යොවුන් නවකතා

  • -10%
    (0)

    අපූරු ඉස්කොලේ අවසන් වාරේ – Apuru iskole awasan ware

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.

    ගිනි අනතුරු සීනුව නාද කළේ කවුද ? මිරා බෙල් කෝපයෙන් වෙවුලමින් තමන්ගේ පාඩම් නාමරයට ගියාය. කාමරයේ ඇති කුඩා ගිනි උදුන සමීපයේ සිට ඇඟ උණුසුම් කර ගනිමින් සිටින ග්ලැඩිස්ව ඇයට දැක ගත හැකි වූයේ ඒ අවස්ථාවේ දී ය. සම ඈ. අපරාදේ. ඔයාගේ රැස්වීම අතර මග කඩාකප්පල් වුනේ. මීරා බෙල් දුටු විගස ග්ලැඩිස් කීවාය කෝපයෙන් වෙවුලමින් සිටින මිරා බෙල් ගේ හිතට කිසියම් සහනයක් ලබාදිය යුතු යැයි ඇයට සිතෙන්නට ඇත. ඇත්තමයි මිරා බෙල් ඔයා හරිම ලස්සන කථාවක් පැවැත්තුවා’ ග්ලැඩිස්. ගිනි අනතුරු සීනුව නාද කළේ කවුද? ඔයා කවුරු ගැනද සැක කරන්නේ ?’ මීරා බෙල් නිමා නොවන කෝපයෙන් යුතුව ග්ලැඩිස් ගෙන් ඇසුවාය. මේට්‍රන් වරිය විසින් සකස් කරන ලද උණුසුම් කොකෝවා බඳුනක් ද මේසය මත දුම් දමමින් තිබේ. ආ. මේ තියෙන්නේ කොකෝවා නේද ? මට නම් කොකෝවා බොන්න තරම් සීතලක් නෑ. ඒ වුනාට මගේ හිතේ ලොකු තරහක් නම් තියෙනවා බලන්න. මගේ වැදගත් රැස්වීම සම්පුර්ණයෙන්ම කඩා කප්පල් වුනානේ. ඒ වගේ මෝඩ විහිළුවක් කළේ කවුද දන්නේ නෑ

  • -10%
    (0)

    අපූරු ඉස්කෝලේ අපූරු මිතුරිය – Apuru iskole apuru mithuriya

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.

    පාසැලේ කොරිඩෝරය දිගේ සෙමෙන් සෙමින් ඇවිද ආ පැට් හා ඉසබෙල් ඔ’ සුලිවාන් සොයුරියෝ පාසැලේ හතර වැනි වසරේ පංති කාමරයට ඇතුළු වූහග ඔවුන් වටපිට බැලුවේ දරාගත නොහැකි පුදුමයෙනි. ‘ හතරවැනි අවුරුද්ද ගගග දෙවියනි අපි මෙච්චර කාලයක් හිටියා කියලා කොහොම විශ්වාස කරන්නද? එහෙම නේද ඉසබෙල් ? මුලින්ම කථා කලේ පැට්ය. ‘ ඔව්හු මුල්ම අවුරුද්දේ ඉදලා හතර වැනි අවුරුද්ද වෙන කම් මොන තරම් කාලයක් ගියාද ? ග ඒත් සිද්ධ වුන හැම දෙයක්ම මට නම් අද වගේ මතකයි ‘ ඉසබෙල් ද කීවාය. ගොඩාක් කාලෙකට ඉස්සර වෙලා අපි මේ ඉස්කෝලෙට ආපු මුල්ම දවස ඔයාට මතකද? ඒ දවස්වල හැමෝම අපිට කිව්වේ කරදරකාර නිවුන්නු කියලයි. අපි ඒ දවස්වල සෙන්ට් ක්ලෙයාර් ඉස්කෝලෙට ටිකක්වත් කැමැති නෑ. පුළුවන් තරම් ඉක්මනට ගෙදර යන්නයි අපි ඒ දවස්වල හිතාගෙන හිටියේ ‘ පළමු වසරේ සිසුවියන් ලෙස ශාන්ත ක්ලෙයාර් පාසලට පැමිණි මුල්ම දවස් පිළිබඳව නිවුන් සොයුරියන්ට හොඳ හැටි මතකයග මුල් දවස් වල දී

  • -10%
    (0)

    අපූරු ඉස්කෝලේ අපූරු සාදය – Apuru iskole apuru sadaya

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.

