-
(0)
රාවණා මෙහෙයුම 2 – Rawana Meheyuma 2
බැලු බැලු අත කිසිම මනුස්සයෙකු, සිය කිමිදුම් සගයෙකු තියා මාළුවෙකුවත් පෙනෙන්නට නොමැති අඳුරු නීල වර්ණ සමුදුරු අගාධයේ තමන් තනි වූ බව පෙනෙන්නට තිබුයෙන් ඇය දැඩිසේ කම්පනයට පත් විය.
සන්නිවේදකය හරහා උදව් ඉල්ලා කෑ ගැසීමට ඈ හඬ නැඟුව ද මුවින් හඬක් පිට වුයේ නැත. අත පය සීතල වනු ඇයට හැඟුණි. ගතම සෙලවිය නොහැකි සේ ගල් වී ඇත. ත්‍රාසයෙන් අසරණව, අන්ධකාර සමුදුරු අගාධයෙහි තනි වී කරකියා ගත හැකි දෙයක් නොමැතිව, ඉහළ සාගර තලය දෙස ඇය හිස් බැල්මක් යොමු කළාය.
-
(0)
පිටසක්වළින් ආ අද්භූත සත්ත්වයා – Pitasakwalin Aa Adbootha Sathwaya
” මම තව බැටෑලියන් එකක් යැව්ව. ඒ අය කැලේ ඇවිද්දෙ නැහැ උඩින් බැහැල ඉක්මනින් ආපහු ආව. ඒ අය තමයි ඔය මිනී ටික ගෙනාවෙ. ඉන් පස්සෙ මං බුද්ධි ඒකකයෙ 10ක් යැව්වා ඔත්තු බලන්න. දක්ෂම කොල්ලො ටිකක්. ඒ අය ආපහු ආවෙත් නැහැ.”
” කර්නල් අපි තවත් පමා වෙන එක හොඳ නැහැ. මම
දැන්මම පිටත් වෙන්නම්. මට දෙන්න කොල්ලො දෙතුන් දෙනෙකුයි හෙලිකොප්ටරයකුයි. ගෝත්‍රිකයෝ නෙමේ යක්කු වුණත් කුදලාගෙන එන්නම් මම. “Rs. 300.00Rs. 240.00 -
(0)
අපොයියාව
අපේ ප්රහේලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපේ ගෙදරට පිවිසෙනවා වාගේ ය. අක්කා වැනි සිනිඳු වචන කලින් පැමිණෙයි. අපි වැනි දගකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා, කිරි අම්මා වැනි ගැහැනු වචන මග පාරවල්වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි. කෙසේ නමුත් රාත්‍රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.
Rs. 600.00Rs. 480.00 -
(0)By : වජිර කස්තුරි
කොණ්ඩිත්තම්
“සහෝදරයා… මම ඉගෙන ගන්නේ දායක සභාවේ මිනිස්සුන් දුක් විඳල දෙන දානමානවලින්… මට දඩ මුදලක් නෙමෙයි… අඩුම ගානේ නීතිඥ ගාස්තුවවත් ගෙවාගන්න විදිහක් නෑ… අනික මම හිරේ ගියොත්, මගේ පන්සලේ දායක සභාව ආයිත් මාව පන්සලට වද්දගන්න එකකුත් නෑ… මොකද මම විශ්වවිද්‍යාලෙට ආවේ ඉගෙනගෙන ආපහු පන්සලට ගිහින් පින් දහම් කටයුතු කරන්න මිසක විප්ලව කරන්න නෙමෙයි….” බුද්ධ චීවරය දරන හාමුදුරුවන්ගේ කතාව බෙහෙවින් ඍජුය. එහෙත් පක්ෂයේ නියෝජිතයා මාක්ස් ගැනත්, ලෙනින් ගැනත්, චේ ගුවේරා ගැනත් දීර්ඝ දේශනාවක් කරන ලද්දේය. චූදිතයන් සියලු දෙනාම පක්ෂ නියෝජිතයාට ස්වකීය දැඩි විරෝධය ප්‍රකාශ කළද ඔහු එයට මුහුණ දුන්නේ එඩිතර ලෙසිනි. එයට හේතුව සියලු දෙනාගේම නායකයා වූ ජනක නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමයි.
Rs. 575.00Rs. 488.00 -
(0)
මැයි මාර ප්‍රසංගය – Mai Maara Prasangaya
මං අපේ ගමේ ගෙදර ඉස්තෝප්පුවේ බැම්ම උඩ තියාගෙන, සමිධ අයියා සහ ඔබ හිතේ තියාගෙන ගොඩනගපු කතාව ලියාගෙන ගියා. සති ගාණක් තිස්සේ කතාව ලියල ලියලා දවසක් රෑ කෑම කන්න ගෙයින් එළියෙ තිබුණු කුස්සියට ගියා. කුස්සියේ ඉඳගෙන බත් කකා ඉද්දි මිදුල පැත්තෙන් විශාල එළියක් දැක්කා. මං හිතුවා හුළු අත්තක් පත්තු කරගෙන කවුරු හරි ගෙදරට එනවා කියලා. ඒත් හීනෙකින් වගේ යටි හිත දෙබෑ කරගෙන ආපු සැකයක් හින්දා දුවගෙන ආවා බැම්ම ළඟට. වැඩේ හරි හුළඟට ලාම්පුව පෙර ලියපු කොළ ටික උඩට. සේරම පිච්චිලා තිබුණා. මං ඉතින් පහුවදා වෙනකම්ම ඇඬුවා. එතකොට ඉතින් මගෙ වයස දහනවයයිනේ.
Rs. 700.00Rs. 560.00 -
(0)
මෞන – Mauna
කිසි දිනෙක අසා නොතිබූ අමුතු වචන පෙළක් කාව්‍යා එකදිගට මිමිනුවාය. තිමිරද ඉතා කුතුහලයකින් යුතුව ඒ දෙස බලා සිටියේය. තමා මායාකරුවකු නොවේ නම් මේ කරන්නා වූ වංචාවට දඬුවම මරණය බවත් හොඳින් දැනගත් තිමිර, කාව්‍යා කියන්නා වූ සෑම දෙයම අකුරක් නෑරම සිදුකරන්නට වූයේය. එසේ කිරීමට හේතුව වූයේ මේ ප්රශ්නය තමන් ඇති කළ දෙයක් නිසාත් ඇය අද මෙතැන සිටින්නේද තමන් නිසාත් වීම යන හේතු මතය. තමන්ට මියැදෙන්නට සිදු වුවත් අවසන් හුස්ම තෙක් තමන්ගේ කාර්යයට කැපවෙන්නා වූ කාව්‍යාට ආරක්ෂාව සැලසීම ඔහුගේ යුතුකමක් බව ඔහු සිතීය. උරුමයක් පරම්පරාවෙන් ලැබුණද පරම්පරාවේ සියල්ලන්ම මායා කරුවන් වන්නේද නැත. එසේම වර්තමාන පිෆෙක්ස් නායක ක්‍රෙම්ස්ටන්ද මායාකරුවෙකු නොවේ. මරණය වෙත ඇති සම්භාවිතාවය වැඩිය. මේ සියල්ලම තිමිරගේ සිතෙහි රැව් පිලිරැව් දුන්නේය. නමුත් කාව්‍යා කියූ කාරණය එවිට තිමිරට සිහි විය. තමන්ගේ සිත පාලනයට ඉතා වෙහෙසක් දැරූ තිමිර මෞනය බේරාගැනීම යන කාරණය පිළිබඳම සිතමින් බලපාෂාණය මත තම සුරත තබා ගෙනම සිටියේය.
Rs. 650.00Rs. 585.00 -
(0)By : පොසිකා රණසිංහ
ඔකිගහරා – Okigahara
.” මම සෙලීනා. සෙලීනා ගෝමස්. එතකොට මිස්ටර්?”
” හෙලෝ.. මිස්ටර්..”
ඔහු සිටියේ වෙනත් කල්පනාවක ය. ඒ නිසා ඇය විමසූ දේ හරි හැටි ඇසුණේ නැත.
” අහ් සොරි.. සෙලී, සෙලීනා කිව්වා නේද? සෙලීනා මගෙන් මොකක් හරි ඇහුවද?”
“මිස්ටර්ගේ නම මොකද්ද ? ” ඇය මුවග රැඳි අඩ සිනහවෙන්ම ප්රශ්නය ඇසුවා ය.
