• -20%
    (0)

    අබිරහස් කඳුවැටිය – Abhirahas Kanduwatiya

    Original price was: Rs. 500.00.Current price is: Rs. 400.00.

    ඒ දප්තිමත් උදෑසනකි. කුඩා ගුවන් තොටුපොළක නවතා තිබූ සුදු පැහැති ගුවන් යානයේ එංජිම මිනිස්සු දෙදෙනෙක් කඩිනමින් පිරික්සමින් සිටියහ. පසෙකට වී එදෙස වුවමනාවෙන් බලා සිටින ළමයින් සිව් දෙනෙකි.
    අප්‍රිකාව බලා ගුවන් ගත වීමට නියමිත තම දෙමාපියන්ට සුබ පැතීම සඳහා මෙම ළමයි ගුවන් තොට වෙත පැමිණ සිටියහ. තාවකාලිකව හෝ තම දෙමාපියන් ගෙන් වෙන් වීමට සිදු වන නිසාදෝ දුක්මුසු මලානික බවක් ඔවුන් වෙතින් දිස් විය. “ ආශ්චර්යවත් ගුවන් ගමන් වික්‍රම ගණනාවක් ම කළ අමිමෙකුයි තාත්තෙකුයි ඉන්න එක නම් සතුටක්. ඒත් ඒ අය ඈත රටකට යන එක නම් සතුටක් නෙවෙයි.” ළමයින් සිව් දෙනාගෙන් එක් අයකු වු මයික් පැවසුවේ ය.
    ” ඒ වුණාට එයාලා ඉක්මනටම ආපසු ඒවි. ඕනෑ නම් තව සතියකින් විතර ආපසු අපට ඒ අය දැක ගන්නට ලැබේවි.” මයික්ගේ නිවුන් සොයුරිය තෝරා පැවසුවාය.
    ” කොහොම වුණත් මට නම් හිතෙනවා ඊට වඩා දිගු කාලයක් ගත වෙයි කියලා.” එවර මයික් පැවසුවේ දොම්නස් සහගත ස්වරයකිනි.

  • -10%
    (0)

    අබිරහස් සබ්මැරීනය – ABIRAHAS SBMERINAYA

    Original price was: Rs. 1,800.00.Current price is: Rs. 1,620.00.

    සියල්ල ඇරඹුණේ, කැරීබියානු මුහුදු පත්ලේ ගිලීගිය, දෙවැනි ලෝක යුද සමයට අයත් ජර්මානු සබ්මැරීනයක තිබූ දිනපොතක් හෙන්රි බේකර් නමැති කිමිදුම්කරු විසින් සොයා ගැනීමත් සමඟය.

    ලෝකයම සසල කරවිය හැකි අතිශය රහසිගත ලියවිලි රැසක් සබ්මැර්නය තුළ වන බව වටහාගන්නා බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශයේ චාර්ල්ස් ෆර්ගසන්, සබ්මැරීනය සොයා ගැනීමේ මෙහෙවර එක් විශේෂිත අයෙකු හට පවරනු ලබයි.

    ඒ හිටපු IRA සෙබළෙකු වන ෂෝන් ඩිලන්ටය.

    ඔහු හුදෙකලාවම ක්‍රියාන්විතය දියත් කළ යුතුය.

    සබ්මැරීනය සොයාගැනීම පමණක් නොව, එය පසුපසින් පැමිණෙන පොතාල කල්ලි හා ගැටෙමින්, ඔවුන්ට පළමුවෙන් ලිපිගොනු සොයාගැනීමේ අභියෝගයටද මුහුණදිය යුතුය.

    එබැවින්ම.

    ඔහු ගෙන යන සටන ත්‍රාසජනකය;

    ලොමුදැහැගන්වනසුලුය!

  • -10%
    No thumb
    (0)

    අභිරහස් බලඝනය – Abhiras balaganaya

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.

