පරිවර්තන

  • -20%
    silvabookshop.lk_ guru_geethaya
    (0)

    ගුරු ගීතය – Guru-Geethaya කෙහෙලි ප්‍රකාශන

    එසේ වුණද ඇඳ අවසාන නොකළ ඒ පින්තූර ගැන ඔබ සමඟ කතා කිරිමට මා කැමතිය.ඔබේ උපදෙස් මට බෙහෙවින්ම වටී.මා අඳින චිත්රය පළමුවැනි ගුරුවරයාට,අපේ අයිලයේ පළමුවැනි කොමියුනිස්ට් වාදියාට දුයිෂෙන්ට කැප කරන බව ඔබ දැනටමත් දන්නවා ඇතැයි මම සිතමි. සටන් වලින් පිරී, ඒ අසීරු ජීවිතයත්, විවධ ඉරණම්වලට කැපවු මිනිස් හැගීම් සහ බලාපොරොත්තුත් තෙලි තුඩින් හා සායම්විලන් පිළිබිඹු කල හැකිදැයි මම නොදනිමි.සියල්ල කැටිකොට දැක්වීමට තරම් ශක්තියක් මට තිබේද මා ආසා කරන්නේ මගේ අදහස් ඔබට කියාපෑමට පමණක් නොවේ.ඔබ මා සමඟ එක්වි නිර්මාණාත්මක කලාවේ කොටස්කරුවෙකු විය යුතුය.

    Rs. 280.00
  • -20%
    (0)

    ගිකෝර්

    Rs. 360.00
  • -10%
    (0)

    භාරත යෝගීන් සහ ඉසිවරයන් සමඟ 2 – Bharatha Yogin Saha Isiwarayan Samaga 2

    ඇතමකු යෝගීන් ලෙස ද, තවත් සමහරු සන්නාසීන් ලෙස
    ද හඳුන්වනු ලබන ගුප්ත සමාජ තලයකට අයත් මෙම මිනිසුන් පිළිබඳ වූ විටින් විට අපට ආසන්නට ලැබෙන එකී වෘත්තාන්ත පිටු පස ඇති සත්යය කුමක්ද? අභ්යාසයේ යෙදෙන්නන්ට මානසික ශක්තීන්ගේ අති විශේෂ සංවර්ධනයක් සහතික කෙරෙන පෞරාණික ප්රඥාවක් භාරතයේ පවනින්නේ යයි දන්වමින් අප වෙත ලැබෙන සක්රීය ඉඟි පිටු පස ඇති සත්යය කුමක්ද? මා එය සොයා දීර්ඝ ගමනක යෙදුණු අතර…

    Rs. 360.00
  • -15%
    (0)

    සදාම් සමඟ මා පාරිසුලා

    ජිනාගේ නිවසට මා කැඳවුයේ හරුට්ගේ පෙළඹවීමක් අනුව බව මා තේරුම් ගත්තේ පසුවය. හරුට්ගේ ගනුදෙනුකරුවන් වූයේ බැග්ඩෑඩ්හි ඉහළ පංතියට අයත් ප්රභූවරුන් ය. සදාම් හුසේන් සුඛෝපභෝගී ජීවිතය ප්රිය කළ, තරුණ කෙල්ලන් කෙරේ නොසන්සිඳෙන ආශාවකින් පෙළෙන අයෙකු බව හරුට් දැන සිටියේ ය. සමහර විට මා වැනි හුරුබුහුටි කෙල්ලන් ඔහුට සොයා දීම හරුට්ට පැවරී තිබුණා විය හැක. ඉරාකය ඉතා ඉක්මනින් යකඩ ග්රහණයකට මැදි කර ගන්නා බලගතු මිනිසා ඇසුරු කිරීමෙන් ලෝකයේ සියලු ප්රතිලාභ අයත් කරගත හැකි බව ඔහු දැන සිටියේ ය. එම රාත්රියේ හරුම්ගෙන් සදාම් හුසේන්ට ලැබුණු තෑග්ග මාය..

    Rs. 468.00
  • -10%
    (0)

    නිධන් දූපත

    නිධන් දූපත පිළිබඳ සියලු විස්තර මුල සිට අග දක්වා ලියන ලෙස ට්රිලෝනි මහතාද, ලිවයි ස්දොතර මහතතා ද, අනෙකුත් මහතුන්ද මාගෙන් ඉල්ලා සිටි පරිදි. 17.. වසරේ පෑන අතට ගන්නා මම මගේ පියා අද්මිරාල් බෙන්බෝ නමැති තානායම ගෙන ගිය කාලේ ඒ දුඹුරු පාට නැවියා අස් වහල යට ලැගුම් ගත් මොහොයන් පටන් මෙම කතාව සම්පූර්ණයෙන් ලියමි. එහෙත් තවම ඉවත් කරනු නොලැබූ වස්තුව එම නිධන් දුපතේ තිබෙන නිසා, ඒ දූපතේ පිහිටීම පිළිබඳ විස්තර පමණක් මම මෙහි නොලිය
    මට ඒ නැවියා අද ඊයේ වාගේ මතකය. ඔහු බොහෝ මහන්සියෙන් ඇවිද ගෙන අවුත් තානායමට ගොඩ වුයේය. ඔහුගේ මුහුදු බඩු පෙට්ටිය අත් කරත්තයක දමා පස්සෙන් කල්ලු කරගෙන එනු ලැබීය. ඔහු හොද උස මහත, පවමක් දඹුරු පාට පුද්ගලයෙකි. ඔහුගේ එකට ගැට ගසන ලද කිලිටි කොණ්ඩය ඔහුගේ කිලිටි නිල් හට කබායේ උරහිස දක්වා වැටී තිබුණි. ඔහුගේ අත් රළුය, කැළල් සහිතය. එක් සම්මුලක කඩු කැපුම් කැළලකි. එය ඊයම් මෙන් මලානික කැක පාටට හැරී තිබුණි. ඔහු මුහුදු බොක දෙස බලා තමාටම
    Rs. 495.00
  • -15%
    (0)

    චයිනමන්

    බූකර් සම්මාන ලාබි ශෙහාන් කරුණාත්ලකගේ ප්රථම නව කතාව මෙන්ම, වැඩිම ජාත්යන්තර සම්මාන ලාබි ශ්රී ලාංකික නවකථාව.

