• (0)

    රාවණා මෙහෙයුම 2 – Rawana Meheyuma 2

    බැලු බැලු අත කිසිම මනුස්සයෙකු, සිය කිමිදුම් සගයෙකු තියා මාළුවෙකුවත් පෙනෙන්නට නොමැති අඳුරු නීල වර්ණ සමුදුරු අගාධයේ තමන් තනි වූ බව පෙනෙන්නට තිබුයෙන් ඇය දැඩිසේ කම්පනයට පත් විය.

    සන්නිවේදකය හරහා උදව් ඉල්ලා කෑ ගැසීමට ඈ හඬ නැඟුව ද මුවින් හඬක් පිට වුයේ නැත. අත පය සීතල වනු ඇයට හැඟුණි. ගතම සෙලවිය නොහැකි සේ ගල් වී ඇත. ත්‍රාසයෙන් අසරණව, අන්ධකාර සමුදුරු අගාධයෙහි තනි වී කරකියා ගත හැකි දෙයක් නොමැතිව, ඉහළ සාගර තලය දෙස ඇය හිස් බැල්මක් යොමු කළාය.

  • -10%
    (0)

    පිටිසර මිනිස්සු [මායාරංජන්] Pitisara minissu

    පිටිසරට පරිසරය වනය යි. ඒ නිසා පිටිසර පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට නම් වනය ගැන ද කරුණු දත යුතුමයි. වන වැණුම් වනය කෙරේ මා සිත තුළ පවතින ඇල්ම ඉමහති. ඊට හේතු කවරේ දැයි එක එල්ලේ කියන්නට මම හෝ නොදනිමි. කුමක් නිසා හෝ වේවා වනගත පරිසරයෙන් වෙන් වූ කල මගේ ජීවිතය සුපුරුදු පෙම්වතියක ගේ ඇසුරෙන් වියෝ වූ තරුණයෙකු ගේ හදවතක් මෙන් නිරස වන බව පමණක් දනිමි. වනාන්තරයෙක ස්වාභාවික ශෝභමාන දර්ශනය ඉදිරියේ නගරය මට මිරිඟුවෙකි! වනය නිදහස් පාරාදීසයක් නම් නගරය මා වදයට පමුණුවන සිර ගෙයකි ! වනයෙන් නිරතුරුව නික්මෙන රැහැයියා ගේ වනේ පතුරක් පිරි ගාන්නාක් වැනි ගොරහැඬි ගෝසාව පවා පරදවන මිහිරෙකි. ඇසුරට වන බිමක් නැති කල මට නම් සුර ලොව වුව ද නිරයක් වැනි වනු නියතයි. වනය නොයෙක් ගුණයෙන් අනූනයි. එය නිශ්චලයි ! නිශ්ශබ්දයි! ශාන්තයි! ඉපැරණි සාහිත කෘතියක් සේ ගාම්භීරයි ! වනය නිශ්චල යයි කීවද එහි චලනයක් නැතුවා නොවෙයි.තුරුලිය ඇසුරෙහි ද බිම මතුපිට සහ ඇතුළත ද ගස් බෙන ගල් ගුහා ආදියෙහි ද වෙසෙන සත්ත්ව සමූහය දවසේ සැම පැයක් තුළ එහි කෙරෙන පෙරැළි කොපමණ ද? එසේ වුවත්, වනය සතු ස්වාභාවික නිශ්චලත්වය. ඒ සියල්ල මර්දනය කරමින් පැතිර සිටියි! වනයේ නිශ්ශබ්දතාවය ද එබඳු මය. දහස් සුවහස් ගණනින් සෑදුණු සත් කැළ පමණක් නොව වැසි, සුළං ළැව් ගිනි ආදිය නිසා එහි පැන නැගෙන ගෝට්ටිය කෙතරම් මහත් වුව ද වනයට උරුම නිශ්ශබ්දය ම එහි රජකම් කරයි. වනයේ ශාන්තිය ද එබඳුම ව්‍යාජයෙකි. මුව පැටවුන් ලේ පෙරා බුදින කොටියන් ද සැඟවී සිට මිනිසුනට පවා පහර දෙන වලසුන් ද නොමඳව ගැවසෙන කුඩා එකා මහ 9

    Original price was: Rs. 250.00.Current price is: Rs. 225.00.
  • -20%
    (0)

