-
(0)
මැයි මාර ප්‍රසංගය – Mai Maara Prasangaya
මං අපේ ගමේ ගෙදර ඉස්තෝප්පුවේ බැම්ම උඩ තියාගෙන, සමිධ අයියා සහ ඔබ හිතේ තියාගෙන ගොඩනගපු කතාව ලියාගෙන ගියා. සති ගාණක් තිස්සේ කතාව ලියල ලියලා දවසක් රෑ කෑම කන්න ගෙයින් එළියෙ තිබුණු කුස්සියට ගියා. කුස්සියේ ඉඳගෙන බත් කකා ඉද්දි මිදුල පැත්තෙන් විශාල එළියක් දැක්කා. මං හිතුවා හුළු අත්තක් පත්තු කරගෙන කවුරු හරි ගෙදරට එනවා කියලා. ඒත් හීනෙකින් වගේ යටි හිත දෙබෑ කරගෙන ආපු සැකයක් හින්දා දුවගෙන ආවා බැම්ම ළඟට. වැඩේ හරි හුළඟට ලාම්පුව පෙර ලියපු කොළ ටික උඩට. සේරම පිච්චිලා තිබුණා. මං ඉතින් පහුවදා වෙනකම්ම ඇඬුවා. එතකොට ඉතින් මගෙ වයස දහනවයයිනේ.
Rs. 700.00Original price was: Rs. 700.00.Rs. 560.00Current price is: Rs. 560.00. -
(0)
මන්දෝදරී – Mandodari
ඒ සමඟ ඇයට ඇති වූ කේන්තිය කෙතරම්ද යත් ඇය මිට මොළවා ඔහුට පහර දුන්නාය. ගෑනු පළිගන්න හැටි ඔයා තාම දන්නෙ නෑ..’ ඇය එසේ කීවේ ඔහු ඇස් පියා ඒ වේදනාව විඳින අතරය.
ඉන්පසුව යළිත් ඔහුගේ පපුව මතම හිස හොවා මෙසේද කීවාය.
ඒ පළිගන්න මිනිස්සුන්ගේ පපුව උඩම තමා ගෑනු ඔලුව තියාගන්නත් කැමති.!’
පෙර ඇණවුම් කළ හැක
අගෝස්තු 15 වන දින නිකුත් වේ.
නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක…Rs. 1,650.00Original price was: Rs. 1,650.00.Rs. 1,403.00Current price is: Rs. 1,403.00. -
(0)By : James Niranjan-
දකින්න වෙනස්ව ජීවිතය – Atomic Habits
ජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම් පුරුදු දිනෙන් දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළිනි. පුරුදු ගොඩනැගීම පිළිබඳ ලොව ප්‍රකට විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වන ජේම්ස් ක්ලියර් විසින් මෙම කෘතිය සම්පාදනය කරන ලදී.
ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල් වූ Atomic Habits කෘතියේ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි.
Rs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 900.00Current price is: Rs. 900.00. -
(0)
TOXIC ගර්භ විස (PRE ORDER)
කහ කිරිල්ලි ලොකු හුස්මක් ගන්න හැටි මං දැක්කා. ඒ එක්කම ආයෙමත් මෙහෙම ප්‍රශ්න කළා.
‘ ඒ මිනිහට ආදරේ නම් මොකටද ඒ මිනිහව මරන්නෙ…?’
ගැනියෙක්ට මිනිහෙක් මරන්න තියෙන්නෙ හේතු දෙකයි.
පළවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට වෛර කරන එක…. දෙවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට ආදරේ කරන එක….
කෙටි විරාමයකට පස්සෙ මං ආයෙමත් මෙහෙම කිව්වා.
දරා ගන්න බැරි තරම් මං එයාට ආදරේ කරන නිසා මට එයාව මරන්ඩ ඕන. මොකද එයා අයිති වෙන්න ඕන මට විතරයි..’Rs. 1,650.00Original price was: Rs. 1,650.00.Rs. 1,320.00Current price is: Rs. 1,320.00. -
(0)
නිල් කට්රොල් – Nil Katarol
මින් වසර එක්දහස් පන්සියයකට පෙර රළු ගල් කුළෙක තම රාජධානිය ගොඩ නැගූ කාශ්‍යපගේ කතාව පමණක් නොවේ.
