-
ගෙජ්ජි – Gejji
Original price was: Rs. 1,350.00.Rs. 1,080.00Current price is: Rs. 1,080.00.අතීතයේ මතක අස්සෙ හිර වෙච්ච මිනිස්සු අපි, ලේසියෙන් ගැලවෙන්න බැරි විදිහට.. රෝද පුටුව මත සිට හාතිය බලා සිටියේ නොනවත්වා ඇද හැලෙන වර්ෂාව දෙසය. පරිසරය තුළ පැවතියේ දැඩි මූසල ස්වභාවයක් බව ඔහුට සිතුණි. තම සිතුවිලි මෙතරම් දුරට චංචල වූ දිනක් පිළිබඳ ඔහුගේ මතකය තුළ පවා නොතිබුණි. සත්‍යා විසින් කරන ලද විශේෂ විමසීම සිය මතකය මීට වසර පහක දුරාතීතයක සිට මෑත අතීතයක් දක්වා කැඳවාගෙන ගියද. ඒ කාලවකවානුව මේ තරම්ම මනසට පීඩාකාරී වනු ඇතැයි ඔහු කිසි ලෙසකවත් නොසිතුවේය. එහෙත් දැන් එය සිදු වී හමාරය. හානිය…. මොකද මේ? ඇයි මේ එළිය දිහා බලාගෙන කල්පනා කරන්නේ? කෝ, සත්‍යා ආවෙ නැද්ද? සුජාතාත් පේන්න නැනේ…. ජැස්මින් ද්වාරය විවර කරගෙනම ආලින්දයට පිවිසි බවවත් භාතියට නොදැනුණේ ඔහු ඒ තරමටම ව්‍යාකූල වූ සිතුවිලි වැලක කිමිද සිටි නිසාය. දස හැවිරිදි දියණිය ඇන්ඩ්‍රියා ද පැමිණි හානියගේ දෙකම්මුල් සිඹ ආදරණීය සිනහවක් පාමින් එතැනින් පිටව යන අයුරු දෙස ඔහු අනෙක් පස හැරී බලා සිටියේය. සත්‍යා මේ දැන් ගියේ මෙච්චර වෙලා මාත් එක්ක කතා කර කර ඉඳලා. සුජාතාත් ඒත් එක්කම ගියා එයාගේ පුතාට සනීප නැහැ කියලා. මාත් කිව්වා ඉක්මනින් ගිහින් බෙහෙත් ටිකක් අරගෙන දෙන්න කියලා, ඔයාලා දැන් එන නිසා…” සුජාතා යනු නිවසෙහි වැඩ කටයුතු කිරීමට සිටින සේවිකාවයි. ඇය උදෑසන පැමිණ ඇවැසි වැඩ කටයුතු කර නැවතත් සවසට පිටව යයි. ජැස්මින් භාතිය අසලම ලී පුටුවෙහි වාඩි වුණේ ඔහුගේ දකුණු පාදය මත සිය වමත තබා ඒ දෑස් දෙස බලමින් සොඳුරු සිනහවක්ද සමඟින්ය. වෙනදා නොවන කිසියම් ව්‍යාකූල හැගීමකින් භාතිය පෙළෙන බව ඇයට සිතිණි. “ඇයි භාතිය….. ඔයා අවුලක නේද? ඔයාගෙ මුණෙන් ඒක හොඳට තේරෙනවා…”
-
ගෙදර යන අතරමග – Gedara yana atharagama
Original price was: Rs. 380.00.Rs. 304.00Current price is: Rs. 304.00.අවුරුදු හතක් පුරා වර්ෂාව ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙනි. තැනිතලා දුවිලි ගොඩවල් බවට පත් වී තිබිණි. දවසින් දවස. ග්‍රීෂ්ම ඍතුවෙන් ග්‍රීෂ්ම ඍතුව අතිඌෂ්ණ සුළඟ දූවිලි පිඹිමින් හමා ගිය අතර, සූර්යයා කහ පැහැති අහස් තලයක පිත්තල පැහැයෙන් දිස් ස්විය. අස්වැන්නක් අස්වැන්නක් ගාණේ නිසරු වී ගියේය. බදු ගෙවීම සඳහා, ආහාර සහ ඊළඟ අවුරුද්දේ වචන බීජ මිල දී