    සුභ උදෑසනක් බීගල් ස්වර්ත්, එනව ඇතුළට..” හිඳ සිටි මේසය අසලින් නැගිටිමින් ගුවන් බුද්ධි ඒකකයෝ කොමදෝරු රේමන්ඩ් විසින් බලඝන නායක ජේමිස් බීගල් වත් පිළිගන්නා ලද්දේ මද සිනහවක් රැඳි මුහුණින් යුතුව ය. ඉක්බිති කෙටි රත් පැහැති කෙසින් ද දීප්තිමත් නිල් දෙනෙතින් හා දීර්ඝ කාලයක් හිරු රැසට නිරාවරණය වීමෙන් කාල වර්ණ වූ සිරුරින් ද යුතු මිනිසෙකු දෙසට අතක් දිගු කරමින් කපිතාන් රෙක්ස් ලැරිමෝර්’ යි තවකෙකු හඳුන්වා දුන්නේ ය. ඇතැම් විට කේශයේ ප්‍රතිවිරුද්ධ වර්ණය පසුබිම් කොට දෙනෙතේ පැහැය කැපී පෙනෙන්නට ඇති මුත් එවන් නිල් පැහැයක් තමා කිසි දින දැක නැතැයි බිගල්ස් මොහොතකට සිතීය. ” ලැරිමෝර්. මේ තමා මම කලින් ඔබට විස්තර කළ බලඝන නායක බිගල්ස්වර්ත්. ඔබේ යෝජනාවේ අඩු පාඩු මැන බලන්ට අපේ සේවයේ ඉන්න හොඳ ම නිලධාරියා. ඔය යෝජනාව ගැන ගුවන් සේවා මණ්ඩලේ අවසන් තීරණය දෙන්නෙ ඔහුගේ නිගමන වලට අනුවයි. හිඳගන්ට බිගල්ස්වර්ත්, මම කියන්නම් කථාව. ”

  • -10%
    (0)

    අම්මපයි,මං කඩුව දුන්නා

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
    කඩුව දුන්නද උදුර ගත්තද
    තාම සැකයක් තියෙන හින්දා
    කවියො අදටත් වාද කරනවා
    ලිය ලියා කවි දෙපිල බෙදිලා
    හොයාගෙන මං ආවේ ඒකයි
    ඉතින් කිසිවක් නොකර සඟවා
    එදා වනයෙදි වුණේ මොනවද
    කුමරියනි මට දෙන්න පහදා
  • -20%
    (0)

    අම්මා – AMMA (උපුල් ශාන්ත සන්නස්ගලසන්නස්ගල)

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,280.00.
    අම්මා ගැන හිතලා හිතලා ම තමයි මගේ පපුව
    ඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ.
    මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක්
    විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක්
    තියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලා
    උපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේ
    පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන
    එතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න
    මං අම්මා වගේ ගෑනියෙක් වෙලා
    ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විදින්න
    ඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත්
    මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්න
    රත්තරං අම්මේ!’
  • -10%
    (0)

    අයේෂා ආපසු එයි – ayesha apasu ei

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.

    ඈ මා අසලින් සිටගෙන, මා දෙස බැලුවා ය. ඉක්බිති ව පිළිකුලෙන් නොවේ නම්, උදාසීන භාවයකින් ආපසු හැරී, ආරක්ෂකයා සමඟ පහත් හඬකින් යම් කිසිවක් කථා බස් කළාය. ඇය කී දෙයට පිළිතුරක් වශයෙන්, ලියෝ නිදාගෙන සිටි ඇඳට අත දිගු කරමින් ඔහු, හිස නවා ඇයට ආචාර කෙළේ ය. ඉක්බිති ව ඒ ස්ත්‍රීය සෙමෙන් සෙමෙන්, ප්‍රතාපවත් ලීලාවකින් ඇඳ ළඟට ගියාය. එසේ ඇඳ ළඟට ගිය ඇය, ඇඳට නැඹුරු වී, තුවාළ වී තිබුණු ඔහු ගේ හිස වැසෙන සේ බැඳ තිබුණු වෙළුමෙහි කොනක් ඔසවනු ද, ඊට පසු කියවෙන්නට ආ වචන කීපයක්, ශබ්ද නොනැඟෙන සේ මැඩ ගනුද, අනතුරුව තව දුරටත් ප්‍රශ්න කිරීමට මෙන් ආරක්ෂකයා වෙතට හැරෙනු ද මම දුටුවෙමි.
    මේ වේලාවේ දී ඔහු ඒ තැනින් ඉවත්ව ගොස් සිටියේය. මෙහි දී මා සිටින්නේ සිහි මුච්ඡා වී යැයි සිතූ ඈ, තමා සිටින්නේ තනියම යැයි කල්පනා කරමින්, ඇඳ ළඟට රළු බංකුවක් ඇද ගෙන, එහි වාඩි වී, ඇඳෙහි වැතිර ගෙන සිටි ලියෝ දෙස බලා ගෙන සිටින්නට වූවා ය. ඇය ඔහු දෙස කෙ තරම් දැඩි උනන්දුවකින් බලාගෙන සිටියා ද කියතොත්, ඒ බැල්මෙහි යම් කිසි බිහි සුණු බවක් දක්නට ලැබිණ.