එසේම උත්පත්තියෙන් කුල හීන වූ පවට අනේක දුක් පීඩා විඳි උපුලීගේ කතාව පමණක් ද නොවේ. මෙය ඔබ මා දන්නා වූ හා
නොදන්නා වූ ගුප්ත සිත්තරෙකුගේ ද අද්භූත ආදර කතාවයි.Rs. 1,650.00Original price was: Rs. 1,650.00.Rs. 1,485.00Current price is: Rs. 1,485.00. -
(0)
ලෝවීනා – loveena
“මට උඹ ගැන කැක්කුමක් නැත්නම් තවත් වදවෙන් නැතුව උඹ කැමැති මිනිහෙක් එක්ක පලයං ….
තම නැන්දම්මාගේ මුණ දිහා එක දිගට ටික වේලාවක් බලා සිටි කිරි අන්තිමට ඇයට කීවේ තව කල්පයක් කල් ගෙවුණත් සසිරා හැර වෙන කිසිම මිනිහෙකු සමඟ තමා නිදාගන්නට යන්නේ නැති බවය.
කන්යාවියක් විදිහට මැරුණත් මං එයත් එක්කම ඉන්නවා…. මේ විදිහට ඇගේ කන්යා භාවයට කිසි හානියක් නොවී තවත් වසර කීපයක් ගත වුණේය. හිටි අඩියේ ඇය අසනීප වුණේ ඔය අතරය. සැබැවින්ම එය අරුම පුදුම අසනීපයක් විය.Rs. 1,650.00Original price was: Rs. 1,650.00.Rs. 1,485.00Current price is: Rs. 1,485.00. -
(0)
සේලවී – Selavi
Rs. 800.00Original price was: Rs. 800.00.Rs. 720.00Current price is: Rs. 720.00. -
(0)
ලක්ෂි – Lakshi
මේ පිපෙන අලුත් සේපාලිකා මල් වගේම
පරවුණ සේපාලිකාවන් සාක්ෂි දරයි
මගේ මේ ආදරය…
සමහර සේපාලිකා මල් කියනවා මට ඇහෙනවා
ලක්ෂි මඳ හිනාවක් මවමින් මෙන්න මෙහෙම,
“ඔයාගේ ආදරේ එයාට මේ අපි වගේ කියලා”
මහා රෑ පිපිලා
මහා පාන්දරම කඩා හැලෙනවා වගේලු
මං මතක් කරා ලක්ෂි
කඩා හැලෙන සේපාලිකා මල්
කඩා හැලුණු පළියට පර වුණේ නෑ කියා…
හරියට මගේ ආදරේ වගේ
ඔයා ළඟ ප්‍රතික්ෂේප වීම් කොතරම් වුණත්
ඒ ආදරේ කඩා හැලුනත් පර වී නෑ…මං ඔයාට අසීමාන්තිකව ආදරෙයි ආදරියේ…
– වරුන් –
Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00. -
(0)
ආකර්ෂණිය නීතිය – Akarshaniya Neethiya
ශ්‍රේෂ්ඨ රහස් ඔබ දෝත දරා හිඳී
යුග ගණනක් පුරා එය පැවත ආවකි. පරපුරෙන් පරපුරට තිළිණවූවකි. බොහොමයක් දැඩිව ආශා කළ දෙයකි. වරෙක සොරකම් වූවකි. නොමැති නම් සැඟවුණකි. ඇතැම් විට එය අතුරුදහන් විණි. එමෙන්ම එය විශාල මුදල් කන්දරාවක් ගෙනාවකි.
සියවස් ගණනක් ඉපැරණි එම ‘රහස‍් ලෝක ඉතිහාසයේ කීර්තිමත් හා කැපී පෙනෙන පුද්ගලයෝ අවබෝධ කරගෙන සිය ගැලීලියෝ, බිතෝවන්, තෝමස් අල්වා එඩිසන්, ඩේල් කාර්නෙගි හා ඇල්බර්ට් අයින්ස්ටයින් ආදීන් ඒ අතර සිටියේ තවත් බොහෝ නවෝත්පාදකයන්, දේවධර්මවාදීන්, විද්‍යාඥයන් හා ශ්‍රේෂ්ඨ චින්තකයන් රැසක් සමඟිනි.දැන් එම ‘රහස’ ලොවට හෙළිවී තිබේ.
