-
(0)By : jackie collins
මූ නං මහ….
සංගීතෙ…!
සුරාව…! සූදුව !!
පිරිමි… නිකම්ම පිරිමි නෙමෙයි,
ජවය උතුරන පිරිමි…!
නැටුම්…!
ගැයුම්…!
වැයුම්…! ඇයි රති කෙළි?
තරු හතේ හෝටල්…
සමාජ ශාලා…
දිව්‍යලෝකෙ වගේ…!
දෙවිවරු… දිව්‍යාංගනාවො වගේ!!
ඒත් ඉතින්,
පරසතු මලුත් පරවෙන්න පුළුවන්නෙ!
ඊට කලින්
රිංගලා බලමුද
ඒ ලෝකෙට ?
(“මූ” ගන්නවනං, “මේකි” ත් ගත්තොත් තමා සම්පූර්ණ!)
Rs. 1,200.00Rs. 960.00 -
(0)By : jackie collins
මේකි නං මහ….
සංගීතෙ…!
සුරාව…! සූදුව!!
ගෑනු… නිකම්ම ගෑනු නෙමෙයි,
රාගය උතුරන ගෑනු…!
නැටුම්…!
ගැයුම්…!
වැයුම්…! ඇයි රති කෙළි?
තරු හතේ හෝටල්…
සමාජ ශාලා…
දිව්‍යෙලා්කෙ වගේ…!
දෙවිවරු… දිව්‍යාංගනාවො වගේ!!
ඒත් ඉතින්,
පරසතු මලුත් පරවෙන්න පුළුවන්නෙ!
ඊට කලින්
රිංගලා බලමුද
ඒ ලෝකෙට ?
(“මේකි” ගන්නවනං, “මූ” ත් ගත්තොත් තමා සම්පූර්ණ!)
Rs. 1,000.00Rs. 800.00 -
(0)
මොසාඩ් – Mossad
“ඊශ්‍රායල බුද්ධිමය මෙහෙයුම් ඉතිහාසයේ, අති විශිෂ්ට වෘත්තාන්තරයන්ගේ, ලොමු දැහැගැන්වෙන ක්‍රියාකාරකම් සමහරක් එහි ඇතුළු තතු දන්නා දෙදෙනෙකු විසින් අනාවරණය කරන මෙම පොතෙහි අවධානය යොමුව ඇත්තේ කීර්තිමක් මාසාඩ් වංශකතාවේ එන අද්විතීය පැහැරගැනීම්, රහසිගත මෙහෙයුම්,කඩාකප්පල් කිරිම් හා ඝාතන පිටුපස වූ මෙහෙයුම් ක්‍රියාදාමයන් සහ පුද්ගලයන් කෙරෙහිය,
Rs. 1,495.00Rs. 1,345.50 -
(0)
මෞන – Mauna
කිසි දිනෙක අසා නොතිබූ අමුතු වචන පෙළක් කාව්‍යා එකදිගට මිමිනුවාය. තිමිරද ඉතා කුතුහලයකින් යුතුව ඒ දෙස බලා සිටියේය. තමා මායාකරුවකු නොවේ නම් මේ කරන්නා වූ වංචාවට දඬුවම මරණය බවත් හොඳින් දැනගත් තිමිර, කාව්‍යා කියන්නා වූ සෑම දෙයම අකුරක් නෑරම සිදුකරන්නට වූයේය. එසේ කිරීමට හේතුව වූයේ මේ ප්රශ්නය තමන් ඇති කළ දෙයක් නිසාත් ඇය අද මෙතැන සිටින්නේද තමන් නිසාත් වීම යන හේතු මතය. තමන්ට මියැදෙන්නට සිදු වුවත් අවසන් හුස්ම තෙක් තමන්ගේ කාර්යයට කැපවෙන්නා වූ කාව්‍යාට ආරක්ෂාව සැලසීම ඔහුගේ යුතුකමක් බව ඔහු සිතීය. උරුමයක් පරම්පරාවෙන් ලැබුණද පරම්පරාවේ සියල්ලන්ම මායා කරුවන් වන්නේද නැත. එසේම වර්තමාන පිෆෙක්ස් නායක ක්‍රෙම්ස්ටන්ද මායාකරුවෙකු නොවේ. මරණය වෙත ඇති සම්භාවිතාවය වැඩිය. මේ සියල්ලම තිමිරගේ සිතෙහි රැව් පිලිරැව් දුන්නේය. නමුත් කාව්‍යා කියූ කාරණය එවිට තිමිරට සිහි විය. තමන්ගේ සිත පාලනයට ඉතා වෙහෙසක් දැරූ තිමිර මෞනය බේරාගැනීම යන කාරණය පිළිබඳම සිතමින් බලපාෂාණය මත තම සුරත තබා ගෙනම සිටියේය.
