• -10%
    (0)

    ආමරිය සීල් – Amariya Seal

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,350.00.

    ආමරිය සීල්”

    යුද්ධය තුළ ඇත්තේ අහිමි වීම් හා විනාශයන්ය. මෙරට පිටරට වුවද අතීතයේ හෝ වර්තමානයේ වුවද යුද්ධයේ හැටි එහෙමය. නිසාම යුද්දය යන වචනය ඇසූ සැනින් ඕනෑම අයෙකු තුළ මැවෙන්නේ එකම චිත්‍රයකි. එහෙත් අවියකින් වෙඩි උණ්ඩයක් පත්තු නොවී බෝම්බයක් පිපිරෙන්නේ නැතුවද යුද්ධ තිබුණි. අවි ගැටුමක් නොපැවතිය ද මරණය අතවනන භූමියක පාරිසරික දුෂ්කරතාවයන් ද මානසික පීඩනයද දරාගෙන කෙනකු රැඳී සිටීමම යුද්දයකි. සමාජය යුද්දය පිළිබඳ බලන සාම්ප්‍රදායික කෝණය මග හැර වෙනස් මානයකින් එදෙස බලන්නට මේ පොත හරහා මම ඔබට ඇරයුම් කරමි.

    ලුතිනන් කර්නල් 
    සුජිත් චමින්ද එදිරිසිං

  • -20%
    (0)

    ආර්යා

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.

    වේලාව පාන්දර හතරහමාරට ආසන්නය. ප්‍රභූ ආරක්ෂාව සපයන සුදු පැහැ ඩිෆෙන්ඩරයට පසුව එන කළු පැහැ බීඑම්ඩබ්ලිව් රථය දැන් පැහැදිලිව ගඩාෆිට පෙනෙයි. තව ඇත්තේ තත්පර ගණනකි. ගඩාෆි ඉණ රැඳි පිස්තෝලය සුරතට ගෙන පොරවාගෙන සිටි වැරහැල්ලට යටින් පපුතුරයට කර ගත්තේය. එපමණකි!

    ගාල්ල පැත්තේ සිට කොළඹ දෙසට විදුලි වේගයෙන් ධාවනය වූ ටිපර් රථය දකුණු දෙසට කැපී හෙණ ගසන්නාක් බඳු හඬක් සමඟින් කළු පැහැ බීඑම්ඩබ්ලිව් රථයෙහි බඳේ වදිනු ගඩාෆි දුටුවේ සිහිනෙන් මෙනි. ඊළඟ තත්පරයේ දී බීඑම් ඩබ්ලිව් රථය පාලමේ ඇන්දද කඩාගෙන ගඟට වැටිණ.

  • -20%
    (0)

    ආසික්ලන්තය

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.

    මා ඔබට කතාවක් පවසමි.

    ඔබ මෙය විශ්වාස නොකරනු ඇත.

    එය විශ්වාස කරන්නැ’යි

    මම බල කරන්නේ ද නැත.

    එහෙත් මෙය කියවන විට

    “ඔබේ මනස හැකිතාක් විවෘත ව

    තබා ගන්නැ’යි”

    පමණක් ඉල්ලා සිටිමින්,

    මම කතාව ආරම්භ කරමි

  • -20%
    (0)

    ඇබ්නුක්ටා – Abnukta

    Original price was: Rs. 950.00.Current price is: Rs. 760.00.

    ‘එහි සිටියේ, රළු සළුවකින් සිරුර වසාගත් කාන්තාවකි.සුළඟ ප්රචණ්ඩ වූ බැවින් අර්ධ නග්න නාරි දේහයේ සළු පිළි සුළගෙහි නටන්නට වූයේ ගොදුරකට පනින්නට සැරසෙන සර්පයින් රොත්තක් සේය.ඔහු ඇය දෙස බැලුවේය.ඇගේ නෙතු ඔහුගේ නෙතු හා ගැටුණ පළවෙනි මොහොතේම විදුලි සැරයක් වැදුනාක් මෙන් හැඟිමකින් ඔහුගේ හිත සලිත වී ගියේය.”

  • -20%
    (0)

    ඇසග හීනය – ESAGA HEENAYA

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.

