• -20%
    (0)

    අබිරහස් කඳුවැටිය – Abhirahas Kanduwatiya

    Original price was: Rs. 500.00.Current price is: Rs. 400.00.

    ඒ දප්තිමත් උදෑසනකි. කුඩා ගුවන් තොටුපොළක නවතා තිබූ සුදු පැහැති ගුවන් යානයේ එංජිම මිනිස්සු දෙදෙනෙක් කඩිනමින් පිරික්සමින් සිටියහ. පසෙකට වී එදෙස වුවමනාවෙන් බලා සිටින ළමයින් සිව් දෙනෙකි.
    අප්‍රිකාව බලා ගුවන් ගත වීමට නියමිත තම දෙමාපියන්ට සුබ පැතීම සඳහා මෙම ළමයි ගුවන් තොට වෙත පැමිණ සිටියහ. තාවකාලිකව හෝ තම දෙමාපියන් ගෙන් වෙන් වීමට සිදු වන නිසාදෝ දුක්මුසු මලානික බවක් ඔවුන් වෙතින් දිස් විය. “ ආශ්චර්යවත් ගුවන් ගමන් වික්‍රම ගණනාවක් ම කළ අමිමෙකුයි තාත්තෙකුයි ඉන්න එක නම් සතුටක්. ඒත් ඒ අය ඈත රටකට යන එක නම් සතුටක් නෙවෙයි.” ළමයින් සිව් දෙනාගෙන් එක් අයකු වු මයික් පැවසුවේ ය.
    ” ඒ වුණාට එයාලා ඉක්මනටම ආපසු ඒවි. ඕනෑ නම් තව සතියකින් විතර ආපසු අපට ඒ අය දැක ගන්නට ලැබේවි.” මයික්ගේ නිවුන් සොයුරිය තෝරා පැවසුවාය.
    ” කොහොම වුණත් මට නම් හිතෙනවා ඊට වඩා දිගු කාලයක් ගත වෙයි කියලා.” එවර මයික් පැවසුවේ දොම්නස් සහගත ස්වරයකිනි.

  • -10%
    (0)

    අබිරහස් සබ්මැරීනය – ABIRAHAS SBMERINAYA

    Original price was: Rs. 1,800.00.Current price is: Rs. 1,620.00.

    සියල්ල ඇරඹුණේ, කැරීබියානු මුහුදු පත්ලේ ගිලීගිය, දෙවැනි ලෝක යුද සමයට අයත් ජර්මානු සබ්මැරීනයක තිබූ දිනපොතක් හෙන්රි බේකර් නමැති කිමිදුම්කරු විසින් සොයා ගැනීමත් සමඟය.

    ලෝකයම සසල කරවිය හැකි අතිශය රහසිගත ලියවිලි රැසක් සබ්මැර්නය තුළ වන බව වටහාගන්නා බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශයේ චාර්ල්ස් ෆර්ගසන්, සබ්මැරීනය සොයා ගැනීමේ මෙහෙවර එක් විශේෂිත අයෙකු හට පවරනු ලබයි.

    ඒ හිටපු IRA සෙබළෙකු වන ෂෝන් ඩිලන්ටය.

    ඔහු හුදෙකලාවම ක්‍රියාන්විතය දියත් කළ යුතුය.

    සබ්මැරීනය සොයාගැනීම පමණක් නොව, එය පසුපසින් පැමිණෙන පොතාල කල්ලි හා ගැටෙමින්, ඔවුන්ට පළමුවෙන් ලිපිගොනු සොයාගැනීමේ අභියෝගයටද මුහුණදිය යුතුය.

    එබැවින්ම.

    ඔහු ගෙන යන සටන ත්‍රාසජනකය;

    ලොමුදැහැගන්වනසුලුය!

  • -10%
    (0)

    අබ්දුල් වෙන්න කලින් – Abdul Wenna Kalin

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 900.00.

