-
අම්මපයි,මං කඩුව දුන්නා
Rs. 495.00කඩුව දුන්නද උදුර ගත්තදතාම සැකයක් තියෙන හින්දාකවියො අදටත් වාද කරනවාලිය ලියා කවි දෙපිල බෙදිලාහොයාගෙන මං ආවේ ඒකයිඉතින් කිසිවක් නොකර සඟවාඑදා වනයෙදි වුණේ මොනවදකුමරියනි මට දෙන්න පහදා -
1981 යාපනය ගිනිලෑම- 1981 Yapanaya Ginilema
Rs. 720.00දේශපාලන පොලීසියේ වැඩ ඇල්ලීම යළිත් උත්සන්න වෙමින් පවතී. එය ජන ජීවිතයේ පැවත්මට තර්ජනයකි. අමන පාලක පැලන්තියකින් නිදහස් විමට රටවැසියනට ඇති අයිතිය පාගා දැම්මකි. නීතියේ ආරක්ෂකයා විය යුතු පොලීසිය දේශපාලකයාගේ ආරක්ෂකයා වීම ආරම්භවන්නේ කොතැනකින්ද? එහි ස්භාවය කෙසේවිද? මේ ගවේෂණාත්මක වාර්තාවෙන් සොයා බැලෙන්නේ එයයි. මෙය දශක තුනකට ආසන්න කාලයක වෙහෙසකි. 1981 යාපනය ගිනි ගැන සිංහලෙන් ලියැවෙන මුල්ම ගවේෂණාත්මක කෘතිය ද වන්නේය. පාලකයන් බංකොළොත් කළ අඳුරු රටක වෙසෙන ජනයාට ඉසුරුමත් හෙට දවසක් උදා කර ගැනීමට යන ගමනට මේ කෘතිය බලවත් ආලෝකයක් සපයනු ඇත.
නන්දන වීරරත්න, පුරෝගාමි ගවේෂණාත්මක වාර්තාකරුවෙකි. යුද පුවත් වාර්තාකරුවෙකි. වාර්තා චිත්රපටකරුවෙකි. ඔහු සතිඅග අරුණ, මව්බිම, රාවය, නියමුවා, සීනුව හා කම්කරු මාවත ඇතුළු පුවත්පත් ගණනාවකට ගවේෂණාත්මක වාර්තා හා විශේෂාංග රචනා කළේය. ලෝක පුවත් සේවයක් වන බිබිසී හි සංදේශය ගුවන් විදුලියේ වැඩසටහන් සම්පාදකයෙකු ද විය.
-
සිම්පල් සයිමන්
Rs. 800.00ඉපදුනේ හැට දෙකේ. පේරාදෙනියේ වළේ සිංහබාහු බලනකොට මට අටයි. හැත්තෑ එකේ කැරැල්ල ගැන ප්රවෘත්ති අහන්න, අපි අල්ලපු ගෙදර රේඩියෝව ළඟ ඇන තියා ගත්තේ, පන්සලේ බණ මඩුවට ගොඩවෙච්ච සැදැහැවත් පිරිසක් වාගේ. ඒක කටකාර අම්මණ්ඩි කෙනෙක් වාගේ විශාල වෑල්ව් රේඩියෝවක්.
“ වේලාව සවස හයයි. මේ ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්රවෘත්ති…” කියලා ඇහෙන කොටම අපි කට ඉස්සර කරලා නිවේදකයාගේ නම කියනවා. මගේ ප්රියතම ප්රවෘත්ති නිවේදකයා වුණේ සිරිල් රාජපක්ෂ මහත්තයා. ඒ කාලේ, අපි නොදන්න නිවේදකයෙක් ගුවන් විදුලියේ හිටියේ නැති ගානයි. අපි ඒ තරමටම ගුවන් විදුලියට සමීපයි. වැඩ සටහන් නිෂ්පාදකයින් අතරින් මගේ සිත් ගත්තේ එච්.එම්. ගුණසේකර, මඩවල එස්. රත්තනායක, අමරදාස ගුණවර්ධන, රවිලාල් විමලධර්ම වාගේ නිවිච්ච වැඩිහිටියෝ.
සෑම අගෝස්තු මාසයකම, පළවෙනි කුඹල් පෙරහැරේ ඉඳලා අවසාන රන්දෝලිය වෙන කල් හැම පෙරහැරක්ම අතනෑර බැලුවා. මගේ මිතුරෝ පෙරහැරේ අලි ගණන් කරද්දි, මං හැකි සෑම බෙර පදයක්ම කටපාඩම් කරගත්තා.
————————————————————————–
සිම්පල් සයිමන්
කතෘ – විෂ්ණු වාසු