-
(0)
කළු – Kalu
Rs. 1,250.00Original price was: Rs. 1,250.00.Rs. 1,000.00Current price is: Rs. 1,000.00.‘පුංචි නෝනා’ යනුවෙන් නිරන්තරයෙන් රැව් පිළිරැව් දෙන හඬට අවනත වූ කලෙක මෙන් මම තවත් වරක් හිස ඔසවා ඔහු දෙස බැලීමට තීරණය කළෙමි. යන්තමින් හිස ඔසවනවාත් සමඟ ම මා දකිනා දර්ශනය පිළිබඳව මට විශ්වාසයක් නොවූ තැන මම තවත් හොඳින් ම දැක ගැනීම සඳහා දෑස් ඒ වෙත නාභිගත කළෙමි. ඒත් සමඟ ම දුටු දසුන මාගේ මුළු සිරුර ම සලිත කරවමින්, රෝමෝද්ගමනය කිරීමට සමත්ව තිබුණි. මාගේ මුව දහඩියෙන් තෙමී යද්දී, කෙළ සිඳී යමින් මුළු සිරුර ම ගිනියම් සළුවක එතුණාක් වැනි හැඟීමක් දැනෙන්නට විය.
-
(0)By : නෝබට් අයගමගේ
කාල නදී ගලා බසි
Rs. 1,300.00Original price was: Rs. 1,300.00.Rs. 1,040.00Current price is: Rs. 1,040.00.හැන්දෑකරේයේ හල්වතුර කඩමන්ඩියේ එක් රොක්වූ ගැමියන්ගේ කතාබහට මාතෘකාව වුණේ සවුන්දිරිස් මහත්තයා අලියාට ගිනි බිඳීමය. කඩමණ්ඩියක්ය කීවාට හල්වතුර හන්දියටම තිබුණේ සිල්ලර කඩයකුත්, තේ කඩයකුත් විතරය. දුම්බර මිනිරන් පතල් සමඟ ගමට පැමිණි කඩමණ්ඩිය, බොහෝ ගම්වල සිදුවුණ ආකාරයටම ගමට ආරංචි සැපයූ තොරතුරු මධ්යස්ථානයද විය.කුඩා සාදිරිස් හාල් සේරුවක් ඇතුළු අඩුම කුඩුම කිහිපයක් ගන්නට රෙදි උරයක් ද කිහිලි ගන්නා ගෙන පිම්මේ දුව ආවේ කඩේ කතාබහට යම් දුරකට යමින් තිබුණු වෙලාවේය. එ නිසාම ඔහුට මුලින් මුලින් මේ කතාබන වල අගමුලක් තේරුම් ගියේ නැත.“සුද්දො ඇවිත්… කල්ප කාලාන්තරයක් තිස්සෙ තිබුණ වනන්තරේ එළිපෙහෙළි කොළාම ඒ අහිංසක සතා සීපාව කොහේ කියල යන්නද? පව් අහිංසක සතා. විස්සෝපයෙන් ඇලළුන කාන්තාවක් දුම්කොළ මිටියෙන් හොඳ දුම් කොළයක් තෝරමින් එසේ කීවාය.සවුන්දිරිස් මහත්තයා වෙඩි තියල තියෙන්නෙ සත මැරෙන්න නෙවි බය කරන්න විතරයි. හිස පිටුපසට වන්නට කුඩා කොණ්ඩ ගැටයක් ගසා සිටි පිටකන්දේ සේතුවා මාමා, සුද්දා වෙනුවෙන් වගඋත්තර බැන්දේය. -
(0)
කාසාවකණ්ඨක සිල් බිදුනු පැමිණිල්ලක් – Kasawantaka Sil Bidunu Pemanillak
Rs. 950.00Original price was: Rs. 950.00.Rs. 760.00Current price is: Rs. 760.00. -
(0)By : Enid Blyton
කැරවෑන් ගෙදර ළමයි – Karawan Gedara Lamai
Rs. 380.00Original price was: Rs. 380.00.Rs. 342.00Current price is: Rs. 342.00.කැරවෑනයට පිටතින් අමුතු එමෙන් ම බිහිසුණු ශබ්දයක් නැඟෙන බව බෙලින්ඩාට ඇසුණේ ය. අනතුරු ව කිසි දෙයක් බොල් හඬක් නඟමින් කැරවෑනයේ වැදිණ. මේ අද්භූත ශබ්දයෙන් බෙලින්ඩා කෙතරම් බියට පත් වීද යත් ඇය මයික්ගේ ඇඳ අසලට ගොස් ඔහු අවදි කරවන්නට උත්සාහ කළාය