    “මම කියන්නේ මේකයි. ” විවේක කාමරයේ දොර විවෘත කරමින් ඇතුළු වුණු මිරා බෙල් ළමයින්ගේ අවධානය බිඳ දමුවා ය. ” ටික වෙලාවකට මට ඔයාලට කරදර කරන්න වෙනවා. ඒකට කමක් නැද්ද? ” ” කමක් නෑ. මොකක්ද වෙලා තියෙන්නේ ? ” මිරා බෙල්ට පිළිතුරු ලැබුණේ බොබිගෙනි. “මේක ග්ලැඩිස් ගැන පුංචි කථාවක්.” මිරාබෙල් දිගු කතාවකට මුල පුරමින් කීවා ය. පෙට්ටි කාමරයේ සිටි ග්ලැඩිස් තනිවම රග පෑ ආකාරය ගැන මිරාබෙල් කියූ විස්තරය ළමුන් අසා සිටියේ පුදුමයෙනි. තමා ග්ලැඩිස්ට උදව් කිරීමට උත්සාහ කළ ද ඈ කෝප වීම නිසා ඒ දේ කිරීමට නොහැකි වූ බව ද මිරාබෙල් තව දුරටත් කියා සිටියා ය.

  • -10%
    (0)

    අපූරු ඉස්කෝලේ අපූරු සොයුරියෝ – Apuru iskole apuru soyuriyo

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.

    “මම හිතන්නේ මේවා රටට ඕනෑ නැති ට ඇති, ඔව්….. මේ පරණ සටහන් ගොඩක් නේ.” ටසේ සිතු ඇලිසන් මේසය උඩ තිබූ කඩදාසි ගොන්න අතට ගත්තා ය. ඉන් පසුව වහ වහා උදුන ළඟට ගිය ඇය කඩදාසි ගොන්න ලිපට ඔබා ගිණි දැල්වුවා ය. ඊටාගේ වේදනාත්මක බෙර්හන් දීම ඇයට ඇසුනේ ඒ වෙලාවේදී යි. ” මං හිතුවා…. මං හිතුවා ඔයා මගේ ප්‍රශ්න පත්‍ර ටික ගනියි කියලා. අනේ දෙවියනි! ඔයා ඒවට ගිනි තිබ්බද? මෝඩ කෙල්ල… ඔයා මගේ ප්‍රංශ සටහන් ටිකට ගිනි තිබබද?” රීටා බෙරිහන් දෙමින් ගිනි උදුන අසලට දුව එද්දි ඇලිසන් බියපත් ව පැත්තකට වූවා ය. ගිනි දළු වෙලෙන කඩදාසි ගොන්න ඉවතට අදින්නට උත්සාහ කළ ද ඒ උත්සාහය සාර්ථක වූයේ නැත. ගිනි දළු වලට තුරුලු වූ ඇගේ වටිනා සටහන් ගොන්න කලු පැහැති අළු ගොඩක් බවට හැරේ තිබුණි.

  • -10%
    (0)

    අපූරු ඉස්කෝලේ අවසන් වාරේ – Apooru Iskole Awasanware

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.

    මෙය ඔබ මෙතෙක් රසවිඳි “අපූරු ඉස්කෝලේ” කතා මාලාවේ අවසන් කතාව යි. st. clare’s නමැති පාසලේ හට ගැනෙන අපූරු සිද්ධීන් පාදක කොට ගනිමින් , ජනප්‍රිය ඉංග්‍රීසි ලේඛිකා Enid Blyton විසින් රචනා කොට, සුදත් රොහාන් විසින් ඔහුට ම ආවේනික අපූරු ශෛලියකින් පරිවර්තනය කරන ලද මේ කතා පෙළ පාඨකයින්ගේ ඉමහත් ආනන්දයට හේතු විය. එහෙයින් මෙවන් වූ තවත් අපූර්ව කතා පෙළක් ඉදිරියේ දී ඔබට තිළිණ කිරීම අපේ අපේක්ෂාවයි.