ගැනීම සඳහා මුඩු බිම යළි යළිත් උකස් තැබීමට සිදු විය. අස්වැන්න නොලැබුණු විට, තවත් ණය ගැනීමට නොහැකි වූ විට, පොලී සහ බදු ගෙවීමට මුදල් නැති වූ විට බලාපොරොත්තුවේ කටුක වේදනාව නිමා විය. බැංකු හිමියාට ඉඩම සින්න විය. ඊළඟට බැංකුව වස්තු භංග විය. හත්වැනි අවුරුද්දේ දී මහා ගුප්ත ව්‍යසනයක් මුළු ලොව පැතිර ගියේය. සියලු බැංකු වස්තු භංග විය. මුළු රට පුරා කම්හල් වැසී ගිය අතර, ව්‍යාපාර ඇනහිටිණි. මෙය මූල්‍ය භීතියක් විය. එය ආර්ථික අවපාතයක් නොවීය. ඒ 1893 අවුරුද්ද වූ අතර ඒ කාලයේ කිසිවකු ආර්ථික අවපාතය ගැන අසා තිබුණේ නැත. සෑම දෙනාම දැන සිටියේ මූල්‍ය භීතීන් ගැනය. 1797 දී, 1820 දී. 1835 දී, 1857 දී සහ 1873 දී මූල්‍ය භීතීන් ඇති වී තිබිණි. මුල්‍ය භීතියක් යනු සීයාට නම් අලුත් දෙයක් නොවීය. ඔහු මීට පෙර ඒවා දැක තිබුණේය; මෙයත් සාමාන්‍ය මූල්‍ය භීතියකට වඩා වැඩි දෙයක් නොවේ යැයිද, යුද්ධ කාලය තරම් නරක දෙයක් තවත් නැතැයිද ඔහු කීවේය. දැන් අප සියලු දෙනාට නිරුපද්‍රිතව නිදන්නට හැකි අතර, කෝක්සිගේ සේනාව හැරෙන්නට වෙනත් කිසිවකු වියරු වැටී ප්‍රචණ්ඩ ක්‍රියා කරමින් සිටියේ නැත.
-
ග්ලැසේරා – Glasera
Original price was: Rs. 1,300.00.Rs. 1,040.00Current price is: Rs. 1,040.00.” මම කවදාවත් ඉර දැකලා නෑ….. ඒ ගොරෝසු හඬ ඇසුණේ තමන්ගේ මනසින්ද, එසේත් නැතිනම් දකුණු කනට අඟල් ගණනක් ඈතින්ද කියා නෝවාට තේරුණේ නැත. දකිමින් සිටි කලබලකාරී වේගවත් සිහින රැසකට එකවරම ඒ හඬ බාධාවක් විය. වේගයෙන් ගැහෙන ඔහුගේ හදවත ඒ හඬින් තවත් වේගවත් වුණේය. නමුත් එමඟින් ඔහුගේ මනස අවදි විය. ඈතින් ස්………ස්’ හඬ දෙමින් හමා යන දැඩි සුළගේ වියරු හඬ ඔහුගේ දෙසවනට ඇසෙන්නට විය. නමුත් ඒ හැරෙන්නට වෙනත් කිසිම හඬක් ඔහුගේ දෙසවන කම්පනය නොකළේය. ඔහු බලාපොරොත්තු වූයේ ඒ නැඟුණු හඬ නැවතත් අසන්නටය. නැත. වෙනත් කිසිම ශබ්දයක් නැත. තම පපුවේ ඇති සෙම ගතිය තමාට දැනෙන තරමට තදින් ඔහු හුස්මක් ගත්තේය. පපුවෙන් රුං හඬක් ඇසෙන්නට විය. ඔහු වරක් කැස්සේය. තවත් වරක් කැස්සේය. උගුර හා පපුවේ තිබුණු පැටලුණු ගතිය එයින් යම්තාක් දුරකට නැති විය. අවහිර බව නැති වූ නාසයට දුර්ගන්ධයක් දැනෙන්නට විය. එය කුමන වර්ගයේ දුර්ගන්ධයක් ද කියා ඔහුට අමුතුවෙන් සිතන්නට අවශ්‍ය නැත. ඔහු විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයට ආ පළවෙනිම දවසේ දැනුණේ ද මෙවැනිම ගන්ධයකි.
