-
(0)
D (ඩී)
Rs. 1,400.00Rs. 1,260.00එය ගිම්හානයේ තවත් එක සරු සැන්දෑවකි. ලොව සුන්දරතම නගරය ශනිදා රැයේ සුපුරුදු උත්සවයෙන් වෙළීයමින් තිබුණි. නගර වැසියෝ මෙන්ම සංචාරකයින්ද ග්‍රීෂ්ම නිවාඩුව නිම කරන්නට පෙර ගතට යන ඒ අවසන් රැය විනෝදයෙන් ගෙවා දමන්නට සූදානම් වෙමින් සිටියහ.
මේ නගරයේ එක් සුඛෝපභෝගී හෝටල් කාමරයක ලොවම ආදරය කළ රූමත් කුමරියක් රැය ගෙව් පහන් වනතුරු හෝරා ගනිමින් සිටියාය. තමන්ගේ සිතේ ඇති, ක්‍රියාවට නංවන්නට සිහින මවන සැලැස්ම සාර්ථක වන්ගේ නම් අදහාගත නොහැකි වෙනස්කමකට ජීවිතය හසුවන බව දැන සිටියද ජීවත් වන්නට තමන්ට ඉතිරිව ඇත්තේ තවත් පැය කීපයක් පමණක් බව ඇය නොදැන සිටියාය.
එය තවත් එක් විය. අනතුරක් පමණක් නොවේ. එය මිනීමැරුමකි. ඇයව මරා දමන්නට සැකසුණු සංකීර්ණ කුළින්ත්රණයකි. ඇයව මරා දැමූ ඔවුහු, ඉතිහාසයේ මෙතෙක් හෙළි නොවුණු සංකීර්ණාතම අධිරහසකට පදනම දැමූහ.
මේ කියැවෙන්නේ ඩයනා කුමරියගේ මරණයේ කතාවයි. -
(0)
LOVE SEX & JEALOUSY – ආදරය ලිංගිකත්වය සහ ඊර්ෂ්‍යාව
Rs. 1,200.00Rs. 960.00රුපියල් 1460 ට කුලියට ගත්ත හොටෙල් රූම් එකක මම, (මම කාර්ති නායගම්, වයස විසිනවයයි, රැකියාව කතුවරයෙක්, උස අඩි 5 අඟල් 9යි, බර කිලෝ 76. කොන්ඩෙ කොටට කපල පැත්තට පීරල, වම් පැත්තෙන් කොණ්ඩෙ යන්න පටන් අරන් නළල පළල් වෙලා, රැවුල වවල) බානුගෙ (බානු මට ගර්ල් ෆ්‍රෙන්ඩ්, බානුගේ වයස විසිහයයි, බර 57. උස අඩි 5 අඟල් 3 යි, කොණ්ඩ බෙල්ල ළඟට වෙනකන් දිගයි. රැකියාව – ශිෂ්‍ය, ශ්‍රී පාලි විශ්ව විද්‍යාලය, අනාගත බලාපොරොත්තුව කතුවරියක වීම) කැම්පස් එකේ ෆයිනල් ප්‍රොජෙක්ට් එකට ෂෝට් ෆිල්ම් එකක් ෂූට් කරනව.
-
(0)
අදිසි නදිය
Rs. 1,100.00Rs. 880.00කලකට ඉහත පොළොව යට ඉදිකළ ‘රහසිගක නගරයෙහි විසි දහසක් පමණ ජනකායත් අප්රකටව විසූහ. එය ඔවුන්ධම, ආවේණික උප සංස්කෘතියක් ගොඩනැංවිය. එහි පුරෝගාමීන් වූයේ, නගර පාලනයට විරුද්ධව කැරැරැල්ලක් ගසා ඉන් පයයි පත් පිරිසකි. ඒ බොහෝ දුරාතීකයෙහිය. ඔවුන්ගෙන් පවතින්නන් කලින් කලට, නගරය මතුපිටත්, යටත් එවක් වූහ. හිරු එළියෙන් ඔවුහු විදුලිය නිපදවා ගහ අභ්‍යන්තර ගංගාධාරයෙහි ධmo 50 එළවළු වගා කළහ. මිරිදිය මත්ස්‍ය වර්ග ද ගණනාවක්ම ගංගාවෙහි විසූහ. එහෙත්, සියල්ල කොපිට පෙරළෙන්නට සටන් ගත්තේ, බිමල් වසංගතය ආරම්භ වීමත් සමගිනි. පසු කාලයක එය දියකිඳුයි වසංගතය බවට වර්ධනය.වී.සොළොව මතුපිටට ද පැතිරුණේය. පොළොව යට ජනගහනයෙන් තුනෙන් එකම ඉන් විය ගියහ. වර්තමානය වන විට ඉසිරිව සිටින්නේ සිය ගණනකි. ඔවුන්ගෙන් ද වැඩි දෙනා වසරේ වැඩි කලක් ගත කරන්නේ පොළොව මතුපිටමය. තවදුරටත් පොළොව යට ජීවිතයම තෝරා ගත්තෙකු වී නම් ඒ ආරක්ෂක හේතූන් නිසා හෝ නගරවාසී දිවියෙන් රිදී පරණ සංස්කෘතිය තුළම පැවැරීමට ඇති ඇල්ම නිසා හෝ විය හැකිය. නුත්යාගයකුට එය ගුප්ත ජීවන ක්‍රමයක් ලෙස ද පෙනී යාට ඉඩ ඇත.
-
(0)
අපොයියාව
Rs. 600.00Rs. 480.00අපේ ප්රහේලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපේ ගෙදරට පිවිසෙනවා වාගේ ය. අක්කා වැනි සිනිඳු වචන කලින් පැමිණෙයි. අපි වැනි දගකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා, කිරි අම්මා වැනි ගැහැනු වචන මග පාරවල්වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි. කෙසේ නමුත් රාත්‍රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.
-
(0)
අම්මා – AMMA (උපුල් ශාන්ත සන්නස්ගලසන්නස්ගල)
Rs. 1,600.00Rs. 1,280.00අම්මා ගැන හිතලා හිතලා ම තමයි මගේ පපුවඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ.මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක්විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක්තියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලාඋපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේපිරිමි කළලයක් වෙලා උපදින්න ඕනඑතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්නමං අම්මා වගේ ගෑනියෙක් වෙලාඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විදින්නඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත්මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්නරත්තරං අම්මේ!’ -
(0)
අවර්ණ වර්ණ – Awarna Warna
Rs. 960.00Rs. 768.00” සෙදෝරන් මොකක්වත් මට හංගන ප්‍රශ්නයක්ද?”නහර මතු වී රැළි ගැසුණු සේදෝරන්ගේ දෑත්, සීරුවට තණ පියස්ස මතින් වැඩුණු වල් පැළ අතරින් ගමන් කළේය.“ලස්සනට තියන මේ තණ බිස්ස විනාස කරන මේ වල් ගස් මුලින්ම උගුල්ල නොදැම්මොත් වැස්සට අයෙ දලු දානවා….”සෙදෝරන් වල් පැළෑටියක් වේගයෙන් උගුල්ලා ඉවතට ගත්තෙන් ඔහුගේ මුහුණට පස් කැටිති පවා විසි විය.ජාලිය සෙදෝරන්ගේ ආවේගශීලී හැසිරීම දෙස වික්ෂිප්තව බලා සිටියේ ඔහු කෙරෙන් වෙනසක් පෙන්නුම් කළ නිසාවෙනි.” අම්ම ආවේ නෑ නේද දරුවො සෑහෙන දවසකින්…?”” ඒක තමයි සෙදෝරන්… මම නිදහස් වෙන්ඩ ළඟ හන්ද මල්ලි යන්ඩ එපා කියන්න ඇති. එක අතකට මම නිදහස් වෙනකල් අම්ම මෙහෙ නොඑන එක හොඳයි… අවුරුදු විස්සක් පුරාවට අම්මගෙ මූණෙ තිබුණෙ වේළුණ කඳුළු පාරවල්. ඒව කවදාවත් මැකුණෙ නෑ. බොර පාට යට ගැහුණු ඇස් දිහා මම බලාගෙන හිටියෙ පව්කාරයෙක් වගේ…”ඔවුන් අතර පැතිර ගියේ දැඩි නිහැඬියාවකි. ඉන් පසුව ගත වූ කාලය තුළ ජාලියගේ සිත තුළ සැරිසැරුවේ මවගේ රැලි ගැසුණු කම්මුල්ය. අඳුරු වී ගිලී ගිය බොර පැහැ දෑස්ය. අවපැහැ වූ වතය. ඇය ඇගේ කෙසඟ සිරුරට යන්තමට හුස්ම පිඹිමින්, පුරා -
(0)
අහම්බයකින් මිස අපි… හමු නොවෙමු කිසිදා යලී
Rs. 1,200.00Rs. 960.00මම ඇතුළුව අපි ගොඩ දෙනෙක්ගෙ ජිවිත වෙනස් වෙන්නෙ එක පාරටම නෙවෙයි. හැම පුංචි වෙනස්කමක්ම වෙන්නෙ බොහොම හිමීට. එතකොට අපිට ඒක දැනෙන්නෙ නෑ. අපේ ජීවිතේ නොහිතුවම විදිහට වෙනස් වෙලා!’ කියලා තේරෙද්දි වෙන්න ඕනෙ විලම් බැසිය වෙලා ඉවරයි.