    පිටසක්වළින් ආ අද්භූත සත්ත්වයා – Pitasakwalin Aa Adbootha Sathwaya

    ” මම තව බැටෑලියන් එකක් යැව්ව. ඒ අය කැලේ ඇවිද්දෙ නැහැ උඩින් බැහැල ඉක්මනින් ආපහු ආව. ඒ අය තමයි ඔය මිනී ටික ගෙනාවෙ. ඉන් පස්සෙ මං බුද්ධි ඒකකයෙ 10ක් යැව්වා ඔත්තු බලන්න. දක්ෂම කොල්ලො ටිකක්. ඒ අය ආපහු ආවෙත් නැහැ.”
    ” කර්නල් අපි තවත් පමා වෙන එක හොඳ නැහැ. මම
    දැන්මම පිටත් වෙන්නම්. මට දෙන්න කොල්ලො දෙතුන් දෙනෙකුයි හෙලිකොප්ටරයකුයි. ගෝත්‍රිකයෝ නෙමේ යක්කු වුණත් කුදලාගෙන එන්නම් මම. “

    Original price was: Rs. 300.00.Current price is: Rs. 240.00.
  • -10%
    No thumb
    (0)

    පෑදි දියට බොර දිය – Pedi diyata bora diya

    ගෙට්ටුවෙන් ඇතුළු වෙත් ම, මගේ සිත්හි පහළ වූයේ සැනසිලි දායක හැඟීමකි. ඒ ආලින්දයෙහි වූ වේවැල් පුටුවක හිඳ ගෙන සිටි පසියා දැකීමෙනි. බිත්තිය අසල ලෑලි බංකුවේ හුන් මිනිසා මගේ පතුට කහවුරු කෙළේය. ධර්මදාස අයියා පුංචිරාල සමග පැමිණ ඇත්තේ මගේ ලිපියට සැලකීමක් වශයෙන් විය යුතුය. අවුරුදු නිවාඩුව අවසන් වී මා මිස්ට කරුණාපාලලාගේ ගෙදර එන විට මැණිකා අස්වී ගොස් සිටියාය. ඉන් පසු ගෙදර වැඩට උදව් වීම සඳහා ගැහැනු ළමයකු සොයා ගැනීමට ගත් උත්සාහයෙන් පලක් වී නැත. නිතර දෙවේලේ මිසිස් කරුණාපාලගේ කන්කෙදිරිය වූයේ සහායට කිසිවකු නොමැතිව ගෙදර වැඩ ටික කර ගත නොහැකි වීම ගැනය. අසියා ඒ ප්‍රශ්නය විසදා ගෙන පැමිණ සිටී. විශ්ව විද්‍යාලයේ දවල් එකට ආරම්භ වන දේශනයට යාමට පෙර මට කෑම සුදානම් කර දිය නොහැකි වූ ඇතැම් දිනෙක මිසිස් කරුණා පාලගේ කෙඳිරිල්ල වැඩි වෙයි. මගේ පංති වේලාවට කොතරම් ප්‍රමාද වූවත්, මා උදේ තේ හෝ දවල් කෑම හෝ නොගෙන යාම ගැන ද ඈ අකමැති වෙයි. සැබවින්ම ඇයට ළමයින් දෙදෙනාගේ කටයුතුත් ගෙදර වැඩත් සියල්ල තනිව කර ගැනීම අපහසුය. වැඩකාර ළමයකු සොයා ගැනීම සඳහා දිනමිණ පත්‍රයේ පළ වූ දන්වීමෙන් ද පලක් නොවීය. ගෙදර වැඩකාරියක නොසිටීම කරුණාපාල පවුලේ අයට මෙන්ම මට ද මහත් හිරිහැරයක් විය. මිස්ට කරුණාපාල හෝ මිසිස් කරුණාපාල හෝ මට නම් කිසි දිනෙක ළමයකු සොයා දෙන ලෙස කියා නැත. කවුරුන් හෝ සොයා ගැනීමට විපරම් කරන ලෙස දන්වා ගමේ අයියාට ලිපියක් යැවිය හැකි බව පළමුව සඳහන් කරන ලද්දේ මා විසිනි. “පිරිට පුළුවන් නං කොයි තරං එකක්ද? අනේ සිරි අද ම එහෙනං ලියුමක් දමන්න, ” මිස්ට කරුණාපාල කීය. මා ධර්මදාස

