පරිවර්තන
-
(0)
“අරණකට පෙම් බැඳ”
මුකුත් නෑ. මේ මල් ඇට වගයක්.
මම පුදුමයට පත්වීමි. මොහු හිටවන්නේ කුමන මල් ඇට වර්ගයක්ද?Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00. -
(0)By : ඩෑන් බ්‍රවුන්
“සම්භවය”
අප පැමිණියේ කොතැනක සිට ද ?
අප යන්නේ කොතැනකට ද ?Rs. 2,900.00Original price was: Rs. 2,900.00.Rs. 2,320.00Current price is: Rs. 2,320.00. -
(0)By : Enid Blyton
අපූරු ඉස්කෝලේ අවසන් වාරේ – Apooru Iskole Awasanware
මෙය ඔබ මෙතෙක් රසවිඳි “අපූරු ඉස්කෝලේ” කතා මාලාවේ අවසන් කතාව යි. st. clare’s නමැති පාසලේ හට ගැනෙන අපූරු සිද්ධීන් පාදක කොට ගනිමින් , ජනප්‍රිය ඉංග්‍රීසි ලේඛිකා Enid Blyton විසින් රචනා කොට, සුදත් රොහාන් විසින් ඔහුට ම ආවේනික අපූරු ශෛලියකින් පරිවර්තනය කරන ලද මේ කතා පෙළ පාඨකයින්ගේ ඉමහත් ආනන්දයට හේතු විය. එහෙයින් මෙවන් වූ තවත් අපූර්ව කතා පෙළක් ඉදිරියේ දී ඔබට තිළිණ කිරීම අපේ අපේක්ෂාවයි.
Rs. 550.00Original price was: Rs. 550.00.Rs. 495.00Current price is: Rs. 495.00. -
(0)By : JACK HIGGINS
අබිරහස් සබ්මැරීනය – ABIRAHAS SBMERINAYA
සියල්ල ඇරඹුණේ, කැරීබියානු මුහුදු පත්ලේ ගිලීගිය, දෙවැනි ලෝක යුද සමයට අයත් ජර්මානු සබ්මැරීනයක තිබූ දිනපොතක් හෙන්රි බේකර් නමැති කිමිදුම්කරු විසින් සොයා ගැනීමත් සමඟය.
ලෝකයම සසල කරවිය හැකි අතිශය රහසිගත ලියවිලි රැසක් සබ්මැර්නය තුළ වන බව වටහාගන්නා බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශයේ චාර්ල්ස් ෆර්ගසන්, සබ්මැරීනය සොයා ගැනීමේ මෙහෙවර එක් විශේෂිත අයෙකු හට පවරනු ලබයි.
ඒ හිටපු IRA සෙබළෙකු වන ෂෝන් ඩිලන්ටය.
ඔහු හුදෙකලාවම ක්‍රියාන්විතය දියත් කළ යුතුය.
සබ්මැරීනය සොයාගැනීම පමණක් නොව, එය පසුපසින් පැමිණෙන පොතාල කල්ලි හා ගැටෙමින්, ඔවුන්ට පළමුවෙන් ලිපිගොනු සොයාගැනීමේ අභියෝගයටද මුහුණදිය යුතුය.
එබැවින්ම.
ඔහු ගෙන යන සටන ත්‍රාසජනකය;
ලොමුදැහැගන්වනසුලුය!
Rs. 1,800.00Original price was: Rs. 1,800.00.Rs. 1,620.00Current price is: Rs. 1,620.00. -
(0)By : Gowripal Sathiri
අවියෙන් ලියූ අකුරු – Awiyen Liyu Akuru
වසර ගණනාවක් අප රට වෙළාගෙන පැවති ජාතික ප්‍රශ්නය තේමා කර ගනිමින් උතුරේ ලේඛකයන් විසින් ලියන ලද ග්‍රන්ථ රැසක් මෑත කාලයේ ඉන්දියාවේ දී ප්‍රකාශයට පත්ව තිබේ. එම ග්‍රන්ථ අතර 2015 වසරේ දී ප්‍රකාශයට පත් වූ සාත්ත්‍රිගේ ‘ආයුද එළුත්තු’ නම් නවකතාව සුවිශේෂී ස්ථානයක් හිමි කර ගෙන ඇත. එය මේ වන විට ඉන්දියාව පමණක් නොව ලොව බොහෝ රටවල දමිළ පාඨක හා විචාරකයන්ගේ අවධානයට ලක් වු නවකතාවකි. මේ එහි සිංහල පරිවර්තනයයි.
ජාතික ප්‍රශ්නයේ ‘ආරම්භක ජවනිකාවල’ සිට අවසන් කාලය දක්වා සිදු වූ විවිධ සිදුවීම් ඔස්සේ විකාශනය වන මෙම නවකතාවේ විශේෂත්වයක් නම් අප අසා තිබෙන සහ දැක තිබෙන බොහෝ ප්‍රකට සිදුවීම්වල අප නො දන්නා ‛තිරය පසුපස’ සත්‍ය සිදුවීම් රැසක් නිරූපණය කිරීමට මෙමගින් කතුවරයා උත්සුක වී තිබීමයි. මෙය මෙරට ඓතිහාසික නවකතාවක් යැයි හැඳින්වුව ද වරදක් ද නොවන්නේ එබැවිනි.
වරෙක එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයකු වශයෙන් ද කටයුතු කර තිබෙන මෙහි කතුවරයා එහි දී තමන් ලද බොහෝ අත්දැකීම් නවකතාව ලිවීමේ දී උපයෝගී කර ගෙන තිබෙන අතර ඔහු මෙම කෘතිය තුළින් නවකතාවේ දෘෂ්ටි කෝණය පිළිබඳ කිසියම් අත්හදා බැලීමක් ද සිදුකරයි.
Rs. 1,500.00Original price was: Rs. 1,500.00.Rs. 1,200.00Current price is: Rs. 1,200.00. -
(0)By : ලොරන්ස් රීස්
අවුෂ්ව්ට්ස් ඝාතක කඳවුර – AUSCHWITZ GHATHAKA KANDAWURA
අපකීර්තිමතේ නට්සි වධකාගාරය පිළිබඳ ලෝරන්ස් රිස් ගේ මෙම කෘතිය, ඝාතනය, කෲරත්වය, වික්රමය, පලා යෑම සහ නොනැසී පැවැත්ම පිළිබඳ අනුස්මරණීය කතාන්තරයකි.‘බ්රිතාන්ය ජනගහනයෙන් අඩක් අවුෂ්ටිට්ස් ඝාතක කඳවුරක් ගැන කිසි දවසක අසා නැති පාට යි. ඉතිරි පිරිසෙන් සමහරෙක්, ඒ ගැන තවත් කීමට යමක් ඉතිරිව නැතැයි සිතත්. එහෙත්, තව සොයා ගැනීමට අනන්තවත් රහස් ඇති බව ලෝරන්ස් රිස් පෙන්වා දෙයි. ඉන් සමහරක්, ඊට සම්බන්ධ අපරාධකාරයන් සහ එම අපරාධයෙන් දිවි ගලවා ගත්තවුන් සොයා යමින් එකතු කරගත් අගනා තොරතුරු වලින් පොහොසත් වීම අතිශය වැදගත්…නිල් අවර්සන්, ඔබ්සර්වර් මිනිසාට එරෙහිව මිනිසාගේ අමනුෂ්යත්වයේ තරම වටහා ගැනීමේ යතුරක්හයන් තොම්සන්, ගාඩියන්Rs. 1,450.00Original price was: Rs. 1,450.00.Rs. 1,305.00Current price is: Rs. 1,305.00. -
(0)
උමතු හස්තය – Umatu Hastaya
ගුවන් අනතුරකින් තුවාල ලබන ජෙරී බර්ටන් සිය නැගණිය සමග ලිස්ටොක් ගම්මානයට පැමිණෙන්නේ ලන්ඩන් නුවර කලබලකාරී බවින් මිදී සාමකාමී පරිසරයක මාස කිහිපයක් විවේකීව ගත කිරීමේ අරමුණෙනි. එහෙත් ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ අනපේක්ෂිත සිදුවීම් මාලාවකට ය. අතිශයින් අප්‍රසන්න නිර්නාමික ලිපි මාලාවක් නිසා ලිස්ටොක් වැසියන්ගේ ජීවිත උඩු යටිකුරු වේ. එහෙත් එය ආරම්භය පමණි. අදිසි හස්තය ජීවිත බිලි ගැනීම අරඹයි.
