• -10%
    (0)

    දුම් නැවකින් දුර ගමනක් – Dum Nawakin Dura Gamanak

    ආත්තම්මාගේ කදිම අදහස ලෝකේ ඉන්න වාසනාවන්ත ම ළමයින් තුන් දෙනා කවුද කියලා ඇහුවොත් මයික්, බෙලින්ඩා සහ ඈන් කියලා ඕනෑ ම කෙනෙක් කියයි. ළමයින්ගේ ජිවිතයේ ගොඩාක් කලාතුරකින් අත් දකින්න ලැබෙන හරි අපූරු සිදුවීම් ගොඩක් මැද ඒ අය ජිවත් වෙන හින්දයි හැමෝම එහෙම හිතන්නේ.

    Original price was: Rs. 380.00.Current price is: Rs. 342.00.
  • -10%
    (0)

    මුහුද අද්දර ගෙදර ළමයි – Muhuda addara gedara lamai

    ආයෙමත් වසන්ත කාලය ” දෙවියන්ට ස්තූති වෙන්ට තවත් සති දෙකක් යනකම ඉස්කෝලේ නිවාඩුයි.” වසන්ත නිවාඩුව අරගෙන ගෙදර ආපු මයික් ගොඩාක් සතුටින් පොත් බෑග් එක මේසය උඩට විසි කෙරුවා. මේසය උඩ තිබුණු මල් පෝච්චිය බිමට නොවැටී බේරුණේ අනූ නමයෙන්. ” මයික් ………මොකද මේ කලබලේ………බෙලින්ඩත් ඔය විදිහටම කෙරුවා. තව ටිකෙන් මල් පෝච්චිය බිම.” අම්මා තරහ මූණක් මවාගෙන කියන කොට බෙලින්ඩා ඇය අසලට ඇවිත් බැගෑපත් වුණා. “අනේ මට සමාවෙන්න අම්මේ…. එහෙම කියපු බෙලින්ඩා මල් පෝච්චියට තිබුණු විදිහට සකස් කෙරුවා. පුංචි ඈන් දුවගෙන ඇවිත් බිමට වැටිලා තිබුණ මල් කිණිති නැවතත් පෝච්චියට දැම්මා.

    පාසල් නිවාඩුව සඳහා ළමයින් තිදෙනෙක් සහ ඔවුන්ගේ මවත් පියාත් එංගලන්තයේ මුහුද අද්දර ගම්මානයකට පැමිණෙති. ඔවුන් එහි ගත කරන ප්‍රීතිමත් ජීවිතය වටා මේ රසවත් කතාව ගෙතී ඇත.

    Original price was: Rs. 380.00.Current price is: Rs. 342.00.
  • -10%
    (0)

    සයුරු තෙරේ සවාරිය – Sayuru there savariya

    අන්තයේ ගෙදර ඇත් ගොවිපොළේ ගේට්ටුව විවෘත කරන ගමන් බෙලින්ඩා, මයික් සහ ඈන් එක හඬින් හයියෙන් කෑ ගැහුවා. ගොවි පොළේ කොණකට වෙන්නට නතර කොට ඇති කැරවෑන් එකකින් ඔවුන්ගේ ඇමතුමට පිළිතුරක් ලැබුණා. ඒ ළමයින්ගේ අම්මගෙන්, ඔයාලා ගෙදර ආපු එක ගැන මට හරිම සතුටුයි දරුවනේ.

    Original price was: Rs. 380.00.Current price is: Rs. 342.00.
  • -10%
    (0)

    මැලෝර් ටවර්ස් බාලිකා විදුහල 3- Malory towers balika viduhala

    “මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 3 යනුවෙන් සම්පූර්ණ ව හා අසංක්‍ෂිප්ත ව සිංහලයට පරිවර්තනය වූ මෙම නවකතාව ලොව ඉතාමත් ජනප්‍රිය ළමා ලේඛිකාව වූ ඉතිඩ් බලයිටින් ගේ “මැලොරි ටවර්ස් ” කතා පෙළේ තුන් වැත්ත වන “THIRD YEAR AT MALORY TOWERS” නමැති රසවත් නව ප්‍රබන්ධයයි. මෙය ද, මෙම කතා පෙළේ මුල් කෘති දෙක මෙන්, ශිෂ්‍යාවන්ගේ ජිවිතයේ විවිධ විචිත්‍ර අත්දැකීම් ඉතා රසවත් ලෙස විදහා දක්වන්නකි. කතාන්දර කීමේ රැජන ” ලෙස හඳුන්වනු ලබන ඉඟිඩ් බ්ලයිට්න් ගේ “මැලෝරි ටවර්ස්” කතා පෙළ හැදී වැඩීගෙන එන බාල පරපුරට සාහිත්‍ය රසයත් මනෝවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ආදර්ශයත් නොමඳ ව ගෙන දෙන්නා වූ, ලොව වැඩියෙන් ම විවිධ භාෂාවන්ට පරිවර්තනය වූ ළමා පොත් පෙළ ලෙස ද හඳුන්වා දිය හැකි ය.