    Rs. 590.00
  • -20%
    (0)

    ගිම්හාන ගීතය – Gimhana Geethaya

    එවකට පහළොස් වන වියේ පසු වු මයිකල් බර්ග්ට ඔහුට වඩා දෙගුණයක් වයසැති හනා ස්මිට්ස්ව මුණගැසුණේ අහඹු සිද්ධියක් මඟිනි. ඔවුන් දෙදෙනා අතර වූ සරාගී ප්රේම සම්බන්ධය ඒ ගිමිහානය හරහා යන්ත්රයක් නොමැති අහස් යානයක් මෙන් පාව ගියේය. දිනක් ඇය ඔහුටද නොදන්වා නගරය අතහැර ගියාය. ඉන් වසර කීපයකට පසු මයිකල් බර්ග් විශ්වවිද්යාලයේ නිති පීඨයේ නීතිය හදාරමින් සිටි අතර දෙවන ලෝක යුද්ධ සමයේ නාසි වධකාගාරයක යුදෙව් ජාතිකයන් ඝාතනයකර දැමීමට හවුල් වූ කාන්තාවන් කීපදෙනෙකුට විරුද්ධව ඇසුණු නඩුවක් බැලීමට යයි. එහිදී මයිකල්ට හනා ස්මිට්ස්ව නැවත මුණගැසෙයි. ඇය නඩුවේ විත්තිකාරිය බැව් දැනගැනීමට ලැබෙයි. සිය භද්ර යෞවනයේදී පළමුවෙන්ම ස්ත්රීපුරුෂ සම්භෝගයේ අ ආ යන්න ඔහුට කියාදුන් මේ යුවතිය දැකීමෙන් මයිකල් පුදුමයට පත් වෙයි. නඩුවෙන් වරදකාරිය බවට පත්වන ඇයට අධිකරණය වසර දහඅටක සිර දඩුවමක් නියම කරයි. ‘හැමදාම මගෙ හිතට වධ දීපු කාරණයක් තමයි.. ඔය කිසිම කෙනෙකුට මාව තේරුම් ගැනීමට බැරිවීම.. ඒ විතරක් නෙමෙයි මට ඒ දේවල් කරන්නට සිදු වුණේ මොකද කියලා කවුරුවත් දැනගෙන හිටියේ නෑ..එහෙම දැන හිටියා නම් මාව උසාවියකට කැඳවලා නඩු අහන්නේ නෑ.. ඒ ඇත්ත සිද්ධිය දැනගෙන හිටියෙ ඒ වධකාගාරයේදී මැරුණ අය විතරයි… මේ හිරගෙදර සිටි කාලය තුළ ඒ මැරිච්ච අය මාව සොයාගෙන ආවා.. මම කැමති වුණත් නැති වුණත් සෑම රාත්රියකම ඒ අය මාව සොයාගෙන ආවා.. නඩුවට ඉස්සෙල්ලා ඒ මැරිච්ච මිනිස්සු මා ළඟට ආව නම් අන්ව එළවලා දමන්නට මට හැකියාව තිබුණා. ඒත් දැන්

    Rs. 600.00
  • -10%
    (0)

    ලක්දිව සඟවුණු වනකතා

    ඒ සිකුරාදා දිනෙකි. කුඩාරම් ගැසීමට අවශ්ය කළ හළ මනා ද කැමරා ද සටහන් පොත් ද රැගෙන මා ගමන් ගත්තේ අනුරාධපුරයෙන් උතුරු දෙසට ය. මගේ තනි නොතනියට සිටියේ එක් පුද්ගලයකු පමණි. නටබුන් නගර නරඹා උගත යුතු කරුණු අවබෝධ කොට ගෙන එහි වෙසෙන ගැමි ජන ජීවිතය පිළිබඳ තොරතුරු ද මේ ගමනේ දී එක්රැස් කැරැ ගත හැකි විය. ඒ අතරෙහි දී ස්ථිර පදිංචියක් නොමැති ජන කොට්ඨාශයකගේ ජීවන චර්යාවන් පිළිබඳ ඉතා වැදගත් සිත් ගන්නා සුලු තොරතුරු රැසක්

    Rs. 630.00
  • -20%
    (0)

