-
අමාවක හස – Amawaka hasa
Original price was: Rs. 2,100.00.Rs. 1,680.00Current price is: Rs. 1,680.00.ඉතින් දකින්න ඕන කරපු දේ… මං ඇස් ඇරපු වෙලේඉඳන් හොයපු එකම රූපේ.. පරණ වලව්වේඉස්තෝප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙනහඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදන් ඈතබලන් ඉන්න කවුරුත් කියන පොඩි නිළමේ….මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිතිවෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකටආසාවෙන් හිර වෙලා.“මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්දඔය උණුහුම දැන් ඇත්තටම විඳිනකොට… මං අඬන්නදහිනාවෙන් පවිත්‍ර?”“ඒ දෙකම එපා”“එහෙනම්?”“මේ විදිහටම ඉන්න පොඩ් නිළමේ” -
සිම්පල් සයිමන්
Original price was: Rs. 1,000.00.Rs. 800.00Current price is: Rs. 800.00.ඉපදුනේ හැට දෙකේ. පේරාදෙනියේ වළේ සිංහබාහු බලනකොට මට අටයි. හැත්තෑ එකේ කැරැල්ල ගැන ප්රවෘත්ති අහන්න, අපි අල්ලපු ගෙදර රේඩියෝව ළඟ ඇන තියා ගත්තේ, පන්සලේ බණ මඩුවට ගොඩවෙච්ච සැදැහැවත් පිරිසක් වාගේ. ඒක කටකාර අම්මණ්ඩි කෙනෙක් වාගේ විශාල වෑල්ව් රේඩියෝවක්.
“ වේලාව සවස හයයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්රවෘත්ති…” කියලා ඇහෙන කොටම අපි කට ඉස්සර කරලා නිවේදකයාගේ නම කියනවා. මගේ ප්‍රියතම ප්රවෘත්ති නිවේදකයා වුණේ සිරිල් රාජපක්ෂ මහත්තයා. ඒ කාලේ, අපි නොදන්න නිවේදකයෙක් ගුවන් විදුලියේ හිටියේ නැති ගානයි. අපි ඒ තරමටම ගුවන් විදුලියට සමීපයි. වැඩ සටහන් නිෂ්පාදකයින් අතරින් මගේ සිත් ගත්තේ එච්.එම්. ගුණසේකර, මඩවල එස්. රත්තනායක, අමරදාස ගුණවර්ධන, රවිලාල් විමලධර්ම වාගේ නිවිච්ච වැඩිහිටියෝ.
සෑම අගෝස්තු මාසයකම, පළවෙනි කුඹල් පෙරහැරේ ඉඳලා අවසාන රන්දෝලිය වෙන කල් හැම පෙරහැරක්ම අතනෑර බැලුවා. මගේ මිතුරෝ පෙරහැරේ අලි ගණන් කරද්දි, මං හැකි සෑම බෙර පදයක්ම කටපාඩම් කරගත්තා.
————————————————————————–
සිම්පල් සයිමන්
කතෘ – විෂ්ණු වාසු -
5D මිරකල් – 5D miracle
Original price was: Rs. 1,500.00.Rs. 1,200.00Current price is: Rs. 1,200.00.2015 මැයි 23 වෙනි රාත්‍රිය සුන්දරත්වයේ කඩතිර වලට මුවා වී අසුන්දර ම දේ සිදුවිය හැකි එය වසරේ සුන්දර ම මාසය විය. දීප්තිමත් හිරු රශ්මිය පවා ඉඳ හිට වැටෙන වැහි පොදකින් සෞම්‍යවත් වූ දහවලකින් පසුව උදා වූ රාත්‍රියක් විය. දිනය පුරා පිපී, සුවඳ විහිද වූ වෙසක් මල් ක්‍රමයෙන් නිදි ගන්නා රාත්‍රියක් විය. වෙසක් පොහෝ දිනය පසු වී දින කිහිපයක් ඉකුත්ව තිබුණ ද තවමත් සඳ රැස් බිඳක් පතිත වෙමින් හාත්පස සෙවණැලි මැවී ය, වෙසක් සිරි නරඹන්නට මහ මගට බට ජනයාගේ රිය සක් හඬින් මෙන්ම, කෑකොස්සන් නගන හඬින් ද වරින් වර රාත්‍රියේ නිහඬතාවයට බාධා පැමිණුනෙන් එය නිස්කලංක රාත්‍රියක් ද නොවීය. කලබල මංමාවත් සන්සිඳුණේ රෑ මැදියම ද ආසන්න වෙමින් පැවතියේ දීය. මිනිසුන් විසින් ඇති කරන ලද නානාවිධ ශබ්ද ක්‍රමයෙන් යටපත් ව යද්දී පරිසරය විසින් ඇති කරන ශබ්ද වඩාත් උස් ව ඇසෙන්නට විය. වැටුණු මඳ වැස්සෙන් උදම් වූ නිශාචරයන්ගේ හඬට විටින් විට රෑහි හඬක් ද මුසු විය.