Rs. 900.00Original price was: Rs. 900.00.Rs. 810.00Current price is: Rs. 810.00. -
(0)By : C.S. Lewis
කැස්පියන් කුමාරයා (NARNIA)
පිවෙන්සි සොයුරු සොයුරියෝ ඉපැරැණි ඉන්ද්‍රජාල භාණ්ඩයක මායා බලයෙන් යළිත් වරක් නානියා දේශය කරා පැමිණෙති. එහෙත් මෙහි දී ඔවුන්ට දැන ගැනීමට ලැබෙන්නේ, තව දුරටත් එය ඔවුන් දැන සිටි නානියා දේශය නො වන බව ය. දැන් නානියාව පාලනය කරනුයේ ටෙල්මර් නමැති දුර ඈත දේශයකින් පැමිණි දුෂ්ට මනුෂ්‍ය පිරිසකි. තමන් ආදරය කළ නානියා දේශය එහි පෙර පැවති ශ්‍රීවිභූතිය වෙත යළි එසැවීමට පිවෙන්සිලා කැස්පියන් නමැති ටෙල්මර් කුමාරයාට නානියාවේ සිහසුනෙහි හිඳ ගැනීමට උපකාර කළ යුතු ය!
සී. එස්. ලුවිස් නමැති අග්‍රගණ්‍ය ඉංග්‍රීසි ලේඛකයාගේ නානියා වංශ කතා මාලාවේ දෙ වැන්න වන ‘කැස්පියන් කුමාරයා’ ලෝක සාහිත්‍යයේ ෆැන්ටසි ශානරයට අයත් ළමා ප්‍රබන්ධ නිර්මාණ අතර ඉදිරියෙන් ම තිබෙන්නකි. පසු කාලයක දී සිනමාවට ද නැඟී තව තවත් ජනප්‍රියත්වයට පත් මේ රසවත් නව ප්‍රබන්ධය, ලොව පුරා දරු දැරියන්ගේ මෙන් ම වැඩිහිටි පාඨකයන්ගේ ද ආදරය නොමඳ ව දිනා ගත්තකි.
Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00. -
(0)By : Hovhannes tumanyan
ගිකෝර්
Rs. 450.00Original price was: Rs. 450.00.Rs. 360.00Current price is: Rs. 360.00. -
(0)
ගිම්හාන ගීතය – Gimhana Geethaya
එවකට පහළොස් වන වියේ පසු වු මයිකල් බර්ග්ට ඔහුට වඩා දෙගුණයක් වයසැති හනා ස්මිට්ස්ව මුණගැසුණේ අහඹු සිද්ධියක් මඟිනි. ඔවුන් දෙදෙනා අතර වූ සරාගී ප්රේම සම්බන්ධය ඒ ගිමිහානය හරහා යන්ත්රයක් නොමැති අහස් යානයක් මෙන් පාව ගියේය. දිනක් ඇය ඔහුටද නොදන්වා නගරය අතහැර ගියාය. ඉන් වසර කීපයකට පසු මයිකල් බර්ග් විශ්වවිද්යාලයේ නිති පීඨයේ නීතිය හදාරමින් සිටි අතර දෙවන ලෝක යුද්ධ සමයේ නාසි වධකාගාරයක යුදෙව් ජාතිකයන් ඝාතනයකර දැමීමට හවුල් වූ කාන්තාවන් කීපදෙනෙකුට විරුද්ධව ඇසුණු නඩුවක් බැලීමට යයි. එහිදී මයිකල්ට හනා ස්මිට්ස්ව නැවත මුණගැසෙයි. ඇය නඩුවේ විත්තිකාරිය බැව් දැනගැනීමට ලැබෙයි. සිය භද්ර යෞවනයේදී පළමුවෙන්ම ස්ත්රීපුරුෂ සම්භෝගයේ අ ආ යන්න ඔහුට කියාදුන් මේ යුවතිය දැකීමෙන් මයිකල් පුදුමයට පත් වෙයි. නඩුවෙන් වරදකාරිය බවට පත්වන ඇයට අධිකරණය වසර දහඅටක සිර දඩුවමක් නියම කරයි. ‘හැමදාම මගෙ හිතට වධ දීපු කාරණයක් තමයි.. ඔය කිසිම කෙනෙකුට මාව තේරුම් ගැනීමට බැරිවීම.. ඒ විතරක් නෙමෙයි මට ඒ දේවල් කරන්නට සිදු වුණේ මොකද කියලා කවුරුවත් දැනගෙන හිටියේ නෑ..එහෙම දැන හිටියා නම් මාව උසාවියකට කැඳවලා නඩු අහන්නේ නෑ.. ඒ ඇත්ත සිද්ධිය දැනගෙන හිටියෙ ඒ වධකාගාරයේදී මැරුණ අය විතරයි… මේ හිරගෙදර සිටි කාලය තුළ ඒ මැරිච්ච අය මාව සොයාගෙන ආවා.. මම කැමති වුණත් නැති වුණත් සෑම රාත්රියකම ඒ අය මාව සොයාගෙන ආවා.. නඩුවට ඉස්සෙල්ලා ඒ මැරිච්ච මිනිස්සු මා ළඟට ආව නම් අන්ව එළවලා දමන්නට මට හැකියාව තිබුණා. ඒත් දැන්
Rs. 750.00Original price was: Rs. 750.00.Rs. 600.00Current price is: Rs. 600.00. -
(0)
ගුරු ගීතය – Guru-Geethaya කෙහෙලි ප්‍රකාශන
එසේ වුණද ඇඳ අවසාන නොකළ ඒ පින්තූර ගැන ඔබ සමඟ කතා කිරිමට මා කැමතිය.ඔබේ උපදෙස් මට බෙහෙවින්ම වටී.මා අඳින චිත්රය පළමුවැනි ගුරුවරයාට,අපේ අයිලයේ පළමුවැනි කොමියුනිස්ට් වාදියාට දුයිෂෙන්ට කැප කරන බව ඔබ දැනටමත් දන්නවා ඇතැයි මම සිතමි. සටන් වලින් පිරී, ඒ අසීරු ජීවිතයත්, විවධ ඉරණම්වලට කැපවු මිනිස් හැගීම් සහ බලාපොරොත්තුත් තෙලි තුඩින් හා සායම්විලන් පිළිබිඹු කල හැකිදැයි මම නොදනිමි.සියල්ල කැටිකොට දැක්වීමට තරම් ශක්තියක් මට තිබේද මා ආසා කරන්නේ මගේ අදහස් ඔබට කියාපෑමට පමණක් නොවේ.ඔබ මා සමඟ එක්වි නිර්මාණාත්මක කලාවේ කොටස්කරුවෙකු විය යුතුය.
Rs. 350.00Original price was: Rs. 350.00.Rs. 280.00Current price is: Rs. 280.00. -
(0)By : ශෙහාන් කරණාතිලක
චයිනමන්
බූකර් සම්මාන ලාබි ශෙහාන් කරුණාත්ලකගේ ප්රථම නව කතාව මෙන්ම, වැඩිම ජාත්යන්තර සම්මාන ලාබි ශ්රී ලාංකික නවකථාව.
Rs. 695.00Original price was: Rs. 695.00.Rs. 590.00Current price is: Rs. 590.00. -
(0)
චේ: චරිතාපදානය
අඳුරුතම හෝරාවේදී අරුණලු ගෙනා මිනිසා
සිදුවීම් පිළිබඳ ඔහුගේ විස්තරයට අනුව, රොඩ්රිගුවේස් අනතුරුව වේ සමඟ කතා කිරීම සඳහා පිටතට ගියේ එහිදී වේගේ ඡායාරූප අරගත්තේය. වසර ගණනාවක් පුරා සී.අයි.ඒ. සංවිධානය යටතේ අතිශය රහසිගතව තබා ගැනුණු මේ ඡායාරූප පසුව එළියට පැමිණියේය. මින් එක් ඡායාරූපයක පිරුණ මුහුණින් හා යෞවන පෙනුමින් යුත් රොඩ්රිගුවේස්, දමනය කරන ලද වන සතකු මෙන් පෙනෙනා වේගේ උර වටා අතක් දමාගෙන සිටිනු දක්නට ලැබෙයි. වේගේ වැහැරුණ මුහුණ බිමට යොමුව ඇත. දිගු හිසකේ පහතට එල්ලා වැටී ඇති අතර, ඔහු දෑත් බැඳගෙන සිටියි.
Rs. 1,600.00Original price was: Rs. 1,600.00.Rs. 1,440.00Current price is: Rs. 1,440.00. -
(0)
තෙත්සූයා නම් දුනුවායා
“දුන්නෙන් ඉවතට යන හැම හීයක් ම හදවතේ මතකයක් ඉතිරි කරනවා.
එහෙම එකතු වුණු මතක ගොන්න ඔයාව වඩාත් ශූර දුනුවායෙක් කරාවි.”
Rs. 650.00Original price was: Rs. 650.00.Rs. 520.00Current price is: Rs. 520.00. -
(0)By : James Niranjan-
දකින්න වෙනස්ව ජීවිතය – Atomic Habits
ජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම් පුරුදු දිනෙන් දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළිනි. පුරුදු ගොඩනැගීම පිළිබඳ ලොව ප්‍රකට විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වන ජේම්ස් ක්ලියර් විසින් මෙම කෘතිය සම්පාදනය කරන ලදී.
ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල් වූ Atomic Habits කෘතියේ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි.