    හිට්ලර් ඊවා අමරනීය ආදරය – Hitler Eva Amaraneeya Adaraya

    නාසි ජර්මන් අධිරාජ්‍යයේ ඒකාධිපති පාලකයා ලෙස 1933 – 1945 අතර සමයේ සිය අණසක පතුරුවා සිටි ඇඩොල්ෆ් හිට්ලර් ඉතිහාසයට එක්ව ඇත්තේ මේතාක් ලොව පහළ වූ අතිශයින් කෲරතර ජන සංහාරකයන් අතුරින් කෙනෙකු ලෙසටය. ඔහු ගැන සඳහන් කරන හැම ලේඛකයෙකුම පාහේ ඔහුගේ ජීවිතයේ එම ප්‍රකට පැතිකඩ ඉස්මතු කර දැක්වීමට යත්න දරා තිබීම ස්වාභාවික ය. එහෙත් ඒ සැවොම වාගේ අමතක කර ඇති එක් කරුණක් වන්නේ ඔහු තුළ සැබෑ ආදරවන්තයෙකු මෙන්ම උසස් රසිකත්වයෙන් හෙබි කලාකාමියෙකු ද සැඟව සිට ඇති බව ය. ඊවා බ්‍රෝන්ට සිය පණ මෙන් ආදරය කළ ඔහුට සිය මරණය දක්වා ම ඇගෙන් තොර ලෝකයක් නොවීය. එසේම සංගීතය සහ සාහිත්‍යය යන කලාවන් පිළිබඳව ඔහු තුළ පැවති උසස් රුචිකත්වය කෙතරම් ද යන්න විදහා දැක්වෙන අවස්ථා ද ඔහුගේ චරිතයේ විරල නැත. රිචඩ් වාග්නර්ගේ සංගීතයට වශීව ඔහු ඊට ලොබ බැඳ සිට ඇත්තේ ඇදහිය නොහැකි ආකාරයට ය. එලෙසම සම්භාවනීය ජර්මන් ලේඛකයන් වූ වොෆ්ගන්ග් ගොන්තේ, ප්‍රීඩ්‍රිච් ෂිලර් වැන්නවුන් ඔහුගේ නිබඳ ඇගයුමට පාත්‍රවී තිබීමෙන් පෙනී යන්නේ ඔහු ඔවුන්ගේ කෘති ඇසුරු කර ඇති බවය. මෙම කෘතියෙන් කෙරෙන්නේ හිට්ලර්ගේ ජීවිතය පිළිබඳව සැඟව පවතින එකී පැතිකඩවල් නිරාවරණය කිරීමය.

    Rs. 720.00
  • -20%
    (0)

    ධනවත් පියා,දිළිඳු පියා

    Rich dad, Poor dad ග්‍රන්ථය රචනා කළ රොබට් ටී. කියෝසාකි සැලකෙන්නේ ලක්ෂපතියන්ගේ විදුහලෙහි විදුහල්පති ලෙසිනි. එයට හේතුව ඔහු වත්මන් සමාජයට මුදල් පරිහරණය පිළිබඳව අලුත් සංකල්ප රැසක්ම ඉදිරිපත් කර තිබීමය. උදාහරණයක් ලෙසින් , අප මුළු ජීවිත කාලය පුරාම සිහින දකින වත්කමක් වන නිවසක් යන්න සැබෑ වත්කමක් නොවන බව මෙහි කතුවරයා ඔබට පෙන්වා දෙයි. එමෙන්ම, පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුමක්ම පමණක් වීමෙන් සියලු දෙන වැඩිහිටියන් වූ විට දී මූල්‍ය පරිහරණය පිළිබඳ ගැටලු වලට මුහුණ දෙන බවද මෙහි පැහැදිලි කෙරේ. මෙය මුදල් ගැන අපිව අලුත් විධියට සිතන්නට පුරුදු කරන ග්‍රන්ථයක් බව ඔබට කීවේ එහෙයිනි. එමෙන්ම මෙම ග්‍රන්ථය බොහෝ අවධානයෙන් කියවිය යුත්තකි. මන්ද මෙහි සෑම වදනකින්ම ඔබට වැදගත් දැනුමක් හා අවබෝධයක් ලැබේ.

    Rs. 736.00
  • -10%
    Rusiyanu_Gammadde_Charikawak_silvabookshop_lkRusiyanu_Gammadde_Charikawak_silvabookshop_lk
    (0)

    රුසියානු ගම්මැද්දේ චාරිකාවක් – Rusiyanu Gammadde Charikawak

    මේ කතාන්දරය පටන් ගැනෙන උදෑසන උණුසුම්, එහෙත් වලාකුළු වලින් බර වූ ඇඳිරි එකක් වීය. රාත්‍රියේ ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් මුළු වනයත් තණ පිට්ටනිත් තෙත බරිත බවක් ඉසිලීය. අතු රිකිලි හැමෙකක ම රැඳී තිබුණු කුඩා ජල බිඳු රිදී පැහැයෙන් දිළිසුණේය. සිය ගණනක් වූ පැළෑටි හා පඳුරු වලින් නිකුත් වුණු සුගන්ධය කාගේ වුවද විඩාව දුරු කොට ප්‍රාණවත් බවක් ඇති කරන්නට සමත් විය.
    අමුතුම මාදිලියේ අභිරහස් බවක් ඉසිලූ කුඩා විලක් වෙත, මම තණ පිට්ටනි මැදින් ගමන් කළෙමි. එම විලේ හෝ ඒ අවට හෝ කිසිදු අභිරහසක් ගුප්ත බවක් නොමැති වග, මනා සිහි බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට බැලූ බැල්මට පැහැදිලි වනු නොඅනුමාන ය. එසේ වුවද, වචන වලින් පැහැදිලි කළ නොහැකි අන්දමේ ගුප්ත හැඟීම් සමුදායක් එම විල අසලට ගිය කා තුළත් ඉතිරි විය. ඊට තුඩුදුන් සැබෑ හේතුව සොයා ගැනීමට මා කොතෙක් වෙර දැරුව ද, මාගේ උත්සාහය කිසිදාක සාර්ථක වූයේ නැත.

    Rs. 765.00
  • -10%
    (0)

    මැරෙන්න තීරණේ කරයි – VERONIKA MARENNA THIRANAYA KARA

    සාමාන්‍යයෙන් ගැහැනියක අපේක්ෂා කරන සෑම දෙයක්ම පාහේ වෙරෝනිකා සතු බව පෙනේ. ඈ තරුණ ය. රූමත් ය. කඩවසම් පෙම්වතුන්ගෙන්ද ඈට අඩුවක් නැත. නැටුම් ගැයුම් ආදියට ප්‍රිය ය. ස්ථිර රැකියාවක් ද ඇත. එහෙත්, ඈ තුළ සතුට නැත. ජීවිතයේ කිසියම් දෙයක අඩුවක් ඈට දැනේ.

