-
(0)By : නිශ්ශංක විජෙමාන්න
කීඩෑවෝ ඇවිල්ලා
Rs. 750.00Rs. 675.00සිතුවිලි පියාඹා විත් කෙතට වැද කරල් කපමින් උන්නේය. උන් නැගිට කෙතින් අහසට පියඹා කුරුලු රෑනක් සේ නැවත නැවත කෙතට වැද සොම්නසේ ගෂ්ය බුදින්ට වන්නේය.
ලොරිය හතරවෙනි ධමති ඇළ දිගේ එන විට දයා සිරි මුදලාලි හිටියේ ඒ වසන්ත සුළගේ සුවය විඳිමින් සුක්කානමට උරුහං බාමින්ය. ලොරියේ ටිපරය මත පැටවූ වී ගෝණි අතරේ ඇතබාගෙන කල්පනාවේ සිටි ටිකිරි මහත්තයා හෙවත් මහත්තයාට ඊළඟ මොහොතේ සිදුවන අනතුර ගැන කොහොමටත් ඉවක් තිබුණේ නැත.
” පැනපාං.” කෑ ගැසූ දයා සිරි මුදලාලි සුක්කානම අතහැර දොර ඇරගෙන පැන්නේය. රියදුරකු නැති ලොරිය තවත් මීටර් අටක් පමණ මහ ඇළ බැම්ම දිගේ මාරක
-
(0)By : Jay Shetty
යතිවරයෙකු සේ සිතන්න – YATHIWARAYEKU SE SITHANNA
Rs. 1,580.00Rs. 1,264.00මෙය ඔබේ ජීවිතය වෙනස් කරන අපූරු ග්රන්ථයකි.වෙළඳපොලට නිකුත් වූ සැනින්ම ලොව පුරා මිනිසුන් මිලියන ගණනකින් වැළඳගත් ජේ සෙත්ති විසින් රචිත මෙම ‘Think Like a Monk’ ග්‍රන්ථය වසර 2020 දී Amazon.com හා New York Times හි වැඩිම අලවියක් හිමි කරගත් පුද්ගල වර්ධන ග්‍රන්ථය බවට පත්විය. බවට පත්විය.ජේ සෙත්ති තෙවසරක්ම භික්ෂුවක ලෙස මහනදම් පිරූවෙකි.සිතේ සාමකාමී බව වර්ධනය කිරීම හා ජීවිතයේ ඒදිනෙදා අරමුණ ජය ගැනීමට සිත පුහුණු කිරීමේ මග ජේ සෙත්ති විසින් ඔබට කියා දෙන්නේ තම යතිවර සමයේ හඳුනාගත් ජීවිතය වෙනස් කරන මූලධර්ම රැසකිනි.ඒහෙයින් මෙම ග්රන්ථයෙහි සඳහන් පුද්ගල වර්ධන මූලධර්ම ඔබේ ජීවිතයේ වෙනස් මගකට යොමු කරවන්නකි.