Rs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 900.00Current price is: Rs. 900.00. -
(0)By : Anthony Doerr
දෘෂ්ටිමානයට ඔබ්බෙන් – Drushtimaanayata Obben
යතුරු සාදන්නෙකුගේ දියණිය වූ මරි-ලෝ ලුබ්ලෝ සය හැවිරිදි වියෙහි පටන්ම අන්ධ දැරියකි. ඇයට තම නිවෙසට එන පාර සොයාගැනීම ඉගෙනගැනීම සඳහා ඇගේ පියා, පැරීසියේ ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශයේ පරිපූර්ණ ක්ෂුද්‍රරූපී ආකෘතියක් ගොඩනඟයි. එහෙත්, හිට්ලර්ගේ නාසි හමුදාව පැරීසිය ආක්‍රමණය කළ අවස්ථාවේ පියා සහ දියණිය නගරයෙන් පිටවී පලායන්නේ භයානක රහසක්ද රැගෙනය.
වෙනේර් ෆෙනින්, ජර්මන් ජාතික අනාථයෙකි. තම පියා ජීවිතක්ෂයට පත්වූ ගල්-අඟුරු පතලේම ශ්‍රමය වැගිරීමට දෛවෝපගතවම ඔහුට නියම වී තිබේ. එහෙත් කැඩුණු රේඩියෝවක සුන්බුන් අහම්බෙන් සොයාගන්නා හේ, එය අලුත්වැඩියා කරන අතර, හදිසියේම ඔහුගේ දිවිය ශක්‍යතාවයකින් බැබළෙන්නට පටන්ගනියි. ඔහුගේ සහජ දක්ෂතාවයන් ඔහුට උසස් හමුදා ඇකඩමියකට ඇතුළුවීමේ වරම දිනා දෙයි.
එහෙත් කෙතරම් කැපකිරීමක් කරනු ලැබුවද ඔහුට තම සිහිනය ලුහුබැඳ යාමට හැකිවේද?
සැතපුම් සිය ගණනක් එපිට, මහා සාගරය අබියස පිහිටි, ප්‍රාකාරයෙන් වටවූ නගරයක, දීර්ඝ කාලයකට පෙර අහිමි වී ගිය කටහඬකට සවන්දෙන වයෝවෘද්ධ මිනිසෙක්, කිසිම දිනෙක සිය නිවෙසින් පිටතට අඩියක් හෝ නොතබමින් නවමු වචන හෙළිදරව් කරගනියි. තවමත් සිද්ධ නොවූ, එහෙත් සිදුවීමට ආසන්නව පවතින අනතුරක් විසින් ඔහුට සදාකාලිකවම නිවෙස තුළට වී ලෝකයෙන් සැඟවී සිටින්නට ඉඩදෙනු නොලැබෙයි.
යුරෝපය දැඩි ලෙස යුද්ධය විසින් ගිලගනු ලැබුවා වූත්, එම අවාසනාවන්ත වාතාවරණය තුළ අනාවැකි පළකළ නොහැකි අන්දමට ජන ජීවිතය කඩා ඉහිරීගියා වූත් සමයක, නියමයක් නොමැති සියලුම විෂම දෑට එරෙහිව මිනිසුන් යහපත් දේ කිරීමට උත්සාහ කරනු ලබන්නේ කෙලෙසින්ද යන වග, ‘දෘෂ්ටිමානයට ඔබ්බෙන්’ නවකතාව ප්‍රදීපනය කරයි.
එය ධෛර්යය, පරිත්‍යාගය හා කැපකිරීමෙහි චිත්තාකර්ෂණීය අන්දරයකි. එමෙන්ම නිර්දෝෂීභාවය වෙනුවෙන් ගැයෙනා අතිශය ප්‍රබල ශෝකාලාපයකි.
Rs. 2,600.00Original price was: Rs. 2,600.00.Rs. 2,340.00Current price is: Rs. 2,340.00. -
(0)
දෙයියො තමයි දන්නෙ..!
සියා අරෝරා…
අවුරුදු දොළහෙ පොඩි කෙල්ල…
අම්මයි, තාත්තයි, නංගියි එක්ක
සීයලගෙ මහ ගෙදරට යනව.
නෑදෑ දරුවො එක්ක
සෙල්ලම් කර කර ඉඳල
රෑට නිදාගන්න යනව.
පහුවදා උදේ සියා නෑ !
අතුරුදහන් !!
සියාට මොකද වුණේ ?
කැමැත්තෙන් යන්න ගියාද?
හීනෙන් ඇවිදල කොහේ හරි ගියාද ?
කා එක්ක හරි පැනලා ගියා ද?
කවුරු හරි පැහැරගෙන ගියාද?
විහිළුවට හැංගුණාද?
..ද ? ..ද ? ..ද ?
දෙයියො තමයි දන්නෙ !
Rs. 1,700.00Original price was: Rs. 1,700.00.Rs. 1,360.00Current price is: Rs. 1,360.00. -
(0)
ධනවත් පියා,දිළිඳු පියා
Rich dad, Poor dad ග්‍රන්ථය රචනා කළ රොබට් ටී. කියෝසාකි සැලකෙන්නේ ලක්ෂපතියන්ගේ විදුහලෙහි විදුහල්පති ලෙසිනි. එයට හේතුව ඔහු වත්මන් සමාජයට මුදල් පරිහරණය පිළිබඳව අලුත් සංකල්ප රැසක්ම ඉදිරිපත් කර තිබීමය. උදාහරණයක් ලෙසින් , අප මුළු ජීවිත කාලය පුරාම සිහින දකින වත්කමක් වන නිවසක් යන්න සැබෑ වත්කමක් නොවන බව මෙහි කතුවරයා ඔබට පෙන්වා දෙයි. එමෙන්ම, පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුමක්ම පමණක් වීමෙන් සියලු දෙන වැඩිහිටියන් වූ විට දී මූල්‍ය පරිහරණය පිළිබඳ ගැටලු වලට මුහුණ දෙන බවද මෙහි පැහැදිලි කෙරේ. මෙය මුදල් ගැන අපිව අලුත් විධියට සිතන්නට පුරුදු කරන ග්‍රන්ථයක් බව ඔබට කීවේ එහෙයිනි. එමෙන්ම මෙම ග්‍රන්ථය බොහෝ අවධානයෙන් කියවිය යුත්තකි. මන්ද මෙහි සෑම වදනකින්ම ඔබට වැදගත් දැනුමක් හා අවබෝධයක් ලැබේ.
Rs. 920.00Original price was: Rs. 920.00.Rs. 736.00Current price is: Rs. 736.00. -
(0)
නත්තල් පුඩිමේ අභිරහස සහ තවත් කතා – Nattal Pudime Abirahasa
ඇත්තෙන්ම එම දර්ශනය දිස්වූයේ නාට්‍යයක කොටසක් මෙනි. යාර කීපයක් ඈතින් බ්‍රිජට් හිම මත වැතිර සිටියාය. ඇය තද රතු පැහැති රාත්‍රී ඇඳුමක් ඇඳ සිටි අතර සුදු පැහැති වූල් මෆ්ලරයක් උරහිස වටා ඔතා තිබිණි. සුදු මෆ්ලරය පුරා රතු පැහැති පැල්ලම් විය. පසෙකට හැරී තිබුණ මුහුණ තද කලු කෙස් කළඹෙන් වැසී තිබිණි. එක් අතක් සිරුරට යටව තිබූ අතර අනෙක් අත තිබුණේ මිට මෙලවූ ඉරියව්වෙනි. ඇඳුමේ තිබූ රත් පැහැති පැල්ලම මත කැටයම් කළ මිටක් සහිත පැරණි පිහියක් විය. කර්නල් වරයාට අයත් පෞරාණික වස්තුවක් වූ එම පිහිය අමුත්තන්ට පෙන්වූයේ පෙර දිනයේය.
Rs. 1,250.00Original price was: Rs. 1,250.00.Rs. 1,125.00Current price is: Rs. 1,125.00. -
(0)
නැතිවුණු කුමාරයා
මාර්කෝ ලොරිස්ටන් වයස අවුරුදු දහයක පමණ කොලූග ැටයෙකි. මව නොමැති ඔහුට පියා හා ලාසරස් සමග විවිධ රටවල සංචාරය කරන්නට සිදුවේ. ඒ, එක්තරා රහසිගත කාර්යයකට බව ඔහු නොදනී. පාසල් නොගියත් ඔහු තම අනාගත ජීවිතය ගොඩනගා ගැනීමට අවැසි සියලූ ගුණාංග පියාගෙන් උකහා ගන්නා හැටි පුදුම සහගතය. ස්ටෙෆන් ලොරිස්ටන් තම දේශය වූ සමාවියාව පිළිබඳව දැඩි ඇල්මක් ඇති, එය වෙනුවෙන්ම කැපවූ කෙනෙකි.අහම්බෙන් හමුවෙන මීයා හෙවත් ජෙම් රැුට්ක්ලිප් සමග මිතුරු වෙන මාර්කෝ අමුතු සෙල්ලමක් පටන් ගනියි. ඒ සෙල්ලමේ අවසානය සමාවියාවේ ඔටුන්න හිමිකරුවා හෙවත් නැතිවුණු කුමාරයා සොයා ගැනීම දක්වා දිවෙන ආකාරය අපූරුය. රසවත්ය. ඔවුන් සොයාගන්නා ඒ සැඟවුණු කුමාරයා කවුරුන්ද?Rs. 1,275.00Original price was: Rs. 1,275.00.Rs. 1,083.75Current price is: Rs. 1,083.75. -
(0)
නිරුවත් ගැහැනිය – NIRUWATH GAEHAEIYA
මනුෂ්‍ය ස්ත්‍රී රූපය විශ්මය ජනක යෝග්‍ය සකස්වීම්වලින් සහ සියුම් ඔපලීම් වලින් පිරි පරිණාමයේ අවුරුදු මිලියන ගණනක විශිෂ්ට ප්‍රතිඵලයකි. එය ග්‍රහලෝකය මත ඉතාම අපූර්ව පැවැත්ම වේ.