“මම තිසල් හේවගේ. ඉතින් සෙලීනා ඔබව හමු වීම සතුටක්.
————————————-
“මම ඔබට අනතුරු අඟවනවා. එහි ඇතුළු වෙන්න එපා!.” එම අනතුරු ඇඟවීම කුමක් ද?Rs. 750.00Rs. 600.00 -
(0)
මසායි දූතිකාව – Masai Duthikawa
අප්‍රිකාවේ මහා වනාන්තරයක වෙසෙන, ශිෂ්ට සම්පන්න යයි සම්මත ලෝකයට ප්‍රවිෂ්ට නොවූ ගෝත්‍රික මිනිස් සමූහයක් වෙනුවෙන් වෙහෙසෙන තරුණියක ප්‍රධාන කොට ගනිමින් ලියැවෙන මේ සිදුවීම් දාමය පෙළගැසෙන්නේ, අපේ ඇසට නො පුරුදු පරිසරය පිළිබඳව කතුවරිය අපට දායාද කරන චමත්කාරය ඔස්සේ කියවන්නා විස්මයට පත් කරමිනි. අප්‍රිකානු වනගත පරිසරය, ආගන්තුක චරිත, ස්ථාන හා චරිත හඳුන්වා ඇති නාම, පුදුම සහගත හැසිරීම්, සිරිත් විරිත් පිළිබඳව නිරන්තරයෙන් ස්පර්ශ කරමින් එහිම වෙසෙන අප්‍රිකානු වැසියෙකුට ම මිස, බැහැර කෙනෙකුට නොහැක. නවකතාවක් යනු කතන්දරයක් කියාගෙන යාම වෙනුවට, ඒ කථාන්තරයේ එන චරිත තුළින් මනුෂ්‍යත්වයේ සැගවුණු පෙදෙස්වලට තියුණු ආලෝක ධාරාවක් යොමු කර, ඒ මෙසේ මෙසේ යයි දකින්නට සැලැස්වීමය යන අදහස කතුවරිය සිය නිර්මාණය තුළින් සනාථ කර තිබේ.
Rs. 675.00Rs. 607.50 -
(0)
රෝස පාට හීන
ප්‍රේමය නම් ප්‍රේමයමයි. ඒක නියම්ද? අනියම්ද? කියන දේ අදාළ නෑ. මගේ දැක්ම අනුව මෙහෙම ප්‍රේමෙක පැටලෙන වුන් පව්. ඒකට හේතුව තමයි, හොයන දේ නොලැබීම, සතුට තාවකාලික බව දැන දැනත් දුක දෝතින් තුරුලු කර ගැනීම, ආදර රසයට ඇති වුණ කෑදරකම. ඒ නිසා ඒ අය පැටලෙනව මේ පඹ ගාලෙ. මෙහෙම දාර්ශනික වදන් දෙන අපිත් මේ ආදරයේ වින්දිතයො වෙන්න පුළුවන් කියල අමතක කරන්නත් හොඳ නෑ. ආදරය ඒ තරම්ම භයානකයි. ඒක කොතන, කොහොම, කා සමග ඇති වෙනවාද කියල කල් තියා සැලසුම් කරන්න බැ..
Rs. 750.00Rs. 675.00 -
(0)
භාවාත්ම
විනාඩි කිහිපයක් තුල දෙදෙනාම අතේ තියං හිටපු මල් මාලේ…” දෙවියනේ.. ඒක….. ඒක….. රතු පාට වෙලා….. දෙවියනේ ….. පායල්ට කෑ ගැසුනෙ මහ හඬින්… ඇයට තමන්ව පාලනය කර ගන්නවත් හයියක් තිබුනෙ නැ… සියල්ල දරාගෙන හිටිය පෘථිවිගෙ දෙනෙත් අග කඳුළු කැට බේරුනා.” එහෙම දෙයක් වෙන්න එපා දෙවියනි…” අහිංසකී හඬා වැළපුනා….. පූසාරී තමන්ගෙ යාතිකාව නැවැත්තුවෙ නෑ.. දිගටම කරගෙන ගියා… යාතිකාව අවසන් වෙද්දි එකම එක සුදු මලක් ඉතිරි වෙලා සියලුම මල් රතු පැහැයට හැරිලා තිබුනා… පායල්ගෙ වගේම පෘථිවිගෙ හදවතත් මොහොතකට නතර උනා..Rs. 880.00Rs. 704.00 -
-
(0)
සෙංකොට්ටං
තමාට තිබුණේ බබා හේනයා යැයි නොකියා බබා සිඤ්ඤෝ වැනි නමක් කියන්නට ය. එහෙත් මුසා පැවසීම නොහොබිනා කටයුත්තකැයි ඔහු බුදු බණේ අසා තිබුණේය. ඒ නමුත් නමෙන් බාගයක් හරි ය. එහෙත් නමෙන් අඩක් මුසාවක් බව තමාගේ සිත දනී: දැන දැන මුසාවක් කී විට එය සිතට වදයක් වනු ඇත. ඒ වදකාර සිති වල්ලට වඩා මේ කනගාටුව හොඳ ය. අර ආඩම්බරකාර මිනිසුන් කෙසේ ක්‍රියා කළ ද බුදු හාමුදුරුවන් ඇත්ත විස්තරය දන්නවා ඇත. – ඔහු කල්පනා කළේ ය. එසේ ම අඩු කුලවල මිනිසුන්ට, අඩු කුලවල අසරණ වූ දරුවන්ට බුදු හාමුදුරුවන් ඕනෑ තරම් උදව් පදව් කර තිබේ.
ආතේ. සෙංකොට්ට ඉවරයි නේද?” කුඩා බබා හේනයා ඇසුවේ එකවර යමක් මතක් වීමෙනි.
” කඩ මණ්ඩිය පහු වුණා නේ පැවෝ… පරණ ඒවා ගෙදර ඇති නේ. ඒවා ගමු…”
ඔවුහු යළිත් කරබාගෙන ම රිදීවිට දෙසට ගමන් කරන්නට වූහ.Rs. 900.00Rs. 720.00 -
(0)
මාණික්කාවත
“උඹලගේ පඳුරු ගැනිල්ල අපට නතර කොරන්න බැරි වග උඹල දන්නවා… විසේසෙන් කෙල්ලේ උඹ බලවතියක්.ආසාවල් ඇති වෙනවා තමයි. ඒ් උණාට සිහි කල්පනාවට ගනිං,ගොයම කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලාම ගොයම හොදට පැහෙන කල් ඉන්න ඔ්නි. ඊට පස්සෙං පහු යි පැහුණු ගොයම කපාගන්නේ .ඊට පස්සෙ යි කැපූ ගොයම පාගලා අස්වනු ඒක්කාසු කොරගන්නේ.ඊට කලියෙං කුඹුරට පැනලා දැඟලුවාම මොකෑවෙන්නේ? ආයේ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නේ නෑ… මේකා ඉලන්දාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වෙළේ ඒබිලා අමුඩ ලේන්සුව මිරිකලා ඒ්කෙන් පිහදාගෙන ගෙදර යන්න ඇහැකි.හැබැයි උක්කුං කෙල්ලේ,උඹට ඒ්ක ඒහෙම කොරන්න බෑ…
Rs. 900.00Rs. 720.00 -
(0)By : පොසිකා රණසිංහ
ඇබ්නුක්ටා – Abnukta
‘එහි සිටියේ, රළු සළුවකින් සිරුර වසාගත් කාන්තාවකි.සුළඟ ප්රචණ්ඩ වූ බැවින් අර්ධ නග්න නාරි දේහයේ සළු පිළි සුළගෙහි නටන්නට වූයේ ගොදුරකට පනින්නට සැරසෙන සර්පයින් රොත්තක් සේය.ඔහු ඇය දෙස බැලුවේය.ඇගේ නෙතු ඔහුගේ නෙතු හා ගැටුණ පළවෙනි මොහොතේම විදුලි සැරයක් වැදුනාක් මෙන් හැඟිමකින් ඔහුගේ හිත සලිත වී ගියේය.”
Rs. 950.00Rs. 760.00 -
-
(0)
රාවණා මෙහෙයුම – Rawana Meheyuma
මෙය හුදෙක් ප්‍රබන්ධ කෘතියක් නොව, සත්‍ය තෛිහාසික හා පුරාවිද්‍යාත්මක කරුණු සාධක මත පදනම් වු නිර්මාණාත්මක සාධනය කිරිමකි.සත්‍ය සෑම විටම ප්‍රබන්ධයට වඩා රසවත් වනු නොවනුමානය. හෙළදිව පුරාතන අභිමානය වර්තමාන සිංහල ජනතාව තුළට කාවද්දනු පිණිස,ඉතිහාසයේ වැළලි ගිය සටහන් හාරා අවුස්සමින් කළ ගවේශණවල ප්‍රතිඵලයක් ලෙස මෙම පොත බිහි විය.
