• -20%
    (0)

    “අරණකට පෙම් බැඳ”

    මුකුත් නෑ. මේ මල් ඇට වගයක්.
    මම පුදුමයට පත්වීමි. මොහු හිටවන්නේ කුමන මල් ඇට වර්ගයක්ද?

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -10%
    (0)

    “විස්මිත දොස්තර”

    බලාපොරොත්තුවක් නොමැති සිතකට බලාපොරොත්තුවක් රැගෙන එමින් ස්නායු ශල්‍යකර්මයන් තුළ අපුරු හැකියාවන් පාන්නකු ලෙස වෛද්‍ය බෙන් කාර්සන් ලොව පුරා ප්‍රකටව සිටී. නගරයක දිළින්දකු ලෙස හැදී වැඩුණු ළමා කාලයේ සිට වයස අවුරුදු තිස් තුනේ දී ජෝන්ස් හොප්කින්ස් වෛදනයතනයට අයත් ළමා ස්නායු රෝග අංශයේ අධ්‍යක්ෂවරයා දක්වා පැමිණි අපූරු චාරිකාව, ‘ විස්මිත දොස්තර තුළින් ඔබ හමුවේ තබයි. අනේක වූ ජීවිත ගණනාවක් මරණයෙන් ගලවා ගත් ශලල්‍යාගාරයට ඔබ කැඳවාගෙන යන ඔහු, නොහැකි යැයි සිතෙන යමක් ජයගන්නට වෙර දරන ඕනෑම අයෙකුට පූර්වාදර්ශී චරිතයකි.

    Original price was: Rs. 1,250.00.Current price is: Rs. 1,125.00.
  • -20%
    (0)

    “සම්භවය”

    අප පැමිණියේ කොතැනක සිට ද ?
    අප යන්නේ කොතැනකට ද ?

    Original price was: Rs. 2,900.00.Current price is: Rs. 2,320.00.
  • -20%
    (0)

    11 / ELEVEN

    මෙය අද්භූත, ඔබ කිසිසේත්ම විශ්වාස නොකරන කරුණුවලින් පිරි ඇත්තා වූත්, විශ්මයජනක කතන්දරයකි. දිනෙක ඔබ මෙය කියවද්දි මා ජීවතුන් අතර නොසිටියහොත්, මතක තබා ගන්න මේ ලියන්නා වූ සියලුම දැ මා විසින් මුහුණ දුන්නා වූත්, දැසින්ම දුටුවා වූත් සත්‍ය කරුණු ය.

    මේ කරුණු සහ සිදුවීම්වල ඇති අතිශය ගුප්ත බව නිසා ඔබේ මනස විටින් විට මෙම ප්‍රශ්නය අසනු ඇත.

    මේ සියල්ලම ඇත්තක්ද? එවිට මා යළිත් පවසමි.

    “මේ සියල්ලම මා මුහුණ දුන්නා වුත් දැසින්ම දුටුවා වුත් සත්‍ය කරුණු ය.”

    දෛවයේ කුමන හෝ අභාග්‍යකට මේවා ඒ ආකාරයෙන්ම සිදුවී ඇත.

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,040.00.
  • -10%
    (0)

    12.12.12

    ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන්නෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේය. ඔවුන්ගේ සිහින විනාශ කර දැමුවේ ය. බැලූ බැල්මට එය පරිපූර්ණ මිනීමැරුමකි. කිසිඳු සැක සටහනක් නොමැත.
    මිනී මරුවා පලපුරුදු අයෙකි. පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂකවරු මේ අපරාධය දෙස සියක් ආකාරයෙන් බැලූහ. හිම දියව ගොස් නගරයට හිරු පායා එන්නට පෙර අපරාධය විසඳා ගත යුතුය. එහෙත් ඔවුන් ඉදිරියේ වූයේ බිඳ දැමිය නොහැකි ශක්තිමත් පවුරකි. පිට වන්නට දොරටු නොමැති ප්‍රහේලිකාවක ඔවුහු පැටලී සිටියහ.

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,440.00.
  • -20%
    (0)

    5D මිරකල් – 5D miracle

    2015 මැයි 23 වෙනි රාත්‍රිය සුන්දරත්වයේ කඩතිර වලට මුවා වී අසුන්දර ම දේ සිදුවිය හැකි එය වසරේ සුන්දර ම මාසය විය. දීප්තිමත් හිරු රශ්මිය පවා ඉඳ හිට වැටෙන වැහි පොදකින් සෞම්‍යවත් වූ දහවලකින් පසුව උදා වූ රාත්‍රියක් විය. දිනය පුරා පිපී, සුවඳ විහිද වූ වෙසක් මල් ක්‍රමයෙන් නිදි ගන්නා රාත්‍රියක් විය. වෙසක් පොහෝ දිනය පසු වී දින කිහිපයක් ඉකුත්ව තිබුණ ද තවමත් සඳ රැස් බිඳක් පතිත වෙමින් හාත්පස සෙවණැලි මැවී ය, වෙසක් සිරි නරඹන්නට මහ මගට බට ජනයාගේ රිය සක් හඬින් මෙන්ම, කෑකොස්සන් නගන හඬින් ද වරින් වර රාත්‍රියේ නිහඬතාවයට බාධා පැමිණුනෙන් එය නිස්කලංක රාත්‍රියක් ද නොවීය. කලබල මංමාවත් සන්සිඳුණේ රෑ මැදියම ද ආසන්න වෙමින් පැවතියේ දීය. මිනිසුන් විසින් ඇති කරන ලද නානාවිධ ශබ්ද ක්‍රමයෙන් යටපත් ව යද්දී පරිසරය විසින් ඇති කරන ශබ්ද වඩාත් උස් ව ඇසෙන්නට විය. වැටුණු මඳ වැස්සෙන් උදම් වූ නිශාචරයන්ගේ හඬට විටින් විට රෑහි හඬක් ද මුසු විය.

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
  • -10%
    (0)

    7.1.90

    එදා, ඔක්තෝබර් පළවෙනිදා, කවදාවත් නැතිව සමරගිරියේ පැවැති මේ බලවත් නිශ්ශබ්දය සිඳීගියේය. බන්දුල සමරජීවගේ බිරිඳ වූ රාධා විසින් යටිගිරියෙන් කළ භයානක කෑගැසීමක් හා විලාපයක් නිසා සමරගිරියේ සෙසු අය පමණක් නොව අවට ගෙවල්වල උදවියද, ඒ ඔක්තෝබර් පළවෙනිදා, යහනින් නැගිට්ටේ මහත් භීතියෙනි.

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,440.00.
  • -10%
    (0)

    At Least we met

    ගෙනෙන්නට ස්වර්ගීය හැඟීමක් නිවා මහ දුක් කන්දක් ඔබේ කටහඬ විතරක්ම සෑහෙයි මවන්නට ඩොපමීන් උල්පත්

    තනන්නට මල් පිපුණු උයනක් ගතින් දුර ඈතකම උන්නත් ප්‍රියේ, ඔබේ මතකයට පුළුවන් වගක් නැහැ මේ කිසි සෘතුවක්

    Original price was: Rs. 750.00.Current price is: Rs. 675.00.
  • -10%
  • -10%
    (0)

    Chemistry of Love

    “මම හිතන විදිහට මේ ලෝකෙ ගැලපෙන මිනිස්සු කියලා වර්ගයක් නැහැ. මිනිස්සු දෙන්නෙක් කියන්නේ දෙන්නෙක්. ඒ දෙන්නා හිතන විදිහ එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස්. අපිට Relationship එකක් ඕන වෙන්නේ සතුටින් ඉන්න වෙලාවට සතුටු වෙන්න, S e x ඕනෙ වුනාම S e x කරන්න විතරක් ද? නැහැ…එහෙම නැහැ… මනුස්සයෙක්ට Relationship එකක් එහෙම නැත්නම් තමන්ව තේරුම් ගන්න පුලුවන් ගැඹුරු බැඳීමක් ඕන වෙන්නේ තමන් වැටෙන වෙලාවට නැගිට්ටවන්න, තරහා ගියපු වෙලාවට සනසවන්න, දුකක් දැනුනාම කියලා හිත නිදහස් කර ගන්න, Attention ඕනෙ වුනාම Attention ගන්න, හුරතල් වෙන්න ඕනෙ වුනාම හුරතල් වෙන්න, ප්රශ්නයක් වුනාම උත්තරයක් හොයා ගන්න, අඬන්න හිතුනොත් තුරුලු වෙලා අඬන්න. කෙටියෙන් කිව්වොත් මේ අමාරු ජීවිතේ ගැට ගහ ගන්න හයියක් වෙන්න. අපිට Relationship එකක් ඕන වෙන්නේ දුක, සතුට වගේම ජීවිතෙත් බෙදා ගන්න. අපිට එහෙම දෙයක් කරන්න පුලුවන් අපිට ආදරේ කරන ආදරේ කරන කෙනෙක් එක්ක Relationship එකක් පටන් ගත්තොත් විතරයි. ඒ වගේම Comfortable මනුස්සයෙක් එක්ක ජීවිතේ බෙදා ගන්න ලැබෙනවා කියන්නේ හරිම සනීප හැඟීමක්.”