    1997 නොවැම්බර් 11 වැනි දා ඈ සියදිවි නසාගන්නට තීරණය ‌කරන්නීය. නිදිපෙති අධික ප්‍රමාණයක් පානය කරන ඈ මියයාම වෙනුවට පිස්සන් කොටුවකදී සිහිය ලබයි. තවම ජීවතුන් අතර සිටියද ඈ පානය කළ බෙහෙත් සැරට මොළය සදාකාලික අවදානමකට ලක් වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජීවිතය තව දවස් කිහිපයකට පමණක් සීමා වී ඇති බව වෛද්‍ය විශේෂඥවරු ඈට පෙන්නා දෙති.

    Rs. 765.00
  • -10%
    (0)

    භාරත යෝගීන් සහ ඉසිවරයන් සමඟ 1 – Bharatha Yogin Saha Isiwarayan Samaga 1

    ඇතමකු යෝගීන් ලෙස ද, තවත් සමහරු සන්නාසීන් ලෙස
    ද හඳුන්වනු ලබන ගුප්ත සමාජ තලයකට අයත් මෙම මිනිසුන් පිළිබඳ වූ විටින් විට අපට ආසන්නට ලැබෙන එකී වෘත්තාන්ත පිටු පස ඇති සත්යය කුමක්ද? අභ්යාසයේ යෙදෙන්නන්ට මානසික ශක්තීන්ගේ අති විශේෂ සංවර්ධනයක් සහතික කෙරෙන පෞරාණික ප්රඥාවක් භාරතයේ පවනින්නේ යයි දන්වමින් අප වෙත ලැබෙන සක්රීය ඉඟි පිටු පස ඇති සත්යය කුමක්ද? මා එය සොයා දීර්ඝ ගමනක යෙදුණු අතර…

    Rs. 765.00
  • -20%
    වැලපෙන්නි අවකන්නි
    (0)

    වැලපෙන්නි අවකන්නි – Walapenni Awakanni

    කලක් සොඳුරු රටක්ව තිබූ ඇෆ්ගනිස්ථානය….. රූමත් ළඳුන් නිදහසේ සැරිසැරූ ඇෆ්ගනිස්ථානය……… තාලිබාන් පාලනය යටතේ එක් සුවිසල් සිරගෙයක් බවට පත් වී තිබේ. කාන්තාවන් වහලියන්ටත් අන්ත තත්ත්වයකට ඇද දමා තිබේ. ඔවුන්ගේ මේ “ඔල්මොරොන්දම්” නීති සමුදාය ඔබට කිනම් හැඟුමක් ගෙන ඒද?
    ගැහැනුන්ට කිසිඳු රැකියාවක යෙදීම තහනම්!
    පොදු ප්රවාහන සේවා ගැහැනුන්ට වෙනම පවත්වා ගෙන යා යුතුය.
    ස්ත්රීන්ට පිටත ඇවිදීම තහනම්!
    එසේ යනවා නම් පියා, සහෝදරයා හෝ සැමියා සමඟ පමණී.
    ගැහැනු බුර්කාව පමණක් ඇඳිය යුතුය.
    බුර්කාවට යටින් අඳින ඇඳුම් තද පැහැ හෝ වෛවර්ණ නොවිය යුතුය
    රූපලාවණ්ය ආලේපන, නිය හා තොල් ආලේපන තහනම්!
    මිනිසුන්ගේ හා සතුන්ගේ සේයා රූ තහනම්!
    පිරිමි වෛද්යවරයකුට ස්ත්රියකගේ සිරුරට අත තැබීම තහනම්!
    ස්ත්රියකට, පිරිමි සන්නාලියකුගෙන් ඇඳුම් මැසීම තහනම්!
    සංගීතයට සවන් දීම තහනම්!
    චිත්රපට, වීඩියෝ නැරඹීම තහනම්
    කිසිදු වෙළෙන්දෙකුට ගැහැනු යට ඇඳුම් විකිණිය නොහැකිය.
    සරුංගල් යැවීම තහනම්!
    මේ ඒවායින් කිහිපයක් පමණි!
    ඉදින්, ඔවුන් වැලපෙන්නේ නැතිව
    වෙන කුමක් කරන්නද?

    Rs. 800.00
  • -20%
    (0)

    මේකි නං මහ….

    සංගීතෙ…!

    සුරාව…! සූදුව!!

    ගෑනු… නිකම්ම ගෑනු නෙමෙයි,

    රාගය උතුරන ගෑනු…!

    නැටුම්…!

    ගැයුම්…!

    වැයුම්…! ඇයි රති කෙළි?

    තරු හතේ හෝටල්…

    සමාජ ශාලා…

    දිව්‍යෙලා්කෙ වගේ…!

    දෙවිවරු… දිව්‍යාංගනාවො වගේ!!

    ඒත් ඉතින්,

    පරසතු මලුත් පරවෙන්න පුළුවන්නෙ!

    ඊට කලින්

    රිංගලා බලමුද

    ඒ ලෝකෙට ?

     

    (“මේකි” ගන්නවනං, “මූ” ත් ගත්තොත් තමා සම්පූර්ණ!)