-
සී+ C+
Original price was: Rs. 1,490.00.Rs. 1,341.00Current price is: Rs. 1,341.00.අද හවසට ලෙක්චර්ස් ඉවර වෙලා කලම්බු සිටි සෙන්ටර් යමුද? මට ඇඳුමක් ගන්න? ” දිල් බබළන දෙනෙතින් ප්‍රශ්න දෙකක් යොමු කළා. ” ඒ පාර මොකාටද එන්න හදන්නේ?” පිළිතුර විදියටත් මටත් තිබුණේ නාහා ඉන්න බැරි ප්‍රශ්නයක්. ඇගේ මුහුණේ දීප්තිය මොහොතකට අතුරුදහන් වී යළි දැල්වුණා. දිල්ට සුපිරිසාප්පු සංකීර්ණ ඇල්ජික්. මාක්ස් ආගම අබිං කිව්වේ කෙසේද, එලෙසම දිල්ට ඉහළ පන්තියේ අරුමෝසම් සාප්පු සවාරි අරහං. කොළඹ පැමිණි පසු ඇය විශ්ව විද්‍යාලයට අයත් කොළඹ හතේ ශිෂ්‍ය නේවාසිකාගාරයක නවාතැන් ගත් මුත්, ඇඳුම් ගත්තේ මහරගම පමුණුවේ තොග රෙදි මධ්‍යස්ථාන වලින්. අන්තිමට බොම්බෙ ස්වීට් කඩේකින් ෆලූඩා දෙකක් බොන්න සල්ලිත් ඉතිරි කරගන්නවා. අනතුරුව මහරගම මංගල මාවතේ පිහිටි අපගේ නිවසට දෙන්නත් එක්ක පයින්ම යනවා. ටුක් ටුක් එකක යෑම සඳහා මගේ මුදල් පවා වියදම් කිරීම පාප කර්මයක් කියලයි ඈ හිතු වේ. මුදල් යහමින් අතේ තිබුණොත් දිල් මා සමග බම්බලපිටියේ හවුස් ඔෆ් ෆැෂන් රෙදි සාප්පුවට ගාටනවා. එදාට ඈ ගාව මුදල් ඉතිරි නොවුණොත් මං ගානේ අරන් දෙනවා කෙටි කෑමක්. හැබැයි ඒකට දිග කතාවක් අහගන්න වෙනවා. ” අයියෝ ෆැබ් කඩේ හරි ගණන්. අපිට පෙරේරා ගාවට යන්න තිබුණේ ” ඈ කණගාටු වෙනවා.
-
මාගම් සෝලිය – Magam soliya
Original price was: Rs. 1,650.00.Rs. 1,402.00Current price is: Rs. 1,402.00.සැන්දෑ හිරු එළියෙන් පෑළ දිග අහස රක්ත වර්ණ වෙමින් තිබුණු ඒ සන්ධ්‍යා යාමයේ ඇබිත්ත කොලුවා ඇහිපිය නොහෙළා බලා සිටියේ ලොකු හාමුදුරුවන් දිහාය. හවසට හොඳ ආසන දෙකක් හරිගැස්සුවොත් හොඳයි…. මගේ ඇඳ ළඟ. උන්වහන්සේ මේ විධානය ඇබිත්ත කොලුවාට කර තිබුණේ එදා ඉරිදා උදයේ දෙමට කුරකින් දත් පිරිසිදු කරන ගමන්ය. ඌව වෙල්ලස්සේ කැළෑබදට වෙන්න ඇති මේ ගම් මණ්ඩියට තියෙන එකම පන්සල මේකය. ලොකු හාමුදුරුවන්ම ඇබිත්ත කොලුවාට කියා ඇති විදිහට මේ ආරාමය ශත වර්ෂ ගණනාවක් පැරණිය. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලයේ තිස්ස කුමරා මේ අඩවියට සැපත් වූ අවධියේ මේ ආරාමය පිළිසකර කරනට ඇති බවය, මුඛ පරම්පරාගතව පැමිණි විශ්වාසය වුණේ. ඒත් උන්වහන්සේ මීට දශක හතර පහකට ඉස්සර මෙහාට වඩින විට මෙතැන තිබුණේ පන්සලක් නොවේ. ගරා වැටුණු වරිච්චි බිත්ති කීපයක් සහ ගල් කණු කීපයක් පමණි.
