-
මාල්ගුඩි දවස් – Malgudi dawas
Original price was: Rs. 900.00.Rs. 810.00Current price is: Rs. 810.00.වෛද්‍යවරයාගේ තීරණය රෝගියෙකුගේ තත්ත්වය අවදානම් අතට හැරුණ විට මිනිස්සු ඔහු සොයා යාමට පුරුදු වූහ. ඇයි දවසක්වත් කලින් ආවෙ නැත්තෙ? එවැනි මිනිසුන්ට වෛද්‍ය රාමන් නිතරම කඩා පනියි. එහෙත් ඊට හේතුව පැහැදිලිය. වෛද්‍යවරයාට ගෙවිය යුතු ගාස්තුව රුපියල් විසිපහක් වීම එක හේතුවකි. එහෙත් ඊටත් වඩා වැදගත් කරුණක් ඇත. වෛද්‍ය රාමන් මහතා ගෙන් උපදෙස් ගැනීමට කාලය පැමිණ ඇති බව පිළිගැනීමට අකැමැති වීමයි. වෛද්‍ය රාමන් ගේ ස්වාභාවය කවුරුත් මනාලෙස දැන සිටියහ. නිතරම වෛද්‍ය රාමන්ගෙන් ලැබුණේ ක්ෂණික තීරණයකි. ” තවදුරටත් කාලය කැප කිරීමෙන් ප්‍රයෝජනයක් සිදු නොවේ. වෛද්‍ය රාමන් තුළ වැනෙනසුලු ප්‍රතිපත්ති නොවීය. බොරුවට ගුණ ගැයීමක් ද ඔහුගෙන් සිදු නොවීය. මේ අන්දමට දිර්ඝ කාලයක් කටයුතු කිරීම නිසා මෙම වෛද්‍යවරයාගේ සාර්ථකත්වය පිළිබඳව මහජනයා තුළ පිළිගැනීමක් ඇති විය. මෙම වෛද්‍යවරයා ප්‍රකාශ කරන අදහස මිනිසුන් සැලකුවේ වෛද්‍යවරයෙකුගේ ප්‍රකාශයක් ලෙස නොවේ. විනිශ්චයකාරවරයකු දෙන තීරණයක් ලෙසිනි. රෝගියාගේ ජීවිතය රඳා පැවැතියේ ඔහුගේ වචන මතයි. රෝගියාගේ තත්ත්වය සුවදායක අතට හැරෙන බව පැවසීමෙන් රෝගියාගේ ජීවිතය බේරාගත නොහැකි බව ඔහු විශ්වාස කළේය. සැනසුම ලබාදෙන බොරු කීම තමන්ගේ රාජකාරියට අයත් නැති බව වෛද්‍ය රාමන් ගේ අදහස විය. කෙසේ වෙතත් බලාපොරොත්තු තබාගත හැකි අවස්ථා වලදී හේ කමිසයේ අත් නමා ගෙන රෝගියා වෙත ගියේය. එය පැය කීපයක් නොව දින ගණනාවක් විය හැකියි. එහෙත් රෝගියා මරුවාගෙන් ගලවා ගන්නා තුරු හේ සටන් කළේය.
-
මිදි ඔය අසබඩ – Midi oya asabada
Original price was: Rs. 1,120.00.Rs. 880.00Current price is: Rs. 880.00.යළිත් ආවරණය කළ ගැලේ නැඟී මෙවර ඔවුන් පිටත්ව යන්නේ මිනෙසොටාවටයි. එහිදී ඔවුහු සොඳුරු මිදි ඔය අසබඩ කණ්ඩියක් යට පිහිටි කුඩා නිවසක පදිංචි වෙති. වැඩි කල් යන්නට පෙර අප්පච්චි වීදුරු ජනේල සහ අසව් වලින් සවි කළ දොරක් ඇති අපුරු නිවසක් සාදයි. පාසල් යන්නට පටන් ගන්නා ලෝරා සහ ඇගේ සහෝදරය මේරි ගෙදර දොරේ වැඩපළට උදව් වෙති, ඔයේ මසුන් අල්ලති. පළගැටි උවදුරක සහ භයංකාර කුණාටුවක ස්වරූපයෙන් අවාසනාව ඔවුන් හඹා එන නමුත් ඔවුහු එකට එකතුව ඒ සියලු ප්‍රශ්න ඉදිරියේ නොසැලී නැගී සිටිති. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හතර වැන්නයි.
-
මේ මිහිරැති සොඳුරු සමය – Me mihirathi sonduru samaya
Original price was: Rs. 1,300.00.Rs. 1,040.00Current price is: Rs. 1,040.00.කුඩා නගරයේ ජීවත් වන පහළොස් හැවිරිදි ලෝරා ඉන්ගල්ස් ඇගේ ජීවිතයේ පළමු වැනි වතාවට නිවසින් පිට වී තනිවම ජීවත් වන්නට යයි. ඈ දැන් උගන්වන්නේ නිවසට සැතපුම් දොළහක් ඈතින් පිහිටි කුඩා පාසලකය. අප්පච්චිත්, අම්මාත්, කෙතේ නැතිව ඈට දැඩි පාළුවක් දැනෙන නමුත්, තමාගේ වැටුප අන්ධ විද්‍යාලයේ ඉගෙන ගන්නා මේරිගේ අධ්‍යාපන කටයුතු වලට මුදල් ගෙවීමට උදව්වක් වන බව දන්නා නිසාවෙන් ඇය සිත දිරීමත් කරගෙන රැකියාව කරයි. ඈත්, අල්මන්සෝ වයිල්ඩර්ස් අතර පවතින මිතුරුදම ක්‍රමයෙන් වැඩි වර්ධනය වී ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත් වෙති. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ අටවැන්නයි.
-
යකාගෙ ඉස්කෝලෙ – Yakage iskole
Original price was: Rs. 800.00.Rs. 720.00Current price is: Rs. 720.00.සමාජය විෂමය. කුරීරුය. එහි ගොදුරු බවට පත්වන්නේ වැඩිහිටියන් පමණක්ම නොවේ. වැඩිහිටියන් විසින් නිර්මාණය කරන ලද විෂම සමාජ පරිසරය තුළ දරුවන්ගේ විසිතුරු ලොවද පීඩාවට පත් වේ. සඳළි, ක්‍රිෂ්ණ, නියාස් යනු එකී වව්‍යසනය හමුවේ පීඩාවට පත් ළමුන් තිදෙනෙකි. සියල් බාධක කම්කටොලු මැද අධ්‍යාපනය ලබන අතරම. සමාජයට පිළිලයක් වූ දරුණු අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර දීමටද ඔවුහු අරගල කරති. ඒ සෑම උත්සාහයක්ම බිහිසුණුය. ත්‍රාසජනකය. පාඨකයා තිගැස්මට ලක් කරන සුලුය. මේ ඔවුන්ගේ විරත්වයෙන්ද, උදෙත්ගයෙන්ද සුසැදි අපූර්ව කතාවයි.