  • -10%
    (0)

    අපූරු ඉස්කෝලේ ගිම්හාන කාලේ – Apuru iskole gimhana kale

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.

    පාසලට යන්නට පෙරුම් පුරමින්.

    සති හතරක නිවාඩුවක් ” පාස්කු නිවාඩුවේ පළමු උදෑසතම පිබිදුණු පැටි ඔසුලිවාන් ප්‍රීතියෙන් බෙරිහන් දුන්නාය. ඇගේ මුහුණ පුරා විසිරී තිබෙන්නේ ප්‍රිය මනාප හිනා දහරාවකි. ” දෙවියනි………..මොන තරම් අපුරු නිවාඩු කාලයක්ද? හොඳ කාලගුණයක් තිබුණොත් නම් අපිට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්.” ඇගේ නිවුන් සොයුරිය ඉසබෙල් ද නින්දෙන් පිබිදුණේ ඒ වෙලාවේදී ය. ඉසබෙල්ගේ කටහඩ ද ප්‍රීතියෙන් බර වෙලාය. ” ඉස්කෝලේදි සීනුව වැදෙනකොට ඇහැරෙන්න ඕනෑ. හැබැයි ගෙදරදි ඒ කරදරේ නැති එක කොච්චර අපූරුද? මම නම් තව ටිකක් නිදා ගන්නවා.” “අනේ මට නම් තවත් නිදා ගන්න බෑ.” පැට් ඇඳෙන් නැගිටින්නට සුදානම් වෙමින් කීවාය.

  • -10%
    (0)

    අපූරු ඉස්කෝලේ දෙවැනි වාරය – Apuru iskole deweni waraya

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.

    ගිම්හාන නිවාඩුවේ අන්තිම දවස් පියාඹමින් වගේ ගෙවිලා ගියා. පැට් හා ඉසබෙල් ඔසුලිවාන් නැති නම් නිවුන් සොයුරියන්ගේ දවසුත් ඉතාම කාර්ය බහුල වෙලා. අළුත් ඇඳුම් මිලදී ගන්න. ඒවා හැඳ හැඩ බලන්න, ලක්‍රොස් පිති මිලදී ගන්න. ලක්‍රොස් සපත්තු වල ඉරුණු තැන් සකස් කරන්න වගේ කරන්න මොන තරම් දේවල් නම් ඔවුන්ට තියෙනවද? පැටි හා ඉපබෙල් මේ හැම දෙයක් ම කළේ හරිම සතුටින්. “මගේ මැහුම් බෑග් එක කොර? ” අල්මාරියේ තිබූ සියලුම දේවල් අවුස්සමින් සිටි පැට් නොඉවසිල්ලෙන් කෑ ගෑවාය. “නිවාඩුවට ගෙදර එනකොට මම ඒක ගෙදර ගෙනාවා. ඔව්. මට හොඳට මතකයි.” “අනේ………මගේ ලක්‍රොස් සපත්තු වලින් එකයි තියෙන්නේ. අ………….. ඔයා මගේ අනිත් සපත්තුව දැක්ක ද? ” ඉසබෙලුත් වැළපෙන හඬකින් කීවාය. ” ඔව්……. ඔයාගේ සපත්තුව සපත්තු මහන්නා ළඟ තිබිලා ඊයේ උදෙයි ගෙනාවේ. කොහෙද ඔයා ඒක තිබ්බේ.?”

  • -10%
    (0)

    අපූරු ඉස්කෝලේ බිහිසුණු රැයක් – Apuru iskole bihisunu reyak

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.