    Original price was: Rs. 300.00.Current price is: Rs. 270.00.
  • -10%
    (0)

    ගඟ අද්දර කැලේ – Ganga addara kale

    සේතන් අයියේ මේ සැරේ පහුරු යන කොට මාවත් කොහොම හරි එක්කන් යන්න ඕනෑ. ගං ඉවුරේ හිඳගත් මම කීවෙමි. එව්ව අපි දන්නේ නැ. අවසර ගන්න ඕනෑ කොරනේලිස් උන්නැහැගෙනුයි සේතන් අයියා ඇල්ඛසියා කඳක ගැටයක් අත් පොරවෙන් සසිමින් කීවේය. සේතන් අයියා කිව්වොත් බාප්පා ඉඩ දෙයි. අපොයි අපොයි මට බෑ. කොරනේලිස් උන්නැහැගෙන් කොහොම වෙතත් හාමිනේගෙන් නම් විසුමක් වෙන්නේ නෑ. ඛාප්පාගේ සහ පුංචි අම්මාගේ රූපකාය එකවර ම මගේ සිතට නැංගේ ය. මා කුඩා කල ම තාත්තාත් අම්මාත් මිය ගිය පසු මා හැදී වැඩුණේ බාප්පා සහ පුංචි අම්මා ළඟ ය. සේතත් අයියාත් ඔහුගේ සහායකයා වන ජයසේකරත් බඳින්නේ බාප්පාට අයිති පහුරු ය. බාප්පා පහුරු බලන්නට එන්නේ ඉඳ හිට දවසක ය. ඔහු කරන්නේ තැන තැන ඇවිද ඉඩම්වල ඇති ගස් මිළ දී ගැනීමයි. ඒ ගස් ගඟට ඇද දුන් පසු පහුරු බැඳ ගෙන කොළඹ ගෙන යන්නේ සේතන් අයියා සහ ජයසේකරය. පහුර කොළඹ තොටළඟට යන වෙලාවට බාප්පා බස් රියකින් නැගී තොටළඟට යයි. කොරනේලිස් උන්නැහැගෙන් කොහොම වෙතත් හාමිනේගෙන් නම් විමසුමක් නැතැ යි සේතන් අයියා කීවේ අපේ පුංචි අම්මාගේ සැරකම සලකාය. ඈ ඕනෑ දේව මෙන් ම එපා

    Original price was: Rs. 300.00.Current price is: Rs. 270.00.
  • -10%
    (0)

    වන රජදහන – Wana rajadahana

    සමන්, වන ආවරණයෙන් සෙවන වු දිය දහරක් අසල නතර විය. ඔහු අනුකරණය කළ ප්‍රියන්ත හා සුනිල් ද ඒ අසලින් බිම ඇන තබා ගත්හ. සමන් අතින් සංඥා කොට මිතුරන්ට සද්ද නොකරන ලෙස දැන්වීය. මිතුරෝ ගස් වලට මුවා වූහ. මොකක්ද වෙන්නේ, ප්‍රියන්ත කුතුහලයෙන් කෑ ගැසීය. ” කෑ ගහන්න එපා. සද්දේ ඇහුනොත් අපි තුන්දෙනාම ඉවරයි. “ඒ ඇයි.” ” බලන්න අර වීර ගහේ කඳ දිහා . ” මගේ අම්මෝ ! කොටියෙක් නේද?” කොටියෙක් නෙවෙයි කළු දිවියෙක්.” වෙන්න බෑ. පුල්ලි තියෙන්නේ කොටින්ට විතරයි. ප්‍රියන්ත දිගට හරහට වාද කරන්නට වූයේ තමන් සිටි තැන පවා අමතක කරමිනි. කියන තැනකට වඳින්නම්. ටික වෙලාවකට සද්ද නොකර ඉන්න. එවිට ප්‍රියන්තට සමන් කීවේ තරමක අමනාප ස්වරයෙනි.

