• -20%
    (0)

    ඇල්බට්වරුද මනුෂ්‍ය‍යෝය – Albertwaru da manushyoya

    ගින්දර සොයාගෙන ගංගා අසබඩ පදිංචි වී ශිෂ්ටාචාර ගොඩනැංවූ ඒ ආදි මාත්‍යාවරුන්ට හා පීතෘවරුන්ට ඩබල් ගැට ඇලපිල්ලක තරම්වත් උපහාරයක් පුදනු වස් තම නාන කාමරයේ සින්ක් එක මත නොනිවෙන ඉටිපන්දමක් දල්වා තැබීමට ඇයට අවශ්‍ය විය. එහෙත් ඒ සඳහා ඉටිපන්දම් රඳ වනයක් භාවිත කිරීම හෝ වැඩේ දී අවසන් වූ ජෑම් බෝතලයක් වැනි යමක් භාවිත කිරීම ඇයට පෙනුණේ රන් පතක් පුදන්නට පොරොන්දු වී කාරිය කෙරුණු පසුව ගෝල්ඩ් ලීෆ් සිගරැට්ටුවක් පුදන්නාක් බඳු සුනඛ කෘත්‍යයක් ලෙසිනි. එමෙන්ම ඒ සින්ක් එක. තමන්ට බැස නෑමට ප්‍රිය උපදවන සින්ක් එකක් විය යුතුය යන්න ඇගේ අවශ්‍යතාවේ අනුල්ලංඝනීය මූලික කොන්දේසියක් විය. ඒ නිසා ක්‍රියාදාම චිත්‍රපටයක වීරයා, දුෂ්ටයන් විසින් පැහැරගනු ලැබූ තම පෙම්වතිය සොයා යන්නා සේ ඉටිපන්දම් රැඳවීම සඳහා වෙනම කොටසක් පෝසිලේනයෙන්ම සැකසූ සින්ක් එකක් සොයා යාම තම ජීවිතයේ පරමාර්ථය කර ගැනීමට කෙට්ටු චුට්ටා අධිෂ්ඨාන කරගත්තාය. මේ සඳහා ඇය ගත් පළමු උත්සාහයේදී නාවල සුප්‍රකට ටයිල් කඩයක සේවිකාවක ඇයගෙන් ඇසුවේ, බාත්ටබ් එකක් සවි කර කැන්ඩ්ල හෝල්ඩරයක් තබා ඉටු කර ගත හැකි ආශාවක් වෙනුවෙන් හොටක් වැනි යමක් සහිත සින්ක් එකක් සොයන්නේ මොන මඟුලකටද යන්නයි.

    Original price was: Rs. 1,950.00.Current price is: Rs. 1,560.00.
  • -20%
    (0)

    ඇසග හීනය – ESAGA HEENAYA

    පොලීසිය තුළට යන විට තම ජිප් රථය තුළ සිටිය සංජනා අතුරුදහන්වීම රන්තුෂ්ව පුදුමයට පත් කරවන්න හේතුකාරක විය. රන්තුෂ් වහා සංජනා ජිප් රථය තුළ වාඩිවී සිටි පැත්තේ පැති දොර විවෘත කළේය. සංජනාගේ ඇඳුමේ තැවරී තිබූ මඩ මෙන්ම සංජනාගේ ඇගෙන් බේරුණු වතුරෙන් එම අසුන තෙත බරිත වි තිබුණි. එයට අමතරව අසුන මත ලේ බිංදු කිහිපයක්ද විය.

    ” අකලංක මේ බලපන් මචං, මං බොරුවක් නෙවී කියන්නෙ. තාමත් මේ සිට් එක තෙතයි. ලේත් හැලිලා, මඩත් තැවරිලා…”

    ” උඹ බොරු කියන්නෙ නැති බව මම දන්නවනෙ මචං, මෙතන අපි නොදන්න ලොකු සිරියස් කේස් එකක් තියෙනවා…… බණ්ඩාර ටක් ගාලා සර්ච් ටිම් එකක් දාලා මේ අවට ඉක්මණටම සර්ච් කරන්න…”

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.
  • -10%
    (0)

    ඇහැළ මලට දම් පාටක්

    “පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.”
    පුස්තකාල උද්යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක
    දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.
    පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.
    “The tree of Paramee…!”
    “මම පාරමී?”
    “ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා
    ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”
    “ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”
    මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත් මම.”
    “කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු
    ඇහැළ ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”
    “ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි.
    අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”
    “ඇයි ඒ?”
    “දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!”

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 1,080.00.
  • -20%
    (0)

    ඈ – The SPA Women

    වසර දොළහකට අධික කාලයක් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නෙකු ලෙස ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය තුලත්, වසර අටක පමණ කාලයක් ජනමාධ්‍ය පාඨමාලා දේශකයකු ලෙස උපකාරක පෘති වලත්, වසර පහකට ආසන්න කාලයක් පුද්ගල සංවර්ධන දේශකයකු ලෙස පාසැල්, වැඩබිම්, ඇඟළුම් කම්හල්, නොවන සහ ක්‍රීඩා සමාජ වලත් ගැවසී ඇත්තෙමි. ඒ ඒ තැන් වලදී, ඒ ඒ කාල වලදී. මා වෙත මුණ ගැසුණු ගැහැණු පිරිමි සහ ළමුන්ගේ බොහෝ ජීවිත කතා, මා වෙත පවසා ඇතුවාසේම ඇතැම් කතා මගේ බලවත් ඉල්ලීම මත, ඔවුන් මා හා පවසා ඇත. පළමු වසර පහ පමණක් මා මගේම පවුල තුළ ආදරය විඳිමින් ජීවත් වුවද, ඉතිරි මුළු කාලයම මෙම සමාජය සමඟ ගැටෙමින් ගත කළ බැවින්, පෙර කී අස්වාභාවික මරණය ලොවෙහි සියලු දේ කෙරෙහි බලපවත්වමින් තිබෙන බව දිනෙන් දින තහවුරු වන විට, ඒ පිළිබඳව කම්පා නොවී සිටිය නොහැක. වගකිව යුතු මිනිසෙකු ලෙස, ඒවා දෙස, ඔහේ බලන් සිටීමේ හැකියාවක්ද නොමැත. දිවා රෑ වෙහෙසෙමින් පුද්ගල සංවර්ධන ක්ෂේත්‍රය තුළම නිරත වුවද, පසුදා ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී සිදුවන්නේ හදවත පාරවන දේ කියවීමටයි. මෙම කෙටි නවකතාව තුළද කියැවෙන්නේ. අස්වාභාවික මරණයක් කරා යමින් සිටි ගැහැණියකගේ කතාවකි. මෙය නවකතාවක් වුවද, මෙහි කියැවෙන්නේ, ඔබ, මා. අප අවට සිදු වෙමින් පවතින අස්වාභාවික මරණයේ කතාවේ එක් පැති කඩකි. එබැවින් මෙම කෙටි නවකතාව කියවා. පොතේ ගුණ දොස් ගැන කියනවාටත් වඩා, ඔබ අවට සිදුවෙමින් පවතින දේ කෙරෙහි ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න ගැන සිතනවා නම්, එය මගේ මෙම ලියැවිල්ලේ අරමුණයි. මා වෘත්තීය මට්ටමේ