-
(0)By : C.S. Lewis
කැස්පියන් කුමාරයා (NARNIA)
Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00.පිවෙන්සි සොයුරු සොයුරියෝ ඉපැරැණි ඉන්ද්‍රජාල භාණ්ඩයක මායා බලයෙන් යළිත් වරක් නානියා දේශය කරා පැමිණෙති. එහෙත් මෙහි දී ඔවුන්ට දැන ගැනීමට ලැබෙන්නේ, තව දුරටත් එය ඔවුන් දැන සිටි නානියා දේශය නො වන බව ය. දැන් නානියාව පාලනය කරනුයේ ටෙල්මර් නමැති දුර ඈත දේශයකින් පැමිණි දුෂ්ට මනුෂ්‍ය පිරිසකි. තමන් ආදරය කළ නානියා දේශය එහි පෙර පැවති ශ්‍රීවිභූතිය වෙත යළි එසැවීමට පිවෙන්සිලා කැස්පියන් නමැති ටෙල්මර් කුමාරයාට නානියාවේ සිහසුනෙහි හිඳ ගැනීමට උපකාර කළ යුතු ය!
සී. එස්. ලුවිස් නමැති අග්‍රගණ්‍ය ඉංග්‍රීසි ලේඛකයාගේ නානියා වංශ කතා මාලාවේ දෙ වැන්න වන ‘කැස්පියන් කුමාරයා’ ලෝක සාහිත්‍යයේ ෆැන්ටසි ශානරයට අයත් ළමා ප්‍රබන්ධ නිර්මාණ අතර ඉදිරියෙන් ම තිබෙන්නකි. පසු කාලයක දී සිනමාවට ද නැඟී තව තවත් ජනප්‍රියත්වයට පත් මේ රසවත් නව ප්‍රබන්ධය, ලොව පුරා දරු දැරියන්ගේ මෙන් ම වැඩිහිටි පාඨකයන්ගේ ද ආදරය නොමඳ ව දිනා ගත්තකි.
-
(0)
කැළලිකාරයෝ
Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 1,080.00Current price is: Rs. 1,080.00.තුවාල සුවපත් වුවද ඒවාගේ කැළලි හා සම්බන්ධ මතකය සමග පොර බැදීම ජීවිත කාලයක් පවතින බව කියන මේ කතාව බාහිර හා අභ්‍යන්තරික සේම ඒකපුද්ගල හා සාමූහික කැළලි සමග සාමය ඇති කර ගැනීමට තැත් කරන චරිත සමූහයක් වටා ආඛ්‍යානමය ජීවිත ජාලයක් වියයි. ඒ ඔස්සේ ආදරය, විවාහය, ලිංගිකත්වය හා දේශපාලනය ඒකපුද්ගල මිනිසා හා සාමූහික මිනිසා එකට බැඳලන සංකීර්ණ විලාස ගවේෂණය කරයි.
-
(0)By : නිශ්ශංක විජෙමාන්න
කීඩෑවෝ ඇවිල්ලා
Rs. 750.00Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.සිතුවිලි පියාඹා විත් කෙතට වැද කරල් කපමින් උන්නේය. උන් නැගිට කෙතින් අහසට පියඹා කුරුලු රෑනක් සේ නැවත නැවත කෙතට වැද සොම්නසේ ගෂ්ය බුදින්ට වන්නේය.
ලොරිය හතරවෙනි ධමති ඇළ දිගේ එන විට දයා සිරි මුදලාලි හිටියේ ඒ වසන්ත සුළගේ සුවය විඳිමින් සුක්කානමට උරුහං බාමින්ය. ලොරියේ ටිපරය මත පැටවූ වී ගෝණි අතරේ ඇතබාගෙන කල්පනාවේ සිටි ටිකිරි මහත්තයා හෙවත් මහත්තයාට ඊළඟ මොහොතේ සිදුවන අනතුර ගැන කොහොමටත් ඉවක් තිබුණේ නැත.