    එදින රාත්‍රියේ දී සාදි නින්ද ගියේ නැත. සිර්ලෝසුවේ රාත්‍රී දහයයි හතලිස් පහ වඳින තෙප් ඔග්‍රා සිටි ඈ සෙමෙන් සෙමෙන් ඇඳෙන් නැගිට්ටා ය. වටපිටාවේ හිමෙන්නේ හිඳ අඳුරකි. හිදන ශාලාවේ සිටින සියල්ලන් ම තද නිද්දේ ය. ඉක්මන් කොට ගවුමස් හැදනේ යෙදී සෙමින් හෙමින් පඩිපෙළ බැස්සාය. තවත් විනාඩි කිහිපයකින් පසුපස දොර හැරගෙන පාසළේ ගෙවත්තට පිවිසෙන්නට සාදිට හැකි විය. තමාට පිටුපසින් අඳුරු ඡායාවක් ද පැමින බව සාදි දුටුවේ නැත. ඒ කවන්ස් ය. තෙවන්ස් සිතාගෙන සිටියේ තමා ලුහුබඳින්නේ කාලෝ පසු පස බවයි. ඒ ඇවිද යන්නේ සාදී බව ඈ නිකමටවත් සිතුවේ නැත.

    රාත්‍රී දහයයි කාළ වන විට පෲවන්ස් නින්දෙන් පිබිදුණා ය. කාටත් හොරා නිදන ශාළාවෙන් පිට වූ ඈ සාදි පැමිණෙන තෙක් නොඉවසිලිමත්ව බලා සිටියා ය. දැත් වේලාව රාත්‍රී එකොළහයි කාලට පමණ ඇත. උගුරේ කිසියම් වේදනාවක් නිසා ඇලියන් චක්වර ම නින්දෙන් පිබිදුණා ය. හයියෙන් කහින්නට අවශ්‍ය වුව ද එය නොකළ යුත්තකි. එමෙන් ම කැස්සට ගන්නා ලොසින්ජර සාදි ළඟ තිබේ. ඇලිසන්, සාදිගේ ඇඳ අසලට ගියේ ඒ ලොසින්ජරයක් ඉල්ලා ගැනීම සඳහා ය. කළුවරේ හි ඇඳට අත පෙවූ ඇලිසන් සොදි සොයන්නට උත්සාහ කළා ය. පුදුමයකි! කදී නැත. ඇඳ හිස් ය. ඇඳුම් හැදගෙන ඈ පිට ව ගොසිනි. ඇලිසන් දරාගත නොහැකි පුදුමයෙන් ඇඳ මත වාඩි වූවා ය.

  • -10%
    (0)

    අපූරු සොයුරියන්ගේ අපූරු රහස් – Apuru soyuriyange apuru rahas

    Original price was: Rs. 520.00.Current price is: Rs. 468.00.

    ඒ සතිය අවසානයේදී වාරය මැද ලැබෙන විශේෂ නිවාඩුව ශාන්ත ක්ලෙයාර් පාසලේ ළමයින්ට ලැබිණි. තම දරුවන් දක බලා ගැනීම සඳහා බොහෝ දෙමාපියෝ දුම්රියෙන් පාසල කරා පැමිණියහ. තවත් දෙමාපියෝ මෝටර් රථ වලින් පැමිණියහ. මේ විශේෂ නිවාඩු දිනය දෙමාපියන් සමඟ ගත කිරීමට ලැබෙන නිසා පාසලේ ගැහැණු ළමයින්ගේ හිත්වල තිබුණේ ද අසීමිත ප්‍රීතියකි. ඒත් සමහර ගැහැණු ළමුන්ගේ දෙමාපියන් පැමිණෙන්නේ නැත. එවැනි ළමයි තම තමන්ගේ යෙහෙළියන් සමඟ ඈත නගරයක ඇති චිත්‍රපටියක් නැති නම් නාට්‍යයක් නැරඹීම සඳහා ගියහ. පැට් සහ ඉසබෙල්ගේ මව වූ ඔසුලිවාන් මහත්මිය පැමිණ සිටියේ කාරයෙනි. ඇය පැට් සහ ඉසබෙල් ද, ඇලිසන්ද රැගෙන ඈත නගරයක් බලා පිටත් ව යාමට තීරණය කොට තිබිණි. ඇලිසන්ගේ මව නොපැමිණි නිසා ඇයට ද ඒ ගමනට එකතු වන්නට සිදු විය. ජැනට් ඇගේ දෙමාපියන් සමග විනෝද සවාරියක් සඳහා නික්ම ගියේ ප්‍රීතියෙනි. හිලරිත් ඔවුන්ගේ විනෝද ගමන සඳහා එක්කර ගැනීමට ජැනට් අමතක

  • -10%
    (0)

    අපේ කාලයේ වීරයෝ – Ape kalaye weerayo

    Original price was: Rs. 650.00.Current price is: Rs. 585.00.

