-
සදහස[දමරඣ 2] – Sandahasa
Original price was: Rs. 2,200.00.Rs. 1,980.00Current price is: Rs. 1,980.00.බොහෝ මුරුණ්ඩ ‘ වාංශික මිනිසුන් නම් රජුගේ නුගුණ කියමින්, ඔහුට සාප කරමින් සිටි සමයකි මේ. තම වංශය නසා රජ බවට පත් වූ ක්ෂත්‍රිය ග්‍රාමණේය වාංශිකයෝ දැන් මේ දඹදිව වයඹදිග සත්‍ය පුත්‍ර මණ්ඩලය නම් වූ මේ දේශය සෑම තැනකම පැතිර සිටිති. උතුරු දිගින් පැමිණෙන්නා වූ පාර්සිවරුන්ගේ සේනාංකයන්ට මුහුණ දීමට තරම් පුණ්ඩු සේනා ශක්තිමත් නොවුවත්, සිංහල රජුගේ පාර්සි මිත්‍ර සබඳතා නිසා එහි යම් සහනදායක බවක් වෙතැයි මුරුණ්ඩ සහ ග්‍රාමණේය දෙවාංශිකයෝම සිතා සිටියහ. එමෙන්ම යවන දේශයේ මහා අලිසන්දර රාජයාට පවා සිංහල රජු හිතවත්කම් පෑවේය. එබැවිනි ඔහු තම පියාණන්ගෙන් උරුම වූ සින්ධු දේශය හැර දමා මුරුණ්ඩ වාංශික සක්කයින්ගේ මේ දේශය තම අණසකට යටත් කරගත්තේ. අසරුවා කෙමෙන් කෙමෙන් මේ ගමන් ගන්නේ වර්තමානයේ සිංහල රජුගේ මාළිගය වූත්, මීට කලකට ඉහත දී පණ්ඩු නම් සක්ක ගෝත්‍රයේ මුරුණ්ඩ වාංශික රජුට අයත්ව තිබූත් සුවිසල් ප්‍රාසාදය දෙසට දිවෙනා අගනුවර ප්‍රධාන වීදිය වෙතටය. අනෙකුත් පරිවාර වීදි තරමට ජනාකීර්ණ නොවූ මේ වීදියේ වැඩි වශයෙන් ගැවසුණේ රාජකීයයන් සහ සෙබළ ජනයාය. කඩපිල් සහ යාචකාදීන්ගෙන් තොර වූ මෙම මහා විදිය කළු ගලින් බැඳ නිමවා තිබුණේ නිතරම ඒ මේ අතට යනෙනා අශ්ව රථ, අසරුවන් ආදීන්ගේ පහසුව තකාය. මඟ දෙපස වැඩිමනත් පැවතියේද රාජකීයයන්ගේ කිසියම් රාජකාරි කටයුතු සඳහා යොදාගනු ලැබුණා වූ කාර්යාල වර්ගයේ ගොඩනැගිලීම පමණි. දළ පිළි පොරවාගත් අසරුවා රැගත් කාළ වර්ණ අසු මහා වීදියට අවතීර්ණ වූ පසුව ඌට ඒකාකාරි ගමනක යෙදීමට අවසර ලැබිණි. අසරුවා එතෙක් වේලා සිදු කළ ප්‍රවේශම් සහිත අසු හැසිරවීම අවසන් කර ඌට නිදහසේ ඉදිරියට ගමන් කිරීමට ඉඩ ලබා දී තිබිණි. ඒ වෙනුවට ඔහු සිදු කළේ පරීක්ෂාකාරී අන්දමින් වටපිටාවේ වූ ගොඩනැගිලි ආදිය දෙස බැලීමයි.
-
පැණී වළලු 3- Peni walalu 3
Original price was: Rs. 1,950.00.Rs. 1,755.00Current price is: Rs. 1,755.00.විසාල පිට්ටනියේ අග්ගිස්සට වෙන්න පිට්ටනියට මූණ දාලා තියෙන පැවිලියන් එකේ වම් කෙළවරට වෙන්න උඩට නගින්න පඩි හත අටක් තියෙයි. පඩිපෙළ දිගේ උසටත් දිගටත් යකඩ බට ගහල තියෙයි. ටකරං වහලෙන් වැටෙන වතුර වැටෙන නොවැටෙන ගාණට තියෙන මේ බට උඩ පස්සට වෙන්න පස්ස බර කරලා සමබර කරගෙන අපිත් ඉතිං තෙමිච්ච කුකුළො වගේ ඔළුවෙනුත් තෙත බරි වෙච්ච ඇඳුම් වලිනුත් වතුර බේරි බේරි සට සට ගගා වෙවුල වෙවුලා වාඩි වෙලා වැස්ස දිහා බලාගෙන ඉන්නවා. එහෙම බලන් ඉන්න අතරේ එක එක්කෙනාට ඇඟිල්ල දික්කර කර හිනා වෙනවා. ඇයි හිනාවෙන්නෙ කියල කවුරුවත් දන්නෙ නෑ. මහ හයියෙන් හිනා වෙනවා. වැස්ස පෙනේරයකින් පිටි හලනව වගේ සැර කර කර බාල කර කර අහසෙන් වතුර වත් කරනවා. තණකොළ වැහිලා වතුර පිරිල ඒ වතුර වැවක වගේ රැලි නටවනවා. බටේ උඩින් පැනල කොට කලිසම ඇඳන් ඉන්න ගමන්ම උඩට උණ්ඩි කරල වතුර මිරිකපු කරුණාරත්න ටී ෂර්ට් එක ඔළුවෙන් ගලෝල ඒකෙන් වතුර මිරිකලා ආපහු අඳින්නෙ නැතුව ඔළුවෙ බැඳගත්තා. අපි හැමෝම එහෙම කරා. ඊට පස්සේ එයා “අපි සින්දුවක් කියමු. මොකද්ද කියන්නේ. මේක කියමු. මාගේ පැලෙ අඳුර මකන්න… හිතෙනවා මනාලියක් ගෙනෙන්න……’ කියලා එයාම කියලා එයාම සින්දුවකුත් පටන් ගත්තා. අපි හැමෝමත් ඒක කියන්න පටන් ගත්තා. මං ටොෆි කන්න සාක්කුවේ දාගෙන ආපු රුපියලේ කාසිය සාක්කුවට අත දාලා අමාරුවෙන් හොයාගෙන ඒකෙන් අර යකඩ බටේට තල තල සින්දුව කියන්න ගත්තා. යකඩ බටේට කාසි වලින් තලන සද්දෙන් වැස්සෙ සද්දෙත් ටකරං වහපු පැවිලියන් වහලට වතුර වැටෙන සද්දෙත් හින්දා සින්දුව ඇහෙන්නෙ නෑ, ඒ පාර හැමෝම අඩි හප්ප හප්ප යටි ගිරියෙන් අහසට ඇහෙන්න තරම් හයියෙන් සින්දුව කියනවා. මාගේ පැලෙ අඳුර මකන්න හිතෙනවා
-
අමාවක හස – Amawaka hasa
Original price was: Rs. 2,100.00.Rs. 1,680.00Current price is: Rs. 1,680.00.ඉතින් දකින්න ඕන කරපු දේ… මං ඇස් ඇරපු වෙලේඉඳන් හොයපු එකම රූපේ.. පරණ වලව්වේඉස්තෝප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙනහඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදන් ඈතබලන් ඉන්න කවුරුත් කියන පොඩි නිළමේ….මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිතිවෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකටආසාවෙන් හිර වෙලා.“මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්දඔය උණුහුම දැන් ඇත්තටම විඳිනකොට… මං අඬන්නදහිනාවෙන් පවිත්ර?”“ඒ දෙකම එපා”“එහෙනම්?”“මේ විදිහටම ඉන්න පොඩ් නිළමේ” -
ශ්වේත රථ – Shewtha ratha
Original price was: Rs. 1,800.00.Rs. 1,620.00Current price is: Rs. 1,620.00.එහෙනම් පුතා ඇතුළට යන්න. මම එක්ක යන්න එන්නම්… මොකද බැරි…? හොඳ ළමයි ඉගෙන ගන්න ඕනි. “නැ… මට පැණි මුරුක්කු ඕනි… ඊයෙත් අරන් දුන්නේ…? “ඉතිං ඊයෙන් ඉගෙන ගත්තේ…? අම්මා ගේ මුවගට හිනාවක් නැගුණි. මෙහෙම කටකාර පුංචි දඩබ්බරයෙකු ගෙන් අම්මා කෙසේ නම් බේරෙන්නද? අදත් ඔහු පෙර පාසලේ හිඳ ඉගෙනුම ලබනු දැකීමට නම්, මේ අල්ලස ලබා දිය යුතුව ඇත. අයියේ….දෙන්නකෝ ඔය පැණි මුරුක්කුවක්. බේරුමක් නෑ නේ ද? මං ආයෙත් කඩේට පැණි මුරුක්කු ගේන්නෙ නෑ…” “සීයා කියන්නෙ බොරු….සීයා ඒම කරන්නෙ නෑ…. සීයා මට ආදරෙයි නේ…” මුරුක්කුව අතට ගත් පොඩි එකා කීවේ උඩ පනිමින්ය. ඔක් කොමලගේ හුරතලය නිසා තමයි මේ…..