    Rs. 800.00
  • -10%
    (0)

    පියෙද්රා ගඟබඩ හිඳ මම වැලපුණෙමි – Piyedra-Gangabada Hinda Mama Welapunemi

    පියෙද්රා ගඟබඩ හිඳ මම වැලපුණෙමි. මේ ගංදියට පතිත වන – තුරුපත්, කුරා කුහුඹුන්,කුරුලු පිහාටු – ඈ සියල්ලක්ම ගංපත්ල සුසැදි පාෂාණ බවටම පත්වන්නේ යැයි පුරා වෘත්තයක් වෙයි. මගේ හදවත මුලිනුදුරා මේ දිය වැලට වීසි කර දමන්නට මට හැකි වී නම්, එවිට මගේ වේදනාවන් සහ අධිකතර ලාලසාවන් නිමා වී අවසානයේදී සියල්ල අමතක කර දමන්නට මට හැකි වේවි.
    පියෙද්රා ගඟබඩ හිඳ මම වැලපුණෙමි. සිසිර සුළඟින් සීත මා කොපුල්තල මත වූ කඳුළු බිඳු මා අතැර යන දියවරට පතිත වේ. කොහේදී හෝ මේ ගඟ තවෙකක් හා එක් වී, ඉනිදු නොනැවතී මගේ හදවතින් සහ පේන මානයෙන් එපිට ඉසව්වකදී මුහුද හා මුසු වේ. යම් දිනෙක මා, මගේ පෙම්වතා වෙනුවෙන් හැඬු බව කිසි දිනෙක ඔහුට නොදැනෙන තරම් දුරකට මගේ කඳුළු බිඳු බොහෝ ඈතක ඇදී යාදෙන්. පියෙද්රා ගඟත්, ආශ්රමයත්, පිරනීස්හි දෙව් මැඳුරත්, මීදුම සහ අප එක්ව ඇවිද ගිය මංමාවත් සියල්ලත් මට අමතක කළ හැකි තරම් දුරකට මගේ කඳුළු බිඳු බොහෝ ඈතක ඇදී යාදෙන්.
    Rs. 810.00
  • -10%
    (0)

    උමතු හස්තය – Umatu Hastaya

    ගුවන් අනතුරකින් තුවාල ලබන ජෙරී බර්ටන් සිය නැගණිය සමග ලිස්ටොක් ගම්මානයට පැමිණෙන්නේ ලන්ඩන් නුවර කලබලකාරී බවින් මිදී සාමකාමී පරිසරයක මාස කිහිපයක් විවේකීව ගත කිරීමේ අරමුණෙනි. එහෙත් ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ අනපේක්ෂිත සිදුවීම් මාලාවකට ය. අතිශයින් අප්‍රසන්න නිර්නාමික ලිපි මාලාවක් නිසා ලිස්ටොක් වැසියන්ගේ ජීවිත උඩු යටිකුරු වේ. එහෙත් එය ආරම්භය පමණි. අදිසි හස්තය ජීවිත බිලි ගැනීම අරඹයි.

    Rs. 810.00
  • -20%
    (0)

    සිංහයා, මායාකාරිය සහ ඇඳුම් අල්මාරිය ( NARNIA)

    මහාචාර්යතුමකුගේ පැරැණි නිවෙසක ඇඳුම් අල්මාරියක් විවෘත කරන ලූසි පිවෙන්සි අරුම පුදුම දේශයකට අහම්බෙන් පිය තබයි. එය වනාහි සදාතන සීත ඍතුවක් රඩ කරන සැමදාට ම හිමෙන් වැසී ගිය දේශයකි –

    බලගතු මායාකාරියකගේ අණසකට යටපත් වුණු දේශයකි –

    සුරංගනා කතාවලත් පුරාවෘත්තවලත් පමණක් සඳහන් වන විස්මය ජනක සත්ත්වයන් ජීවත් වන, මායාවෙන් හා ඉන්ද්‍රජාලවලින් පිරුණු දේශයකි.

    එය හඳුන්වනු ලබනුයේ නානියාව යනුවෙනි.

    එහි වසන සැමගේ ම බලාපොරොත්තුව ඇස්ලන් නමැති සිංහ රාජයා පැමිණ දුෂ්ට මායාකාරිය පරදවා, සදාතන සීත ඍතුවෙන් තම දේශය ගළවා ගනු ලබනු දැකීම ය. එහෙත් එය සිදුවීමට මෙ ලොවින් ළමයින් සිවු දෙනකු නානියාවට පය තැබිය යුතු ම ය!

    ලෝකයේ මෙතෙක් ලියැවී ඇති විශිෂ්ටතම ළමා කෘතින් අතරින් ඉදිරියෙන් ම තිබෙන්නක් ලෙස අවිවාදයෙන් පිළිගැනෙන ‘සිංහයා, මායාකාරිය සහ ඇඳුම් අල්මාරිය’ පොව කොතැනක ජීවත් වුව ද, කවර බසක් කතා කළ ද, ළමයින් හැමට ම කියවා රසවිඳිය හැකි නිර්මාණයකි

    Rs. 840.00
  • -10%
    (0)

    වලාකුළු දවස් – Walakulu Dawas

    1911 දී තාගෝර්තුමා ගීතාංජලී කෘතිය උදෙසා නොබෙල් සම්මානය ලද පසු, එවකට බෙංගාලයේ යොවුන් පාඨකයන් හා නව නිර්මාණකරුවන් සඳහා ගද්‍ය හා පද්‍ය අතර වූ නව නිර්මාණ අංගයක් හඳුන්වා දීමේ අරමුණින් කෙටි ගද්‍ය ලෙස නම් කළ හැකි නිර්මාණ ඇතුළත් කොට මෙම කෘතිය බිහි වී ඇත. මෙම නිර්මාණ විශේෂය තරුණ පරපුර අතර ඉතා ජනප්‍රිය වී ඇත. මෙම නිර්මාණ එකතුව බෙංගාලි බසින් ඉංග්‍රීසියට පරිවර්තනය කළ අරොබින්දෝ බෝස් ලේඛකයා සිය සටහනෙහි සඳහන් කරන්නේ මෙම නිර්මාණ කවියත්, ගද්‍යයත්, මායාවත්, යථාර්ථයත්, මුසු වූ “මිණිමුතු” වැනි සටහන් විශේෂයක් බවය. යොවුන් පාඨකයන් තුළ යෞවනෝදයේ නැවුම් චමත්කාරය සමගම වඩාත් ගාම්භීර වූද සුන්දර වූද ආදරයේ අකාලික අපූර්වත්වය සිතුවම් කිරීමට මෙහිදී කවියා උත්සාහ කර ඇති බව ඔහු පවසයි.

