the – corners -of-her-soul!” She muttered. “The idea of stickin’ that blessed child way up here in this hot little room – with no fire in the winter, too. And all this big house to choose from! Unnecessary children, indeed!” Snapped Nancy, wringing her rag so hard her fingers ached. For some time she worked in silence. Then she looked about the bare little room in disgust. “Well, it’s done my part, anyhow,” she sighed. “Poor little soul! A pretty place this is to put a homesick child!” She finished, going out and closing the door with a bang. “Oh!” She exclaimed, biting her lip. “Well, I don’t care. I hope she did hear the bang!” In the garden that afternoon, Nancy found Old Tom, who had pulled weeds and shoveled the paths about the place for many years. “Mr. Tom,” began Nancy, throwing a quick glance over her shoulder to make sure no one was watching, “did you know a little girl was comin’ to live with Miss Polly?” Pollyanna

  • -10%
    (0)

    Robin Hood

    Original price was: Rs. 850.00.Current price is: Rs. 765.00.

    That brave man died in prison before his accusers could agree upon the charges on which he was to be brought to trial. Two years passed by. Rob’s cousin Will was away at school. And Marian’s father, who had learned of her friendship with Rob, had sent his daughter to the court of Queen Eleanor. So these years were lonely ones to the orphaned lad. The bluff old Squire was kind to him but secretly could not understand someone who went about brooding, as though seeking for something he had lost. The truth is that Rob missed his old life in the forest no less than his mother’s gentleness and his father’s companionship. Every time he twanged the string of the longbow against his shoulder and heard the gray goose shaft sing, it told him of happy days that he could not bring back. One morning as Rob came in to breakfast, his uncle greeted him with: “I have news for you, Rob, my lad!”

  • -10%
    (0)

    Robinson Crusoe

    Original price was: Rs. 750.00.Current price is: Rs. 675.00.

    I had two elder brothers. One was killed in battle against the Spaniards. What became of my second brother I never knew, just as my father and mother never knew what became of me. Being the third son, my head was filled early with rambling thoughts. My father, who was very ancient, intended me to be a lawyer, but I was satisfied with nothing but going to sea. My inclination to this led me strongly against the commands of my father and against all the pleas of my mother and friends. There seemed to be something in my nature that led me directly into a life of misery. My father, a wise man, gave me excellent advice. He called me one morning into his room and asked me what reasons I had for leaving my home and country, where I had the prospect of raising my fortune and living a life of ease and pleasure. He told me that mine was the middle station in life, which he had found by long experience was the best suited to happiness. This was the state that other people envied, between the low and the high, and that a wise man had said as much when he prayed to have neither poverty nor riches.

  • -10%
    (0)

    Treasure Island

    Original price was: Rs. 850.00.Current price is: Rs. 765.00.

    His stories frightened people worst of all. They were about hanging, and storms at sea, and wild deeds on the Spanish Main. He must have lived among some of the wickedest men ever on the sea. The language in which he told these stories shocked our plain country people almost as much as the crimes he described. He stayed month after month, so that the money had been long exhausted. If my father ever mentioned money, the captain roared and stared him out of the room. I am sure the terror my father lived in greatly hastened his death. All the time he lived with us the captain changed nothing in his dress but his stockings. His coat, which he patched himself, by the end was nothing but patches. He was only once crossed, when my poor father was very ill. Dr. Livesey came to see the patient, took a bit of dinner, and went into the parlor to smoke a pipe. I remember observing the contrast the neat doctor, with bright eyes and pleasant manners, made with that filthy scarecrow of a pirate, sitting far gone in rum. Suddenly the captain began his eternal song: “Fifteen men on the dead man’s chest – Yo-ho-ho, and a bottle of rum! Drink and the devil had done for the rest – Yo-ho- ho, and a bottle of rum!”

  • -10%
    (0)

    velvet ප්‍රේමය

    Original price was: Rs. 850.00.Current price is: Rs. 765.00.

    තාම ඔබ ගැන ලියනවා

    නොකියවන බව දන්නවා

    දන්නවද ආදරේ නීතිය

    දැණුනු තරමට රිදෙනවා !

  • -10%
    (0)

    Xඑක්ස්

    Original price was: Rs. 800.00.Current price is: Rs. 720.00.