    පොලීසිය තුළට යන විට තම ජිප් රථය තුළ සිටිය සංජනා අතුරුදහන්වීම රන්තුෂ්ව පුදුමයට පත් කරවන්න හේතුකාරක විය. රන්තුෂ් වහා සංජනා ජිප් රථය තුළ වාඩිවී සිටි පැත්තේ පැති දොර විවෘත කළේය. සංජනාගේ ඇඳුමේ තැවරී තිබූ මඩ මෙන්ම සංජනාගේ ඇගෙන් බේරුණු වතුරෙන් එම අසුන තෙත බරිත වි තිබුණි. එයට අමතරව අසුන මත ලේ බිංදු කිහිපයක්ද විය.

    ” අකලංක මේ බලපන් මචං, මං බොරුවක් නෙවී කියන්නෙ. තාමත් මේ සිට් එක තෙතයි. ලේත් හැලිලා, මඩත් තැවරිලා…”

    ” උඹ බොරු කියන්නෙ නැති බව මම දන්නවනෙ මචං, මෙතන අපි නොදන්න ලොකු සිරියස් කේස් එකක් තියෙනවා…… බණ්ඩාර ටක් ගාලා සර්ච් ටිම් එකක් දාලා මේ අවට ඉක්මණටම සර්ච් කරන්න…”

  • -10%
    (0)

    ඇහැළ මලට දම් පාටක්

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 1,080.00.

    “පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.”
    පුස්තකාල උද්යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක
    දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.
    පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.
    “The tree of Paramee…!”
    “මම පාරමී?”
    “ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා
    ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”
    “ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”
    මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත් මම.”
    “කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු
    ඇහැළ ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”
    “ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි.
    අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”
    “ඇයි ඒ?”
    “දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!”

  • -10%
    (0)

    ඈන් ෆ්‍රෑන්ක් දැරියකගේ දිනපොත – Anne Frank Dariyakage Dinapotha

    Original price was: Rs. 1,390.00.Current price is: Rs. 1,251.00.

    විසිවැනි සියවසේ, අතිශයින්ම ශෝක ජනක වූත්, විචිත්ර වූත් දින සටහන් එකතුවක් ලෙස ලෝක ප්රකට ඈන් ෆ්රෑන්ක් ගේ දිනපොත’ මුලින්ම ප්රකාශයට පත් කරන ලද්දේ 1947 දීය. එදා සිට අද දක්වා කාලය තුළ නිකුත් කරනු ලැබූ කෝටි දෙකකට අධික වූ පිටපත් සංඛ්යාවක් ලොව පුරා පාඨකයින් විසින් කියවනු ලැබ ඇත. දහතුන් හැවිරිදි ඈන් ෆ්රෑන්ක් දැරීය සැඟවී සිටිය දී ලියන ලද අතිශයින් සංවේදී වූ මේ දින පොත් සටහන් යුදෙව්වන් හැට ලක්ෂයකට ව ධ හිං සා සහ අවසානයේ ම රු කැ ඳවූ දෙ වෙනි ලෝ ක මහා සං ග් රාමයේ බි හිසු ණු අංශය ලොවට මැනවින් කියාපාන සත්ය කතාවකි.

  • -20%
    (0)

    ඉකිගායි – IKIGAI (සතුටින් දිගුකල් ජිවත්වීමේ ජපන් රහස්

    Original price was: Rs. 700.00.Current price is: Rs. 560.00.

    ජපන් භාෂාවෙන් ඉකිගායි’ වශයෙන් හඳුන්වනු ලබන ජිවිතයේ සතුට හා ජීවිතයේ අර්ථය ඔනො මැනවින් වටහා ගෙන ඇත. “ඉකි ” යන්නෙන් ජීවිතය ද “ගයි” යන්නෙන් හේතුකාරණය ද අදහස් කෙරේ. ජීවිතය පවත්වා ගෙන යාමට අවශ්‍ය හේතුකාරණය ඉකිගායි ” යන්නේ අර්ථය වෙයි. ජීවිතය පවත්නේ කුමකටද? ඒ කාරණා සියල්ලක්ම ඊට ඇතුළත් වෙයි. එය ජපන් සංස්කෘතියේ හරය වෙයි. එය ඔවුන්ගේ ජීවන පිළිවෙත

  • -10%
    (0)

    ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට..?

    Original price was: Rs. 450.00.Current price is: Rs. 405.00.