    Original price was: Rs. 400.00.Current price is: Rs. 360.00.
  • -10%
    (0)

    සත් සුමිතුරන් සහ මුතුමාලයේ අභිරහස – Sath sumithuran saha muthumalaye abirahasa

    පීටර්ට බය වු මිනිසා පඳුරු අතරින් දුවගෙන යන ආකාරයත්, එසේ දුව යන මිනිසා තමා සැඟ ව සිටි ගස මුලට පැමිණෙන ආකාරයත් කොලින් බලා සිටියේ පුදුමයෙනි. තවත් ටික වෙලාවකින් කිසිවෙකු ගසට නගින හඬ කොලින්ට ඇසිණි. බිම බැලූ ඔහුගේ සියොළඟ භීතියෙන් වෙවුළා ගියේ ය. ආගන්තුක මිනිසා ඔහු සිටින ගසට නගිමින් සිටියි. ඔහු ද සැඟවෙන්නට අපුරු තැනක් හොයාගෙන ඇති සෙයකි. කොලින්ගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේ ය. දැන් සිදුවන්නේ ඔහු හීනෙකින්වත් නොසිතූ – දෙයකි. ගසට නගින මිනිසා තමා දුටුවහොත් කුමක් සිදුවෙයි ද? කොලින්ගේ සිතේ ඇත්තේ බිය මුසු දෙගිඩියාවකි. මොන තත්ත්වයක් යටතේ වුව ද ආගන්තුක මිනිසා – ඒ අදිසි සිදුවීමෙන් බියටත්, කෝපයටත් පත්වෙන බව නම් නිසැක ය. දැන් ආගන්තුක මිනිසා ටිකෙන් ටික ගසට නගියි. කොලින් වාඩි වී සිටින අත්ත අසලට ම ගොඩ වූ මිනිසා මදක් නතර වී ගිමන් හැරියේ ය. ඔහු තවත් ටිකක් උඩට ගොඩ වුවහොත් කොලින් අසුවෙනවා සිකුරු ය.

    Original price was: Rs. 400.00.Current price is: Rs. 360.00.
  • -19%
    (0)

    සත් සුමිතුරන් සහ සුනඛ මංකොල්ලය – Sath sumithuran saha sunaka mankollaya

    තමාගේ සැකය නිවැරදි බැව් කොලින්ට වැටහිණ. මේ තරම් කාලයක් බල්ලන් සොරකම් කළේ මේ මිනිසා ම විය යුතු ය. ඔහු මේ මොහොතේ රැගෙන යන්නේ ද එසේ සොරකම් කළ බල්ලෙකු බව නිසැක ය. පෙනුමේ හැටියට නම් බල්ලා විශාල වටිනාකමකින් යුතු එකතු විය යුතු ය.

    Original price was: Rs. 550.00.Current price is: Rs. 445.00.
  • -10%
    (0)

    අපූරු ඉස්කෝලේ අපූරු මිතුරිය – Apuru iskole apuru mithuriya

    පාසැලේ කොරිඩෝරය දිගේ සෙමෙන් සෙමින් ඇවිද ආ පැට් හා ඉසබෙල් ඔ’ සුලිවාන් සොයුරියෝ පාසැලේ හතර වැනි වසරේ පංති කාමරයට ඇතුළු වූහග ඔවුන් වටපිට බැලුවේ දරාගත නොහැකි පුදුමයෙනි. ‘ හතරවැනි අවුරුද්ද ගගග දෙවියනි අපි මෙච්චර කාලයක් හිටියා කියලා කොහොම විශ්වාස කරන්නද? එහෙම නේද ඉසබෙල් ? මුලින්ම කථා කලේ පැට්ය. ‘ ඔව්හු මුල්ම අවුරුද්දේ ඉදලා හතර වැනි අවුරුද්ද වෙන කම් මොන තරම් කාලයක් ගියාද ? ග ඒත් සිද්ධ වුන හැම දෙයක්ම මට නම් අද වගේ මතකයි ‘ ඉසබෙල් ද කීවාය. ගොඩාක් කාලෙකට ඉස්සර වෙලා අපි මේ ඉස්කෝලෙට ආපු මුල්ම දවස ඔයාට මතකද? ඒ දවස්වල හැමෝම අපිට කිව්වේ කරදරකාර නිවුන්නු කියලයි. අපි ඒ දවස්වල සෙන්ට් ක්ලෙයාර් ඉස්කෝලෙට ටිකක්වත් කැමැති නෑ. පුළුවන් තරම් ඉක්මනට ගෙදර යන්නයි අපි ඒ දවස්වල හිතාගෙන හිටියේ ‘ පළමු වසරේ සිසුවියන් ලෙස ශාන්ත ක්ලෙයාර් පාසලට පැමිණි මුල්ම දවස් පිළිබඳව නිවුන් සොයුරියන්ට හොඳ හැටි මතකයග මුල් දවස් වල දී

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    අපූරු ඉස්කෝලේ අපූරු සොයුරියෝ – Apuru iskole apuru soyuriyo