Rs. 850.00Rs. 765.00 -
(0)
අවර්ණ වර්ණ – Awarna Warna
” සෙදෝරන් මොකක්වත් මට හංගන ප්‍රශ්නයක්ද?”නහර මතු වී රැළි ගැසුණු සේදෝරන්ගේ දෑත්, සීරුවට තණ පියස්ස මතින් වැඩුණු වල් පැළ අතරින් ගමන් කළේය.“ලස්සනට තියන මේ තණ බිස්ස විනාස කරන මේ වල් ගස් මුලින්ම උගුල්ල නොදැම්මොත් වැස්සට අයෙ දලු දානවා….”සෙදෝරන් වල් පැළෑටියක් වේගයෙන් උගුල්ලා ඉවතට ගත්තෙන් ඔහුගේ මුහුණට පස් කැටිති පවා විසි විය.ජාලිය සෙදෝරන්ගේ ආවේගශීලී හැසිරීම දෙස වික්ෂිප්තව බලා සිටියේ ඔහු කෙරෙන් වෙනසක් පෙන්නුම් කළ නිසාවෙනි.” අම්ම ආවේ නෑ නේද දරුවො සෑහෙන දවසකින්…?”” ඒක තමයි සෙදෝරන්… මම නිදහස් වෙන්ඩ ළඟ හන්ද මල්ලි යන්ඩ එපා කියන්න ඇති. එක අතකට මම නිදහස් වෙනකල් අම්ම මෙහෙ නොඑන එක හොඳයි… අවුරුදු විස්සක් පුරාවට අම්මගෙ මූණෙ තිබුණෙ වේළුණ කඳුළු පාරවල්. ඒව කවදාවත් මැකුණෙ නෑ. බොර පාට යට ගැහුණු ඇස් දිහා මම බලාගෙන හිටියෙ පව්කාරයෙක් වගේ…”ඔවුන් අතර පැතිර ගියේ දැඩි නිහැඬියාවකි. ඉන් පසුව ගත වූ කාලය තුළ ජාලියගේ සිත තුළ සැරිසැරුවේ මවගේ රැලි ගැසුණු කම්මුල්ය. අඳුරු වී ගිලී ගිය බොර පැහැ දෑස්ය. අවපැහැ වූ වතය. ඇය ඇගේ කෙසඟ සිරුරට යන්තමට හුස්ම පිඹිමින්, පුරාRs. 960.00Rs. 768.00 -
(0)
මීෂා
අර්මේනියාවේ වැනර් ප්‍රදේශයේ සිදුවූ අමානුෂික ඝාතන දාමයෙන් සහා එමිලින්ගේ මරණයෙන් පසුව, “ගෝර්” ජීවත් ව සිටි නිවස මුළුමනින්ම ගිනිබත්ව විනාශ වි ගියේය. ගෝහා නම් වූ එම භයංකාර ආත්මය නිවසේ පිටුපස ඇති ඕක් ගසක් මත තනා තිබුණු “අට්ටාලමක්” තම වාසස්ථානය කොට ජීවත් වීමට පටන් ගත්තාය.
ගෝහාගෙන්, නිවුන් සොහොයුරාගේ ජීවීතයට අනතුරක් වේ යැයි සිතූ ඇගේ මිත්තනිය ඇයගෙන් පොරොන්දුවක් ගත්තාය. ”ඇය කිසිම දිනෙක මෙම අට්ටාලය ඇති මායිමෙන් පිටතට නොපැමිණිය යුතුය.” කතාව පටන් ගන්නේ මෙතැන් සිටය. අතිශයින්ම භයංකාර වූත්, ගුප්ත, කුතුහලයෙන් පිරී ගිය මෙම වෘත්තාන්තය අර්මේනීයාවේ සිදුවූ සත්‍ය සිදුවීම් දාමයක් මූලාශ්‍ර කොටගෙන ලියවී ඇත.
මෙය ගෝහාර් පොතේ තවත් කොටසක් නොව “වෙනම” පොතකි.
Rs. 980.00Rs. 784.00 -
(0)
හියුෆන්ට් ප්‍රේමේ
ෂයිලා නැගිට්ටා. නැගිටල පැත්තක තිබ්බ වානේ අඩිකෝදුව අරං එයා ඇඳල හිටිය බ්ලවුස් එකේ පහළ වාටියේ ඉඳන්, බාබර සන්සෝනි සරමෙ ගැටේ දක්වා නිරාවරණය වෙලා තිබ්බ බඩ මැන්නා!
”බලන්න…. බඩ අඟල් 9 යි පෙන්නේ… මගේ උස අඩි පහයි… එතකොට මගේ ඇඟෙන් අඩි හතරයි අඟල් තුනක්ම වැහිල… ප්‍රසන්ටේජ් එකක් හැටියට ගත්තොත්….” ගැනී ළඟ තිබ්බ කැල්කියුටරේට කෙටුව…
”…දළ වශයෙන් මගේ ඇඟෙන් සීයට අසූ හතරක් වැහිල… සීයට දාසයයි ඕපන්…! එතකොට මොකක්ද ප්‍රශ්නෙ?”
”හරි… හරි… ඒක මගෙන් අහන්න එපා… මම කැමතියි ඔයා ඔහොම නෙවෙයි, ඔයිටත් අඩුවෙන් ඇඳං එනවනං…” ෂානා කිව්ව.
”ඌ විතරක් නෙවෙයි.. අපිත් කැමතියි… ” පැත්තක හිටිය යසිරුවා හොම්බ දැම්ම…!
Rs. 1,000.00Rs. 800.00 -
(0)
සිම්පල් සයිමන්
ඉපදුනේ හැට දෙකේ. පේරාදෙනියේ වළේ සිංහබාහු බලනකොට මට අටයි. හැත්තෑ එකේ කැරැල්ල ගැන ප්රවෘත්ති අහන්න, අපි අල්ලපු ගෙදර රේඩියෝව ළඟ ඇන තියා ගත්තේ, පන්සලේ බණ මඩුවට ගොඩවෙච්ච සැදැහැවත් පිරිසක් වාගේ. ඒක කටකාර අම්මණ්ඩි කෙනෙක් වාගේ විශාල වෑල්ව් රේඩියෝවක්.
“ වේලාව සවස හයයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්රවෘත්ති…” කියලා ඇහෙන කොටම අපි කට ඉස්සර කරලා නිවේදකයාගේ නම කියනවා. මගේ ප්‍රියතම ප්රවෘත්ති නිවේදකයා වුණේ සිරිල් රාජපක්ෂ මහත්තයා. ඒ කාලේ, අපි නොදන්න නිවේදකයෙක් ගුවන් විදුලියේ හිටියේ නැති ගානයි. අපි ඒ තරමටම ගුවන් විදුලියට සමීපයි. වැඩ සටහන් නිෂ්පාදකයින් අතරින් මගේ සිත් ගත්තේ එච්.එම්. ගුණසේකර, මඩවල එස්. රත්තනායක, අමරදාස ගුණවර්ධන, රවිලාල් විමලධර්ම වාගේ නිවිච්ච වැඩිහිටියෝ.
සෑම අගෝස්තු මාසයකම, පළවෙනි කුඹල් පෙරහැරේ ඉඳලා අවසාන රන්දෝලිය වෙන කල් හැම පෙරහැරක්ම අතනෑර බැලුවා. මගේ මිතුරෝ පෙරහැරේ අලි ගණන් කරද්දි, මං හැකි සෑම බෙර පදයක්ම කටපාඩම් කරගත්තා.
————————————————————————–
සිම්පල් සයිමන්
කතෘ – විෂ්ණු වාසුRs. 1,000.00Rs. 800.00 -
(0)
හුන්නාකඩවර – Hunnakadawara
ඒරොප්පෙන් ආ සුදු හම ඇත්තෝ සියවස් දෙක තුනක් තිස්සේ අප වනචාරීන් බවත්, මිථ්‍යා දෘෂ්ටිකයන් බවත් කියා දුන් හ. ඒ අනුව අටානූවක් සිතුම් පැතුම් ද නවානූවක් චාරිත්‍ර වාරිත්‍ර ද අපට බෝ කළෝ ය.