    අපිට පස්සෙන් පියාඹන උං
    ආයෙ හිරවිය යුතුද කොටුවල
    තටු කපපු දුක අපි වගේ උං
    ආයෙමත් ලිය යුතුද පිටුවල
    ගොරව ගොරවා බලං ඉන්නවා
    තමයි වටේම අඳුරු කරුවල
    එහෙව් විටකදි ගින්දරක් මිස
    එලිය මදි දුර ඈත තරුවල

  • -10%
    (0)

    අභිරහස් බලඝනය – Abhirahas balaganaya

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.

    සුභ උදෑසනක් බීගල් ස්වර්ත්, එනව ඇතුළට..” හිඳ සිටි මේසය අසලින් නැගිටිමින් ගුවන් බුද්ධි ඒකකයෝ කොමදෝරු රේමන්ඩ් විසින් බලඝන නායක ජේමිස් බීගල් වත් පිළිගන්නා ලද්දේ මද සිනහවක් රැඳි මුහුණින් යුතුව ය. ඉක්බිති කෙටි රත් පැහැති කෙසින් ද දීප්තිමත් නිල් දෙනෙතින් හා දීර්ඝ කාලයක් හිරු රැසට නිරාවරණය වීමෙන් කාල වර්ණ වූ සිරුරින් ද යුතු මිනිසෙකු දෙසට අතක් දිගු කරමින් කපිතාන් රෙක්ස් ලැරිමෝර්’ යි තවකෙකු හඳුන්වා දුන්නේ ය. ඇතැම් විට කේශයේ ප්‍රතිවිරුද්ධ වර්ණය පසුබිම් කොට දෙනෙතේ පැහැය කැපී පෙනෙන්නට ඇති මුත් එවන් නිල් පැහැයක් තමා කිසි දින දැක නැතැයි බිගල්ස් මොහොතකට සිතීය. ” ලැරිමෝර්. මේ තමා මම කලින් ඔබට විස්තර කළ බලඝන නායක බිගල්ස්වර්ත්. ඔබේ යෝජනාවේ අඩු පාඩු මැන බලන්ට අපේ සේවයේ ඉන්න හොඳ ම නිලධාරියා. ඔය යෝජනාව ගැන ගුවන් සේවා මණ්ඩලේ අවසන් තීරණය දෙන්නෙ ඔහුගේ නිගමන වලට අනුවයි. හිඳගන්ට බිගල්ස්වර්ත්, මම කියන්නම් කථාව. ”

  • -10%
    (0)

    අමරණීයයන්ගේ කුසලානය – Percy jackson and the olympians,the chalice of the gods

    Original price was: Rs. 1,350.00.Current price is: Rs. 1,215.00.