-
දමරඣ – Damarajha
Original price was: Rs. 1,800.00.Rs. 1,620.00Current price is: Rs. 1,620.00.ගලා යන දිය රළක මෙන් උස් පනත් වීම සහිත වූ රටාවකට මුහුදු ලිහිණින් නෞකාවේ කුඹ ගස අන්තයේ ගෑවී නොගෑවී පියඹා ගොඩබිම දෙසින් හමා ආ සුළං ධාරා විඳ දරාගනිමින්, ඒවාට ප්‍රතිරෝධයට දක්වමිනි. ලිහිණින් රංචුවේ පුරෝගාමී ලිහිණියා රටාවේ ඊ හිසක් වන් තුඩ පියඹා ගියෙන් අන් පක්ෂීන්ට තිබුණේ ඌ ලුහුබැඳීම ම පමණකි. හිරු අතාංගගත වීමට හෝරා කීපයක් තිබුණෙන් ලිහිණින් ඇදෙන්නේ උන්ගේ කැදලි කරා විය නොහැක. සයුරු රළ අතරින් ඔබ මොබ හිස් ඔසවා තිබූ ගල් පර නොසැලකිය හැකි තරමේ වූ බැවින් මුහුදෙන් වෙන් වූ කදිම තටාකයක් වන කොටසකින් සුසැදි ගොඩබිම දෙසට ලිහිණින්ගේ පියා සැරිය යොමු වුයේ කුසට තවත් යමක් එකතු කර ගැනීමේ අභිලාෂය පෙරදැරිවය. ඒ ගෝකණ නතිත්ථය යි. ජම්බුද්වීපය ආශ්‍රිත සාගර කලාපයේ නාවුක වෙළහෙළඳාමේ ප්‍රබල කාරියක් ඉටු කරනා ගෝ කණ්නයේ චිරප්‍රසිද්ධ වරාය යි. මුදු ලිහිණින් රෑන පියඹා ගොස් දැවමය නෞකා තට්ටුවක් මත ගිමන් හරින්නට වූයේ තව මොහොතකින් වරායෙන් ඉවත දමන අබලි ද්‍රව්‍යයක හෝ ධීවරයන්ගේ අපද්‍රව්‍ය වල ඇති යමක් තම රාත්‍රී භෝජනයට ගෙන, වරාය ඉස්මත්තේ ඇති ගල් පරවල ඇති කැදලිවල සිටිනා තමන්ගේ පැටවුන්ට ද ඉන් කොටසක් රැගෙන යාමේ බලාපොරොත්තු ඇතිවය. සැලකිය යුතු තරමේ විශාල වරායේ නෞකා රාශියක් ගාල් කර තිබුණෙන් එහි පිරි ඇති කරදිය පරිමාව පිළිබඳ ඉහළ ප්‍රදීපාගාරයේ සිට බලනෙකුට සිතාගත නොහැකි ය. අ
-
ඇල්බට්වරුද මනුෂ්‍යයෝය – Albertwaru da manushyoya
Original price was: Rs. 1,950.00.Rs. 1,560.00Current price is: Rs. 1,560.00.ගින්දර සොයාගෙන ගංගා අසබඩ පදිංචි වී ශිෂ්ටාචාර ගොඩනැංවූ ඒ ආදි මාත්‍යාවරුන්ට හා පීතෘවරුන්ට ඩබල් ගැට ඇලපිල්ලක තරම්වත් උපහාරයක් පුදනු වස් තම නාන කාමරයේ සින්ක් එක මත නොනිවෙන ඉටිපන්දමක් දල්වා තැබීමට ඇයට අවශ්‍ය විය. එහෙත් ඒ සඳහා ඉටිපන්දම් රඳ වනයක් භාවිත කිරීම හෝ වැඩේ දී අවසන් වූ ජෑම් බෝතලයක් වැනි යමක් භාවිත කිරීම ඇයට පෙනුණේ රන් පතක් පුදන්නට පොරොන්දු වී කාරිය කෙරුණු පසුව ගෝල්ඩ් ලීෆ් සිගරැට්ටුවක් පුදන්නාක් බඳු සුනඛ කෘත්‍යයක් ලෙසිනි. එමෙන්ම ඒ සින්ක් එක. තමන්ට බැස නෑමට ප්‍රිය උපදවන සින්ක් එකක් විය යුතුය යන්න ඇගේ අවශ්‍යතාවේ අනුල්ලංඝනීය මූලික කොන්දේසියක් විය. ඒ නිසා ක්‍රියාදාම චිත්‍රපටයක වීරයා, දුෂ්ටයන් විසින් පැහැරගනු ලැබූ තම පෙම්වතිය සොයා යන්නා සේ ඉටිපන්දම් රැඳවීම සඳහා වෙනම කොටසක් පෝසිලේනයෙන්ම සැකසූ සින්ක් එකක් සොයා යාම තම ජීවිතයේ පරමාර්ථය කර ගැනීමට කෙට්ටු චුට්ටා අධිෂ්ඨාන කරගත්තාය. මේ සඳහා ඇය ගත් පළමු උත්සාහයේදී නාවල සුප්‍රකට ටයිල් කඩයක සේවිකාවක ඇයගෙන් ඇසුවේ, බාත්ටබ් එකක් සවි කර කැන්ඩ්ල හෝල්ඩරයක් තබා ඉටු කර ගත හැකි ආශාවක් වෙනුවෙන් හොටක් වැනි යමක් සහිත සින්ක් එකක් සොයන්නේ මොන මඟුලකටද යන්නයි.
-
හිරිකඩ – Hirikada
Original price was: Rs. 1,850.00.Rs. 1,480.00Current price is: Rs. 1,480.00.මඳ අඳුර මුසු වූ අරුණෝදය තවමත් අලුත් දවස පිළිගන්නට නොකමැත්තෙන් මෙනි. අතහැර දැමුණු වෙල් යායේ ගෙවුණු රාත්‍රියේ පන් ගස් අතර නිදි සුව විදි කුරුලු බටිත්තෝ නිදි ගැට කඩමින් ඇහැරෙත් දී වෙල් යායේ කෙළවරකට වන්නට පිහිටි දේවිකාගේ කුඩා නිවස වෙල්යාය මත වියන් බැඳි සිහින් මීදුම අතරින් ඡායාවක් මෙන් ඈතට පෙනෙයි. නිවසේ වහලයෙන් පිට වන දුම් රොටු උදෑසන හිස් අහස් කුස සිපගනිත්දී දේවිකා ළිපගිනි අවුළවමින් ළිප අසලටම වී ඒ දෙස බලා බර කල්පනාවකය. උන්දැට උන දේ හොංකවිසියක්වත් මට හිතාගන්න බෑ. හරියට හොරු අරන් ගියා වගේ. ගමේ එකාල මොන තරම් කතන්දර කීවත් මයෙ හිත නම් කියන්නෙම තිස්සට කිසිම ආන්තරාවක් නෑ කියලයි. කවදහරි දවසක තිස්ස මේ වැට කඩුල්ල පැනල ගෙට ගොඩවදිනව කියල මට සහතිකයි. ඒත් එතකන් අපි ජිවත් වෙන්න එපැයි. ඒ හින්දයි හොඳට හිතල අද මේ තීරණය ගත්තෙ..ළිප් ගල් තුනට හිර වී ඇති වතුර කේතලය යහමින් පැසෙත් දී ඒ වගක්වත් නොදත් දේවිකා මොහොතින් කල්පනාවෙන් මිදුණෙ අසල පැදුරේ වකුටු වී නිදා සිටි හිච්චාගේ සිහින් කෙඳිරිල්ලටය. දේවිකා මොහොතින් හිස හරවා බලා උඩු කය වසාලූ මල් වැටුණු චිත්ත රෙද්ද යළි කර වටා දමා ගනිමින් මෙතෙක් හිඳ උන් ළිප අසලින් නැගිට හිච්චා නිදා සිටිනා පැදුර අසලට සමීප වූවාය.