දොරකඩ කුල්ල පේ කර එක ගෙයි කෑම ආදි නිදහසේ විවාහයේ රස බැලුවා වූ ගැමියාට තන මඬල නිරාවරණය කරගෙන ජීවත් වීමත්, තට්ටම් පෙනෙන්නට අමුඩය ගසාගෙන අව්වේ වැඩ කිරීමත් ලජ්ජාවක් සේ පෙන්නා දෙන්නට වූ හ.
අනේ! කාලේ වනේ වාසේ!
අපට ම්ලේච්ඡ යැ යි කියූ ඒරොප්පේ ඇත්තෝ දැන් එරමිණියා ගොතාගෙන චිත්ත පරිශුද්ධිය පතා බෝ සෙවණේ හිඳ බවුන් වඩති. මේවායේ අස්කොන්
පීරා ඇත්ත තෝරාබේරා දීම අතිශය දුෂ්කර වටපිටාවක, සියවස් ගණනක් පාගා දැමූ දෙලොව වැඩ සදන දැනුම, ආකල්ප, ඥානය, ‘හුන්නාකඩවරේ’ දී ශකිල අපට සොයා පාදා දෙන්නේ ය. අලියා මතු නො ව අලියා ගේ වලිගයෙන් වැටෙන කෙන්දත් මනා ශක්තිමත් ඔසුවක් ලෙස පැරැණියන් සැලැකූ බව ඔහු වටහා දෙන්නේ ය.වෙද හෙද කම් කර තමන් සුවපත් කරන ‘හුන්නාකඩවරේ’ වෙද මහත්තයාට “අනේ උඹට බුදු බව අත් වේ වා” යි ගැමියෝ ප්‍රාර්ථනා කරති. ජාතික ලෙඩා සුවපත් කරන්නට, වළලා දැමූ ඥානය සොයා පාදා දෙන ශකිලටත්, “අනේ උඹට බුදු බව අත් වේ වා” යි කවර දා හෝ අසන්නට ලැබෙනු ඇත.
මහින්ද ඉලේපෙරුම
Rs. 1,000.00Rs. 800.00 -
(0)
වැහි පීල්ලක අතරමංව – Vehi Pillaka Ataramanwa
අපි හිටියෙ තෙල් පෝලිමක.
බයිසිකලේ පෝලිමේ නතර කරලා, මං හිටියෙ තාප්ප හෙවණැලි මුවාවක. බයිසිකල් පෝලිමේ අපිට ඉස්සරහින් බයිසිකලයක් සක්ක ගහන්න ආපු කලිසම් ඇඳ ගත්තු මහත්තයෙක් හූ හඬ මැද්දෙම බයිසිකලේ තල්ලු කරගෙන පිටිපස්සට ගියා. මිනිහ පිට ගමක කෙනෙක්. මේ ගමේම කෙනෙක් උනා නම් කුණුහරුප දෙකක් කියලා කොහොම හරි පෝලිමේ ඉස්සරහට බයිසිකලේ රිංගව ගන්නවා.
ඒ වෙද්දි වෙලාව හවස දෙක විතර වෙන්න ඇති. ඉර බැහැගෙන යන්න පටන් අරගෙන තිබුණත් ගිනි කාෂ්ඨක අව්ව. පාරෙ තාරත් උණු වෙනවද මන්දා. ඒ අස්සෙ නැගෙනහිර අහසින් වැහි වලාකුළුත් අහසෙ මෝදු වෙන්න පටන් අරන්.Rs. 900.00Rs. 810.00 -
(0)
අදිසි නදිය
කලකට ඉහත පොළොව යට ඉදිකළ ‘රහසිගක නගරයෙහි විසි දහසක් පමණ ජනකායත් අප්රකටව විසූහ. එය ඔවුන්ධම, ආවේණික උප සංස්කෘතියක් ගොඩනැංවිය. එහි පුරෝගාමීන් වූයේ, නගර පාලනයට විරුද්ධව කැරැරැල්ලක් ගසා ඉන් පයයි පත් පිරිසකි. ඒ බොහෝ දුරාතීකයෙහිය. ඔවුන්ගෙන් පවතින්නන් කලින් කලට, නගරය මතුපිටත්, යටත් එවක් වූහ. හිරු එළියෙන් ඔවුහු විදුලිය නිපදවා ගහ අභ්‍යන්තර ගංගාධාරයෙහි ධmo 50 එළවළු වගා කළහ. මිරිදිය මත්ස්‍ය වර්ග ද ගණනාවක්ම ගංගාවෙහි විසූහ. එහෙත්, සියල්ල කොපිට පෙරළෙන්නට සටන් ගත්තේ, බිමල් වසංගතය ආරම්භ වීමත් සමගිනි. පසු කාලයක එය දියකිඳුයි වසංගතය බවට වර්ධනය.වී.සොළොව මතුපිටට ද පැතිරුණේය. පොළොව යට ජනගහනයෙන් තුනෙන් එකම ඉන් විය ගියහ. වර්තමානය වන විට ඉසිරිව සිටින්නේ සිය ගණනකි. ඔවුන්ගෙන් ද වැඩි දෙනා වසරේ වැඩි කලක් ගත කරන්නේ පොළොව මතුපිටමය. තවදුරටත් පොළොව යට ජීවිතයම තෝරා ගත්තෙකු වී නම් ඒ ආරක්ෂක හේතූන් නිසා හෝ නගරවාසී දිවියෙන් රිදී පරණ සංස්කෘතිය තුළම පැවැරීමට ඇති ඇල්ම නිසා හෝ විය හැකිය. නුත්යාගයකුට එය ගුප්ත ජීවන ක්‍රමයක් ලෙස ද පෙනී යාට ඉඩ ඇත.
Rs. 1,100.00Rs. 880.00 -
(0)
සප්තාස්‍රය – Sapthasraya
තව මොනවහරි ඕනද?”
පුද්ගලයා ආයෙමත් ඇහුවා.
“ඕන නම් දෙන්න පුළුවන්ද?”
“ඔව්…”
“එහෙනම් යතුර දෙන්න.”
“මොන යතුරද?”
“මේ කාමරේ යතුර…
“මොකටද?”
“මට ගෙදර යන්න.”
ඇතිවුණේ පොඩි නිහඬතාවයක්. ඊළඟට කවුළුව වැසි ගියා. අනූගෙ මූණට කවදාවත් නැතුව හිනාවක් ආවා. ඒ තමන් කියපු දේ නිසා මේ පුද්ගලයා අපහසුතාවට පත් වුණා වගේ දැනුණ නිසා වෙන්න ඇති.
ඇයව නිදහස් කරන්න ඔවුන් සූදානම්
වුණේ හතර වෙනි දවසෙ.
එත් එදා යමක් සිදු වුණා
ඒ සිදුවීම නොවුණා නම්…
එහෙනම් තමන් එදාම නිදහස් වෙනවා.
ඒත් තමන් දුටුවෙ ඇත්තක්මද?
ඒක පිළිගන්න පුළුවන්ද?
ඇගේ හිත ආයෙමත් නොසන්සුන් වුණා.Rs. 1,100.00Rs. 880.00 -
(0)
සුසුමක් අද්දර – Susumak Addara
“මොකදතමුසෙ හොරගල් අහුලනවද?”ඇගෙන් උත්තරයක් තිබුණෙ නෑ. ඇය කලේසුසුම් පිට කරපු එක.“ඇයි පාරට ආවෙ? මං ඉන්නවද බලන්නද…..?”ඒ ප්රශ්නයටවත් ඇගේ ළඟ උත්තරයක්නැති හැඩයි. ඔහු ඇයව තමන්ගෙපැත්තට කේන්තියෙන් හරවගත්තා.“කතා කරනවා….”“ගේ…ට් එක ලොක් කර…..න්න”“ඇත්තට….? තමුසෙ වෙනදත් ගේට් එකලොක් කරන්නේ මෙහෙමද? ගේට්ටුවඇරලා, පාර දෙපැත්ත බලලා,කොණ්ඩෙ මේරෝස පඳුරෙ පටලවගෙන….. එහෙමද?“අනේ…… යන්න දෙන්නකෝ…..”“බෑ…. යන්න දෙන් නෑ.. ආවා නම් එළිවෙනකම් මාත්එක්ක මෙහෙම ඉන්නවා අද.”Rs. 1,100.00Rs. 880.00 -
(0)
නා ගස උඩ – Na Gasa Uda
වැවේ අනිත් කෙළවරේ තවමත් මාළුන්ට මාන බලන කොකෙක් දිහා මම බලාගෙන හිටියා.