    Original price was: Rs. 550.00.Current price is: Rs. 440.00.
  • -10%
    (0)

    ඈන් ෆ්‍රෑන්ක් දැරියකගේ දිනපොත – Anne Frank Dariyakage Dinapotha

    විසිවැනි සියවසේ, අතිශයින්ම ශෝක ජනක වූත්, විචිත්ර වූත් දින සටහන් එකතුවක් ලෙස ලෝක ප්රකට ඈන් ෆ්රෑන්ක් ගේ දිනපොත’ මුලින්ම ප්රකාශයට පත් කරන ලද්දේ 1947 දීය. එදා සිට අද දක්වා කාලය තුළ නිකුත් කරනු ලැබූ කෝටි දෙකකට අධික වූ පිටපත් සංඛ්යාවක් ලොව පුරා පාඨකයින් විසින් කියවනු ලැබ ඇත. දහතුන් හැවිරිදි ඈන් ෆ්රෑන්ක් දැරීය සැඟවී සිටිය දී ලියන ලද අතිශයින් සංවේදී වූ මේ දින පොත් සටහන් යුදෙව්වන් හැට ලක්ෂයකට ව ධ හිං සා සහ අවසානයේ ම රු කැ ඳවූ දෙ වෙනි ලෝ ක මහා සං ග් රාමයේ බි හිසු ණු අංශය ලොවට මැනවින් කියාපාන සත්ය කතාවකි.

    Original price was: Rs. 1,390.00.Current price is: Rs. 1,251.00.
  • -20%
    (0)

    ඉකිගායි – IKIGAI (සතුටින් දිගුකල් ජිවත්වීමේ ජපන් රහස්

    ජපන් භාෂාවෙන් ඉකිගායි’ වශයෙන් හඳුන්වනු ලබන ජිවිතයේ සතුට හා ජීවිතයේ අර්ථය ඔනො මැනවින් වටහා ගෙන ඇත. “ඉකි ” යන්නෙන් ජීවිතය ද “ගයි” යන්නෙන් හේතුකාරණය ද අදහස් කෙරේ. ජීවිතය පවත්වා ගෙන යාමට අවශ්‍ය හේතුකාරණය ඉකිගායි ” යන්නේ අර්ථය වෙයි. ජීවිතය පවත්නේ කුමකටද? ඒ කාරණා සියල්ලක්ම ඊට ඇතුළත් වෙයි. එය ජපන් සංස්කෘතියේ හරය වෙයි. එය ඔවුන්ගේ ජීවන පිළිවෙත

    Original price was: Rs. 700.00.Current price is: Rs. 560.00.
  • -10%
    (0)

    ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට..?

    ප්‍රේමයක් කියන්නේ;

    කටු ඇනෙන තැන්වලම
    නතර වෙන්නැ’යි කියා
    හදවතට බල කරන හැඟීමය

    පටු අඳුරු තනි මගක
    හුදෙකලාවක පවා
    උරහිසක මුදු පහස දැනීමය

    ළඟ නැතද අත නෑර
    හද සෙමෙන් පිරිමදින
    සියුම් උණුසුම් සුසුම් විඳීමය

    නිති දවන තනිකමක

    ගිනියමට ළං ළං ව
    දැවී හළු වී; ඉන්ම නිවීමය

    Original price was: Rs. 450.00.Current price is: Rs. 405.00.
  • -10%
    (0)

    ඉතින් මට සමාවෙන්න – Ithin Mata Samawenna

    බැරිම හින්දා කවමදාවත්
    ආයෙ ඔබ වෙත හැරෙන්න
    කිසිත් කියන්න බෑ ඉතිං මට,
    “සමා වෙනු මැන! ” ඇරෙන්න
    ජීවිතේ තව බොහෝ දුර ඇති
    අතරමග බෑ මැරෙන්න
    ඔබත් ඔහොමම මගදි හමුවන වංගුවක් ළග හැරෙන්න

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 900.00.
  • -10%
    (0)

    උමතු හස්තය – Umatu Hastaya

    ගුවන් අනතුරකින් තුවාල ලබන ජෙරී බර්ටන් සිය නැගණිය සමග ලිස්ටොක් ගම්මානයට පැමිණෙන්නේ ලන්ඩන් නුවර කලබලකාරී බවින් මිදී සාමකාමී පරිසරයක මාස කිහිපයක් විවේකීව ගත කිරීමේ අරමුණෙනි. එහෙත් ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ අනපේක්ෂිත සිදුවීම් මාලාවකට ය. අතිශයින් අප්‍රසන්න නිර්නාමික ලිපි මාලාවක් නිසා ලිස්ටොක් වැසියන්ගේ ජීවිත උඩු යටිකුරු වේ. එහෙත් එය ආරම්භය පමණි. අදිසි හස්තය ජීවිත බිලි ගැනීම අරඹයි.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 810.00.
  • -15%
    (0)