-
අකුරු – Akuru
Original price was: Rs. 1,600.00.Rs. 1,440.00Current price is: Rs. 1,440.00.එයාගේ නම ගිලියන්. ගිලියන් අවුරුදු හතක පොඩි දැරියක්.
මේ දැරිවිට එක තැනක එක විදිහකට ඉන්න බෑ විනාඩි පහක්. අපේ භාෂාවෙන් කිව්වොත් පුදුම ගායක් තියෙන්නේ. ගිලියන් ඉස්කෝලෙ යන්නෙ නිවෙස කිට්ටුව තියන පිළිගත් පාසැලකට. තමන්ගේ පංතියේදිත් හැම විනාඩි හතර පහකටම සැරයක් ගිලියන් තමන්ගේ පුටුවෙන් නැගිටිනවා…. ඉස්සරහට යනවා…. ආපහු එනවා…… ඇඹරෙනවා…. අතපය දික්කරනවා. පංතියේ ගුරුවරිය කොයි තරම් කිව්වත් අහන්නෙ නෑ. මේක පංතියේ හැමෝටම කරදරයක් වෙනවා. ගුරුවරු හැමදාම අවවාද කරනවා…. පහදල දෙනවා… දඬුවම් දෙනවා…. පංතියෙන් එළියට දානවා… දණ ගහල තියෙනවා. කිසි දෙයක් හරි යන්නෙ නැහැ. සමහර ගුරුවරු කරුණාවන්ත වෙනවා වැඩි වැඩියෙන්. තෑගි… චොකලට් වගේ දේවල් දෙනවා… ඒත් කිසි දෙයක් නිවැරදි වෙන බවක් පේන්නෙ නෑ. සමහර අවස්ථාවල පන්තියේ ගුරුවරු මේ දැරිවිව්ව විදුහල්පති ළඟට එක්කන් යනවා……..ගෙදර අම්ම තාත්ත එක්ක කතා බහ කරනවා. මේ හැසිරීම ගැන දැනුම තියන උපදේශකයන් ගෙන්නල උපදෙස් ගන්නවා….. ඒත් විසඳුමක් නෑ. හැම අවස්ථාවකම ගුරුවරු දෙන උපදෙස් ගිලියන් ඔළුව වනල පිළිගත්තත්, ඒ එකක්වත් තේරුම් ගත් බවක් පේන්න නැහැ. ඒ මදිවට මේ පුංචි එකී ගෙදර ගිහාම ගෙදරින් දඬුවම් විඳිනවා….චාරයක් නෑ… එක තැනක ඉන්න බෑ… ගෙදර හැමෝටම මදි පුංචි කමක් කියලා.
-
සිල්වර් ටිප්ස් – Silver tips
Original price was: Rs. 1,600.00.Rs. 1,440.00Current price is: Rs. 1,440.00.රාත්‍රියේ පූර්වභාගයේ වැසි වැටුණේ සෙමිනි. එය මංගල යුවළකට පිංතුර සැමරුමකට කදිම මෘදු වැස්සකි. මනා ආලෝකය පාලනයකින්, විශිෂ්ට ගණයේ පිංතූර නිර්මාණය කර ගත හැකි කුඩා බිඳු සහිත වැස්සකි. මනමාලිය කළඹ අහසට විසි කරනා විට මල් සිඹින දිය බිඳු පවා පැහැදිලිව ඡායා රූගත කළ හැකි වැස්සකි. කොටින් ම මල් වැස්සකි. එහෙත් මධ්‍යම රාත්‍රිය වන විටදී වැසි බිඳු ක්‍රමයෙන් ප්‍රසාරණය වී මල් කළඹකට ඔරොත්තු නොදෙනා තත්වයට පත්වෙමින් තිබිණ. අවට පරිසරයේ නැගී සිටි රූස්ස ගහ කොළට පවා ඒ දෙන රිදුම ඉවසිය නොහැකිව බොහෝ වේලාවක් මුගුරකින් තැළුම් කන්නා සේ වේදනාවෙන්, එහෙත් නොබිණූ මුවින් නිදි වර්ජිතව සිටින්නට හිත හදාගෙන සිටියේය. වරින් වර පිපුරුණු අකුණු, උස්ම තුරු හිස් මත පතිත වී, ගස් බඳ බිහිසුණු විදුලි වෙලීමකට ලක්කොට මුදුන් මුල ඔස්සේ දිය බරිත පොළොව පුපුරවා, කිමිදී, අතුරුදහන් වෙමින් තිබුණේය. හිරි වැටී ගිය තම සිරුර නිරුපද්‍රිතද යන්න රූස්ස ගහ කොළට සොයා බලන්නට උපකාරී වූයේ ක්ෂණයකින් ඇති වී නැති වී යන විදුලි එළියයි. ඔව්… එය මුරු ගසන් වර්ෂාවයි. රාත්‍රියේ පශ්චිම භාගය වන විට පුපුරා හැලුණු අහස, ක්‍රමයෙන් ශාන්ත වෙමින් සිටියේය. අකුණු හඬ ඈතින් ඈතට යමින් නුස් පොකුණු කන්දෙන් එපිට සිට දුර්වල අලෝක ධාරා එල්ල කරමින් සිටියි. හෙණ හඬ ඇසෙන්නේ ඇතින් දුම්රියක් කන්දක් නගින හඬ සිහිගන්වමිනි. පරිසරය සන්සුන් වුවද, නොකඩවා දිය උරා බිව් හෙයින්ද, අවශේෂ කුඩා ඇළ මාර්ග වලින් සහ කාණු වලින් සපැමිණි ජල ධාරාවන් නිසාද කුඩා වැල් ඔයට තම ඉවුරු වල උසත් සිරුරේ පළලත් පාලනය කර ගැනීමට දැඩි සටනක නියුක්ත වන්නට සිදුව තිබිණි. බොහෝ වැසි කාලවලදී ඔය, එවැනි හැලහැප්පීම්වලට මුහුණ දෙයි. එහෙත් ගඟකට කිසි දිනෙක ඉවුරක් කඩා බිඳ දමනවා මිස උස්ව නගාලන්නට නොහැකිය. ගොඩ කර ගන්නවා මිසක පතුල හාරා ගැඹුර වැඩි කර ගැනීමට නොහැකිය. උස්ව නැගුණු ජල කඳ නිසා ගම්මානයේ සියලුම බොක්කු, කුඩා පාලම් සහ ඒ දඬු ගෑවී නොගෑවී යන්නට තරම්
-
නේත්‍රා- Nethra
Original price was: Rs. 1,800.00.Rs. 1,440.00Current price is: Rs. 1,440.00.