Rs. 650.00Rs. 585.00 -
(0)By : Jay Shetty
යතිවරයෙකු සේ සිතන්න – YATHIWARAYEKU SE SITHANNA
මෙය ඔබේ ජීවිතය වෙනස් කරන අපූරු ග්රන්ථයකි.වෙළඳපොලට නිකුත් වූ සැනින්ම ලොව පුරා මිනිසුන් මිලියන ගණනකින් වැළඳගත් ජේ සෙත්ති විසින් රචිත මෙම ‘Think Like a Monk’ ග්‍රන්ථය වසර 2020 දී Amazon.com හා New York Times හි වැඩිම අලවියක් හිමි කරගත් පුද්ගල වර්ධන ග්‍රන්ථය බවට පත්විය. බවට පත්විය.ජේ සෙත්ති තෙවසරක්ම භික්ෂුවක ලෙස මහනදම් පිරූවෙකි.සිතේ සාමකාමී බව වර්ධනය කිරීම හා ජීවිතයේ ඒදිනෙදා අරමුණ ජය ගැනීමට සිත පුහුණු කිරීමේ මග ජේ සෙත්ති විසින් ඔබට කියා දෙන්නේ තම යතිවර සමයේ හඳුනාගත් ජීවිතය වෙනස් කරන මූලධර්ම රැසකිනි.ඒහෙයින් මෙම ග්රන්ථයෙහි සඳහන් පුද්ගල වර්ධන මූලධර්ම ඔබේ ජීවිතයේ වෙනස් මගකට යොමු කරවන්නකි.
Rs. 1,580.00Rs. 1,264.00 -
(0)
යස්ස ළමිස්සි
“හායි මම රාධිකා මේතා … මම මේ සුමානේ බඳනවා… ! මං වැඩ කරන්නේ ලොක ප්‍රසිද්ධ බැංකුවක් වෙච්ච ගොල්ඩ්මන් සැක්ස් එකේ.මගේ කතාව කියවන හැමෝටම ස්තූතියි. හැබැයි පොඩ්ඩක් ඉන්න….මට තියනවා ඔයාලට අවවාදයක් කරන්න. ඔයාලා මට ඒ හැටි කැමති නොවෙන්න පුලුවන් …. ඒකට හේතු තුනක් තියනවා.1. මං නොසෑහෙන්න හම්බ කරනවා.2. මට හැමදේකටම මගේය කියලා මතකයක් තියනවා.3. මට මීට මීට කලින් කොල්ලෙක් ඉඳලා තියනවා.එක්කෝ කොල්ලෝ දෙන්නෙක්ම හිටියා කියමුකෝ. හ්ම්.. කොල්ලෙක් නම් ඔයාලට මේ එකක්වත් ප්‍රශ්න නොවෙන බව මම දන්නනවා.එත් මං කෙල්ලෙක් වෙච්ච හින්දා, මේ කිව්ව කාරණාත් එක්ක ඔයාල මට එච්චර කැමති වෙන්නේ නෑ…එහෙම නේද එච්චර විතරක් නෙවෙය .. සමහර විට ඔයාලා කියාවි, “මේකි මහ යස්ස ළමිස්සියෙක් නෙ” කියලත්Rs. 1,750.00Rs. 1,400.00 -
(0)
රාවණා මෙහෙයුම – Rawana Meheyuma
මෙය හුදෙක් ප්‍රබන්ධ කෘතියක් නොව, සත්‍ය තෛිහාසික හා පුරාවිද්‍යාත්මක කරුණු සාධක මත පදනම් වු නිර්මාණාත්මක සාධනය කිරිමකි.සත්‍ය සෑම විටම ප්‍රබන්ධයට වඩා රසවත් වනු නොවනුමානය. හෙළදිව පුරාතන අභිමානය වර්තමාන සිංහල ජනතාව තුළට කාවද්දනු පිණිස,ඉතිහාසයේ වැළලි ගිය සටහන් හාරා අවුස්සමින් කළ ගවේශණවල ප්‍රතිඵලයක් ලෙස මෙම පොත බිහි විය.