    උල්කාශ්මයේ අබිරහස – ULKASHMAYE ABIRAHASA

    ආක්ටික් අයිස් පරයක ගැඹුරේ වලලා තිබූ විස්මයජනක ලෙස දුර්ලභ වස්තුවක් නාසා චන්ද්‍රිකාවක් මගින් සොයාගත් අතර අදාළ අභ්‍යවකාශ ඒජන්සිය වැඩිදුර තහවුරු කරගැනීමකින් තොරව එය ඉතා වැදගත් ජයග්‍රහණයක් බව ප්‍රකාශ කරයි. හේතුව එය නාසා ප්‍රතිපත්තිවලට සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ගැඹුරු ඇඟවුම් සහිත එකක් වෙන නිසාය.
    එම සොයාගැනීමේ නිරවද්‍යතාවය සත්‍යාපනය කිරීම සඳහා ධවල මන්දිරය, බුද්ධි විශ්ලේෂක රේචල් සෙක්ස්ටන්ගෙන් සහය ඉල්ලා සිටී. විශාරද මයිකල් ටොලන්ඩ් ඇතුළු විශේෂඥයින් කණ්ඩායමක් සමග ආක්ටික් අයිස් පරය වෙත යන රේචල් සිතාගත නොහැකි සාධක හෙළිකර ගනී. එම විද්‍යාත්මක ප්‍රෝඩා පිළිබඳ සාක්ෂි ලෝකයා මතභේදයට තුඩුදෙන දැවැන්ත රැවටීමකි.
    නමුත් ඇය ඒ බව ජනාධිපතිවරයා වෙත දැනුම්දීමට පෙර රේචල්, මයිකල් සහ පිරිස ඝාතකයන් කණ්ඩායමක් විසින් සැඟවී සිට කරනු ලබන පහරදීමකට ගොදුරු වෙති. තම ජීවිත බේරා ගැනීම සඳහා පාළු හා බෙහෙවින් අනතුරුදායක භූමි ප්‍රදේශ ඔස්සේ පලායන ඔවුන්ගේ එකම අපේක්ෂාව වෙන්නේ මෙම දක්ෂ කුමන්ත්‍රණය, සියල්ලටම වඩා කම්පන සහගත රැවටිල්ල පසුපස සිටින්නේ කවුරුන්ද යන්න සොයා ගැනීමය.

    Original price was: Rs. 2,400.00.Current price is: Rs. 2,040.00.
  • -10%
    (0)

    එත් මං ආදරෙයි – Eth Man Adarei

    බොහෝ දුර ඈතක සිට බලාගෙන ඉමි ඔබ දෙස පපුව බර වැඩි වෙන කොට ආදරේ දෙමි කවි ලෙස

    බොහෝ දුර ඈතක සිට අසා ඉමි ඔබෙ කට හඬ දෙනෝදාහක් සෙනඟ මැද්දෙත් ඇයි මේ තරම් තනිකම

    බොහෝ දුර ඈතක සිට සිතාගමි ඔබ ළඟ බව නොලැබෙනා බව දන්න හින්දම විමසමි ලැබිය යුතුමද?

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 900.00.
  • -10%
    silvabookshop_lk-_Eda_hela_Diwasilvabookshop_lk-_Eda_hela_Diwa
    (0)

    එදා හෙළ දිව – Eda hela Diwa

    අය බදු – අය කැමි

    ලක්දිව් වැස්සෝ, විරාගත සම්ප්රදාය අනුව වර්ෂයකට තුන් වරක් රජ්ජුරුවන් හට අය බදු දෙති. අලුත් අවුරුදු බද්දය, අභිනව භෝග වර්ගාදිය සඳහා දිය යුතු අලුත් සාල් බද්දය, නොවැම්බර් මාසයේ දේව පූජාදිය සඳහා දිය යුතු ඉල්මහ බද්ද යැයි අවුරුදු පතා ජනතාව විසින් රජ හට දිය යුතු බදු තුනක් ඇත. මෙම ප්රධාන බදු තුන හැරුණු විට යම් අවස්ථාවක දී රජ වාසලට යම් කිසි කුදු මහත් දෙයක් අවශ්ය වුවහොත්: රජුගේ අණ පරිදි ඒ සියල්ල මහජනයා විසින් රජවාසලට සැපයිය යුතු වන්නේය. එසේ ගෙන යා යුතු සුළු අය බදු මුදල් හදලින් සහ වී සහල් ආදී ධාන්යයෙන් සැදුම් ගන්නේ වෙයි.

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 900.00.
  • -10%
    (0)

    එළියකන්ද වධ කඳවුර – Aliyakandha Wada Kadhaura

    1990 දී රට හැර දා ගියාට පසු මා නැවත මව් බිමට පැමිණියේ 2001 දී පුරා වසර 10 කට පසුවය. යම් අවිනිශ්චිත හැඟුම් සමුදායක් හදවතේ පොර කද්දී වුව මව්ව්බිමට ගිය වහාම මා යායුතු ගමන් දෙකක් ගැන මට සෑම තත්පරයක දීම සිහි විය. පළමුවැන්න අම්මා නිදන සොහොනට ගොස් මල් මිටක් පුදා දණ ගසා වැඳීමය. දෙවැන්න මා දරුණු ව ධ යට ලක්වූ එළියකන්ද ව ධ කඳවුර ‘ පිහිටි ප්රදේශය දැකබලා ගැනීමය.
    මව් බිමට ගිය දිනට පසුවදාම අම්මාගේ සොහොනට ගිය මම අවසන් වරට ඇයගේ දෙපා වැඳීමටවත් වරම් නොලද අවාසනාවන්ත පුතුට සමාව දෙන්නැයි ඉල්ලා සිටියෙමි. මගේ හොඳ අම්මා, පෙරදී කළාක් මෙන්ම ඇයගේ මුරණ්ඩු, හිතුවක්කාර පුතුට සමාව දෙන්නට ඇත.
    ඉන්පසුව මගේ ඉලක්කය වූයේ එළියකන්ද ව ධ කඳවුර සොයා යාමය. එහෙත් එළියකන්ද ව ධ කඳවුරෙහි මා රඳවා සිටි මුළු කාලයේදීම මගේ දෙනෙත වසා රෙදිකඩක් බැඳ තිබුණෙන් එය පිහිටි ස්ථානය ගැන මම කිසිත් දැන නොසිටියෙමි. දෛවයෝගයකින් මෙන් මට සුදු මල්ලී’ (ආරූඪ නමකි) හමු වූයේ මේ අතරය.
    Original price was: Rs. 850.00.Current price is: Rs. 765.00.
  • -15%
    (0)

    ඒ දවස් හරි වෙනස් – E Dwas Hari Wenas

    ඉස්සෙල්ලා ම ඔහුට ඇයගෙ හීනි ඇගිලි තුඩු වල ස්පර්ශය දැනෙන්න ගත්තා. ඒත් එක්ක ම ඇඟිලි වලින් පටං ගත්තඋණුසුමක් මුලු ඇඟ පුරාම පැතිරෙන විදිහ ඔහුට දැණුනා. ඇගේ අත සිනිඳු වුණා වගේ ම උණුසුම් වුණා. ඒක ඔහුට ඇති කරේ ගුලිවෙලා නිදා ගැනීමේ වුවමනාවක්.
    මූට මේ මොකක් ද වුණේ වගේ ලුක් එකක් එක්ක ඇය ඔහු දිහාවට හැරුණා. මුකුත් නොකියම ඔහුත් ඇය දිහා බලාගෙන ඉඳලා තිබුණා. තත්පර දහයක් විතර ඔවුන් එකිනෙකා දිහා බලාගෙන ඉද්දි, ඔහුට ඇත්තට ම හැම දේම හොඳින් සිද්ධ වෙයි කියලා දැනෙන්න පටං ගත්තා. ඒ වගේ ම හැමදේම හොඳින් සිද්ධ වේවි කියලා ඔහු විශ්වාස කරන්න පටං අරගෙන තිබුණා.
    ඒත් එක්කම කඳවුරේ කෙළවරකින් කවුදෝ කෑගහනවා ඇහුණා.
    ” සිරිමල් අයියා වැටිලා…”
    Original price was: Rs. 2,000.00.Current price is: Rs. 1,700.00.
  • -10%
    (0)