    මෑතක් වෙනතුරුම තාරකා විද්‍යාව එතරම් ජනප්‍රිය විෂයක් නොවුව ද දැන් දැන් එය වෙනස් වෙමින් පවතින බව මේ සීතල සන්ධ්‍යාවේත් ශ්‍රවණාගාරය මුළුමනින්ම පිරි පැවතීමෙන් සිතාගත හැකිය. එහෙත් මැක්ස්වෙල් සමාජය විසින් නිතිපතා සංවිධානය කරනු ලබන දේශන මාලාවනට මින් පෙර මෙතරම්ම සෙනඟක් පැමිණියා යැයි කීමට නොහැක. මේ තරම් පිරිස රැස්වූයේ අද දේශනයේ මාතෘකාවේ හරවත් රසවත් බවට වඩා ආරාධිත දේශකයාගේ ආකර්ශණ ශක්තිය හේතුවෙන් බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. සභාවෙහි රැස්ව සිටි පිරිස වෙතින් නැගුණු අත්පොලසන් හඬ මධ්‍යයේ නිල් පැහැ කමිසයක් සහ එයට උඩින් තද කළු ඇඟටම ටේලර් කර මැසූ කෝට් එකක් ද පැලැඳ පැමිණ මැදිවියේ පුද්ගලයා සුන්දර සිනාවක් පෑවේය. සුදු හා දුඹුරු මිශ්‍ර ඔහුගේ රැවුල කෙටිව කපා තිබූ අතර කළුවන් උපැස් යුවලක් හේ පැළැඳ සිටියේය. ඒ තුළින් සිය ප්‍රේක්ෂකයන් දෙස ප්‍රසන්න බැල්මක් හෙලමින් හෙතෙම මයික්‍රපෝනය ක්‍රියාත්මක කරකථන වේදිකාව දෙපස දෑත් රඳවාගෙන සිය කතාව ආරම්භ කළේය.

  • -10%
    (0)

    අකුරු – Akuru

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,440.00.

    එයාගේ නම ගිලියන්. ගිලියන් අවුරුදු හතක පොඩි දැරියක්.

    මේ දැරිවිට එක තැනක එක විදිහකට ඉන්න බෑ විනාඩි පහක්. අපේ භාෂාවෙන් කිව්වොත් පුදුම ගායක් තියෙන්නේ. ගිලියන් ඉස්කෝලෙ යන්නෙ නිවෙස කිට්ටුව තියන පිළිගත් පාසැලකට. තමන්ගේ පංතියේදිත් හැම විනාඩි හතර පහකටම සැරයක් ගිලියන් තමන්ගේ පුටුවෙන් නැගිටිනවා…. ඉස්සරහට යනවා…. ආපහු එනවා…… ඇඹරෙනවා…. අතපය දික්කරනවා. පංතියේ ගුරුවරිය කොයි තරම් කිව්වත් අහන්නෙ නෑ. මේක පංතියේ හැමෝටම කරදරයක් වෙනවා. ගුරුවරු හැමදාම අවවාද කරනවා…. පහදල දෙනවා… දඬුවම් දෙනවා…. පංතියෙන් එළියට දානවා… දණ ගහල තියෙනවා. කිසි දෙයක් හරි යන්නෙ නැහැ. සමහර ගුරුවරු කරුණාවන්ත වෙනවා වැඩි වැඩියෙන්. තෑගි… චොකලට් වගේ දේවල් දෙනවා… ඒත් කිසි දෙයක් නිවැරදි වෙන බවක් පේන්නෙ නෑ. සමහර අවස්ථාවල පන්තියේ ගුරුවරු මේ දැරිවිව්ව විදුහල්පති ළඟට එක්කන් යනවා……..ගෙදර අම්ම තාත්ත එක්ක කතා බහ කරනවා. මේ හැසිරීම ගැන දැනුම තියන උපදේශකයන් ගෙන්නල උපදෙස් ගන්නවා….. ඒත් විසඳුමක් නෑ. හැම අවස්ථාවකම ගුරුවරු දෙන උපදෙස් ගිලියන් ඔළුව වනල පිළිගත්තත්, ඒ එකක්වත් තේරුම් ගත් බවක් පේන්න නැහැ. ඒ මදිවට මේ පුංචි එකී ගෙදර ගිහාම ගෙදරින් දඬුවම් විඳිනවා….චාරයක් නෑ… එක තැනක ඉන්න බෑ… ගෙදර හැමෝටම මදි පුංචි කමක් කියලා.