  • -20%
    (0)

    අලුත් තරුණ වීරයෝ – Aluth tharuna weerayo – Sayuru there sangramaya

    Original price was: Rs. 940.00.Current price is: Rs. 752.00.

    මර උගුලක සිරවී පණ පිටින් මිහිදන් වීම කිසිම ආකාරයක ප්‍රීතිමත් හෝ සුබදායක අත් දැකීමක් නොවේ. මා දැන් මුහුණ දෙමින් සිටින්නේ ඒ අමිහිරි අත් දැකීමටය. ඉරිඟු ඇට මගේ හිස මතට පතිත වන්නේ දිය ඇල්ලක් පරිද්දෙනි. හිසට වැටෙන තිරිඟු ඇටවල බර දරාගත නොහැකි තරම් ය. දිය ඇල්ලක් ලෙසින් පහතට වැටෙන ඉරිඟු ඇට වැලි කන්දක් ලෙස මා වටා ගොඩ ගැසේ. දැන් මේ ධාන්‍ය කන්දේ උස අඩි දහයක් පමණ විය හැකිය. සිතාගත නොහැකි තරම් වේගයෙන් පතිත වන ධාන්‍ය කන්ද මා වට කරගෙන කෙමෙන් ඉහළ නගිමින් තිබේ. දැන් මගේ දණහිස දක්වා ඉරිඟු ඇට වලින් වැසී අවසන් ය. කෙමෙන් ගොඩ ගැසෙන ධාන්‍ය කන්ද තුළට මා ඇදී යන්නාක් මෙනි. ඉහළින් පතිත වෙන ධාන්‍ය ද සමඟ සිහින් දුහුවිලි

  • -20%
    No thumb
    (0)

    අල්මන්සෝ : පුංචි ගොවියා – FARMER BOY- punchi goviya

    Original price was: Rs. 1,150.00.Current price is: Rs. 920.00.

    විනෝදකාමී වෙලෙක් බඩු වෙළෙන් ප ගොවි පොළට එන දවස්, නගරයේ සල්පිල පැවැත්වෙන දවස්, අප්පට්ටි සමග මාළු බාන්නට යන දවස් අල්මන්සෝට මහත් සතුටක් ගෙන දෙයි. සිය සැමියා වූ අල්මන්සෝ, තමා ජීවත් වූ කුඩා නිවසින් බොහෝ ඈත දුරක, පුංචි ගොවියෙකු ලෙස හැදී වැඩුණු ආකාරය ගැන ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ලියූ මේ කතාව, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පොතු වූ සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ තුන් වැන්නයි.

  • -15%
    (0)

    අවසන් සෙබළා- AWASAN SEBALA

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,105.00.