    ඒ පොත නොහොත් සර්පයා මැරීම – E potha nohoth sarpaya marima

    පශ්චාත්තාපයේ මහා අන්ධකාරයේ අධිකතර වේදනාවේ නිමග්නව, වසර ගණනාවක් දිනව. බියගුලුව, මගෙන්ම සැඟවෙන්නට පොර බදමින් උන් මා. යන්තමින් ආලෝකයක් දකින්නට පටන්ගත්තා පමණි. ඒ මනස්තාපයේ, භයංකාර අඳුර පහ වෙමින් පවතී. දැන් මට ඒ ආලෝකය ඈතින් පෙනේ. එකවරම මැනවින් ද පෙනේ. සැබැවින්ම මම දැන් ඒ ආලෝකයෙහිම වෙමි. එනම්. ‘මම ‘ නොමැති බව තුළ මම වෙමි. මම වෙමිද නොවෙමිද නොවෙමි. ‘මා’ නොමැති බව පසක් වන මොහොතේම, මා ඇති බව හගින මා, උපදී. ඒ භව මතකයේ මහා පුරුද්ද හෙයින්මැ බව මේ ලියන මොහොතේම අවබෝධ කරගනිමි. එහෙයින්, එසැණින්, මේ පෑන් තුඩ කොළයේ පෘෂ්ඨය ස්පර්ශ කරන මොහොතේම නැවත නැවත ‘මම’ ආලෝකයෙහිම වන්නේය. එහෙත්, මෙතුවක් මා විඳි මහා වේදනාව, පීඩාව, ඉසිලිය නොහැකි කාංසිය, නොනිවෙන සේ දැවුණු මහා ගින්න, මේ තරම් ඉක්මනින්, සැණෙකින්, නිමේෂයකින් පහවිය හැකි යැයි විශ්වාස නොකරන සසර පුරුදු සංශයවාදී මා’ නැවත හටගෙන මා ඇති බවේ මුළා අඳුරෙහි නැවත මා ඇද දමන්නට උත්සාහ කරයි.

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,350.00.
  • -20%
    (0)

    ඒතං මංගල මුත්තමං – Ethan mangala muththaman

    කවරක් වුවද මානවයාට සමහර ගති උරුමයෙන්ම ලැබුණ ඒවා කවර රටක ජීවත් වුව ද ජාති ආගම්, කුල හෝ සංස්කෘතීන් බව මගේ හැඟීමයි. කතන්දර ඇසීම සහ කතන්දර කීම ද එවැනි වූ ලොව පුරා මානවයා, මානව පැටවකුව සිටියදී සිටම ප්‍රිය කරන දෙයකි. ලොව කොයි දේ කෙසේ වෙතත් ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයෝ සංස්කෘතියක් ලෙස ම පුංචි දා පටන් කතන්දර ඇසීමට සහ කතන්දර කීමට ප්‍රිය වෙති. මුතුබෙල්ලාගේ දුක්බර ජිවිත කතන්දරය, අප අතරින් සියයට අනුනවයක්ම අසන්නට ඇත්තේ තම තමන්ගේ ජීවිතවල පළමු දශකය තුළයි. මුතුබෙල්ලාගේ කටුව තුළට යන වැලි කැටයක් දිනෙක මිල අධිකම මුතු ඇටයක් බවට පත් වන තෙක් එම සත්ත්වයාගේ වේදනාවන් ගැන ශෝක වන අප මුතුබෙල්ලා විසින් වේදනා විද නිපදවන මුතු ඇට අප සන්තක කර ගැනීමට වෙර දරයි. එම මුතු බෙල්ලාගේ සෝබර ජීවිත කතන්දරයත් තවත් සිය ගණනක් කතන්දරත් රස විඳ ඇති අප, එම දුක්බර කතන්දර තුළ ඇති මහා බරසාර ජීවිත පාඩම් උගෙනීමට දැඩිව අපොහොසත් වී ඇත්තෙමු. මුතු බෙල්ලා යනු සොබා දහමේ අද්විතීය නිර්මාණයකි. සත්ත්වයාගේ වේදනාකාරි ජීවිතය තුළ නිපදවෙන මුතු ඇටය ද සොබා දහමේ ම අධි මිල නිෂ්පාදනයකි. මිනිසා ද සොබාදහමේ ම එතෙක් මෙතෙක් බිහි වූ අද්විතීය ම නිර්මාණය සේ සැලකෙයි. මුතු බෙල්ලාගේ ජීවිතය දෙස නිරීක්ෂණියව බලන් සිටීමෙන් රසවත් කතන්දරයක් නිර්මාණය කළේ. එය රස කරමින් කීවේ සහ කුතුහලයෙන් යුතුව අසා සිටියේ ද මිනිසා මය.

    Original price was: Rs. 650.00.Current price is: Rs. 520.00.
  • -20%
    (0)

    ඔකිගහරා – Okigahara

    .” මම සෙලීනා. සෙලීනා ගෝමස්. එතකොට මිස්ටර්?”
    ” හෙලෝ.. මිස්ටර්..”
    ඔහු සිටියේ වෙනත් කල්පනාවක ය. ඒ නිසා ඇය විමසූ දේ හරි හැටි ඇසුණේ නැත.
    ” අහ් සොරි.. සෙලී, සෙලීනා කිව්වා නේද? සෙලීනා මගෙන් මොකක් හරි ඇහුවද?”
    “මිස්ටර්ගේ නම මොකද්ද ? ” ඇය මුවග රැඳි අඩ සිනහවෙන්ම ප්‍රශ්නය ඇසුවා ය.
    “මම තිසල් හේවගේ. ඉතින් සෙලීනා ඔබව හමු වීම සතුටක්.
    ————————————-
    “මම ඔබට අනතුරු අඟවනවා. එහි ඇතුළු වෙන්න එපා!.” එම අනතුරු ඇඟවීම කුමක් ද?