  • -10%
    (0)

    අගත අනගත – Agatha anagatha

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 1,080.00.

    රැයෙහි මජ්ජිම යාමය ගෙවෙමින් තිබුණේය. උදාව එන්නට නියමිතව තිබුණේ පුරා පෝයට පසු දිනය බැවින් පිරිවැස්ම ඉවත ලූ කිරි හට්ටියක් උඩින් බලන විට පෙනෙන අන්දමට හඳ වෘත්තය රෑ අහසේ බටහිරට බර වෙන්නට පායා තිබුණි. පර්වත බෙණයේ මුවින් නික්මෙන ධම්මචක්කයේ රිද්මගත ස්වර අඩි දහසක් උසින් අවකාශයට පැන ඈත උග්ගල් කල්තොට කුඹුරු තලා ගැමි දනව් පසුකොට වියැකී යයි. පර්වතයේ තැන තැන කාලය විසින් දෙදරවා කැණ පාදා දුන් සුළු ඉඩෙක මුල් ඔබාගෙන එසැවී සිටි දෘඪ අරටු ඇති ගසෙක තුරු පත් සොලවමින් මඳ සුළඟක් හමා යයි. හඳ වතුරේ පාව එන නිලි වැහි කුඩ තුනී තෙත පටලයක්ව පව්වේ තෘණ වැවුණු තැනක ඒවා අතුරින් මතුව ආ බෝවිටියා මල්වල පෙති මතද සෙසු සෑම තැනකම ද තැවරී ඇතත් ඉන් කිසිවක් තෙතබරිත නොවන බව විමලබුද්ධි ලොකු හාමුදුරුවන්ට විශ්වාසය. පර්වත බෙනයේ ඉඩැති තැනක් පාදා තළා මට්ටම් කොට පැදුරු පලස් එළා පිටතින් ඇදි රැහැනින් විදුලිය සම්පාදනය කොට තනා දුන් මණ්ඩපයේ වැඩ සිටින පරිත්ත භාණක මහා සංඝයා වහන්සේ අලුයම උදාවන තුරු බලගතු පිරිත් ධර්මය සජ්ඣායනා කිරීමට පේ වී සිටිති. කෙමෙන් පටු වන ඈතට යද්දී නැවත තැනින් තැන දිගු පුළුල් අවකාශැති තැන්වල ලැග සිටින පර්වත කුහරයේ දිගුකාලීන හිමිකරුවන් වන කිහිප වර්ගයක වවුලන් පිරිත් සජ්ඣායනය අසා කලබල නොවීම පුදුමයක් නොවේ. උන් පරම්පරා ගණනාවක් අවුරුදු සිය ගණනක් මේ පින් බිමේ පිරිත් පමණක් නොව කුරාන ගීද ශ්‍රවණය කරන්නට ඇතැයි බහුශ්‍රැත මහා තෙරණුන්

  • -20%
    (0)

    අඟුරු මල් – Aguru mal

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,040.00.