    Rs. 855.00
  • -10%
    (0)

    දකින්න වෙනස්ව ජීවිතය – Atomic Habits

    ජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම් පුරුදු දිනෙන් දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළිනි. පුරුදු ගොඩනැගීම පිළිබඳ ලොව ප්‍රකට විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වන ජේම්ස් ක්ලියර් විසින් මෙම කෘතිය සම්පාදනය කරන ලදී.

    ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල් වූ Atomic Habits කෘතියේ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි.

    Rs. 900.00
  • -20%
    (0)

    “අරණකට පෙම් බැඳ”

    මුකුත් නෑ. මේ මල් ඇට වගයක්.
    මම පුදුමයට පත්වීමි. මොහු හිටවන්නේ කුමන මල් ඇට වර්ගයක්ද?

    Rs. 960.00
  • -20%
    (0)

    මයාඩා

    1979 දී ඉරාකයේ බලයට පත් සදාම් හුසේන් මුල් වකවානුවේ දී ජනතා හිතවාදීව කටයුතු කළ ද, වැඩි කලක් යාමට පෙර සිය ඒකාධිපති පොලිස් හමුදා රාජ්යය ගොඩනැංවීමට කටයුතු කළේය.
    ඔහුට විරුද්ධ වී යැයි ඉතා සුළු හෝ සැකයක් යමෙකු කෙරෙහි ඇති වූයේ නම් ඔහුට හෝ ඇයට සිදුවූයේ සදාම්ගේ සිපිරි ගෙවල්වල පිහිටි වධකාගාරවල දී අප්රමාණ වධ බන්ධනවලට ලක්වී මියයාමටයි.
    මේ සත්ය කතාව කලක් සදාම්ගෙන් සම්මාන පවා ලබා, ඔහුගේ හිත දිනා සිටි ඉරාකයේ සම්මානනීය පවුලකට අයත්, මයාඩා අල් අස්තාර් නම් මාධ්යවේදිනිය සදාම්ගේ වධකාගාරයක ගතකළ ශෝචනීය කාල පරිච්ඡේදය පිළිබඳවයි. එහිදී ඇයට හා අනෙක්
    සිරකාරියන්ට නොකළ වරදවල් සඳහා විඳින්නට සිදු වූ අනේක වධබන්ධන හා ඔවුන්ගේ අහිංසක පසුබිම් කතන්දරය මෙයින් විස්තර කෙරේ
    Rs. 960.00
  • -20%
    (0)

    මූ නං මහ….

    සංගීතෙ…!

    සුරාව…! සූදුව !!

    පිරිමි… නිකම්ම පිරිමි නෙමෙයි,

    ජවය උතුරන පිරිමි…!

    නැටුම්…!

    ගැයුම්…!

    වැයුම්…! ඇයි රති කෙළි?

    තරු හතේ හෝටල්…

    සමාජ ශාලා…

    දිව්යලෝකෙ වගේ…!

    දෙවිවරු… දිව්යාංගනාවො වගේ!!

    ඒත් ඉතින්,

    පරසතු මලුත් පරවෙන්න පුළුවන්නෙ!

    ඊට කලින්

    රිංගලා බලමුද

    ඒ ලෝකෙට ?

     

    (“මූ” ගන්නවනං, “මේකි” ත් ගත්තොත් තමා සම්පූර්ණ!)

    Rs. 960.00
  • -20%
    (0)

    කැස්පියන් කුමාරයා (NARNIA)

    පිවෙන්සි සොයුරු සොයුරියෝ ඉපැරැණි ඉන්ද්‍රජාල භාණ්ඩයක මායා බලයෙන් යළිත් වරක් නානියා දේශය කරා පැමිණෙති. එහෙත් මෙහි දී ඔවුන්ට දැන ගැනීමට ලැබෙන්නේ, තව දුරටත් එය ඔවුන් දැන සිටි නානියා දේශය නො වන බව ය. දැන් නානියාව පාලනය කරනුයේ ටෙල්මර් නමැති දුර ඈත දේශයකින් පැමිණි දුෂ්ට මනුෂ්‍ය පිරිසකි. තමන් ආදරය කළ නානියා දේශය එහි පෙර පැවති ශ්‍රීවිභූතිය වෙත යළි එසැවීමට පිවෙන්සිලා කැස්පියන් නමැති ටෙල්මර් කුමාරයාට නානියාවේ සිහසුනෙහි හිඳ ගැනීමට උපකාර කළ යුතු ය!

    සී. එස්. ලුවිස් නමැති අග්‍රගණ්‍ය ඉංග්‍රීසි ලේඛකයාගේ නානියා වංශ කතා මාලාවේ දෙ වැන්න වන ‘කැස්පියන් කුමාරයා’ ලෝක සාහිත්‍යයේ ෆැන්ටසි ශානරයට අයත් ළමා ප්‍රබන්ධ නිර්මාණ අතර ඉදිරියෙන් ම තිබෙන්නකි. පසු කාලයක දී සිනමාවට ද නැඟී තව තවත් ජනප්‍රියත්වයට පත් මේ රසවත් නව ප්‍රබන්ධය, ලොව පුරා දරු දැරියන්ගේ මෙන් ම වැඩිහිටි පාඨකයන්ගේ ද ආදරය නොමඳ ව දිනා ගත්තකි.