    Original price was: Rs. 750.00.Current price is: Rs. 600.00.
  • -10%
    (0)

    ඔයයි මමයි තව දෙන්නයි – Oyai mamai thawa dennai

    මේ වගේ වෙලාවක කෙල්ලෙක්ට ට්‍රයි කරනව නම් මධ්‍යස්ථ බවකින් කෙල්ලගේ හිතේ ලියාපදිංචි වෙන්න ඕනේ. මොකද නැත්නම් කෙල්ල දැන ගන්නවා කොල්ලා එන්නේ පොල් පැළේ කන්න කියලා වැඩිපුර වැරදි කරලා තියෙන්නේ කෙල්ල වුණත් ඒ වැරැද්ද අතිශය සාධාරණ මානුෂික කරුණක් බවට තර්ක ගොඩනගන්න ඕනේ. මේ අතරේ සෙක්ස් වගේ දේවල් ගැන ගොඩක් ගැඹුරින් ඒත් සරල ව ‘මට ඕවා ගාණක් නෑ කියන්න වගේ අදහසුත් එකතු කරගැනීමේ අනිවාර්යයි. තමන්ට ඕනම දෙයක් තේරුම් ගන්න පුළුවන් කැපෑසිටි එකක් තියෙනවා කියලා කෙල්ලගේ හිතට එන්නත් කිරීමත් වැදගත් කවිකාර දඟකාර හිතුවක්කාරකම් ගෑවුණ වචන සාමාන්‍ය වචන දහයකට දෙකක්වත් යොදා ගැනීම අනාගතයට ප්‍රයෝජනවත්

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,170.00.
  • -10%
    (0)

    කඩාවැටෙනා තරුවක් – Kadawetena Tharuwak

    හැර ගිය නමුත් බඹරුන් මල් පැණිද ගෙන
    මලකට සතුටු වන්නට හැක සුවඳ ගැන
    කවියෙකු උරන වන්නේ නැත කිසිම දින
    කවියක තවර ගත්තා මිස අහිමි පෙම
    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    කන්ද උඩ ගින්දර

    ළැම ගින්න දරාගන්න බැරුවාමයි මයෙ දෙයියෝ තුන් තිස් පැයේ ලැව් ගින්නේ පිච්චෙනවා ගං ඉවුරේ පියවර ලකුණු මැකී යන්නෙ නෑ ගල් බෙයඳේ සිරියහනේ පුසුඹ දැනෙනවා රළු පරළු යෝධ ගල් බෙයඳේ රජ බිසෝ සිරි යහන සසැඳේ ගඟ වැටුණු මලිනි ගෙල බැන්දේ පති පතිනි කුල දහම් වින්දේ හුන්නස්ගිරිය කන්දේ මහතලා මයෙ හුස්ම වින්දේ සෙංකඩගලට දුර වැඩිදෝ මයෙ පියවර දිග මදිදෝ හිමි සඳුනි මයෙ රජුනි පති කුලේ ගින්දරයි තනි යහනේ නින්ද නෑ මයෙ දෙයියෝ…….

    Original price was: Rs. 1,750.00.Current price is: Rs. 1,575.00.
  • -10%
    (0)

    කම්මැළි මොළේ – Kammeli Mole

    සෑම මොළයක්ම මූලික ව්‍යුහයෙන් එකම වුවද, සාර්ථක වන අය සහ අරගල කරන අය අතර ප්‍රධාන වෙනස මොළයේ නොව – අපි එය භාවිතා කරන ආකාරයයි. කම්මැළි මොළේ යන සංකල්පය මොළයේ ස්වාභාවික ප්‍රවණතාව වන සුවපහසුව සෙවීම, අභියෝග මඟහැරීම සහ කෙටි මාර්ග ගැනීම පිළිබඳ අවධානය යොමු කරයි. මෙය නිතර මැළිකමට සහ අහිමි වූ අවස්ථාවන්ට හේතු විය හැකිය. නමුත් මෙයින් අදහස් වන්නේ ඔබ ‘කම්මැළි මොළයක’ සිරවී සිටින බව නොවේ. මෙම පොත මානසික පුරුදු හඳුනා ගැනීම සහ ජය ගැනීම, ඔබේ මොළය පහසුම මාර්ගය සොයන එකක් සිට ඵලදායිතාව, වර්ධනය සහ සාර්ථකත්වය මත වැඩෙන එකක් බවට පරිවර්තනය කිරීම ගැන ගවේෂණය කරයි. ප්‍රායෝගික ක්‍රමවේද සහ අවබෝධයන් සමඟ, කම්මැළි මොළය ඔබගේ චින්තනය නැවත සකස් කිරීම, සීමාකාරී රටාවන්ගෙන් නිදහස් වීම සහ ඔබේ මනස තුළ රැඳී සිටින විශාල විභවය නිදහස් කර ගැනීම ගැන ඔබට උගන්වයි. උත්සාහ කරන්න! යළි යළිත් උත්සාහ කරන්න. ඔබ නොදැනීම දිනයි. ඒත් මතක් තියාගන්න. ඔබේ විභවය අනෙකාගේ විභවය නොවන බව මෙහි කතුවරයා කියයි.

    Original price was: Rs. 950.00.Current price is: Rs. 855.00.
  • -20%
    (0)