ඌ එක එල්ලේම වැවේ මාළු දිහා බලාගෙන ඉන්නවා. තව තැනක දියකාවෙක් එකපාරටම වතුර යටට ගිහින් ඊට ටික දුරකින් මතු වෙලා අහසට පියාඹගෙන ගිය හැටි මට මහා පුදුමයක් වුණා. දියකාවට එහෙම වතුර යටට ගිහින් උඩට එන්න පුළුවන් වුණාට, අම්මට එහෙම වතුර යටට ගිහින් උඩට එන්න බැරිව ගියා. එකපාරටම අම්මා ජබු ගහන සද්දෙ වැඩි වුණා. ඒ සද්දෙට මාළුන්ට මාන බල බල හිටිය කොකත් කලබල වෙලා ඉගිල්ලිලා ගියා. තාත්තා අම්මව බේරගන්න වැවට පැන්නට, දෙන්නා තරගෙට වගේ මුළු වැවටම ඇහෙන්න ජබු ගැහුවා. ඒ ජබු සද්දෙත් ටිකෙන් ටික නැති වෙලා ගියා. ඒත් මගේ හිත ඇතුළෙ තවමත් ඒ සද්දෙ දෝංකාර දෙනවා.ආයෙ කවදාවත් තාත්තාවත් අම්මාවත් වැවෙන් ගොඩට ආවේ නැහැ. එයාලා වැව ඇතුළෙම
මාව දාලා හැංගිලා ගියා. එයාලා එනකම් මං එදා හුඟක් වෙලා බලන් හිටියා. රෑ සීතල එන්න එන්නම වැඩි වෙනකොට, වැව දිහෑන් අමුතු අමුතු සද්ද ඇහෙනකොට එදා මම තට්ට තනියම ඉඳන් කෑගහලා ඇඬුවා. වැවේ එහාට මෙහාට පීනන මාළුන්ට ඇහෙන්න මම ඇඬුවා. වැව් දියේ හැංගිලා ගිය අම්මටයි තාත්තටයි ඇහෙන්නම මම කෑගහලා ඇඬුවා. ඒත් කවුරුවත් ආවෙ නැහැ… එදා මගේ ඇස්වලින් බිමට වැටුණු කඳුළු ඒ වැවේ වතුරට එකතු වෙලා මුළු වැවම මාත් එක්ක
එකට අඬන්න ඇති කියලා මම අදටත් හිතනවා.Rs. 1,100.00Rs. 880.00 -
(0)
විෂ් – Wish
මූසල මීදුම මුළු පරිසරයම වෙළාගෙන තිබුණි. සුදු හා කළු වස්ත්‍ර හැඳගත් ගැහැනු හා පිරිමි මීදුම් කළුවර අතරින් සුවිසල් මැඳුරින් පිටතට පියමං කළේ දේහය රැගත් වාහනය පිටුපසිනි. මීදුම මැදින් ගලනා සීතල සුළං ධාරාව කියා පෑවේ සොඳුරු යෞවනයකුගේ වියෝව පරිසරයටද දරාගත නොහැකි බවය. වසර ගණනාවක් පුරා සිදු වූ සියලු හැලහැප්පීම් හා රහස් දරාගෙන සුවිසල් මන්දිරයටද නිසලව බලා සිටිනවා හැර කරන්නට වෙනත් යමක් නොතිබුණි. ඒ සුවිසල් මැඳුරේ බිත්තිවලට කතා කළ හැකි නම්, මෙතෙක් කාලයක් පුරාවට වූ මහා ඛේදවාචක නොබියව ලොවට පවසනු ඇත. එහෙත් ඒ වන විට සියල්ල සිදු වී හමාරය
Rs. 1,100.00Rs. 880.00 -
(0)
බත්තලංගුණ්ඩුව – Baththalangunduwa
කල්පිටි කළපු දියවර මත හිරු රැස් වෑස්සෙයි. ළා හිරු රැසින් තෙමී අවදි වී ඇඟමැළි කඩා ගත් කළපුව සරැලි නංවයි. සිහින් සරැලි එකෙකු පසුපස එකෙකු ලුහුබඳී. අඩුලුහුඬුකම් නැති රිද්මය චලනයකි. කෙළි දෙළෙනි.
හිමි දිරියටත් නොදන්වා දවස අවදි වූවා වැන්න.
වයඹදිග සතර දිග් භාගයට උදෑසන උදා වුව අහස මඳඳුරු ය.
Rs. 980.00Rs. 882.00 -
(0)
අහම්බයකින් මිස අපි… හමු නොවෙමු කිසිදා යලී
මම ඇතුළුව අපි ගොඩ දෙනෙක්ගෙ ජිවිත වෙනස් වෙන්නෙ එක පාරටම නෙවෙයි. හැම පුංචි වෙනස්කමක්ම වෙන්නෙ බොහොම හිමීට. එතකොට අපිට ඒක දැනෙන්නෙ නෑ. අපේ ජීවිතේ නොහිතුවම විදිහට වෙනස් වෙලා!’ කියලා තේරෙද්දි වෙන්න ඕනෙ විලම් බැසිය වෙලා ඉවරයි.
Rs. 1,200.00Rs. 960.00 -
(0)
වස්සාන සිහිනය
ප්‍රේමයේ නිදහස හෙවත්
ස්වයංවරයට එරෙහි ව
පවතින ආර්ථික කොන්දේසි
ප්‍රශ්න කිරීමක් මෙන් ම
ප්‍රේමයෙන් ආතුරවීම උදෙසා
මිනිසා තුළ වන
මානවීය ලාලසාව මූර්තිමත් කිරීමක් ද
‘වස්සාන සිහිනය’ තුළ දැකිය හැකි ය.
Rs. 1,200.00Rs. 960.00 -
(0)
සංසාර සක්මන් – Sansara Sakman
මේ ගෙවීයන්නේ මගේ දිවියේ
තීරණාත්මක සංක්‍රාන්ති සමයයි. වරෙක,
දිවියට තදින් පෙම් බැඳි, එහි රසය විඳි
මගේ හැඟුමන් එකතැනක නතර වී ඇති
හැඩක් මට දැනේ. නින්දත් නොනින්දත්
අතර ගෙවී ගිය ඒ රාත්‍රියේ ඒ අමිහිරි
මතකයන්, මිහිරි මතකයන් පළවාහරිමින්
මතුව ආවේ මට තව තවත් රිදවමිනි.
පාන්දරින්ම ඇරඹුණු මහා වරුසාවේ
තවමත් අඩුවක් නැත. සුළඟද එසේමය.
සුළඟේ සැරට අවට වූ ගස්වැල් කිරි
කිරිස් හඬින් ඇඹරෙන හඬ අතරින්
වැස්සේ හඬ මට පැහැදිලිවම
ඇසෙන්නට විය. ඒ හඬට මම අසීමිතව
පෙම් බැන්ඳේ පුංචි සන්දියේ සිටමය.
වැස්සේ හඬ හා වැස්සක් පිළිබඳව මගේ
ප්‍රථම මතකය සේතං නයිදෙගෙ
කරත්තයේ නැඟී රොටවැවේ සිට
අඹගහවෙළ හංදියට පැමිණි දා බැව් මම
සිතමි. එහෙත්, ඒ මා පෙම් කළ වැස්සම
වැටී පිරී ගිය රොට වැව මගේ ජීවිතයට
මෙතරම් බලපෑමක් ඇතිකරාවි කියා නම්
මම කිසිදාක නොසිතුවෙමි.
Rs. 1,200.00Rs. 960.00 -
(0)
LOVE SEX & JEALOUSY – ආදරය ලිංගිකත්වය සහ ඊර්ෂ්‍යාව
රුපියල් 1460 ට කුලියට ගත්ත හොටෙල් රූම් එකක මම, (මම කාර්ති නායගම්, වයස විසිනවයයි, රැකියාව කතුවරයෙක්, උස අඩි 5 අඟල් 9යි, බර කිලෝ 76. කොන්ඩෙ කොටට කපල පැත්තට පීරල, වම් පැත්තෙන් කොණ්ඩෙ යන්න පටන් අරන් නළල පළල් වෙලා, රැවුල වවල) බානුගෙ (බානු මට ගර්ල් ෆ්‍රෙන්ඩ්, බානුගේ වයස විසිහයයි, බර 57. උස අඩි 5 අඟල් 3 යි, කොණ්ඩ බෙල්ල ළඟට වෙනකන් දිගයි. රැකියාව – ශිෂ්‍ය, ශ්‍රී පාලි විශ්ව විද්‍යාලය, අනාගත බලාපොරොත්තුව කතුවරියක වීම) කැම්පස් එකේ ෆයිනල් ප්‍රොජෙක්ට් එකට ෂෝට් ෆිල්ම් එකක් ෂූට් කරනව.