විවිධ කාලයන්හි සහ විවිධ ස්ථානයන්හි මානව සමාජයන් විවිධ ආකාරයන් දහස් ගණනක් තුළ ස්ත්‍රී රූපය වෙනස් කරමින් සහ අලංකාර කරමින් සොබා දහම මත වැඩි දියුණු කිරීම්වලට වෑයම් කර තිබේ. මෙම අලුත් අධ්‍යයනය තුළ ඩෙස්මන්ඩ් මොරිස් ඔහුගේ නිපුණතාවය සහ අවධානය ස්ත්‍රී රූපය කෙරෙහි යොමු කරමින් ‘හිසේ සිට දෙපා තෙක් ‘ මඟපෙන්වීම් චාරිකාවක පාඨකයාව රැගෙන යයි. සියලු කාන්තාවන්ට පොදු ජීව විද්‍යාත්මක ලක්ෂණවල පරිණාමීය කාර්යයන් ඉස්මතු කරමින් ඩෙස්මන්ඩ් මොරිස් ස්ත්‍රී රූපයේ හැසිරවීම සහ පරිපූර්ණත්වය වෙනුවෙන් ගවේෂණය තුළ මානව සමාජයන් වර්ධනය කර ඇති වැඩි දියුණු කිරීම් සහ සීමා කිරීම් අනාවරණය කරයි.
‘නිරුවත් ගැහැනිය’ මානව සත්ත්වයා පිළිබඳ නිරීක්ෂකයෙකු ලෙස ඩෙස්මන්ඩ් මොරිස්ගේ අසමසම ප්‍රවීණත්වය මත පදනම් වෙමින් ජීව විද්‍යාඥයකුගේ පර්යාලෝකයකින් ලියැවුණු විද්‍යාත්මක සාධක වලින්, සිත් ගන්නා සුලු අන්දරයන්ගෙන් සහ පොළඹවන සුලු නිගමනයන්ගෙන් සමන්විත ග්‍රන්ථයකි.
Rs. 1,380.00Original price was: Rs. 1,380.00.Rs. 1,242.00Current price is: Rs. 1,242.00. -
(0)By : ISAAC ASIMOV
නිරුවත් හිරුමඩල – NIRUWAT HIRUMADALA
එලිජා බේලි එකළ පෘථිවි පොලිසියේ සේවය කළ පොලිස් නිළධාරියෙකි. එක් දිනක් සොලේරියාව නම් අති දියුණු පිටසක්වළ ලෝකයේ සිදු වූ මි$නිමැ%රුමක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා බේලි ට කැඳවීමක් ලැබේ. ඝා#තනයට ලක්ව තිබුණේ සොලේරියාවේ විසූ අති දක්ෂ උපත් ඉංජිනේරුවරයෙකු වන රිකේන් ඩැල්මරී ය. ආලෝක වර්ෂ මිලියන ගණනක් දුර සොලේරියාව බලා යන බේලි ට ඩැනීල් ඔලිවව් නම් මානව රූප රොබෝවරයා ද ඝාත@ නයට ලක්වූ රිකේන් ඩැල්මරී ගේ වැන්දඹු බිරිද වන ග්ලැඩියා ඩැල්මරී නම් පිටසක්වළ රූමතිය ද හමුවෙයි. සොලේරියාවේදි සිදුවන්නේ කුමක්ද ? රිකේන් ඩැල්මරි ගේ ඝාත*කයා සොයාගැනීමට බේලි ට හැකිවෙයිද ?
Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00. -
(0)
නිල් නිවුන්නු – Nil Niwunnu
තමන් මොන එකකට එක් නිවුන් දැරීයක් තියාගත්තාද?
දැන් එය විශාල ප්‍රශ්නයක් වී ඇත. එක් දැරියකගෙන් නම් නිදහස්ය. අනෙක් දැරීයගෙනුත් නිදහස්වීමට කාලය එළඹ ඇත.
ඇන්ජි වෑන් රථයේ පිටුපස කොටසේ බිම දැරියව හාන්සි කෙරුවාය. අනතුරුව වෑන් රථයට නැග එය පණ ගන්වාගෙන ජැටියට යන පටු මාවත දිගේ ඉදිරියට පැදවූවාය. චම පටු මාවත කෙළවර වන්නේ ජැටියෙනි. මේ කාලයට එය වසා ඇත. එය ආශීර්වාදයකි. එතැන මුහුද දැඩි සේ ගැඹුරුය. වෑන් රථය, මාවතේ කෙළවරට ආසන්න වෙත්ම තමන් රියදුරු අසුනෙන් පැන ගත යුතුය. එවිට වෑන් රථය, දැ රී යත් සම ගම මු හු දු ප ත්ල සිප ගන්නවා ඇත.වෑන් රථය වේගයෙන් මුහුද දෙසට ඇදී යයි.
ඉතිරිව ඇත්තේ තත්පර ගණනකි. ඇන්ජි වාහනයේ දොර විවර කරන්නට සැරසුණාය.Rs. 1,400.00Original price was: Rs. 1,400.00.Rs. 1,120.00Current price is: Rs. 1,120.00. -
(0)By : Robin Sherma’s
පියෙන් පියවර නැගෙන් මුදුනට
සුප්‍රකට ලේඛක රොබින් ෂර්මාගේ The Greatness Guide – 2 කෘතියේ සිංහල පරිවර්තනයයි. මන බඳින සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමට, ජීවිතයේ සතුට විනෝදය උදාකර ගැනීමට, දුෂ්කර අවස්ථාවන්ට දිරිමත්ව මුහුණදීමට මෙම ග්‍රන්ථයෙන් ලැබෙන පිටුබලය ඉමහත්ය.මේ The Grnanois Guide (සිංහල පර්වර්තනය; නොගත් ගිරි හිස හෙතින් ඉවතටෝ පොතේ දෙවන පියවරයි, රොන් ෂර්මා වේහිදීත් සිය අපූර්ව අන්තඥානයන් හා ලොව විශිෂ්ටත්වයට, සාර්ථකත්වයට පත්කරලීමේ ක්රමවේදයන් ඔබ හා බෙදා හදා ගනියි. ජීවිතය ජය ගැනීමට, එය සාර්ථක කරගැනීමට මේ සිතුවිලි සහ උපක්රම ඔබට බොහෙවින් උපකාරී වනු ඇත. . වැඩ කිරීමේදී සහ පුද්ගලික දිවියේදී ලෝක මට්ටමට ළඟා වීමට
* මන බඳනා සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමේ හොඳම මග හදා ගැනීමට අසාමාන්යයකුවීමට අවැසි ආවේගය, ආශාව, උද්යෝගය මතුකර ගැනීමට
* දිවියේ සතුට සොයා යාමට හා වඩාත් විනෝදකාමීව ජීවිතය ගෙවීමට
* ජීවිතයේ දුෂ්කර අවස්ථාවන්ට දිර්මත්ව සහ නිහතමානීව මුහුණ දීමට
* ඔබේ පුද්ගලික දිවිය මෙන්ම වෘත්තියමය දිව්ය වඩාත් සරල කර ගැනීමට
මෙයින් ඔබට අසාමාන්ය උපදෙස් රැසක් ලැබෙනු ඇති, එළඹී ඇත්තේ ඖධී වාරයයි. ඉහළ මිනිස් දිවියක් නිමිකර ගැනීමට ඔබටත් පුළුවන්, අවැසි වන්නේ එයට නිසි මඟ පෙන්වීමක් සහ
නොසිඳෙන දිරියයි. වේ. එය ලබාදෙන, එය මතුකරලන පිළිණයක්Rs. 1,100.00Original price was: Rs. 1,100.00.Rs. 880.00Current price is: Rs. 880.00. -
(0)By : Cathi Glass
බිඳුණු බිලින්දා
ඔබ විශ්වාස කරන්න. අකැමැති වුවත් විශ්වාස කරන්න. ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද කුඩා දැරියකගේ හද කම්පා කරවන අනුවේදනීය අමිහිරි සත්ය කතාවයි මේ.මේ ඇගේ කතාවයි. අට හැවිරිදි ජෝඩි බ්රවුන්ගේ කතාවයි.Rs. 1,350.00Original price was: Rs. 1,350.00.Rs. 1,080.00Current price is: Rs. 1,080.00. -
(0)By : AUL BRUNTON
භාරත යෝගීන් සහ ඉසිවරයන් සමඟ 1 – Bharatha Yogin Saha Isiwarayan Samaga 1
ඇතමකු යෝගීන් ලෙස ද, තවත් සමහරු සන්නාසීන් ලෙස