    යාල වන මැද සවාරිය ” පුතා ඉක්මනට ලෑස්ති වෙන්න. අපි ටිකක් කල් ඇතිව ස්වේෂන් එකට යන්න ඕනෑ ” “හරි… හරි… අප්පච්චි … මම රෙඩි” පියාගේ කටහඬ ඇසුන සුරංග කාමරයේ සිටම උස් හඬින් කෑ ගැසුවේ ය. ඔහුගේ ස්වරයේ අමුතුම උද්දාම ගතියක් රැඳී තිබිණ. ” අප්පේ මෙයාගේ හිතේ තියෙන සන්තෝසෙ ” මුවගට මඳ සිනාවක් නගා ගත් සුරංගගේ මව සේපාලි කීවේ දෑස් පොපියවමිනි. ” සන්තෝස නැද්ද අමම…. මේ වගේ ට්‍රිප් එකක් ගහන්න ලැබුණහම ” ” එක හරි පුතා… ඒත් ඔයා යන ගමන සැහැල්ලුවට ගන්න එපා. අනිත් එක ඔයාගෙ යාලුවා තුෂාර. එයත් ටිකක් දඟ කාරයා… කොයි වෙලාවකවත් ඔය දෙන්නා කැලේ තනියම එහෙම යන්ඩ එපා. අන්න ඒක හොඳට මතක තියා ගන්න ඕනෑ ” “හරි… හරි… අම්මා බය නොවී ඉන්නකො.” “මෙන්න ට්‍රේන් එකේ යනකොට ඔයාලට කන්න සැන්ඩ්විචසුයි.. කට්ලසුයි. ප්ලාස්ක් එකට කෝපි දාලා තියෙනන්වා “

  • -20%
    (0)

    අබිරහස් කඳුවැටිය – Abhirahas Kanduwatiya

    Original price was: Rs. 500.00.Current price is: Rs. 400.00.

    ඒ දප්තිමත් උදෑසනකි. කුඩා ගුවන් තොටුපොළක නවතා තිබූ සුදු පැහැති ගුවන් යානයේ එංජිම මිනිස්සු දෙදෙනෙක් කඩිනමින් පිරික්සමින් සිටියහ. පසෙකට වී එදෙස වුවමනාවෙන් බලා සිටින ළමයින් සිව් දෙනෙකි.
    අප්‍රිකාව බලා ගුවන් ගත වීමට නියමිත තම දෙමාපියන්ට සුබ පැතීම සඳහා මෙම ළමයි ගුවන් තොට වෙත පැමිණ සිටියහ. තාවකාලිකව හෝ තම දෙමාපියන් ගෙන් වෙන් වීමට සිදු වන නිසාදෝ දුක්මුසු මලානික බවක් ඔවුන් වෙතින් දිස් විය. “ ආශ්චර්යවත් ගුවන් ගමන් වික්‍රම ගණනාවක් ම කළ අමිමෙකුයි තාත්තෙකුයි ඉන්න එක නම් සතුටක්. ඒත් ඒ අය ඈත රටකට යන එක නම් සතුටක් නෙවෙයි.” ළමයින් සිව් දෙනාගෙන් එක් අයකු වු මයික් පැවසුවේ ය.
    ” ඒ වුණාට එයාලා ඉක්මනටම ආපසු ඒවි. ඕනෑ නම් තව සතියකින් විතර ආපසු අපට ඒ අය දැක ගන්නට ලැබේවි.” මයික්ගේ නිවුන් සොයුරිය තෝරා පැවසුවාය.
    ” කොහොම වුණත් මට නම් හිතෙනවා ඊට වඩා දිගු කාලයක් ගත වෙයි කියලා.” එවර මයික් පැවසුවේ දොම්නස් සහගත ස්වරයකිනි.