    ප්‍රේමයක් කියන්නේ;

    කටු ඇනෙන තැන්වලම
    නතර වෙන්නැ’යි කියා
    හදවතට බල කරන හැඟීමය

    පටු අඳුරු තනි මගක
    හුදෙකලාවක පවා
    උරහිසක මුදු පහස දැනීමය

    ළඟ නැතද අත නෑර
    හද සෙමෙන් පිරිමදින
    සියුම් උණුසුම් සුසුම් විඳීමය

    නිති දවන තනිකමක

    ගිනියමට ළං ළං ව
    දැවී හළු වී; ඉන්ම නිවීමය

  • -10%
    (0)

    ඉතින් මට සමාවෙන්න – Ithin Mata Samawenna

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 900.00.

    බැරිම හින්දා කවමදාවත්
    ආයෙ ඔබ වෙත හැරෙන්න
    කිසිත් කියන්න බෑ ඉතිං මට,
    “සමා වෙනු මැන! ” ඇරෙන්න
    ජීවිතේ තව බොහෝ දුර ඇති
    අතරමග බෑ මැරෙන්න
    ඔබත් ඔහොමම මගදි හමුවන වංගුවක් ළග හැරෙන්න

  • -10%
    (0)

    උමතු හස්තය – Umatu Hastaya

    Original price was: Rs. 900.00.Current price is: Rs. 810.00.

    ගුවන් අනතුරකින් තුවාල ලබන ජෙරී බර්ටන් සිය නැගණිය සමග ලිස්ටොක් ගම්මානයට පැමිණෙන්නේ ලන්ඩන් නුවර කලබලකාරී බවින් මිදී සාමකාමී පරිසරයක මාස කිහිපයක් විවේකීව ගත කිරීමේ අරමුණෙනි. එහෙත් ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ අනපේක්ෂිත සිදුවීම් මාලාවකට ය. අතිශයින් අප්‍රසන්න නිර්නාමික ලිපි මාලාවක් නිසා ලිස්ටොක් වැසියන්ගේ ජීවිත උඩු යටිකුරු වේ. එහෙත් එය ආරම්භය පමණි. අදිසි හස්තය ජීවිත බිලි ගැනීම අරඹයි.

  • -10%
    (0)

    එත් මං ආදරෙයි – Eth Man Adarei

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 900.00.

    බොහෝ දුර ඈතක සිට බලාගෙන ඉමි ඔබ දෙස පපුව බර වැඩි වෙන කොට ආදරේ දෙමි කවි ලෙස

    බොහෝ දුර ඈතක සිට අසා ඉමි ඔබෙ කට හඬ දෙනෝදාහක් සෙනඟ මැද්දෙත් ඇයි මේ තරම් තනිකම

    බොහෝ දුර ඈතක සිට සිතාගමි ඔබ ළඟ බව නොලැබෙනා බව දන්න හින්දම විමසමි ලැබිය යුතුමද?

  • -10%
    silvabookshop_lk-_Eda_hela_Diwasilvabookshop_lk-_Eda_hela_Diwa
    (0)

    එදා හෙළ දිව – Eda hela Diwa

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 900.00.

    අය බදු – අය කැමි

    ලක්දිව් වැස්සෝ, විරාගත සම්ප්රදාය අනුව වර්ෂයකට තුන් වරක් රජ්ජුරුවන් හට අය බදු දෙති. අලුත් අවුරුදු බද්දය, අභිනව භෝග වර්ගාදිය සඳහා දිය යුතු අලුත් සාල් බද්දය, නොවැම්බර් මාසයේ දේව පූජාදිය සඳහා දිය යුතු ඉල්මහ බද්ද යැයි අවුරුදු පතා ජනතාව විසින් රජ හට දිය යුතු බදු තුනක් ඇත. මෙම ප්රධාන බදු තුන හැරුණු විට යම් අවස්ථාවක දී රජ වාසලට යම් කිසි කුදු මහත් දෙයක් අවශ්ය වුවහොත්: රජුගේ අණ පරිදි ඒ සියල්ල මහජනයා විසින් රජවාසලට සැපයිය යුතු වන්නේය. එසේ ගෙන යා යුතු සුළු අය බදු මුදල් හදලින් සහ වී සහල් ආදී ධාන්යයෙන් සැදුම් ගන්නේ වෙයි.