    Original price was: Rs. 1,499.00.Current price is: Rs. 1,350.00.
  • -20%
    (0)

    Footprints in the dust

    Buddhism teaches that each person comes into their present life from an earlier one and that most people will have another life when their present one ends. This process of being born, dying and being reborn is called samsara and only ceases when one attains a state called awakening, bodhi, more commonly known as Nirvana. Like everyone else, the Buddha had many lives before his final one as Gotarna, and the Buddhist tradition created fictional biographies of over five hundred of these former lives, recounted in a book called the Jätaka. What is unique about the Buddha is not that he had former incarnations, fictional or otherwise, but that in the centuries after he attained Nirvana devotees and admirers have continued to ‘reincarnate him in a sense, by creating new ‘lives’ for him, some of these more incredible than his former ones as recounted in the Jätaka. Although physically and in a number of other ways the Buddha was an ordinary human being, some participants at the Third Buddhist Council, which took place around the middle of the second century BCE, asserted that such was his purity that his faeces had a fragrant smell. There were, however, those who maintained a more realistic view of the Buddha and who gave a common sense rebuttal to this claim. If this were true, they argued, it would have required the Buddha to eat perfume,

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
  • -20%
    (0)

    Golden Era Goals – Rajitha Medungoda

    Chapter 1: Introduction 1.1. Introduction. Humanity stands at a global crossroads, entangled in cycles of war, uncertainty, and stress while human activity drives our planet towards ecological collapse. Although humanity has achieved remarkable advancements in technology and developed thriving economies, happiness still seems out of reach, while a growing sense of disconnection and unrest severely damage our peace of mind. The world expands materially, yet it feels spiritually empty, with no logical strategy for lasting happiness. This realization compelled me to write Golden Era Goals, a book that suggests transformational changes to restore peace in mind while ensuring sustainable human progress. It led me to a pivotal question: What if genuine progress is not about status or wealth, but about the flourishing of humanity? The answer is not merely external; it lies within us. The Golden Era Goals (GEG) and the Human Brilliance Paradigm (HBP) form the foundation of a new worldview, one I developed in response to the growing crisis of our time. This change emphasizes personal happiness, ethical leadership, and sustainable development over material wealth. Central to its mission are The Eight Dimensions of Human Brilliance, a guiding philosophy to unleash the untapped potential in all human beings to enable more innovation for a world of peace, purpose and prosperity. This book is not just an idea, it is a call to action, and it is the formula to restore our world with a systems approach crafted to protect both people and planet for future generations. A bl

    Original price was: Rs. 3,900.00.Current price is: Rs. 3,120.00.
  • -10%
    (0)

    KMPH32 කොට කවි ශතකය – KMPH32 KOTA KAVI SHATAKAYA

    යං ගස්

    අපේ ගෙදරත් කංසා ගස්වල
    පල දරන මල් පිපෙනවා
    දහස්පෙතියා අහිංසක ගස්
    රැකවරණයත් තියෙනවා පොලීසිය ළඟ දූලි ගාලා යාළුවොත් මෙහෙ වඩිනවා
    හිපොප් රැප්වල සුවඳ අරගෙන
    පෑන කොපුවක නිදනවා

    චින්තිලා ෆිල්ටිලා තවමත්
    මිදුලෙ සක්මන් කරනවා
    අනු අටකට බිව්ව ගල් එක
    තුන් දාහ දැන් පයිනවා
    Voice වල නම් පුංචි කෙල්ලෝ
    මගේ සින්දුත් කියනවා
    ගෙදර ආ ගිය සෙලිබ්‍රිටිස් ලා
    බැණුම් අහ අහ නහිනවා

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.
  • -20%
    (0)

    TOXIC ගර්භ විස (PRE ORDER)

    කහ කිරිල්ලි ලොකු හුස්මක් ගන්න හැටි මං දැක්කා. ඒ එක්කම ආයෙමත් මෙහෙම ප්‍රශ්න කළා.
    ‘ ඒ මිනිහට ආදරේ නම් මොකටද ඒ මිනිහව මරන්නෙ…?’
    ගැනියෙක්ට මිනිහෙක් මරන්න තියෙන්නෙ හේතු දෙකයි.
    පළවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට වෛර කරන එක…. දෙවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට ආදරේ කරන එක….
    කෙටි විරාමයකට පස්සෙ මං ආයෙමත් මෙහෙම කිව්වා.
    දරා ගන්න බැරි තරම් මං එයාට ආදරේ කරන නිසා මට එයාව මරන්ඩ ඕන. මොකද එයා අයිති වෙන්න ඕන මට විතරයි..’

    Original price was: Rs. 1,650.00.Current price is: Rs. 1,320.00.
  • -10%
    (0)

    velvet ප්‍රේමය

    තාම ඔබ ගැන ලියනවා

    නොකියවන බව දන්නවා

    දන්නවද ආදරේ නීතිය

    දැණුනු තරමට රිදෙනවා !

    Original price was: Rs. 850.00.Current price is: Rs. 765.00.
  • -10%
    (0)

    අගත අනගත – Agatha anagatha

    රැයෙහි මජ්ජිම යාමය ගෙවෙමින් තිබුණේය. උදාව එන්නට නියමිතව තිබුණේ පුරා පෝයට පසු දිනය බැවින් පිරිවැස්ම ඉවත ලූ කිරි හට්ටියක් උඩින් බලන විට පෙනෙන අන්දමට හඳ වෘත්තය රෑ අහසේ බටහිරට බර වෙන්නට පායා තිබුණි. පර්වත බෙණයේ මුවින් නික්මෙන ධම්මචක්කයේ රිද්මගත ස්වර අඩි දහසක් උසින් අවකාශයට පැන ඈත උග්ගල් කල්තොට කුඹුරු තලා ගැමි දනව් පසුකොට වියැකී යයි. පර්වතයේ තැන තැන කාලය විසින් දෙදරවා කැණ පාදා දුන් සුළු ඉඩෙක මුල් ඔබාගෙන එසැවී සිටි දෘඪ අරටු ඇති ගසෙක තුරු පත් සොලවමින් මඳ සුළඟක් හමා යයි. හඳ වතුරේ පාව එන නිලි වැහි කුඩ තුනී තෙත පටලයක්ව පව්වේ තෘණ වැවුණු තැනක ඒවා අතුරින් මතුව ආ බෝවිටියා මල්වල පෙති මතද සෙසු සෑම තැනකම ද තැවරී ඇතත් ඉන් කිසිවක් තෙතබරිත නොවන බව විමලබුද්ධි ලොකු හාමුදුරුවන්ට විශ්වාසය. පර්වත බෙනයේ ඉඩැති තැනක් පාදා තළා මට්ටම් කොට පැදුරු පලස් එළා පිටතින් ඇදි රැහැනින් විදුලිය සම්පාදනය කොට තනා දුන් මණ්ඩපයේ වැඩ සිටින පරිත්ත භාණක මහා සංඝයා වහන්සේ අලුයම උදාවන තුරු බලගතු පිරිත් ධර්මය සජ්ඣායනා කිරීමට පේ වී සිටිති. කෙමෙන් පටු වන ඈතට යද්දී නැවත තැනින් තැන දිගු පුළුල් අවකාශැති තැන්වල ලැග සිටින පර්වත කුහරයේ දිගුකාලීන හිමිකරුවන් වන කිහිප වර්ගයක වවුලන් පිරිත් සජ්ඣායනය අසා කලබල නොවීම පුදුමයක් නොවේ. උන් පරම්පරා ගණනාවක් අවුරුදු සිය ගණනක් මේ පින් බිමේ පිරිත් පමණක් නොව කුරාන ගීද ශ්‍රවණය කරන්නට ඇතැයි බහුශ්‍රැත මහා තෙරණුන්

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 1,080.00.
  • -20%
    (0)

    අඟුරු මල් – Aguru mal

    කෙළවරක් නොපෙනෙන මාර්ගය පුරාම බිම කහපාට රෙද්දත් ඇතිරුවා සේ ඇහැල මල් වැටි පිරි තිබුණි. සැරින් සැරේ හමන සුළඟත් සමඟ එකතු වුණු පාර දෙපස ඇති ඇහැල ගස් වලින් දිගටම මල් වැසි වස්සන්න පටන් ගත්තේය. කිසිඳු ආඩම්බරයක් නොමැතිව එක දිගට මල් වැසි වස්සන ඇහැල ගස් එක්ක සිනාවෙන හුළඟ, මල් පෙති එක්ක මුසු වෙච්ච ආලවන්ත සුවඳක් හැම තැනටම පතුරවමින් උන්නේය. අහසින් වැටුණු තරු කැට මෙන් රත්තරං පාවට ඇහැල ගස් අතරින් වැටෙන හිරු එළියට මාර්ගය පුරා ඇති දිය බිංදු දිළිසෙමින් තිබුණි. රතු රෝස පොකුරක් අතින් ගත්තු කඩවසම් තරුණයෙක් නවීන පන්නයේ මෝටර් රථයකට පිට දී කහ පාට මල් පිරුණු පාර දෙස නොඉවසිල්ලෙන් බලා සිටියේය. ඇහැල මල් පිරුණු පාරට අනෙක් පසින් රෝස පාට ගවුමකින් සැරසුණු ලස්සන තරුණියක් මතුවුණි. ඉක්මන් ගමනින් පාර දිගේ ආපු තරුණිය ඇහැල මල් පිරිණු පාරෙන් අනෙක් පස සිට බලා සිටින කුමාරයෙක් වැනි තරුණයාව දුටුවාය. මුහුණට වැටුණු කෙස් රොද නැවත කන පිටුපසින් රඳවා ගන්නා අතරතුර තරුණියගේ මූණට ලස්සන හිනාවක් නැගුණි. ළා රෝස පාට තොල් සායම් ආලේප කර තිබූ දෙතොල් වලින් සහ රෝස පැහැ කම්මුල් දෙක ඇගේ මුණට ගෙනාවේ. කුලුදුලේ පිපුණු පිරුණු රෝස මලක ලස්සනක්ය. තමන්ගේ අතේ තියන රෝස මල් පොකුරටම වඩා අලංකාරව පාරේ අනෙක් පස සිට තමන් ළඟට එන තරුණියව අර තරුණයාට පෙනුණි. ඉක්මන් ගමනින් අඩි තියමින් රෝස පාට තරුණිය, තරුණයා වෙත දුවගෙන එන්නට පටන් ගත්තාය. ගතවුණේ තත්පරේකින් සීයකටත් වඩා අඩු කාලයක්යය. වේගයෙන් පැමිණි වෑන් රථයක දඩාස් හඬ නංවමින් ගැටුණු සොඳුරු තරුණිය අඩි කිහිපයක් උඩට විසිවී ගියේය. ඒ විසිවුණු වේගයෙන්ම නැවත බිමට ඇඳ වැටුණු කරුණියගේ ශරීරය මීටර් කිහිපයක්ම ඇහැල මල් පිරුණු බිම අවුස්සමින් ඇඳී යන්නට

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,040.00.
  • -10%
    (0)