    Original price was: Rs. 300.00.Current price is: Rs. 270.00.
  • -10%
    (0)

    අපේ රාජ්‍යය [මායාරංජන්] Ape rajjaya

    සිතන්නට හැකි අප සැම දෙනාට ම රාජ්‍යයක් තිබේ. ඒ. අපේ රාජ්‍යයයි. එය අපේ සිහින නැතිනම් සිතුවිලි සමඟ බද්ධ වූවකි. “අපේ රාජ්‍යයේ පාලකයන්, පලිතයන් ද අපි මැ වෙමු. එනිසා කාටවත් අපේ රාජ්‍යයට හිමිකම් කීමට නොහැකි ය. යටත් කර ගැනීමට හෝ කොල්ලකෑමට නොහැකි ය. සැබැවින්ම අපේ රාජ්‍යය වූ කලී අපට ම අනන්‍ය වන ස්වාධීන සිහිනයකි.  මායාරංජන් ලේඛකයා මේ සිහිනය අප මෙන් දුටුවෙකි. එහෙත් ඔහුගේ රාජ්‍යයේ දිග පළල මතු නොව හිමිකම පාඨක ලෝකයට නිර්ලෝභීව දායාද කළේය. ඒ. අපේ රාජ්‍යය’ කෘතිය මඟිනි. වසර මිලියන ගණනක සිට අපි වන පෙත් අතර දිවි ගෙවමු. ගහකොළ සතා සිව්පාවා මෙන්ම දියකඳුරු යනු අපගේ ලේ නහර මෙන් බැඳුණු ජීවයකි. නූතනයේ නාගරික හෝ අර්ධ නාගරිකව දිවි ගෙවමු. එහෙත් වසර මිලියන ගණනක සිට අප රැස් කළ වනපෙත ආශ්‍රිත දිවිතතු මතක පොසිල ලෙස රැඳී තිබෙන වග ද අපි දනිමු. එහෙයින් මායාරංජන් පාඨක අපට අපේ රාජ්‍යයට අඬ ගසන විට කෙසේවත් මඟහැර යා නොහැකි ය. අප සියලු බැඳීම් අත්හැර මතක පොසිල ඔස්සේ අතීත වන පෙතට ඇදී යන්නේ නිරායාසයෙනි. දිගාමඩුල්ලේ ආශ්චර්යයෙන් කුල්මත් කළ සිතැතිව ඒ මතක මංපෙත් දිගේ වනපෙත පීරා එහි සැරි සැරීමට ද ගඩාගෙඩි කමින් සතුන් අතර නිදහස් – නිවහල් මිනිසකු ලෙස සැරි සැරීමට මහසේ ආශා කරමු. මායාරංජන් වනපෙත ඔසුවක් කොට අප සිතට පොවන්නේ අනේකවිධ අතවරයන් නිසා රෝගී වූ පාඨක සමාජයට ඇති ඇල්මෙනි. එහෙයින් පාඨකයින් වන අපට දිගාමඩුල්ලේ ආශ්චර්යයෙන් අපේ රාජ්‍යය’ නම් වනදිවි සැරියේ නිබඳව සැරිසැරීමේ භාග්‍ය අත්පත් කර ගත හැකිය. මේ ඒ වෑයමේ නවමු මුහුණුවරයි.

    Original price was: Rs. 300.00.Current price is: Rs. 270.00.
  • -20%
    silvabookshop.lk_ guru_geethaya
    (0)

    ගුරු ගීතය – Guru-Geethaya කෙහෙලි ප්‍රකාශන

    එසේ වුණද ඇඳ අවසාන නොකළ ඒ පින්තූර ගැන ඔබ සමඟ කතා කිරිමට මා කැමතිය.ඔබේ උපදෙස් මට බෙහෙවින්ම වටී.මා අඳින චිත්රය පළමුවැනි ගුරුවරයාට,අපේ අයිලයේ පළමුවැනි කොමියුනිස්ට් වාදියාට දුයිෂෙන්ට කැප කරන බව ඔබ දැනටමත් දන්නවා ඇතැයි මම සිතමි. සටන් වලින් පිරී, ඒ අසීරු ජීවිතයත්, විවධ ඉරණම්වලට කැපවු මිනිස් හැගීම් සහ බලාපොරොත්තුත් තෙලි තුඩින් හා සායම්විලන් පිළිබිඹු කල හැකිදැයි මම නොදනිමි.සියල්ල කැටිකොට දැක්වීමට තරම් ශක්තියක් මට තිබේද මා ආසා කරන්නේ මගේ අදහස් ඔබට කියාපෑමට පමණක් නොවේ.ඔබ මා සමඟ එක්වි නිර්මාණාත්මක කලාවේ කොටස්කරුවෙකු විය යුතුය.