මං කියන හැම දෙයක්ම විශ්වාස කරන්න – නේත්‍රා. මං මහ පොළොව වගේ ඔයාගේ දුක දරා ගන්නම්. ඔයා දන්නවද? ඔය ඇස් දෙකෙන් ඉහිරෙන්නෙ මල් සුවඳ. ඔහොම බලද්දි මට දැනෙන්නේ තාරකා රංචුවක් නිලි වැස්සට පෙඟිලා මගේ ආත්මය ඇතුළෙ සැරිසරනවා වාගේ. ඔයා අහිංසකයි. සඳ වගේ අහිංසකයි. ඉස්කෝලේ යන කාලේ මට ඔයාව ලැබුණ නම්….. ඒත් මං පිං කරලා නෑ. එහෙම වුණා නම් මං කොළඹ අතෑරලා නුවරට එනවා. ඔයාලගේ ගෙවල් ළඟ තියෙන ඔලිඳ ඇළට පැනලා ඔය සඳ මුණට පැන් ඉහිනවා. දෙණියේ අන්දර දෙවටෙදි නැවතිලා සුදු ගවුමෙ තුත්තිරි ගලවනවා. ඔය පොඩි ටිකිරි පාවල බොරළු ඇනෙන්න නොදී මගේ ඇඟට වාරු කරගන්නවා. ආදරේ හැටි එහෙම තමයි… ඇයි මං විශ්වාස කරන්නෙ නැත්තේ? මගේ පපුව විවර කරන්න පුළුවන් නම්, මං එයාට පෙන්නනවා. ඔයා හින්ද මගේ පපුව ආදරෙන් පිරිලා තියෙන හැටි. එහෙනම් මං දන්නවා, ඔයා මාව සිප ගන්නවා දහස් වතාවක්… ඇයි මට පිස්සෙක් වගේ කියවන්න දිලා බිම බලාගෙන ඉන්නේ…. කියන්න.. එක වතාවක් කියන්න. මං ඔයාට ආදරෙයි විශ්ව කියලා… ඔහු එක දිගටම කියාගෙන යයි. බැහැ මම තරයේ කීවෙමි. මම බෙහෙවින් බිය වීමි. තිගැස්සුණෙමි. ජීවිතයට බලාපොරොත්තු දෙන්නේ කොහොමද? මම හඬා
-
නිදුක්ඛා – nidukka
Original price was: Rs. 1,590.00.Rs. 1,431.00Current price is: Rs. 1,431.00.කොළඹට ඇද හැලෙන්නේ හදිසි වැසි ය. ඉක්මන් වැසි ය. කලබලකාරි වැසි ය. කල්තියා දැනුම් නොදෙන වැසි ය. ගිණිගහන අව්වේ කඩි මුඩියේ කොළඹ පුරා නොයෙක් දේ වල නියැලී ඉන්නා මිනිසුන්ට ඒ කඩිමුඩිය අඩියෙන් දෙකෙන් ඉවර කරවන හදිසියේම ඇද වැටෙන වැහි දියට සාප කරන්නෝ ද ආල කරන්නෝ ද අඩු නැතුව සිටිති. කලිසම් කමීස පිළිවෙළකට ඇඳි යෞවනයෙක් තම අතින් හිස ආවරණය කරගෙ සෙවණක් සොයනායුරු දැකි සදෙව්නාට ඉබේම සිනහවක් පහළ විය. සිනහවත් සමඟින්ම පිස්සෙක් කියා ද සිතුනි. නමුත් ඇයගේ සිනහවත් සිතුවිල්ලත් වියැකී යන්නට ගත වූයේ බෙරේ වැවට ඉහළ අහසේ ඇඳී මැකී ගිය අකුණු රේඛාවකටත් වඩා සැනෙකිනි. ඈ වෙත කොතැන සිට කී දෙනෙකුගේ ඇස් බැල්මන් යා වී ඇද්දැයි ඇය නොදත්තාය. හුස්මක් ගෙන තත්ත්පර තුනක් පමණ ළය මත නවත්වා ගෙන සිටි ඈ හුස්ම හඬක් පිට නොවන්නට සෙමින් පිට කළාය. සුඛෝපභෝගි සීතල නුවර – කොළඹ බස් රථයේ ටින්ටඩ් වීදුරුවකින් පිටත බලා උන් සදෙව්නා එක් දිනකටවත් මේ කලබලකාරී වටපිටාවෙන් මිදී යන්නට ලැබුණු සතුට සැහැල්ලුවක් කොට ගෙන අත්විඳ ගන්නටත් පැකිළුණාය.
-
මාගම් සෝලිය – Magam soliya
Original price was: Rs. 1,650.00.Rs. 1,402.00Current price is: Rs. 1,402.00.සැන්දෑ හිරු එළියෙන් පෑළ දිග අහස රක්ත වර්ණ වෙමින් තිබුණු ඒ සන්ධ්‍යා යාමයේ ඇබිත්ත කොලුවා ඇහිපිය නොහෙළා බලා සිටියේ ලොකු හාමුදුරුවන් දිහාය. හවසට හොඳ ආසන දෙකක් හරිගැස්සුවොත් හොඳයි…. මගේ ඇඳ ළඟ. උන්වහන්සේ මේ විධානය ඇබිත්ත කොලුවාට කර තිබුණේ එදා ඉරිදා උදයේ දෙමට කුරකින් දත් පිරිසිදු කරන ගමන්ය. ඌව වෙල්ලස්සේ කැළෑබදට වෙන්න ඇති මේ ගම් මණ්ඩියට තියෙන එකම පන්සල මේකය. ලොකු හාමුදුරුවන්ම ඇබිත්ත කොලුවාට කියා ඇති විදිහට මේ ආරාමය ශත වර්ෂ ගණනාවක් පැරණිය. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලයේ තිස්ස කුමරා මේ අඩවියට සැපත් වූ අවධියේ මේ ආරාමය පිළිසකර කරනට ඇති බවය, මුඛ පරම්පරාගතව පැමිණි විශ්වාසය වුණේ. ඒත් උන්වහන්සේ මීට දශක හතර පහකට ඉස්සර මෙහාට වඩින විට මෙතැන තිබුණේ පන්සලක් නොවේ. ගරා වැටුණු වරිච්චි බිත්ති කීපයක් සහ ගල් කණු කීපයක් පමණි.
-
සී+ C+
Original price was: Rs. 1,490.00.Rs. 1,341.00Current price is: Rs. 1,341.00.අද හවසට ලෙක්චර්ස් ඉවර වෙලා කලම්බු සිටි සෙන්ටර් යමුද? මට ඇඳුමක් ගන්න? ” දිල් බබළන දෙනෙතින් ප්‍රශ්න දෙකක් යොමු කළා. ” ඒ පාර මොකාටද එන්න හදන්නේ?” පිළිතුර විදියටත් මටත් තිබුණේ නාහා ඉන්න බැරි ප්‍රශ්නයක්. ඇගේ මුහුණේ දීප්තිය මොහොතකට අතුරුදහන් වී යළි දැල්වුණා. දිල්ට සුපිරිසාප්පු සංකීර්ණ ඇල්ජික්. මාක්ස් ආගම අබිං කිව්වේ කෙසේද, එලෙසම දිල්ට ඉහළ පන්තියේ අරුමෝසම් සාප්පු සවාරි අරහං. කොළඹ පැමිණි පසු ඇය විශ්ව විද්‍යාලයට අයත් කොළඹ හතේ ශිෂ්‍ය නේවාසිකාගාරයක නවාතැන් ගත් මුත්, ඇඳුම් ගත්තේ මහරගම පමුණුවේ තොග රෙදි මධ්‍යස්ථාන වලින්. අන්තිමට බොම්බෙ ස්වීට් කඩේකින් ෆලූඩා දෙකක් බොන්න සල්ලිත් ඉතිරි කරගන්නවා. අනතුරුව මහරගම මංගල මාවතේ පිහිටි අපගේ නිවසට දෙන්නත් එක්ක පයින්ම යනවා. ටුක් ටුක් එකක යෑම සඳහා මගේ මුදල් පවා වියදම් කිරීම පාප කර්මයක් කියලයි ඈ හිතු වේ. මුදල් යහමින් අතේ තිබුණොත් දිල් මා සමග බම්බලපිටියේ හවුස් ඔෆ් ෆැෂන් රෙදි සාප්පුවට ගාටනවා. එදාට ඈ ගාව මුදල් ඉතිරි නොවුණොත් මං ගානේ අරන් දෙනවා කෙටි කෑමක්. හැබැයි ඒකට දිග කතාවක් අහගන්න වෙනවා. ” අයියෝ ෆැබ් කඩේ හරි ගණන්. අපිට පෙරේරා ගාවට යන්න තිබුණේ ” ඈ කණගාටු වෙනවා.