    පුෂ්ප කුමාර නම් සැරයන්වරයා අණදෙන නිලධාරී හමුවේ කිසියම් ඉල්ලීමක් සිදු කළේය. ඔහු පසු දින ඇරඹීමට නියමිතක්‍රියා න්විතයේ මුලින්ම පස් බැම්ම තරණය කරන ඛණ්ඩයේ තීරණාත්මකම කාර්යභාරය සිදුකරන පුද්ගලයා විය.
    “මට සර් එක්ක සිගරට් එකක් බොන්න ආසයි.”
    සැරයන්වරයාගේ එම අනපේක්ෂිත ඉල්ලීම හමුවේ එහි සිටි සියලු දෙනා තුළ ඇති කළේ තිගැස්මකි. විශේෂයෙන්ම අණදෙන නිලධාරී ඉදිරිපිට දුම්වැටියක් පානය කිරීමට එහි සිටින නිලධාරීන් පවා ඉදිරිපත් නොවන තත්වයක් තුළ සැරයන්වරයාගේ එවැනි හැසිරීමක් ඔහුට තරම් නොවන බව සැමගේ අදහස විය. එසේම, එය අණදෙන නිලධාර්ගේ නිසැක උදහසට ද ලක්විය හැකි බැව් ඔවුහු සිතූහ. නමුත්, සිදුවූයේ අනෙකකි. සැරයන්වරයාගේ එම ඉල්ලීමට අණ දෙන නිලධාරී දැක්වූයේ නිහතමානී අනුකූලතාවයකි. හෙතෙම තමා සන්තකයේ වූ සිගරැට් පැකට්ටුව වහාම ඔහු වෙතදිගු කළේය. ඒ සමඟම එහි සිටි සෙසු පිරිසට ද සිගරැට්ටුව බැගින් ලබාදුන් ඔහු තමන් සතුව තිබූ ගිනිපෙට්ටියකින්ම සැරයන්වරයාගේ සිගරැට්ටුව දල්වා ලන්නට ද කටයුතු කළේය.
    මෙවන් මොහොතක ඔහුගේ වම හැසිරීම පිළිබඳ අණදෙන නිලධාරී තුළ ඇති කළේ ව්‍යාකූලත්වයකි. ඉදිරි ක්‍රියාන්විතයේ පවතින නිසැක අවදානමේ තරම ඔහු හොඳින් දැන සිටියේය. සැරයන්වරයා තම ජීවිතය පිළිබඳ කිසියම් අවිනිශ්චිත පණිවුඩයක් ඒ හරහා ලබා දෙන්නේ දැයි ඔහුට සිතිණ. එබැවින් තවදුරටත් ඔහුව එම කටයුත්තට යොදවන්නට තරම් හිතක් අණදෙන නිළධාරී හට නොවීය. නමුත් ඒවන විට ක්‍රියාන්විතය සඳහා අවසන් නියෝග නිකුත්කර තිබූ පසුබිමක වම සැරයන්වරයා වෙනුවට වෙනත් අයකු ආදේශ කිරීමටද ඔහුට හැකියාවක් නොවීය.
    එදින උදෑසන සිදුවූ ඉහත සිදුවීම පිළිබඳ මතක අණදෙන නිලධාරීන්ගේ සිත බලවත් සේ පෙළන්නට විය. ඒ වන විට ක්‍ රියා න්විතය අවස න්ව ගතවී තිබුණේ හෝරාවකටත් අඩු කාලයකි. ස ට නෙහි ජයග්‍රහණය හ මුදා භ ට පිරිස වෙත හිමිව තිබුණ ද සමස්ථයක් ලෙස ඒ වෙනුවෙන් ගෙවූ වන්දිය සුළු පටු නොවීය. වෙ ඩි බෙ හෙත් සුවඳ මුසු වූ ගිනි ගැහුණු භූමියේ තැන තැන වැටී ඇති උණුසුම් රු ධි ර බිඳු ස ට නෙහි බිහිසුණු බව මැනවින් පෙන්නුම් කළේය. අණ දෙන නිලධාරී තම දෙපා අබිමුව වැහි කබායකින් එතු යමක් සෙමෙන් විවර කරන්නට වූයේය. සැරයන් පුෂ්ප කුමාරගේ අ ස ම්පූ ර්ණ සි රු රු කො ටස් එහි විය. පෙරදා තමා සමග ඔහු ඉරූ සිගරුට්ටුවේ සුවඳ ඒ මොහොතේ ද ඔහුගේ නැහැපුඩු අතරට දැනී නොදැනී යන්නට විය.

  • -10%
    (0)

    අවි බිමක ගිනියම

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,260.00.

    තැන තැන බිම වැට ඇති ගස්ලබු ගෙඩි දකිත්ම කෝපුල් හීන්අප්පුගේ උත්සාහය පිළිබඳ සෙසු අයට පැහැදිලි විය. කුසගිනි නිවාගන්නට ඔහු දැරූ ප්රයත්නය ගස්ලබ ගසේ ඉහළ සිට පහළට රක්ත වර්ණයෙන් සටහන් වූයේය. භට නිවාසයට ඔසවාගෙන ගිය ඔහුගේ සිරුර ඒ වන විටද ගැහෙමින් තිබිණ. සහයට පැමිණි හෙලිකොප්ටරය ත්රස්තවාදී ප්රහාර හමුවේ ගොඩබැස්සවීමට නොහැකි වූයෙන් ගුවනේ නොපෙනී යන අයුරු කොකාවිල්ගි සෙබල බලා සිටියහ. ඒ වනවිටද ලුතිනන් අලදෙනිය හින්අප්පුගේ සුරත තදින් අල්ලාගෙන සිටියේය. මද්දහනේ අවි රශ්මිය භට නිවාසයේ වහලය විනිවිවද දැනෙන්නට විය. අවසානයේ සියල්ල ගිනියම් වූ මොහොතක කෝප්රල් හීනප්පු සිතල සිරුර පමණක් සහෝදර සගයන්ට ඉතිරි කළේය.