” පැනපාං.” කෑ ගැසූ දයා සිරි මුදලාලි සුක්කානම අතහැර දොර ඇරගෙන පැන්නේය. රියදුරකු නැති ලොරිය තවත් මීටර් අටක් පමණ මහ ඇළ බැම්ම දිගේ මාරක
-
(0)
කුර හඬෙකි වියැකෙන
Rs. 1,700.00Original price was: Rs. 1,700.00.Rs. 1,360.00Current price is: Rs. 1,360.00.කුලවමිය වලව් ඉස්තෝප්පුවේ සිට පඩිපෙළ බැස ඇවිත් පහළම පඩියේ නතර වුණාය.රුවැති අග මෙහෙසිය හීතල නිසාදෝ ඔසරි පටින් ගෙළ සහ ළැම පෙදෙස ආවරණය කරගෙන සිටියාය.සියලු දෑස් යොමුව පැවතියේ ඇය වෙතය.ඇගේ දෑස් යොමුව පැවතියේ තවලම්රාල වෙතය.ඇය පසෙකින් හිඳින්නී තුටුපඬුරු සහිත කුඩා රෙදි උර තැන්පත් කළ රිදී බන්දේසිය දෝතින් දරාගත් ඇගේ විශ්වසනීයම කම්මිත්ත වන හීං එකීය.සිරිත් පරිදි පළමුව තුටුපඬුරු පිරිනැමෙන්නේ තවලම්රාලටය.තවලම්රාල වන ඩිංගිරාල ඇත්තා ආර්යාව සමීපයට මිදුල හරහා එමින් සිටියේය. මුහුණ පුරා වැඩුණු ගන රැවුලකින් හෙබි ඩිංගිරාල නායකත්වයේ සියලු ලක්ෂණ ප්රකට කරමින් ඍජු ගමනින් ආර්යාවට සමීප වෙමින් හිඳී. ඔහු සමීප වෙත්ම ඇගේ දෙකොපුල් මහ රත් මලක ළා රත් පැහැය ගත්තේය.අත්කොට සුදු මේස් බැනියමකින් සහ අදුරු පැහැති සරමකින් සැරසී හුන් තවලම්රාල හිස වටා බැඳ තිබූ නිල් පැහැති ලේන්සුව ලිහා ගෙළ වටා දාගත්තේය.ඔහුගේ තියුණු දෑස් යොමුව තිබුණේ ඍජුවම ඇගේ දෑස් වෙතය.ඒ දෑස් යුගළ අතරේ එකිනෙකාට කියාගත නොහෙන නිහඬ රහසක් ලියැවී තිබුණේය.හිමිදිරි අන්ධකාරය දවාලමින් වලව් මිදුලේ කෙසෙල් කොටන් මත රැඳවූ පන්දම් සහ විලක්කු සේම ඇගේ දෑස් ද ඊළඟ මොහොතේ නාඳුනන ගින්නකින් ඇවිළෙමින් තිබුණේය. තවමත් රිදුම් දෙන දෙතොල්පට ඇය දිව’ගින් තෙත් කරගත්තාය….රාජ්ය සම්මානිත කාල නදී ගලා බසී නවකථාවෙන් පාඨක සිත් අමන්දානන්දයට පත් කළ නෝබට් අයමගේ නවතම නවකථාවයි,‘කුර හඩෙකි වියැකෙන’ -
(0)
කෙල්ල – Kella
Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00.අම්මෝ ඇති යාන්තම්… ගමේම ඕපේ හොයන රොසලින් නැන්දා දළදා මාළිගාවට ඇවිත්. මං ඇමේලියාගේ විස්තර කිව්වේ දැන් ගිහින් ගමටම කියනවා කියලා දන්න නිසාමයි. මන් කියන හැම දේටම ඇමේලියා හරි ලස්සනට හිනා වෙලා හිටියා. රොසලින් නැන්දා හිතුවේ මං මේ සුද්දි එක්ක පටළැවිලා කියලා……මී මැස්සෝ රොන් උරමින් සිටි ඕලු මල් පොකුරක් මන් එයාට අරන් දුන්නා. මල් පොකුරත් එක්ක මට එයාගේ පිංතූරයක් ගන්නම ඕන වුණා. හිතේ පොඩි බයකුත් තිබුණා හැබැයි මන් ඇහුවා.