Rs. 850.00Rs. 765.00 -
(0)
රාවණා මෙහෙයුම 2 – Rawana Meheyuma 2
බැලු බැලු අත කිසිම මනුස්සයෙකු, සිය කිමිදුම් සගයෙකු තියා මාළුවෙකුවත් පෙනෙන්නට නොමැති අඳුරු නීල වර්ණ සමුදුරු අගාධයේ තමන් තනි වූ බව පෙනෙන්නට තිබුයෙන් ඇය දැඩිසේ කම්පනයට පත් විය.
සන්නිවේදකය හරහා උදව් ඉල්ලා කෑ ගැසීමට ඈ හඬ නැඟුව ද මුවින් හඬක් පිට වුයේ නැත. අත පය සීතල වනු ඇයට හැඟුණි. ගතම සෙලවිය නොහැකි සේ ගල් වී ඇත. ත්‍රාසයෙන් අසරණව, අන්ධකාර සමුදුරු අගාධයෙහි තනි වී කරකියා ගත හැකි දෙයක් නොමැතිව, ඉහළ සාගර තලය දෙස ඇය හිස් බැල්මක් යොමු කළාය.
-
(0)By : Enid Blyton
රාස්සගල කන්ද – Rassagala Kanda
නිහැඬියාවක් පැතිරුණ අතරේ ටින්කර් හඬ නැගීය. “මම දන්ත තැනක් තියෙනවා. අපේ ප්‍රදීපාගාරයේ කවුරුත් නැහැ. අපි එතැනට යමු.”‘ ප්‍රදීපාගාරයක් ” ජෝර්ජ් ඇදහිය නොහැකි ලෙස බැලීය. ” ඉතින් කොහේ ද ඒක තියෙන්නේ? ”” මේක විහිළු කරන වේලාවක් නොවෙයි ” ඩික් තදින් කීය.“විහිළුවක් නොවෙයි ” රවාගත් ටින්කර් කිය. “අපේ තාත්තගෙන් අහන්න. එතෙන්ට කවුරුත් එන්නේ නැති හින්දා තාත්තා එක ගත්තා.”” ඒත්, ඔයාට ප්‍රදීපාගාරයක් නැහැනේ? ඩික් කීය.” මේක පරණ එක. ඊට ටිකක් දුරින් අලුතින් එකක් හදලා තියෙනවා. පරණ එක තාත්තා ගත්තා. එයා වැඩ කරගන්න යන්නේ ඒකට මමත් යනවා. හුඟක් ඉඩ නැති වුණාට අපිට සෙල්ලමි කරන්න ඉඩ තියෙනවා. මගේ උපන් දිනේ දවසේ තාත්තා ඒක මට දුන්නා.”” ඒක අපූරු කතාවක්. ජෝර්ජ්ට තාත්තා දූපතක් දුන්නා. ටින්කර්ට එයාගේ තාත්තා ප්‍රදීපාගාරයක් දීලා. අපේ තාත්තා මට ගිනි කන්දක් දුන්නා නම් හොඳයි.”ජෝර්ජ්ගේ දෑස සතුටින් දිලිසුණි. ” එතැන හොඳයි ද? “” ඔව්. මුහුදු රැල්ලේ සද්දේ විතරයි ” ටින්කර් පැහැදිලි කළේය. ” මුහුදු ළිහිණි එනවා. තාත්තාට උන්ගේ සද්දේ කරදරයක් වුණත් හැමදාම උන්ට කෑම දෙනවා.’Rs. 300.00Rs. 240.00 -
(0)
රුසියානු ගම්මැද්දේ චාරිකාවක් – Rusiyanu Gammadde Charikawak
මේ කතාන්දරය පටන් ගැනෙන උදෑසන උණුසුම්, එහෙත් වලාකුළු වලින් බර වූ ඇඳිරි එකක් වීය. රාත්‍රියේ ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් මුළු වනයත් තණ පිට්ටනිත් තෙත බරිත බවක් ඉසිලීය. අතු රිකිලි හැමෙකක ම රැඳී තිබුණු කුඩා ජල බිඳු රිදී පැහැයෙන් දිළිසුණේය. සිය ගණනක් වූ පැළෑටි හා පඳුරු වලින් නිකුත් වුණු සුගන්ධය කාගේ වුවද විඩාව දුරු කොට ප්‍රාණවත් බවක් ඇති කරන්නට සමත් විය.