    “මම හිතන්නේ මේවා රටට ඕනෑ නැති ට ඇති, ඔව්….. මේ පරණ සටහන් ගොඩක් නේ.” ටසේ සිතු ඇලිසන් මේසය උඩ තිබූ කඩදාසි ගොන්න අතට ගත්තා ය. ඉන් පසුව වහ වහා උදුන ළඟට ගිය ඇය කඩදාසි ගොන්න ලිපට ඔබා ගිණි දැල්වුවා ය. ඊටාගේ වේදනාත්මක බෙර්හන් දීම ඇයට ඇසුනේ ඒ වෙලාවේදී යි. ” මං හිතුවා…. මං හිතුවා ඔයා මගේ ප්‍රශ්න පත්‍ර ටික ගනියි කියලා. අනේ දෙවියනි! ඔයා ඒවට ගිනි තිබ්බද? මෝඩ කෙල්ල… ඔයා මගේ ප්‍රංශ සටහන් ටිකට ගිනි තිබබද?” රීටා බෙරිහන් දෙමින් ගිනි උදුන අසලට දුව එද්දි ඇලිසන් බියපත් ව පැත්තකට වූවා ය. ගිනි දළු වෙලෙන කඩදාසි ගොන්න ඉවතට අදින්නට උත්සාහ කළ ද ඒ උත්සාහය සාර්ථක වූයේ නැත. ගිනි දළු වලට තුරුලු වූ ඇගේ වටිනා සටහන් ගොන්න කලු පැහැති අළු ගොඩක් බවට හැරේ තිබුණි.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    මැලෝර් ටවර්ස් බාලිකා විදුහල 6- Malory towers balika viduhala

    ළමා කතා ලිව්ව සම්බන්ධයෙන් ලොව ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ඉනිඩ් බිලයිටින් නමැති කතුවරයයි. ‘ කතාන්දර කීමේ රැපින’ යනුවෙන් හඳුන්වනු ලැබූ ඇය විසින් ලියන ලද ළමා පොත් සංඛ්‍යාව 700 ද ඉක්මවා ඇත. මේවායින් බොහොමයක් විවිධ භාෂාවන්ට පරිවර්තනය වී ඇති අතර, මෙසේ ලොව වැඩියෙන්ම අන් භාෂාවන්ට පරිවර්තනය වී ඇත්තේ ද ඇයගේ ළමා පොත්ය. ළමා මනස හා ළමා චරිත හරි හැටි හඳුනාගෙන. ඒ ඒ පරිසරයට හා පසුබිමට සරිලන පරිදි රසවත් කතා ලිවීමේ ඇයගේ සහජ හැකියාව මනාව ප්‍රදර්ශනය කරනා එක් නිදර්ශනයකි ‘මැලෝට් ටවර්ස් බාලිකා විදුහල ‘ නේවාසිකාගාර සතරකින් සමන්විත මෙම උසස් බාලිකා විද්‍යාලයයේ ශිෂ්‍යාවන්ගේ විවිධ අත්දැකීම් කතුවරිය විස්තර කරන්නේ පාඨකයාගේ මන බඳනා සේ ඉතාමත් රසවත් අන්දමිනි. එම රසය එසේම සිංහල පාඨකයාට ලබා දීමට මෙම කතා මාලාවේ මුල් කොටස් සතර පරිවර්තනය කළ චන්දු අනගිරත්න සූරින් සමත් විය. එසේම ඔහුගේ අභාවයෙන් පසු එහි ඉතිරි කොටස් දෙක In the Fifth at Malory Towers Last term at Malory Towers සම්පූර්ණව හා අසංක්ෂිප්තව එම්. ඩී. එච්. සෙනෙවිරත්න සූරින් සිංහලයට පරිවර්තනය කර ඇත. මේ එහි හය වැනි නවකතාවයි.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    සත් සුමිතුරන් සහ බිම්ගෙයි අබිරහස – Sath sumithuran saha bimgei abirahasa

    ඔයාලා බිම් ගේ ඇතුළට බහිනවා මම දැක්කා. ඊට පස්සේ සැහෙන වෙලාවක් බලාගෙන හිටියත් ඔයාලා ආපහු ආවේ නෑ. ඔන්න එනකොට තමයි ස්කැම්පර් කෙඳිරි ගාන සද්දේ මට ඇහුනේ. එයාගේ සද්දේ හරියට උදව් ඉල්ලනවා වගේ. ඊට පස්සේ මම හැංගිලා හිටපු තැනින් නැගිටලා ලණු ඉනිමග දිගේ පල්ලෙහාට බැස්සා. ඉතින් ඇයි ඔයාලා මේ බලු කුඩුවක් අස්සේ හිරවෙලා ඉන්නේ ? එළියට එන්න බැරිද?

     

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    සත් සුමිතුරන් සහ පාලු තැනිතලාවේ අබිරහස – Sath sumithuran saha palu thenithalawe abirahasa

    නිවාඩු කාලය ඇවිත් ඔන්න.. පාස්කු නිවාඩුවත් පටන් ගත්තා, ඇත්තමයි… මම නම් හිතුවේ අපිට කවදාවත් නිවාඩුවක් නම් ලැබෙන්නේ නැති වෙයි කියලයි. ඔයාට එහෙම හිතුනේ නැද්ද ජැනට් ?. පාසල් නිවාඩු කාලය ලැබීමේ ප්‍රීතියෙන් හිත පිරි යද්දී තම සහෝදරිය දෙසට හැරුන පීටර් සතුටින් කීවේය. ඇයි නැත්තේ ?. මටත් එහෙම හිතුනා. මොකද පහු ගිය පාසල් වාරේ ගොඩාක් දිග එකක්. එක දිගටම ඉගෙන ගෙන මට නම් එපාවෙලයි හිටියේ. මොනව වුනත් දැන් නිවාඩුනේ. අද වගේ නිවාඩු දවසක ඔයාට සතුටු හිතෙන්නේ නැද්ද පීටර්?.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    සත් සුමිතුරන් සහ ගිනි පඹයාගේ අබිරහස – Sath sumithuran saha gini pabayage abirahasa