  • -10%
    (0)

    අමරණීයයන්ගේ කුසලානය – Percy jackson and the olympians,the chalice of the gods

    Original price was: Rs. 1,350.00.Current price is: Rs. 1,215.00.

    දීප්තිමත් පැත්ත ගැන කිව්වොත්. එහි පිහිනුම් කණ්ඩායමක් වාගේම ඔලිම්පික් ප්‍රමාණයේ පිහිනුම් තටාකයකුත් තිබෙනවා. (ඇයි කියලා නම් කිසිම අදහසක් නෑ) ඉතිං මගේ සුළු පියා. පෝල් බලොෆිස් හිතුවේ ඒක මට හොඳටම ගැළපෙනවා කියලයි. මම උත්සාහ කරලා බලන බවට ඔහුට පොරොන්දු වුණා. ඒ වාගේම මම මගේ පෙම්වතිය, ඇනබෙත්ටත් පොරොන්දුවක් වුණා. සැලැසුම වුණේ මම නියම වේලාවට සමත්වෙන්න, එතකොට දෙන්නාටම එකට විශ්ව විද්‍යාලයට යන්න පුළුවන්. මට එයාගේ බලාපොරොත්තු සුන් කරන්න අවශ්‍ය නෑ. මං නැතුව ඇය තනිවම කැලිෆෝනියාවට යනවා කියන කාරණයම මාව රැ නින්දෙන් අවදි කරලා තිබ්බා… කලින් පාසලේ රෝහල පවත්වාගෙන ගියා යයි සිතිය හැකි තැනක තිබූ පරිපාලන කාර්යාලය මං හොයාගත්තා. මං ඒක නිගමනය කළේ බිත්තියේ තිබ්බ, උණකට්ටක් කටේ ගහගත්ත දම්පාට දුක්බර පෙනුමක් තිබ්බ ගෙම්බෙකුගේ චිත්‍රයකින්. ”ජැක්සන් මහත්මයා ! එන්න ඇතුළට! ” උපදේශකවරිය මේසය වටෙන් ආවේ මට අතට අත දෙන්න සුදාන මෙන්. එතකොට තමයි එයා තේරුම් ගත්තේ මගේ අත් දෙකේ රාත්තල් හයදායක විතර අච්චු පොත් තිබෙන බව. “අනේ. ඔය ටික ඔය කොහෙන් හරි තියන්න.” ඇය පැවසූ අතර, “කරුණාකරලා, වාඩි වෙන්න.” කීවා. ඇය මට අතින් සන් කරලා පෙන්නුවේ අඩියක් පමණ උස නිල් පාට පුටුවක්. ඒක මට සැහෙන්න පොඩියි. මං ඒකේ වාඩි වුණාම මං ඇයගේ ඩෙස්කුව උඩ තිබ්බ ජොලි රෑචර් බෝතලය ඇස් මට්ටමේ. ” ඉතිං!” උපදේශකවරිය ඇගේ සුවපහසු පෙනුමැති, වැඩිහිටි ප්‍රමාණයේ පුටුවේ ඉඳගෙන මා දිහාට දීප්තිමත් සිනාවක් පෑවා. ඇගේ බෝතල් අඩි කන්නාඩි අස්සෙන් එයාගේ ඇස් දෙක පීනනවා වාගේ පෙන්නුවා. ඇගේ අළු පැහැ හිසකේ පේළි පේළි ලෙස කැරලි කොට තිබුණ ආකාරය මට සිහිපත් කළේ බෙල්ලන් අභිනක්. ” කොහොමද? ඔයා මෙතනට හැඩ ගැසෙමින්ද ඉන්නේ?” 2. වෙළෙඳ සන්නාමයක් සෝඩා බීම, සීනි බෝල, ජෙලි ටොපි වැනි ළමයින් කැමති කැම බීම සන්නාමයක්,

  • -20%
    No thumb
    (0)

    අල්මන්සෝ : පුංචි ගොවියා – FARMER BOY- punchi goviya

    Original price was: Rs. 1,150.00.Current price is: Rs. 920.00.