-
(0)
ආදරණීය වික්ටොරියා – Adaraneeya Victoria
Rs. 1,600.00Rs. 1,360.00” ඔනේ මේව කීය ගාණෙද විකුණන්න පොරොන්දු වෙලා තියෙන්නෙ.රාජකාරිය හමාර කළ දවසේ හැන්දෑවේ අන්දිරිස් සාමෙල් ගෙන් ඇසුවේය.සිලිමයි පැන්ස හයකටසාමෙල් පිළිතුරු දුන්නේය.අනික් උන් මේව කීයටද විකුණන්නේ?”අපොයි උන් විකුණන්නේ සිලිමයි පැන්ස හතරට එහෙනං මෙදා පාර සිළිමයි පැන්ස දෙක ගානේ මේව විකුණන්ඩ.’මක් කිව්වා?’ සාමෙල් ඇස් ලොකු කර අන්දිරිස් දිහා බැලුවේය. මට පාඩු වෙනවනෙ එහෙම කළාම. අනික ඌගේ දහදුරා පීප්ප වලට වැඩිය මගේ පීප්ප හරි සවි සත්තියයි.ඔහුගේ ලෝකයේ පරමාදර්ශය වුයේ ඇයය.එසේම නම කියු සැණින් දත් අරක්කු රේන්දරාළ කෙනෙක් වන්නට ඔහු තුළ බලාපොරොත්තු දැල්වුයේද ඇයය.එපමණකුදු නොව තුංග පොල් ගසක් තරමට තරව මුල් දරා වැඩෙන්නට ඔහුගේ හෙවනැල්ල වුයේ ඇයය.
-
(0)
ආර්යා
Rs. 1,400.00Rs. 1,120.00වේලාව පාන්දර හතරහමාරට ආසන්නය. ප්‍රභූ ආරක්ෂාව සපයන සුදු පැහැ ඩිෆෙන්ඩරයට පසුව එන කළු පැහැ බීඑම්ඩබ්ලිව් රථය දැන් පැහැදිලිව ගඩාෆිට පෙනෙයි. තව ඇත්තේ තත්පර ගණනකි. ගඩාෆි ඉණ රැඳි පිස්තෝලය සුරතට ගෙන පොරවාගෙන සිටි වැරහැල්ලට යටින් පපුතුරයට කර ගත්තේය. එපමණකි!
ගාල්ල පැත්තේ සිට කොළඹ දෙසට විදුලි වේගයෙන් ධාවනය වූ ටිපර් රථය දකුණු දෙසට කැපී හෙණ ගසන්නාක් බඳු හඬක් සමඟින් කළු පැහැ බීඑම්ඩබ්ලිව් රථයෙහි බඳේ වදිනු ගඩාෆි දුටුවේ සිහිනෙන් මෙනි. ඊළඟ තත්පරයේ දී බීඑම් ඩබ්ලිව් රථය පාලමේ ඇන්දද කඩාගෙන ගඟට වැටිණ.
-
(0)
ආසික්ලන්තය
Rs. 1,400.00Rs. 1,120.00මා ඔබට කතාවක් පවසමි.
ඔබ මෙය විශ්වාස නොකරනු ඇත.
එය විශ්වාස කරන්නැ’යි
මම බල කරන්නේ ද නැත.
එහෙත් මෙය කියවන විට
“ඔබේ මනස හැකිතාක් විවෘත ව
තබා ගන්නැ’යි”
පමණක් ඉල්ලා සිටිමින්,
මම කතාව ආරම්භ කරමි
-
(0)By : පොසිකා රණසිංහ
ඇබ්නුක්ටා – Abnukta
Rs. 950.00Rs. 760.00‘එහි සිටියේ, රළු සළුවකින් සිරුර වසාගත් කාන්තාවකි.සුළඟ ප්රචණ්ඩ වූ බැවින් අර්ධ නග්න නාරි දේහයේ සළු පිළි සුළගෙහි නටන්නට වූයේ ගොදුරකට පනින්නට සැරසෙන සර්පයින් රොත්තක් සේය.ඔහු ඇය දෙස බැලුවේය.ඇගේ නෙතු ඔහුගේ නෙතු හා ගැටුණ පළවෙනි මොහොතේම විදුලි සැරයක් වැදුනාක් මෙන් හැඟිමකින් ඔහුගේ හිත සලිත වී ගියේය.”
-
(0)
උත්පත්ති – UTHPATHTHI
Rs. 1,500.00Rs. 1,350.00ඒ රැය ගෙවී පසුදා අවදී වූ ඔහු, ජනේල තිරපට අතරින් පැති මිදුලත්, ඉන් එහා තෙමුණු ගහ කොළත් දෙස බලා සිටිනා බිසෝ දෙස නෙත් යොමු කොට සිටියේ, පළමු වරට දුටු ප්‍රතිමාවක් දෙස බලා ඉන්නා දරුවෙකුගේ විස්මයෙනි. ජනේල කූර අල්ලා ගන්නට එසවුණු ඇගේ අත් දණ්ඩ යටින් දුහුල් රෑ ඇඳුම විනිවිද ඈ කය ස්වප්නමය අයස්කාන්තියකින් ඔහු දෑස් වසග කළ ද, ඒ හා සමග ඇතුළාන්තය කලඹා එන දරුණු සුළි කුණාටුවක හෝ හඬින් ඔහු භයංකර ලෙස තැති ගත්තේ ය. සැමියා තමා දෙස බලා ඉන්නා බවක් ඕ නොදත්තා ය. ඔහුගේ හද ගැස්මේ වේගය ද, හතිය ද ඇයට නොදැනිණි. ඔහුගේ මුවින් කිසියම් වේදනාත්මක කෙඳිරියක් පිටවෙනු සමග තිගැස්සී හැරී බැලූ ඇගේ මුව ඈයිනි.
-
(0)By : පොසිකා රණසිංහ
ඔකිගහරා – Okigahara
Rs. 750.00Rs. 600.00.” මම සෙලීනා. සෙලීනා ගෝමස්. එතකොට මිස්ටර්?”
” හෙලෝ.. මිස්ටර්..”
ඔහු සිටියේ වෙනත් කල්පනාවක ය. ඒ නිසා ඇය විමසූ දේ හරි හැටි ඇසුණේ නැත.
” අහ් සොරි.. සෙලී, සෙලීනා කිව්වා නේද? සෙලීනා මගෙන් මොකක් හරි ඇහුවද?”
“මිස්ටර්ගේ නම මොකද්ද ? ” ඇය මුවග රැඳි අඩ සිනහවෙන්ම ප්රශ්නය ඇසුවා ය.
“මම තිසල් හේවගේ. ඉතින් සෙලීනා ඔබව හමු වීම සතුටක්.