ද හඳුන්වනු ලබන ගුප්ත සමාජ තලයකට අයත් මෙම මිනිසුන් පිළිබඳ වූ විටින් විට අපට ආසන්නට ලැබෙන එකී වෘත්තාන්ත පිටු පස ඇති සත්යය කුමක්ද? අභ්යාසයේ යෙදෙන්නන්ට මානසික ශක්තීන්ගේ අති විශේෂ සංවර්ධනයක් සහතික කෙරෙන පෞරාණික ප්රඥාවක් භාරතයේ පවනින්නේ යයි දන්වමින් අප වෙත ලැබෙන සක්රීය ඉඟි පිටු පස ඇති සත්යය කුමක්ද? මා එය සොයා දීර්ඝ ගමනක යෙදුණු අතර…Rs. 850.00Original price was: Rs. 850.00.Rs. 765.00Current price is: Rs. 765.00. -
(0)
භාරත යෝගීන් සහ ඉසිවරයන් සමඟ 2 – Bharatha Yogin Saha Isiwarayan Samaga 2
ඇතමකු යෝගීන් ලෙස ද, තවත් සමහරු සන්නාසීන් ලෙස
ද හඳුන්වනු ලබන ගුප්ත සමාජ තලයකට අයත් මෙම මිනිසුන් පිළිබඳ වූ විටින් විට අපට ආසන්නට ලැබෙන එකී වෘත්තාන්ත පිටු පස ඇති සත්යය කුමක්ද? අභ්යාසයේ යෙදෙන්නන්ට මානසික ශක්තීන්ගේ අති විශේෂ සංවර්ධනයක් සහතික කෙරෙන පෞරාණික ප්රඥාවක් භාරතයේ පවනින්නේ යයි දන්වමින් අප වෙත ලැබෙන සක්රීය ඉඟි පිටු පස ඇති සත්යය කුමක්ද? මා එය සොයා දීර්ඝ ගමනක යෙදුණු අතර…Rs. 400.00Original price was: Rs. 400.00.Rs. 360.00Current price is: Rs. 360.00. -
(0)By : Jean Sasson
මයාඩා
1979 දී ඉරාකයේ බලයට පත් සදාම් හුසේන් මුල් වකවානුවේ දී ජනතා හිතවාදීව කටයුතු කළ ද, වැඩි කලක් යාමට පෙර සිය ඒකාධිපති පොලිස් හමුදා රාජ්යය ගොඩනැංවීමට කටයුතු කළේය.ඔහුට විරුද්ධ වී යැයි ඉතා සුළු හෝ සැකයක් යමෙකු කෙරෙහි ඇති වූයේ නම් ඔහුට හෝ ඇයට සිදුවූයේ සදාම්ගේ සිපිරි ගෙවල්වල පිහිටි වධකාගාරවල දී අප්රමාණ වධ බන්ධනවලට ලක්වී මියයාමටයි.මේ සත්ය කතාව කලක් සදාම්ගෙන් සම්මාන පවා ලබා, ඔහුගේ හිත දිනා සිටි ඉරාකයේ සම්මානනීය පවුලකට අයත්, මයාඩා අල් අස්තාර් නම් මාධ්යවේදිනිය සදාම්ගේ වධකාගාරයක ගතකළ ශෝචනීය කාල පරිච්ඡේදය පිළිබඳවයි. එහිදී ඇයට හා අනෙක්සිරකාරියන්ට නොකළ වරදවල් සඳහා විඳින්නට සිදු වූ අනේක වධබන්ධන හා ඔවුන්ගේ අහිංසක පසුබිම් කතන්දරය මෙයින් විස්තර කෙරේRs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00. -
(0)
මැරෙන්න තීරණේ කරයි – VERONIKA MARENNA THIRANAYA KARA
සාමාන්‍යයෙන් ගැහැනියක අපේක්ෂා කරන සෑම දෙයක්ම පාහේ වෙරෝනිකා සතු බව පෙනේ. ඈ තරුණ ය. රූමත් ය. කඩවසම් පෙම්වතුන්ගෙන්ද ඈට අඩුවක් නැත. නැටුම් ගැයුම් ආදියට ප්‍රිය ය. ස්ථිර රැකියාවක් ද ඇත. එහෙත්, ඈ තුළ සතුට නැත. ජීවිතයේ කිසියම් දෙයක අඩුවක් ඈට දැනේ.
1997 නොවැම්බර් 11 වැනි දා ඈ සියදිවි නසාගන්නට තීරණය කරන්නීය. නිදිපෙති අධික ප්‍රමාණයක් පානය කරන ඈ මියයාම වෙනුවට පිස්සන් කොටුවකදී සිහිය ලබයි. තවම ජීවතුන් අතර සිටියද ඈ පානය කළ බෙහෙත් සැරට මොළය සදාකාලික අවදානමකට ලක් වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජීවිතය තව දවස් කිහිපයකට පමණක් සීමා වී ඇති බව වෛද්‍ය විශේෂඥවරු ඈට පෙන්නා දෙති.
Rs. 850.00Original price was: Rs. 850.00.Rs. 765.00Current price is: Rs. 765.00. -
(0)By : jackie collins
මූ නං මහ….
සංගීතෙ…!
සුරාව…! සූදුව !!
පිරිමි… නිකම්ම පිරිමි නෙමෙයි,
ජවය උතුරන පිරිමි…!
නැටුම්…!
ගැයුම්…!
වැයුම්…! ඇයි රති කෙළි?
තරු හතේ හෝටල්…
සමාජ ශාලා…
දිව්යලෝකෙ වගේ…!
දෙවිවරු… දිව්යාංගනාවො වගේ!!
ඒත් ඉතින්,
පරසතු මලුත් පරවෙන්න පුළුවන්නෙ!
ඊට කලින්
රිංගලා බලමුද
ඒ ලෝකෙට ?
(“මූ” ගන්නවනං, “මේකි” ත් ගත්තොත් තමා සම්පූර්ණ!)
Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00. -
(0)By : jackie collins
මේකි නං මහ….
සංගීතෙ…!
සුරාව…! සූදුව!!
ගෑනු… නිකම්ම ගෑනු නෙමෙයි,
රාගය උතුරන ගෑනු…!
නැටුම්…!
ගැයුම්…!
වැයුම්…! ඇයි රති කෙළි?
තරු හතේ හෝටල්…
සමාජ ශාලා…
දිව්‍යෙලා්කෙ වගේ…!
දෙවිවරු… දිව්යාංගනාවො වගේ!!
ඒත් ඉතින්,
පරසතු මලුත් පරවෙන්න පුළුවන්නෙ!
ඊට කලින්
රිංගලා බලමුද
ඒ ලෝකෙට ?
(“මේකි” ගන්නවනං, “මූ” ත් ගත්තොත් තමා සම්පූර්ණ!)
Rs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 800.00Current price is: Rs. 800.00. -
(0)
මොසාඩ් – Mossad
“ඊශ්රායල බුද්ධිමය මෙහෙයුම් ඉතිහාසයේ, අති විශිෂ්ට වෘත්තාන්තරයන්ගේ, ලොමු දැහැගැන්වෙන ක්රියාකාරකම් සමහරක් එහි ඇතුළු තතු දන්නා දෙදෙනෙකු විසින් අනාවරණය කරන මෙම පොතෙහි අවධානය යොමුව ඇත්තේ කීර්තිමක් මාසාඩ් වංශකතාවේ එන අද්විතීය පැහැරගැනීම්, රහසිගත මෙහෙයුම්,කඩාකප්පල් කිරිම් හා ඝාතන පිටුපස වූ මෙහෙයුම් ක්රියාදාමයන් සහ පුද්ගලයන් කෙරෙහිය,
Rs. 1,495.00Original price was: Rs. 1,495.00.Rs. 1,345.50Current price is: Rs. 1,345.50. -
(0)By : Jay Shetty
යතිවරයෙකු සේ සිතන්න – YATHIWARAYEKU SE SITHANNA
මෙය ඔබේ ජීවිතය වෙනස් කරන අපූරු ග්රන්ථයකි.වෙළඳපොලට නිකුත් වූ සැනින්ම ලොව පුරා මිනිසුන් මිලියන ගණනකින් වැළඳගත් ජේ සෙත්ති විසින් රචිත මෙම ‘Think Like a Monk’ ග්රන්ථය වසර 2020 දී Amazon.com හා New York Times හි වැඩිම අලවියක් හිමි කරගත් පුද්ගල වර්ධන ග්රන්ථය බවට පත්විය. බවට පත්විය.ජේ සෙත්ති තෙවසරක්ම භික්ෂුවක ලෙස මහනදම් පිරූවෙකි.සිතේ සාමකාමී බව වර්ධනය කිරීම හා ජීවිතයේ ඒදිනෙදා අරමුණ ජය ගැනීමට සිත පුහුණු කිරීමේ මග ජේ සෙත්ති විසින් ඔබට කියා දෙන්නේ තම යතිවර සමයේ හඳුනාගත් ජීවිතය වෙනස් කරන මූලධර්ම රැසකිනි.ඒහෙයින් මෙම ග්රන්ථයෙහි සඳහන් පුද්ගල වර්ධන මූලධර්ම ඔබේ ජීවිතයේ වෙනස් මගකට යොමු කරවන්නකි.