    අතුරුදහන් යුවතියෝ – athurudahan yuwathiyo

    ඔහු තවදරටත් මංමුළා කිරීමටත්, ඔහු ඇමතුම් ලබා ගැනීමට උත්සාහ කළ තැනැත්තා ගැන මතකයෙන් තව තවත් ඈත් කරවීමටත් සමත් විය. තමා ඇමතුම් ලබාගන්නේ කවුරුන් වෙතදැයි ඔහු දැන සිටියත් අපි ඇමතුමට පිළිතුරු ලබා දෙන මොහොත වනවිට ඔහුගේ මතකයෙන් අප පිලිහී යයි. ඉන්පසු අපගේ හඬ ඔහුට නිදහස් වා තලයේ රැදුණු නොහඳුන හඬක් පමණත්ම වේ. මම ලිපිය දිග හැරියෙමි. සටහන් පොතසින් රළු ලෙස ඉරාගත් තනිරූල් කොළයක ඔහුගේ අත්අකුරු රුල් වලින් පිටකට යන පරිදි වම්පසට බරව ලියා තිබුණේ ලියා තැබීමට අවැසි වූ දැ සිය මතකයෙන් ගිලිහී යාමට මත්තෙන් කොළයේ සටහන් කිරීමට තරගයක යෙදුණාක් පරිද්දෙනි. එහි කිසිදු සුබ පැතුමක් නොවීය. ලිපියේ නිමාවක් පවා නොවීය. වෙවුලන අතක ලිපිය රඳවාගත් මම යළිත් ඩැනියෙල්ව ඇමතීමි. ඔයාගේ පණිවුඩය ලැබුණා.’ මම පැවසීමි. ‘මම ගෙදර එනවා. මට කියන්න මොකක්ද සිද්ධවෙන්නෙ කියලා.

    Original price was: Rs. 1,750.00.Current price is: Rs. 1,575.00.
  • -20%
    (0)

    අදිසි නදිය

    කලකට ඉහත පොළොව යට ඉදිකළ ‘රහසිගක නගරයෙහි විසි දහසක් පමණ ජනකායත් අප්රකටව විසූහ. එය ඔවුන්ධම, ආවේණික උප සංස්කෘතියක් ගොඩනැංවිය. එහි පුරෝගාමීන් වූයේ, නගර පාලනයට විරුද්ධව කැරැරැල්ලක් ගසා ඉන් පයයි පත් පිරිසකි. ඒ බොහෝ දුරාතීකයෙහිය. ඔවුන්ගෙන් පවතින්නන් කලින් කලට, නගරය මතුපිටත්, යටත් එවක් වූහ. හිරු එළියෙන් ඔවුහු විදුලිය නිපදවා ගහ අභ්යන්තර ගංගාධාරයෙහි ධmo 50 එළවළු වගා කළහ. මිරිදිය මත්ස්ය වර්ග ද ගණනාවක්ම ගංගාවෙහි විසූහ. එහෙත්, සියල්ල කොපිට පෙරළෙන්නට සටන් ගත්තේ, බිමල් වසංගතය ආරම්භ වීමත් සමගිනි. පසු කාලයක එය දියකිඳුයි වසංගතය බවට වර්ධනය.වී.සොළොව මතුපිටට ද පැතිරුණේය. පොළොව යට ජනගහනයෙන් තුනෙන් එකම ඉන් විය ගියහ. වර්තමානය වන විට ඉසිරිව සිටින්නේ සිය ගණනකි. ඔවුන්ගෙන් ද වැඩි දෙනා වසරේ වැඩි කලක් ගත කරන්නේ පොළොව මතුපිටමය. තවදුරටත් පොළොව යට ජීවිතයම තෝරා ගත්තෙකු වී නම් ඒ ආරක්ෂක හේතූන් නිසා හෝ නගරවාසී දිවියෙන් රිදී පරණ සංස්කෘතිය තුළම පැවැරීමට ඇති ඇල්ම නිසා හෝ විය හැකිය. නුත්යාගයකුට එය ගුප්ත ජීවන ක්රමයක් ලෙස ද පෙනී යාට ඉඩ ඇත.

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.
  • -20%
    (0)

    අනුහස් අදහස් – Anuhas adahas

    ඔයා ඔයාගේ දේ කරන්න. ඉස්කෝලේ හත වසරේදී තමයි මුලින්ම ආදරයක් ඇති වුණේ. ගෑණු ළමයෙක් ගැන. මෙලෝ දෙයක් නොතේරෙන පුංචි දරුවෝ එතකොට අපි. පුංචිම කාලේ ඉඳලා කාත් කවුරුවත් නැති, තනිවුණ ජීවිතයක් ගෙවන්න සිද්ධවුණු නිසාම පුන් පෝය දවසේ රෑට පායන පිරුණු හඳක් වගේ හැමදාකම උදේම එයාව දකින කොට හිතුණෙම එයා තමයි මගේ ලෝකේම කියලා. සුදුම සුදුයි. තොල් රෝස පාටයි. දිගම දිග කළු කොන්ඩෙට ආදරය කරපු තරම…… අපි නවය වසරට එනකොට එයාගේ ලස්සන වැඩි වෙන තරමටම එයාට තිබුණ ඉල්ලුමත් ඒ තරමටම වැඩිවුණා. දවසින් දවස අළුත් ආදර වන්තයින් එකතු වුණා. එයා නිසා මුලින්ම මට නැතිවුණේ බාලදක්ෂ කණ්ඩායමේ නායකත්වය. ඊට පස්සේ විනය පරීක්ෂණ වලට මුහුණ දෙන්න මං යන කොට එයා, එක එක දවසට එක එක කොලොත් එක්ක මාව නොදැක්ක ගානට, මාවත් පහුකරගෙන ගියා. එයා ආයිමත් මගේ ළඟට ආවේ එයාට මගෙන් මොනා හරි ඕන වුණු වෙලාවට විතරයි. එයා ටවුන් එකේ, මං ගමේ……. ඉස්කෝලේ ඇරුණම එයාගේ පස්සෙන් මගේ රංචුවත් එක්ක ටවුන් එකට යන එන එක පුරුද්දක් වුණා. එයා, එයාගේ දවසින් දවස අලුත් ත්වෙන පෙම්වතුන් එක්ක ඒ හැම දවසකම මට ඉදිරියෙන් ගියා. කිලෝමිටර් කීයක් නම් ඇවිදින්න ඇතිද, මේ කකුල් දෙකෙන් එයා වෙනුවෙන්.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 400.00.
  • -20%
    (0)

    අඳුරුම අඳුරු රැය – Anduruma anduru reya

    ඔහුට රිදුණේ නැත. රිදුණේ සිතටය. එහෙත් යකඩ පොලු පහරවල් වැදුණු තැන් වලින් ගලන ලේ දහර තවමත් ගලා යයි. මුහුණ සිරිලාය. ඇස් ඉඳිමී තිබේ. අත පය ගල් ගැසී ඇතිවාක් මෙනි. ඒවා සොලවන්නට නොහැකි ලෙස හිරි වැටී ඇති බවක් හැඟේ. සමහර විට කැඩී බිඳී ගොස් තිබෙන්නටද පුළුවන. ඔහු අපහසුවෙන් අවට දෙස ඇස් ඇර බැලුවේය. හැම තැනකම ඇත්තේ අඳුර පමණි. එතැනම ඇති අඳුරු බිත්තියේ කුඩා කවුළුවක් තිබේ. එයින් ඈත කොහේ හෝ තැනකින් එන ඉතා මලානික මඳ එළියක් කුටියට වැටේ. එම එළිය එන්නේ කොහි සිටදැයි නිනව්වක් ඔහුට නොවිණි. සමහර විට ඇතක දැල්වෙන කුඩා විදුලි බුබුලකින් එය එනවා ඇත. නැති නම් බිත්තියට පිටත තවත් මෙවැනිම කුටියකින් එය එන්නට පුළුවන. නැති නම් හඳ එළිය ද විය හැකිය. ඔහුට දැඩි පිපාසයක් දැනිණි. බඩගින්නක් නැත. මේ කුටියට තමා රැගෙන පැමිණි කීපදෙනා පිටව ගොස් දැන් බොහෝ වේලාවක් ඉක්ම ගොස් ඇත. ඔවුන් කිසිවෙකු ළඟපාතක ඉන්නා බවක් පෙනෙන්නට නැත. ඔවුන්ගේ පියවර හඬ සෙමෙන් ඈතට ඇදී මැකී ගිය හැටි ඔහුට මතක තිබේ. ඉඳින් අවට ළඟපාතක කිසිවෙකු අතැයි ඔහුට සිතුණේ නැත. එසේ සිටියත් කිසිවෙකු ඔහුට සවන් දෙයිද? කාමරය ඉතා කුඩා පුස් ගඳ ගහන එකකි. පොළොව සීතලය. වවුල් වසුරු පිරී ඇතැයි ඔහුට දැනිණ. පරණ ගෝනි පඩංගුවක් එක

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.
  • -20%
    (0)

    අපරාජිත ජිවිතයක් – Aparajitha jiwithayak

    සර්වජයා දුම්රියකට නැගුණේ දෙවැනි වතාවටය. මුල් වරට දුම්රියක ගොස් දැන් බොහෝ කල් ගත වී ඇත. ඇයගේ සැමියා වූ හරිහර බරණැස සිට ගමට පැමිණ පවුල් ජීවිතය ඇරඹු මුල් දිනවල ඔවුහු යුගල කිශෝර් දේවලයට දුම්රියෙන් ගියහ. ඇය හැම දුම්රිය පොළකදීම නගින බසින මිනිසුන් දෙස සතුටින් බලා සිටියාය. එක් එක් ආකාරයේ ඇඳුම් පැළඳුම්ලාගත්, විවිධාකාර මුහුණුවරවල් ඇති කාන්තාවන් ඇයගේ විශේෂ අවධානයට යොමු විය. ජගන්නාථපුර නැවතුම් පොළේදී අග්ගලා විකුණනු දුටු ඇය අපුට කතා කළාය. * අපු අග්ගලා කන්න ආසයි නේද? අරන් දෙන්නද?” දුම්රිය පොළේ ටෙලිග්‍රාෆ් කම්බියක් මත කුරුල්ලෙක් පැද්දෙමින් සිටියේය. අපු එබි එබී ඌ දෙස බැලීය.