  • -10%
    (0)

    එළියකන්ද වධ කඳවුර – Aliyakandha Wada Kadhaura

    Original price was: Rs. 850.00.Current price is: Rs. 765.00.
    1990 දී රට හැර දා ගියාට පසු මා නැවත මව් බිමට පැමිණියේ 2001 දී පුරා වසර 10 කට පසුවය. යම් අවිනිශ්චිත හැඟුම් සමුදායක් හදවතේ පොර කද්දී වුව මව්ව්බිමට ගිය වහාම මා යායුතු ගමන් දෙකක් ගැන මට සෑම තත්පරයක දීම සිහි විය. පළමුවැන්න අම්මා නිදන සොහොනට ගොස් මල් මිටක් පුදා දණ ගසා වැඳීමය. දෙවැන්න මා දරුණු ව ධ යට ලක්වූ එළියකන්ද ව ධ කඳවුර ‘ පිහිටි ප්රදේශය දැකබලා ගැනීමය.
    මව් බිමට ගිය දිනට පසුවදාම අම්මාගේ සොහොනට ගිය මම අවසන් වරට ඇයගේ දෙපා වැඳීමටවත් වරම් නොලද අවාසනාවන්ත පුතුට සමාව දෙන්නැයි ඉල්ලා සිටියෙමි. මගේ හොඳ අම්මා, පෙරදී කළාක් මෙන්ම ඇයගේ මුරණ්ඩු, හිතුවක්කාර පුතුට සමාව දෙන්නට ඇත.
    ඉන්පසුව මගේ ඉලක්කය වූයේ එළියකන්ද ව ධ කඳවුර සොයා යාමය. එහෙත් එළියකන්ද ව ධ කඳවුරෙහි මා රඳවා සිටි මුළු කාලයේදීම මගේ දෙනෙත වසා රෙදිකඩක් බැඳ තිබුණෙන් එය පිහිටි ස්ථානය ගැන මම කිසිත් දැන නොසිටියෙමි. දෛවයෝගයකින් මෙන් මට සුදු මල්ලී’ (ආරූඪ නමකි) හමු වූයේ මේ අතරය.
  • -20%
    (0)

    ඔකිගහරා – Okigahara

    Original price was: Rs. 750.00.Current price is: Rs. 600.00.

    .” මම සෙලීනා. සෙලීනා ගෝමස්. එතකොට මිස්ටර්?”
    ” හෙලෝ.. මිස්ටර්..”
    ඔහු සිටියේ වෙනත් කල්පනාවක ය. ඒ නිසා ඇය විමසූ දේ හරි හැටි ඇසුණේ නැත.
    ” අහ් සොරි.. සෙලී, සෙලීනා කිව්වා නේද? සෙලීනා මගෙන් මොකක් හරි ඇහුවද?”
    “මිස්ටර්ගේ නම මොකද්ද ? ” ඇය මුවග රැඳි අඩ සිනහවෙන්ම ප්‍රශ්නය ඇසුවා ය.
    “මම තිසල් හේවගේ. ඉතින් සෙලීනා ඔබව හමු වීම සතුටක්.
    ————————————-
    “මම ඔබට අනතුරු අඟවනවා. එහි ඇතුළු වෙන්න එපා!.” එම අනතුරු ඇඟවීම කුමක් ද?

  • -10%
    (0)

    ඔයයි මමයි තව දෙන්නයි – Oyai mamai thawa dennai

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,170.00.

    මේ වගේ වෙලාවක කෙල්ලෙක්ට ට්‍රයි කරනව නම් මධ්‍යස්ථ බවකින් කෙල්ලගේ හිතේ ලියාපදිංචි වෙන්න ඕනේ. මොකද නැත්නම් කෙල්ල දැන ගන්නවා කොල්ලා එන්නේ පොල් පැළේ කන්න කියලා වැඩිපුර වැරදි කරලා තියෙන්නේ කෙල්ල වුණත් ඒ වැරැද්ද අතිශය සාධාරණ මානුෂික කරුණක් බවට තර්ක ගොඩනගන්න ඕනේ. මේ අතරේ සෙක්ස් වගේ දේවල් ගැන ගොඩක් ගැඹුරින් ඒත් සරල ව ‘මට ඕවා ගාණක් නෑ කියන්න වගේ අදහසුත් එකතු කරගැනීමේ අනිවාර්යයි. තමන්ට ඕනම දෙයක් තේරුම් ගන්න පුළුවන් කැපෑසිටි එකක් තියෙනවා කියලා කෙල්ලගේ හිතට එන්නත් කිරීමත් වැදගත් කවිකාර දඟකාර හිතුවක්කාරකම් ගෑවුණ වචන සාමාන්‍ය වචන දහයකට දෙකක්වත් යොදා ගැනීම අනාගතයට ප්‍රයෝජනවත්