    කෙළවරක් නොපෙනෙන මාර්ගය පුරාම බිම කහපාට රෙද්දත් ඇතිරුවා සේ ඇහැල මල් වැටි පිරි තිබුණි. සැරින් සැරේ හමන සුළඟත් සමඟ එකතු වුණු පාර දෙපස ඇති ඇහැල ගස් වලින් දිගටම මල් වැසි වස්සන්න පටන් ගත්තේය. කිසිඳු ආඩම්බරයක් නොමැතිව එක දිගට මල් වැසි වස්සන ඇහැල ගස් එක්ක සිනාවෙන හුළඟ, මල් පෙති එක්ක මුසු වෙච්ච ආලවන්ත සුවඳක් හැම තැනටම පතුරවමින් උන්නේය. අහසින් වැටුණු තරු කැට මෙන් රත්තරං පාවට ඇහැල ගස් අතරින් වැටෙන හිරු එළියට මාර්ගය පුරා ඇති දිය බිංදු දිළිසෙමින් තිබුණි. රතු රෝස පොකුරක් අතින් ගත්තු කඩවසම් තරුණයෙක් නවීන පන්නයේ මෝටර් රථයකට පිට දී කහ පාට මල් පිරුණු පාර දෙස නොඉවසිල්ලෙන් බලා සිටියේය. ඇහැල මල් පිරුණු පාරට අනෙක් පසින් රෝස පාට ගවුමකින් සැරසුණු ලස්සන තරුණියක් මතුවුණි. ඉක්මන් ගමනින් පාර දිගේ ආපු තරුණිය ඇහැල මල් පිරිණු පාරෙන් අනෙක් පස සිට බලා සිටින කුමාරයෙක් වැනි තරුණයාව දුටුවාය. මුහුණට වැටුණු කෙස් රොද නැවත කන පිටුපසින් රඳවා ගන්නා අතරතුර තරුණියගේ මූණට ලස්සන හිනාවක් නැගුණි. ළා රෝස පාට තොල් සායම් ආලේප කර තිබූ දෙතොල් වලින් සහ රෝස පැහැ කම්මුල් දෙක ඇගේ මුණට ගෙනාවේ. කුලුදුලේ පිපුණු පිරුණු රෝස මලක ලස්සනක්ය. තමන්ගේ අතේ තියන රෝස මල් පොකුරටම වඩා අලංකාරව පාරේ අනෙක් පස සිට තමන් ළඟට එන තරුණියව අර තරුණයාට පෙනුණි. ඉක්මන් ගමනින් අඩි තියමින් රෝස පාට තරුණිය, තරුණයා වෙත දුවගෙන එන්නට පටන් ගත්තාය. ගතවුණේ තත්පරේකින් සීයකටත් වඩා අඩු කාලයක්යය. වේගයෙන් පැමිණි වෑන් රථයක දඩාස් හඬ නංවමින් ගැටුණු සොඳුරු තරුණිය අඩි කිහිපයක් උඩට විසිවී ගියේය. ඒ විසිවුණු වේගයෙන්ම නැවත බිමට ඇඳ වැටුණු කරුණියගේ ශරීරය මීටර් කිහිපයක්ම ඇහැල මල් පිරුණු බිම අවුස්සමින් ඇඳී යන්නට

  • -10%
    (0)

    අතුරුදහන් යුවතියෝ – athurudahan yuwathiyo

    Original price was: Rs. 1,750.00.Current price is: Rs. 1,575.00.

    ඔහු තවදරටත් මංමුළා කිරීමටත්, ඔහු ඇමතුම් ලබා ගැනීමට උත්සාහ කළ තැනැත්තා ගැන මතකයෙන් තව තවත් ඈත් කරවීමටත් සමත් විය. තමා ඇමතුම් ලබාගන්නේ කවුරුන් වෙතදැයි ඔහු දැන සිටියත් අපි ඇමතුමට පිළිතුරු ලබා දෙන මොහොත වනවිට ඔහුගේ මතකයෙන් අප පිලිහී යයි. ඉන්පසු අපගේ හඬ ඔහුට නිදහස් වා තලයේ රැදුණු නොහඳුන හඬක් පමණත්ම වේ. මම ලිපිය දිග හැරියෙමි. සටහන් පොතසින් රළු ලෙස ඉරාගත් තනිරූල් කොළයක ඔහුගේ අත්අකුරු රුල් වලින් පිටකට යන පරිදි වම්පසට බරව ලියා තිබුණේ ලියා තැබීමට අවැසි වූ දැ සිය මතකයෙන් ගිලිහී යාමට මත්තෙන් කොළයේ සටහන් කිරීමට තරගයක යෙදුණාක් පරිද්දෙනි. එහි කිසිදු සුබ පැතුමක් නොවීය. ලිපියේ නිමාවක් පවා නොවීය. වෙවුලන අතක ලිපිය රඳවාගත් මම යළිත් ඩැනියෙල්ව ඇමතීමි. ඔයාගේ පණිවුඩය ලැබුණා.’ මම පැවසීමි. ‘මම ගෙදර එනවා. මට කියන්න මොකක්ද සිද්ධවෙන්නෙ කියලා.

  • -20%
    (0)

    අදිසි නදිය

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.