    කර්ම – Karma

    අඹ ගහ පැත්තෙන් ගිරව් රූනක් කියෝ ගන්නවා ඇහුණා. උදේට රැට උන්නෙ කන් කරච්චලේ මහ පුදුමයක් නෙමේ. ඒත් ඉතිං දැන් ඔය කියන උදේවත් රැවත් නෙමේනෙ. මං පැද පැද උන්න ට සර්රෙක පිළිකන්නෙ දාල මිදුලට දිව්වා. අවුරුදු ගාණකින් ගෙඩියක් හැදුන් නැති නාකි අඹ ගහේ තිබ්බ බෙනේක ගිරා පවුලක් උන්නා. පවුලක් කිව්වට පැටවු දෙන්නෙක් රතු හොටවල් එළියට දික්කර කරා ඉන්නවා මං කීප දවසක්ම දැක්කා. අප්පච්චි ලැස්තිය තිවුණෙ නාකි ගහ දරට කපන්න. “බෙනේ ගිරා පැටවු ඉන්නවනේ දැම්ම කපන්න එපා..” අම්මා තමා එහෙම කිව්වේ. මගෙ පොල්පිති ගොනා ඉතර අලි ඔළුවක් තියෙන සුදු කළු වයිරං වැටිච්ච නයෙක් අඹ ගහ දිගේ බඩගානවා. ගිරා රෑන කෑකෝ ගහගෙන වටේට ඉගිළි ඉගිළි ඌට කොටනවා. අපේ ගේ තිබ්බේ වෙල් යායට මුණ දාල. ඔය කබර නයා ඇහැ පේනමානෙ ලියදිවල අව්ව තපිනවා මං අනන්තවත් දැකල තියෙනවා. මෙච්චර කාලෙකට අපි කාටවත් පෙනේ උස්සන තරමෙවත් චණ්ඩිකමක් කරල නෑ. අප්පච්චි කියන්නෙ අඹ ගහ තරමටම ඌටත් දැන් වයසයි කියල. අප්පච්චිත් දැන් මෙතන ඉන්නයි තිබ්බෙ. එහෙනම් බලා ගන්න තිබ්බා නාකියගෙ කෙරුවාව. ඔන්න ඒ ගමන කොහෙද උන්න දෙමළිත්තන් රෑනකුත් ගිරවුන්ට උදව්වට ආවා. කබරයට ඒ පාර නම් ලේසි වෙන්නෑ ඖ. මං හිතුව හරි. එකපාර දෙමළිත්තෙකු ගෙනුයි, ගිරවෙකුගෙනුයි හොටවල් පාර කාපු නාග රාජයා දොහ් ගාල බිමට පත බෑවුණා. “හොඳ වැඩේ උඹට..” මට කියවුණා. අඹ ගහට මෙහායින් නවසි ගහේ බැඳල උන්න කඩියත් හොඳ වැඩේ උඹට කියනවා වගේ දිගටම බුරන්න පටන් ගත්තා. පෙනේ අකුළගත්තු චණ්ඩියා හෙමිහිට ඇළ කණ්ඩිය දිගේ පල්ලම් බැස්සා. ඔය ගියාට මේ පාඩම මතක තියෙන්නෙ ටික වෙලාවයි. මුකුත්ම උනේ නෑ වගේ ලැජ්ජා නැතුව උන්දැ හෙටත් එනවා කියල මංනම් දන්නවා.

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.
  • -10%
    (0)

    කස්තුරි සුවද – Kasthuri Suwanda

    ඒ වෙද්දිත් සමහර ආරාධිත පාසල් වල ගැහැනු ළමයි එහෙම ඇතුළට එන ගමන් හිටියා වගේම ඒ හැමෝගෙම ඇස් නොරෙන් වුණත් ගියේ හිටපු නැටුම් කණ්ඩායමේ අයට. කොහොම හරි කලා උලෙළ පටන් ගත්තා. “මාණි, බහින්න… කඩිමුඩියේ ආවත් තාමත් අර පෙජෙරෝ එක නම් නවත්තපු තැන එහෙමමයි. වාහනේ රියදුරු අසුනේ හිටියේ කළු ඇඳගත්ත රියදුරුවරයෙක්. ඉතින් ආපු කටහඬ ආවේ පිටිපස්සෙන් හොඳ හැඩි දැඩි ඇඟක් තියෙන, මහත්මා පෙනුමට උරුමකම් කිව්ව්ව, වයස පනහකට ළං කරපු නාථ දේව ප්‍රිය කියන්නේ ලංකාවේ නම ගිය තේ අපනයන කර්මාන්තයක හිමිකරුවෙක්. එයාගේ එහා පැත්තේ හිටියේ ඒ පවුලෙ බාලයා. බාලයා කියන නමට හරියටම සාධාරණයක් කරපු කොල්ලෝ තුන් දෙනෙක් ඉන්න පවුලේ අන්තිමයා, රුපි මාණික්‍ය… එයා ඇඳන් හිටියේ තමන් අද මේ භාර වෙන්න යන පිරිමි පාසලේ සම්මත නිල ඇඳුම. ඉතින් තාත්තා බැස්සත් එක්කම මාණික්‍යත් වාහනයෙන් බිමට අඩිය තිබ්බේ හරියට තියන්න ඕන නිසා තිබ්බා වගේ. මෙව්වර වෙලා ආවරණය වෙලා තිබ්බ මුණට ඉර එළිය වැටෙන්න දාගෙන හිටපු කැප් එක ගලවලා එයා වාහනේ ඇතුළට විසි කරලා බෑග් එක තනි අතට එල්ල ගත්තා. සුදු කලිසමයි, සුදු අත් කොට කමිසයයි, ඒකෙම පොකට් එක ගාව කෙළවරේ ඉස්කෝලෙ පාට තුනෙන් හරහට ඉරි ගිය පාසලේ අනන්‍යතාවය. මාණික්‍ය උසින් අඩි පහයි දහයක් වගේ. උසට හරියන මහත, සුදු හම වුණත් අව්වට පිච්චුණ පාට ළාවට තිබ්බා. හිනාවක් නැති මූණ හරිම මුරණ්ඩු පාටයි. කළු කොණ්ඩේ… කළු පාට මුරණ්ඩු ඇස්…

    Original price was: Rs. 3,500.00.Current price is: Rs. 3,150.00.
  • -20%
    (0)

    කළු – Kalu

    ‘පුංචි නෝනා’ යනුවෙන් නිරන්තරයෙන් රැව් පිළිරැව් දෙන හඬට අවනත වූ කලෙක මෙන් මම තවත් වරක් හිස ඔසවා ඔහු දෙස බැලීමට තීරණය කළෙමි. යන්තමින් හිස ඔසවනවාත් සමඟ ම මා දකිනා දර්ශනය පිළිබඳව මට විශ්වාසයක් නොවූ තැන මම තවත් හොඳින් ම දැක ගැනීම සඳහා දෑස් ඒ වෙත නාභිගත කළෙමි. ඒත් සමඟ ම දුටු දසුන මාගේ මුළු සිරුර ම සලිත කරවමින්, රෝමෝද්ගමනය කිරීමට සමත්ව තිබුණි. මාගේ මුව දහඩියෙන් තෙමී යද්දී, කෙළ සිඳී යමින් මුළු සිරුර ම ගිනියම් සළුවක එතුණාක් වැනි හැඟීමක් දැනෙන්නට විය.