    දීප්තිමත් පැත්ත ගැන කිව්වොත්. එහි පිහිනුම් කණ්ඩායමක් වාගේම ඔලිම්පික් ප්‍රමාණයේ පිහිනුම් තටාකයකුත් තිබෙනවා. (ඇයි කියලා නම් කිසිම අදහසක් නෑ) ඉතිං මගේ සුළු පියා. පෝල් බලොෆිස් හිතුවේ ඒක මට හොඳටම ගැළපෙනවා කියලයි. මම උත්සාහ කරලා බලන බවට ඔහුට පොරොන්දු වුණා. ඒ වාගේම මම මගේ පෙම්වතිය, ඇනබෙත්ටත් පොරොන්දුවක් වුණා. සැලැසුම වුණේ මම නියම වේලාවට සමත්වෙන්න, එතකොට දෙන්නාටම එකට විශ්ව විද්‍යාලයට යන්න පුළුවන්. මට එයාගේ බලාපොරොත්තු සුන් කරන්න අවශ්‍ය නෑ. මං නැතුව ඇය තනිවම කැලිෆෝනියාවට යනවා කියන කාරණයම මාව රැ නින්දෙන් අවදි කරලා තිබ්බා… කලින් පාසලේ රෝහල පවත්වාගෙන ගියා යයි සිතිය හැකි තැනක තිබූ පරිපාලන කාර්යාලය මං හොයාගත්තා. මං ඒක නිගමනය කළේ බිත්තියේ තිබ්බ, උණකට්ටක් කටේ ගහගත්ත දම්පාට දුක්බර පෙනුමක් තිබ්බ ගෙම්බෙකුගේ චිත්‍රයකින්. ”ජැක්සන් මහත්මයා ! එන්න ඇතුළට! ” උපදේශකවරිය මේසය වටෙන් ආවේ මට අතට අත දෙන්න සුදාන මෙන්. එතකොට තමයි එයා තේරුම් ගත්තේ මගේ අත් දෙකේ රාත්තල් හයදායක විතර අච්චු පොත් තිබෙන බව. “අනේ. ඔය ටික ඔය කොහෙන් හරි තියන්න.” ඇය පැවසූ අතර, “කරුණාකරලා, වාඩි වෙන්න.” කීවා. ඇය මට අතින් සන් කරලා පෙන්නුවේ අඩියක් පමණ උස නිල් පාට පුටුවක්. ඒක මට සැහෙන්න පොඩියි. මං ඒකේ වාඩි වුණාම මං ඇයගේ ඩෙස්කුව උඩ තිබ්බ ජොලි රෑචර් බෝතලය ඇස් මට්ටමේ. ” ඉතිං!” උපදේශකවරිය ඇගේ සුවපහසු පෙනුමැති, වැඩිහිටි ප්‍රමාණයේ පුටුවේ ඉඳගෙන මා දිහාට දීප්තිමත් සිනාවක් පෑවා. ඇගේ බෝතල් අඩි කන්නාඩි අස්සෙන් එයාගේ ඇස් දෙක පීනනවා වාගේ පෙන්නුවා. ඇගේ අළු පැහැ හිසකේ පේළි පේළි ලෙස කැරලි කොට තිබුණ ආකාරය මට සිහිපත් කළේ බෙල්ලන් අභිනක්. ” කොහොමද? ඔයා මෙතනට හැඩ ගැසෙමින්ද ඉන්නේ?” 2. වෙළෙඳ සන්නාමයක් සෝඩා බීම, සීනි බෝල, ජෙලි ටොපි වැනි ළමයින් කැමති කැම බීම සන්නාමයක්,

  • -20%
    (0)

    අමාවක හස – Amawaka hasa

    Original price was: Rs. 2,100.00.Current price is: Rs. 1,680.00.
    ඉතින් දකින්න ඕන කරපු දේ… මං ඇස් ඇරපු වෙලේ
    ඉඳන් හොයපු එකම රූපේ.. පරණ වලව්වේ
    ඉස්තෝප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙන
    හඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදන් ඈත
    බලන් ඉන්න කවුරුත් කියන පොඩි නිළමේ….
    මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑ
    ඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑ
    ඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිති
    වෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකට
    ආසාවෙන් හිර වෙලා.
    “මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්ද
    ඔය උණුහුම දැන් ඇත්තටම විඳිනකොට… මං අඬන්නද
    හිනාවෙන් පවිත්ර?”
    “ඒ දෙකම එපා”
    “එහෙනම්?”
    “මේ විදිහටම ඉන්න පොඩ් නිළමේ”
  • -10%
    (0)

    අම්මපයි,මං කඩුව දුන්නා

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
    කඩුව දුන්නද උදුර ගත්තද
    තාම සැකයක් තියෙන හින්දා
    කවියො අදටත් වාද කරනවා
    ලිය ලියා කවි දෙපිල බෙදිලා
    හොයාගෙන මං ආවේ ඒකයි
    ඉතින් කිසිවක් නොකර සඟවා
    එදා වනයෙදි වුණේ මොනවද
    කුමරියනි මට දෙන්න පහදා
  • -20%
    (0)

    අම්මා – AMMA (උපුල් ශාන්ත සන්නස්ගලසන්නස්ගල)

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,280.00.
    අම්මා ගැන හිතලා හිතලා ම තමයි මගේ පපුව
    ඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ.
    මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක්
    විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක්
    තියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලා
    උපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේ
    පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන
    එතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න
    මං අම්මා වගේ ගෑනියෙක් වෙලා
    ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විදින්න
    ඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත්
    මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්න
    රත්තරං අම්මේ!’
  • -10%
    (0)

    අයේෂා ආපසු එයි – ayesha apasu ei

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.