    කලකට ඉහත පොළොව යට ඉදිකළ ‘රහසිගක නගරයෙහි විසි දහසක් පමණ ජනකායත් අප්රකටව විසූහ. එය ඔවුන්ධම, ආවේණික උප සංස්කෘතියක් ගොඩනැංවිය. එහි පුරෝගාමීන් වූයේ, නගර පාලනයට විරුද්ධව කැරැරැල්ලක් ගසා ඉන් පයයි පත් පිරිසකි. ඒ බොහෝ දුරාතීකයෙහිය. ඔවුන්ගෙන් පවතින්නන් කලින් කලට, නගරය මතුපිටත්, යටත් එවක් වූහ. හිරු එළියෙන් ඔවුහු විදුලිය නිපදවා ගහ අභ්යන්තර ගංගාධාරයෙහි ධmo 50 එළවළු වගා කළහ. මිරිදිය මත්ස්ය වර්ග ද ගණනාවක්ම ගංගාවෙහි විසූහ. එහෙත්, සියල්ල කොපිට පෙරළෙන්නට සටන් ගත්තේ, බිමල් වසංගතය ආරම්භ වීමත් සමගිනි. පසු කාලයක එය දියකිඳුයි වසංගතය බවට වර්ධනය.වී.සොළොව මතුපිටට ද පැතිරුණේය. පොළොව යට ජනගහනයෙන් තුනෙන් එකම ඉන් විය ගියහ. වර්තමානය වන විට ඉසිරිව සිටින්නේ සිය ගණනකි. ඔවුන්ගෙන් ද වැඩි දෙනා වසරේ වැඩි කලක් ගත කරන්නේ පොළොව මතුපිටමය. තවදුරටත් පොළොව යට ජීවිතයම තෝරා ගත්තෙකු වී නම් ඒ ආරක්ෂක හේතූන් නිසා හෝ නගරවාසී දිවියෙන් රිදී පරණ සංස්කෘතිය තුළම පැවැරීමට ඇති ඇල්ම නිසා හෝ විය හැකිය. නුත්යාගයකුට එය ගුප්ත ජීවන ක්රමයක් ලෙස ද පෙනී යාට ඉඩ ඇත.

  • (0)

    අදෘෂ්‍යමාන

    Rs. 550.00

    “අදවත් ඔයාට බෑනෙ ඕකෙන් ටිකක් අයින් වෙලා ඉන්න…

    මට නම් දැන් එපා වෙලා තියෙන්නෙ ……

    සිතට නැග ආ නොරිස්සුම වචන බවට පෙරලා, ජෙරාඩ්ට ඒ වචන වලින්ම දමා ගැසූ ඉනෝකා කාමරයෙන් පිට වෙන්නට දොර හැරියාය. ජෙරාඩ් කළේ ඇය දෙස බලා යන්තමින් සිනා සී නැවතත් ලැප්ටොප් පරිගණකය දෙසට නෙත් යොමා ගැනීමය. ජෙරාඩ්ගේ හැටි එහෙමය. ඉනෝකා විහිළුවකට කියන දෙයකත්, තරහවෙන් බණින බැණුමකත් ඔහුට ලොකු වෙනසක් නැත. ඒ කෝකටත් ඔහු දක්වන ප්‍රතිචාරය එකකි. ඒ. ඉනෝකා කියන සියල්ල සිනාවකින් බාරගෙන, නිහඬව සිටීම පමණකි. ඔහුගේ ඒ සන්සුන් ප්‍රතිචාරය, ඉනෝකාගේ කෝපය තවත් වැඩි කරවන්නකි. පෙරටත් වඩා කේන්තියෙන්, ඉනෝකා කාමරයෙන් පිටවූයේ මහ හඬක් නැගෙන සේ දොරත් වසාගෙනමය. එළිමහන සීතලය. ඉවසන්නට බැරි තරම් සීතලය. ඉනෝකාට මේ සීතල නුහුරුය.

  • -20%
    (0)

    අනුහස් අදහස් – Anuhas adahas

    Original price was: Rs. 500.00.Current price is: Rs. 400.00.