-
තේ තවම උනුසුම් – Tea tawama unusum
Original price was: Rs. 1,600.00.Rs. 1,280.00Current price is: Rs. 1,280.00.භාර දේශයේ දකුණු කෙළවර පිහිටි තමිල්නාඩු ප්‍රාන්තයේ එක් කුඩා ගමක්, දීර්ඝ කාලීන නියඟයෙන් පීඩා විඳිමින්, වියළී ගිය ළපටි ගොයමින් ඊළඟ කන්නයේ වැපිරෙන බිත්තර වියට කාබනික පොහොරක් තැනීමේ නිරතව සිටියාය. ඉබාගාතේ යන දෙන්නු ඒ පිදුරු ලෑටිගාමින්, ගිනිගත් හිරු දෙසට හිස ඔසවා වැසි බිඳක් අයැද සිටියෝය. උසස් යයි සම්මත කුලයක උපදින්නට වාසනාව නොලද ඒ ජනතාව, තමන්ට යයි කියාගන්නා බිම් අඟලක අයිතියක් නොමැතිව, ඉඩම් හිමියාට බදු ගෙවමින්, දුකම අනුභව කරමින් අපාගත ජිවිත ගත කළෝය. කුඹුරු පුරන්ව ගොස්ය. ඒ දෙසින් ඇදී එන ගිනි සුළඟ සෙල්වරාජිනීගේ සියොළඟ රත් කරමින් කැරකෙන්නට විය. ඒ සුළඟට හසුව ඉහළ නගිමින් සුළි කැරකෙන ගිනිගත් දුවිල්ල ඇගේ කන්, නාසා පසාරු කරගෙන මොළය තෙක් දිවෙයි. හිස වැසෙන සේ සාරි පොට සකස් කරගත් ඇය නැගිට ගොමරිටි එකිනෙක ඉස්තෝප්පුවට විසිකරන්නට වුණාය. විසි වී යන ඒ හැම ගොම රිටකම මතු වී, දියාරු වී යන මුහුණක රත් පැහැගත් දෑස ඇය වෙත ගිනි පිඹින්නේ, ඉඩෝරය, ගිනි හුළඟ, ගංවතුර හා තමා සිවු නිවුන් සොහොයුරන්ය යන පණිවුඩය සෙල්විට සිහිකර දෙමින්ය. සෙල්විලා පාගාගෙන, උන් සූරා කමින්, සුන්නද්දූලි කිරීම තම එකම ප්‍රාර්ථනය කරගත් අසත් පුරුෂයෙකි ඔහු. ඔහු නමින් ඉලයරාජ්ය. උපතින් බ්‍රාහ්මණය. ඉඩම් හිමිකරුය.
-
අසමජ්ජාති ආදරය – Asamajjathi adaraya
Original price was: Rs. 1,400.00.Rs. 1,260.00Current price is: Rs. 1,260.00.පිටින් පිටින් ගොම්මන් කළුවර බිම වෙළා ගන්නට මාන බලමින් සිටියි. ගැහැනියක යහන් ගැබක් තුළ පෙරළා ගන්නට යත්න දරනා හැඩි දැඩි පිරිමියෙක් සේ. අර විටෙක ළං වෙමින් ද තවත් විටෙක දුරස් වෙමින් ද මේ නොනිමි අරගලය කරමින් සිටියේ ය. හැඩි දැඩි මිනිසා ස්ත්‍රියක වෙළා ගනිමින් යහන තුළ වතුරුවා මුළුමනින් ම පරාජය කළාක් සේ, මහ මුහුද විසින් අහිංසක ඉර ගිල ගනු ලැබුවේ ය. ඉනික්බිති කල බැගෑනි තත්ත්වය ක්‍රමයෙන් වියැකී ගියේ ය. වෙලාව, නවය හමාර ද පසු වී තිබුණ ද නගරයේ වීථි මතට උස ගොඩනැගිලිවලින් හා වාහන වලින් වැටෙන ආලෝක ධාරා මඟින් සොබා කළුවර යටපත් කරනු ලැබ ඇත. සෙනසුරාදා දවසක් වූයෙන් ද, නවය ද පසු වී තිබුණු හෙයින් ද වෙනදා තරම්වත් කඩිමුඩියක් නොතිබුණ ද සෑහෙන තරම් මිනිසුන් ද ගැහැනුන් ද නැතුවාම නොවේ. ” බස් නැති වුණොත් අපි කොහොම ද යන්නේ?” යි අපේක්ෂා විමසන්නී ය. “කරන්න දෙයක් නෑ. එහෙම වුණොත් එක්කෝ වෙන මොකක් හරි වාහනයක් එනකල් වාත වෙන්න වෙනවා. නැත්තං ඉතිං කොහේ හරි ඉන්න වෙනවා. නලින්දගේ ප්‍රතිචාරය විටෙක අවිනිශ්චිතතාවක් ද තවත් විටක සැකයක් ද පමණක් නොව, වැඩි වශයෙන් ම පෙන්නුම් කළේ, බියකරු බවකි.
-
මැකී ගිය දඩමං Maki giya dadaman
Original price was: Rs. 1,380.00.Rs. 1,242.00Current price is: Rs. 1,242.00.1902 වර්ෂයෙහි මෙම ලංකාද්වීපයෙහි ගල් ගෙවල ජීවත් වුණු පාරම්පරික වැද්දෝ සිටියහ. ලංකාවේ ආදිම මනුෂ්‍යයන්ගෙන් ඉතිරිව සිටි පවුල් භයකට වැඩි නොවන මේ වැද්දෝ නීලා නම් වැදි රාළගේ ආරක්ෂාව හා ආඥාව ද යටතේ විසුවෝ ය. වන දඩයමින් ජිවත් වූ මේ වැද්දෝ ගොවිතැන් කිරීම තබා ඒ පිළිබඳ ආදී ම දළ ක්‍රමය වූ වන බද ගම්වල මිනිසුන් කරන හේන් වැපිරීම පවා යම්තමින් වත් නොදැන සිටියෝ ය. එසේ ම ගම්වැද්දන් යම්තමින් අටවා ගන්නා ගස්පොතුවලින් ආවරණය කෙරෙන ගෙපැලක් තනා ගැනීමට හෝ මොවුහු නොදැන සිටියෝය. මොවුහු දඩයම සඳහා තැනින් තැන ඇවිදිමින් ජීවත් වන්නෝ වූහ. ඔවුන්ගේ ආහාර වනයෙන් ම සොයා ගත්තක් විය. ඔවුන්ගේ ආයුධ වූයේ ඊතල හා දුන්නත්, හදිසි අනතුරකදී අතට ගැනීමට කරේ ගන්නාගෙන හෝ ඉණේ රුවාගෙන යන කුඩා පොරවත් ය. ඔවුන්ගේ ඇඳුම තට්ටම වසා ගැනීමටත් ප්‍රමාණවත් නොවන ඉණේ ඔතාගත් රෙදි කඩක් හා අඹුද්ධයක් ද පමණි. විටට විකීමට ගන්නා දෙමට, ගල් කැරු වැනි පොතු හා හුණු දුම්කොළ දමා ඇති වඳුරු සමින් කළ බුලත්මල්ල ඉණකඩ අතරේ රුවා දවටාගත් මෙවැනි මිනිස්සු තිදෙනෙක් ඔවුන්ගේ බල්ලන් ද කැටුව ඔවුන් කියන හැටියට රඳන්ට දඩයමේ නික්මුණෝ ය. ඔවුහු එදාම ආපසු එද්ද, දෙතුන් දිනක් වනයේ රඳත් ද යනු තීරණය වන්නේ ලැබෙන දඩයම් අනුවය.
-
ප්‍රේමානිශංස – Premanishansa
Original price was: Rs. 1,350.00.Rs. 1,215.00Current price is: Rs. 1,215.00.අවලෝකිතේශ්වර බෝසතුන්ගේ අභය මුද්‍රාවෙන් පෙනී සිටින ලෝකඩ පිළිමය පොත් රාක්කයේ ඉහළ මාලයේ අවකාශයට යම් අරුතක් පුරවමින් එහි හරි මැද වැඩ සිටී. ඒ බරැති පිළිමය යට විභූති පැකට්ටුවකි. ඒ දෙකම දෙවාරයකට ඒවා පවත්නා තැන්හි තැන්පත් කළේ මා නො වේ. ශ්‍යාමිය. ශ්‍යාම් කුමාරස්වාමිය. මවිසින් මගේ කර ගැනීම සඳහා නැවත නාම ගැන්වුණු නිරූය. අවලෝකිතේශ්වර පිළිමය කෞතුක වස්තුවකි. නිරූ මා සමඟ ජීවත්වන තාක් කල් එහි කාල වකවානු නො වීම සන්න යැයි ඈ මට සොඳුරු නියෝගයක් කළාය. එය සිය භක්තිය නම් ප්‍රාණය කැවූ තමා සතු වටිනා ම අජීවී වස්තුව යයි ඇය පැවසූ බව මගේ මතකයේ ගලේ කෙටූ ඉරක් මෙන් රැඳී පවතී. පුරා වස්තු විකුණන කඩයක විකිණෙන්නට නියමිතව වැඩ සිටි උන්වහන්සේ ශත වර්ෂාධික කාලයක් පැරණි බව නම් කිව හැකිය. ඒ වන විටත් නීතියට අනුව පුරා වස්තු රටින් පිටමං කිරීම මිස, පුරා වස්තු මිලදී ගැනීම, විකිණීම හෝ තමා සන්තකයේ තබා ගැනීම ශ්‍රී ලංකාවේ බලපවත්නා නීතියට අනුව වරදක් නොවන බව ඇයත් මමත් දැන සිටියෙමු.