    Rs. 960.00
  • -20%
    (0)

    සැඟවුණු උයන – Sangauna Uyana

    ඉන්දියාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති අවධියේ
    එහි සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික යුවළකට දාව උපන් මේරි
    ලෙනොක්ස් දැරීය ළපටි වියේදීම මෙලොව තනිවෙයි.
    යෝක්ෂර් හි වෙසෙන ධනවත් ඥාතිවරයකු වෙත යවන
    ලද මේරි ඔහුට අයත් අති විශාල ගෘහයෙහි ද, කෙළවරක්
    නොදැකිය හැකි වතුපිටිවල ද නිතර සැරිසැරීමට පුරුදුව
    සිටියාය. දිනෙක අහම්බෙන් මෙන් සියල්ලන්ගේම
    මතකයෙන් ගිලිහී, සැඟව තිබූ උයනක් ඇයට හමුවෙයි. ඒ
    වනතුරුම කිසිවෙකු හෝ කිසිවක් ගැන තැකීමක් නොකළ
    දඩබ්බර චරිතයක් වූ මේරි මේ රහස් උයන කෙරෙහි
    ඇල්ම උපදවා එය යථා තත්ත්වයට පැමිණවීමට දැඩි සේ
    වෙහෙසෙයි. රහස් උයන මල් ඵල දරා වැඩෙත්ම ඇයගේ
    චරිතය ද පරිවර්තනයකට ලක්වෙයි.

    Rs. 960.00
  • -20%
    NIRUWAT HIRUMADANIRUWATH HIRUMADALA
    (0)

    නිරුවත් හිරුමඩල – NIRUWAT HIRUMADALA

    එලිජා බේලි එකළ පෘථිවි පොලිසියේ සේවය කළ පොලිස් නිළධාරියෙකි. එක් දිනක් සොලේරියාව නම් අති දියුණු පිටසක්වළ ලෝකයේ සිදු වූ මි$නිමැ%රුමක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා බේලි ට කැඳවීමක් ලැබේ. ඝා#තනයට ලක්ව තිබුණේ සොලේරියාවේ විසූ අති දක්ෂ උපත් ඉංජිනේරුවරයෙකු වන රිකේන් ඩැල්මරී ය. ආලෝක වර්ෂ මිලියන ගණනක් දුර සොලේරියාව බලා යන බේලි ට ඩැනීල් ඔලිවව් නම් මානව රූප රොබෝවරයා ද ඝාත@ නයට ලක්වූ රිකේන් ඩැල්මරී ගේ වැන්දඹු බිරිද වන ග්ලැඩියා ඩැල්මරී නම් පිටසක්වළ රූමතිය ද හමුවෙයි. සොලේරියාවේදි සිදුවන්නේ කුමක්ද ? රිකේන් ඩැල්මරි ගේ ඝාත*කයා සොයාගැනීමට බේලි ට හැකිවෙයිද ?

    Rs. 960.00
  • -10%
    (0)

    සොලමන් රජුගේ දියමන්ති ආකරය – Solaman Rajuge Diyamanthi Akara

    ” මං ජිමට කතා කරලා, ජිම්, මේ පාර කොහෙද යන්නෙ? ඇත් දඩයමේද?’ කියල ඇහුවා.
    “” නෑ බොස්, ඇත් දත් වලට වැඩිය විටිනා දෙයක් හොයා ගෙනයි අපි යන්නේ, කියලා ජිමි කීවා.
    ”’ ඒ මොනවද? කියලා මං ඇහුවා. මට ඇති වුණු කුතුහලය හැටියට රත්රන්ද ? ” කියල මං ඇහුවා.
    ” නෑ බොස්, රත්තරන් වලට වැඩිය වටිනා දෙයක් ! ” කියලා මිනිහා නියවාගෙන හිටියා.

    Rs. 990.00
  • -20%
    (0)

    බිඳුණු බිලින්දා

    ඔබ විශ්වාස කරන්න. අකැමැති වුවත් විශ්වාස කරන්න. ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද කුඩා දැරියකගේ හද කම්පා කරවන අනුවේදනීය අමිහිරි සත්ය කතාවයි මේ.
    මේ ඇගේ කතාවයි. අට හැවිරිදි ජෝඩි බ්රවුන්ගේ කතාවයි.
    Rs. 1,080.00
  • -15%
    (0)

    නැතිවුණු කුමාරයා

    මාර්කෝ ලොරිස්ටන් වයස අවුරුදු දහයක පමණ කොලූග ැටයෙකි. මව නොමැති ඔහුට පියා හා ලාසරස් සමග විවිධ රටවල සංචාරය කරන්නට සිදුවේ. ඒ, එක්තරා රහසිගත කාර්යයකට බව ඔහු නොදනී. පාසල් නොගියත් ඔහු තම අනාගත ජීවිතය ගොඩනගා ගැනීමට අවැසි සියලූ ගුණාංග පියාගෙන් උකහා ගන්නා හැටි පුදුම සහගතය. ස්ටෙෆන් ලොරිස්ටන් තම දේශය වූ සමාවියාව පිළිබඳව දැඩි ඇල්මක් ඇති, එය වෙනුවෙන්ම කැපවූ කෙනෙකි.
    අහම්බෙන් හමුවෙන මීයා හෙවත් ජෙම් රැුට්ක්ලිප් සමග මිතුරු වෙන මාර්කෝ අමුතු සෙල්ලමක් පටන් ගනියි. ඒ සෙල්ලමේ අවසානය සමාවියාවේ ඔටුන්න හිමිකරුවා හෙවත් නැතිවුණු කුමාරයා සොයා ගැනීම දක්වා දිවෙන ආකාරය අපූරුය. රසවත්ය. ඔවුන් සොයාගන්නා ඒ සැඟවුණු කුමාරයා කවුරුන්ද?
    Rs. 1,083.75
  • -10%
    (0)