-
(0)By : වජිර කස්තුරි
කොණ්ඩිත්තම්
Rs. 575.00Original price was: Rs. 575.00.Rs. 488.00Current price is: Rs. 488.00.“සහෝදරයා… මම ඉගෙන ගන්නේ දායක සභාවේ මිනිස්සුන් දුක් විඳල දෙන දානමානවලින්… මට දඩ මුදලක් නෙමෙයි… අඩුම ගානේ නීතිඥ ගාස්තුවවත් ගෙවාගන්න විදිහක් නෑ… අනික මම හිරේ ගියොත්, මගේ පන්සලේ දායක සභාව ආයිත් මාව පන්සලට වද්දගන්න එකකුත් නෑ… මොකද මම විශ්වවිද්යාලෙට ආවේ ඉගෙනගෙන ආපහු පන්සලට ගිහින් පින් දහම් කටයුතු කරන්න මිසක විප්ලව කරන්න නෙමෙයි….” බුද්ධ චීවරය දරන හාමුදුරුවන්ගේ කතාව බෙහෙවින් ඍජුය. එහෙත් පක්ෂයේ නියෝජිතයා මාක්ස් ගැනත්, ලෙනින් ගැනත්, චේ ගුවේරා ගැනත් දීර්ඝ දේශනාවක් කරන ලද්දේය. චූදිතයන් සියලු දෙනාම පක්ෂ නියෝජිතයාට ස්වකීය දැඩි විරෝධය ප්රකාශ කළද ඔහු එයට මුහුණ දුන්නේ එඩිතර ලෙසිනි. එයට හේතුව සියලු දෙනාගේම නායකයා වූ ජනක නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමයි.
-
(0)
කොළපාට ඇස්-May December Romance
Rs. 1,600.00Original price was: Rs. 1,600.00.Rs. 1,280.00Current price is: Rs. 1,280.00.ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද May December Romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප්‍රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්‍රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක්‍රමය එක මත එක ගැටෙන්නට සලස්වමින් චිත්තාභ්‍යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්මක කෘතියකි. භාෂාව උත්කෘෂ්ට රමණීය හැගීම් දනවන මෙවලමක් සේ භාවිත කරන මේ නවකතාවෙන් ප්‍රධාන චරිතයන්ගේ ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය, රාගය, අනුරතිය, සරාගී ආවේශයන් සහ ලාලසාවන් විවෘතව හෙළි දරව් කෙරේ. ආගමික, දේශපාලන, සමාජ විද්‍යාත්මක හා මනෝවිශ්ලේෂණිය කියැවීම් තුළ ද විවිධ මානයන් හරහා විමසීමෙන් මනුෂ්‍ය ජීවිතයේ සැඟවුණු මනෝ භාවයන් හාරා පාදා ගත හැකි ප්‍රේමණීය වියමනකි.
-
(0)
කොළඹ ගණිකාවෝ – Colaba Ganikawo
Rs. 1,500.00Original price was: Rs. 1,500.00.Rs. 1,200.00Current price is: Rs. 1,200.00.මෙය එදාවේල සොයා ගැනීමේ අභිලාෂයෙන් තම සිරුර සිල්ලරේ විකුණන අහිංසක ගැහැනුන් පාදක කර ගනිමින් ලියූවක් නොවේ.
සත්‍යය සිදුවීම් පමණක් අන්තර්ගත කරමින් ලියැවුණු මේ කතා සමුච්ඡයෙන් පෙන්වා දීමට උත්සාහ ගන්නේ මේ රටේ මිනිසුන්ට පහසුවෙන් ඇස නොගැටෙන වරප්‍රසාද ලත් සුපිරි සමාජයේ මැඩම්ලාගේ ලිංගික කෙරුවාවයි. තම සුන්දර රූපකාය ලිංගික අල්ලස් වශයෙන් ලබා දී දහසකුත් එකක් වරදාන හා වරප්‍රසාද ලබා සමාජයේ ගෞරවනීය අයුරින් වැජඹෙන ඉහළ සමාජ තීරුවේ කතාවයි.