Rs. 1,200.00Rs. 960.00 -
(0)
නිෂ්පත්ති – Nishpaththi
“කීයක් හරි ඉතුරු කරගනිං… අත් දෙක වනවනා මිනිහෙක් එක්ක ගියදොට උඹටමයි අන්තිමේ කතන්දර අහන්න වෙන්නෙ..” ගෙදර සිටි දින දෙක තුළ අම්මා දහ දොළොස් වතාවකට වඩා මැතුරූ මන්තරය වූයේ එයයි. තිළිණි එය නොදැන සිටියා නොවේ. එහෙත් අනාගතය වෙනුවෙන් ඉතිරි කරන්නට නම් වර්තමානය තුළ ජීවත් විය යුතුය. ජීවිතය විඳිය යුතුය. තිළිණි විශ්වාස කළේ එයයි. එසේම ඇය පිරිමින් සම්බන්ධයෙන් දැක්වූයේ එතරම් යහපත් ආකල්පයක් නොවේ. විශේෂයෙන්ම තමුන් දන්නා ගමේ උදවිය, ඥාතීන්, පවුලේ හිතවතුන් ගත් කළ පිරිමින් යනු හුදු පීඩකයන් පමණකි.
Rs. 1,200.00Rs. 960.00 -
(0)
පෝ – PO
තානායම අවුරුද්දකට කලින් සම්පුර්ණයෙන්ම වහලා දැම්මා,”“කවුද සිරිමෙවන්? ““ඕකේ අයිතිකාරයා. ඉස්සර හින්නළුවේ හිටිය කෙරුම්කාරයෙක්. මිනිහගේ තමයි ඔය තානායමත්”” මොනවටද මිනිහව ඇල්ලුවේ ”“කැලෑවේ ජාවාරම් කරනවා කියලා”“මොන ජාවාරම්ද?”“කුඩු, ඒත් ඒක නෙමේ ඇත්ත කතාව. මිනිහා කුඩු ජාවාරම් කරන්න ඇති, ඒ එක්කම ඊට වඩා ලොකු ජාවාරමක් මිනිහා කළා “Rs. 1,200.00Rs. 960.00 -
(0)
චිත්‍රාල් – Chitral
හදවත් වලින් එකිනෙකා හා ඉතා තදින් බැඳුනු මිනිසුන් පවා
ශාරීරිකව එතරම් නොගැලපෙන අවස්ථා බොහෝය.
ශාරීරිකව පූර්ණ ලෙස එකිනෙකාගෙන් තෘප්ත වන මිනිසුනුත්
හදවත් වලින් ඉතා දුරස් වීමටද ඉඩ ඇත.
ශරීරයෙන් මෙන්ම සිතුම් පැතුම් වලින්ද එකිනෙකා පෑහෙන්නෝ
හමු වීම පවා සැමරීමට වටිනා තරම් කරුණක් බව
ඔවුන්ට වෙන් වන්නට සිදුවනා තෙක් ඔවුහුමවත් නොදන්නෝය.Rs. 1,200.00Rs. 960.00 -
(0)
රෝස මාලිගාවේ මනුසත්තු
යළිත් වරක් සාමා වෙතින් ලබන්නා වූ විරහ වේදනාව සමනය කරන්නට කාලයට ඉඩ දෙන්නට නො හැකි ය. ජීවිතය කිසි දිනක දෙවන අවස්ථාවක් ලබා නො දෙයි. ජිවත්වනට ඇත්තේ තවත් කෙටි කාලයක් විය හැකි ය. ඒ කෙටි කාලයේ සාමා ලබා ගනිමින් ජීවත් වන්නේ ද , එසේත් නැතිනම් පෙර පරිදි ජීවිතයට අයාලේ යන්නට ඉඩ දෙන්නේදැයි තීරණය කිරීමේ බැරෑරුම් අවස්ථාව දැන් පැමිණ ඇති බව නිහාල් තේරුම් ගත්තේ ය. වසර ගණනාවකට පෙර තමා ව මුලා කළ ගැහැනිය නො දැක පැරීසියෙන් පිටත ගියා නම් මේ ව්‍යාධිය සිතට දැනෙන්නේ නැත. දැන් යළිත් ඇගෙන්, ඇගේ පරිසරයෙන් ගැලවෙන්නට නො හැකි ය. මේ වාරයේ කෙසේ හෝ සාමා ව අත්කර ගන්නෙමියි ඔහු සිතුවේ ය. ඇගෙන් පළිගැනීම ඉන් පසුව කළ හැකි ය.
Rs. 1,100.00Rs. 990.00 -
(0)
පර්සෝනා – Parsona
කාන්තා ව්‍යවසායකත්වය මුල් කරගත් අගනා නවකතාවකි
—————————————————————————-
සිහින දකින්න ධෛර්යයක් අවශ්‍ය නැහැ. නමුත් කිහින විශ්වාස කරන්න මහා ධෛර්යයක් අවශ්‍යයයි. ඒ වගේමහදවතින්ම විශ්වාස කරන සිහිනයක් නඹා යන්න බරපතළ අවදානමක් ගන්න ඔබ සුදානම්ද?
Rs. 1,250.00Rs. 1,000.00 -
(0)
කළු – Kalu
‘පුංචි නෝනා’ යනුවෙන් නිරන්තරයෙන් රැව් පිළිරැව් දෙන හඬට අවනත වූ කලෙක මෙන් මම තවත් වරක් හිස ඔසවා ඔහු දෙස බැලීමට තීරණය කළෙමි. යන්තමින් හිස ඔසවනවාත් සමඟ ම මා දකිනා දර්ශනය පිළිබඳව මට විශ්වාසයක් නොවූ තැන මම තවත් හොඳින් ම දැක ගැනීම සඳහා දෑස් ඒ වෙත නාභිගත කළෙමි. ඒත් සමඟ ම දුටු දසුන මාගේ මුළු සිරුර ම සලිත කරවමින්, රෝමෝද්ගමනය කිරීමට සමත්ව තිබුණි. මාගේ මුව දහඩියෙන් තෙමී යද්දී, කෙළ සිඳී යමින් මුළු සිරුර ම ගිනියම් සළුවක එතුණාක් වැනි හැඟීමක් දැනෙන්නට විය.
Rs. 1,250.00Rs. 1,000.00 -
(0)
බිසෝ උරුමය – Biso Urumaya
වජ්‍රය නම්වූ සුන්දර ගිරි රාජධානියේ මහරජුට දාව දාසියක කුසින් උපන් මායා කුමරිය ඇගේ උපතින් දෙවන දින සිට රාජකීය වෙදනාගේ කෲර වෛද්‍ය පරීක්ෂණයක ජීවී මෙවලම වන්නේ පිය රජුගේම අවසරයෙනි. අනාගතයේ එන්නාවූ යුද්ධයකදී ජීව අවියක් වන්නට නියම කර රති කාම කලාවන්හි නිපුණ කරවමින් අභිරූපී ඈ උස්මහත් කරනුයේ සතුරු රජුගේ දිවි තොර කිරීම වෙනුවෙන්මය. වජ්රයේ මහ රජුගේ අතිජාත දියණී යැයි මුසා දොඩමින් ඈ සතුරු රජු වෙත බිසෝ කොට යැවීම පසුපස ඇත්තේ වසර ගණනාවක රාජ්‍ය තාන්ත්‍රික කුමන්ත්රණයකි. අධිරාජ බෑණනු වූ වර්ධාර මහරජු සුරූපී කුමරි වෙසින් තමුන් වෙත එළැඹෙන මරණය දෝත පා පිළිගනීද?
ජීව අවියක නොකියවා, අත් හැර දැමූ හදවත ඔහු කියවා ගනීද?
මරණයම මිස ජීවිතය බෙදා හදාගන්නට විෂ කන්‍යාවකට හැකි වේද?