    ඔයා ඔයාගේ දේ කරන්න. ඉස්කෝලේ හත වසරේදී තමයි මුලින්ම ආදරයක් ඇති වුණේ. ගෑණු ළමයෙක් ගැන. මෙලෝ දෙයක් නොතේරෙන පුංචි දරුවෝ එතකොට අපි. පුංචිම කාලේ ඉඳලා කාත් කවුරුවත් නැති, තනිවුණ ජීවිතයක් ගෙවන්න සිද්ධවුණු නිසාම පුන් පෝය දවසේ රෑට පායන පිරුණු හඳක් වගේ හැමදාකම උදේම එයාව දකින කොට හිතුණෙම එයා තමයි මගේ ලෝකේම කියලා. සුදුම සුදුයි. තොල් රෝස පාටයි. දිගම දිග කළු කොන්ඩෙට ආදරය කරපු තරම…… අපි නවය වසරට එනකොට එයාගේ ලස්සන වැඩි වෙන තරමටම එයාට තිබුණ ඉල්ලුමත් ඒ තරමටම වැඩිවුණා. දවසින් දවස අළුත් ආදර වන්තයින් එකතු වුණා. එයා නිසා මුලින්ම මට නැතිවුණේ බාලදක්ෂ කණ්ඩායමේ නායකත්වය. ඊට පස්සේ විනය පරීක්ෂණ වලට මුහුණ දෙන්න මං යන කොට එයා, එක එක දවසට එක එක කොලොත් එක්ක මාව නොදැක්ක ගානට, මාවත් පහුකරගෙන ගියා. එයා ආයිමත් මගේ ළඟට ආවේ එයාට මගෙන් මොනා හරි ඕන වුණු වෙලාවට විතරයි. එයා ටවුන් එකේ, මං ගමේ……. ඉස්කෝලේ ඇරුණම එයාගේ පස්සෙන් මගේ රංචුවත් එක්ක ටවුන් එකට යන එන එක පුරුද්දක් වුණා. එයා, එයාගේ දවසින් දවස අලුත් ත්වෙන පෙම්වතුන් එක්ක ඒ හැම දවසකම මට ඉදිරියෙන් ගියා. කිලෝමිටර් කීයක් නම් ඇවිදින්න ඇතිද, මේ කකුල් දෙකෙන් එයා වෙනුවෙන්.

  • -20%
    (0)

    අඳුරු කැණියම – Anduru keniyama

    Original price was: Rs. 1,800.00.Current price is: Rs. 1,440.00.

    උණුසුම් හිරු එළියට අවසන් හිම පියල්ලත් දිය වී ගිය පසු වෘක්ෂ ලතාවන් ළපටි දලු වලින් සැරසෙන කාලය උදා වී තිබුණි. ශීතලෙන් මිදී තිබූ පොළොව දෙබෑ කරගෙන නීල හරිත තණ පඳුරු වැවෙන වේගය ගණනය කළ නොහැකි තරම් විය. හාත්පසම හමා යන සුවදායි සුළං රැලිවල ගැබව තිබුණේ නේක වසන්ත පුෂ්පයන්ගේ සුවඳයි. පිරිසිදු ජලයෙන් පිරි ගිය ජලාශයේ කුඩා දිය රැලි නංවමින් ට්‍රවුට් මත්ස්‍යයෝ පිහිනා ගියෝය. මේ සියල්ල අතරේ ගොවියන්ගේ ප්‍රමුදිත කෑ කෝ ගැසීම් සහ තවත් උද්‍යෝගි හඬවල් වලින් පිරිගිය ෂෝන් ගොවිපොළ වසන්ත ක්‍රියාකාරි මී වදයක ස්වභාවයක් ඉසිලුවේය. “ඩේසි…. ඔය සත්තු එක්ක පරිස්සමට වැඩ කරන්න. බලාගෙන බලාගෙන….. එක සතෙක්ටවත් තුවාලයක් වෙන්න දෙන්න එපා. උන් ගොඩක් වටිනවා. ඔයා දන්නවනේ? කාටර් කරුණා කරලා .. දඟලන්නෙ නැතුව ගිහින් අක්කට උදව් කරනවා. ගුටිකන්න එපා මැගී. තාරාවන්ට පාඩුවේ ඉන්න දෙනවා.. ටෙරි ෂෝ තම දරුවන්ට කෑ ගසන්නට වූයේ ජංගම දුරකතනය කනේ රුවාගෙන සිටිනා අතරතුරය. ” ඔහු ගග්වේන්… ඔය බඩු පස්සෙ අදින්න පුළුවන්, කරුණා කරලා ගිහින් අර සත්තුන්ව කොටුවට දාන්න උදව් වෙන්න.” බඩු පිරවූ පෙට්ටියක් අදිමින් සිටි තම බිරිඳව උනන්දු කරමින් ඔහු කෑ ගැසුවේය.