    Original price was: Rs. 350.00.Current price is: Rs. 280.00.
  • -20%
    No thumb
    (0)

    ගෙදර යන අතරමග – Gedara yana atharagama

    අවුරුදු හතක් පුරා වර්ෂාව ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙනි. තැනිතලා දුවිලි ගොඩවල් බවට පත් වී තිබිණි. දවසින් දවස. ග්‍රීෂ්ම ඍතුවෙන් ග්‍රීෂ්ම ඍතුව අතිඌෂ්ණ සුළඟ දූවිලි පිඹිමින් හමා ගිය අතර, සූර්යයා කහ පැහැති අහස් තලයක පිත්තල පැහැයෙන් දිස් ස්විය. අස්වැන්නක් අස්වැන්නක් ගාණේ නිසරු වී ගියේය. බදු ගෙවීම සඳහා, ආහාර සහ ඊළඟ අවුරුද්දේ වචන බීජ මිල දී ගැනීම සඳහා මුඩු බිම යළි යළිත් උකස් තැබීමට සිදු විය. අස්වැන්න නොලැබුණු විට, තවත් ණය ගැනීමට නොහැකි වූ විට, පොලී සහ බදු ගෙවීමට මුදල් නැති වූ විට බලාපොරොත්තුවේ කටුක වේදනාව නිමා විය. බැංකු හිමියාට ඉඩම සින්න විය. ඊළඟට බැංකුව වස්තු භංග විය. හත්වැනි අවුරුද්දේ දී මහා ගුප්ත ව්‍යසනයක් මුළු ලොව පැතිර ගියේය. සියලු බැංකු වස්තු භංග විය. මුළු රට පුරා කම්හල් වැසී ගිය අතර, ව්‍යාපාර ඇනහිටිණි. මෙය මූල්‍ය භීතියක් විය. එය ආර්ථික අවපාතයක් නොවීය. ඒ 1893 අවුරුද්ද වූ අතර ඒ කාලයේ කිසිවකු ආර්ථික අවපාතය ගැන අසා තිබුණේ නැත. සෑම දෙනාම දැන සිටියේ මූල්‍ය භීතීන් ගැනය. 1797 දී, 1820 දී. 1835 දී, 1857 දී සහ 1873 දී මූල්‍ය භීතීන් ඇති වී තිබිණි. මුල්‍ය භීතියක් යනු සීයාට නම් අලුත් දෙයක් නොවීය. ඔහු මීට පෙර ඒවා දැක තිබුණේය; මෙයත් සාමාන්‍ය මූල්‍ය භීතියකට වඩා වැඩි දෙයක් නොවේ යැයිද, යුද්ධ කාලය තරම් නරක දෙයක් තවත් නැතැයිද ඔහු කීවේය. දැන් අප සියලු දෙනාට නිරුපද්‍රිතව නිදන්නට හැකි අතර, කෝක්සිගේ සේනාව හැරෙන්නට වෙනත් කිසිවකු වියරු වැටී ප්‍රචණ්ඩ ක්‍රියා කරමින් සිටියේ නැත.

    Original price was: Rs. 380.00.Current price is: Rs. 304.00.
  • -10%
    (0)