    ඈ මා අසලින් සිටගෙන, මා දෙස බැලුවා ය. ඉක්බිති ව පිළිකුලෙන් නොවේ නම්, උදාසීන භාවයකින් ආපසු හැරී, ආරක්ෂකයා සමඟ පහත් හඬකින් යම් කිසිවක් කථා බස් කළාය. ඇය කී දෙයට පිළිතුරක් වශයෙන්, ලියෝ නිදාගෙන සිටි ඇඳට අත දිගු කරමින් ඔහු, හිස නවා ඇයට ආචාර කෙළේ ය. ඉක්බිති ව ඒ ස්ත්‍රීය සෙමෙන් සෙමෙන්, ප්‍රතාපවත් ලීලාවකින් ඇඳ ළඟට ගියාය. එසේ ඇඳ ළඟට ගිය ඇය, ඇඳට නැඹුරු වී, තුවාළ වී තිබුණු ඔහු ගේ හිස වැසෙන සේ බැඳ තිබුණු වෙළුමෙහි කොනක් ඔසවනු ද, ඊට පසු කියවෙන්නට ආ වචන කීපයක්, ශබ්ද නොනැඟෙන සේ මැඩ ගනුද, අනතුරුව තව දුරටත් ප්‍රශ්න කිරීමට මෙන් ආරක්ෂකයා වෙතට හැරෙනු ද මම දුටුවෙමි.
    මේ වේලාවේ දී ඔහු ඒ තැනින් ඉවත්ව ගොස් සිටියේය. මෙහි දී මා සිටින්නේ සිහි මුච්ඡා වී යැයි සිතූ ඈ, තමා සිටින්නේ තනියම යැයි කල්පනා කරමින්, ඇඳ ළඟට රළු බංකුවක් ඇද ගෙන, එහි වාඩි වී, ඇඳෙහි වැතිර ගෙන සිටි ලියෝ දෙස බලා ගෙන සිටින්නට වූවා ය. ඇය ඔහු දෙස කෙ තරම් දැඩි උනන්දුවකින් බලාගෙන සිටියා ද කියතොත්, ඒ බැල්මෙහි යම් කිසි බිහි සුණු බවක් දක්නට ලැබිණ.

  • -20%
    (0)

    අරණකට පෙම් බැඳ

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.

    මුකුත් නෑ. මේ මල් ඇට වගයක්.
    මම පුදුමයට පත්වීමි. මොහු හිටවන්නේ කුමන මල් ඇට වර්ගයක්ද?

  • -20%
    (0)

    අරාජිකයෙක් ඇවිත් – Arajikayek awith

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.

    2022 වර්ෂයේ මාර්තු මාසයේ රසල්ගේ උපන් දිනයට ඔහුගේ මිතුරිය වූ චමරිගෙන් යුවාල් නෝහා හරාරිගේ ‘සේපියන්ස්’ පොත තෑගී ලැබුණ අතර එය ඔහු නොසිතූ අපූරු තෑග්ගක් විය. රසල් තමාගේ ප්‍රියතම විෂය වූ පුරාවිද්‍යාව පොතකටත් වඩා ආශාවෙන් සහ කැමැත්තෙන් සේපියන්ස් වෙත බැඳුණ අතර සේපියස්ද ඔහුව ග්‍රහණයට හසු කරගෙන සිටියේය. මහා පිපිරුමේදී පදාර්ථ, ශක්තිය, කාලය සහ අවකාශය ඇති වීම පිළිබඳ කතාව භෞතික විද්‍යාව ලෙසත්, පරමාණු සහ අණුවල අන්තර් ක්‍රියාකාරිත්වය පිළිබඳ කතාව රසායන විද්‍යාව ලෙසත්, පසුකාලීනව ජීවය ඇති වීම පිළිබඳ කතාව ජීව විද්‍යාව ලෙසත්, එමෙන්ම හෝමෝ සේපියන්ස් ඇති වීමේ දා සිට ගලා ආ මානව සංස්කෘතිමය කතන්දරය ඉතිහාසය ලෙසත් යනුවෙන් පොත ආරම්භයේදීම විවරණයක යෙදෙන යුවාල් නෝහා හරාරි, ක්‍රමිකව පෘථිවියේ රිද්මය තුළ කියවන්නා සමාධිගත කරන අයුරු රසල්ගේ සිත් ගත්තේය.