‘එම රහස හදාරණ විට අවශ්‍ය දේ ලැබීම, අවශ්‍ය පුද්ගලයා බවට පත්වීම හා අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැක්කේ කෙසේදැයි යන්න ඔබ හඳුනා ගනී. සැබෑ ඔබ කවුදැයි ඔබ හඳුනා ගනී. ජීවිතය තුළ ඔබ වෙනුවෙන් බලා හිඳින සැබෑ විශිෂ්ටත්වය කුමක්දැයි ඔබ හඳුනා ගනී
Rs. 900.00Original price was: Rs. 900.00.Rs. 720.00Current price is: Rs. 720.00. -
(0)
කම්මැළි මොළේ – Kammeli Mole
සෑම මොළයක්ම මූලික ව්‍යුහයෙන් එකම වුවද, සාර්ථක වන අය සහ අරගල කරන අය අතර ප්‍රධාන වෙනස මොළයේ නොව – අපි එය භාවිතා කරන ආකාරයයි. කම්මැළි මොළේ යන සංකල්පය මොළයේ ස්වාභාවික ප්‍රවණතාව වන සුවපහසුව සෙවීම, අභියෝග මඟහැරීම සහ කෙටි මාර්ග ගැනීම පිළිබඳ අවධානය යොමු කරයි. මෙය නිතර මැළිකමට සහ අහිමි වූ අවස්ථාවන්ට හේතු විය හැකිය. නමුත් මෙයින් අදහස් වන්නේ ඔබ ‘කම්මැළි මොළයක’ සිරවී සිටින බව නොවේ. මෙම පොත මානසික පුරුදු හඳුනා ගැනීම සහ ජය ගැනීම, ඔබේ මොළය පහසුම මාර්ගය සොයන එකක් සිට ඵලදායිතාව, වර්ධනය සහ සාර්ථකත්වය මත වැඩෙන එකක් බවට පරිවර්තනය කිරීම ගැන ගවේෂණය කරයි. ප්‍රායෝගික ක්‍රමවේද සහ අවබෝධයන් සමඟ, කම්මැළි මොළය ඔබගේ චින්තනය නැවත සකස් කිරීම, සීමාකාරී රටාවන්ගෙන් නිදහස් වීම සහ ඔබේ මනස තුළ රැඳී සිටින විශාල විභවය නිදහස් කර ගැනීම ගැන ඔබට උගන්වයි. උත්සාහ කරන්න! යළි යළිත් උත්සාහ කරන්න. ඔබ නොදැනීම දිනයි. ඒත් මතක් තියාගන්න. ඔබේ විභවය අනෙකාගේ විභවය නොවන බව මෙහි කතුවරයා කියයි.
Rs. 950.00Original price was: Rs. 950.00.Rs. 855.00Current price is: Rs. 855.00. -
(0)
ඇහැළ මලට දම් පාටක්
“පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.”
පුස්තකාල උද්යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක
දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.
පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.
“The tree of Paramee…!”
“මම පාරමී?”
“ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා
ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”
“ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”
මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත් මම.”
“කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු
ඇහැළ ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”
“ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි.
අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”
“ඇයි ඒ?”
“දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!”Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 1,080.00Current price is: Rs. 1,080.00. -
(0)
Bio Karapu AL | බයෝ කරපු ඒලෙවල්
Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00. -
(0)
රුසියානු භාෂාවට අත්වැලක් – Rusiyanu Bhashavata Athvalak
සිංහලෙන්ම රුසියානු බස ඉගෙනීමට දැන් “රුසියානු භාෂාවට අත්වැලක්”
මේ ඔබටයි
උසස් අධ්යාපනය සදහා රුසියාව බලා යාමට අපේක්ෂිත
සිසුන්
රුසියානු සංචාරකයින් ට මගපෙන්වන සංචාරක මගපෙන්වන්නන්
රුසියානු බස ඉගෙනීමට කැමැත්තක් දක්වන ඕනෑම අයෙක් වෙනුවෙන්
එදිනෙදා ජීවිතයේ අසන දෙබස් රුසියන් බසින් අහන හැටි / කියන හැටි මෙම ග්රන්ථයේ අන්තර්ගත වේRs. 690.00Original price was: Rs. 690.00.Rs. 621.00Current price is: Rs. 621.00. -
(0)
සෙංකොට්ටං
තමාට තිබුණේ බබා හේනයා යැයි නොකියා බබා සිඤ්ඤෝ වැනි නමක් කියන්නට ය. එහෙත් මුසා පැවසීම නොහොබිනා කටයුත්තකැයි ඔහු බුදු බණේ අසා තිබුණේය. ඒ නමුත් නමෙන් බාගයක් හරි ය. එහෙත් නමෙන් අඩක් මුසාවක් බව තමාගේ සිත දනී: දැන දැන මුසාවක් කී විට එය සිතට වදයක් වනු ඇත. ඒ වදකාර සිති වල්ලට වඩා මේ කනගාටුව හොඳ ය. අර ආඩම්බරකාර මිනිසුන් කෙසේ ක්‍රියා කළ ද බුදු හාමුදුරුවන් ඇත්ත විස්තරය දන්නවා ඇත. – ඔහු කල්පනා කළේ ය. එසේ ම අඩු කුලවල මිනිසුන්ට, අඩු කුලවල අසරණ වූ දරුවන්ට බුදු හාමුදුරුවන් ඕනෑ තරම් උදව් පදව් කර තිබේ.
ආතේ. සෙංකොට්ට ඉවරයි නේද?” කුඩා බබා හේනයා ඇසුවේ එකවර යමක් මතක් වීමෙනි.
” කඩ මණ්ඩිය පහු වුණා නේ පැවෝ… පරණ ඒවා ගෙදර ඇති නේ. ඒවා ගමු…”
ඔවුහු යළිත් කරබාගෙන ම රිදීවිට දෙසට ගමන් කරන්නට වූහ.Rs. 900.00Original price was: Rs. 900.00.Rs. 720.00Current price is: Rs. 720.00. -
(0)
දිස්පරයු – Disparue
ප්‍රංශයේ සිට කතා මවන ශ්‍රී ලාංකික ඉන්ද්‍රජාලිකයා – මංජුල සේනාරත්නයන්ගේ නවතම කෘතිය #දිස්පර්යු 12. 12. 12 ට වසර පහකට පසුව නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම යළිත් පරීක්ෂණයක……
2019 වසරේ ජුනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය.
තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදහ්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය නොදී, ඒ අයුරින් අතුරුදන් විය.
තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද? දින දෙකක් පුරාවට දිගහැරෙන,
තාදී සොයා යාමේ මෙහෙයුමයි මේ… පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානි. නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම තාදි සමරසිංහ අබ‍්‍රහස කෙසේ විසඳහු ඇත්ද?Rs. 1,750.00Original price was: Rs. 1,750.00.Rs. 1,575.00Current price is: Rs. 1,575.00. -
(0)
එත් මං ආදරෙයි – Eth Man Adarei
බොහෝ දුර ඈතක සිට බලාගෙන ඉමි ඔබ දෙස පපුව බර වැඩි වෙන කොට ආදරේ දෙමි කවි ලෙස
බොහෝ දුර ඈතක සිට අසා ඉමි ඔබෙ කට හඬ දෙනෝදාහක් සෙනඟ මැද්දෙත් ඇයි මේ තරම් තනිකම
බොහෝ දුර ඈතක සිට සිතාගමි ඔබ ළඟ බව නොලැබෙනා බව දන්න හින්දම විමසමි ලැබිය යුතුමද?