-
(0)
මරණය මැදින් මුලතිව් සිට
Rs. 1,500.00Rs. 1,350.00මේ අතර, මුලතිව් ඉහළ අහසේ හමුදා සාමාජිකයින් සොයා හෙලිකොප්ටර් යානා කැරකැවෙන්නට විය. වතුර ටැංකියේ සිටි සෑම අයෙකුම ඒ දෙස බලා සිටින්නට වූයේ බලාපොරොත්තු සහගතවය කෑගසන්නට හෝ අත වනන්නට ඒ තුළ කිසිදු ඉඩක් නොවූ තැන කපිතාන් පලිහවඩන තමා සතුව තිබූ කොම්පාසුව ගෙන එහි ඇති කන්නාඩිය හිරු එළියට නිරාවරණය වන ලෙස අල්ලා එමගින් හෙලිකොප්ටර් යානයට යම් පණිවිඩයක් ලබා දීමට උත්සුක විය. සෙසු සියලු දෙනාද නොඉවසිල්ලෙන් ඒ දෙස බලා හිඳින්නට වූ නමුත් හෙලිකොප්ටර් යානා එම සීමාවෙන් ඉවතට ඇදුනා මිස අන් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වීය. ජීවත්වීමේ බලාපොරොත්තු යළිත් වරක් අතරමග කඩා වැටුණු සයක් ඔවුනට දැණින. අවාසනාව තවදුරටත් ඔවුන් අතැර නොගොස් තිබුණු සේයකි.මරුවා හඹා එද්දි ජිවිතය අත් නොහළ විරුවන් දස් දෙනෙකුගේ සත්‍ය කතාව -
(0)
කොළඹ ප්‍රහාරය
Rs. 1,300.00Rs. 1,040.00ඔවුන් එකෙකුටවත් බසයෙන් පිටහට අඩියක්වත් තැබිමට හැකිවූයේ නැත, අඩි හයක් පමණ උස වූ පකිස්ථානුවෙක් මෙන් පැහැපත් ශරීරයන් තිබුනු මෙම මුස්ලිම් ජාතිකයා ඔහුගේ ඉණෙහි තිබුණු ඩේටනේටරය අතට ගෙන එහි ස්විචයට ඇගිල්ල තබා එය ඉහළට එසවූයේය. එය තමන්ගේ අවසානය යැයි දැනගත් මගීනු එකා පිට එකා වැටී එතැනම ගල් ගැසී නතර වූහ. ඔහු ස්විචය සියල්ලන්ටම පෙනෙන සේ ඉහළට ඔසවමින් අවසන් වරටක් “අල්ලාහු අක්බර්” යැයි හ
-
(0)
7.1.90
Rs. 1,600.00Rs. 1,440.00එදා, ඔක්තෝබර් පළවෙනිදා, කවදාවත් නැතිව සමරගිරියේ පැවැති මේ බලවත් නිශ්ශබ්දය සිඳීගියේය. බන්දුල සමරජීවගේ බිරිඳ වූ රාධා විසින් යටිගිරියෙන් කළ භයානක කෑගැසීමක් හා විලාපයක් නිසා සමරගිරියේ සෙසු අය පමණක් නොව අවට ගෙවල්වල උදවියද, ඒ ඔක්තෝබර් පළවෙනිදා, යහනින් නැගිට්ටේ මහත් භීතියෙනි.
-
(0)
පෙපර්මින්ට්-DAILY Love DOSE
Rs. 900.00Rs. 810.00මෙහෙම ලියන්න වචන එන්නේ කොහෙන්ද ?”
“හදවතින්…”
“ඒ ගැන කියන්න.”
” හදවත හරහා ඇවිදින්න කියන එක පහසු දෙයක් නෙවෙයි. අපේ හදවත් මත ඇවිදපු අය විතරක් නෙවෙයි දුවපු අයත් අපිව රිදවලා තියෙනවා ගොඩක්. රිදුම එන්නේ කොතැනින්ද කියල කියන්න ගොඩක් අය දන්නෙ නැහැ. ඒක ඉතා ගැඹුරින් මතුවෙන්නේ; හරියට ආගාධයකින් වගේ. ඒ ආගාධයට පනින්නේ නැතිව ඒක අපිට දැන ගන්න බැහැ. තමන්ගේම මාවතකින් ඒ ගැඹුර පියමං කරපු හදවත් වලින් තමයි මෙවැනි දිලිසුම් වචන එන්නේ. පෙපර්මින්ට්