————————————-
“මම ඔබට අනතුරු අඟවනවා. එහි ඇතුළු වෙන්න එපා!.” එම අනතුරු ඇඟවීම කුමක් ද? -
(0)
ඔයයි මමයි තව දෙන්නයි – Oyai mamai thawa dennai
Rs. 1,300.00Rs. 1,170.00මේ වගේ වෙලාවක කෙල්ලෙක්ට ට්‍රයි කරනව නම් මධ්‍යස්ථ බවකින් කෙල්ලගේ හිතේ ලියාපදිංචි වෙන්න ඕනේ. මොකද නැත්නම් කෙල්ල දැන ගන්නවා කොල්ලා එන්නේ පොල් පැළේ කන්න කියලා වැඩිපුර වැරදි කරලා තියෙන්නේ කෙල්ල වුණත් ඒ වැරැද්ද අතිශය සාධාරණ මානුෂික කරුණක් බවට තර්ක ගොඩනගන්න ඕනේ. මේ අතරේ සෙක්ස් වගේ දේවල් ගැන ගොඩක් ගැඹුරින් ඒත් සරල ව ‘මට ඕවා ගාණක් නෑ කියන්න වගේ අදහසුත් එකතු කරගැනීමේ අනිවාර්යයි. තමන්ට ඕනම දෙයක් තේරුම් ගන්න පුළුවන් කැපෑසිටි එකක් තියෙනවා කියලා කෙල්ලගේ හිතට එන්නත් කිරීමත් වැදගත් කවිකාර දඟකාර හිතුවක්කාරකම් ගෑවුණ වචන සාමාන්‍ය වචන දහයකට දෙකක්වත් යොදා ගැනීම අනාගතයට ප්‍රයෝජනවත්
-
(0)
කන්ද උඩ ගින්දර
Rs. 1,750.00Rs. 1,575.00ළැම ගින්න දරාගන්න බැරුවාමයි මයෙ දෙයියෝ තුන් තිස් පැයේ ලැව් ගින්නේ පිච්චෙනවා ගං ඉවුරේ පියවර ලකුණු මැකී යන්නෙ නෑ ගල් බෙයඳේ සිරියහනේ පුසුඹ දැනෙනවා රළු පරළු යෝධ ගල් බෙයඳේ රජ බිසෝ සිරි යහන සසැඳේ ගඟ වැටුණු මලිනි ගෙල බැන්දේ පති පතිනි කුල දහම් වින්දේ හුන්නස්ගිරිය කන්දේ මහතලා මයෙ හුස්ම වින්දේ සෙංකඩගලට දුර වැඩිදෝ මයෙ පියවර දිග මදිදෝ හිමි සඳුනි මයෙ රජුනි පති කුලේ ගින්දරයි තනි යහනේ නින්ද නෑ මයෙ දෙයියෝ…….
-
(0)
කළු – Kalu
Rs. 1,250.00Rs. 1,000.00‘පුංචි නෝනා’ යනුවෙන් නිරන්තරයෙන් රැව් පිළිරැව් දෙන හඬට අවනත වූ කලෙක මෙන් මම තවත් වරක් හිස ඔසවා ඔහු දෙස බැලීමට තීරණය කළෙමි. යන්තමින් හිස ඔසවනවාත් සමඟ ම මා දකිනා දර්ශනය පිළිබඳව මට විශ්වාසයක් නොවූ තැන මම තවත් හොඳින් ම දැක ගැනීම සඳහා දෑස් ඒ වෙත නාභිගත කළෙමි. ඒත් සමඟ ම දුටු දසුන මාගේ මුළු සිරුර ම සලිත කරවමින්, රෝමෝද්ගමනය කිරීමට සමත්ව තිබුණි. මාගේ මුව දහඩියෙන් තෙමී යද්දී, කෙළ සිඳී යමින් මුළු සිරුර ම ගිනියම් සළුවක එතුණාක් වැනි හැඟීමක් දැනෙන්නට විය.
-
(0)By : නෝබට් අයගමගේ
කාල නදී ගලා බසි
Rs. 1,300.00Rs. 1,040.00හැන්දෑකරේයේ හල්වතුර කඩමන්ඩියේ එක් රොක්වූ ගැමියන්ගේ කතාබහට මාතෘකාව වුණේ සවුන්දිරිස් මහත්තයා අලියාට ගිනි බිඳීමය. කඩමණ්ඩියක්ය කීවාට හල්වතුර හන්දියටම තිබුණේ සිල්ලර කඩයකුත්, තේ කඩයකුත් විතරය. දුම්බර මිනිරන් පතල් සමඟ ගමට පැමිණි කඩමණ්ඩිය, බොහෝ ගම්වල සිදුවුණ ආකාරයටම ගමට ආරංචි සැපයූ තොරතුරු මධ්‍යස්ථානයද විය.කුඩා සාදිරිස් හාල් සේරුවක් ඇතුළු අඩුම කුඩුම කිහිපයක් ගන්නට රෙදි උරයක් ද කිහිලි ගන්නා ගෙන පිම්මේ දුව ආවේ කඩේ කතාබහට යම් දුරකට යමින් තිබුණු වෙලාවේය. එ නිසාම ඔහුට මුලින් මුලින් මේ කතාබන වල අගමුලක් තේරුම් ගියේ නැත.“සුද්දො ඇවිත්… කල්ප කාලාන්තරයක් තිස්සෙ තිබුණ වනන්තරේ එළිපෙහෙළි කොළාම ඒ අහිංසක සතා සීපාව කොහේ කියල යන්නද? පව් අහිංසක සතා. විස්සෝපයෙන් ඇලළුන කාන්තාවක් දුම්කොළ මිටියෙන් හොඳ දුම් කොළයක් තෝරමින් එසේ කීවාය.සවුන්දිරිස් මහත්තයා වෙඩි තියල තියෙන්නෙ සත මැරෙන්න නෙවි බය කරන්න විතරයි. හිස පිටුපසට වන්නට කුඩා කොණ්ඩ ගැටයක් ගසා සිටි පිටකන්දේ සේතුවා මාමා, සුද්දා වෙනුවෙන් වගඋත්තර බැන්දේය. -
-
(0)
කැළලිකාරයෝ
Rs. 1,200.00Rs. 1,080.00තුවාල සුවපත් වුවද ඒවාගේ කැළලි හා සම්බන්ධ මතකය සමග පොර බැදීම ජීවිත කාලයක් පවතින බව කියන මේ කතාව බාහිර හා අභ්‍යන්තරික සේම ඒකපුද්ගල හා සාමූහික කැළලි සමග සාමය ඇති කර ගැනීමට තැත් කරන චරිත සමූහයක් වටා ආඛ්‍යානමය ජීවිත ජාලයක් වියයි. ඒ ඔස්සේ ආදරය, විවාහය, ලිංගිකත්වය හා දේශපාලනය ඒකපුද්ගල මිනිසා හා සාමූහික මිනිසා එකට බැඳලන සංකීර්ණ විලාස ගවේෂණය කරයි.
-
(0)
කුර හඬෙකි වියැකෙන
Rs. 1,700.00Rs. 1,360.00කුලවමිය වලව් ඉස්තෝප්පුවේ සිට පඩිපෙළ බැස ඇවිත් පහළම පඩියේ නතර වුණාය.රුවැති අග මෙහෙසිය හීතල නිසාදෝ ඔසරි පටින් ගෙළ සහ ළැම පෙදෙස ආවරණය කරගෙන සිටියාය.සියලු දෑස් යොමුව පැවතියේ ඇය වෙතය.ඇගේ දෑස් යොමුව පැවතියේ තවලම්රාල වෙතය.ඇය පසෙකින් හිඳින්නී තුටුපඬුරු සහිත කුඩා රෙදි උර තැන්පත් කළ රිදී බන්දේසිය දෝතින් දරාගත් ඇගේ විශ්වසනීයම කම්මිත්ත වන හීං එකීය.සිරිත් පරිදි පළමුව තුටුපඬුරු පිරිනැමෙන්නේ තවලම්රාලටය.තවලම්රාල වන ඩිංගිරාල ඇත්තා ආර්යාව සමීපයට මිදුල හරහා එමින් සිටියේය. මුහුණ පුරා වැඩුණු ගන රැවුලකින් හෙබි ඩිංගිරාල නායකත්වයේ සියලු ලක්ෂණ ප්‍රකට කරමින් ඍජු ගමනින් ආර්යාවට සමීප වෙමින් හිඳී. ඔහු සමීප වෙත්ම ඇගේ දෙකොපුල් මහ රත් මලක ළා රත් පැහැය ගත්තේය.අත්කොට සුදු මේස් බැනියමකින් සහ අදුරු පැහැති සරමකින් සැරසී හුන් තවලම්රාල හිස වටා බැඳ තිබූ නිල් පැහැති ලේන්සුව ලිහා ගෙළ වටා දාගත්තේය.ඔහුගේ තියුණු දෑස් යොමුව තිබුණේ ඍජුවම ඇගේ දෑස් වෙතය.ඒ දෑස් යුගළ අතරේ එකිනෙකාට කියාගත නොහෙන නිහඬ රහසක් ලියැවී තිබුණේය.හිමිදිරි අන්ධකාරය දවාලමින් වලව් මිදුලේ කෙසෙල් කොටන් මත රැඳවූ පන්දම් සහ විලක්කු සේම ඇගේ දෑස් ද ඊළඟ මොහොතේ නාඳුනන ගින්නකින් ඇවිළෙමින් තිබුණේය. තවමත් රිදුම් දෙන දෙතොල්පට ඇය දිව’ගින් තෙත් කරගත්තාය….රාජ්‍ය සම්මානිත කාල නදී ගලා බසී නවකථාවෙන් පාඨක සිත් අමන්දානන්දයට පත් කළ නෝබට් අයමගේ නවතම නවකථාවයි,‘කුර හඩෙකි වියැකෙන’ -
(0)By : වජිර කස්තුරි
කොණ්ඩිත්තම්
Rs. 575.00Rs. 488.00“සහෝදරයා… මම ඉගෙන ගන්නේ දායක සභාවේ මිනිස්සුන් දුක් විඳල දෙන දානමානවලින්… මට දඩ මුදලක් නෙමෙයි… අඩුම ගානේ නීතිඥ ගාස්තුවවත් ගෙවාගන්න විදිහක් නෑ… අනික මම හිරේ ගියොත්, මගේ පන්සලේ දායක සභාව ආයිත් මාව පන්සලට වද්දගන්න එකකුත් නෑ… මොකද මම විශ්වවිද්‍යාලෙට ආවේ ඉගෙනගෙන ආපහු පන්සලට ගිහින් පින් දහම් කටයුතු කරන්න මිසක විප්ලව කරන්න නෙමෙයි….” බුද්ධ චීවරය දරන හාමුදුරුවන්ගේ කතාව බෙහෙවින් ඍජුය. එහෙත් පක්ෂයේ නියෝජිතයා මාක්ස් ගැනත්, ලෙනින් ගැනත්, චේ ගුවේරා ගැනත් දීර්ඝ දේශනාවක් කරන ලද්දේය. චූදිතයන් සියලු දෙනාම පක්ෂ නියෝජිතයාට ස්වකීය දැඩි විරෝධය ප්‍රකාශ කළද ඔහු එයට මුහුණ දුන්නේ එඩිතර ලෙසිනි. එයට හේතුව සියලු දෙනාගේම නායකයා වූ ජනක නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමයි.