Rs. 1,580.00Original price was: Rs. 1,580.00.Rs. 1,264.00Current price is: Rs. 1,264.00. -
(0)
යස්ස ළමිස්සි
“හායි මම රාධිකා මේතා … මම මේ සුමානේ බඳනවා… ! මං වැඩ කරන්නේ ලොක ප්රසිද්ධ බැංකුවක් වෙච්ච ගොල්ඩ්මන් සැක්ස් එකේ.මගේ කතාව කියවන හැමෝටම ස්තූතියි. හැබැයි පොඩ්ඩක් ඉන්න….මට තියනවා ඔයාලට අවවාදයක් කරන්න. ඔයාලා මට ඒ හැටි කැමති නොවෙන්න පුලුවන් …. ඒකට හේතු තුනක් තියනවා.1. මං නොසෑහෙන්න හම්බ කරනවා.2. මට හැමදේකටම මගේය කියලා මතකයක් තියනවා.3. මට මීට මීට කලින් කොල්ලෙක් ඉඳලා තියනවා.එක්කෝ කොල්ලෝ දෙන්නෙක්ම හිටියා කියමුකෝ. හ්ම්.. කොල්ලෙක් නම් ඔයාලට මේ එකක්වත් ප්රශ්න නොවෙන බව මම දන්නනවා.එත් මං කෙල්ලෙක් වෙච්ච හින්දා, මේ කිව්ව කාරණාත් එක්ක ඔයාල මට එච්චර කැමති වෙන්නේ නෑ…එහෙම නේද එච්චර විතරක් නෙවෙය .. සමහර විට ඔයාලා කියාවි, “මේකි මහ යස්ස ළමිස්සියෙක් නෙ” කියලත්Rs. 1,750.00Original price was: Rs. 1,750.00.Rs. 1,400.00Current price is: Rs. 1,400.00. -
(0)By : Enid Blyton
රාස්සගල කන්ද – Rassagala Kanda
නිහැඬියාවක් පැතිරුණ අතරේ ටින්කර් හඬ නැගීය. “මම දන්ත තැනක් තියෙනවා. අපේ ප්රදීපාගාරයේ කවුරුත් නැහැ. අපි එතැනට යමු.”‘ ප්රදීපාගාරයක් ” ජෝර්ජ් ඇදහිය නොහැකි ලෙස බැලීය. ” ඉතින් කොහේ ද ඒක තියෙන්නේ? ”” මේක විහිළු කරන වේලාවක් නොවෙයි ” ඩික් තදින් කීය.“විහිළුවක් නොවෙයි ” රවාගත් ටින්කර් කිය. “අපේ තාත්තගෙන් අහන්න. එතෙන්ට කවුරුත් එන්නේ නැති හින්දා තාත්තා එක ගත්තා.”” ඒත්, ඔයාට ප්රදීපාගාරයක් නැහැනේ? ඩික් කීය.” මේක පරණ එක. ඊට ටිකක් දුරින් අලුතින් එකක් හදලා තියෙනවා. පරණ එක තාත්තා ගත්තා. එයා වැඩ කරගන්න යන්නේ ඒකට මමත් යනවා. හුඟක් ඉඩ නැති වුණාට අපිට සෙල්ලමි කරන්න ඉඩ තියෙනවා. මගේ උපන් දිනේ දවසේ තාත්තා ඒක මට දුන්නා.”” ඒක අපූරු කතාවක්. ජෝර්ජ්ට තාත්තා දූපතක් දුන්නා. ටින්කර්ට එයාගේ තාත්තා ප්රදීපාගාරයක් දීලා. අපේ තාත්තා මට ගිනි කන්දක් දුන්නා නම් හොඳයි.”ජෝර්ජ්ගේ දෑස සතුටින් දිලිසුණි. ” එතැන හොඳයි ද? “” ඔව්. මුහුදු රැල්ලේ සද්දේ විතරයි ” ටින්කර් පැහැදිලි කළේය. ” මුහුදු ළිහිණි එනවා. තාත්තාට උන්ගේ සද්දේ කරදරයක් වුණත් හැමදාම උන්ට කෑම දෙනවා.’Rs. 300.00Original price was: Rs. 300.00.Rs. 240.00Current price is: Rs. 240.00. -
(0)
රුසියානු ගම්මැද්දේ චාරිකාවක් – Rusiyanu Gammadde Charikawak
මේ කතාන්දරය පටන් ගැනෙන උදෑසන උණුසුම්, එහෙත් වලාකුළු වලින් බර වූ ඇඳිරි එකක් වීය. රාත්‍රියේ ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් මුළු වනයත් තණ පිට්ටනිත් තෙත බරිත බවක් ඉසිලීය. අතු රිකිලි හැමෙකක ම රැඳී තිබුණු කුඩා ජල බිඳු රිදී පැහැයෙන් දිළිසුණේය. සිය ගණනක් වූ පැළෑටි හා පඳුරු වලින් නිකුත් වුණු සුගන්ධය කාගේ වුවද විඩාව දුරු කොට ප්‍රාණවත් බවක් ඇති කරන්නට සමත් විය.
අමුතුම මාදිලියේ අභිරහස් බවක් ඉසිලූ කුඩා විලක් වෙත, මම තණ පිට්ටනි මැදින් ගමන් කළෙමි. එම විලේ හෝ ඒ අවට හෝ කිසිදු අභිරහසක් ගුප්ත බවක් නොමැති වග, මනා සිහි බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට බැලූ බැල්මට පැහැදිලි වනු නොඅනුමාන ය. එසේ වුවද, වචන වලින් පැහැදිලි කළ නොහැකි අන්දමේ ගුප්ත හැඟීම් සමුදායක් එම විල අසලට ගිය කා තුළත් ඉතිරි විය. ඊට තුඩුදුන් සැබෑ හේතුව සොයා ගැනීමට මා කොතෙක් වෙර දැරුව ද, මාගේ උත්සාහය කිසිදාක සාර්ථක වූයේ නැත.Rs. 850.00Original price was: Rs. 850.00.Rs. 765.00Current price is: Rs. 765.00. -
(0)By : Chekeha Hachemi
වැලපෙන්නි අවකන්නි – Walapenni Awakanni
කලක් සොඳුරු රටක්ව තිබූ ඇෆ්ගනිස්ථානය….. රූමත් ළඳුන් නිදහසේ සැරිසැරූ ඇෆ්ගනිස්ථානය……… තාලිබාන් පාලනය යටතේ එක් සුවිසල් සිරගෙයක් බවට පත් වී තිබේ. කාන්තාවන් වහලියන්ටත් අන්ත තත්ත්වයකට ඇද දමා තිබේ. ඔවුන්ගේ මේ “ඔල්මොරොන්දම්” නීති සමුදාය ඔබට කිනම් හැඟුමක් ගෙන ඒද?
ගැහැනුන්ට කිසිඳු රැකියාවක යෙදීම තහනම්!
පොදු ප්රවාහන සේවා ගැහැනුන්ට වෙනම පවත්වා ගෙන යා යුතුය.
ස්ත්රීන්ට පිටත ඇවිදීම තහනම්!
එසේ යනවා නම් පියා, සහෝදරයා හෝ සැමියා සමඟ පමණී.
ගැහැනු බුර්කාව පමණක් ඇඳිය යුතුය.
බුර්කාවට යටින් අඳින ඇඳුම් තද පැහැ හෝ වෛවර්ණ නොවිය යුතුය
රූපලාවණ්ය ආලේපන, නිය හා තොල් ආලේපන තහනම්!
මිනිසුන්ගේ හා සතුන්ගේ සේයා රූ තහනම්!
පිරිමි වෛද්යවරයකුට ස්ත්රියකගේ සිරුරට අත තැබීම තහනම්!
ස්ත්රියකට, පිරිමි සන්නාලියකුගෙන් ඇඳුම් මැසීම තහනම්!
සංගීතයට සවන් දීම තහනම්!
චිත්රපට, වීඩියෝ නැරඹීම තහනම්
කිසිදු වෙළෙන්දෙකුට ගැහැනු යට ඇඳුම් විකිණිය නොහැකිය.