    පිදුරු මිටිය වෙලාගත් ගින්දර ඉන්පසුව අසල තිබූ කඩදාසි ගොඩ ගිල ගත්තේය. ළමුන් පිරිස ගින්දර නිවන්නට උත්සහ කළ ද ඔවුන්ට සිතාගැනීමට පවා නොහැකි තරම් වේගයෙන් ගින්දර පැතිරෙන්නට පටන්ගත්තේ ය. තවත් මොහොතකින් ගින්දර පරණ රෙදි තොගයද වැළඳගත්තේ ය. කළු පැහැති දුම් රොටුවලින් ගිම්හාන කුටිය පිරී යද්දී ළමුන් පිරිස හනිකට පිටතට පැන ගත්තෝ ය.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    සත් සුමිතුරන් සහ ටෝර්ලීන් මැදුරේ අබිරහස – Sath sumithuran saha trolling madure abirahasa

    ජැන්ගේ ටොමි මාමා එයාට හරීම අපූරු නැග්මක් ගෙනත් දුක්කා. ඒ තැන්න තමයි අපූරු දුර දක්කයක්, සත් සුමිතුරන් පිරිසක් වත්ත මේ දුරදක්නය හවුල් කරගන්න හිතාගෙන ජැක් එකත් අරන් ආවා. පිටර් තමයි මුලින් ම දුරදක්නයෙන් ඇත බැලුවේ. දුරදක්නය තුළින් බලද්දි ඇත කන්දක් උඩ තියෙන ගරා වැටුණ, අබලන් ටොළින් මන්දිරය හරිම අපූරුවට පෙනෙනවා. අබලන් මාළිගාවේ ගරා වැටුණ ජනේලයක් ළඟ කවුදෝ අමුත්තෙක් ඉන්න බවයි පීටර් මුලින් ම දැක්කේ. ජරාජීර්ණ වෙලා තියෙන මන්දිරයක ජනේලයක් ළග අමුත්තෙන් ඉන්නේ ඇයි ? පීටර් ගොඩාක් වෙලාවක් ඒ ගැන කල්පනා කෙරුවා. ඇත්තටම දුරදක්නයෙන් දුටු අමුත්තා සැඟවුණ අබිරහසක ප්‍රධාන චරිතය සියළා වටහා ගන්නට සත් සුමිතුරන්ට එතරම් කාලයක් ගතවුණේ නැහැ.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    සත් සුමිතුරන් සහ අතුරුදහන් වූ යුවතිය – Sath sumithuran saha athurudahan wuu yuwathiya

    නුල් කැබලි ප්‍රවේශමෙන් ගලවා ඉවත් කළ පීටර් පෙට්ටිය විවෘත කළා. මොන පුදුමයක්ද! වී පෙට්ටිය ඇතුළෙ තිබුණේ නූල්වලින් මනාව ඔතන ලද තවත් කුඩා පෙට්ටියකි. පිටර් ඒ පෙට්ටියත් විවෘත කළා. ඒක ඇතුළෙ තිබුණේ ප්‍රමාණයෙන් ඊටත් කුඩා තවත් පෙට්ටියක් පමණකි.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    සත් සුමිතුරන් සහ අබිරහස් ආගන්තුකයා – Sath sumithuran saha abirahas aganthukaya

    සඳළුතලයේ එක් කෙළවරක වූ කුටියක කවුළු තිර හොඳින් වසා නො තිබිණි. තිර අතර වු පටු විවරයක් තුළින් එබී බලන ඔහු දුටුවේ සියුම් ආලෝකයකි. එය ගිනි උදුනකින් නැගෙන්නක් බැව් ඔහුට වහා වැටහිණ. ඒ සමග ම ඔහුට ඇසුණේ විශාල ගස ඉහළට නගින මිනිසකුගේ හඬකි. ගසට නගින මිනිසා තවත් මොහොතකින් සඳළු තලයට පිවිසෙනු ඇත. ඔහුගේ සිතට දැනුනේ කිව නොහැකි තරම් වූ බියකි.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    සත් සුමිතුරන් සහ බ්‍රැම්බ්ලි වනාන්තරයේ මංකොල්ලය – Sath sumithuran saha brambli wanantharaye mankollaya

    හැමෝම සැඟවුණාට පස්සේ පිටර් අතු අතරින් ඔලුව එළියට දමළා ඔවුන් ගැන විපරම් කෙරුවා. හැබැයි සත් සුමිතුරන් සැඟවෙලා ඉන්නේ කොහෙද කියලා යාන්තමින්වත් දැක ගන්න නම් ලැබුණේ නැ. ඒ නිසා පිටර්ගේ හිතට දැනුණේ පුදුමාකාර සතුටක්. මොකද මේ තරමි හොඳින් සැඟවෙළා ඉන්න නිසා ඔවුන් බලාපොරොත්තුවෙන් ඉත්ත අමුත්තාටවත් සත් සුමිතුරන් දැක ගන්න ලැබෙන්නේ නෑ.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    අපූරු සොයුරියන්ගේ අපූරු රහස් – Apuru soyuriyange apuru rahas