-
(0)
කොස්මොපොලිටන් ජීවිත
Rs. 1,150.00Rs. 1,035.00නිව්යෝක් නුවර වාසය කරන ලාංකික ද්‍රවිඩ පවුලක් ළඟ නැවතීමට යන නිලංග සිය ශාස්ත්‍රපති උපාධිය පසෙකලා කෙල්ලන් හා පෙමින් බැඳේ, කොරියානු සිසුන් හා රස්තියාදුවේ වැටේ, එනුවර මිනිසුන්ගේ හෘදයාභ්‍යන්තරය කරා ඇදේ. අවසන ඔහු අවතැන් වූ හා උපන් රට හැර දා ආ මිනිස් සමාජයක අනන්ත වූ මතක රැගත් ජීවන පත්‍රිකාවක් ලිවීමට මුල පුරයි. විටෙක එය මනරම් ස්ත්‍රී ආදරයේ විවිධ පැති ගැන කියන්නකි. විටෙක එය ලොව සෑම දෙසින් පැමිණි මිනිසුන් වසන කොස්මොපොලිටන් නගරයක සමාජ සංස්කෘතික ජීවිතයේ අපූර්වත්වය විදහාපාන්නකි. සියල්ලටම වඩා එය මිනිසා පෙළෙන හුදකලාවේ ප්‍රහර්ෂය කියා දෙන කැටපතකි.
-
(0)
කොළපාට ඇස්-May December Romance
Rs. 1,600.00Rs. 1,280.00ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද May December Romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප්රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක්‍රමය එක මත එක ගැටෙන්නට සලස්වමින් චිත්තාභ්‍යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්මක කෘතියකි. භාෂාව උත්කෘෂ්ට රමණීය හැගීම් දනවන මෙවලමක් සේ භාවිත කරන මේ නවකතාවෙන් ප්‍රධාන චරිතයන්ගේ ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය, රාගය, අනුරතිය, සරාගී ආවේශයන් සහ ලාලසාවන් විවෘතව හෙළි දරව් කෙරේ. ආගමික, දේශපාලන, සමාජ විද්‍යාත්මක හා මනෝවිශ්ලේෂණිය කියැවීම් තුළ ද විවිධ මානයන් හරහා විමසීමෙන් මනුෂ්‍ය ජීවිතයේ සැඟවුණු මනෝ භාවයන් හාරා පාදා ගත හැකි ප්‍රේමණීය වියමනකි.
-
(0)
කොළඹ ප්‍රහාරය
Rs. 1,300.00Rs. 1,040.00ඔවුන් එකෙකුටවත් බසයෙන් පිටහට අඩියක්වත් තැබිමට හැකිවූයේ නැත, අඩි හයක් පමණ උස වූ පකිස්ථානුවෙක් මෙන් පැහැපත් ශරීරයන් තිබුනු මෙම මුස්ලිම් ජාතිකයා ඔහුගේ ඉණෙහි තිබුණු ඩේටනේටරය අතට ගෙන එහි ස්විචයට ඇගිල්ල තබා එය ඉහළට එසවූයේය. එය තමන්ගේ අවසානය යැයි දැනගත් මගීනු එකා පිට එකා වැටී එතැනම ගල් ගැසී නතර වූහ. ඔහු ස්විචය සියල්ලන්ටම පෙනෙන සේ ඉහළට ඔසවමින් අවසන් වරටක් “අල්ලාහු අක්බර්” යැයි හ
-
(0)
චිත්‍රාල් – Chitral
Rs. 1,200.00Rs. 960.00හදවත් වලින් එකිනෙකා හා ඉතා තදින් බැඳුනු මිනිසුන් පවා
ශාරීරිකව එතරම් නොගැලපෙන අවස්ථා බොහෝය.
ශාරීරිකව පූර්ණ ලෙස එකිනෙකාගෙන් තෘප්ත වන මිනිසුනුත්
හදවත් වලින් ඉතා දුරස් වීමටද ඉඩ ඇත.
ශරීරයෙන් මෙන්ම සිතුම් පැතුම් වලින්ද එකිනෙකා පෑහෙන්නෝ
හමු වීම පවා සැමරීමට වටිනා තරම් කරුණක් බව
ඔවුන්ට වෙන් වන්නට සිදුවනා තෙක් ඔවුහුමවත් නොදන්නෝය. -
(0)
ත්‍රිත්ව
Rs. 1,400.00Rs. 1,120.00“ජීවිතය කියන්නේ රහස් ගොඩක් හංඟගෙන ජීවත් වෙලා මැරිලා යන එක නෙමේයි ලුසී. මගේ ජීවිතයේ රහස් නැහැ. තියෙන හැම රහසක්ම හෙළි කරන්න පුළුවන්. මම ලෙස්බියන්. මේ කතාව කියන්න කලින් මම ලුසීගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවේ එහෙම කාන්තාවකගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් තවත් එවැනි ම කාන්තාවකට විතරක් නිසා”
“මට ඒ ගැන හරියට ම පිළිතුරක් දෙන්න බැහැ මිස් යශෝධා.”
ඇය එසේ කියත් ම යශෝධා එකපිට එක දමා සිටි ඇයගේ දෙපා වෙන් කර ගත්තා ය. ඒවා පොළොවට සමාන්තරව තබා මඳක් මෑත් කර ඉඳ ගත්තා ය. ඇයගේ දෙපා අතරින් පෙනෙන ඇය ඇඳ සිටි සුදු පැහැ පෑන්ටිය දෙස බැලු ලුසීගේ දෙනෙත් තුළ දිලිසීමක් ඇති විය. කොළ පැහැ දෙනෙතට සුර්ය කාන්තිය වැටීමේ දී ඇති වෙන දිලිසීම මෙන් ඒවා දිලිසුනෙන් යශෝධා ඒ දෙනෙත් දෙස එක එල්ලේ ම මොහොතක් බලා සිටියා ය. ඉන් පසු තම දෙපා යළිත් එකපිට එක දමා ගත් ඇය තවමත් සියුම් සිනහවකින් මෙසේ පැවසුවා ය.
“මිසිස් ලුසී. මේක ටිකක් අමුතු කතාවක්.”
-
(0)
දිස්පරයු – Disparue
Rs. 1,750.00Rs. 1,575.00ප්‍රංශයේ සිට කතා මවන ශ්‍රී ලාංකික ඉන්ද්‍රජාලිකයා – මංජුල සේනාරත්නයන්ගේ නවතම කෘතිය #දිස්පර්යු 12. 12. 12 ට වසර පහකට පසුව නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම යළිත් පරීක්ෂණයක……
2019 වසරේ ජුනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය.
තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදහ්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය නොදී, ඒ අයුරින් අතුරුදන් විය.
තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද? දින දෙකක් පුරාවට දිගහැරෙන,
තාදී සොයා යාමේ මෙහෙයුමයි මේ… පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානි. නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම තාදි සමරසිංහ අබ්රහස කෙසේ විසඳහු ඇත්ද? -
(0)
දෙවැනි ගැහැනිය
Rs. 1,500.00Rs. 1,350.00පැරිස් නගරය වසන්තයට සැරසෙන එක් මනරම් සැඳෑවක, සුමිත්‍රා නානායක්කාර තම නිවසට ඇතුළු වුණු විට, ජීවිතය විනාශ කර දමන්නට සමත් වදන් දෙකක් ඇයට ඇසුණි.
“මම යනවා.. ” ඇගේ සැමියා කීවේය.
මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ් අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි.ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධීරාජ්‍යයක සැරිසරයි; .ගමන් බිමන් යයි; දවස ගත කරයි; ඇයත් සමඟ නින්දට යයි.
ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.
තවත් අයුරකින් මේ ප්රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකියි.
අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.
මේ, ඒ කතාවයි…
-
(0)
නා ගස උඩ – Na Gasa Uda
Rs. 1,100.00Rs. 880.00වැවේ අනිත් කෙළවරේ තවමත් මාළුන්ට මාන බලන කොකෙක් දිහා මම බලාගෙන හිටියා.
ඌ එක එල්ලේම වැවේ මාළු දිහා බලාගෙන ඉන්නවා. තව තැනක දියකාවෙක් එකපාරටම වතුර යටට ගිහින් ඊට ටික දුරකින් මතු වෙලා අහසට පියාඹගෙන ගිය හැටි මට මහා පුදුමයක් වුණා. දියකාවට එහෙම වතුර යටට ගිහින් උඩට එන්න පුළුවන් වුණාට, අම්මට එහෙම වතුර යටට ගිහින් උඩට එන්න බැරිව ගියා. එකපාරටම අම්මා ජබු ගහන සද්දෙ වැඩි වුණා. ඒ සද්දෙට මාළුන්ට මාන බල බල හිටිය කොකත් කලබල වෙලා ඉගිල්ලිලා ගියා. තාත්තා අම්මව බේරගන්න වැවට පැන්නට, දෙන්නා තරගෙට වගේ මුළු වැවටම ඇහෙන්න ජබු ගැහුවා. ඒ ජබු සද්දෙත් ටිකෙන් ටික නැති වෙලා ගියා. ඒත් මගේ හිත ඇතුළෙ තවමත් ඒ සද්දෙ දෝංකාර දෙනවා.ආයෙ කවදාවත් තාත්තාවත් අම්මාවත් වැවෙන් ගොඩට ආවේ නැහැ. එයාලා වැව ඇතුළෙම
මාව දාලා හැංගිලා ගියා. එයාලා එනකම් මං එදා හුඟක් වෙලා බලන් හිටියා. රෑ සීතල එන්න එන්නම වැඩි වෙනකොට, වැව දිහෑන් අමුතු අමුතු සද්ද ඇහෙනකොට එදා මම තට්ට තනියම ඉඳන් කෑගහලා ඇඬුවා. වැවේ එහාට මෙහාට පීනන මාළුන්ට ඇහෙන්න මම ඇඬුවා. වැව් දියේ හැංගිලා ගිය අම්මටයි තාත්තටයි ඇහෙන්නම මම කෑගහලා ඇඬුවා. ඒත් කවුරුවත් ආවෙ නැහැ… එදා මගේ ඇස්වලින් බිමට වැටුණු කඳුළු ඒ වැවේ වතුරට එකතු වෙලා මුළු වැවම මාත් එක්ක
එකට අඬන්න ඇති කියලා මම අදටත් හිතනවා. -
(0)
නිෂ්පත්ති – Nishpaththi
Rs. 1,200.00Rs. 960.00“කීයක් හරි ඉතුරු කරගනිං… අත් දෙක වනවනා මිනිහෙක් එක්ක ගියදොට උඹටමයි අන්තිමේ කතන්දර අහන්න වෙන්නෙ..” ගෙදර සිටි දින දෙක තුළ අම්මා දහ දොළොස් වතාවකට වඩා මැතුරූ මන්තරය වූයේ එයයි. තිළිණි එය නොදැන සිටියා නොවේ. එහෙත් අනාගතය වෙනුවෙන් ඉතිරි කරන්නට නම් වර්තමානය තුළ ජීවත් විය යුතුය. ජීවිතය විඳිය යුතුය. තිළිණි විශ්වාස කළේ එයයි. එසේම ඇය පිරිමින් සම්බන්ධයෙන් දැක්වූයේ එතරම් යහපත් ආකල්පයක් නොවේ. විශේෂයෙන්ම තමුන් දන්නා ගමේ උදවිය, ඥාතීන්, පවුලේ හිතවතුන් ගත් කළ පිරිමින් යනු හුදු පීඩකයන් පමණකි.
-
(0)
නෝබොඩි – Nobody
Rs. 1,250.00Rs. 1,125.00වැව නිසසලය. එහෙත් ගල් තලාව මත අව්ව තපින කිඹුලාද
දිය මතු පිට වේගයෙන් ඇදී යන දියකාවෝ ද එය එසේ නොවන බව පහදා දෙති. වැවට ඉහළ නිල්වන් අහස් ගැබ එකලාව සරන උකුස්සා මාංශ භක්ෂක පක්ෂියකුගේ උදාරම් බව විදහා පාමින් මේ අරුමැසි සිත්තම පූර්ණත්වයට පමුණුවයි.
පැලේ පිල් කණ්ඩියට හේත්තු කළ බයිසිකලය මත රැඳුණු දෑස අඳුරුය.
” මං ආවට කැමති නෑ නේද?”
ඇය එක එල්ලේ ඇසූ ප්‍රශ්නයෙන් ඔහු තිගැස්සුණේය.
ඇයි එහෙම කියන්නෙ?”
” එහෙම තමා පේන්නෙ.” -
(0)
පර්සෝනා – Parsona
Rs. 1,250.00Rs. 1,000.00කාන්තා ව්‍යවසායකත්වය මුල් කරගත් අගනා නවකතාවකි
—————————————————————————-
සිහින දකින්න ධෛර්යයක් අවශ්‍ය නැහැ. නමුත් කිහින විශ්වාස කරන්න මහා ධෛර්යයක් අවශ්‍යයයි. ඒ වගේමහදවතින්ම විශ්වාස කරන සිහිනයක් නඹා යන්න බරපතළ අවදානමක් ගන්න ඔබ සුදානම්ද?
-
(0)
පිටසක්වළින් ආ අද්භූත සත්ත්වයා – Pitasakwalin Aa Adbootha Sathwaya
Rs. 300.00Rs. 240.00” මම තව බැටෑලියන් එකක් යැව්ව. ඒ අය කැලේ ඇවිද්දෙ නැහැ උඩින් බැහැල ඉක්මනින් ආපහු ආව. ඒ අය තමයි ඔය මිනී ටික ගෙනාවෙ. ඉන් පස්සෙ මං බුද්ධි ඒකකයෙ 10ක් යැව්වා ඔත්තු බලන්න. දක්ෂම කොල්ලො ටිකක්. ඒ අය ආපහු ආවෙත් නැහැ.”
” කර්නල් අපි තවත් පමා වෙන එක හොඳ නැහැ. මම
දැන්මම පිටත් වෙන්නම්. මට දෙන්න කොල්ලො දෙතුන් දෙනෙකුයි හෙලිකොප්ටරයකුයි. ගෝත්‍රිකයෝ නෙමේ යක්කු වුණත් කුදලාගෙන එන්නම් මම. “ -
(0)
පෘථිවි – Pruthivi
Rs. 1,500.00Rs. 1,200.00ඔවුහු තමා යක්ෂයා ලෙස හංවඩු ගැසුවෝය. ද්‍රෝහියෙකු ලෙස නම් කර පිටුවහල් කළෝය. ‘අයෙක් නොදන්නා දැනුමක් බෙදා දීම ඔහු යක්ෂයෙකු වීමට බලපායිද…’ හෙතෙම නැවතත් සිතුවේය. තමා කෙරෙන්ඈ ත් වන්නා වූ ස්වර්ගය දෙස අවසන් වරටත්
බැලුවේය. ‘ද්‍රෝහි වූයේ මා ඔවුනට නොව, ඔවුන් මා
හටය. දිනෙක එය සංසිඳෙනු ඇත. ස්වර්ගය බිඳ වැටෙනු ඇත!’