සරුංගල් යැවීම තහනම්!
මේ ඒවායින් කිහිපයක් පමණි!
ඉදින්, ඔවුන් වැලපෙන්නේ නැතිව
වෙන කුමක් කරන්නද?Rs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 800.00Current price is: Rs. 800.00. -
(0)
විල මැද සටන – vila Mada Satana
ඔහු සෙසු නාවිකයන් සමඟ කතාබහ කළේ අඩුවෙනි. අනෙක් නාවිකයෝ ද ඔහුට එතරම් කැමැත්තක් නොදැක්වූහ. ඔවුන් ඔහු ව හැඳින් වූයේ, ‘මගියා’ යන ආරූඩ නාමයෙනි.
” මිනිහා මෙහේට ඇවිල්ල තියෙන්නෙ ජේත්තුවට ඇඳ පැළඳගෙන ඉන්න විතරක් වගේ. යු ද්ධ කරන්න නෙවෙයි වගේ.” – මි ලි ටරි උඩු කබාය පිළිවෙලට පළඳින අතරතුර. ත්රේනර් තරමක කෝපයෙන් කීවේය. “උඩ තට්ටුවට නගින්න වෙලාව හරි. ගිහින් බලමුකො මිනිහට මොකද වෙලා තියෙන්නෙ කියල.’
” මිනිහ හොඳටම වෙව්ලනවා.” මුහුණ රතු කරගත් මර්තායිනන් කීවේය.
ත්රේනර් මහත් සේ කෝපයට පත්වී බැණ වදින්නට විය. ඔහුගේ මුහුණ එක්වර ම කළු ගලක් මෙන් රළු විය. දෙනෙත් රතු විය. සාක්කුවට අත දමා හම් අත්වැසුම් එළියට ගත් ඔහු ඒවා පැළඳ
ගත්තේය. මැග්නෝලියා ගස් ගැන වූ සිහිනය ත්රේනර් ටික කලකට සාක්කුව ඇතුළේ සිරකොට දැමූ බවක් මර්තායිනන්ට හැඟුණේය.“දැන්මම නැංගුරම් උස්සමු.” ත්‍රේනර් රළු හඬකින් කීවේය…
Rs. 450.00Original price was: Rs. 450.00.Rs. 360.00Current price is: Rs. 360.00. -
(0)By : Sang Young Park
විසල් නුවරක ආදරය – Visal Nuwaraka Adaraya
පාන්දර හතරයි විස්සයි. මට ගෙදර නැතිව වෙන කොහේ හරි යන්න උවමනා වුණා. හදිසියේම සියොල් නගරය මෙච්චර ලස්සන වුණේ ඇයි? කලින් කිසිම විශේෂයක් නොතිබුණ දේවල් දැන් පුදුම සහ විශේෂ දේවල් විදියට මට පේන්න අරං.
මොකක්ද දැන් ඔයාගෙ හීනේ?
මගේ හීනේ…සල්ලි ගොඩක් හම්බ කරන එක. තව… උදේ ඉර පායන වෙලාවට ඔයා එක්ක මෙහෙම ඇවිදින එක.
ඒත් ඇත්තටම ආදරේ ලස්සනද? මට නම්, ආදරේ කියන්නේ වතාවක් ආදරේ කරන්න ගන්නට පස්සෙ නවත්තගන්න බැරි දෙයක්. ඔයාට ඒකෙන් ගැලවෙන්න පුළුවන් කෙටි මොහොතක් එන්නේ ඒක හිතාගන්න බැරි තරම් භයානක දෙයක් වුණාට පස්සෙයි.Rs. 1,450.00Original price was: Rs. 1,450.00.Rs. 1,305.00Current price is: Rs. 1,305.00. -
(0)By : Melissa Wiley
වෙරළබඩ නගරයේ කුඩා නිවහන – Weralabada Nagaraye Kuda Niwahana
අම්මා මුළුතැන්ගෙයි ජනේලයෙන් එබී පිටත බලා ” බීන්ස් ටික පිඟන්වලට බෙදන්ඩ වෙලාව හරි චාලට් ” යි කීවාය. එහි තේරුම චාලට් දැන සිටියාය. එදා සෙනසුරාදා රාත්රියකි. තාත්තාත් පිරිමි ළමයිනුත් දැනටමත් කම්මලේ සිට ගෙදරට එමින් සිටිනවා ඇති. සාමාන්යයෙන් තාත්තා පිටත මඩුව ළඟ නැවතී මුහුණ සහ අත් සෝදා ගත් පසු ලුයිස් සහ ටොම්ගේ වාරය එළඹේ. ඔවුන් කම්මලේ වැඩ කිරීමෙන් තවරා ගත් දුඹුටු සියල්ල සෝදා හැර අවසන් වන මොහොත වන විට අම්මා හැම පිඟානකටම දුම් දමන බේල්ඩ් බීන්ස් * පුරවා අවසන් කරන්නීය. සෙනසුරාදාට සාදනු ලබන විශේෂ රෑ කෑම වේලෙහි අනිවාර්ය අංගයක් වූයේ බේන්ඩ් බීන්ස්ය.මීට අවුරුද්දකට කලින් චාලට් සිව් හැවිරිදි වියට එළඹුණු දා සිට ඇයට පැවරුණු රාජකාරියක් වන්නේ මෙවැනි වේලාවට අල්මාරියේ රාක්කවල ඇති පියුටර පිගන් ළිප ළඟ සිටිනRs. 850.00Original price was: Rs. 850.00.Rs. 680.00Current price is: Rs. 680.00. -
(0)By : Enid Blyton
සත් සුමිතුරෝ – Sat Sumithuro
ඒ ශීත සෘතුවේ දවසක හිම වලින් වැසුණු උද්‍යානය කෙළවරේ තියෙන පාළු බංගලාව පැත්තෙන් මහා අත්භූත හඬක් ඇසෙන්න පටන් ගත්තා. කවුරුත් බංගලාව පැත්තට යන්න කැමති වුණේ නෑ. බංගලාව මුර කරන්නේ හරිම නපුරු මුර කාරයෙක්. මේ අත්භූත හඬ ගැන විමසිලිමත් වුණු සත් සුමිතුරන් පිරිස එක්තරා රාත්‍රියක දී බංගලාව ආක්‍රමණය කළා. එහි දී ඔවුන්ට බිං ගෙයක සඟවා සිටින හරි ම අපූරු හිරකාරයෙක් හමු වුණා. මේ හිරකාරයා කවුද ..?
Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00. -
(0)By : Victoria Holt
සත්දෙනෙක් නම් රහසක් – sathdenek nam rahasak
ඛේදවාචකයක් හේතුවෙන් කුඩා ෆ්රෙඩරිකා හාපර්ස් ග්රීන් නමැති මනරම්, ශාන්ත කුඩා ගම්මානයේ පදිංචියට පැමිණියාය. එහිදී ඕ, සුන්දර සෝෆී ලොකු අම්මා, කරුණාවන්ත රේචල් ග්රේ, මුරණ්ඩු ටැමරිස්ක් සෙන්ට් ඕබින්, ටැමරිස්ක්ගේ ගුප්ත අයියා ක්රිස්පින් සහ ක්රිස්පින්ගේ ආයාවරුන් සේ සේවය කළ ලූසි ලේන් සහ ඇගේ පිස්සු සහෝදරිය ෆ්ලෝරා වැනි හාපර්ස් ග්රීන් වැසියන්ගේ ජීවිතවලට සියුම් ලෙසින් ආකර්ෂණය වූවාය.
එසේ වූවද, ෆ්රෙඩරිකා දැරියකගේ සිට කාන්තාවක් බවට උස් මහත් වෙන අතර ඇගේ ශාන්ත වටපිටාව විමෝහනය, ගර්හාව, සි#ය දි#වි න#සා ගැනීම සහ මි#නීමැ# රුමක් හමුවේ විනාශ විය. ක්රිස්පින් කෙරෙහි හදෙහි ජනිත වෙන දැඩි ආශාව ඉදිරිපිට දුබල වෙයි.