    ඒ සතිය අවසානයේදී වාරය මැද ලැබෙන විශේෂ නිවාඩුව ශාන්ත ක්ලෙයාර් පාසලේ ළමයින්ට ලැබිණි. තම දරුවන් දක බලා ගැනීම සඳහා බොහෝ දෙමාපියෝ දුම්රියෙන් පාසල කරා පැමිණියහ. තවත් දෙමාපියෝ මෝටර් රථ වලින් පැමිණියහ. මේ විශේෂ නිවාඩු දිනය දෙමාපියන් සමඟ ගත කිරීමට ලැබෙන නිසා පාසලේ ගැහැණු ළමයින්ගේ හිත්වල තිබුණේ ද අසීමිත ප්‍රීතියකි. ඒත් සමහර ගැහැණු ළමුන්ගේ දෙමාපියන් පැමිණෙන්නේ නැත. එවැනි ළමයි තම තමන්ගේ යෙහෙළියන් සමඟ ඈත නගරයක ඇති චිත්‍රපටියක් නැති නම් නාට්‍යයක් නැරඹීම සඳහා ගියහ. පැට් සහ ඉසබෙල්ගේ මව වූ ඔසුලිවාන් මහත්මිය පැමිණ සිටියේ කාරයෙනි. ඇය පැට් සහ ඉසබෙල් ද, ඇලිසන්ද රැගෙන ඈත නගරයක් බලා පිටත් ව යාමට තීරණය කොට තිබිණි. ඇලිසන්ගේ මව නොපැමිණි නිසා ඇයට ද ඒ ගමනට එකතු වන්නට සිදු විය. ජැනට් ඇගේ දෙමාපියන් සමග විනෝද සවාරියක් සඳහා නික්ම ගියේ ප්‍රීතියෙනි. හිලරිත් ඔවුන්ගේ විනෝද ගමන සඳහා එක්කර ගැනීමට ජැනට් අමතක

    Original price was: Rs. 520.00.Current price is: Rs. 468.00.
  • -10%
    (0)

    හරි අපූරු ඉස්කෝලේ – Hari apuru iskole

    ගැහැණු ළමුන් දෙදෙනාගේ හිසකෙස් දුඹුරු ය. දිලිසෙන සුළු දෙනෙත් නිල් පැහැති ය. දෙතොල් අයර්ලන්ත පෙනුමක් ඇති දැරියන් ගේ කටහඬ නැවත නැවත අසන්නට තරම් මිහිරිය. අපි ඉගෙන ගත්තේ රෙඩ්ට්රූෆ් ඉස්කෝලේ. ඒ වණාට අපිට වෙන ඉස්කෝලෙකට ” අම්මලා අපි ව වෙන ඉස්කෝලෙකට දාන්න තීරණය කරලා, මෙචිචර කාලයක් යන්න වෙලා. මෙචර කාලයක් ඉගෙන ගත්තු ඉස්කෝලේ අමතක කරලා. යාලුවෝ ටික පැත්තකට දමලා වෙන ඉස්කෝලෙකට යන්න වෙලා. මට නම් හිතා ගන්නවත් බෑ. ” කැප්ටත්, පැව් ගොකී ටීම් එකේ කැප්ටන්. අපි වෙන ඉස්කෝලෙකට ගියොත් මේ  ඉස්කෝලේ හිටියේ කොච්චර සන්තෝසෙන් ද? ගිය අවරුද්දේ මමයි පැටයි දෙන්න ම ශිෂ්‍ය නායිකාවෝ වුණා. ඒ විතරක් ද? මම හිස් රිම් එකේ ගමම නැති වෙනවා. ඒ කියන්නේ අපිට මුල ඉඳල ම පටන් ගන්න වෙනවා .

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -10%
    (0)

    අපූරු ඉස්කොලේ අවසන් වාරේ – Apuru iskole awasan ware

    ගිනි අනතුරු සීනුව නාද කළේ කවුද ? මිරා බෙල් කෝපයෙන් වෙවුලමින් තමන්ගේ පාඩම් නාමරයට ගියාය. කාමරයේ ඇති කුඩා ගිනි උදුන සමීපයේ සිට ඇඟ උණුසුම් කර ගනිමින් සිටින ග්ලැඩිස්ව ඇයට දැක ගත හැකි වූයේ ඒ අවස්ථාවේ දී ය. සම ඈ. අපරාදේ. ඔයාගේ රැස්වීම අතර මග කඩාකප්පල් වුනේ. මීරා බෙල් දුටු විගස ග්ලැඩිස් කීවාය කෝපයෙන් වෙවුලමින් සිටින මිරා බෙල් ගේ හිතට කිසියම් සහනයක් ලබාදිය යුතු යැයි ඇයට සිතෙන්නට ඇත. ඇත්තමයි මිරා බෙල් ඔයා හරිම ලස්සන කථාවක් පැවැත්තුවා’ ග්ලැඩිස්. ගිනි අනතුරු සීනුව නාද කළේ කවුද? ඔයා කවුරු ගැනද සැක කරන්නේ ?’ මීරා බෙල් නිමා නොවන කෝපයෙන් යුතුව ග්ලැඩිස් ගෙන් ඇසුවාය. මේට්‍රන් වරිය විසින් සකස් කරන ලද උණුසුම් කොකෝවා බඳුනක් ද මේසය මත දුම් දමමින් තිබේ. ආ. මේ තියෙන්නේ කොකෝවා නේද ? මට නම් කොකෝවා බොන්න තරම් සීතලක් නෑ. ඒ වුනාට මගේ හිතේ ලොකු තරහක් නම් තියෙනවා බලන්න. මගේ වැදගත් රැස්වීම සම්පුර්ණයෙන්ම කඩා කප්පල් වුනානේ. ඒ වගේ මෝඩ විහිළුවක් කළේ කවුද දන්නේ නෑ