-
(0)
කුර හඬෙකි වියැකෙන
Rs. 1,700.00Rs. 1,360.00කුලවමිය වලව් ඉස්තෝප්පුවේ සිට පඩිපෙළ බැස ඇවිත් පහළම පඩියේ නතර වුණාය.රුවැති අග මෙහෙසිය හීතල නිසාදෝ ඔසරි පටින් ගෙළ සහ ළැම පෙදෙස ආවරණය කරගෙන සිටියාය.සියලු දෑස් යොමුව පැවතියේ ඇය වෙතය.ඇගේ දෑස් යොමුව පැවතියේ තවලම්රාල වෙතය.ඇය පසෙකින් හිඳින්නී තුටුපඬුරු සහිත කුඩා රෙදි උර තැන්පත් කළ රිදී බන්දේසිය දෝතින් දරාගත් ඇගේ විශ්වසනීයම කම්මිත්ත වන හීං එකීය.සිරිත් පරිදි පළමුව තුටුපඬුරු පිරිනැමෙන්නේ තවලම්රාලටය.තවලම්රාල වන ඩිංගිරාල ඇත්තා ආර්යාව සමීපයට මිදුල හරහා එමින් සිටියේය. මුහුණ පුරා වැඩුණු ගන රැවුලකින් හෙබි ඩිංගිරාල නායකත්වයේ සියලු ලක්ෂණ ප්‍රකට කරමින් ඍජු ගමනින් ආර්යාවට සමීප වෙමින් හිඳී. ඔහු සමීප වෙත්ම ඇගේ දෙකොපුල් මහ රත් මලක ළා රත් පැහැය ගත්තේය.අත්කොට සුදු මේස් බැනියමකින් සහ අදුරු පැහැති සරමකින් සැරසී හුන් තවලම්රාල හිස වටා බැඳ තිබූ නිල් පැහැති ලේන්සුව ලිහා ගෙළ වටා දාගත්තේය.ඔහුගේ තියුණු දෑස් යොමුව තිබුණේ ඍජුවම ඇගේ දෑස් වෙතය.ඒ දෑස් යුගළ අතරේ එකිනෙකාට කියාගත නොහෙන නිහඬ රහසක් ලියැවී තිබුණේය.හිමිදිරි අන්ධකාරය දවාලමින් වලව් මිදුලේ කෙසෙල් කොටන් මත රැඳවූ පන්දම් සහ විලක්කු සේම ඇගේ දෑස් ද ඊළඟ මොහොතේ නාඳුනන ගින්නකින් ඇවිළෙමින් තිබුණේය. තවමත් රිදුම් දෙන දෙතොල්පට ඇය දිව’ගින් තෙත් කරගත්තාය….රාජ්‍ය සම්මානිත කාල නදී ගලා බසී නවකථාවෙන් පාඨක සිත් අමන්දානන්දයට පත් කළ නෝබට් අයමගේ නවතම නවකථාවයි,‘කුර හඩෙකි වියැකෙන’ -
(0)
දෙයියො තමයි දන්නෙ..!
Rs. 1,700.00Rs. 1,360.00සියා අරෝරා…
අවුරුදු දොළහෙ පොඩි කෙල්ල…
අම්මයි, තාත්තයි, නංගියි එක්ක
සීයලගෙ මහ ගෙදරට යනව.
නෑදෑ දරුවො එක්ක
සෙල්ලම් කර කර ඉඳල
රෑට නිදාගන්න යනව.
පහුවදා උදේ සියා නෑ !
අතුරුදහන් !!
සියාට මොකද වුණේ ?
කැමැත්තෙන් යන්න ගියාද?
හීනෙන් ඇවිදල කොහේ හරි ගියාද ?
කා එක්ක හරි පැනලා ගියා ද?
කවුරු හරි පැහැරගෙන ගියාද?
විහිළුවට හැංගුණාද?
..ද ? ..ද ? ..ද ?
දෙයියො තමයි දන්නෙ !
-
(0)
ආර්යා
Rs. 1,400.00Rs. 1,120.00වේලාව පාන්දර හතරහමාරට ආසන්නය. ප්‍රභූ ආරක්ෂාව සපයන සුදු පැහැ ඩිෆෙන්ඩරයට පසුව එන කළු පැහැ බීඑම්ඩබ්ලිව් රථය දැන් පැහැදිලිව ගඩාෆිට පෙනෙයි. තව ඇත්තේ තත්පර ගණනකි. ගඩාෆි ඉණ රැඳි පිස්තෝලය සුරතට ගෙන පොරවාගෙන සිටි වැරහැල්ලට යටින් පපුතුරයට කර ගත්තේය. එපමණකි!