-
කර්ම – Karma
Original price was: Rs. 1,400.00.Rs. 1,120.00Current price is: Rs. 1,120.00.අඹ ගහ පැත්තෙන් ගිරව් රූනක් කියෝ ගන්නවා ඇහුණා. උදේට රැට උන්නෙ කන් කරච්චලේ මහ පුදුමයක් නෙමේ. ඒත් ඉතිං දැන් ඔය කියන උදේවත් රැවත් නෙමේනෙ. මං පැද පැද උන්න ට සර්රෙක පිළිකන්නෙ දාල මිදුලට දිව්වා. අවුරුදු ගාණකින් ගෙඩියක් හැදුන් නැති නාකි අඹ ගහේ තිබ්බ බෙනේක ගිරා පවුලක් උන්නා. පවුලක් කිව්වට පැටවු දෙන්නෙක් රතු හොටවල් එළියට දික්කර කරා ඉන්නවා මං කීප දවසක්ම දැක්කා. අප්පච්චි ලැස්තිය තිවුණෙ නාකි ගහ දරට කපන්න. “බෙනේ ගිරා පැටවු ඉන්නවනේ දැම්ම කපන්න එපා..” අම්මා තමා එහෙම කිව්වේ. මගෙ පොල්පිති ගොනා ඉතර අලි ඔළුවක් තියෙන සුදු කළු වයිරං වැටිච්ච නයෙක් අඹ ගහ දිගේ බඩගානවා. ගිරා රෑන කෑකෝ ගහගෙන වටේට ඉගිළි ඉගිළි ඌට කොටනවා. අපේ ගේ තිබ්බේ වෙල් යායට මුණ දාල. ඔය කබර නයා ඇහැ පේනමානෙ ලියදිවල අව්ව තපිනවා මං අනන්තවත් දැකල තියෙනවා. මෙච්චර කාලෙකට අපි කාටවත් පෙනේ උස්සන තරමෙවත් චණ්ඩිකමක් කරල නෑ. අප්පච්චි කියන්නෙ අඹ ගහ තරමටම ඌටත් දැන් වයසයි කියල. අප්පච්චිත් දැන් මෙතන ඉන්නයි තිබ්බෙ. එහෙනම් බලා ගන්න තිබ්බා නාකියගෙ කෙරුවාව. ඔන්න ඒ ගමන කොහෙද උන්න දෙමළිත්තන් රෑනකුත් ගිරවුන්ට උදව්වට ආවා. කබරයට ඒ පාර නම් ලේසි වෙන්නෑ ඖ. මං හිතුව හරි. එකපාර දෙමළිත්තෙකු ගෙනුයි, ගිරවෙකුගෙනුයි හොටවල් පාර කාපු නාග රාජයා දොහ් ගාල බිමට පත බෑවුණා. “හොඳ වැඩේ උඹට..” මට කියවුණා. අඹ ගහට මෙහායින් නවසි ගහේ බැඳල උන්න කඩියත් හොඳ වැඩේ උඹට කියනවා වගේ දිගටම බුරන්න පටන් ගත්තා. පෙනේ අකුළගත්තු චණ්ඩියා හෙමිහිට ඇළ කණ්ඩිය දිගේ පල්ලම් බැස්සා. ඔය ගියාට මේ පාඩම මතක තියෙන්නෙ ටික වෙලාවයි. මුකුත්ම උනේ නෑ වගේ ලැජ්ජා නැතුව උන්දැ හෙටත් එනවා කියල මංනම් දන්නවා.
-
මගේ ආදර අවනඩුව – Mage aadara awanaduwa
Original price was: Rs. 1,200.00.Rs. 1,080.00Current price is: Rs. 1,080.00.මල්සර දුන්නෙහි හී දෙකකින් සාදන ලද ඔරලෝසු කටුවලින් සමන්විත ප්‍රාකාර හෝරා යන්ත්‍රය සිත් නෙත් සිත් නෙත් සිත් නෙත් හඩ දෙමින් කාලය අතීතයෙන් අනාගතයට අදියි. දෙදුනු රේඛාවන්ගෙන් නිර්මිත සාක්ෂි කුඩු මත මිතුරු සියොත්හු රොද බැඳ සිටිති. එනමුදු අවාසනාව පියපත් අතර රඳවාගෙන සපැමිණි ඔවුන් මෙතැන ගොළුය. පැමිණිලි කුඩුව රෝස මලෙන් ගැවසී ගොස් ය. එහි ඇත්තේ අරුමැසි රූප ඡායාවකි. මා වික්ෂිප්තව සිටගෙන සිටින මේ විත්ති කූඩුව නිමවා ඇත්තේ දහස්වරක් ශෝකය වැයූ වීණාවක තත්වලිනි. මා මුව ද ගොළුව ඇත පෙනෙන්නතෙක් මානයෙහි දිය පොදක් නැත එවැන්නක් කිසිවකුගෙන් නො ඉල්වමි, මක්නිසාදයත් අමපැන් ඉල්ලා හළාහල විෂ ලත් අතීත ජීවිතයක් මට තිබේ. මේ පූර්විකාව තවත් දීර්ඝ කො කරමි කිසිදා නොදුටු නාදුන ඔබ දැන් විනිසුරු අසුනට යා යුතුය. එක් ඉල්ලීමක් පමණක් කරමි. මා නිදොස් කොට නිදහස් නොකරන්න එසේ කළ ද සදාකාලික හෘද සිපිරිගෙයක මා සිර වෙමි මෙතැන් සිට මේ ප්‍රේමණිය උසාවිය ඔබට බාරය.
මේ මගේ ආදර අවනඩුව !

















