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -10%
    (0)

    අපූරු ඉස්කෝලේ බිහිසුණු රැයක් – Apuru iskole bihisunu reyak

    එදින රාත්‍රියේ දී සාදි නින්ද ගියේ නැත. සිර්ලෝසුවේ රාත්‍රී දහයයි හතලිස් පහ වඳින තෙප් ඔග්‍රා සිටි ඈ සෙමෙන් සෙමෙන් ඇඳෙන් නැගිට්ටා ය. වටපිටාවේ හිමෙන්නේ හිඳ අඳුරකි. හිදන ශාලාවේ සිටින සියල්ලන් ම තද නිද්දේ ය. ඉක්මන් කොට ගවුමස් හැදනේ යෙදී සෙමින් හෙමින් පඩිපෙළ බැස්සාය. තවත් විනාඩි කිහිපයකින් පසුපස දොර හැරගෙන පාසළේ ගෙවත්තට පිවිසෙන්නට සාදිට හැකි විය. තමාට පිටුපසින් අඳුරු ඡායාවක් ද පැමින බව සාදි දුටුවේ නැත. ඒ කවන්ස් ය. තෙවන්ස් සිතාගෙන සිටියේ තමා ලුහුබඳින්නේ කාලෝ පසු පස බවයි. ඒ ඇවිද යන්නේ සාදී බව ඈ නිකමටවත් සිතුවේ නැත.

    රාත්‍රී දහයයි කාළ වන විට පෲවන්ස් නින්දෙන් පිබිදුණා ය. කාටත් හොරා නිදන ශාළාවෙන් පිට වූ ඈ සාදි පැමිණෙන තෙක් නොඉවසිලිමත්ව බලා සිටියා ය. දැත් වේලාව රාත්‍රී එකොළහයි කාලට පමණ ඇත. උගුරේ කිසියම් වේදනාවක් නිසා ඇලියන් චක්වර ම නින්දෙන් පිබිදුණා ය. හයියෙන් කහින්නට අවශ්‍ය වුව ද එය නොකළ යුත්තකි. එමෙන් ම කැස්සට ගන්නා ලොසින්ජර සාදි ළඟ තිබේ. ඇලිසන්, සාදිගේ ඇඳ අසලට ගියේ ඒ ලොසින්ජරයක් ඉල්ලා ගැනීම සඳහා ය. කළුවරේ හි ඇඳට අත පෙවූ ඇලිසන් සොදි සොයන්නට උත්සාහ කළා ය. පුදුමයකි! කදී නැත. ඇඳ හිස් ය. ඇඳුම් හැදගෙන ඈ පිට ව ගොසිනි. ඇලිසන් දරාගත නොහැකි පුදුමයෙන් ඇඳ මත වාඩි වූවා ය.

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -10%
    (0)

    අපූරු ඉස්කෝලේ ගිම්හාන කාලේ – Apuru iskole gimhana kale

    පාසලට යන්නට පෙරුම් පුරමින්.

    සති හතරක නිවාඩුවක් ” පාස්කු නිවාඩුවේ පළමු උදෑසතම පිබිදුණු පැටි ඔසුලිවාන් ප්‍රීතියෙන් බෙරිහන් දුන්නාය. ඇගේ මුහුණ පුරා විසිරී තිබෙන්නේ ප්‍රිය මනාප හිනා දහරාවකි. ” දෙවියනි………..මොන තරම් අපුරු නිවාඩු කාලයක්ද? හොඳ කාලගුණයක් තිබුණොත් නම් අපිට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්.” ඇගේ නිවුන් සොයුරිය ඉසබෙල් ද නින්දෙන් පිබිදුණේ ඒ වෙලාවේදී ය. ඉසබෙල්ගේ කටහඩ ද ප්‍රීතියෙන් බර වෙලාය. ” ඉස්කෝලේදි සීනුව වැදෙනකොට ඇහැරෙන්න ඕනෑ. හැබැයි ගෙදරදි ඒ කරදරේ නැති එක කොච්චර අපූරුද? මම නම් තව ටිකක් නිදා ගන්නවා.” “අනේ මට නම් තවත් නිදා ගන්න බෑ.” පැට් ඇඳෙන් නැගිටින්නට සුදානම් වෙමින් කීවාය.

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -10%
    (0)

    අපූරු ඉස්කෝලේ දෙවැනි වාරය – Apuru iskole deweni waraya

    ගිම්හාන නිවාඩුවේ අන්තිම දවස් පියාඹමින් වගේ ගෙවිලා ගියා. පැට් හා ඉසබෙල් ඔසුලිවාන් නැති නම් නිවුන් සොයුරියන්ගේ දවසුත් ඉතාම කාර්ය බහුල වෙලා. අළුත් ඇඳුම් මිලදී ගන්න. ඒවා හැඳ හැඩ බලන්න, ලක්‍රොස් පිති මිලදී ගන්න. ලක්‍රොස් සපත්තු වල ඉරුණු තැන් සකස් කරන්න වගේ කරන්න මොන තරම් දේවල් නම් ඔවුන්ට තියෙනවද? පැටි හා ඉපබෙල් මේ හැම දෙයක් ම කළේ හරිම සතුටින්. “මගේ මැහුම් බෑග් එක කොර? ” අල්මාරියේ තිබූ සියලුම දේවල් අවුස්සමින් සිටි පැට් නොඉවසිල්ලෙන් කෑ ගෑවාය. “නිවාඩුවට ගෙදර එනකොට මම ඒක ගෙදර ගෙනාවා. ඔව්. මට හොඳට මතකයි.” “අනේ………මගේ ලක්‍රොස් සපත්තු වලින් එකයි තියෙන්නේ. අ………….. ඔයා මගේ අනිත් සපත්තුව දැක්ක ද? ” ඉසබෙලුත් වැළපෙන හඬකින් කීවාය. ” ඔව්……. ඔයාගේ සපත්තුව සපත්තු මහන්නා ළඟ තිබිලා ඊයේ උදෙයි ගෙනාවේ. කොහෙද ඔයා ඒක තිබ්බේ.?”