තම සිරුර ලිංගික අල්ලසක් ලෙස ලබා දී පාර්ලිමේන්තුවේ, සංස්ථා සභාපති පුටුවේ, මහාචාර්ය තනතුරේ හා නීතිය හොබවන ඉහළ පුටුවලත්, තවත් කී නොකී ඉහළ තැන්වලටත්, පහසුවෙන් රිංගා ගත් ගණිකාවන් ලෙස ලේබල් නොවූ ගණිකාවන්ගේ කතාවයි. ඔවුනට කිසිවෙකු බඩුව, ගොනා, සතා හෝ වේසි කියා ආමන්ත්‍රණය නොකරති. කට පුරා “මැඩම්” කියාම කියති.
-
(0)
කොළඹ ප්‍රහාරය
Rs. 1,300.00Original price was: Rs. 1,300.00.Rs. 1,040.00Current price is: Rs. 1,040.00.ඔවුන් එකෙකුටවත් බසයෙන් පිටහට අඩියක්වත් තැබිමට හැකිවූයේ නැත, අඩි හයක් පමණ උස වූ පකිස්ථානුවෙක් මෙන් පැහැපත් ශරීරයන් තිබුනු මෙම මුස්ලිම් ජාතිකයා ඔහුගේ ඉණෙහි තිබුණු ඩේටනේටරය අතට ගෙන එහි ස්විචයට ඇගිල්ල තබා එය ඉහළට එසවූයේය. එය තමන්ගේ අවසානය යැයි දැනගත් මගීනු එකා පිට එකා වැටී එතැනම ගල් ගැසී නතර වූහ. ඔහු ස්විචය සියල්ලන්ටම පෙනෙන සේ ඉහළට ඔසවමින් අවසන් වරටක් “අල්ලාහු අක්බර්” යැයි හ
-
(0)
ගාසා තීරයේ ජන ඝානනය – Gasa Thiraye Jana Gathanaya
Rs. 960.00Original price was: Rs. 960.00.Rs. 768.00Current price is: Rs. 768.00.ඊශ්‍රායෙල පලස්තීන ප්‍රතිපත්තියේ ගාමක බලය වන මතවාදය නිවැරදිව හඳුනා නොගන්නේ නම් පලස්තීනුවන් හෝ යුදෙව්වන් හෝ අන් සියළු දෙනාම ආරක්ෂා වන්නේ නැත. ඊශ්‍රායෙලයේ ප්‍රශ්නය එහි යුදෙව් ආගම නොවේ. යුදෙව් ආගමේ මුහුණුවර කීපයක්ම ඇති අතර ඒ බොහොමයක් සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත්වීමට ශක්තිමත් පදනමක් සපයයි. යුදෙව් ආගමෙන් දැක්වෙන බහුත්ව අවකාශය විශේෂයෙන්ම පලස්තීනුවන්ට ලබා නොදෙන්නේ සයන්වාදයේ වාර්ගික ස්වරූපයයි. පලස්තීනුවන් කිසි විටෙකත් සයන්වාදී රාජ්‍යයේ සහ අවකාශයේ පාර්ශ්වයක් නොවනු ඇත. ඔවුන් දිගටම සටන් කොට අප පතන ආකාරයට බොහෝ විට සාමකාමීව, ජයගනු ඇත. එසේ නොවන්නේ නම් එය නිර්දය පළිගැනීමේ සුළි සුළඟක් මෙන් අරාබි සහ මුස්ලිම් ලෝකය පමණක් නොව මහ බලවතුන් වන එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ද ඇද බැඳ ගන්නා, අවසානයේ දී අප සියල්ලන්ම දවාලන මහා චණ්ඩ මාරුතයක් විය හැකිය.