  • -20%
    (0)

    අර්ථවත් ජීවිතයක් ගොඩනගා ගන්නේ මෙහෙමයි – The Power of Positive Thinking

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.

    දිළිඳුකම නිසා ජීවිතය සාර්ථක කර ගැනීමට දියුණු වීමට නොහැකි බවට බොහෝ අය මැසිවිලි නගති. ඉගෙනීමට දක්ෂ ළමයෙකු දිළිඳුකම නිසා ඉගෙනීම කඩාකප්පල් වීම ගැන දුක්වනු විය හැක. ව්‍යාපාරයක් පටන් ගැනීමට ධනය නැති පුද්ගලයෙකු එය ආරම්භ කිරීමට මුදල් නොමැතිකමින් දුක් වෙනවා වන්නට පුළුවන. නමුත් ඇත්තෙන්ම දිළිඳුකම දියුණුවට බාධාවක්ද? ලෝක ජයගත්, ජන නායකයන්ගෙන්, විද්‍යාඥයින්ගෙන්, නව කථා කරුවන්ගෙන් උගතුන්ගෙන් ව්‍යාපාරිකයන්ගෙන් බොහෝ දෙනෙක් රිදී හැන්දක් කටේ ඇතිව වත් පොහොසත් පවුල්වල ඉපැදුන අයවත් නොවේ. දුගී පවු වල ඉපිද තම අප්‍රතිහ ධෛර්ය සහ නොපසුබට උත්සාහය නිසා ඔවුන් ජයගෙන ඇත. රේඩියම් සොයාගත් මාරි කියුරි ඉතාමත් දුප්පත් පවුලක තැනැත්තියකි. ඇය විදුහලේ ඉගෙනුම ලබන අතර සාගින්න නිසා කිහිප වරක්ම සිහි සුන්ව වැටී ඇත. මුදල් නොමැතිකම නිසා ඇය භෞතික විද්‍යාව හැදෑරීමට සෝබෝන් විශ්ව විද්‍යාලයට පවා පැමිණියේ පාවහන් නොමැතිවය. නමුත් ඕ තම දිළිඳුකම තම ජිවිතයේ දියුණුවට බාධාවක් නොකරගෙන ජය කණුව කරා ගියාය. පොප් සංගීතයේ රජා යන විරුදාවලිය ලැබූ, තරුණියන්ගේ සිහින ලොවේ මල්සරා වූ එල්විස් ප්‍රෙස්ලි ඉපැදුනේ අන්ත දුගී පවුලකය.

  • -20%
    (0)

    අල්මන්සෝ : පුංචි ගොවියා – FARMER BOY- punchi goviya

    Original price was: Rs. 1,150.00.Current price is: Rs. 920.00.

    විනෝදකාමී වෙලෙක් බඩු වෙළෙන් ප ගොවි පොළට එන දවස්, නගරයේ සල්පිල පැවැත්වෙන දවස්, අප්පට්ටි සමග මාළු බාන්නට යන දවස් අල්මන්සෝට මහත් සතුටක් ගෙන දෙයි. සිය සැමියා වූ අල්මන්සෝ, තමා ජීවත් වූ කුඩා නිවසින් බොහෝ ඈත දුරක, පුංචි ගොවියෙකු ලෙස හැදී වැඩුණු ආකාරය ගැන ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ලියූ මේ කතාව, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පොතු වූ සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ තුන් වැන්නයි.

  • -10%
    (0)

    අවසන් සෙබළා- AWASAN SEBALA

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,170.00.