    නිහඬ නොවූ සාක්ෂි 4 – nihada nowu sakshi

    පොලිස් අත්අඩංගුවේ සිටියදී හදිසියේ මියගිය රූමත් තරුණිය පේරාදෙණිය, මහනුවර පාරේ පිහිටි සුපිරි වෙළෙඳ සළකට, ආරෝහ පරිණාහ දේහයකින් යුතු රූමත් තරුණියක් ගොඩ වැදුණාය. එම අවස්ථාව තරමක් කාර්ය බහුල වූ හෙයින් ඇය කිසිවකුගේ විශේෂ අවධානයක් දිනා නොගත්තාය. වෙළෙදසළේ ඔබ මොබ ඇවිද තමන්ට අවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් තෝරාගෙන ඒ සඳහා මුදල් ගෙවනු පිණිස ඇප මුදල් අයකැමිවරයා වෙතට පැමිණියාය. අනතුරුව රුපියල් දාහේ නෝට්ටුවකින් ඇයගේ බිල ගෙවා දැමීමට සැරසුණා පමණි. සුපිරි වෙළෙඳ සෙළේ කළමනාකාරවරයා සිය කාර්යාල කාමරයේ සිට වහ වහා මුදල් කවුන්ටරය වෙත පැමිණියේය. පෙර කී තරුණිය ගෙවා දැමීමට සුදානම් වන බිල්පත, මුදල් අයකැමිවරයාගෙන් ලබාගෙන ඒ සමඟ තරුණිය සන්තකයේ වූ භාණ්ඩ සමඟ සසඳ බැලීය. ඉන් සෑහීමකට පත් නොවූ ඔහු තරුණියගේ අත් බෑගය පරීක්ෂා කර බැලීම සඳහා ඉල්ලා සිටියේය. එහෙත් ඇය ඒ සඳහා තරයේ විරුද්ධ වූවාය. එහෙත් සිදුව තිබුණේ වෙනත් යමකි. කළමනාකාරවරයා තම කාර්යාලයේ තිබූ රූපවාහිනි තිරයෙන් ඊට සම්බන්ධ කැමරා පද්ධතිය හරහා වෙළෙඳසළේ සිදුවන දෑ නරඹමින් සිට ඇත. ඒ අතරවාරයේ මෙම තරුණිය අනර්ඝ වටිනාකමකින් යුත් සමහර දෑ ඇයගේ අත් බෑගයට දමා ගන්නවා ඔහු නිරීක්ෂණය කර තිබිණි.

    Original price was: Rs. 350.00.Current price is: Rs. 315.00.
  • -20%
    (0)

    වන්නි වනේ දඩ හදවත – Wanni wane dhada hadawatha

    තෙරක් නොපෙනෙන මහා සාගරයේ නිල්වන් ජල තලාව සේ පෙනෙන මහා වන වියනේ ඈත කෙළවරින් හිරු සැඟව ආකාශයේ තැවරී තිබූළා රන් පැහැය ද මැකී යන තෙක් දැහැනකට සමවැදුණාක් මෙන් හිටිපියේම සිටි තවුස් තෙම එදෙස බලා උන්නේය. ඔහුගේ හිතට කිසිදු දෝමනස්සයක් හෝ සාංකාකුල බවක් නොදැනිණ. අඳුර, රාත්‍රිය, හෙට නැවත ආලෝකය. තවත් උදෑසනක්. එදවස ද ගෙවී නැවතත් අන්ධකාරය. ස්වභාව ධර්මයේ නියමය එයයි. තවුසාණෝ ඉතා සෙමින් සේම පරිස්සමින් තමා බොහෝ වේලාවක් තිස්සේ රැඳී සිටි එම ගල් තැල්ල මතින් ඉවත් වෙන්නට වූහ. එය මේ මහා කළුගල් කන්දේ එක් පසෙකින් පිටතට නෙරා ගිය විශාල ගල් තැල්ලකි. දැවැන්ත ගසක කඳක කුරුල්ලන්ට වසා සිටිය හැකි ඉතා ගත ශක්තිමත් හත්තක් හැදුණා සේය. දහවල් කාලයේ දී භාවනා කිරීමට එය යෝග්‍ය තැනක් වුවත්, රාත්‍රී කාලයේ දී එහි රැඳී සිටිය නොහැකිය. මිනිසෙකු වුව පරඬලා පතක් මෙන් ගසාගෙන යා හැකි තරමට දැඩි වේගවත් සුළං ප්‍රවාහයක් එම ගල් තැල්ල හරහා හඬ දීගෙන හමායන බැවිනි. මිනිස් අතක රැඳි ගල් කටුවකින් හා මිටියකින් අනන්ත වූ වෙහෙසක් දරා එම මහා ගල් කන්දේ බඳ වටා ගල් තැල්ලට ළඟාවිය හැකි සේ මේ පටු අඩිපාර කැපුවා වැනිය.