තමාම එය සිදු කරනා වග, ඔහු තමාටම ශපථ කරගත්තේය.
ඔහු ද්වාරය තුළ ගිලෙත්ම, ස්වර්ගය ඔහුගේ ඇස් මානයෙන්ගි ලිහිණි. -
(0)
පෝ – PO
Rs. 1,200.00Rs. 960.00තානායම අවුරුද්දකට කලින් සම්පුර්ණයෙන්ම වහලා දැම්මා,”“කවුද සිරිමෙවන්? ““ඕකේ අයිතිකාරයා. ඉස්සර හින්නළුවේ හිටිය කෙරුම්කාරයෙක්. මිනිහගේ තමයි ඔය තානායමත්”” මොනවටද මිනිහව ඇල්ලුවේ ”“කැලෑවේ ජාවාරම් කරනවා කියලා”“මොන ජාවාරම්ද?”“කුඩු, ඒත් ඒක නෙමේ ඇත්ත කතාව. මිනිහා කුඩු ජාවාරම් කරන්න ඇති, ඒ එක්කම ඊට වඩා ලොකු ජාවාරමක් මිනිහා කළා “ -
(0)
ප්‍රේමසුත්‍ර
Rs. 1,400.00Rs. 1,120.00ප්‍රිය ආලිංගනයන්ගෙන් සපිරි සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදිවූවා ය. අලුයම් යාමයෙහි සූර්ය සම්ප්රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන් ම වසා දමා තිබූ කලාපයකි. ඔහු හා සමඟ සමීප ඇසුරක් ඇරඹූ දා සිට සිය හැඟීම් සමඟ සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැඟුම් සමුදායකි.
එදා සිට ම ඔහු ඇසුරෙහි උණුසුමෙන් ඈ ප්‍රමුදිතව සිටියා ය. එහෙත් කිසි විටකවත් එය දැල්වෙන්නට ඉඩ නොදුන්නා ය. ආවර්ජනාත්මක සොඳුරු වින්දනයකට පමණක් ඔහුගේ ඇසුර සීමා කරගන්නට ඇය සෑමවිට ම යත්න දැරුවා ය. ඒ පිරිමියෙකු සමඟ සහවාස ජීවිතය පිළිබඳ අතීතය විසින් ලබාදී තිබූ අමිහිරි අත්දැකීම් හේතුවෙනි. එහෙත් අද ඔහු උණුසුම හමුවෙහි ඈ වෙඬරු පිඩක් ව දියව ගියා ය.
අතීත සහවාසයේ දී තමා ජීවිතය යැයි සිතා සිටියේ අර්ධයකට ය. එය ද ශාරීරිකව මෙන්ම මානසිකව අමිහිරි අත්දැකීම්වලින් පිරි පීඩාකාරී එකක් විය. සැබැවින්ම සිය ජීවිතයේ ප්‍රථම වතාවට පරිපූර්ණ ඇසුරක පහස වින්දේ අද ය. එය නැවත නැවත සිත ඉල්ලන තරම් ස්වර්ගාස්වාදයකි
-
(0)
බත්තලංගුණ්ඩුව – Baththalangunduwa
Rs. 980.00Rs. 882.00කල්පිටි කළපු දියවර මත හිරු රැස් වෑස්සෙයි. ළා හිරු රැසින් තෙමී අවදි වී ඇඟමැළි කඩා ගත් කළපුව සරැලි නංවයි. සිහින් සරැලි එකෙකු පසුපස එකෙකු ලුහුබඳී. අඩුලුහුඬුකම් නැති රිද්මය චලනයකි. කෙළි දෙළෙනි.
හිමි දිරියටත් නොදන්වා දවස අවදි වූවා වැන්න.
වයඹදිග සතර දිග් භාගයට උදෑසන උදා වුව අහස මඳඳුරු ය.
-
(0)
බියුරෝ
Rs. 1,900.00Rs. 1,710.00ලොව බලවතුන් අප දෙස බලා සිටී.අපේ හැසිරීම්,කතාබහ,ගමන්බිමන් ඔවුන්ගේ අවධානයට ලක් වෙයි. අපව දුර්වල, අසරණයින් බවට පත් කර ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉටු කර ගැනීම ඔවුන්ගේ අරමුණයි.ඒවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. බලවතුන්ට විරුද්ධව සටන් කිරීම ඒකකි. ඒසේ නැතිනම් ඔවුන්ඔවුන් හමුවේ පරාජයට පත්ව මිය යා යුතු ය.
මැරෙනවානම් අපි ඔක්කොම ඒකට මැරෙමු…ඒය අපේ තීරණයයි.
-
(0)
බිසෝ උරුමය – Biso Urumaya
Rs. 1,250.00Rs. 1,000.00වජ්‍රය නම්වූ සුන්දර ගිරි රාජධානියේ මහරජුට දාව දාසියක කුසින් උපන් මායා කුමරිය ඇගේ උපතින් දෙවන දින සිට රාජකීය වෙදනාගේ කෲර වෛද්‍ය පරීක්ෂණයක ජීවී මෙවලම වන්නේ පිය රජුගේම අවසරයෙනි. අනාගතයේ එන්නාවූ යුද්ධයකදී ජීව අවියක් වන්නට නියම කර රති කාම කලාවන්හි නිපුණ කරවමින් අභිරූපී ඈ උස්මහත් කරනුයේ සතුරු රජුගේ දිවි තොර කිරීම වෙනුවෙන්මය. වජ්රයේ මහ රජුගේ අතිජාත දියණී යැයි මුසා දොඩමින් ඈ සතුරු රජු වෙත බිසෝ කොට යැවීම පසුපස ඇත්තේ වසර ගණනාවක රාජ්‍ය තාන්ත්‍රික කුමන්ත්රණයකි. අධිරාජ බෑණනු වූ වර්ධාර මහරජු සුරූපී කුමරි වෙසින් තමුන් වෙත එළැඹෙන මරණය දෝත පා පිළිගනීද?
ජීව අවියක නොකියවා, අත් හැර දැමූ හදවත ඔහු කියවා ගනීද?
මරණයම මිස ජීවිතය බෙදා හදාගන්නට විෂ කන්‍යාවකට හැකි වේද?
බිසෝ උරුමය- වජ්රයේ ගිරි ශිඛර අතරේත්, වර්ධාරයේ දිව්‍යමය ගංධාරයේත් ජීවත්වූ නන්විධ ස්ත්‍රීන්, පුරුෂයින් හා අර්ධ ස්ත්‍රී- පුරුෂයින්ගේ ජීවන චරිත අතරේ දිගහැරෙන අපූර්ව කතාපුවතකි. -
(0)
භාවාත්ම
Rs. 880.00Rs. 704.00විනාඩි කිහිපයක් තුල දෙදෙනාම අතේ තියං හිටපු මල් මාලේ…” දෙවියනේ.. ඒක….. ඒක….. රතු පාට වෙලා….. දෙවියනේ ….. පායල්ට කෑ ගැසුනෙ මහ හඬින්… ඇයට තමන්ව පාලනය කර ගන්නවත් හයියක් තිබුනෙ නැ… සියල්ල දරාගෙන හිටිය පෘථිවිගෙ දෙනෙත් අග කඳුළු කැට බේරුනා.” එහෙම දෙයක් වෙන්න එපා දෙවියනි…” අහිංසකී හඬා වැළපුනා….. පූසාරී තමන්ගෙ යාතිකාව නැවැත්තුවෙ නෑ.. දිගටම කරගෙන ගියා… යාතිකාව අවසන් වෙද්දි එකම එක සුදු මලක් ඉතිරි වෙලා සියලුම මල් රතු පැහැයට හැරිලා තිබුනා… පායල්ගෙ වගේම පෘථිවිගෙ හදවතත් මොහොතකට නතර උනා.. -
(0)
මගේ ආදර අවනඩුව – Mage aadara awanaduwa
Rs. 1,200.00Rs. 1,080.00මල්සර දුන්නෙහි හී දෙකකින් සාදන ලද ඔරලෝසු කටුවලින් සමන්විත ප්‍රාකාර හෝරා යන්ත්‍රය සිත් නෙත් සිත් නෙත් සිත් නෙත් හඩ දෙමින් කාලය අතීතයෙන් අනාගතයට අදියි. දෙදුනු රේඛාවන්ගෙන් නිර්මිත සාක්ෂි කුඩු මත මිතුරු සියොත්හු රොද බැඳ සිටිති. එනමුදු අවාසනාව පියපත් අතර රඳවාගෙන සපැමිණි ඔවුන් මෙතැන ගොළුය. පැමිණිලි කුඩුව රෝස මලෙන් ගැවසී ගොස් ය. එහි ඇත්තේ අරුමැසි රූප ඡායාවකි. මා වික්ෂිප්තව සිටගෙන සිටින මේ විත්ති කූඩුව නිමවා ඇත්තේ දහස්වරක් ශෝකය වැයූ වීණාවක තත්වලිනි. මා මුව ද ගොළුව ඇත පෙනෙන්නතෙක් මානයෙහි දිය පොදක් නැත එවැන්නක් කිසිවකුගෙන් නො ඉල්වමි, මක්නිසාදයත් අමපැන් ඉල්ලා හළාහල විෂ ලත් අතීත ජීවිතයක් මට තිබේ. මේ පූර්විකාව තවත් දීර්ඝ කො කරමි කිසිදා නොදුටු නාදුන ඔබ දැන් විනිසුරු අසුනට යා යුතුය. එක් ඉල්ලීමක් පමණක් කරමි. මා නිදොස් කොට නිදහස් නොකරන්න එසේ කළ ද සදාකාලික හෘද සිපිරිගෙයක මා සිර වෙමි මෙතැන් සිට මේ ප්‍රේමණිය උසාවිය ඔබට බාරය.