බිසෝ උරුමය- වජ්රයේ ගිරි ශිඛර අතරේත්, වර්ධාරයේ දිව්‍යමය ගංධාරයේත් ජීවත්වූ නන්විධ ස්ත්‍රීන්, පුරුෂයින් හා අර්ධ ස්ත්‍රී- පුරුෂයින්ගේ ජීවන චරිත අතරේ දිගහැරෙන අපූර්ව කතාපුවතකි.Rs. 1,250.00Rs. 1,000.00 -
(0)
කොස්මොපොලිටන් ජීවිත
නිව්යෝක් නුවර වාසය කරන ලාංකික ද්‍රවිඩ පවුලක් ළඟ නැවතීමට යන නිලංග සිය ශාස්ත්‍රපති උපාධිය පසෙකලා කෙල්ලන් හා පෙමින් බැඳේ, කොරියානු සිසුන් හා රස්තියාදුවේ වැටේ, එනුවර මිනිසුන්ගේ හෘදයාභ්‍යන්තරය කරා ඇදේ. අවසන ඔහු අවතැන් වූ හා උපන් රට හැර දා ආ මිනිස් සමාජයක අනන්ත වූ මතක රැගත් ජීවන පත්‍රිකාවක් ලිවීමට මුල පුරයි. විටෙක එය මනරම් ස්ත්‍රී ආදරයේ විවිධ පැති ගැන කියන්නකි. විටෙක එය ලොව සෑම දෙසින් පැමිණි මිනිසුන් වසන කොස්මොපොලිටන් නගරයක සමාජ සංස්කෘතික ජීවිතයේ අපූර්වත්වය විදහාපාන්නකි. සියල්ලටම වඩා එය මිනිසා පෙළෙන හුදකලාවේ ප්‍රහර්ෂය කියා දෙන කැටපතකි.
Rs. 1,150.00Rs. 1,035.00 -
(0)
සිරසාලවන්‍යා – SIRASALAWANYA
සිතුවමක්, නන්නාඳුනන මිනිසකුගේ සිත සසල කොට, ගත නිසල කරයි. කාලාන්තරයකට පෙර මේ සිතුවමේම සැඟවුන රහස්, අනුමානයෙන් කියවූ හිතැත්තියකගේ, ද්රෝෂාරෝපණයෙන්, තැළුණු හදක් ඇතිව සිටි එය ඇඳි සිත්තරා, …
එයින්ම විප්‍රයෝගයට පත්ව විරහවේ දැවී හුදකලා වී සිටින්නෙකි. තව තැනක අප්‍රසන්නව විසිකොට දැමූ අතීතය ගැන තැවෙමින් සුරක්ෂිත සුදිලෙන වත්මනක ආත්මානුකම්පාවෙන් හඬන යුවතියකි. මතක මන්දිර බිඳින මායාකරුවන් සමග පැමිණ, අලුත්ම කරළියක, සුසුමින් පණපොවා විවර කළ තිරයකට පසුපසින් සිටගෙන ඇය ඔබට ජීවිතය පෙන්වයි.Rs. 1,150.00Rs. 1,035.00 -
(0)By : නෝබට් අයගමගේ
කාල නදී ගලා බසි
හැන්දෑකරේයේ හල්වතුර කඩමන්ඩියේ එක් රොක්වූ ගැමියන්ගේ කතාබහට මාතෘකාව වුණේ සවුන්දිරිස් මහත්තයා අලියාට ගිනි බිඳීමය. කඩමණ්ඩියක්ය කීවාට හල්වතුර හන්දියටම තිබුණේ සිල්ලර කඩයකුත්, තේ කඩයකුත් විතරය. දුම්බර මිනිරන් පතල් සමඟ ගමට පැමිණි කඩමණ්ඩිය, බොහෝ ගම්වල සිදුවුණ ආකාරයටම ගමට ආරංචි සැපයූ තොරතුරු මධ්‍යස්ථානයද විය.කුඩා සාදිරිස් හාල් සේරුවක් ඇතුළු අඩුම කුඩුම කිහිපයක් ගන්නට රෙදි උරයක් ද කිහිලි ගන්නා ගෙන පිම්මේ දුව ආවේ කඩේ කතාබහට යම් දුරකට යමින් තිබුණු වෙලාවේය. එ නිසාම ඔහුට මුලින් මුලින් මේ කතාබන වල අගමුලක් තේරුම් ගියේ නැත.“සුද්දො ඇවිත්… කල්ප කාලාන්තරයක් තිස්සෙ තිබුණ වනන්තරේ එළිපෙහෙළි කොළාම ඒ අහිංසක සතා සීපාව කොහේ කියල යන්නද? පව් අහිංසක සතා. විස්සෝපයෙන් ඇලළුන කාන්තාවක් දුම්කොළ මිටියෙන් හොඳ දුම් කොළයක් තෝරමින් එසේ කීවාය.සවුන්දිරිස් මහත්තයා වෙඩි තියල තියෙන්නෙ සත මැරෙන්න නෙවි බය කරන්න විතරයි. හිස පිටුපසට වන්නට කුඩා කොණ්ඩ ගැටයක් ගසා සිටි පිටකන්දේ සේතුවා මාමා, සුද්දා වෙනුවෙන් වගඋත්තර බැන්දේය.Rs. 1,300.00Rs. 1,040.00 -
(0)
මා
ජීවිතය මහ පුදුමාකාර දෙයකි.සැලසුම් කාලසටහන් කිසිවක් එයට අදාළ නොවේ.සියල්ල තීරණය කරනු ලබන්නේ එ මොහොත විසිනි.අවසන ශේෂ වනුයේ කලකිරිම් හා පසුතැවීම් පමණි.ඒවාටද නිශ්චිත හේතු කාරණා නොමැත.හේතු සොයන්නට යෑම ද නිශ්ඵලය.ජීවිතය නිදහසේ ගලා යන්නට ඉඩ දිය යුතුය.එය කාන්තාර මෙන්ම කෙම්බිම් පසුකරමින් නන්නාදුනන අන්තයක් සොයා සෙමින් ගලා බසිනු ඇත.එ අන්තය සුඛාන්තයක් ද ඛේදාන්තයක් ද යන්න තීරණය කරනු ලබන්නේ ද එ මොහොත විසින්ය.
Rs. 1,300.00Rs. 1,040.00 -
(0)
වීනස්
“මම උඹත් එක්ක විවාහ වෙනවා කෙල්ලේ, දවසක අපි අපිව පිළිගන්න දෙවි කෙනෙක් ළඟට ගිහින් සුදු පාට මගුල් ගවුමක් ඇඳලා විවාහ වෙමු. ඊට පස්සේ මේ වගේ ලස්සන පළාතක පුංචි ගෙයක් හදාගෙන ජීවත් වෙමු”මම සිප ගනිද්දී එයා එක දිගටම කියවන්න ගත්තා. හරියට ඒ සේරම එයා ගොඩක් කාලෙක ඉඳන් හිතාගෙන හිටියා වගේ.“ඊට පස්සේ”මම ඇහැව්වා.“ඊට පස්සේ, අපි දරුවෙක්ව හදාගන්න ගමු”“මම කළුයි. ඔයා සුදුයි. ඉතින් මොනවගේ දරුවෙක්වද අපි හදාගන්න ගන්නේ?” “ඔයාගේ පාට… මම කැමතියි උඹේ පාටට, මගේ සමන්තාගේ පාටට”Rs. 1,300.00Rs. 1,040.00 -
(0)
කොළඹ ප්‍රහාරය
ඔවුන් එකෙකුටවත් බසයෙන් පිටහට අඩියක්වත් තැබිමට හැකිවූයේ නැත, අඩි හයක් පමණ උස වූ පකිස්ථානුවෙක් මෙන් පැහැපත් ශරීරයන් තිබුනු මෙම මුස්ලිම් ජාතිකයා ඔහුගේ ඉණෙහි තිබුණු ඩේටනේටරය අතට ගෙන එහි ස්විචයට ඇගිල්ල තබා එය ඉහළට එසවූයේය. එය තමන්ගේ අවසානය යැයි දැනගත් මගීනු එකා පිට එකා වැටී එතැනම ගල් ගැසී නතර වූහ. ඔහු ස්විචය සියල්ලන්ටම පෙනෙන සේ ඉහළට ඔසවමින් අවසන් වරටක් “අල්ලාහු අක්බර්” යැයි හ
Rs. 1,300.00Rs. 1,040.00 -
(0)
ලියතඹර – Liyathabara
ඉන්දු කාශ්මීර දේශසීමාවේ යුද්ධය ඇවිලෙමින් පැවති සමයක ඈත දුෂ්කර කරම්පූර් ගම්මානයේ ඉපිද, හර්යානා ප්‍රාන්තයේ හමුදා නිලධාරියකුගේ බිරිඳ බවට පත්වන දීපචන්දාට කුමක් සිදුවේවි ද..?