  • -20%
    (0)

    අඳුරුම අඳුරු රැය – Anduruma anduru reya

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.

    ඔහුට රිදුණේ නැත. රිදුණේ සිතටය. එහෙත් යකඩ පොලු පහරවල් වැදුණු තැන් වලින් ගලන ලේ දහර තවමත් ගලා යයි. මුහුණ සිරිලාය. ඇස් ඉඳිමී තිබේ. අත පය ගල් ගැසී ඇතිවාක් මෙනි. ඒවා සොලවන්නට නොහැකි ලෙස හිරි වැටී ඇති බවක් හැඟේ. සමහර විට කැඩී බිඳී ගොස් තිබෙන්නටද පුළුවන. ඔහු අපහසුවෙන් අවට දෙස ඇස් ඇර බැලුවේය. හැම තැනකම ඇත්තේ අඳුර පමණි. එතැනම ඇති අඳුරු බිත්තියේ කුඩා කවුළුවක් තිබේ. එයින් ඈත කොහේ හෝ තැනකින් එන ඉතා මලානික මඳ එළියක් කුටියට වැටේ. එම එළිය එන්නේ කොහි සිටදැයි නිනව්වක් ඔහුට නොවිණි. සමහර විට ඇතක දැල්වෙන කුඩා විදුලි බුබුලකින් එය එනවා ඇත. නැති නම් බිත්තියට පිටත තවත් මෙවැනිම කුටියකින් එය එන්නට පුළුවන. නැති නම් හඳ එළිය ද විය හැකිය. ඔහුට දැඩි පිපාසයක් දැනිණි. බඩගින්නක් නැත. මේ කුටියට තමා රැගෙන පැමිණි කීපදෙනා පිටව ගොස් දැන් බොහෝ වේලාවක් ඉක්ම ගොස් ඇත. ඔවුන් කිසිවෙකු ළඟපාතක ඉන්නා බවක් පෙනෙන්නට නැත. ඔවුන්ගේ පියවර හඬ සෙමෙන් ඈතට ඇදී මැකී ගිය හැටි ඔහුට මතක තිබේ. ඉඳින් අවට ළඟපාතක කිසිවෙකු අතැයි ඔහුට සිතුණේ නැත. එසේ සිටියත් කිසිවෙකු ඔහුට සවන් දෙයිද? කාමරය ඉතා කුඩා පුස් ගඳ ගහන එකකි. පොළොව සීතලය. වවුල් වසුරු පිරී ඇතැයි ඔහුට දැනිණ. පරණ ගෝනි පඩංගුවක් එක

  • -20%
    (0)

    අපරාජිත ජිවිතයක් – Aparajitha jiwithayak

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.

    සර්වජයා දුම්රියකට නැගුණේ දෙවැනි වතාවටය. මුල් වරට දුම්රියක ගොස් දැන් බොහෝ කල් ගත වී ඇත. ඇයගේ සැමියා වූ හරිහර බරණැස සිට ගමට පැමිණ පවුල් ජීවිතය ඇරඹු මුල් දිනවල ඔවුහු යුගල කිශෝර් දේවලයට දුම්රියෙන් ගියහ. ඇය හැම දුම්රිය පොළකදීම නගින බසින මිනිසුන් දෙස සතුටින් බලා සිටියාය. එක් එක් ආකාරයේ ඇඳුම් පැළඳුම්ලාගත්, විවිධාකාර මුහුණුවරවල් ඇති කාන්තාවන් ඇයගේ විශේෂ අවධානයට යොමු විය. ජගන්නාථපුර නැවතුම් පොළේදී අග්ගලා විකුණනු දුටු ඇය අපුට කතා කළාය. * අපු අග්ගලා කන්න ආසයි නේද? අරන් දෙන්නද?” දුම්රිය පොළේ ටෙලිග්‍රාෆ් කම්බියක් මත කුරුල්ලෙක් පැද්දෙමින් සිටියේය. අපු එබි එබී ඌ දෙස බැලීය.