ගාල්ල පැත්තේ සිට කොළඹ දෙසට විදුලි වේගයෙන් ධාවනය වූ ටිපර් රථය දකුණු දෙසට කැපී හෙණ ගසන්නාක් බඳු හඬක් සමඟින් කළු පැහැ බීඑම්ඩබ්ලිව් රථයෙහි බඳේ වදිනු ගඩාෆි දුටුවේ සිහිනෙන් මෙනි. ඊළඟ තත්පරයේ දී බීඑම් ඩබ්ලිව් රථය පාලමේ ඇන්දද කඩාගෙන ගඟට වැටිණ.
-
(0)By : Cathi Glass
බිඳුණු බිලින්දා
Rs. 1,350.00Rs. 1,080.00ඔබ විශ්වාස කරන්න. අකැමැති වුවත් විශ්වාස කරන්න. ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද කුඩා දැරියකගේ හද කම්පා කරවන අනුවේදනීය අමිහිරි සත්‍ය කතාවයි මේ.මේ ඇගේ කතාවයි. අට හැවිරිදි ජෝඩි බ්‍රවුන්ගේ කතාවයි. -
(0)By : Jean Sasson
මයාඩා
Rs. 1,200.00Rs. 960.001979 දී ඉරාකයේ බලයට පත් සදාම් හුසේන් මුල් වකවානුවේ දී ජනතා හිතවාදීව කටයුතු කළ ද, වැඩි කලක් යාමට පෙර සිය ඒකාධිපති පොලිස් හමුදා රාජ්‍යය ගොඩනැංවීමට කටයුතු කළේය.ඔහුට විරුද්ධ වී යැයි ඉතා සුළු හෝ සැකයක් යමෙකු කෙරෙහි ඇති වූයේ නම් ඔහුට හෝ ඇයට සිදුවූයේ සදාම්ගේ සිපිරි ගෙවල්වල පිහිටි වධකාගාරවල දී අප්‍රමාණ වධ බන්ධනවලට ලක්වී මියයාමටයි.මේ සත්‍ය කතාව කලක් සදාම්ගෙන් සම්මාන පවා ලබා, ඔහුගේ හිත දිනා සිටි ඉරාකයේ සම්මානනීය පවුලකට අයත්, මයාඩා අල් අස්තාර් නම් මාධ්‍යවේදිනිය සදාම්ගේ වධකාගාරයක ගතකළ ශෝචනීය කාල පරිච්ඡේදය පිළිබඳවයි. එහිදී ඇයට හා අනෙක්සිරකාරියන්ට නොකළ වරදවල් සඳහා විඳින්නට සිදු වූ අනේක වධබන්ධන හා ඔවුන්ගේ අහිංසක පසුබිම් කතන්දරය මෙයින් විස්තර කෙරේ -
(0)
ප්‍රේමසුත්‍ර
Rs. 1,400.00Rs. 1,120.00ප්‍රිය ආලිංගනයන්ගෙන් සපිරි සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදිවූවා ය. අලුයම් යාමයෙහි සූර්ය සම්ප්රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන් ම වසා දමා තිබූ කලාපයකි. ඔහු හා සමඟ සමීප ඇසුරක් ඇරඹූ දා සිට සිය හැඟීම් සමඟ සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැඟුම් සමුදායකි.
එදා සිට ම ඔහු ඇසුරෙහි උණුසුමෙන් ඈ ප්‍රමුදිතව සිටියා ය. එහෙත් කිසි විටකවත් එය දැල්වෙන්නට ඉඩ නොදුන්නා ය. ආවර්ජනාත්මක සොඳුරු වින්දනයකට පමණක් ඔහුගේ ඇසුර සීමා කරගන්නට ඇය සෑමවිට ම යත්න දැරුවා ය. ඒ පිරිමියෙකු සමඟ සහවාස ජීවිතය පිළිබඳ අතීතය විසින් ලබාදී තිබූ අමිහිරි අත්දැකීම් හේතුවෙනි. එහෙත් අද ඔහු උණුසුම හමුවෙහි ඈ වෙඬරු පිඩක් ව දියව ගියා ය.