ස්වර්ණද්වීප නම් සුන්දර රාජධානියේ සියම් දේශයේ බිසවකගේ සහ ස්වර්ණද්වීප බිසවගේ පුත් කුමරුන් දෙදෙනාගේ බල අරගලයට මැදිවන ලෝකුරුගමේ රන්කරුවකුගේ දියණියක් වන උපස්සනාගේ අනාගතය කෙසේ විසඳේද..?
තමාට වඩා වයසින් දෙගුණයක් වැඩි රාජකීය කාව්‍යක්කාරයාගේ කවි කෙරේ කාව්‍යමය ප්‍රේමයකින් බැඳෙන පද්මපාණී සිටු කුමරියට කුමක් සිදුවේද..?
Rs. 1,300.00Rs. 1,040.00 -
(0)
මරුබිම
සිංහල පත්තරේක වැඩ කළත්..දෙමළ පත්තරේක වැඩ කළත් පත්තරකාරයෙක් විදිහට මං කරන්නේ.. එක ම දේ සුරේෂ්. ඉස්සෙල්ල ම අන්න ඒක.. උඹ තේරුම් ගනිං. මොන පත්තරේ වැඩ කළත් අපි කරන්නේ.. මිනිසුන්ගේ දුක් වේදනා ගැනයි.. මිනිසුන්ට සිද්ධවෙන සමාජ අසාධාරණකම් ගැනයි.. බය නැතුව කතා කරන එක. ඒ දේ කරන්න දෙමළ ජාතිකයෙක් වෙච්චි මං.. දෙමළ පත්තරේක ම වැඩකරන්න ඕනි නෑ.ඒකට ඕනි කරන්නෙ ඒ භාෂා දැනුම විතරයි. නියම පුවත්පත් කලාවේදියෙක් ජාතිවාදියෙක් නෙවෙයි සුරේෂ්. හැම වෙලාවෙ ම එයා මානව හිතවාදියෙක්.ඒ වගේ ම.. ජාත්‍යන්තරවාදියෙක්. අනෙක එයා කාටවත් ඕනRs. 1,350.00Rs. 1,080.00 -
(0)
කැළලිකාරයෝ
තුවාල සුවපත් වුවද ඒවාගේ කැළලි හා සම්බන්ධ මතකය සමග පොර බැදීම ජීවිත කාලයක් පවතින බව කියන මේ කතාව බාහිර හා අභ්‍යන්තරික සේම ඒකපුද්ගල හා සාමූහික කැළලි සමග සාමය ඇති කර ගැනීමට තැත් කරන චරිත සමූහයක් වටා ආඛ්‍යානමය ජීවිත ජාලයක් වියයි. ඒ ඔස්සේ ආදරය, විවාහය, ලිංගිකත්වය හා දේශපාලනය ඒකපුද්ගල මිනිසා හා සාමූහික මිනිසා එකට බැඳලන සංකීර්ණ විලාස ගවේෂණය කරයි.
Rs. 1,200.00Rs. 1,080.00
-
සිම්පල් සයිමන්
ඉපදුනේ හැට දෙකේ. පේරාදෙනියේ වළේ සිංහබාහු බලනකොට මට අටයි. හැත්තෑ එකේ කැරැල්ල ගැන ප්රවෘත්ති අහන්න, අපි අල්ලපු ගෙදර රේඩියෝව ළඟ ඇන තියා ගත්තේ, පන්සලේ බණ මඩුවට ගොඩවෙච්ච සැදැහැවත් පිරිසක් වාගේ. ඒක කටකාර අම්මණ්ඩි කෙනෙක් වාගේ විශාල වෑල්ව් රේඩියෝවක්.
“ වේලාව සවස හයයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්රවෘත්ති…” කියලා ඇහෙන කොටම අපි කට ඉස්සර කරලා නිවේදකයාගේ නම කියනවා. මගේ ප්‍රියතම ප්රවෘත්ති නිවේදකයා වුණේ සිරිල් රාජපක්ෂ මහත්තයා. ඒ කාලේ, අපි නොදන්න නිවේදකයෙක් ගුවන් විදුලියේ හිටියේ නැති ගානයි. අපි ඒ තරමටම ගුවන් විදුලියට සමීපයි. වැඩ සටහන් නිෂ්පාදකයින් අතරින් මගේ සිත් ගත්තේ එච්.එම්. ගුණසේකර, මඩවල එස්. රත්තනායක, අමරදාස ගුණවර්ධන, රවිලාල් විමලධර්ම වාගේ නිවිච්ච වැඩිහිටියෝ.
සෑම අගෝස්තු මාසයකම, පළවෙනි කුඹල් පෙරහැරේ ඉඳලා අවසාන රන්දෝලිය වෙන කල් හැම පෙරහැරක්ම අතනෑර බැලුවා. මගේ මිතුරෝ පෙරහැරේ අලි ගණන් කරද්දි, මං හැකි සෑම බෙර පදයක්ම කටපාඩම් කරගත්තා.
————————————————————————–
සිම්පල් සයිමන්
කතෘ – විෂ්ණු වාසු -
සුසුමක් අද්දර – Susumak Addara
“මොකදතමුසෙ හොරගල් අහුලනවද?”ඇගෙන් උත්තරයක් තිබුණෙ නෑ. ඇය කලේසුසුම් පිට කරපු එක.“ඇයි පාරට ආවෙ? මං ඉන්නවද බලන්නද…..?”ඒ ප්රශ්නයටවත් ඇගේ ළඟ උත්තරයක්නැති හැඩයි. ඔහු ඇයව තමන්ගෙපැත්තට කේන්තියෙන් හරවගත්තා.“කතා කරනවා….”“ගේ…ට් එක ලොක් කර…..න්න”“ඇත්තට….? තමුසෙ වෙනදත් ගේට් එකලොක් කරන්නේ මෙහෙමද? ගේට්ටුවඇරලා, පාර දෙපැත්ත බලලා,කොණ්ඩෙ මේරෝස පඳුරෙ පටලවගෙන….. එහෙමද?“අනේ…… යන්න දෙන්නකෝ…..”“බෑ…. යන්න දෙන් නෑ.. ආවා නම් එළිවෙනකම් මාත්එක්ක මෙහෙම ඉන්නවා අද.” -
බිසෝ උරුමය – Biso Urumaya
වජ්‍රය නම්වූ සුන්දර ගිරි රාජධානියේ මහරජුට දාව දාසියක කුසින් උපන් මායා කුමරිය ඇගේ උපතින් දෙවන දින සිට රාජකීය වෙදනාගේ කෲර වෛද්‍ය පරීක්ෂණයක ජීවී මෙවලම වන්නේ පිය රජුගේම අවසරයෙනි. අනාගතයේ එන්නාවූ යුද්ධයකදී ජීව අවියක් වන්නට නියම කර රති කාම කලාවන්හි නිපුණ කරවමින් අභිරූපී ඈ උස්මහත් කරනුයේ සතුරු රජුගේ දිවි තොර කිරීම වෙනුවෙන්මය. වජ්රයේ මහ රජුගේ අතිජාත දියණී යැයි මුසා දොඩමින් ඈ සතුරු රජු වෙත බිසෝ කොට යැවීම පසුපස ඇත්තේ වසර ගණනාවක රාජ්‍ය තාන්ත්‍රික කුමන්ත්රණයකි. අධිරාජ බෑණනු වූ වර්ධාර මහරජු සුරූපී කුමරි වෙසින් තමුන් වෙත එළැඹෙන මරණය දෝත පා පිළිගනීද?
ජීව අවියක නොකියවා, අත් හැර දැමූ හදවත ඔහු කියවා ගනීද?
මරණයම මිස ජීවිතය බෙදා හදාගන්නට විෂ කන්‍යාවකට හැකි වේද?
බිසෝ උරුමය- වජ්රයේ ගිරි ශිඛර අතරේත්, වර්ධාරයේ දිව්‍යමය ගංධාරයේත් ජීවත්වූ නන්විධ ස්ත්‍රීන්, පුරුෂයින් හා අර්ධ ස්ත්‍රී- පුරුෂයින්ගේ ජීවන චරිත අතරේ දිගහැරෙන අපූර්ව කතාපුවතකි.