මේ මගේ ආදර අවනඩුව !
-
(0)
මගේ කුලුඳුල් පෙම්වතිය
Rs. 1,500.00Rs. 1,200.00දැන් මට ජීවත් වෙනවානම් එය කළ හැක්කේ ප්‍රේමය වෙනුවෙන් ම පමණි. ඇය මගේ ප්‍රේමය නම් ඒ වෙනුවෙන් දස දහස් වතාවක් හුස්ම ගැනීමට පුළුවන. එසේ නොවන්නේ නම් මියැදීම හැර තවත් විකල්පයක් ඇතැයි මට දැන් නොසිතෙයි. ජීවිතය සමානය ප්‍රේමය – වැඩි කිරීම අනාගතය නම්, බෙදීම, කලකිරීමෙන් අඩුකිරීම මරණය ලෙස මම සමීකරණය වී සිටිමි. මේ සංසාරේ අද ඉන්නවා නම් ඒ ගැන හිතමින් භවයෙන් භවය සසර සැරි සරමින් හීන එකතු කිරීමට මට පුළුවන. ඒත් මේ හීන එකතු කිරීමේ සෙල්ලම සැබෑ නොවන්නේ නම් මගේ ජීවිතය නතර වන්නේ කොතැනදැයි සිතන හැම විටකම ඉරණම තීරණයය කිරීමේ මගේ ජීවිත අයිතිය ඇයට සින්නක්කර පැවරී ඇතැයි සිතමි. බුක්ති විදීමට මට ජීවිතයක් නැත්නම් සින්නක්කරව ඇයට ඔප්පුව පවරා දීමට පුළුවන
– උපුල් ශාන්ත සන්නස්ගල
-
(0)
මරුබිම
Rs. 1,350.00Rs. 1,080.00සිංහල පත්තරේක වැඩ කළත්..දෙමළ පත්තරේක වැඩ කළත් පත්තරකාරයෙක් විදිහට මං කරන්නේ.. එක ම දේ සුරේෂ්. ඉස්සෙල්ල ම අන්න ඒක.. උඹ තේරුම් ගනිං. මොන පත්තරේ වැඩ කළත් අපි කරන්නේ.. මිනිසුන්ගේ දුක් වේදනා ගැනයි.. මිනිසුන්ට සිද්ධවෙන සමාජ අසාධාරණකම් ගැනයි.. බය නැතුව කතා කරන එක. ඒ දේ කරන්න දෙමළ ජාතිකයෙක් වෙච්චි මං.. දෙමළ පත්තරේක ම වැඩකරන්න ඕනි නෑ.ඒකට ඕනි කරන්නෙ ඒ භාෂා දැනුම විතරයි. නියම පුවත්පත් කලාවේදියෙක් ජාතිවාදියෙක් නෙවෙයි සුරේෂ්. හැම වෙලාවෙ ම එයා මානව හිතවාදියෙක්.ඒ වගේ ම.. ජාත්‍යන්තරවාදියෙක්. අනෙක එයා කාටවත් ඕන -
(0)
මසායි දූතිකාව – Masai Duthikawa
Rs. 675.00Rs. 607.50අප්‍රිකාවේ මහා වනාන්තරයක වෙසෙන, ශිෂ්ට සම්පන්න යයි සම්මත ලෝකයට ප්‍රවිෂ්ට නොවූ ගෝත්‍රික මිනිස් සමූහයක් වෙනුවෙන් වෙහෙසෙන තරුණියක ප්‍රධාන කොට ගනිමින් ලියැවෙන මේ සිදුවීම් දාමය පෙළගැසෙන්නේ, අපේ ඇසට නො පුරුදු පරිසරය පිළිබඳව කතුවරිය අපට දායාද කරන චමත්කාරය ඔස්සේ කියවන්නා විස්මයට පත් කරමිනි. අප්‍රිකානු වනගත පරිසරය, ආගන්තුක චරිත, ස්ථාන හා චරිත හඳුන්වා ඇති නාම, පුදුම සහගත හැසිරීම්, සිරිත් විරිත් පිළිබඳව නිරන්තරයෙන් ස්පර්ශ කරමින් එහිම වෙසෙන අප්‍රිකානු වැසියෙකුට ම මිස, බැහැර කෙනෙකුට නොහැක. නවකතාවක් යනු කතන්දරයක් කියාගෙන යාම වෙනුවට, ඒ කථාන්තරයේ එන චරිත තුළින් මනුෂ්‍යත්වයේ සැගවුණු පෙදෙස්වලට තියුණු ආලෝක ධාරාවක් යොමු කර, ඒ මෙසේ මෙසේ යයි දකින්නට සැලැස්වීමය යන අදහස කතුවරිය සිය නිර්මාණය තුළින් සනාථ කර තිබේ.
-
(0)
මා
Rs. 1,300.00Rs. 1,040.00ජීවිතය මහ පුදුමාකාර දෙයකි.සැලසුම් කාලසටහන් කිසිවක් එයට අදාළ නොවේ.සියල්ල තීරණය කරනු ලබන්නේ එ මොහොත විසිනි.අවසන ශේෂ වනුයේ කලකිරිම් හා පසුතැවීම් පමණි.ඒවාටද නිශ්චිත හේතු කාරණා නොමැත.හේතු සොයන්නට යෑම ද නිශ්ඵලය.ජීවිතය නිදහසේ ගලා යන්නට ඉඩ දිය යුතුය.එය කාන්තාර මෙන්ම කෙම්බිම් පසුකරමින් නන්නාදුනන අන්තයක් සොයා සෙමින් ගලා බසිනු ඇත.එ අන්තය සුඛාන්තයක් ද ඛේදාන්තයක් ද යන්න තීරණය කරනු ලබන්නේ ද එ මොහොත විසින්ය.