-
ඩුඕ – Duo
Original price was: Rs. 1,350.00.Rs. 1,215.00Current price is: Rs. 1,215.00.බුද්ධිට තිබුණේ නැත්තෙ බුද්ධිය චිතරයි. සද්දෙ ඕසෙට. පෙනුම රියනට, හේ කෙතෙක් බුද්ධිමත්දැයි කියත හොත් තුනේ පංතියේදී කොළුවෙකුට ඔලුව පැලෙන්න තඩි බා, දැනගනින් බජාර් එකේ මගේ නම චුට්ටේ කියා තර්ජනය කළා. එකලත් තරමක වලස් පැටියෙක් තරම් විශාල වුණත් එදා ඉඳන් බුද්ධි හුරතලේට ‘චුට්ටේ’ වුණා. එයා කොච්චර හුරතල් පැටියෙක් වුණා ද කිව්වොත් ඒ නිසාම අනෙක් හුරුබුහුටි ළපටියෝ ඇස් රතු කරගෙනම හිටියේ. මේ බෝල බබා ඔරලෝසුවේ කටුවටත් වඩා වේගයෙන් කැරකී අලි බබෙක් වුණා. නමින් චුට්ටේ වුණාට, චුට්ටෙගේ කිසිම දෙයක් චුට්ටියට තිබුණෙත් නෑ. අවලස්සන තරබාරු ශරීර කුඩුවකට උරුම කියපු චුට්ටෙට තිබුණේ ඔළුවත් කඳත් විතරයි. මේ දෙක සම්බන්ධ කළ බෙල්ලක් නම් පෙනුණේ නෑ. උසින් අඩි හයක් විතර වුණු ඔහු පළල අඩු දොරකින් ඇතුළු වුණේ අමාරුවෙන්. කිසිම ලස්සනක් නොතිබුණු ඔහුගේ මුහුණේ ඇස් දෙක කුඩායි. හීනියි. චුට්ටේ කතා කරන කොට ඌරෙක් වගේ ගෙරෙව්වා. කතා කරලා ඉවර වුණාමත් ඒ ඌරු සද්දේ ආවා. චුට්ටෙගේ අම්ම නම් කිවුවේ කොල්ලට හොඳටම සෙම’ කියල. පොඩි අලි පැටියෙක් ගිලපු තරමට බඩ ගෙඩියක් තිබුණු චුට්ටේ, කවදාවත් රූපවාහිනියෙන් නිතර ප්‍රචාරණය කළ බාල ප්ලාස්ටික් පුටුවල නම් වාඩි වුණේ නෑ. විකල්ප සංකල්ප බවට පත් කර එක උඩ තවෙකක් දමා පුටු ඩබල් කර ඉඳ ගත්තා. පුටු ඩබලත් සමගම හිට ගත්තා. චුට්ටේ පාර දිගේ ඇවිදගෙන එද්දී මිනිස්සුන් වැඩි දෙනෙක් අයින් වෙලා ඉඩ දුන්නා. එක්කෝ බයට.
-
අරාජිකයෙක් ඇවිත් – Arajikayek awith
Original price was: Rs. 1,500.00.Rs. 1,200.00Current price is: Rs. 1,200.00.2022 වර්ෂයේ මාර්තු මාසයේ රසල්ගේ උපන් දිනයට ඔහුගේ මිතුරිය වූ චමරිගෙන් යුවාල් නෝහා හරාරිගේ ‘සේපියන්ස්’ පොත තෑගී ලැබුණ අතර එය ඔහු නොසිතූ අපූරු තෑග්ගක් විය. රසල් තමාගේ ප්‍රියතම විෂය වූ පුරාවිද්‍යාව පොතකටත් වඩා ආශාවෙන් සහ කැමැත්තෙන් සේපියන්ස් වෙත බැඳුණ අතර සේපියස්ද ඔහුව ග්‍රහණයට හසු කරගෙන සිටියේය. මහා පිපිරුමේදී පදාර්ථ, ශක්තිය, කාලය සහ අවකාශය ඇති වීම පිළිබඳ කතාව භෞතික විද්‍යාව ලෙසත්, පරමාණු සහ අණුවල අන්තර් ක්‍රියාකාරිත්වය පිළිබඳ කතාව රසායන විද්‍යාව ලෙසත්, පසුකාලීනව ජීවය ඇති වීම පිළිබඳ කතාව ජීව විද්‍යාව ලෙසත්, එමෙන්ම හෝමෝ සේපියන්ස් ඇති වීමේ දා සිට ගලා ආ මානව සංස්කෘතිමය කතන්දරය ඉතිහාසය ලෙසත් යනුවෙන් පොත ආරම්භයේදීම විවරණයක යෙදෙන යුවාල් නෝහා හරාරි, ක්‍රමිකව පෘථිවියේ රිද්මය තුළ කියවන්නා සමාධිගත කරන අයුරු රසල්ගේ සිත් ගත්තේය.
-
5D මිරකල් – 5D miracle
Original price was: Rs. 1,500.00.Rs. 1,200.00Current price is: Rs. 1,200.00.2015 මැයි 23 වෙනි රාත්‍රිය සුන්දරත්වයේ කඩතිර වලට මුවා වී අසුන්දර ම දේ සිදුවිය හැකි එය වසරේ සුන්දර ම මාසය විය. දීප්තිමත් හිරු රශ්මිය පවා ඉඳ හිට වැටෙන වැහි පොදකින් සෞම්‍යවත් වූ දහවලකින් පසුව උදා වූ රාත්‍රියක් විය. දිනය පුරා පිපී, සුවඳ විහිද වූ වෙසක් මල් ක්‍රමයෙන් නිදි ගන්නා රාත්‍රියක් විය. වෙසක් පොහෝ දිනය පසු වී දින කිහිපයක් ඉකුත්ව තිබුණ ද තවමත් සඳ රැස් බිඳක් පතිත වෙමින් හාත්පස සෙවණැලි මැවී ය, වෙසක් සිරි නරඹන්නට මහ මගට බට ජනයාගේ රිය සක් හඬින් මෙන්ම, කෑකොස්සන් නගන හඬින් ද වරින් වර රාත්‍රියේ නිහඬතාවයට බාධා පැමිණුනෙන් එය නිස්කලංක රාත්‍රියක් ද නොවීය. කලබල මංමාවත් සන්සිඳුණේ රෑ මැදියම ද ආසන්න වෙමින් පැවතියේ දීය. මිනිසුන් විසින් ඇති කරන ලද නානාවිධ ශබ්ද ක්‍රමයෙන් යටපත් ව යද්දී පරිසරය විසින් ඇති කරන ශබ්ද වඩාත් උස් ව ඇසෙන්නට විය. වැටුණු මඳ වැස්සෙන් උදම් වූ නිශාචරයන්ගේ හඬට විටින් විට රෑහි හඬක් ද මුසු විය.