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -10%
    (0)

    මැලෝර් ටවර්ස් බාලිකා විදුහල 5- Malory towers balika viduhala

    ළමා කතා ලිවීම සම්බන්ධයෙන් ලොව ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ඉනිඩ් බ්ලයිටින් නමැති කතුවරියයි. කතාන්තර කීමේ රැපින’ යනුවෙන් හඳුන්වනු ලැබූ ඇය විසින් ලියන ලද ළමා පොත් සංඛ්‍යාව 700 ද ඉක්මවා ඇත. මේවායින් බොහොමයක් විවිධ භාෂාවන්ට පරිවර්තනය වී ඇති අතර, මෙසේ ලොව වැඩියෙන්ම අන් භාෂාවන්ට පරිවර්තනය වී ඇත්තේ ද ඇයගේ ළමා පොත්ය. ළමා මනස හා ළමා චරිත හරි හැටි හඳුනාගෙන, ඒ ඒ පරිසරයට හා පසුබිමට සරිලන පරිදි රසවත් කතා ලිවීමේ ඇයගේ සහජ හැකියාව මනාව ප්‍රදර්ශනය කරනා එක් නිදර්ශනයකි ‘මැලෝරි ටවර්ස් බාලිකා විදුහල’ නේවාසිකාගාර සතරකින් සමන්විත මෙම උසස් බාලිකා විද්‍යාලයයේ ශිෂ්‍යාවන්ගේ විවිධ අත්දැකීම් කතුවරිය විස්තර කරන්නේ පාඨකයාගේ මන බඳනා සේ ඉතාමත් රසවත් අන්දමිනි. එම රසය එසේම සිංහල පාඨකයාට ලබා දීමට මෙම කතා මාලාවේ මුල් කොටස් සතර පරිවර්තනය කළ චන්ද්‍ර අනගිරත්න සූටින් සමත් විය. එසේම ඔහුගේ අභාවයෙන් පසු එහි ඉතිරි කොටස් දෙක In the Fifth at Malory Towers ໖໖ Last term at Malory Towers සම්පූර්ණව හා අසංක්‍ෂිප්තව එම්. ඩී. එච්. සෙනෙවිරත්න සූරින් සිංහලයට පරිවර්තනය කර ඇත. මේ එහි පස්වන නවකතාවයි.

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -10%
    (0)

    සත් සුමිතුරන් සහ ගිනි මැල රාත්‍රිය – Sath sumithuran saha gini mala rathriya

    බොන් ෆයර් රාත්‍රිය යනුවෙන් හැඳින්වෙන්නේ එංගලන්තයේ ළමුන් අතර පැවැත්වෙන සුප්‍රකට උත්සවයක්. මේ උත්සවයේදී ළමෝ ෆේවික්ස් යනුවෙන් හැඳින්වෙන පඹයින් නිර්මාණය කොට විශාල ගිනි මැලයක තබා එම පඹයින් පුළුස්සති. සත් සුමිතුරන් පිරිස ද මේ අපූරු බොන් ෆයර් රාත්‍රිය සමරන්නට සූදානම් වෙති. ඒ අතරම වෙස් වලාගත් සොරෙකු අල්ලන්නට ද ඔවුන්ට හැකි වෙයි.

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -10%
    (0)

    මැලෝර් ටවර්ස් බාලිකා විදුහල 2- Malory towers balika viduhala

    ලොව ඉතාමත් ජනප්‍රිය ළමා ලේඛිකාව වූ ඉනිඩ් බ්ලයිට්න් විසින් රචිත “මැලෝරි ටවර්ස් ” කතා පෙළේ දෙවැන්න වූ SECOND FORM AT MALORY TOWERS නමැති රසවත් නවකතාවේ සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය “මැලෝරි ටවර්ස් බාලිකා විදුහල – 2 යනුවෙන් මෙසේ එළි දැක්වෙන්නේ, මෙම කතා පෙළේ පළමුවැන්න සිංහල පාඨකයින් අතර ඉතාමත් ජනප්‍රිය වූ බැවිනි. එංගලන්තයේ නේවාසිකාගාර හතරකින් සමන්විත වූ උසස් බාලිකා විද්‍යාලයක ශිෂ්‍යාවන්ගේ පාසැල් ජීවිතයේ රසමුසු අත්දැකීම් මනෝවිද්‍යාත්මක අගයකින් යුතුව වර්ණවත් කෙරී ඇති මෙම කතා පෙළ ඉනිඩ් බ්ලයිට්න් විසින් රචිත හත් සියයක් පමණ වූ පොත් අතර කවදත් පෙරමුණේ සිටී.