    පුෂ්ප කුමාර නම් සැරයන්වරයා අණදෙන නිලධාරී හමුවේ කිසියම් ඉල්ලීමක් සිදු කළේය. ඔහු පසු දින ඇරඹීමට නියමිතක්‍රියා න්විතයේ මුලින්ම පස් බැම්ම තරණය කරන ඛණ්ඩයේ තීරණාත්මකම කාර්යභාරය සිදුකරන පුද්ගලයා විය.
    “මට සර් එක්ක සිගරට් එකක් බොන්න ආසයි.”
    සැරයන්වරයාගේ එම අනපේක්ෂිත ඉල්ලීම හමුවේ එහි සිටි සියලු දෙනා තුළ ඇති කළේ තිගැස්මකි. විශේෂයෙන්ම අණදෙන නිලධාරී ඉදිරිපිට දුම්වැටියක් පානය කිරීමට එහි සිටින නිලධාරීන් පවා ඉදිරිපත් නොවන තත්වයක් තුළ සැරයන්වරයාගේ එවැනි හැසිරීමක් ඔහුට තරම් නොවන බව සැමගේ අදහස විය. එසේම, එය අණදෙන නිලධාර්ගේ නිසැක උදහසට ද ලක්විය හැකි බැව් ඔවුහු සිතූහ. නමුත්, සිදුවූයේ අනෙකකි. සැරයන්වරයාගේ එම ඉල්ලීමට අණ දෙන නිලධාරී දැක්වූයේ නිහතමානී අනුකූලතාවයකි. හෙතෙම තමා සන්තකයේ වූ සිගරැට් පැකට්ටුව වහාම ඔහු වෙතදිගු කළේය. ඒ සමඟම එහි සිටි සෙසු පිරිසට ද සිගරැට්ටුව බැගින් ලබාදුන් ඔහු තමන් සතුව තිබූ ගිනිපෙට්ටියකින්ම සැරයන්වරයාගේ සිගරැට්ටුව දල්වා ලන්නට ද කටයුතු කළේය.
    මෙවන් මොහොතක ඔහුගේ වම හැසිරීම පිළිබඳ අණදෙන නිලධාරී තුළ ඇති කළේ ව්‍යාකූලත්වයකි. ඉදිරි ක්‍රියාන්විතයේ පවතින නිසැක අවදානමේ තරම ඔහු හොඳින් දැන සිටියේය. සැරයන්වරයා තම ජීවිතය පිළිබඳ කිසියම් අවිනිශ්චිත පණිවුඩයක් ඒ හරහා ලබා දෙන්නේ දැයි ඔහුට සිතිණ. එබැවින් තවදුරටත් ඔහුව එම කටයුත්තට යොදවන්නට තරම් හිතක් අණදෙන නිළධාරී හට නොවීය. නමුත් ඒවන විට ක්‍රියාන්විතය සඳහා අවසන් නියෝග නිකුත්කර තිබූ පසුබිමක වම සැරයන්වරයා වෙනුවට වෙනත් අයකු ආදේශ කිරීමටද ඔහුට හැකියාවක් නොවීය.
    එදින උදෑසන සිදුවූ ඉහත සිදුවීම පිළිබඳ මතක අණදෙන නිලධාරීන්ගේ සිත බලවත් සේ පෙළන්නට විය. ඒ වන විට ක්‍ රියා න්විතය අවස න්ව ගතවී තිබුණේ හෝරාවකටත් අඩු කාලයකි. ස ට නෙහි ජයග්‍රහණය හ මුදා භ ට පිරිස වෙත හිමිව තිබුණ ද සමස්ථයක් ලෙස ඒ වෙනුවෙන් ගෙවූ වන්දිය සුළු පටු නොවීය. වෙ ඩි බෙ හෙත් සුවඳ මුසු වූ ගිනි ගැහුණු භූමියේ තැන තැන වැටී ඇති උණුසුම් රු ධි ර බිඳු ස ට නෙහි බිහිසුණු බව මැනවින් පෙන්නුම් කළේය. අණ දෙන නිලධාරී තම දෙපා අබිමුව වැහි කබායකින් එතු යමක් සෙමෙන් විවර කරන්නට වූයේය. සැරයන් පුෂ්ප කුමාරගේ අ ස ම්පූ ර්ණ සි රු රු කො ටස් එහි විය. පෙරදා තමා සමග ඔහු ඉරූ සිගරුට්ටුවේ සුවඳ ඒ මොහොතේ ද ඔහුගේ නැහැපුඩු අතරට දැනී නොදැනී යන්නට විය.