  • -10%
    (0)

    අවිකාරයන්ගේ කවිකාර ලියවිලි

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 900.00.
    සීගිරියේ කුරුටු ගී ගැන ඉතිහාසයේ පටන් කතාකරයි. එසේම සිපිරිගෙය තුළද නේවාසිකාගාර තුළද වෙනත් එවැනි වූ පොදු ස්ථානවල ද ඕනෑතරම කුරුටු ගී ලියවී ඇත. තමුත් ඒ සියල්ල අතරේ අව් ගැටුණු යුද බිම තුළ ද එවැහිම කුරුටු ගී විශේෂයක් ලියවී තිබුණු බව යුද බිමෙහි අත්දැකීම ලැබූවන් හැරෙන්නට සමාජයේ වැඩි දෙනෙකු නොදනිති.
    මරණය අහඹුවක් නොවූ රණබිම තුළ සෑම ක්රියාකාරකමක්ම සිදුවූයේ රණවිරුවන්ගේ දහඩිය, කඳුළු, රුධිරය පිරි සංවේදී මැදිහත් වීම් මතින්ය. රුවන්ගේ සුසුමක උණුසුමත්, සිනහවක දීප්තියත් මෙම කෘතිය හරහා අංශු මාත්රයකින් හෝ පාඨක ඔබට දැනේ නම් මේ පොත වෙනුවෙන් මා ගත් උත්සාහය සාර්ථකය.
  • -20%
    (0)

    අවියෙන් ලියූ අකුරු – Awiyen Liyu Akuru

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.

    වසර ගණනාවක් අප රට වෙළාගෙන පැවති ජාතික ප්‍රශ්නය තේමා කර ගනිමින් උතුරේ ලේඛකයන් විසින් ලියන ලද ග්‍රන්ථ රැසක් මෑත කාලයේ ඉන්දියාවේ දී ප්‍රකාශයට පත්ව තිබේ. එම ග්‍රන්ථ අතර 2015 වසරේ දී ප්‍රකාශයට පත් වූ සාත්ත්‍රිගේ ‘ආයුද එළුත්තු’ නම් නවකතාව සුවිශේෂී ස්ථානයක් හිමි කර ගෙන ඇත. එය මේ වන විට ඉන්දියාව පමණක් නොව ලොව බොහෝ රටවල දමිළ පාඨක හා විචාරකයන්ගේ අවධානයට ලක් වු නවකතාවකි. මේ එහි සිංහල පරිවර්තනයයි.

    ජාතික ප්‍රශ්නයේ ‘ආරම්භක ජවනිකාවල’ සිට අවසන් කාලය දක්වා සිදු වූ විවිධ සිදුවීම් ඔස්සේ විකාශනය වන මෙම නවකතාවේ විශේෂත්වයක් නම් අප අසා තිබෙන සහ දැක තිබෙන බොහෝ ප්‍රකට සිදුවීම්වල අප නො දන්නා ‛තිරය පසුපස’ සත්‍ය සිදුවීම් රැසක් නිරූපණය කිරීමට මෙමගින් කතුවරයා උත්සුක වී තිබීමයි. මෙය මෙරට ඓතිහාසික නවකතාවක් යැයි හැඳින්වුව ද වරදක් ද නොවන්නේ එබැවිනි.

    වරෙක එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයකු වශයෙන් ද කටයුතු කර තිබෙන මෙහි කතුවරයා එහි දී තමන් ලද බොහෝ අත්දැකීම් නවකතාව ලිවීමේ දී උපයෝගී කර ගෙන තිබෙන අතර ඔහු මෙම කෘතිය තුළින් නවකතාවේ දෘෂ්ටි කෝණය පිළිබඳ කිසියම් අත්හදා බැලීමක් ද සිදුකරයි.