    විනෝදකාමී වෙලෙක් බඩු වෙළෙන් ප ගොවි පොළට එන දවස්, නගරයේ සල්පිල පැවැත්වෙන දවස්, අප්පට්ටි සමග මාළු බාන්නට යන දවස් අල්මන්සෝට මහත් සතුටක් ගෙන දෙයි. සිය සැමියා වූ අල්මන්සෝ, තමා ජීවත් වූ කුඩා නිවසින් බොහෝ ඈත දුරක, පුංචි ගොවියෙකු ලෙස හැදී වැඩුණු ආකාරය ගැන ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ලියූ මේ කතාව, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පොතු වූ සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ තුන් වැන්නයි.

  • -10%
    (0)

    කස්තුරි සුවද – Kasthuri Suwanda

    Original price was: Rs. 3,500.00.Current price is: Rs. 3,150.00.

    ඒ වෙද්දිත් සමහර ආරාධිත පාසල් වල ගැහැනු ළමයි එහෙම ඇතුළට එන ගමන් හිටියා වගේම ඒ හැමෝගෙම ඇස් නොරෙන් වුණත් ගියේ හිටපු නැටුම් කණ්ඩායමේ අයට. කොහොම හරි කලා උලෙළ පටන් ගත්තා. “මාණි, බහින්න… කඩිමුඩියේ ආවත් තාමත් අර පෙජෙරෝ එක නම් නවත්තපු තැන එහෙමමයි. වාහනේ රියදුරු අසුනේ හිටියේ කළු ඇඳගත්ත රියදුරුවරයෙක්. ඉතින් ආපු කටහඬ ආවේ පිටිපස්සෙන් හොඳ හැඩි දැඩි ඇඟක් තියෙන, මහත්මා පෙනුමට උරුමකම් කිව්ව්ව, වයස පනහකට ළං කරපු නාථ දේව ප්‍රිය කියන්නේ ලංකාවේ නම ගිය තේ අපනයන කර්මාන්තයක හිමිකරුවෙක්. එයාගේ එහා පැත්තේ හිටියේ ඒ පවුලෙ බාලයා. බාලයා කියන නමට හරියටම සාධාරණයක් කරපු කොල්ලෝ තුන් දෙනෙක් ඉන්න පවුලේ අන්තිමයා, රුපි මාණික්‍ය… එයා ඇඳන් හිටියේ තමන් අද මේ භාර වෙන්න යන පිරිමි පාසලේ සම්මත නිල ඇඳුම. ඉතින් තාත්තා බැස්සත් එක්කම මාණික්‍යත් වාහනයෙන් බිමට අඩිය තිබ්බේ හරියට තියන්න ඕන නිසා තිබ්බා වගේ. මෙව්වර වෙලා ආවරණය වෙලා තිබ්බ මුණට ඉර එළිය වැටෙන්න දාගෙන හිටපු කැප් එක ගලවලා එයා වාහනේ ඇතුළට විසි කරලා බෑග් එක තනි අතට එල්ල ගත්තා. සුදු කලිසමයි, සුදු අත් කොට කමිසයයි, ඒකෙම පොකට් එක ගාව කෙළවරේ ඉස්කෝලෙ පාට තුනෙන් හරහට ඉරි ගිය පාසලේ අනන්‍යතාවය. මාණික්‍ය උසින් අඩි පහයි දහයක් වගේ. උසට හරියන මහත, සුදු හම වුණත් අව්වට පිච්චුණ පාට ළාවට තිබ්බා. හිනාවක් නැති මූණ හරිම මුරණ්ඩු පාටයි. කළු කොණ්ඩේ… කළු පාට මුරණ්ඩු ඇස්…

  • -10%
    (0)

    ගඟ අද්දර කැලේ – Ganga addara kale

    Original price was: Rs. 300.00.Current price is: Rs. 270.00.