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.
  • -10%
    (0)

    විලියම් සහ රසකැවිලි සාප්පුව – William saha rasakewili sappuwa

    රාක්ක වල තියෙන බෝතල් විවිධ වර්ගයේ රස කැවිලි වලින් පිරිලා ඇති හැටි විලියම්ට පෙනෙනවා. වැඩි වෙලාවක් යන්නට පෙර බටර් බෝල වර්ගයේ රස කැවිල්ලක් විලියම්ගේ මුවට ඇතුල් වුණා. ඊට පස්සෙ ඔහු අතට ගත්තෙ අන්නාසිවලින් සාදා ඇති ෆයිනැපල් ක්‍රිස් රස කැවිල්ලක්. ඉක්මණින්ම ඒ කැවිලි තොගයත් ඉවර වුණා.

    Original price was: Rs. 650.00.Current price is: Rs. 585.00.
  • -10%
    (0)

    මැලෝර් ටවර්ස් බාලිකා විදුහල 1- Malory towers balika viduhala

    ළමා කතා ලිවීම සම්බන්ධයෙන් ලොව ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ඉනිඩ් බලයිටින් නමැති කතුවරියයි. කතාන්තර කීමේ රැජින” යනුවෙන් හදුන්වනු ලැබූ ඇය විසින් ලියන ලද ළමා තෙත් සංඛ්‍යාව හත්සියය ද ඉක්මවා ඇත. මේවායින් බොහෝමයක් විවිධ භාෂාවට පරිවර්තනය වී ඇති අතර, මෙසේ ලොව වැඩියෙන්ම අන් භාෂාවන්ට පරිවර්තනය වී ඇත්තේ ද ඇයගේ ළමා පොත්ය. ළමා මනස හා ළමා චරිත හරි හැටි හදුනා ගෙන. ඒ ඒ පරිසරයට හා පසුබිමට සරිලන පරිදි රසවත් කතා ලිවීමේ ඇගේ සහජ හැකියාව මනාව ප්‍රදර්ශනය කරනා එක් නිදර්ශනයකි. ” මැලෝර් ටවර්ස් බාලිකා විදුහල”. නේවාසිකාගාර සතරකින් සමන්විත මෙම උසස් බාලිකා විද්‍යාලයයේ ශිෂ්‍යාවන්ගේ විවිධ අත්දැකීම් කතුවරිය විස්තර කරන්නේ පාඨකයාගේ මන බඳනා සේ ඉතාමත් රසවත් අන්දමිනි. එම රසය එසේම සිංහල පාඨකයාට ලබා දීමට එම කතාවේ මෙම සම්පූර්ණ හා අසංක්‍ෂිප්ත පරිවර්තනය චන්ද්‍රා අනගිරත්න අතින් නිම වී ඇත.

    Original price was: Rs. 750.00.Current price is: Rs. 675.00.
  • -10%
    (0)

    මැලෝර් ටවර්ස් බාලිකා විදුහල 4- Malory towers balika viduhala

    ලොව ඉතාමත් ජනප්‍රිය ළමා ලේඛිකාව වශයෙන් සැලකෙන ඉංග්‍රීසි ජාතික ඉනිඩ් බලයිට්න් (1897- 1968) විසින් රචිත මැලෝරි ටවර්ස් කතා පෙළට අයත් පොත් හයෙන් සිව් වැන්න වූ ”UPPER FOURTH AT MALORY TOWERS” නමැති රසවත් නවකතාව මැලෝරි ටවර්ස් – 4 යි. “කතාන්දර කීමේ රැජන ලෙස හඳුන්වනු ලබන ඉනිඩ් බ්ලයිටින්ගේ මැලෝරි ටවර්ස් කතා පෙළ හැදී වැඩීගෙන එන බාල පරපුරට සාහිත්‍ය රසයත්, මනෝ විද්‍යාත්මක වටිනාකමකින් යුත් ආදර්ශයත් නොමඳව ගෙන දෙන්නා වූ, ලොව වැඩියෙන්ම විවිධ භාෂාවන්ට පරිවර්තනය වූ ළමා පොත් පෙළ ලෙස ද හඳුන්වා දිය හැකිය.

    Original price was: Rs. 800.00.Current price is: Rs. 720.00.
  • -10%
    (0)

    පලාගිය සිරකරුවාගේ අබිරහස – The Mystery of The Missing Man

    වෙස් මාරු කරගැනීමට ෆැටී හරිම දක්ෂයි. ඔහු නිතර නිතර වෙස් මාරු කරගෙන විවිධ අබිරහස් කීපයක්ම විසඳනවා. ඔහු හිතන්නේ ඔහු ඒ කටයුත්තට, ඒ කියන්නේ වෙස් මාරු කර ගැනීමට තමුන් අති දක්ෂයි කියලයි. ඒක සැබෑවක්. ඒත් ඒ ෆැන්ජියෝ මහත්මිය හමුවන තෙක් පමණයි. නමුත් ඇය මොන තරම් අපූරුවට වෙස්වලාගෙන සිටියත් එය විනිවිද දැකීමට ෆැටී සමත් වෙනවා. මෙතනදිත් ඇයව පාවා දෙන්නේ ඇගේ සුරතලා. ඒක නම් හරිම කනගාටුවට කාරණයක් නේද?

    Original price was: Rs. 850.00.Current price is: Rs. 765.00.