-
චන්ද්‍ර රක්ත – Chandra raktha
Original price was: Rs. 1,300.00.Rs. 1,040.00Current price is: Rs. 1,040.00.මුළු ආකාශ තලයම ගිගිරුම් දෙමින් චණ්ඩ මාරුතයක පෙරමඟ කියන්නා සේ අකුණු සරින් අලෝකමත් වෙමින් තිබිණි. දසත වූ මහා වෘක්ෂලතාවෝ වේගයෙන් හමා යන මාරුතයෙහි එතී. ඒ මේ අත සෙලවෙමින්, තම අනුශාඛා ආයාසයෙන් දරා සිටියහ. කලබලයට පත් ඇතැම් සුනඛයෝ අන්ධකාරයෙහි ගිලී අකුණු සරින් නිරන්තරයෙන් ආලෝකමත් වන ආකාශ තලය දෙස හිස් හොවා උඩු බිරූහ. ඒ මුළු මහත් ලෝකයක්ම නිද්‍රාගතව හුන් පාළු මධ්‍යම රාත්‍රියකි. වීදියේ විදුලි පහන්වල දැල්වෙමින් තිබූ ආලෝකය නිවී ගොස්, මුළු ප්‍රදේශයම අන්ධකාරයෙහි ගිලී පැවතුණි. සියුම් වීදුරු කැට පොළෝ ගැබ සිසාරා පතිත වන්නා සේ, ඉමක් කොනක් නොමැතිව චිරි චිරි හඬ නගමින් බිම පතිත වන්නා වු අරුමෝසම් වර්ෂාව මධ්‍යයේ ඝන අන්ධකාරය තුළින් අහස් තලයේ සිට පොළොවට බැස ගත් මනුෂ්‍ය රුවැති – අමනුෂ්‍යයෙකි. ඔහුගේ ඇස් ගිනි පුළිඟු සේ රක්ත වර්ණයෙන් දිදුලන්නට විය. මුඛය අගින් රුධිරය ගලා යමින් තිබිණි. එකෙණෙහිම ඔහු පසුපසින් පොළොව මතට පතිත වූ මනුෂ්‍යයෙකුගේ නිසල දේහයකි. තම සහචරයින් දෙදෙනෙකුද කැටුව රාත්‍රී සංචාරයේ යෙදුණු අමනුෂ්‍යයා සිටියේ කොළ
-
ජන ප්‍රියයි රසකතා – Jana Priyayi Rasa Katha
Original price was: Rs. 900.00.Rs. 810.00Current price is: Rs. 810.00.ජනා මාර්ගය අයිනේ මේසයක් මත රඹුටන් ගොඩ ගසාගෙන මහ හයියෙන් කෑ ගසමින් ඒවා විකුණමින් සිටියි.
ජනා – මල්වානේ රඹුටන් ඇඹුල් නෑ මල්වානේ රඹුටන් ඇඹුල් නෑ! මල්වානේ රඹුටන් ඇඹුල් නෑ!
ජනා කෑ ගසමින් සිටින අතරවාරයේ ප්‍රියා ඒ අසලින් යන්නට යයි. ජනා, ප්‍රියා දැක සිනාවක් පාමින්…
ජනා – මහත්තයා දෙන්ඩද…?
ප්‍රියා – කියද…?
ජනා – සීයට දහයයි…
ප්‍රියා – දහයක් දෙන්ඩ… ප්‍රියා රුපියල් සීයේ නෝට්ටුවක් ජනාට දී එක් රඹුටන් ගෙඩියක ලෙල්ල ඉවත් කර කටේ දමා ගන්නා අතර ඔහුගේ කට ඇඹුල් වි
ප්‍රියා – ඇඹුල්නේ
ජනා – ඇඹුල් ඇඹුල්…
ප්‍රියා – එහෙනම් ඇඹුල් නැ කිව්වේ? ජනා – ඒ මල්වානේ ඒවනේ… ප්‍රියා අනා අතින් මුදල් නෝට්ටුවත් උදුරාගෙන වාගේ එතැනින් යන්නට යන්නේ තරහින්ය.
-
ජිමී සහ පොලියානා – Jimmy saha Pollyana
Original price was: Rs. 760.00.Rs. 608.00Current price is: Rs. 608.00.ජිමී සහ පොලියානා පරිවර්තනය කත්‍යානා අමරසිංහ පොලියානාගේ ජීවන වෘතාන්තයේ තෙවන භාගය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය. යොවුන් වියේ සුන්දරත්වයත් ජීවන යාත්‍රාවෙහි සියුම් සංවේදනාන් නිසි වර්ණ වලින් මේ කතාවෙහි නිරූපණය කර ඇති ආකාරය ඉතා මනහරය. කත්‍යානා අමරසිංහ පොලියානා අපට හඳුන්වා දෙන්නේ සාහිත්‍ය කෘතියක රසය මෙන්ම අගය නිසි සේ සුරකිමිනි.