    Original price was: Rs. 1,250.00.Current price is: Rs. 1,000.00.
  • -20%
    (0)

    කා – KA

    පෞරාණික ඊජිප්තු වාසීන්ගේ මිථ්යා ඇදහීම අතර මුල් තැනක් ගෙන තිබුණ දිව්යමය හාස්කම් සහ ඉන්ද්රජාලික බලය පිළිබඳ විශ්වාසය මෙම කෘතියේ තේමාව වෙයි.
    මෙහි දැක්වෙන චරිත අතර මුල් තැනක් ගන්නා පාරාවෝ කලක් පෞරාණික ඊජිප්තු දේශය පාලනය කළ අධිරාජයෙකි. දෙවියන්ගේ ආශීර්වාදයෙන් උපතලද පාරාවෝ අධිරාජයාගේ දූ කුමරිය නෙතර් තුවා (Neter Tua) නම් වූවාය. නෙතර් තුවා යන නාමය උදා තරුව (Morning Star) යන අරුත දෙයි.
    පුතුන් නොලද මහලු පාරාවෝගේ ඇවෑමෙන් ඊජිප්තු දේශය පාලනය කිරීමේ උරුමය ලද්දි නෙතර් තුවා දූ කුමරිය වූවාය. සුරූපී නෙතර් තුවා ඊට නොදෙවෙනි ව ප්රඥා සම්පන්න කුමරියක් ද වූවාය. පාරාවෝට සහ ඔහුගේ කිරුළ හිමි දූ කුමරියට ඔවුන්ගේ කිරුළ උදුරා ගැනීම සඳහා කුරිරු කුමන්ත්රණයක නිරත වෙමින් සිටි සතුරකුට මුහුණ දීමට සිදු වෙයි.
    පාරාවෝ පදවිය ලබා ගැනීම සඳහා එපරිද්දෙන් කටයුතු කරන ලද්දේ ඔවුන්ගේ ඥාතියකු ද වූ අබී (Abi) කුමරා විසිනි. ඔහු එවකට පාරාවෝ අධිරාජයා යටතේ ‘ මෙම පීස්’ පුරයේ පාලනය භාර ව කටයුතු කළේය. මෙම්පීස් පුරයෙන් සෑහිමට නොපත් අබී කුමරාගේ එක ම සිහිනය වූයේ පාරාවෝ ඇවෑමෙන් ඊජිප්තු සිහසුන මත හිඳ ගැනීමය. එම අභිප්රාය ඉටු කර ගැනීම සඳහා ඔහුට උපදෙස් සපයමින් ඔහුට පුරෝහිතකම් කරන ලද්දේ කකු (Kuku) නම් ඉන්ද්රජාලිකයා විසිනි.
    මේ අතර නෙතර් තුවා කුමරිය ඇය ළමා වියේ පටන් ඇසුරු කළ යොවුන් තරුණ සොල්දාදුවකු වන රමෙස් (Rames) සමඟ ප්රේමයෙන් බැඳුණාය. එහෙත් පාරාවෝගේ පැතුම වූයේ සිය දූ කුමරිය සොල්දාදුවකුට නොව රජ කුමරෙකුට විවාහ කර දීම ය.
    එම ගැටුම් පෙළ නිම වන්නේ කෙබඳු ඉරණමකින් ද යන්න මෙම ප්රබන්ධය තුළ දිග හැරෙන්නේ කියවන්න තුළ කුතූහලය වඩවමිනි. බොහෝ උදුරු වලට මුහුණ දෙමින් නෙතරේ තුවා කුමරිය අබී කුමරුට සහ කකු නම් ඉන්ද්රජාලිකයාට එරෙහි සටන ජය ගන්නා ආකාරය පෞරාණික ග්රීක හා මිසර දේව පුරාණයේ වෙනත් සමාන කතන්දර වෙතට ඔබ කැඳවාගෙන යයි.
    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.
  • -20%
    (0)

    කාන්තාරයේ දරුවෝ – kantharaye daruwo

    එකවර ම මම නින්දෙන් අවදි වුණෙමි. මගේ මුළු ගත ව දහඩියෙන් නැහැවී ගොස් ඇති බැව් මට දැනෙන්ට විය. තවමත් හරි හැටි එළිය වැටී නැත. පසුගිය රාත්‍රිය කෙටි රාත්‍රියක් වූවා මෙන් ම වෙහෙසකර විය. රාත්‍රියේ මා දුටු ඒ භයංකාර සිහිනයේ මතකය තුළින් ක්‍රම ක්‍රමයෙන් මම පියවි ලොවට එමින් සිටියෙමි. නැවතත් මා මගේ දෙනෙත් පියා ගත් විට පසුගිය රාත්‍රියේ මා දුටු සිහිනයේ රූප මා ඉදිරිපිට මැවෙන්නට පටන් ගත්තේය. කහපාට කොළ අලවා තිබු භ හෝටල් කාමරයේ වූ සයනය මන අවුරුදු දහයක තරම් සිගිති දැරියක් නිරුවත් ව වැතිර සිටියාය. ගැහැනුන් හතර දෙනකු විසින් දැරියට හෙළවෙන්නට හෝ ඉඩක් නො දී, ඇයව සයනයට තද කරගෙන සිටි අතර, ඇගේ සිහිසි දෙපා දෙපසට විහිදුවා තිබුණි. දෙපසට විහිදුවන ලද දෙපා මැද රුධිරය බේරෙන මස් කැබැල්ලක් අතින් ගත් තවත් ගැහැනියක්

    Original price was: Rs. 700.00.Current price is: Rs. 560.00.
  • -20%
    කාල නදී ගලා බසිකාල නදී ගලා බසි
    (0)

    කාල නදී ගලා බසි

    හැන්දෑකරේයේ හල්වතුර කඩමන්ඩියේ එක් රොක්වූ ගැමියන්ගේ කතාබහට මාතෘකාව වුණේ සවුන්දිරිස් මහත්තයා අලියාට ගිනි බිඳීමය. කඩමණ්ඩියක්ය කීවාට හල්වතුර හන්දියටම තිබුණේ සිල්ලර කඩයකුත්, තේ කඩයකුත් විතරය. දුම්බර මිනිරන් පතල් සමඟ ගමට පැමිණි කඩමණ්ඩිය, බොහෝ ගම්වල සිදුවුණ ආකාරයටම ගමට ආරංචි සැපයූ තොරතුරු මධ්යස්ථානයද විය.
    කුඩා සාදිරිස් හාල් සේරුවක් ඇතුළු අඩුම කුඩුම කිහිපයක් ගන්නට රෙදි උරයක් ද කිහිලි ගන්නා ගෙන පිම්මේ දුව ආවේ කඩේ කතාබහට යම් දුරකට යමින් තිබුණු වෙලාවේය. එ නිසාම ඔහුට මුලින් මුලින් මේ කතාබන වල අගමුලක් තේරුම් ගියේ නැත.
    “සුද්දො ඇවිත්… කල්ප කාලාන්තරයක් තිස්සෙ තිබුණ වනන්තරේ එළිපෙහෙළි කොළාම ඒ අහිංසක සතා සීපාව කොහේ කියල යන්නද? පව් අහිංසක සතා. විස්සෝපයෙන් ඇලළුන කාන්තාවක් දුම්කොළ මිටියෙන් හොඳ දුම් කොළයක් තෝරමින් එසේ කීවාය.
    සවුන්දිරිස් මහත්තයා වෙඩි තියල තියෙන්නෙ සත මැරෙන්න නෙවි බය කරන්න විතරයි. හිස පිටුපසට වන්නට කුඩා කොණ්ඩ ගැටයක් ගසා සිටි පිටකන්දේ සේතුවා මාමා, සුද්දා වෙනුවෙන් වගඋත්තර බැන්දේය.
    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,040.00.
  • -20%
    https://silvabookshop.lk/product/Kasawantaka Sil Bidunu Pemanillak
  • -10%
    (0)