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.
  • -20%
    (0)

    අපූගේ ලෝකය Apuge lokaya

    විසිවැනි සියවසේ වංග සමාජයේ වූ විපර්යාසයන් නවකථා කරුවකුගේ කෙළි තුඩිගේ සිත්තම් කළ අපූ පිළිබඳ ත්‍රිත්ව වෘත්තාන්තයේ තෙවැනි කොටසේ සිංහල අනුවාදය ද දැන් මුද්‍රණද්වාරයෙන් නිකුත් වී ඇත. මෙම අසූ ත්‍රිත්වය සිංහල පරිවර්තිත නව කථා සාහිත්‍යයට එකතු වීම පාඨකයින්ගේ මෙන්ම කථා රචකයන්ගේ ද මහත් භාග්‍යයක් වන්නේමය. විශේෂයෙන් මෙම කථා තුනේ දෙවැනි තුන් වැනි කථා ඉංග්‍රීසි බසට පවා මෙතෙක් පරිවර්තනය වී නැති ඒවාය. ලේඩිකොට ඒවා සිංහලයට නඟන්නේ ඒවායේ මුල් වංග බසින්මය. ඇය එසේ නොකරන්නට වංග නව කථා සාහිත්‍යයේ මෙම විශිෂ්ට නිර්මාණයෙහි රසය අංග සම්පූර්ණව විඳීමට සිංහල පාඨකයාට නොලැබනු ඇත. අනික් කෘති දෙකේ මෙන්ම මෙම කොටසේ ද පරිවර්තන කාර්යය ඉතා මැනවින් ඉටු වී ඇති බව කිව යුතුය. බස හැසිරවීමේදී කතුවරිය බොහෝ පරික්ෂාකාරී වී ඇති බව බොහෝ තැන්වලදී පෙනේ. කථාව කියවා ගෙන යන විට බොහෝ අවස්ථාවන්හි දී මෙය පර්වර්තනයක් නොව සිංහල බසින් කළ මුල් කෘතියක් දෝ යන සැකය පාඨකයාට ඇති වන්නේ මුල් කෘතියේ කතුවරයාගේ නිරවුල් චින්තන ධාරාව ඒ පරිදිම සිංහලට නඟන්නට කතුවරිය සමත්ව ඇති නිසාය. එසේම වංග සමාජයත් සිංහල සමාජයත් අතර ඇති සමීප බව ද එම හෘදයාංගම බවට හේතු වන්නට ඇත. සුක්ෂම – සංවේදී කලාකරුවෙකුගේ මනස කාල – දේශ ඉක්මවා අනන්තය දක්වා විහිදී යමින් පාඨකයාට ලබාදෙන සනාතන අත්දැකීම් සම්භාරයට මුල් වංග කථා ත්‍රිත්වයේ දී වංග පාඨකයන්ට සහභාගි වන්නට ලැබුණාක් මෙන්ම මෙම සිංහල කෘතිවලදී සිංහල පාඨකයන්ට ද වීම අත්දැකිම් වලට සහභාගි විය හැකි අන්දමට ඒවායේ පරිවර්තන කාර්යය මනාව සිදු වී ඇති බව නැවතත් කිව යුතුය. සිංහල පාඨකයාගේ වින්දන ක්ෂේත්‍රය පුළුල් කිරීම සඳහා චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මෙතෙක් විඳි වෙහෙස ගැන සිංහල පාඨකයන් වෙනුවෙන් අපගේ කෘතඥතාව පළ කරන අතර, මෙවන් අගනා කෘති ඇය අතින් තවත් බිහිවෙනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -10%
    (0)

    අපූරු ඉස්කොලේ අවසන් වාරේ – Apuru iskole awasan ware

    ගිනි අනතුරු සීනුව නාද කළේ කවුද ? මිරා බෙල් කෝපයෙන් වෙවුලමින් තමන්ගේ පාඩම් නාමරයට ගියාය. කාමරයේ ඇති කුඩා ගිනි උදුන සමීපයේ සිට ඇඟ උණුසුම් කර ගනිමින් සිටින ග්ලැඩිස්ව ඇයට දැක ගත හැකි වූයේ ඒ අවස්ථාවේ දී ය. සම ඈ. අපරාදේ. ඔයාගේ රැස්වීම අතර මග කඩාකප්පල් වුනේ. මීරා බෙල් දුටු විගස ග්ලැඩිස් කීවාය කෝපයෙන් වෙවුලමින් සිටින මිරා බෙල් ගේ හිතට කිසියම් සහනයක් ලබාදිය යුතු යැයි ඇයට සිතෙන්නට ඇත. ඇත්තමයි මිරා බෙල් ඔයා හරිම ලස්සන කථාවක් පැවැත්තුවා’ ග්ලැඩිස්. ගිනි අනතුරු සීනුව නාද කළේ කවුද? ඔයා කවුරු ගැනද සැක කරන්නේ ?’ මීරා බෙල් නිමා නොවන කෝපයෙන් යුතුව ග්ලැඩිස් ගෙන් ඇසුවාය. මේට්‍රන් වරිය විසින් සකස් කරන ලද උණුසුම් කොකෝවා බඳුනක් ද මේසය මත දුම් දමමින් තිබේ. ආ. මේ තියෙන්නේ කොකෝවා නේද ? මට නම් කොකෝවා බොන්න තරම් සීතලක් නෑ. ඒ වුනාට මගේ හිතේ ලොකු තරහක් නම් තියෙනවා බලන්න. මගේ වැදගත් රැස්වීම සම්පුර්ණයෙන්ම කඩා කප්පල් වුනානේ. ඒ වගේ මෝඩ විහිළුවක් කළේ කවුද දන්නේ නෑ

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -10%
    (0)

    අපූරු ඉස්කෝලේ අපූරු මිතුරිය – Apuru iskole apuru mithuriya

    පාසැලේ කොරිඩෝරය දිගේ සෙමෙන් සෙමින් ඇවිද ආ පැට් හා ඉසබෙල් ඔ’ සුලිවාන් සොයුරියෝ පාසැලේ හතර වැනි වසරේ පංති කාමරයට ඇතුළු වූහග ඔවුන් වටපිට බැලුවේ දරාගත නොහැකි පුදුමයෙනි. ‘ හතරවැනි අවුරුද්ද ගගග දෙවියනි අපි මෙච්චර කාලයක් හිටියා කියලා කොහොම විශ්වාස කරන්නද? එහෙම නේද ඉසබෙල් ? මුලින්ම කථා කලේ පැට්ය. ‘ ඔව්හු මුල්ම අවුරුද්දේ ඉදලා හතර වැනි අවුරුද්ද වෙන කම් මොන තරම් කාලයක් ගියාද ? ග ඒත් සිද්ධ වුන හැම දෙයක්ම මට නම් අද වගේ මතකයි ‘ ඉසබෙල් ද කීවාය. ගොඩාක් කාලෙකට ඉස්සර වෙලා අපි මේ ඉස්කෝලෙට ආපු මුල්ම දවස ඔයාට මතකද? ඒ දවස්වල හැමෝම අපිට කිව්වේ කරදරකාර නිවුන්නු කියලයි. අපි ඒ දවස්වල සෙන්ට් ක්ලෙයාර් ඉස්කෝලෙට ටිකක්වත් කැමැති නෑ. පුළුවන් තරම් ඉක්මනට ගෙදර යන්නයි අපි ඒ දවස්වල හිතාගෙන හිටියේ ‘ පළමු වසරේ සිසුවියන් ලෙස ශාන්ත ක්ලෙයාර් පාසලට පැමිණි මුල්ම දවස් පිළිබඳව නිවුන් සොයුරියන්ට හොඳ හැටි මතකයග මුල් දවස් වල දී

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    අපූරු ඉස්කෝලේ අපූරු සාදය – Apuru iskole apuru sadaya

    “මම කියන්නේ මේකයි. ” විවේක කාමරයේ දොර විවෘත කරමින් ඇතුළු වුණු මිරා බෙල් ළමයින්ගේ අවධානය බිඳ දමුවා ය. ” ටික වෙලාවකට මට ඔයාලට කරදර කරන්න වෙනවා. ඒකට කමක් නැද්ද? ” ” කමක් නෑ. මොකක්ද වෙලා තියෙන්නේ ? ” මිරා බෙල්ට පිළිතුරු ලැබුණේ බොබිගෙනි. “මේක ග්ලැඩිස් ගැන පුංචි කථාවක්.” මිරාබෙල් දිගු කතාවකට මුල පුරමින් කීවා ය. පෙට්ටි කාමරයේ සිටි ග්ලැඩිස් තනිවම රග පෑ ආකාරය ගැන මිරාබෙල් කියූ විස්තරය ළමුන් අසා සිටියේ පුදුමයෙනි. තමා ග්ලැඩිස්ට උදව් කිරීමට උත්සාහ කළ ද ඈ කෝප වීම නිසා ඒ දේ කිරීමට නොහැකි වූ බව ද මිරාබෙල් තව දුරටත් කියා සිටියා ය.