-
(0)
මාණික්කාවත
Rs. 900.00Rs. 720.00“උඹලගේ පඳුරු ගැනිල්ල අපට නතර කොරන්න බැරි වග උඹල දන්නවා… විසේසෙන් කෙල්ලේ උඹ බලවතියක්.ආසාවල් ඇති වෙනවා තමයි. ඒ් උණාට සිහි කල්පනාවට ගනිං,ගොයම කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලාම ගොයම හොදට පැහෙන කල් ඉන්න ඔ්නි. ඊට පස්සෙං පහු යි පැහුණු ගොයම කපාගන්නේ .ඊට පස්සෙ යි කැපූ ගොයම පාගලා අස්වනු ඒක්කාසු කොරගන්නේ.ඊට කලියෙං කුඹුරට පැනලා දැඟලුවාම මොකෑවෙන්නේ? ආයේ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නේ නෑ… මේකා ඉලන්දාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වෙළේ ඒබිලා අමුඩ ලේන්සුව මිරිකලා ඒ්කෙන් පිහදාගෙන ගෙදර යන්න ඇහැකි.හැබැයි උක්කුං කෙල්ලේ,උඹට ඒ්ක ඒහෙම කොරන්න බෑ…
-
(0)
මැයි මාර ප්‍රසංගය – Mai Maara Prasangaya
Rs. 700.00Rs. 560.00මං අපේ ගමේ ගෙදර ඉස්තෝප්පුවේ බැම්ම උඩ තියාගෙන, සමිධ අයියා සහ ඔබ හිතේ තියාගෙන ගොඩනගපු කතාව ලියාගෙන ගියා. සති ගාණක් තිස්සේ කතාව ලියල ලියලා දවසක් රෑ කෑම කන්න ගෙයින් එළියෙ තිබුණු කුස්සියට ගියා. කුස්සියේ ඉඳගෙන බත් කකා ඉද්දි මිදුල පැත්තෙන් විශාල එළියක් දැක්කා. මං හිතුවා හුළු අත්තක් පත්තු කරගෙන කවුරු හරි ගෙදරට එනවා කියලා. ඒත් හීනෙකින් වගේ යටි හිත දෙබෑ කරගෙන ආපු සැකයක් හින්දා දුවගෙන ආවා බැම්ම ළඟට. වැඩේ හරි හුළඟට ලාම්පුව පෙර ලියපු කොළ ටික උඩට. සේරම පිච්චිලා තිබුණා. මං ඉතින් පහුවදා වෙනකම්ම ඇඬුවා. එතකොට ඉතින් මගෙ වයස දහනවයයිනේ.
-
(0)
මීෂා
Rs. 980.00Rs. 784.00අර්මේනියාවේ වැනර් ප්‍රදේශයේ සිදුවූ අමානුෂික ඝාතන දාමයෙන් සහා එමිලින්ගේ මරණයෙන් පසුව, “ගෝර්” ජීවත් ව සිටි නිවස මුළුමනින්ම ගිනිබත්ව විනාශ වි ගියේය. ගෝහා නම් වූ එම භයංකාර ආත්මය නිවසේ පිටුපස ඇති ඕක් ගසක් මත තනා තිබුණු “අට්ටාලමක්” තම වාසස්ථානය කොට ජීවත් වීමට පටන් ගත්තාය.
ගෝහාගෙන්, නිවුන් සොහොයුරාගේ ජීවීතයට අනතුරක් වේ යැයි සිතූ ඇගේ මිත්තනිය ඇයගෙන් පොරොන්දුවක් ගත්තාය. ”ඇය කිසිම දිනෙක මෙම අට්ටාලය ඇති මායිමෙන් පිටතට නොපැමිණිය යුතුය.” කතාව පටන් ගන්නේ මෙතැන් සිටය. අතිශයින්ම භයංකාර වූත්, ගුප්ත, කුතුහලයෙන් පිරී ගිය මෙම වෘත්තාන්තය අර්මේනීයාවේ සිදුවූ සත්‍ය සිදුවීම් දාමයක් මූලාශ්‍ර කොටගෙන ලියවී ඇත.
මෙය ගෝහාර් පොතේ තවත් කොටසක් නොව “වෙනම” පොතකි.
-
ඔයයි මමයි තව දෙන්නයි – Oyai mamai thawa dennai
Rs. 1,170.00මේ වගේ වෙලාවක කෙල්ලෙක්ට ට්‍රයි කරනව නම් මධ්‍යස්ථ බවකින් කෙල්ලගේ හිතේ ලියාපදිංචි වෙන්න ඕනේ. මොකද නැත්නම් කෙල්ල දැන ගන්නවා කොල්ලා එන්නේ පොල් පැළේ කන්න කියලා වැඩිපුර වැරදි කරලා තියෙන්නේ කෙල්ල වුණත් ඒ වැරැද්ද අතිශය සාධාරණ මානුෂික කරුණක් බවට තර්ක ගොඩනගන්න ඕනේ. මේ අතරේ සෙක්ස් වගේ දේවල් ගැන ගොඩක් ගැඹුරින් ඒත් සරල ව ‘මට ඕවා ගාණක් නෑ කියන්න වගේ අදහසුත් එකතු කරගැනීමේ අනිවාර්යයි. තමන්ට ඕනම දෙයක් තේරුම් ගන්න පුළුවන් කැපෑසිටි එකක් තියෙනවා කියලා කෙල්ලගේ හිතට එන්නත් කිරීමත් වැදගත් කවිකාර දඟකාර හිතුවක්කාරකම් ගෑවුණ වචන සාමාන්‍ය වචන දහයකට දෙකක්වත් යොදා ගැනීම අනාගතයට ප්‍රයෝජනවත්
-
බිසෝ උරුමය – Biso Urumaya
Rs. 1,000.00වජ්‍රය නම්වූ සුන්දර ගිරි රාජධානියේ මහරජුට දාව දාසියක කුසින් උපන් මායා කුමරිය ඇගේ උපතින් දෙවන දින සිට රාජකීය වෙදනාගේ කෲර වෛද්‍ය පරීක්ෂණයක ජීවී මෙවලම වන්නේ පිය රජුගේම අවසරයෙනි. අනාගතයේ එන්නාවූ යුද්ධයකදී ජීව අවියක් වන්නට නියම කර රති කාම කලාවන්හි නිපුණ කරවමින් අභිරූපී ඈ උස්මහත් කරනුයේ සතුරු රජුගේ දිවි තොර කිරීම වෙනුවෙන්මය. වජ්රයේ මහ රජුගේ අතිජාත දියණී යැයි මුසා දොඩමින් ඈ සතුරු රජු වෙත බිසෝ කොට යැවීම පසුපස ඇත්තේ වසර ගණනාවක රාජ්‍ය තාන්ත්‍රික කුමන්ත්රණයකි. අධිරාජ බෑණනු වූ වර්ධාර මහරජු සුරූපී කුමරි වෙසින් තමුන් වෙත එළැඹෙන මරණය දෝත පා පිළිගනීද?
ජීව අවියක නොකියවා, අත් හැර දැමූ හදවත ඔහු කියවා ගනීද?
මරණයම මිස ජීවිතය බෙදා හදාගන්නට විෂ කන්‍යාවකට හැකි වේද?
බිසෝ උරුමය- වජ්රයේ ගිරි ශිඛර අතරේත්, වර්ධාරයේ දිව්‍යමය ගංධාරයේත් ජීවත්වූ නන්විධ ස්ත්‍රීන්, පුරුෂයින් හා අර්ධ ස්ත්‍රී- පුරුෂයින්ගේ ජීවන චරිත අතරේ දිගහැරෙන අපූර්ව කතාපුවතකි. -
මගේ ආදර අවනඩුව – Mage aadara awanaduwa
Rs. 1,080.00මල්සර දුන්නෙහි හී දෙකකින් සාදන ලද ඔරලෝසු කටුවලින් සමන්විත ප්‍රාකාර හෝරා යන්ත්‍රය සිත් නෙත් සිත් නෙත් සිත් නෙත් හඩ දෙමින් කාලය අතීතයෙන් අනාගතයට අදියි. දෙදුනු රේඛාවන්ගෙන් නිර්මිත සාක්ෂි කුඩු මත මිතුරු සියොත්හු රොද බැඳ සිටිති. එනමුදු අවාසනාව පියපත් අතර රඳවාගෙන සපැමිණි ඔවුන් මෙතැන ගොළුය. පැමිණිලි කුඩුව රෝස මලෙන් ගැවසී ගොස් ය. එහි ඇත්තේ අරුමැසි රූප ඡායාවකි. මා වික්ෂිප්තව සිටගෙන සිටින මේ විත්ති කූඩුව නිමවා ඇත්තේ දහස්වරක් ශෝකය වැයූ වීණාවක තත්වලිනි. මා මුව ද ගොළුව ඇත පෙනෙන්නතෙක් මානයෙහි දිය පොදක් නැත එවැන්නක් කිසිවකුගෙන් නො ඉල්වමි, මක්නිසාදයත් අමපැන් ඉල්ලා හළාහල විෂ ලත් අතීත ජීවිතයක් මට තිබේ. මේ පූර්විකාව තවත් දීර්ඝ කො කරමි කිසිදා නොදුටු නාදුන ඔබ දැන් විනිසුරු අසුනට යා යුතුය. එක් ඉල්ලීමක් පමණක් කරමි. මා නිදොස් කොට නිදහස් නොකරන්න එසේ කළ ද සදාකාලික හෘද සිපිරිගෙයක මා සිර වෙමි මෙතැන් සිට මේ ප්‍රේමණිය උසාවිය ඔබට බාරය.
මේ මගේ ආදර අවනඩුව !