-
(0)
ගැට කපන කොල්ලා – Geta kapana kolla
Rs. 1,450.00Original price was: Rs. 1,450.00.Rs. 1,305.00Current price is: Rs. 1,305.00.“ඔන්න, වත්තෙ මහත්තයා අලුත් කාර් එකක් අරං තාත්තා ගෙට ගොඩ වෙද්දී ම එසේ කීවේ අම්මාට ඇසෙන්නට ය. කුස්සියේ වැටී ගෙන ළිපේ ගිනි මොළවමින් සිටි අම්මා කෙළින් වී. දුම් වැදීමෙන් දෙඇසින් ගැලූ කඳුළු පිස දමමින් ” හැබෑට?” කී නමුත්, ඒ වැඩි කල්පනාවක් නැති වය. ඇගේ අවධානය යොමු වූයේ, තමා හුදෙකලාවම කළ යුතු වූ, පවුලේ දස දෙනාගේ රෑ කෑම පිළියෙල කිරීම වෙත ය. අපේ පවුල මවු – පිය දෙදෙනගෙන් සහ දරුවන් අට දෙනෙකු ගෙන් යුක්ත විය. කටු මැටියෙන් තනා පොල් අතු සෙවිලි කොට බිමට ගොම ගා තිබුණු, කුඩා කාමර දෙකකින් සහ ඉස්තෝප්පුවකින් යුත් අපේ ගෙට යාබද වම, පොල් අතුවලින් අහුරා සාදන ලද කුඩා කුස්සිය ද විය. තාත්තා, ඉස්තෝප්පුවේ පැත්තකට හරවා තබා තිබුණු වංගෙ ඩිය උඩ හිඳ ගත්තේය. අම්මා නැවතත් ළිපේ ගින්න දල්වා ගැනීමේ කාර්යයෙහි යෙදුණාය. බැස යන හිරු දැන් ගස් – කොළන්වලට මුවහ වී සිටී. තමා එදින ලද අහරින් තුටු පහටු වූ නිසා දෝ ගෙය ඉදිරි පස අඹ ගසේ ඉහළ අත්තක සිට ගත් පොල්කිච්චා තම ගී පදය යළි යළිත් ගයයි. තාත්තා ගෙනා ආරංචිය ගැන අම්මා එතරම් සැලකිලිමත් නුවුවද, මට නම් එය මගේ කුතුහලය අවුස්සනසුලු පුවතක් විය. මම මෝටර් රිය ගැන විසිතුරු තාත්තාගෙන් අසන්නට වූයෙමි.
-
(0)By : Hovhannes tumanyan
ගිකෝර්
Rs. 450.00Original price was: Rs. 450.00.Rs. 360.00Current price is: Rs. 360.00.
-
ගැට කපන කොල්ලා – Geta kapana kolla
Original price was: Rs. 1,450.00.Rs. 1,305.00Current price is: Rs. 1,305.00.“ඔන්න, වත්තෙ මහත්තයා අලුත් කාර් එකක් අරං තාත්තා ගෙට ගොඩ වෙද්දී ම එසේ කීවේ අම්මාට ඇසෙන්නට ය. කුස්සියේ වැටී ගෙන ළිපේ ගිනි මොළවමින් සිටි අම්මා කෙළින් වී. දුම් වැදීමෙන් දෙඇසින් ගැලූ කඳුළු පිස දමමින් ” හැබෑට?” කී නමුත්, ඒ වැඩි කල්පනාවක් නැති වය. ඇගේ අවධානය යොමු වූයේ, තමා හුදෙකලාවම කළ යුතු වූ, පවුලේ දස දෙනාගේ රෑ කෑම පිළියෙල කිරීම වෙත ය. අපේ පවුල මවු – පිය දෙදෙනගෙන් සහ දරුවන් අට දෙනෙකු ගෙන් යුක්ත විය. කටු මැටියෙන් තනා පොල් අතු සෙවිලි කොට බිමට ගොම ගා තිබුණු, කුඩා කාමර දෙකකින් සහ ඉස්තෝප්පුවකින් යුත් අපේ ගෙට යාබද වම, පොල් අතුවලින් අහුරා සාදන ලද කුඩා කුස්සිය ද විය. තාත්තා, ඉස්තෝප්පුවේ පැත්තකට හරවා තබා තිබුණු වංගෙ ඩිය උඩ හිඳ ගත්තේය. අම්මා නැවතත් ළිපේ ගින්න දල්වා ගැනීමේ කාර්යයෙහි යෙදුණාය. බැස යන හිරු දැන් ගස් – කොළන්වලට මුවහ වී සිටී. තමා එදින ලද අහරින් තුටු පහටු වූ නිසා දෝ ගෙය ඉදිරි පස අඹ ගසේ ඉහළ අත්තක සිට ගත් පොල්කිච්චා තම ගී පදය යළි යළිත් ගයයි. තාත්තා ගෙනා ආරංචිය ගැන අම්මා එතරම් සැලකිලිමත් නුවුවද, මට නම් එය මගේ කුතුහලය අවුස්සනසුලු පුවතක් විය. මම මෝටර් රිය ගැන විසිතුරු තාත්තාගෙන් අසන්නට වූයෙමි.