    Original price was: Rs. 400.00.Current price is: Rs. 320.00.
  • -10%
    (0)

    දුම් නැවකින් දුර ගමනක් – Dum Nawakin Dura Gamanak

    ආත්තම්මාගේ කදිම අදහස ලෝකේ ඉන්න වාසනාවන්ත ම ළමයින් තුන් දෙනා කවුද කියලා ඇහුවොත් මයික්, බෙලින්ඩා සහ ඈන් කියලා ඕනෑ ම කෙනෙක් කියයි. ළමයින්ගේ ජිවිතයේ ගොඩාක් කලාතුරකින් අත් දකින්න ලැබෙන හරි අපූරු සිදුවීම් ගොඩක් මැද ඒ අය ජිවත් වෙන හින්දයි හැමෝම එහෙම හිතන්නේ.

    Original price was: Rs. 380.00.Current price is: Rs. 342.00.
  • -10%
    (0)

    ගොවිගෙදර නිවාඩුවක් – Govi gedara niwaduwak

    බටර්කප් ගොවිපලේ සෑම දවසක් ම හරි ම අපූරුයි. විනෝදයි. මේ අපූරු දවස් එකින් එක ගෙවිල යනකොට ළමයි හරීයට දුක්වුණා. හැබැයි ඒ අය ගොඩක් දේවලුත් ඉගෙනගෙන තිබුණා.

    Original price was: Rs. 380.00.Current price is: Rs. 342.00.
  • -10%
    (0)

    මුහුද අද්දර ගෙදර ළමයි – Muhuda addara gedara lamai

    ආයෙමත් වසන්ත කාලය ” දෙවියන්ට ස්තූති වෙන්ට තවත් සති දෙකක් යනකම ඉස්කෝලේ නිවාඩුයි.” වසන්ත නිවාඩුව අරගෙන ගෙදර ආපු මයික් ගොඩාක් සතුටින් පොත් බෑග් එක මේසය උඩට විසි කෙරුවා. මේසය උඩ තිබුණු මල් පෝච්චිය බිමට නොවැටී බේරුණේ අනූ නමයෙන්. ” මයික් ………මොකද මේ කලබලේ………බෙලින්ඩත් ඔය විදිහටම කෙරුවා. තව ටිකෙන් මල් පෝච්චිය බිම.” අම්මා තරහ මූණක් මවාගෙන කියන කොට බෙලින්ඩා ඇය අසලට ඇවිත් බැගෑපත් වුණා. “අනේ මට සමාවෙන්න අම්මේ…. එහෙම කියපු බෙලින්ඩා මල් පෝච්චියට තිබුණු විදිහට සකස් කෙරුවා. පුංචි ඈන් දුවගෙන ඇවිත් බිමට වැටිලා තිබුණ මල් කිණිති නැවතත් පෝච්චියට දැම්මා.

    පාසල් නිවාඩුව සඳහා ළමයින් තිදෙනෙක් සහ ඔවුන්ගේ මවත් පියාත් එංගලන්තයේ මුහුද අද්දර ගම්මානයකට පැමිණෙති. ඔවුන් එහි ගත කරන ප්‍රීතිමත් ජීවිතය වටා මේ රසවත් කතාව ගෙතී ඇත.

    Original price was: Rs. 380.00.Current price is: Rs. 342.00.
  • -20%
    (0)

    ගිකෝර්

    Original price was: Rs. 450.00.Current price is: Rs. 360.00.
  • -10%
    (0)

    භාරත යෝගීන් සහ ඉසිවරයන් සමඟ 2 – Bharatha Yogin Saha Isiwarayan Samaga 2

    ඇතමකු යෝගීන් ලෙස ද, තවත් සමහරු සන්නාසීන් ලෙස
    ද හඳුන්වනු ලබන ගුප්ත සමාජ තලයකට අයත් මෙම මිනිසුන් පිළිබඳ වූ විටින් විට අපට ආසන්නට ලැබෙන එකී වෘත්තාන්ත පිටු පස ඇති සත්යය කුමක්ද? අභ්යාසයේ යෙදෙන්නන්ට මානසික ශක්තීන්ගේ අති විශේෂ සංවර්ධනයක් සහතික කෙරෙන පෞරාණික ප්රඥාවක් භාරතයේ පවනින්නේ යයි දන්වමින් අප වෙත ලැබෙන සක්රීය ඉඟි පිටු පස ඇති සත්යය කුමක්ද? මා එය සොයා දීර්ඝ ගමනක යෙදුණු අතර…

    Original price was: Rs. 400.00.Current price is: Rs. 360.00.