-
හසරැල් ගංගා – Hasarel ganga
Original price was: Rs. 1,500.00.Rs. 1,200.00Current price is: Rs. 1,200.00.ඒත් මගේ කටින් වචන ටික පිට වුණාට පස්සෙ ගංගා මගෙන් අඩු තරමේ ඇයි…?’ කියලාවත් ඇහුවේ නෑ. එතකොට ඊළඟට මම කියන්නෙ මොනවද, කරන්න ඕනෙ මොකක්ද කියලා මට හිතාගන්න බැරුව ගියා. මගේ වචන වලට පස්සේ මුළු ලෝකෙම නිහඬ වුණා වගේ මට දැනුණා. එළියේ හුළං හමන හඬ පවා ගොඩ කාලෙකට පස්සෙ මට ඇහුණා. සමහර විට ආපු කම්පනේට එයා මැරුණද දන්නේ නෑ.. කියලා නිහඬතාවය දරා ගන්න බැරි තැන මම හිතුවා. එතකොට නම් මට බය හිතුණා. ඒත් ඉතින් එහෙම මැරුණා නම් වැටෙන සද්දයක් හරි ඇහෙන්න එපෑ! හිට ගෙනම මැරුණ මිනිස්සු ගැන මම අහලා නෑ. තවත් ටික වෙලාවක් බිමම බලාගෙන හිටි මම එයා දිහා බලන්න හිත හදාගත්තේ එයාගෙන් කිසිම විදිහක ප්‍රතිචාරයක් නැති තැන. එහෙම බලද්දි ඇරලා තියෙන ජනේලයෙන් එපිට දුර ඈත බලන් ඉන්න ගංගාව මට පෙනුණා. ඒ දර්ශනේ චිත්‍රයක් වගේ කියලා මට හිතුණා. ඉස්සරම දවසක. පළවෙනි වතාවට කාසා ඇකඩමියෙදී ගංගා මගේ චිත්‍රයකට වාඩි වෙච්ච මුල්ම වතාවෙත් මට එයාව පෙනුණේ මේ විදිහටමයි. එදත් එයා ජනේලෙකින් එළිය බලාගෙන හිටියා. එදත් එයා ඇඳන් හිටියේ කහ පාට සැටින් නයිටියක්. එදත් එයාගෙ උරහිසේ තියෙන තුවාල කැළැල මගේ ඇස් පහුරු ගෑවා. එදායි මෙදායි අතර අපේ ජීවිත කොච්චර වෙනස් වෙලාද?” කියලා ගංගා දිහා බලාගෙනම මම කල්පනා කරා. කල්පනා කරද්දි මට හිතුණා අතීතයට දුවලා ගිහින් ජීවිතේ පරණ සිද්ධි මකලා දාලා එන්න. ඒත් එහෙම අතීතෙට දුවලා යනවා නම් කොච්චර නම් අතීතෙකට දුවලා යන්නද? (2020 මැයි 15 – සිකුරාදා) රෑ හරිම කළුවරයි. අමාවක වෙන්න ඇති, හඳ පළුවක්වත් අහසේ තිබුණේ නෑ. ඒක නිසාම වෙන කවදටත් වඩා තාරකා හොඳට පෙනුණා.
-
ඔයයි මමයි තව දෙන්නයි – Oyai mamai thawa dennai
Original price was: Rs. 1,300.00.Rs. 1,170.00Current price is: Rs. 1,170.00.මේ වගේ වෙලාවක කෙල්ලෙක්ට ට්‍රයි කරනව නම් මධ්‍යස්ථ බවකින් කෙල්ලගේ හිතේ ලියාපදිංචි වෙන්න ඕනේ. මොකද නැත්නම් කෙල්ල දැන ගන්නවා කොල්ලා එන්නේ පොල් පැළේ කන්න කියලා වැඩිපුර වැරදි කරලා තියෙන්නේ කෙල්ල වුණත් ඒ වැරැද්ද අතිශය සාධාරණ මානුෂික කරුණක් බවට තර්ක ගොඩනගන්න ඕනේ. මේ අතරේ සෙක්ස් වගේ දේවල් ගැන ගොඩක් ගැඹුරින් ඒත් සරල ව ‘මට ඕවා ගාණක් නෑ කියන්න වගේ අදහසුත් එකතු කරගැනීමේ අනිවාර්යයි. තමන්ට ඕනම දෙයක් තේරුම් ගන්න පුළුවන් කැපෑසිටි එකක් තියෙනවා කියලා කෙල්ලගේ හිතට එන්නත් කිරීමත් වැදගත් කවිකාර දඟකාර හිතුවක්කාරකම් ගෑවුණ වචන සාමාන්‍ය වචන දහයකට දෙකක්වත් යොදා ගැනීම අනාගතයට ප්‍රයෝජනවත්
-
විස්කම් යතුරු සහ අකුණු කන්ද – Viskam yathuru saha akunu kanda
Original price was: Rs. 1,250.00.Rs. 1,125.00Current price is: Rs. 1,125.00.සමුද්‍ර දේශයෙන් සහ මිතුරු මිතුරියන්ගෙන් සමුගැනීමේදී සියුම් සංවේගයක් සිතට පාවී ආවද කලකට පසු දෙමව්පියන් සහ සොයුරිය හමුවීමේ සතුට තමාව වෙළාගෙන ඇතැයි සඳරුට සිතිණ. එදින උදෑසනම සිය නිවස කරා පැමිණි සඳරු මව්පියන්ගේ සහ සොයුරියගේ නිම නොවන ප්‍රශ්නාවලියට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටියේය. එහෙයින් සමුද්‍ර දේශයේ ගත කළ අවසන් දින සැඳෑව ඔහු ගත කළේ අද දිනයේ ඔහු ඉදිරියේ දිග හැරෙන ඕස්ට්‍රේලියාව පිළිබඳව සැකසුණු ප්‍රශ්න පත්තරයට දක්ෂ ලෙස පිළිතුරු සැපයීමට හැකි වන සේ සාක්ෂි එක්රැස් කරමිනි. සිධාර්තා සහ තේජන විසින් ගෙනෙන ලද ඕස්ට්‍රේලියානු තෑගි බෝග රාශියක් ඔහුගේ ගමන් මල්ලෙහි වූයේය. එමෙන්ම පරිගණක භාවිතයෙහි විශිෂ්ටතමයා වූ තරු ප්‍රභාගේ උපකාරයෙන් තමාගේ සහ අනෙකුත් මිතුරු මිතුරියන්ගේ ඡායාරූප, ඕස්ට්‍රේලියාවේ ඡායාරූප හා එකතු කර නිර්මාණය කරන ලද අලුත්ම ඡායාරූප පිරි කවරයක්ද ඔහු සතු විය. ඕස්ට්‍රේලියාව පිළිබඳ සොයාගත් තොරතුරු මෙතෙහි කරමින් ඔහු තම නැගණිය වූ සදෙනි සමඟ පිළිසඳර ආරම්භ කළේ ඡායාරූප සහිත කවරය ඇය අත තබන ගමන්ය. ඇය ඒවා එකිනෙක නරඹන අතරතුර පළමු පැනය සඳරු වෙත ඉදිරිපත් කළාය.
-
සුර අසුර යාමය – sura asura yamaya
Original price was: Rs. 1,400.00.Rs. 1,120.00Current price is: Rs. 1,120.00.අහසේ නැඟෙනහිර අන්තයෙන් නැඟි සඳ පාළුවට ගිය හොරණ – කළුතර පාරේ තම දුබල රැස් දහර අතුරා තිබුණේ අතරින් පතරය. පාර දෙසට නැමුණු අතු ඉති සඳ එළියට පාර මුවා කිරීමේ වරද ගැන වගේ වගක් නැතුව ඔහේ බලාගෙන සිටියේය. සිරිතක් ලෙසින් හැමදාම රෑට පාළු පාර සිය නිදි යහන බවට පත් කර ගන්නා වියපත් සුනඛයාටද ඒ ගැන හැඟීමක් තිබුණේ නැත. පාර අඩ අඳුරේ පැවැතීම ඔහුගේ නින්දට ඇප උපකාර කරන සත්කාර සේවාවක් බව මේ සුනඛ තෙමේ දැන සිටියේය. ස්වකීය පරපුරේ චිරාගත සම්ප්‍රදාය අනුව අපේක්ෂිත නිදියහන් සීමාව වටා තෙවරක් පැදකුණු කළ සුනඛයා අනතුරුව පාර මැද වකුටු සෙයියාවෙන් වැතිර ගත්තේය. තනිකම ශීතලය. තනිකමේ ශීතල අද වෙනදාටත් වඩා දැඩිව ඔහුට දැනේ. ඔහු සිත සංකාවෙන් බරය. ඇස අගින් ගිලිහුණු කඳුළු බිඳුවක් ඔහුගේ වියපත් කම්මුල මතින් ගලා හැලුණේය.