අමුතුම මාදිලියේ අභිරහස් බවක් ඉසිලූ කුඩා විලක් වෙත, මම තණ පිට්ටනි මැදින් ගමන් කළෙමි. එම විලේ හෝ ඒ අවට හෝ කිසිදු අභිරහසක් ගුප්ත බවක් නොමැති වග, මනා සිහි බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට බැලූ බැල්මට පැහැදිලි වනු නොඅනුමාන ය. එසේ වුවද, වචන වලින් පැහැදිලි කළ නොහැකි අන්දමේ ගුප්ත හැඟීම් සමුදායක් එම විල අසලට ගිය කා තුළත් ඉතිරි විය. ඊට තුඩුදුන් සැබෑ හේතුව සොයා ගැනීමට මා කොතෙක් වෙර දැරුව ද, මාගේ උත්සාහය කිසිදාක සාර්ථක වූයේ නැත.Rs. 850.00Rs. 765.00 -
(0)
රුසියානු භාෂාවට අත්වැලක් – Rusiyanu Bhashavata Athvalak
සිංහලෙන්ම රුසියානු බස ඉගෙනීමට දැන් “රුසියානු භාෂාවට අත්වැලක්”
මේ ඔබටයි
උසස් අධ්‍යාපනය සදහා රුසියාව බලා යාමට අපේක්ෂිත
සිසුන්
රුසියානු සංචාරකයින් ට මගපෙන්වන සංචාරක මගපෙන්වන්නන්
රුසියානු බස ඉගෙනීමට කැමැත්තක් දක්වන ඕනෑම අයෙක් වෙනුවෙන්
එදිනෙදා ජීවිතයේ අසන දෙබස් රුසියන් බසින් අහන හැටි / කියන හැටි මෙම ග්‍රන්ථයේ අන්තර්ගත වේRs. 690.00Rs. 621.00 -
(0)
රෝස පාට හීන
ප්‍රේමය නම් ප්‍රේමයමයි. ඒක නියම්ද? අනියම්ද? කියන දේ අදාළ නෑ. මගේ දැක්ම අනුව මෙහෙම ප්‍රේමෙක පැටලෙන වුන් පව්. ඒකට හේතුව තමයි, හොයන දේ නොලැබීම, සතුට තාවකාලික බව දැන දැනත් දුක දෝතින් තුරුලු කර ගැනීම, ආදර රසයට ඇති වුණ කෑදරකම. ඒ නිසා ඒ අය පැටලෙනව මේ පඹ ගාලෙ. මෙහෙම දාර්ශනික වදන් දෙන අපිත් මේ ආදරයේ වින්දිතයො වෙන්න පුළුවන් කියල අමතක කරන්නත් හොඳ නෑ. ආදරය ඒ තරම්ම භයානකයි. ඒක කොතන, කොහොම, කා සමග ඇති වෙනවාද කියල කල් තියා සැලසුම් කරන්න බැ..
Rs. 750.00Rs. 675.00 -
(0)
රෝස මාලිගාවේ මනුසත්තු
යළිත් වරක් සාමා වෙතින් ලබන්නා වූ විරහ වේදනාව සමනය කරන්නට කාලයට ඉඩ දෙන්නට නො හැකි ය. ජීවිතය කිසි දිනක දෙවන අවස්ථාවක් ලබා නො දෙයි. ජිවත්වනට ඇත්තේ තවත් කෙටි කාලයක් විය හැකි ය. ඒ කෙටි කාලයේ සාමා ලබා ගනිමින් ජීවත් වන්නේ ද , එසේත් නැතිනම් පෙර පරිදි ජීවිතයට අයාලේ යන්නට ඉඩ දෙන්නේදැයි තීරණය කිරීමේ බැරෑරුම් අවස්ථාව දැන් පැමිණ ඇති බව නිහාල් තේරුම් ගත්තේ ය. වසර ගණනාවකට පෙර තමා ව මුලා කළ ගැහැනිය නො දැක පැරීසියෙන් පිටත ගියා නම් මේ ව්‍යාධිය සිතට දැනෙන්නේ නැත. දැන් යළිත් ඇගෙන්, ඇගේ පරිසරයෙන් ගැලවෙන්නට නො හැකි ය. මේ වාරයේ කෙසේ හෝ සාමා ව අත්කර ගන්නෙමියි ඔහු සිතුවේ ය. ඇගෙන් පළිගැනීම ඉන් පසුව කළ හැකි ය.