ඇය දන්නා සියල්ලන්ටම බලපාමින් මෙහි සිදුවූයේ කවර අචින්ත්ය ඛේදවාචකයක්ද? ප්රේමයට සහ සත්යයට ජය ගත හැකි වනු ඇත්ද? මුනිවතෙහි කුමන්ත්රණය බිඳ දැමීට අවස්ථාවක් ලැබෙයිද?Rs. 1,800.00Original price was: Rs. 1,800.00.Rs. 1,530.00Current price is: Rs. 1,530.00. -
(0)
සදාම් සමඟ මා පාරිසුලා
ජිනාගේ නිවසට මා කැඳවුයේ හරුට්ගේ පෙළඹවීමක් අනුව බව මා තේරුම් ගත්තේ පසුවය. හරුට්ගේ ගනුදෙනුකරුවන් වූයේ බැග්ඩෑඩ්හි ඉහළ පංතියට අයත් ප්රභූවරුන් ය. සදාම් හුසේන් සුඛෝපභෝගී ජීවිතය ප්රිය කළ, තරුණ කෙල්ලන් කෙරේ නොසන්සිඳෙන ආශාවකින් පෙළෙන අයෙකු බව හරුට් දැන සිටියේ ය. සමහර විට මා වැනි හුරුබුහුටි කෙල්ලන් ඔහුට සොයා දීම හරුට්ට පැවරී තිබුණා විය හැක. ඉරාකය ඉතා ඉක්මනින් යකඩ ග්රහණයකට මැදි කර ගන්නා බලගතු මිනිසා ඇසුරු කිරීමෙන් ලෝකයේ සියලු ප්රතිලාභ අයත් කරගත හැකි බව ඔහු දැන සිටියේ ය. එම රාත්රියේ හරුම්ගෙන් සදාම් හුසේන්ට ලැබුණු තෑග්ග මාය..
Rs. 550.00Original price was: Rs. 550.00.Rs. 468.00Current price is: Rs. 468.00. -
(0)
සන්තියාගෝ නම් සැරිසරන්නා
“ලෝකේ හැම දිග්භාගෙන්ම එන මිනිස්සු මේ ගම පහු කරගෙන යනවා පුතේ.’ ඔහුගේ පියා කීවේය. ‘ ඒ හැම කෙනෙක්ම එන්නේ අලුත් අලුත් දේවල් අරගෙන. හැබැයි මෙහෙන් පිටවෙලා යනකොටත් මූලික වශයෙන්ම ඒ ගොල්ල මෙහෙට එනකොට හිටපු මිනිස්සුම තමයි. මාලිගාව දැක බලා ගන්න කන්දට නඟින මිනිස්සු තමන්ගෙ ගමන නවත්තල දාන්නෙ පවතින වර්තමානයට වඩා අතීතය හොඳයි කියල හිත හිතා. දුඹුරු කෙස්, කලු හම තිබ්බය කියලා වෙනසක් නෑ. ඒ මිනිස්සුත් මෙහෙ ජිවත් වෙන අය වගේම තමයි.’
ඒත්, මං කැමතියි ඒ මිනිස්සු ජීවත් වෙන නගරවල තියෙන මාලිගාවලුත් දැක බලා ගන්න. කොලුවා තම අදහස පැහැදිලි කළේය.
“ඔය මිනිස්සු, අපේ ගම් රටවල් දැක්කම කියන්නෙ සදහටම මෙහෙ ජීවත් වෙලා ඉන්න හිතෙනව කියලයි.” පියා දිගටම කතා කරගෙන ගියේය.
Rs. 980.00Original price was: Rs. 980.00.Rs. 882.00Current price is: Rs. 882.00. -
(0)
සැඟවුණු උයන – Sangauna Uyana
ඉන්දියාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති අවධියේ
එහි සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික යුවළකට දාව උපන් මේරි
ලෙනොක්ස් දැරීය ළපටි වියේදීම මෙලොව තනිවෙයි.
යෝක්ෂර් හි වෙසෙන ධනවත් ඥාතිවරයකු වෙත යවන
ලද මේරි ඔහුට අයත් අති විශාල ගෘහයෙහි ද, කෙළවරක්
නොදැකිය හැකි වතුපිටිවල ද නිතර සැරිසැරීමට පුරුදුව
සිටියාය. දිනෙක අහම්බෙන් මෙන් සියල්ලන්ගේම
මතකයෙන් ගිලිහී, සැඟව තිබූ උයනක් ඇයට හමුවෙයි. ඒ
වනතුරුම කිසිවෙකු හෝ කිසිවක් ගැන තැකීමක් නොකළ
දඩබ්බර චරිතයක් වූ මේරි මේ රහස් උයන කෙරෙහි
ඇල්ම උපදවා එය යථා තත්ත්වයට පැමිණවීමට දැඩි සේ
වෙහෙසෙයි. රහස් උයන මල් ඵල දරා වැඩෙත්ම ඇයගේ
චරිතය ද පරිවර්තනයකට ලක්වෙයි.Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00. -
(0)By : C.S. Lewis
සිංහයා, මායාකාරිය සහ ඇඳුම් අල්මාරිය ( NARNIA)
මහාචාර්යතුමකුගේ පැරැණි නිවෙසක ඇඳුම් අල්මාරියක් විවෘත කරන ලූසි පිවෙන්සි අරුම පුදුම දේශයකට අහම්බෙන් පිය තබයි. එය වනාහි සදාතන සීත ඍතුවක් රඩ කරන සැමදාට ම හිමෙන් වැසී ගිය දේශයකි –
බලගතු මායාකාරියකගේ අණසකට යටපත් වුණු දේශයකි –
සුරංගනා කතාවලත් පුරාවෘත්තවලත් පමණක් සඳහන් වන විස්මය ජනක සත්ත්වයන් ජීවත් වන, මායාවෙන් හා ඉන්ද්‍රජාලවලින් පිරුණු දේශයකි.
එය හඳුන්වනු ලබනුයේ නානියාව යනුවෙනි.
එහි වසන සැමගේ ම බලාපොරොත්තුව ඇස්ලන් නමැති සිංහ රාජයා පැමිණ දුෂ්ට මායාකාරිය පරදවා, සදාතන සීත ඍතුවෙන් තම දේශය ගළවා ගනු ලබනු දැකීම ය. එහෙත් එය සිදුවීමට මෙ ලොවින් ළමයින් සිවු දෙනකු නානියාවට පය තැබිය යුතු ම ය!
ලෝකයේ මෙතෙක් ලියැවී ඇති විශිෂ්ටතම ළමා කෘතින් අතරින් ඉදිරියෙන් ම තිබෙන්නක් ලෙස අවිවාදයෙන් පිළිගැනෙන ‘සිංහයා, මායාකාරිය සහ ඇඳුම් අල්මාරිය’ පොව කොතැනක ජීවත් වුව ද, කවර බසක් කතා කළ ද, ළමයින් හැමට ම කියවා රසවිඳිය හැකි නිර්මාණයකි
Rs. 1,050.00Original price was: Rs. 1,050.00.Rs. 840.00Current price is: Rs. 840.00. -
(0)By : H Rider Haggard
සොලමන් රජුගේ දියමන්ති ආකරය – Solaman Rajuge Diyamanthi Akara
” මං ජිමට කතා කරලා, ජිම්, මේ පාර කොහෙද යන්නෙ? ඇත් දඩයමේද?’ කියල ඇහුවා.
“” නෑ බොස්, ඇත් දත් වලට වැඩිය විටිනා දෙයක් හොයා ගෙනයි අපි යන්නේ, කියලා ජිමි කීවා.
”’ ඒ මොනවද? කියලා මං ඇහුවා. මට ඇති වුණු කුතුහලය හැටියට රත්රන්ද ? ” කියල මං ඇහුවා.
” නෑ බොස්, රත්තරන් වලට වැඩිය වටිනා දෙයක් ! ” කියලා මිනිහා නියවාගෙන හිටියා.Rs. 1,100.00Original price was: Rs. 1,100.00.Rs. 990.00Current price is: Rs. 990.00. -
(0)By : Enid Blyton
හරි අපූරු ඉස්කෝලේ – Hari Apooru Iskole
ගැහුණු ළමුන් දෙදෙනාගේ හිසකෙස් දුඹුරු ය.දිලිසෙන සුළු දෙනෙත් නිල් පැහැති ය.දෙතොල් අයර්ලන්ත පෙනුමක් ඇති දැරියන් ගේ කටහඬ නැවත නැවත අසන්නට තරම් මිහිරි ය.
”අම්මලා අපි ව වෙන ඉස්කෝලෙකට දාන්න තීරණය කරලා.මේච්චර කාලයක් අපි ඉගෙන ගත්තේ රෙඩ්රූෆ් ඉස්කෝලේ.ඒ වුණාට අපිට වෙන ඉස්කෝලෙකට යන්න වෙලා.මේච්චර කාලයක් ඉගෙන ගත්තු ඉස්කෝලේ අමතක කරලා .යාලුවෝ ටික පැත්තකට දමලා වෙන ඉස්කොලෙකට යන්න වෙලා.මට නම් හිතාගන්නවත් බෑ.”
”අපි ඒ ඉස්කොලේ හිටියේ කොච්චර සන්තෝසෙන් ද? ගිය අවුරුද්දේ මමටි පැටුයි දෙන්න ම ශිෂ්‍ය නායිකාවෝ වුණා.ඒ විතරක් ද මම ටෙනිස් ටීම් එකේ කැප්ටන්.පැට් හොකී ටීම් එකේ කැප්ටන්.අපි වෙන ඉස්කෝලෙකට ගියොත් මේ හැම දේ ම නැති වෙනවා.ඒ කියන්නේ අපට මුල ඉඳල ම පටන් ගන්න වෙනවා.”Rs. 550.00Original price was: Rs. 550.00.Rs. 495.00Current price is: Rs. 495.00.