    කැළලිකාරයෝ

    තුවාල සුවපත් වුවද ඒවාගේ කැළලි හා සම්බන්ධ මතකය සමග පොර බැදීම ජීවිත කාලයක් පවතින බව කියන මේ කතාව බාහිර හා අභ්‍යන්තරික සේම ඒකපුද්ගල හා සාමූහික කැළලි සමග සාමය ඇති කර ගැනීමට තැත් කරන චරිත සමූහයක් වටා ආඛ්‍යානමය ජීවිත ජාලයක් වියයි. ඒ ඔස්සේ ආදරය, විවාහය, ලිංගිකත්වය හා දේශපාලනය ඒකපුද්ගල මිනිසා හා සාමූහික මිනිසා එකට බැඳලන සංකීර්ණ විලාස ගවේෂණය කරයි.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 1,080.00.
  • -10%
    (0)

    කීඩෑ‍වෝ ඇවිල්ලා

    සිතුවිලි පියාඹා විත් කෙතට වැද කරල් කපමින් උන්නේය. උන් නැගිට කෙතින් අහසට පියඹා කුරුලු රෑනක් සේ නැවත නැවත කෙතට වැද සොම්නසේ ගෂ්ය බුදින්ට වන්නේය.

    ලොරිය හතරවෙනි ධමති ඇළ දිගේ එන විට දයා සිරි මුදලාලි හිටියේ ඒ වසන්ත සුළගේ සුවය විඳිමින් සුක්කානමට උරුහං බාමින්ය. ලොරියේ ටිපරය මත පැටවූ වී ගෝණි අතරේ ඇතබාගෙන කල්පනාවේ සිටි ටිකිරි මහත්තයා හෙවත් මහත්තයාට ඊළඟ මොහොතේ සිදුවන අනතුර ගැන කොහොමටත් ඉවක් තිබුණේ නැත.

    ” පැනපාං.” කෑ ගැසූ දයා සිරි මුදලාලි සුක්කානම අතහැර දොර ඇරගෙන පැන්නේය. රියදුරකු නැති ලොරිය තවත් මීටර් අටක් පමණ මහ ඇළ බැම්ම දිගේ මාරක

    Original price was: Rs. 750.00.Current price is: Rs. 675.00.
  • -20%
    (0)

    කුර හඬෙකි වියැකෙන

    කුලවමිය වලව් ඉස්තෝප්පුවේ සිට පඩිපෙළ බැස ඇවිත් පහළම පඩියේ නතර වුණාය.
    රුවැති අග මෙහෙසිය හීතල නිසාදෝ ඔසරි පටින් ගෙළ සහ ළැම පෙදෙස ආවරණය කරගෙන සිටියාය.
    සියලු දෑස් යොමුව පැවතියේ ඇය වෙතය.
    ඇගේ දෑස් යොමුව පැවතියේ තවලම්රාල වෙතය.
    ඇය පසෙකින් හිඳින්නී තුටුපඬුරු සහිත කුඩා රෙදි උර තැන්පත් කළ රිදී බන්දේසිය දෝතින් දරාගත් ඇගේ විශ්වසනීයම කම්මිත්ත වන හීං එකීය.
    සිරිත් පරිදි පළමුව තුටුපඬුරු පිරිනැමෙන්නේ තවලම්රාලටය.
    තවලම්රාල වන ඩිංගිරාල ඇත්තා ආර්යාව සමීපයට මිදුල හරහා එමින් සිටියේය. මුහුණ පුරා වැඩුණු ගන රැවුලකින් හෙබි ඩිංගිරාල නායකත්වයේ සියලු ලක්ෂණ ප්රකට කරමින් ඍජු ගමනින් ආර්යාවට සමීප වෙමින් හිඳී. ඔහු සමීප වෙත්ම ඇගේ දෙකොපුල් මහ රත් මලක ළා රත් පැහැය ගත්තේය.
    අත්කොට සුදු මේස් බැනියමකින් සහ අදුරු පැහැති සරමකින් සැරසී හුන් තවලම්රාල හිස වටා බැඳ තිබූ නිල් පැහැති ලේන්සුව ලිහා ගෙළ වටා දාගත්තේය.
    ඔහුගේ තියුණු දෑස් යොමුව තිබුණේ ඍජුවම ඇගේ දෑස් වෙතය.
    ඒ දෑස් යුගළ අතරේ එකිනෙකාට කියාගත නොහෙන නිහඬ රහසක් ලියැවී තිබුණේය.
    හිමිදිරි අන්ධකාරය දවාලමින් වලව් මිදුලේ කෙසෙල් කොටන් මත රැඳවූ පන්දම් සහ විලක්කු සේම ඇගේ දෑස් ද ඊළඟ මොහොතේ නාඳුනන ගින්නකින් ඇවිළෙමින් තිබුණේය. තවමත් රිදුම් දෙන දෙතොල්පට ඇය දිව’ගින් තෙත් කරගත්තාය….
    රාජ්ය සම්මානිත කාල නදී ගලා බසී නවකථාවෙන් පාඨක සිත් අමන්දානන්දයට පත් කළ නෝබට් අයමගේ නවතම නවකථාවයි,
    ‘කුර හඩෙකි වියැකෙන’
    Original price was: Rs. 1,700.00.Current price is: Rs. 1,360.00.
  • -20%
    (0)

    කෙල්ල – Kella

    අම්මෝ ඇති යාන්තම්… ගමේම ඕපේ හොයන රොසලින් නැන්දා දළදා මාළිගාවට ඇවිත්. මං ඇමේලියාගේ විස්තර කිව්වේ දැන් ගිහින් ගමටම කියනවා කියලා දන්න නිසාමයි. මන් කියන හැම දේටම ඇමේලියා හරි ලස්සනට හිනා වෙලා හිටියා. රොසලින් නැන්දා හිතුවේ මං මේ සුද්දි එක්ක පටළැවිලා කියලා……මී මැස්සෝ රොන් උරමින් සිටි ඕලු මල් පොකුරක් මන් එයාට අරන් දුන්නා. මල් පොකුරත් එක්ක මට එයාගේ පිංතූරයක් ගන්නම ඕන වුණා. හිතේ පොඩි බයකුත් තිබුණා හැබැයි මන් ඇහුවා.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.