    සේතන් අයියේ මේ සැරේ පහුරු යන කොට මාවත් කොහොම හරි එක්කන් යන්න ඕනෑ. ගං ඉවුරේ හිඳගත් මම කීවෙමි. එව්ව අපි දන්නේ නැ. අවසර ගන්න ඕනෑ කොරනේලිස් උන්නැහැගෙනුයි සේතන් අයියා ඇල්ඛසියා කඳක ගැටයක් අත් පොරවෙන් සසිමින් කීවේය. සේතන් අයියා කිව්වොත් බාප්පා ඉඩ දෙයි. අපොයි අපොයි මට බෑ. කොරනේලිස් උන්නැහැගෙන් කොහොම වෙතත් හාමිනේගෙන් නම් විසුමක් වෙන්නේ නෑ. ඛාප්පාගේ සහ පුංචි අම්මාගේ රූපකාය එකවර ම මගේ සිතට නැංගේ ය. මා කුඩා කල ම තාත්තාත් අම්මාත් මිය ගිය පසු මා හැදී වැඩුණේ බාප්පා සහ පුංචි අම්මා ළඟ ය. සේතත් අයියාත් ඔහුගේ සහායකයා වන ජයසේකරත් බඳින්නේ බාප්පාට අයිති පහුරු ය. බාප්පා පහුරු බලන්නට එන්නේ ඉඳ හිට දවසක ය. ඔහු කරන්නේ තැන තැන ඇවිද ඉඩම්වල ඇති ගස් මිළ දී ගැනීමයි. ඒ ගස් ගඟට ඇද දුන් පසු පහුරු බැඳ ගෙන කොළඹ ගෙන යන්නේ සේතන් අයියා සහ ජයසේකරය. පහුර කොළඹ තොටළඟට යන වෙලාවට බාප්පා බස් රියකින් නැගී තොටළඟට යයි. කොරනේලිස් උන්නැහැගෙන් කොහොම වෙතත් හාමිනේගෙන් නම් විමසුමක් නැතැ යි සේතන් අයියා කීවේ අපේ පුංචි අම්මාගේ සැරකම සලකාය. ඈ ඕනෑ දේව මෙන් ම එපා

  • -10%
    (0)

    ගල්ගේ කන්ද – Galge kanda

    Original price was: Rs. 400.00.Current price is: Rs. 360.00.

    සුනිල් පාසල කරා එන විට තරමක් ප්‍රමාද විය. ප්‍රියන්තගේ හා සමන්ගේ මේසවල පොත් තිබෙනු දක්නට ලැබුණි. පංතියේ බොහෝ දෙනෙක් ද ඒ වන විට පැමිණ සිටි බව මේස මත තැබූ පොත් වලින් පැහැදිලි විය. එහෙත් කිසිම පිරිමි ළමයකු පංතියේ නොවීය. සුනිල්ගේ සිතට මහත් නොසන්සුන් ගතියක් ඇති විය. ” කෝ ප්‍රියන්ත එහෙම ” ඔහු චමරිගෙන් ඇසුවේ තරමක් කුතුහලයෙනි. අජිත්ලා එක්ක හයියෙන් හයියෙන් කථාවෙලා පංතියෙන් කොහෙටද ගියා.” චමරි කීවේ ද තරමක් වේගයෙනි. සුනිල්ට තමන් සිටින්නේ කොතැනක දැයි අමතක විය. විනාඩි කීපයකින් තාප්පයෙන් පැන්න සුනිල් ගොඩනැගිලි අවට හා පිට්ටනියේ තම මිතුරන් සොයන්නට පටන් ගත්තේ.. ටික වේලාවකින් පංතියේ සියළු දෙනාම එක තැනක සිටින බව දක්නට ලැබුණේ ක්‍රීඩාංගන මායිමට පැමිණීමෙන් පසුවයි. සුනිල් එතනට යන විට පහළොවක් තරම් සිසුන් පිරිසක් වට එකිනෙකා වචන වලින් හරඹ කරමින් සිටිනු දක්නට ලැබුණි.”