Rs. 1,100.00Rs. 990.00 -
(0)By : Melanie Golding
ලිට්ල් ඩාලින්ස් – Little Darlings
ලෝරන් ට්‍රැන්ටර් කුලුඳුලේම නිවුන් දරුවන් ලද්දියකි. සෑම අයෙක්ම පවසන්නේ ඈ මානසික ව්‍යාධියකින් පෙළෙන බවයි. නමුත් ඇයට අවශ්‍ය ඇගේ දරුවන් ය. ඇගේම දරුවන් ය.
ජොආනා හාර්පර්… සියලුදෙනා දකිනු ඇත්තේ ඈ හිත්පිත් නැති පොලිස් නිලධාරිනියක ලෙසය. නමුත් ඇය දරු සෙනෙහස හිත පතුලේ සඟවාගෙන වේදනා විඳින්නීය. ඇයට අවශ්‍ය සිය කුසින් බිහි කළ දරුවාගේ මුවින් ‘අම්මා’ යැයි ඇසීමටය.
මවකගේ සහජ බුද්ධිය ගණනය කළ යුතු බලවේගයකි. එයට අඳුරුතම කුණාටු හරහා ඇයට මඟපෙන්විය හැකිය.
මේ ඒ අම්මාවරුන්ගේ කතාවයි.
Rs. 1,700.00Rs. 1,530.00 -
(0)
ලියතඹර – Liyathabara
ඉන්දු කාශ්මීර දේශසීමාවේ යුද්ධය ඇවිලෙමින් පැවති සමයක ඈත දුෂ්කර කරම්පූර් ගම්මානයේ ඉපිද, හර්යානා ප්‍රාන්තයේ හමුදා නිලධාරියකුගේ බිරිඳ බවට පත්වන දීපචන්දාට කුමක් සිදුවේවි ද..?
ස්වර්ණද්වීප නම් සුන්දර රාජධානියේ සියම් දේශයේ බිසවකගේ සහ ස්වර්ණද්වීප බිසවගේ පුත් කුමරුන් දෙදෙනාගේ බල අරගලයට මැදිවන ලෝකුරුගමේ රන්කරුවකුගේ දියණියක් වන උපස්සනාගේ අනාගතය කෙසේ විසඳේද..?
තමාට වඩා වයසින් දෙගුණයක් වැඩි රාජකීය කාව්‍යක්කාරයාගේ කවි කෙරේ කාව්‍යමය ප්‍රේමයකින් බැඳෙන පද්මපාණී සිටු කුමරියට කුමක් සිදුවේද..?
Rs. 1,300.00Rs. 1,040.00 -
(0)
ලෝවීනා – loveena
“මට උඹ ගැන කැක්කුමක් නැත්නම් තවත් වදවෙන් නැතුව උඹ කැමැති මිනිහෙක් එක්ක පලයං ….
තම නැන්දම්මාගේ මුණ දිහා එක දිගට ටික වේලාවක් බලා සිටි කිරි අන්තිමට ඇයට කීවේ තව කල්පයක් කල් ගෙවුණත් සසිරා හැර වෙන කිසිම මිනිහෙකු සමඟ තමා නිදාගන්නට යන්නේ නැති බවය.
කන්‍යාවියක් විදිහට මැරුණත් මං එයත් එක්කම ඉන්නවා…. මේ විදිහට ඇගේ කන්‍යා භාවයට කිසි හානියක් නොවී තවත් වසර කීපයක් ගත වුණේය. හිටි අඩියේ ඇය අසනීප වුණේ ඔය අතරය. සැබැවින්ම එය අරුම පුදුම අසනීපයක් විය.Rs. 1,650.00Rs. 1,403.00