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -10%
    (0)

    අපූරු ඉස්කෝලේ අපූරු සොයුරියෝ – Apuru iskole apuru soyuriyo

    “මම හිතන්නේ මේවා රටට ඕනෑ නැති ට ඇති, ඔව්….. මේ පරණ සටහන් ගොඩක් නේ.” ටසේ සිතු ඇලිසන් මේසය උඩ තිබූ කඩදාසි ගොන්න අතට ගත්තා ය. ඉන් පසුව වහ වහා උදුන ළඟට ගිය ඇය කඩදාසි ගොන්න ලිපට ඔබා ගිණි දැල්වුවා ය. ඊටාගේ වේදනාත්මක බෙර්හන් දීම ඇයට ඇසුනේ ඒ වෙලාවේදී යි. ” මං හිතුවා…. මං හිතුවා ඔයා මගේ ප්‍රශ්න පත්‍ර ටික ගනියි කියලා. අනේ දෙවියනි! ඔයා ඒවට ගිනි තිබ්බද? මෝඩ කෙල්ල… ඔයා මගේ ප්‍රංශ සටහන් ටිකට ගිනි තිබබද?” රීටා බෙරිහන් දෙමින් ගිනි උදුන අසලට දුව එද්දි ඇලිසන් බියපත් ව පැත්තකට වූවා ය. ගිනි දළු වෙලෙන කඩදාසි ගොන්න ඉවතට අදින්නට උත්සාහ කළ ද ඒ උත්සාහය සාර්ථක වූයේ නැත. ගිනි දළු වලට තුරුලු වූ ඇගේ වටිනා සටහන් ගොන්න කලු පැහැති අළු ගොඩක් බවට හැරේ තිබුණි.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    අපූරු ඉස්කෝලේ අවසන් වාරේ – Apooru Iskole Awasanware

    මෙය ඔබ මෙතෙක් රසවිඳි “අපූරු ඉස්කෝලේ” කතා මාලාවේ අවසන් කතාව යි. st. clare’s නමැති පාසලේ හට ගැනෙන අපූරු සිද්ධීන් පාදක කොට ගනිමින් , ජනප්‍රිය ඉංග්‍රීසි ලේඛිකා Enid Blyton විසින් රචනා කොට, සුදත් රොහාන් විසින් ඔහුට ම ආවේනික අපූරු ශෛලියකින් පරිවර්තනය කරන ලද මේ කතා පෙළ පාඨකයින්ගේ ඉමහත් ආනන්දයට හේතු විය. එහෙයින් මෙවන් වූ තවත් අපූර්ව කතා පෙළක් ඉදිරියේ දී ඔබට තිළිණ කිරීම අපේ අපේක්ෂාවයි.

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -10%
    (0)

    අපූරු ඉස්කෝලේ ගිම්හාන කාලේ – Apuru iskole gimhana kale

    පාසලට යන්නට පෙරුම් පුරමින්.

    සති හතරක නිවාඩුවක් ” පාස්කු නිවාඩුවේ පළමු උදෑසතම පිබිදුණු පැටි ඔසුලිවාන් ප්‍රීතියෙන් බෙරිහන් දුන්නාය. ඇගේ මුහුණ පුරා විසිරී තිබෙන්නේ ප්‍රිය මනාප හිනා දහරාවකි. ” දෙවියනි………..මොන තරම් අපුරු නිවාඩු කාලයක්ද? හොඳ කාලගුණයක් තිබුණොත් නම් අපිට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්.” ඇගේ නිවුන් සොයුරිය ඉසබෙල් ද නින්දෙන් පිබිදුණේ ඒ වෙලාවේදී ය. ඉසබෙල්ගේ කටහඩ ද ප්‍රීතියෙන් බර වෙලාය. ” ඉස්කෝලේදි සීනුව වැදෙනකොට ඇහැරෙන්න ඕනෑ. හැබැයි ගෙදරදි ඒ කරදරේ නැති එක කොච්චර අපූරුද? මම නම් තව ටිකක් නිදා ගන්නවා.” “අනේ මට නම් තවත් නිදා ගන්න බෑ.” පැට් ඇඳෙන් නැගිටින්නට සුදානම් වෙමින් කීවාය.

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -10%
    (0)

    අපූරු ඉස්කෝලේ දෙවැනි වාරය – Apuru iskole deweni waraya

    ගිම්හාන නිවාඩුවේ අන්තිම දවස් පියාඹමින් වගේ ගෙවිලා ගියා. පැට් හා ඉසබෙල් ඔසුලිවාන් නැති නම් නිවුන් සොයුරියන්ගේ දවසුත් ඉතාම කාර්ය බහුල වෙලා. අළුත් ඇඳුම් මිලදී ගන්න. ඒවා හැඳ හැඩ බලන්න, ලක්‍රොස් පිති මිලදී ගන්න. ලක්‍රොස් සපත්තු වල ඉරුණු තැන් සකස් කරන්න වගේ කරන්න මොන තරම් දේවල් නම් ඔවුන්ට තියෙනවද? පැටි හා ඉපබෙල් මේ හැම දෙයක් ම කළේ හරිම සතුටින්. “මගේ මැහුම් බෑග් එක කොර? ” අල්මාරියේ තිබූ සියලුම දේවල් අවුස්සමින් සිටි පැට් නොඉවසිල්ලෙන් කෑ ගෑවාය. “නිවාඩුවට ගෙදර එනකොට මම ඒක ගෙදර ගෙනාවා. ඔව්. මට හොඳට මතකයි.” “අනේ………මගේ ලක්‍රොස් සපත්තු වලින් එකයි තියෙන්නේ. අ………….. ඔයා මගේ අනිත් සපත්තුව දැක්ක ද? ” ඉසබෙලුත් වැළපෙන හඬකින් කීවාය. ” ඔව්……. ඔයාගේ සපත්තුව සපත්තු මහන්නා ළඟ තිබිලා ඊයේ උදෙයි ගෙනාවේ. කොහෙද ඔයා ඒක තිබ්බේ.?”

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -10%
    (0)

    අපූරු ඉස්කෝලේ බිහිසුණු රැයක් – Apuru iskole bihisunu reyak

    එදින රාත්‍රියේ දී සාදි නින්ද ගියේ නැත. සිර්ලෝසුවේ රාත්‍රී දහයයි හතලිස් පහ වඳින තෙප් ඔග්‍රා සිටි ඈ සෙමෙන් සෙමෙන් ඇඳෙන් නැගිට්ටා ය. වටපිටාවේ හිමෙන්නේ හිඳ අඳුරකි. හිදන ශාලාවේ සිටින සියල්ලන් ම තද නිද්දේ ය. ඉක්මන් කොට ගවුමස් හැදනේ යෙදී සෙමින් හෙමින් පඩිපෙළ බැස්සාය. තවත් විනාඩි කිහිපයකින් පසුපස දොර හැරගෙන පාසළේ ගෙවත්තට පිවිසෙන්නට සාදිට හැකි විය. තමාට පිටුපසින් අඳුරු ඡායාවක් ද පැමින බව සාදි දුටුවේ නැත. ඒ කවන්ස් ය. තෙවන්ස් සිතාගෙන සිටියේ තමා ලුහුබඳින්නේ කාලෝ පසු පස බවයි. ඒ ඇවිද යන්නේ සාදී බව ඈ නිකමටවත් සිතුවේ නැත.

    රාත්‍රී දහයයි කාළ වන විට පෲවන්ස් නින්දෙන් පිබිදුණා ය. කාටත් හොරා නිදන ශාළාවෙන් පිට වූ ඈ සාදි පැමිණෙන තෙක් නොඉවසිලිමත්ව බලා සිටියා ය. දැත් වේලාව රාත්‍රී එකොළහයි කාලට පමණ ඇත. උගුරේ කිසියම් වේදනාවක් නිසා ඇලියන් චක්වර ම නින්දෙන් පිබිදුණා ය. හයියෙන් කහින්නට අවශ්‍ය වුව ද එය නොකළ යුත්තකි. එමෙන් ම කැස්සට ගන්නා ලොසින්ජර සාදි ළඟ තිබේ. ඇලිසන්, සාදිගේ ඇඳ අසලට ගියේ ඒ ලොසින්ජරයක් ඉල්ලා ගැනීම සඳහා ය. කළුවරේ හි ඇඳට අත පෙවූ ඇලිසන් සොදි සොයන්නට උත්සාහ කළා ය. පුදුමයකි! කදී නැත. ඇඳ හිස් ය. ඇඳුම් හැදගෙන ඈ පිට ව ගොසිනි. ඇලිසන් දරාගත නොහැකි පුදුමයෙන් ඇඳ මත වාඩි වූවා ය.

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -20%
    (1)

    අපූරු මිනිසෙක් – STEVE JOBS

    ඒ මා මරණයට ඉතාමත් සමීප වූ අවස්ථාවයි. තවත් දශක කීපයක් ගත වන තෙක් එසේ වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මෙම අත්දැකීම ලත් මට මරණය ප්‍රයෝජනවත් එහෙත් හුදු බුද්ධිමය සංකල්පයක්ව තිබිය දී වඩාත් නිරවුල්ව මේ දේ කිව හැක. කිසිවෙකුට මරණය අවශ්‍ය නැත. දිව්‍ය ලෝකයට යෑමට අවශ්‍ය මිනිසුන්ට පවා එහි යෑමට මරණය අවශ්‍ය නැත. එහෙත් අප සියලු දෙනාගේම ගමනාන්තය මරණයයි. කිසිවෙකුට ඉන් ගැලවිය නොහැක. එසේ වී ඇත්තේ මරණය ජීවිතයේ හොඳම නිර්මාණය වීම නිසාය. එය ජීවිතයේ වෙනස්කම් කිරීමේ නියෝජිතයා වීම නිසාය. ඉන් අලුත් දේට ඉඩ සැලසීමට පැරණි දේ ඉවත් කරයි. දැන් අලුත් දේ ඔබයි. එහෙත් වැඩි ඈතක නොවන කිසියම් දිනක ඔබත් ක්‍රමයෙන් විය පත්ව ඉවත් කරනු ඇත. එය නාට්‍යෝචිතව දැක්වීම ගැන සමාවන්න. එහෙත් එය සත්‍යයි.