-
චක්‍රවර්ති – Chakrawarthi
Original price was: Rs. 1,400.00.Rs. 1,120.00Current price is: Rs. 1,120.00.මඳින් මඳ හැමු සුළං කෝඩයේ දැවටුණු සිහින් හිම කැටිති ජනෙල් වීදුරු වල ගැටෙද්දී නැඟුණු සිරි සිරි හඬ කාමරය පුරා හීන් හඬින් විහිද යමින් තිබූ නන්දා මාලනීගේ මියුරු ගී රාවය යටපත් කරමින් පැතිරෙමින් තිබුණි. ආරතීට ඒ කිසිවක් ඇසුණේ නැත. ඇය සිටියේ පරිගණක තිරයට මුහුණ ඔබාගත් ගමන් මය. ඉරිදා සිතුමිණ හි ශාස්ත්‍රීය අතිරේකයෙහි පිටුවක් පුරා පළව තිබූ ඒ ලිපිය ඒ වන විට තුන් හතර වතාවක් ම නැවත නැවත කියවා තිබූ ඈ කිසියම් ප්‍රබෝධයක්. විස්මයක්, කුතුහලයක් සහ තිගැස්මක් සහිත නොසන්සුන් කමකින් පෙළෙමින් සිටියා ය. පරිගණක තිරයෙන් නැවත නැවත කියවීම අපහසු වූ හෙයින් අන්තර් ජාලයෙන් බාගත කළ ඒ පුවත්පත් පිටුවේ මුද්‍රිත පිටපතත් සිය කුඩා ප්‍රින්ටරයෙන් ලබාගත් ඇය එය කියවමින් ම යාබද ව ඇති පැන්ට්‍රිය වෙත ගොස් යහමින් කිම් දැමූ තවත් කෝපි බඳුනක් සාදා ගත්තාය. අවධාරණ කියවීමක දී කෝපි මඟින් ලැබෙන උත්තේජනය ප්‍රාණවත් ය. එය තොල ගාමින්, ඇවිදිමින්. හිඳ ගනිමින්, නැවත නැවත කියවමින්, ඒ ලිපිය සමඟ තම මතකයන් ගළපමින් ඈ අතීතයේ කිමිදෙන්නට වූවාය. හිමාංකයට ආසන්න උෂ්ණත්වයක වූ ඒ දෙසැම්බරයේ උදෑසන සීතල ද යටපත් කරමින් නැවුම් උණුසුමක් ඇයට දැනෙමින් තිබිණි.
-
මද්දලේනාගෙන් හාදුවක් – Maddelenagen haduwak
Original price was: Rs. 1,400.00.Rs. 1,120.00Current price is: Rs. 1,120.00.ඔන්න ඔහොමයි වුණේ.. 1945 සැප්තැම්බරයේ දිනක. දොස්තර ෆැබියානෝ දොරෙන් ඇතුළු වෙන්න පෙරාතුවෙන් විදුලි සීනු බොත්තම තුන් පාරක් තද කළා. ඉදිරිපස කාමරේ තුබුණ කවිච්චියක වාඩි වෙලා නියපොතු විකන ගමන්, හිස් බැල්මෙන් ඔහේ බලාගත්තු අත බලාගෙන හිටපු කොන්සෙටා ලියෝනිට මේ වෙද්දි බාගෙටත් වඩා ටිකක් වැඩියෙන් පිස්සු. පහු ගිය කාලෙ පුරාවට මූණපාන්න සිද්ධ වෙච්චි දේ එක්ක ඈට ඉහේ කෙස් ගැන ආසාව අත අරින්න වුණා. ඒවා ඔහේ වැටී වැටී නැත්තට ම නැති වෙලා ගියා. මේ කමිසෙ, මගෙ පුතා දැකල අරන් ඇවිත් තිබුණා. දොස්තර මහත්තයා කතාව පටන් ගත්තා. මිනිහ සෙල්ලම් කර කර ඉඳල තියෙන්නෙ ගඟට ඉහළ බෑවුමේ. හරි නම් යන්ඩ සුදුසු නෑ තමයි. ඒත් ඉතිං කොලු වයස නෙ. එතකොට තමයි ඉවුරෙ ගල් දෙකක් අස්සේ මේ කමිසෙ තියෙනව පෙනිලා තියෙන්නෙ.” කමිසේ ඉදිරි පැත්තෙ හරියටම විශාල දතක හැඩේට වියළුණු ලේ පැල්ලමක් තිබුණා. කොලුවා ගෙදර උස්සන් ආපු කමිසෙ දොස්තර මහත්තය කොන් සෙටාට පෙන්නන්න අරන් ඇවිත්. ඈ ඉස්සරහ හිටගත්තු දොස්තර ෆැබියානෝ. කොන් සෙටාට පේන්ඩ කමිසෙ දිග ඇරලා දෙපාරක් විතර ඒ මේ අත හරවලා අල්ලගෙන ඉන්න ගමන් ඉරිච්ච කමිස අතයි. ලේ පැල්ලමයි නූල් දිය වෙච්ච කමිස කරයි පෙන්නුවා. “නෝනා, මට කියන්න. මේක ඔහේගෙ පුතාගෙ නේද?’ ඒ ගමන කොන්සෙටා අත් දෙකෙන්ම කමිසෙ අරන් නාසයට ළං කරල ඉව කළා. කමිසෙ කිහිලි දෙකත් ඉඹලා බැලුවා. “නෑ. කමිසෙ ආපහු දොස්තරට දෙන ගමන් ඈ කිව්වා.
-
කර්ම – Karma
Original price was: Rs. 1,400.00.Rs. 1,120.00Current price is: Rs. 1,120.00.අඹ ගහ පැත්තෙන් ගිරව් රූනක් කියෝ ගන්නවා ඇහුණා. උදේට රැට උන්නෙ කන් කරච්චලේ මහ පුදුමයක් නෙමේ. ඒත් ඉතිං දැන් ඔය කියන උදේවත් රැවත් නෙමේනෙ. මං පැද පැද උන්න ට සර්රෙක පිළිකන්නෙ දාල මිදුලට දිව්වා. අවුරුදු ගාණකින් ගෙඩියක් හැදුන් නැති නාකි අඹ ගහේ තිබ්බ බෙනේක ගිරා පවුලක් උන්නා. පවුලක් කිව්වට පැටවු දෙන්නෙක් රතු හොටවල් එළියට දික්කර කරා ඉන්නවා මං කීප දවසක්ම දැක්කා. අප්පච්චි ලැස්තිය තිවුණෙ නාකි ගහ දරට කපන්න. “බෙනේ ගිරා පැටවු ඉන්නවනේ දැම්ම කපන්න එපා..” අම්මා තමා එහෙම කිව්වේ. මගෙ පොල්පිති ගොනා ඉතර අලි ඔළුවක් තියෙන සුදු කළු වයිරං වැටිච්ච නයෙක් අඹ ගහ දිගේ බඩගානවා. ගිරා රෑන කෑකෝ ගහගෙන වටේට ඉගිළි ඉගිළි ඌට කොටනවා. අපේ ගේ තිබ්බේ වෙල් යායට මුණ දාල. ඔය කබර නයා ඇහැ පේනමානෙ ලියදිවල අව්ව තපිනවා මං අනන්තවත් දැකල තියෙනවා. මෙච්චර කාලෙකට අපි කාටවත් පෙනේ උස්සන තරමෙවත් චණ්ඩිකමක් කරල නෑ. අප්පච්චි කියන්නෙ අඹ ගහ තරමටම ඌටත් දැන් වයසයි කියල. අප්පච්චිත් දැන් මෙතන ඉන්නයි තිබ්බෙ. එහෙනම් බලා ගන්න තිබ්බා නාකියගෙ කෙරුවාව. ඔන්න ඒ ගමන කොහෙද උන්න දෙමළිත්තන් රෑනකුත් ගිරවුන්ට උදව්වට ආවා. කබරයට ඒ පාර නම් ලේසි වෙන්නෑ ඖ. මං හිතුව හරි. එකපාර දෙමළිත්තෙකු ගෙනුයි, ගිරවෙකුගෙනුයි හොටවල් පාර කාපු නාග රාජයා දොහ් ගාල බිමට පත බෑවුණා. “හොඳ වැඩේ උඹට..” මට කියවුණා. අඹ ගහට මෙහායින් නවසි ගහේ බැඳල උන්න කඩියත් හොඳ වැඩේ උඹට කියනවා වගේ දිගටම බුරන්න පටන් ගත්තා. පෙනේ අකුළගත්තු චණ්ඩියා හෙමිහිට ඇළ කණ්ඩිය දිගේ පල්ලම් බැස්සා. ඔය ගියාට මේ පාඩම මතක තියෙන්නෙ ටික වෙලාවයි. මුකුත්ම උනේ නෑ වගේ ලැජ්ජා නැතුව උන්දැ හෙටත් එනවා කියල මංනම් දන්නවා.


















