අතීත සහවාසයේ දී තමා ජීවිතය යැයි සිතා සිටියේ අර්ධයකට ය. එය ද ශාරීරිකව මෙන්ම මානසිකව අමිහිරි අත්දැකීම්වලින් පිරි පීඩාකාරී එකක් විය. සැබැවින්ම සිය ජීවිතයේ ප්‍රථම වතාවට පරිපූර්ණ ඇසුරක පහස වින්දේ අද ය. එය නැවත නැවත සිත ඉල්ලන තරම් ස්වර්ගාස්වාදයකි
-
(0)By : Robin Sherma’s
පියෙන් පියවර නැගෙන් මුදුනට
Rs. 1,100.00Rs. 880.00සුප්‍රකට ලේඛක රොබින් ෂර්මාගේ The Greatness Guide – 2 කෘතියේ සිංහල පරිවර්තනයයි. මන බඳින සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමට, ජීවිතයේ සතුට විනෝදය උදාකර ගැනීමට, දුෂ්කර අවස්ථාවන්ට දිරිමත්ව මුහුණදීමට මෙම ග්‍රන්ථයෙන් ලැබෙන පිටුබලය ඉමහත්ය.මේ The Grnanois Guide (සිංහල පර්වර්තනය; නොගත් ගිරි හිස හෙතින් ඉවතටෝ පොතේ දෙවන පියවරයි, රොන් ෂර්මා වේහිදීත් සිය අපූර්ව අන්තඥානයන් හා ලොව විශිෂ්ටත්වයට, සාර්ථකත්වයට පත්කරලීමේ ක්‍රමවේදයන් ඔබ හා බෙදා හදා ගනියි. ජීවිතය ජය ගැනීමට, එය සාර්ථක කරගැනීමට මේ සිතුවිලි සහ උපක්‍රම ඔබට බොහෙවින් උපකාරී වනු ඇත. . වැඩ කිරීමේදී සහ පුද්ගලික දිවියේදී ලෝක මට්ටමට ළඟා වීමට
* මන බඳනා සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමේ හොඳම මග හදා ගැනීමට අසාමාන්යයකුවීමට අවැසි ආවේගය, ආශාව, උද්යෝගය මතුකර ගැනීමට
* දිවියේ සතුට සොයා යාමට හා වඩාත් විනෝදකාමීව ජීවිතය ගෙවීමට
* ජීවිතයේ දුෂ්කර අවස්ථාවන්ට දිර්මත්ව සහ නිහතමානීව මුහුණ දීමට
* ඔබේ පුද්ගලික දිවිය මෙන්ම වෘත්තියමය දිව්‍ය වඩාත් සරල කර ගැනීමට
මෙයින් ඔබට අසාමාන්‍ය උපදෙස් රැසක් ලැබෙනු ඇති, එළඹී ඇත්තේ ඖධී වාරයයි. ඉහළ මිනිස් දිවියක් නිමිකර ගැනීමට ඔබටත් පුළුවන්, අවැසි වන්නේ එයට නිසි මඟ පෙන්වීමක් සහ
නොසිඳෙන දිරියයි. වේ. එය ලබාදෙන, එය මතුකරලන පිළිණයක් -
(0)By : Chekeha Hachemi
වැලපෙන්නි අවකන්නි – Walapenni Awakanni
Rs. 1,000.00Rs. 800.00කලක් සොඳුරු රටක්ව තිබූ ඇෆ්ගනිස්ථානය….. රූමත් ළඳුන් නිදහසේ සැරිසැරූ ඇෆ්ගනිස්ථානය……… තාලිබාන් පාලනය යටතේ එක් සුවිසල් සිරගෙයක් බවට පත් වී තිබේ. කාන්තාවන් වහලියන්ටත් අන්ත තත්ත්වයකට ඇද දමා තිබේ. ඔවුන්ගේ මේ “ඔල්මොරොන්දම්” නීති සමුදාය ඔබට කිනම් හැඟුමක් ගෙන ඒද?