    Original price was: Rs. 980.00.Current price is: Rs. 784.00.
  • -10%
    (0)

    අපූරු සොයුරියන්ගේ අපූරු රහස් – Apuru soyuriyange apuru rahas

    ඒ සතිය අවසානයේදී වාරය මැද ලැබෙන විශේෂ නිවාඩුව ශාන්ත ක්ලෙයාර් පාසලේ ළමයින්ට ලැබිණි. තම දරුවන් දක බලා ගැනීම සඳහා බොහෝ දෙමාපියෝ දුම්රියෙන් පාසල කරා පැමිණියහ. තවත් දෙමාපියෝ මෝටර් රථ වලින් පැමිණියහ. මේ විශේෂ නිවාඩු දිනය දෙමාපියන් සමඟ ගත කිරීමට ලැබෙන නිසා පාසලේ ගැහැණු ළමයින්ගේ හිත්වල තිබුණේ ද අසීමිත ප්‍රීතියකි. ඒත් සමහර ගැහැණු ළමුන්ගේ දෙමාපියන් පැමිණෙන්නේ නැත. එවැනි ළමයි තම තමන්ගේ යෙහෙළියන් සමඟ ඈත නගරයක ඇති චිත්‍රපටියක් නැති නම් නාට්‍යයක් නැරඹීම සඳහා ගියහ. පැට් සහ ඉසබෙල්ගේ මව වූ ඔසුලිවාන් මහත්මිය පැමිණ සිටියේ කාරයෙනි. ඇය පැට් සහ ඉසබෙල් ද, ඇලිසන්ද රැගෙන ඈත නගරයක් බලා පිටත් ව යාමට තීරණය කොට තිබිණි. ඇලිසන්ගේ මව නොපැමිණි නිසා ඇයට ද ඒ ගමනට එකතු වන්නට සිදු විය. ජැනට් ඇගේ දෙමාපියන් සමග විනෝද සවාරියක් සඳහා නික්ම ගියේ ප්‍රීතියෙනි. හිලරිත් ඔවුන්ගේ විනෝද ගමන සඳහා එක්කර ගැනීමට ජැනට් අමතක

    Original price was: Rs. 520.00.Current price is: Rs. 468.00.
  • -10%
    (0)

    අපේ කාලයේ වීරයෝ – Ape kalaye weerayo

    යාල වන මැද සවාරිය ” පුතා ඉක්මනට ලෑස්ති වෙන්න. අපි ටිකක් කල් ඇතිව ස්වේෂන් එකට යන්න ඕනෑ ” “හරි… හරි… අප්පච්චි … මම රෙඩි” පියාගේ කටහඬ ඇසුන සුරංග කාමරයේ සිටම උස් හඬින් කෑ ගැසුවේ ය. ඔහුගේ ස්වරයේ අමුතුම උද්දාම ගතියක් රැඳී තිබිණ. ” අප්පේ මෙයාගේ හිතේ තියෙන සන්තෝසෙ ” මුවගට මඳ සිනාවක් නගා ගත් සුරංගගේ මව සේපාලි කීවේ දෑස් පොපියවමිනි. ” සන්තෝස නැද්ද අමම…. මේ වගේ ට්‍රිප් එකක් ගහන්න ලැබුණහම ” ” එක හරි පුතා… ඒත් ඔයා යන ගමන සැහැල්ලුවට ගන්න එපා. අනිත් එක ඔයාගෙ යාලුවා තුෂාර. එයත් ටිකක් දඟ කාරයා… කොයි වෙලාවකවත් ඔය දෙන්නා කැලේ තනියම එහෙම යන්ඩ එපා. අන්න ඒක හොඳට මතක තියා ගන්න ඕනෑ ” “හරි… හරි… අම්මා බය නොවී ඉන්නකො.” “මෙන්න ට්‍රේන් එකේ යනකොට ඔයාලට කන්න සැන්ඩ්විචසුයි.. කට්ලසුයි. ප්ලාස්ක් එකට කෝපි දාලා තියෙනන්වා “

    Original price was: Rs. 650.00.Current price is: Rs. 585.00.
  • -10%
    (0)

    අපේ රාජ්‍යය [මායාරංජන්] Ape rajjaya

    සිතන්නට හැකි අප සැම දෙනාට ම රාජ්‍යයක් තිබේ. ඒ. අපේ රාජ්‍යයයි. එය අපේ සිහින නැතිනම් සිතුවිලි සමඟ බද්ධ වූවකි. “අපේ රාජ්‍යයේ පාලකයන්, පලිතයන් ද අපි මැ වෙමු. එනිසා කාටවත් අපේ රාජ්‍යයට හිමිකම් කීමට නොහැකි ය. යටත් කර ගැනීමට හෝ කොල්ලකෑමට නොහැකි ය. සැබැවින්ම අපේ රාජ්‍යය වූ කලී අපට ම අනන්‍ය වන ස්වාධීන සිහිනයකි.  මායාරංජන් ලේඛකයා මේ සිහිනය අප මෙන් දුටුවෙකි. එහෙත් ඔහුගේ රාජ්‍යයේ දිග පළල මතු නොව හිමිකම පාඨක ලෝකයට නිර්ලෝභීව දායාද කළේය. ඒ. අපේ රාජ්‍යය’ කෘතිය මඟිනි. වසර මිලියන ගණනක සිට අපි වන පෙත් අතර දිවි ගෙවමු. ගහකොළ සතා සිව්පාවා මෙන්ම දියකඳුරු යනු අපගේ ලේ නහර මෙන් බැඳුණු ජීවයකි. නූතනයේ නාගරික හෝ අර්ධ නාගරිකව දිවි ගෙවමු. එහෙත් වසර මිලියන ගණනක සිට අප රැස් කළ වනපෙත ආශ්‍රිත දිවිතතු මතක පොසිල ලෙස රැඳී තිබෙන වග ද අපි දනිමු. එහෙයින් මායාරංජන් පාඨක අපට අපේ රාජ්‍යයට අඬ ගසන විට කෙසේවත් මඟහැර යා නොහැකි ය. අප සියලු බැඳීම් අත්හැර මතක පොසිල ඔස්සේ අතීත වන පෙතට ඇදී යන්නේ නිරායාසයෙනි. දිගාමඩුල්ලේ ආශ්චර්යයෙන් කුල්මත් කළ සිතැතිව ඒ මතක මංපෙත් දිගේ වනපෙත පීරා එහි සැරි සැරීමට ද ගඩාගෙඩි කමින් සතුන් අතර නිදහස් – නිවහල් මිනිසකු ලෙස සැරි සැරීමට මහසේ ආශා කරමු. මායාරංජන් වනපෙත ඔසුවක් කොට අප සිතට පොවන්නේ අනේකවිධ අතවරයන් නිසා රෝගී වූ පාඨක සමාජයට ඇති ඇල්මෙනි. එහෙයින් පාඨකයින් වන අපට දිගාමඩුල්ලේ ආශ්චර්යයෙන් අපේ රාජ්‍යය’ නම් වනදිවි සැරියේ නිබඳව සැරිසැරීමේ භාග්‍ය අත්පත් කර ගත හැකිය. මේ ඒ වෑයමේ නවමු මුහුණුවරයි.

    Original price was: Rs. 300.00.Current price is: Rs. 270.00.
  • -20%
    (0)

    අබිරහස් කඳුවැටිය – Abhirahas Kanduwatiya

    ඒ දප්තිමත් උදෑසනකි. කුඩා ගුවන් තොටුපොළක නවතා තිබූ සුදු පැහැති ගුවන් යානයේ එංජිම මිනිස්සු දෙදෙනෙක් කඩිනමින් පිරික්සමින් සිටියහ. පසෙකට වී එදෙස වුවමනාවෙන් බලා සිටින ළමයින් සිව් දෙනෙකි.
    අප්‍රිකාව බලා ගුවන් ගත වීමට නියමිත තම දෙමාපියන්ට සුබ පැතීම සඳහා මෙම ළමයි ගුවන් තොට වෙත පැමිණ සිටියහ. තාවකාලිකව හෝ තම දෙමාපියන් ගෙන් වෙන් වීමට සිදු වන නිසාදෝ දුක්මුසු මලානික බවක් ඔවුන් වෙතින් දිස් විය. “ ආශ්චර්යවත් ගුවන් ගමන් වික්‍රම ගණනාවක් ම කළ අමිමෙකුයි තාත්තෙකුයි ඉන්න එක නම් සතුටක්. ඒත් ඒ අය ඈත රටකට යන එක නම් සතුටක් නෙවෙයි.” ළමයින් සිව් දෙනාගෙන් එක් අයකු වු මයික් පැවසුවේ ය.
    ” ඒ වුණාට එයාලා ඉක්මනටම ආපසු ඒවි. ඕනෑ නම් තව සතියකින් විතර ආපසු අපට ඒ අය දැක ගන්නට ලැබේවි.” මයික්ගේ නිවුන් සොයුරිය තෝරා පැවසුවාය.
    ” කොහොම වුණත් මට නම් හිතෙනවා ඊට වඩා දිගු කාලයක් ගත වෙයි කියලා.” එවර මයික් පැවසුවේ දොම්නස් සහගත ස්වරයකිනි.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 400.00.
  • -10%
    (0)

    අබිරහස් සබ්මැරීනය – ABIRAHAS SBMERINAYA

    සියල්ල ඇරඹුණේ, කැරීබියානු මුහුදු පත්ලේ ගිලීගිය, දෙවැනි ලෝක යුද සමයට අයත් ජර්මානු සබ්මැරීනයක තිබූ දිනපොතක් හෙන්රි බේකර් නමැති කිමිදුම්කරු විසින් සොයා ගැනීමත් සමඟය.

    ලෝකයම සසල කරවිය හැකි අතිශය රහසිගත ලියවිලි රැසක් සබ්මැර්නය තුළ වන බව වටහාගන්නා බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශයේ චාර්ල්ස් ෆර්ගසන්, සබ්මැරීනය සොයා ගැනීමේ මෙහෙවර එක් විශේෂිත අයෙකු හට පවරනු ලබයි.

    ඒ හිටපු IRA සෙබළෙකු වන ෂෝන් ඩිලන්ටය.

    ඔහු හුදෙකලාවම ක්‍රියාන්විතය දියත් කළ යුතුය.

    සබ්මැරීනය සොයාගැනීම පමණක් නොව, එය පසුපසින් පැමිණෙන පොතාල කල්ලි හා ගැටෙමින්, ඔවුන්ට පළමුවෙන් ලිපිගොනු සොයාගැනීමේ අභියෝගයටද මුහුණදිය යුතුය.

    එබැවින්ම.

    ඔහු ගෙන යන සටන ත්‍රාසජනකය;

    ලොමුදැහැගන්වනසුලුය!