  • -10%
    (0)

    අවුෂ්ව්ට්ස් ඝාතක කඳවුර – AUSCHWITZ GHATHAKA KANDAWURA

    Original price was: Rs. 1,450.00.Current price is: Rs. 1,305.00.
    අපකීර්තිමතේ නට්සි වධකාගාරය පිළිබඳ ලෝරන්ස් රිස් ගේ මෙම කෘතිය, ඝාතනය, කෲරත්වය, වික්රමය, පලා යෑම සහ නොනැසී පැවැත්ම පිළිබඳ අනුස්මරණීය කතාන්තරයකි.
    ‘බ්රිතාන්ය ජනගහනයෙන් අඩක් අවුෂ්ටිට්ස් ඝාතක කඳවුරක් ගැන කිසි දවසක අසා නැති පාට යි. ඉතිරි පිරිසෙන් සමහරෙක්, ඒ ගැන තවත් කීමට යමක් ඉතිරිව නැතැයි සිතත්. එහෙත්, තව සොයා ගැනීමට අනන්තවත් රහස් ඇති බව ලෝරන්ස් රිස් පෙන්වා දෙයි. ඉන් සමහරක්, ඊට සම්බන්ධ අපරාධකාරයන් සහ එම අපරාධයෙන් දිවි ගලවා ගත්තවුන් සොයා යමින් එකතු කරගත් අගනා තොරතුරු වලින් පොහොසත් වීම අතිශය වැදගත්…
    නිල් අවර්සන්, ඔබ්සර්වර් මිනිසාට එරෙහිව මිනිසාගේ අමනුෂ්යත්වයේ තරම වටහා ගැනීමේ යතුරක්
    හයන් තොම්සන්, ගාඩියන්
  • -20%
    (0)

    අහම්බයකින් මිස අපි… හමු නොවෙමු කිසිදා යලී

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.

    මම ඇතුළුව අපි ගොඩ දෙනෙක්ගෙ ජිවිත වෙනස් වෙන්නෙ එක පාරටම නෙවෙයි. හැම පුංචි වෙනස්කමක්ම වෙන්නෙ බොහොම හිමීට. එතකොට අපිට ඒක දැනෙන්නෙ නෑ. අපේ ජීවිතේ නොහිතුවම විදිහට වෙනස් වෙලා!’ කියලා තේරෙද්දි වෙන්න ඕනෙ විලම් බැසිය වෙලා ඉවරයි.

  • -20%
    (0)

    ආකර්ෂණිය නීතිය – Akarshaniya Neethiya

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.

    ශ්‍රේෂ්ඨ රහස් ඔබ දෝත දරා හිඳී
    යුග ගණනක් පුරා එය පැවත ආවකි. පරපුරෙන් පරපුරට තිළිණවූවකි. බොහොමයක් දැඩිව ආශා කළ දෙයකි. වරෙක සොරකම් වූවකි. නොමැති නම් සැඟවුණකි. ඇතැම් විට එය අතුරුදහන් විණි. එමෙන්ම එය විශාල මුදල් කන්දරාවක් ගෙනාවකි.
    සියවස් ගණනක් ඉපැරණි එම ‘රහස‍් ලෝක ඉතිහාසයේ කීර්තිමත් හා කැපී පෙනෙන පුද්ගලයෝ අවබෝධ කරගෙන සිය ගැලීලියෝ, බිතෝවන්, තෝමස් අල්වා එඩිසන්, ඩේල් කාර්නෙගි හා ඇල්බර්ට් අයින්ස්ටයින් ආදීන් ඒ අතර සිටියේ තවත් බොහෝ නවෝත්පාදකයන්, දේවධර්මවාදීන්, විද්‍යාඥයන් හා ශ්‍රේෂ්ඨ චින්තකයන් රැසක් සමඟිනි.

    දැන් එම ‘රහස’ ලොවට හෙළිවී තිබේ.

    ‘එම රහස හදාරණ විට අවශ්‍ය දේ ලැබීම, අවශ්‍ය පුද්ගලයා බවට පත්වීම හා අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැක්කේ කෙසේදැයි යන්න ඔබ හඳුනා ගනී. සැබෑ ඔබ කවුදැයි ඔබ හඳුනා ගනී. ජීවිතය තුළ ඔබ වෙනුවෙන් බලා හිඳින සැබෑ විශිෂ්ටත්වය කුමක්දැයි ඔබ හඳුනා ගනී

  • -10%
    (0)

    ආදරෙයි උතුරන්න – Aadarei Uthuranna

    Original price was: Rs. 750.00.Current price is: Rs. 675.00.

    මිහිරැතිම තැන් වලින් මිටක් ගෙන සරසන්න එත හැකි නම් නුඹට සවස්වල හමුවන්න මේ ගෙවෙන දවස් වුව කමක් නෑ විඳගන්න ආදරිය ආදරෙන් හෙටත් මා පුරවන්න

    පපුවකට තියා හිස හැකි නම් නිවෙන්න විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න එවිට මට හැකි නුඹෙ නළල් තල සිඹින්න ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න