ගැහැනුන්ට කිසිඳු රැකියාවක යෙදීම තහනම්!
පොදු ප්‍රවාහන සේවා ගැහැනුන්ට වෙනම පවත්වා ගෙන යා යුතුය.
ස්ත්රීන්ට පිටත ඇවිදීම තහනම්!
එසේ යනවා නම් පියා, සහෝදරයා හෝ සැමියා සමඟ පමණී.
ගැහැනු බුර්කාව පමණක් ඇඳිය යුතුය.
බුර්කාවට යටින් අඳින ඇඳුම් තද පැහැ හෝ වෛවර්ණ නොවිය යුතුය
රූපලාවණ්‍ය ආලේපන, නිය හා තොල් ආලේපන තහනම්!
මිනිසුන්ගේ හා සතුන්ගේ සේයා රූ තහනම්!
පිරිමි වෛද්‍යවරයකුට ස්ත්‍රියකගේ සිරුරට අත තැබීම තහනම්!
ස්ත්‍රියකට, පිරිමි සන්නාලියකුගෙන් ඇඳුම් මැසීම තහනම්!
සංගීතයට සවන් දීම තහනම්!
චිත්‍රපට, වීඩියෝ නැරඹීම තහනම්
කිසිදු වෙළෙන්දෙකුට ගැහැනු යට ඇඳුම් විකිණිය නොහැකිය.
සරුංගල් යැවීම තහනම්!
මේ ඒවායින් කිහිපයක් පමණි!
ඉදින්, ඔවුන් වැලපෙන්නේ නැතිව
වෙන කුමක් කරන්නද? -
(0)By : ඩෑන් බ්‍රවුන්
“සම්භවය”
Rs. 2,900.00Rs. 2,320.00අප පැමිණියේ කොතැනක සිට ද ?
අප යන්නේ කොතැනකට ද ? -
(0)
“මැණිකේ”
Rs. 350.00Rs. 298.00පෙර වැරදි අහකටයි දැං වැරදි පෝරකේටයි
මහත්තයෝ මං දෙකේ ඇල මහතුං
දුකා කිව්වමයි දන්නෙ මෙහෙ ගමේ උං
ඇතිය කතාවක් ඒකෙත් මහ ලොකුත්
රෙදිය ගැලවෙන්නෙ ඒවට ගියොත් මහතුං..
-
දෙයියො තමයි දන්නෙ..!
Rs. 1,360.00සියා අරෝරා…
අවුරුදු දොළහෙ පොඩි කෙල්ල…
අම්මයි, තාත්තයි, නංගියි එක්ක
සීයලගෙ මහ ගෙදරට යනව.
නෑදෑ දරුවො එක්ක
සෙල්ලම් කර කර ඉඳල
රෑට නිදාගන්න යනව.
පහුවදා උදේ සියා නෑ !
අතුරුදහන් !!
සියාට මොකද වුණේ ?
කැමැත්තෙන් යන්න ගියාද?
හීනෙන් ඇවිදල කොහේ හරි ගියාද ?
කා එක්ක හරි පැනලා ගියා ද?
කවුරු හරි පැහැරගෙන ගියාද?
විහිළුවට හැංගුණාද?
..ද ? ..ද ? ..ද ?
දෙයියො තමයි දන්නෙ !
-
“මැණිකේ”
Rs. 298.00පෙර වැරදි අහකටයි දැං වැරදි පෝරකේටයි
මහත්තයෝ මං දෙකේ ඇල මහතුං
දුකා කිව්වමයි දන්නෙ මෙහෙ ගමේ උං
ඇතිය කතාවක් ඒකෙත් මහ ලොකුත්
රෙදිය ගැලවෙන්නෙ ඒවට ගියොත් මහතුං..