    Original price was: Rs. 1,800.00.Current price is: Rs. 1,620.00.
  • -10%
    (0)

    අබ්දුල් වෙන්න කලින් – Abdul Wenna Kalin

    අපිට පස්සෙන් පියාඹන උං
    ආයෙ හිරවිය යුතුද කොටුවල
    තටු කපපු දුක අපි වගේ උං
    ආයෙමත් ලිය යුතුද පිටුවල
    ගොරව ගොරවා බලං ඉන්නවා
    තමයි වටේම අඳුරු කරුවල
    එහෙව් විටකදි ගින්දරක් මිස
    එලිය මදි දුර ඈත තරුවල

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 900.00.
  • -10%
    No thumb
    (0)

    අභිරහස් බලඝනය – Abhiras balaganaya

    සුභ උදෑසනක් බීගල් ස්වර්ත්, එනව ඇතුළට..” හිඳ සිටි මේසය අසලින් නැගිටිමින් ගුවන් බුද්ධි ඒකකයෝ කොමදෝරු රේමන්ඩ් විසින් බලඝන නායක ජේමිස් බීගල් වත් පිළිගන්නා ලද්දේ මද සිනහවක් රැඳි මුහුණින් යුතුව ය. ඉක්බිති කෙටි රත් පැහැති කෙසින් ද දීප්තිමත් නිල් දෙනෙතින් හා දීර්ඝ කාලයක් හිරු රැසට නිරාවරණය වීමෙන් කාල වර්ණ වූ සිරුරින් ද යුතු මිනිසෙකු දෙසට අතක් දිගු කරමින් කපිතාන් රෙක්ස් ලැරිමෝර්’ යි තවකෙකු හඳුන්වා දුන්නේ ය. ඇතැම් විට කේශයේ ප්‍රතිවිරුද්ධ වර්ණය පසුබිම් කොට දෙනෙතේ පැහැය කැපී පෙනෙන්නට ඇති මුත් එවන් නිල් පැහැයක් තමා කිසි දින දැක නැතැයි බිගල්ස් මොහොතකට සිතීය. ” ලැරිමෝර්. මේ තමා මම කලින් ඔබට විස්තර කළ බලඝන නායක බිගල්ස්වර්ත්. ඔබේ යෝජනාවේ අඩු පාඩු මැන බලන්ට අපේ සේවයේ ඉන්න හොඳ ම නිලධාරියා. ඔය යෝජනාව ගැන ගුවන් සේවා මණ්ඩලේ අවසන් තීරණය දෙන්නෙ ඔහුගේ නිගමන වලට අනුවයි. හිඳගන්ට බිගල්ස්වර්ත්, මම කියන්නම් කථාව. ”

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.
  • -10%
    (0)

    අමරණීයයන්ගේ කුසලානය – Percy jackson and the olympians,the chalice of the gods

    දීප්තිමත් පැත්ත ගැන කිව්වොත්. එහි පිහිනුම් කණ්ඩායමක් වාගේම ඔලිම්පික් ප්‍රමාණයේ පිහිනුම් තටාකයකුත් තිබෙනවා. (ඇයි කියලා නම් කිසිම අදහසක් නෑ) ඉතිං මගේ සුළු පියා. පෝල් බලොෆිස් හිතුවේ ඒක මට හොඳටම ගැළපෙනවා කියලයි. මම උත්සාහ කරලා බලන බවට ඔහුට පොරොන්දු වුණා. ඒ වාගේම මම මගේ පෙම්වතිය, ඇනබෙත්ටත් පොරොන්දුවක් වුණා. සැලැසුම වුණේ මම නියම වේලාවට සමත්වෙන්න, එතකොට දෙන්නාටම එකට විශ්ව විද්‍යාලයට යන්න පුළුවන්. මට එයාගේ බලාපොරොත්තු සුන් කරන්න අවශ්‍ය නෑ. මං නැතුව ඇය තනිවම කැලිෆෝනියාවට යනවා කියන කාරණයම මාව රැ නින්දෙන් අවදි කරලා තිබ්බා… කලින් පාසලේ රෝහල පවත්වාගෙන ගියා යයි සිතිය හැකි තැනක තිබූ පරිපාලන කාර්යාලය මං හොයාගත්තා. මං ඒක නිගමනය කළේ බිත්තියේ තිබ්බ, උණකට්ටක් කටේ ගහගත්ත දම්පාට දුක්බර පෙනුමක් තිබ්බ ගෙම්බෙකුගේ චිත්‍රයකින්. ”ජැක්සන් මහත්මයා ! එන්න ඇතුළට! ” උපදේශකවරිය මේසය වටෙන් ආවේ මට අතට අත දෙන්න සුදාන මෙන්. එතකොට තමයි එයා තේරුම් ගත්තේ මගේ අත් දෙකේ රාත්තල් හයදායක විතර අච්චු පොත් තිබෙන බව. “අනේ. ඔය ටික ඔය කොහෙන් හරි තියන්න.” ඇය පැවසූ අතර, “කරුණාකරලා, වාඩි වෙන්න.” කීවා. ඇය මට අතින් සන් කරලා පෙන්නුවේ අඩියක් පමණ උස නිල් පාට පුටුවක්. ඒක මට සැහෙන්න පොඩියි. මං ඒකේ වාඩි වුණාම මං ඇයගේ ඩෙස්කුව උඩ තිබ්බ ජොලි රෑචර් බෝතලය ඇස් මට්ටමේ. ” ඉතිං!” උපදේශකවරිය ඇගේ සුවපහසු පෙනුමැති, වැඩිහිටි ප්‍රමාණයේ පුටුවේ ඉඳගෙන මා දිහාට දීප්තිමත් සිනාවක් පෑවා. ඇගේ බෝතල් අඩි කන්නාඩි අස්සෙන් එයාගේ ඇස් දෙක පීනනවා වාගේ පෙන්නුවා. ඇගේ අළු පැහැ හිසකේ පේළි පේළි ලෙස කැරලි කොට තිබුණ ආකාරය මට සිහිපත් කළේ බෙල්ලන් අභිනක්. ” කොහොමද? ඔයා මෙතනට හැඩ ගැසෙමින්ද ඉන්නේ?” 2. වෙළෙඳ සන්නාමයක් සෝඩා බීම, සීනි බෝල, ජෙලි ටොපි වැනි ළමයින් කැමති කැම බීම සන්නාමයක්,

    Original price was: Rs. 1,350.00.Current price is: Rs. 1,215.00.
  • -20%
    (0)

    අමාවක හස – Amawaka hasa

    ඉතින් දකින්න ඕන කරපු දේ… මං ඇස් ඇරපු වෙලේ
    ඉඳන් හොයපු එකම රූපේ.. පරණ වලව්වේ
    ඉස්තෝප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙන
    හඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදන් ඈත
    බලන් ඉන්න කවුරුත් කියන පොඩි නිළමේ….
    මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑ
    ඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑ
    ඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිති
    වෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකට
    ආසාවෙන් හිර වෙලා.
    “මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්ද
    ඔය උණුහුම දැන් ඇත්තටම විඳිනකොට… මං අඬන්නද
    හිනාවෙන් පවිත්ර?”
    “ඒ දෙකම එපා”
    “එහෙනම්?”
    “මේ විදිහටම ඉන්න පොඩ් නිළමේ”
    Original price was: Rs. 2,100.00.Current price is: Rs. 1,680.00.
  • -10%
    (0)

    අම්මපයි,මං කඩුව දුන්නා

    කඩුව දුන්නද උදුර ගත්තද
    තාම සැකයක් තියෙන හින්දා
    කවියො අදටත් වාද කරනවා
    ලිය ලියා කවි දෙපිල බෙදිලා
    හොයාගෙන මං ආවේ ඒකයි
    ඉතින් කිසිවක් නොකර සඟවා
    එදා වනයෙදි වුණේ මොනවද
    කුමරියනි මට දෙන්න පහදා
    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -20%
    (0)

    අම්මා – AMMA (උපුල් ශාන්ත සන්නස්ගලසන්නස්ගල)

    අම්මා ගැන හිතලා හිතලා ම තමයි මගේ පපුව
    ඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ.
    මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක්
    විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක්
    තියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලා
    උපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේ
    පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන
    එතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න
    මං අම්මා වගේ ගෑනියෙක් වෙලා
    ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විදින්න
    ඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත්
    මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්න
    රත්තරං අම්මේ!’
    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,280.00.
  • -10%
    (0)

    අයේෂා ආපසු එයි – ayesha apasu ei

    ඈ මා අසලින් සිටගෙන, මා දෙස බැලුවා ය. ඉක්බිති ව පිළිකුලෙන් නොවේ නම්, උදාසීන භාවයකින් ආපසු හැරී, ආරක්ෂකයා සමඟ පහත් හඬකින් යම් කිසිවක් කථා බස් කළාය. ඇය කී දෙයට පිළිතුරක් වශයෙන්, ලියෝ නිදාගෙන සිටි ඇඳට අත දිගු කරමින් ඔහු, හිස නවා ඇයට ආචාර කෙළේ ය. ඉක්බිති ව ඒ ස්ත්‍රීය සෙමෙන් සෙමෙන්, ප්‍රතාපවත් ලීලාවකින් ඇඳ ළඟට ගියාය. එසේ ඇඳ ළඟට ගිය ඇය, ඇඳට නැඹුරු වී, තුවාළ වී තිබුණු ඔහු ගේ හිස වැසෙන සේ බැඳ තිබුණු වෙළුමෙහි කොනක් ඔසවනු ද, ඊට පසු කියවෙන්නට ආ වචන කීපයක්, ශබ්ද නොනැඟෙන සේ මැඩ ගනුද, අනතුරුව තව දුරටත් ප්‍රශ්න කිරීමට මෙන් ආරක්ෂකයා වෙතට හැරෙනු ද මම දුටුවෙමි.
    මේ වේලාවේ දී ඔහු ඒ තැනින් ඉවත්ව ගොස් සිටියේය. මෙහි දී මා සිටින්නේ සිහි මුච්ඡා වී යැයි සිතූ ඈ, තමා සිටින්නේ තනියම යැයි කල්පනා කරමින්, ඇඳ ළඟට රළු බංකුවක් ඇද ගෙන, එහි වාඩි වී, ඇඳෙහි වැතිර ගෙන සිටි ලියෝ දෙස බලා ගෙන සිටින්නට වූවා ය. ඇය ඔහු දෙස කෙ තරම් දැඩි උනන්දුවකින් බලාගෙන සිටියා ද කියතොත්, ඒ බැල්මෙහි යම් කිසි බිහි සුණු බවක් දක්නට ලැබිණ.