  • -10%
    (0)

    අවි බිමක ගිනියම

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,350.00.

    තැන තැන බිම වැට ඇති ගස්ලබු ගෙඩි දකිත්ම කෝපුල් හීන්අප්පුගේ උත්සාහය පිළිබඳ සෙසු අයට පැහැදිලි විය. කුසගිනි නිවාගන්නට ඔහු දැරූ ප්රයත්නය ගස්ලබ ගසේ ඉහළ සිට පහළට රක්ත වර්ණයෙන් සටහන් වූයේය. භට නිවාසයට ඔසවාගෙන ගිය ඔහුගේ සිරුර ඒ වන විටද ගැහෙමින් තිබිණ. සහයට පැමිණි හෙලිකොප්ටරය ත්රස්තවාදී ප්රහාර හමුවේ ගොඩබැස්සවීමට නොහැකි වූයෙන් ගුවනේ නොපෙනී යන අයුරු කොකාවිල්ගි සෙබල බලා සිටියහ. ඒ වනවිටද ලුතිනන් අලදෙනිය හින්අප්පුගේ සුරත තදින් අල්ලාගෙන සිටියේය. මද්දහනේ අවි රශ්මිය භට නිවාසයේ වහලය විනිවිවද දැනෙන්නට විය. අවසානයේ සියල්ල ගිනියම් වූ මොහොතක කෝප්රල් හීනප්පු සිතල සිරුර පමණක් සහෝදර සගයන්ට ඉතිරි කළේය.

  • -20%
    (0)

    අවි- Avi

    Original price was: Rs. 550.00.Current price is: Rs. 440.00.

    ජීවිතය කියන්නෙත් හරියට පොතක් වගේ දවසෙන් දවස අපි ඒ පොත කියවනවා. අලුත් අත්දැකීම් ලබනව විතරක් නෙවෙයි හුඟක් දේවල් ඉගෙන ගන්නවා. සමහරු තමන්ගෙ ජීවිත පොත බොහොම කැමැත්තෙන් කියවනවා. ඒත්, තවත් අය මේ පොත කියවන්නේ බොහොම අකමැත්තෙන්. නොකියවා බැරිකමට. කැමැත්තෙන් කරන ඕනම දේක ඇති ශක්තියට වඩා අකමැත්තෙන් කරන දේවල්වල වේදනාව දහස් ගුණයකින් වැඩියි. ඒත්, එහෙමයි කියල ඒ දේවල් කාටවත් ඕන විදියට අතාරින්න පුළුවන් කමකුත් නෑ. හැබැයි. ඒ අකමැති දේවල් වෙනස්ම ආරකට හරවලා ඒවා අපි කැමතිම දේවල් බවට පත් කර ගන්නත් හැකියාව තියෙනව. ඊට පස්සෙ අපි කැමතිම දේවල් බවට පත්වෙන්නෙ කලින් අපි අකමැතියි කියල අතාරින්න හිතාගෙන හිටිය දේවල්. මේ කතාවත් අන්න ඒ වගේ එකක්. සර් ආවෙ මං වෙනුවෙන්මයි. ඒක මට විශ්වාසයි. ඇත්තමයි ඒක අහඹු සිදුවීමක් වෙන්න බෑ ‘ එතුමා මට මුණ ගැහුණ දවසෙ මම එහෙම කිවුවා. ඒක මම කිවුවේ අතිශයෝක්තියෙන් නෙවෙයි. අවංකවම මගේ හිතට දැනුණ නිසා. එදා ඉඳන් තමයි දවසෙන් දවසම මගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තෙ. ඉතින්, මට මතක් වුණා බුදුන් දවස බොහෝ පුද්ගලයන්ට නිවන් දකින්න තරම් පින් බලයක් තිබුණ කතා පුවත් ගැන. තමන්ට ගැළපෙන කර්මස්ථානයත් ඒ අය අවටම තිබුණ. උදාහරණයක් විදියට ගත්තොත්, චුල්ලපන්ථක කුමාරයාට සත්‍ය වටහා ගන්න