    නත්තල් පුඩිමේ අභිරහස සහ තවත් කතා – Nattal Pudime Abirahasa

    ඇත්තෙන්ම එම දර්ශනය දිස්වූයේ නාට්‍යයක කොටසක් මෙනි. යාර කීපයක් ඈතින් බ්‍රිජට් හිම මත වැතිර සිටියාය. ඇය තද රතු පැහැති රාත්‍රී ඇඳුමක් ඇඳ සිටි අතර සුදු පැහැති වූල් මෆ්ලරයක් උරහිස වටා ඔතා තිබිණි. සුදු මෆ්ලරය පුරා රතු පැහැති පැල්ලම් විය. පසෙකට හැරී තිබුණ මුහුණ තද කලු කෙස් කළඹෙන් වැසී තිබිණි. එක් අතක් සිරුරට යටව තිබූ අතර අනෙක් අත තිබුණේ මිට මෙලවූ ඉරියව්වෙනි. ඇඳුමේ තිබූ රත් පැහැති පැල්ලම මත කැටයම් කළ මිටක් සහිත පැරණි පිහියක් විය. කර්නල් වරයාට අයත් පෞරාණික වස්තුවක් වූ එම පිහිය අමුත්තන්ට පෙන්වූයේ පෙර දිනයේය.

    Rs. 1,125.00
  • -20%
    (0)

    අවියෙන් ලියූ අකුරු – Awiyen Liyu Akuru

    වසර ගණනාවක් අප රට වෙළාගෙන පැවති ජාතික ප්‍රශ්නය තේමා කර ගනිමින් උතුරේ ලේඛකයන් විසින් ලියන ලද ග්‍රන්ථ රැසක් මෑත කාලයේ ඉන්දියාවේ දී ප්‍රකාශයට පත්ව තිබේ. එම ග්‍රන්ථ අතර 2015 වසරේ දී ප්‍රකාශයට පත් වූ සාත්ත්‍රිගේ ‘ආයුද එළුත්තු’ නම් නවකතාව සුවිශේෂී ස්ථානයක් හිමි කර ගෙන ඇත. එය මේ වන විට ඉන්දියාව පමණක් නොව ලොව බොහෝ රටවල දමිළ පාඨක හා විචාරකයන්ගේ අවධානයට ලක් වු නවකතාවකි. මේ එහි සිංහල පරිවර්තනයයි.

    ජාතික ප්‍රශ්නයේ ‘ආරම්භක ජවනිකාවල’ සිට අවසන් කාලය දක්වා සිදු වූ විවිධ සිදුවීම් ඔස්සේ විකාශනය වන මෙම නවකතාවේ විශේෂත්වයක් නම් අප අසා තිබෙන සහ දැක තිබෙන බොහෝ ප්‍රකට සිදුවීම්වල අප නො දන්නා ‛තිරය පසුපස’ සත්‍ය සිදුවීම් රැසක් නිරූපණය කිරීමට මෙමගින් කතුවරයා උත්සුක වී තිබීමයි. මෙය මෙරට ඓතිහාසික නවකතාවක් යැයි හැඳින්වුව ද වරදක් ද නොවන්නේ එබැවිනි.

    වරෙක එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයකු වශයෙන් ද කටයුතු කර තිබෙන මෙහි කතුවරයා එහි දී තමන් ලද බොහෝ අත්දැකීම් නවකතාව ලිවීමේ දී උපයෝගී කර ගෙන තිබෙන අතර ඔහු මෙම කෘතිය තුළින් නවකතාවේ දෘෂ්ටි කෝණය පිළිබඳ කිසියම් අත්හදා බැලීමක් ද සිදුකරයි.

    Rs. 1,200.00
  • -20%
    (0)

    යතිවරයෙකු සේ සිතන්න – YATHIWARAYEKU SE SITHANNA

    මෙය ඔබේ ජීවිතය වෙනස් කරන අපූරු ග්රන්ථයකි.වෙළඳ‌පොලට නිකුත් වූ සැනින්ම ලොව පුරා මිනිසුන් මිලියන ගණනකින් වැළඳගත් ජේ සෙත්ති විසින් රචිත මෙම ‘Think Like a Monk’ ග්රන්ථය වසර 2020 දී Amazon.com හා New York Times හි වැඩිම අලවියක් හිමි කරගත් පුද්ගල වර්ධන ග්රන්ථය බවට පත්විය. බවට පත්විය.ජේ සෙත්ති තෙවසරක්ම භික්ෂුවක ලෙස මහනදම් පිරූවෙකි.සිතේ සාමකාමී බව වර්ධනය කිරීම හා ජීවිතයේ ඒදිනෙදා අරමුණ ජය ගැනීමට සිත පුහුණු කිරීමේ මග ජේ සෙත්ති විසින් ඔබට කියා දෙන්නේ තම යතිවර සමයේ හඳුනාගත් ජීවිතය වෙනස් කරන මූලධර්ම රැසකිනි.ඒහෙයින් මෙම ග්රන්ථයෙහි සඳහන් පුද්ගල වර්ධන මූලධර්ම ඔබේ ජීවිතයේ වෙනස් මගකට යොමු කරවන්නකි.

    Rs. 1,264.00