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.
  • -20%
    (0)

    අරනකට පෙම් බැද Aranakata pem banda

    මෙයින් වසර පහළොවකට පමණ පෙර මම උපාධි පරීක්ෂණයෙන් සමත් වී රැකියාවක් සොයමින් කල්කටාවේ නැවතී සිටියෙමි. රැකියාවක් බලාපොරොත්තුවෙන් කොපමණ ඇවිද්දත් එයින් ලැබුණු ප්‍රතිඵලයක් නැත. එදින සරස්වතී දේවිය පුදන දිනය විය. මා නැවතී සිටි නවාතැනට සෑහෙන කලකින් මුදල් ගෙවීමට ද නොහැකි විය. මා එතැනින් එළියට ඇද දමන තත්වයක නොසිටියත් මුදල් ගැන නැවත මතක් කළ නවාතැන් පාලකයා ඒ වන විට නොසන්සුන් වී සිටි බව නම් කිව හැකිය. අපේ නවාතැනේදී සරස්වතී රූපයක් සාදා පූජාවක් පවත්වන ලදී. එදින උදෑසන මට සිතුණේ පුරුදු පරිදි රැකියා සොයමින් නොගොස් තැනින් තැන ආ දේව රූප හා උත්සව නරඹමින් කාලය ගත කිරීමටය. මේ වෙලාවේ නවාතැනේ අතවැසියා වන ජගනාථ පැමිණ මගේ අතට ලියුමක් දුන්නේය. එය මුදල් ගැන මතක් කර නවාතැන් පාලකයා එවූ ලිපියක් බව දුටුවෙමි. එදින විශේෂ දිනයක් වන බැවින් ජයටම කෑම පිළියෙළ වන බවත්, මාස දෙකක හිඟ මුදල් ගෙවීමට ඇති බැවින් අඩු ගණනේ රුපියල් දහයක්වත් ගෙවිය යුතු බවත්, එහි සඳහන් විය. එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඊළඟ දවසේ සිට මට වෙනත් තැනක් සොයා ගැනීමට සිදුවන බවත් තව දුරටත් එහි සඳහන් විය. ඔහුගේ ප්‍රකාශයේ කිසිදු වරදක් නැතත් ඒ වන විට මා සන්තකව තිබුනේ රුපියල් දෙකකුත් මාරුකාසි කිපයකුත් පමණි. මම ලිපියට පිළිතුරක් නොයවා නවාතැනින් පිටවූයෙමි. සරසවි පිදුම සඳහා තැන් තැන්වල සංගීත භාණ්ඩ වැයෙන හඬත්, ගීත ගැයෙන හඬත්, මට ඇසිණ.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -20%
    (0)

    අර්ථවත් ජීවිතයක් ගොඩනගා ගන්නේ මෙහෙමයි – The Power of Positive Thinking

    දිළිඳුකම නිසා ජීවිතය සාර්ථක කර ගැනීමට දියුණු වීමට නොහැකි බවට බොහෝ අය මැසිවිලි නගති. ඉගෙනීමට දක්ෂ ළමයෙකු දිළිඳුකම නිසා ඉගෙනීම කඩාකප්පල් වීම ගැන දුක්වනු විය හැක. ව්‍යාපාරයක් පටන් ගැනීමට ධනය නැති පුද්ගලයෙකු එය ආරම්භ කිරීමට මුදල් නොමැතිකමින් දුක් වෙනවා වන්නට පුළුවන. නමුත් ඇත්තෙන්ම දිළිඳුකම දියුණුවට බාධාවක්ද? ලෝක ජයගත්, ජන නායකයන්ගෙන්, විද්‍යාඥයින්ගෙන්, නව කථා කරුවන්ගෙන් උගතුන්ගෙන් ව්‍යාපාරිකයන්ගෙන් බොහෝ දෙනෙක් රිදී හැන්දක් කටේ ඇතිව වත් පොහොසත් පවුල්වල ඉපැදුන අයවත් නොවේ. දුගී පවු වල ඉපිද තම අප්‍රතිහ ධෛර්ය සහ නොපසුබට උත්සාහය නිසා ඔවුන් ජයගෙන ඇත. රේඩියම් සොයාගත් මාරි කියුරි ඉතාමත් දුප්පත් පවුලක තැනැත්තියකි. ඇය විදුහලේ ඉගෙනුම ලබන අතර සාගින්න නිසා කිහිප වරක්ම සිහි සුන්ව වැටී ඇත. මුදල් නොමැතිකම නිසා ඇය භෞතික විද්‍යාව හැදෑරීමට සෝබෝන් විශ්ව විද්‍යාලයට පවා පැමිණියේ පාවහන් නොමැතිවය. නමුත් ඕ තම දිළිඳුකම තම ජිවිතයේ දියුණුවට බාධාවක් නොකරගෙන ජය කණුව කරා ගියාය. පොප් සංගීතයේ රජා යන විරුදාවලිය ලැබූ, තරුණියන්ගේ සිහින ලොවේ මල්සරා වූ එල්විස් ප්‍රෙස්ලි ඉපැදුනේ අන්ත දුගී පවුලකය.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.
  • -20%
    No thumb
    (0)

    අල්මන්සෝ : පුංචි ගොවියා – FARMER BOY- punchi goviya

    විනෝදකාමී වෙලෙක් බඩු වෙළෙන් ප ගොවි පොළට එන දවස්, නගරයේ සල්පිල පැවැත්වෙන දවස්, අප්පට්ටි සමග මාළු බාන්නට යන දවස් අල්මන්සෝට මහත් සතුටක් ගෙන දෙයි. සිය සැමියා වූ අල්මන්සෝ, තමා ජීවත් වූ කුඩා නිවසින් බොහෝ ඈත දුරක, පුංචි ගොවියෙකු ලෙස හැදී වැඩුණු ආකාරය ගැන ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ලියූ මේ කතාව, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පොතු වූ සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ තුන් වැන්නයි.

    Original price was: Rs. 1,150.00.Current price is: Rs. 920.00.
  • -10%
    (0)

    අවසන් සෙබළා- AWASAN SEBALA

    පුෂ්ප කුමාර නම් සැරයන්වරයා අණදෙන නිලධාරී හමුවේ කිසියම් ඉල්ලීමක් සිදු කළේය. ඔහු පසු දින ඇරඹීමට නියමිතක්‍රියා න්විතයේ මුලින්ම පස් බැම්ම තරණය කරන ඛණ්ඩයේ තීරණාත්මකම කාර්යභාරය සිදුකරන පුද්ගලයා විය.
    “මට සර් එක්ක සිගරට් එකක් බොන්න ආසයි.”
    සැරයන්වරයාගේ එම අනපේක්ෂිත ඉල්ලීම හමුවේ එහි සිටි සියලු දෙනා තුළ ඇති කළේ තිගැස්මකි. විශේෂයෙන්ම අණදෙන නිලධාරී ඉදිරිපිට දුම්වැටියක් පානය කිරීමට එහි සිටින නිලධාරීන් පවා ඉදිරිපත් නොවන තත්වයක් තුළ සැරයන්වරයාගේ එවැනි හැසිරීමක් ඔහුට තරම් නොවන බව සැමගේ අදහස විය. එසේම, එය අණදෙන නිලධාර්ගේ නිසැක උදහසට ද ලක්විය හැකි බැව් ඔවුහු සිතූහ. නමුත්, සිදුවූයේ අනෙකකි. සැරයන්වරයාගේ එම ඉල්ලීමට අණ දෙන නිලධාරී දැක්වූයේ නිහතමානී අනුකූලතාවයකි. හෙතෙම තමා සන්තකයේ වූ සිගරැට් පැකට්ටුව වහාම ඔහු වෙතදිගු කළේය. ඒ සමඟම එහි සිටි සෙසු පිරිසට ද සිගරැට්ටුව බැගින් ලබාදුන් ඔහු තමන් සතුව තිබූ ගිනිපෙට්ටියකින්ම සැරයන්වරයාගේ සිගරැට්ටුව දල්වා ලන්නට ද කටයුතු කළේය.
    මෙවන් මොහොතක ඔහුගේ වම හැසිරීම පිළිබඳ අණදෙන නිලධාරී තුළ ඇති කළේ ව්‍යාකූලත්වයකි. ඉදිරි ක්‍රියාන්විතයේ පවතින නිසැක අවදානමේ තරම ඔහු හොඳින් දැන සිටියේය. සැරයන්වරයා තම ජීවිතය පිළිබඳ කිසියම් අවිනිශ්චිත පණිවුඩයක් ඒ හරහා ලබා දෙන්නේ දැයි ඔහුට සිතිණ. එබැවින් තවදුරටත් ඔහුව එම කටයුත්තට යොදවන්නට තරම් හිතක් අණදෙන නිළධාරී හට නොවීය. නමුත් ඒවන විට ක්‍රියාන්විතය සඳහා අවසන් නියෝග නිකුත්කර තිබූ පසුබිමක වම සැරයන්වරයා වෙනුවට වෙනත් අයකු ආදේශ කිරීමටද ඔහුට හැකියාවක් නොවීය.
    එදින උදෑසන සිදුවූ ඉහත සිදුවීම පිළිබඳ මතක අණදෙන නිලධාරීන්ගේ සිත බලවත් සේ පෙළන්නට විය. ඒ වන විට ක්‍ රියා න්විතය අවස න්ව ගතවී තිබුණේ හෝරාවකටත් අඩු කාලයකි. ස ට නෙහි ජයග්‍රහණය හ මුදා භ ට පිරිස වෙත හිමිව තිබුණ ද සමස්ථයක් ලෙස ඒ වෙනුවෙන් ගෙවූ වන්දිය සුළු පටු නොවීය. වෙ ඩි බෙ හෙත් සුවඳ මුසු වූ ගිනි ගැහුණු භූමියේ තැන තැන වැටී ඇති උණුසුම් රු ධි ර බිඳු ස ට නෙහි බිහිසුණු බව මැනවින් පෙන්නුම් කළේය. අණ දෙන නිලධාරී තම දෙපා අබිමුව වැහි කබායකින් එතු යමක් සෙමෙන් විවර කරන්නට වූයේය. සැරයන් පුෂ්ප කුමාරගේ අ ස ම්පූ ර්ණ සි රු රු කො ටස් එහි විය. පෙරදා තමා සමග ඔහු ඉරූ සිගරුට්ටුවේ සුවඳ ඒ මොහොතේ ද ඔහුගේ නැහැපුඩු අතරට දැනී නොදැනී යන්නට විය.

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,170.00.