Rs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 900.00Current price is: Rs. 900.00. -
(0)
සාරි ඇඳපු පිරිමි – Sari Andapu Pirimi
මා ගෙවන මේ විචිත්‍ර ජීවිතය අහසින් කඩා වැටුණු එකක් නෙවෙයි. මේ ආනන්දනීය තත්ත්වයට එසවෙන්නට මා විඳි දුක්ඛ දෝමනස්සයන් ලියන්නට මාගලක් තිබුණත් මදි. පුංචි කාලේ අපෝ දුක් විඳලා තියෙනවා. මැතිණිගේ ආණ්ඩුව කාලේ පාන් පෝලිම්වල ලගින කොට මට එකොළහයි. ගමේ පංසලට ගියේ නම්පොත, සකස්කඩ, බුද්ධගජ්ජේ වනපොත් කරන්ඩ. ඒ වුණාට ටික කලක් ගත වෙන කොටයි තේරුණේ, මම මෛථුන්‍ය විනය කර්මයක පැටලී ඇති වග. එතකොට මට දහතුනයි. ඒ චීවරධාරියාට හැට හතරයි.
ඔය කියන හැත්තෑ ගණන්වල ඒක අකරතැබ්බයක්, අපචාරයක්, ළමා අයිතිවාසිකම් උල්ලංඝණයක් කියලා මං දැනං හිටියේ නැහැ. එහෙම දැනුම් තේරුම් තියෙන අය අපේ ගමේ හිටියෙත් නැහැ. අහල ගං හතක හිටියද කියලත් සැකයි. මං දැනං හිටිය එකම සත්‍ය ඒක රහසක් කියලා විතරයි. කෙළ හොල්ලලා තිබ්බොත් නහයෙන් කටිං ලේ දාලා, පපුව හත් කඩකට පැලිලා, එවේලේම පොළොව පලාගෙන නිරයට යන දිට්ඨ ධම්මවේදනීය පාපකර්මයක් කියලා විතරයි.
අවුරුදු දහතුනක පොඩි කොල්ලෙක් කොහෙද එහෙම තීරණාත්මක රහසක් රකින්නේ. පවුලේ කවුරු හරි දැනගත්තා නං සහසුද්දෙන්ම වැරදිකාරයා වෙන්නේ මම. ඒ කාලේ එහෙම තමයි. දැන් කියලා වැඩි වෙනසක් ඇත්තෙත් නැහැනේ. ඉතිං මං අපේ වත්ත පහළින් ගලාගිය මහවැලි ගඟේ ගල්පර අතරේ. ගේ ඉස්සරහ ශාන්ත ජෝන් පල්ලියේ අල්තාරය පිටිපස්සේ, රේල් පාරට එපිටින් වහලවෙල කැරකෝප්පුවේ රූස්ස ගස් අතරේ තනිවී මගේ කථාව මට ම කියාගත්තා.
Rs. 700.00Original price was: Rs. 700.00.Rs. 630.00Current price is: Rs. 630.00. -
(0)
ධනවත් පියා,දිළිඳු පියා
Rich dad, Poor dad ග්‍රන්ථය රචනා කළ රොබට් ටී. කියෝසාකි සැලකෙන්නේ ලක්ෂපතියන්ගේ විදුහලෙහි විදුහල්පති ලෙසිනි. එයට හේතුව ඔහු වත්මන් සමාජයට මුදල් පරිහරණය පිළිබඳව අලුත් සංකල්ප රැසක්ම ඉදිරිපත් කර තිබීමය. උදාහරණයක් ලෙසින් , අප මුළු ජීවිත කාලය පුරාම සිහින දකින වත්කමක් වන නිවසක් යන්න සැබෑ වත්කමක් නොවන බව මෙහි කතුවරයා ඔබට පෙන්වා දෙයි. එමෙන්ම, පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුමක්ම පමණක් වීමෙන් සියලු දෙන වැඩිහිටියන් වූ විට දී මූල්‍ය පරිහරණය පිළිබඳ ගැටලු වලට මුහුණ දෙන බවද මෙහි පැහැදිලි කෙරේ. මෙය මුදල් ගැන අපිව අලුත් විධියට සිතන්නට පුරුදු කරන ග්‍රන්ථයක් බව ඔබට කීවේ එහෙයිනි. එමෙන්ම මෙම ග්‍රන්ථය බොහෝ අවධානයෙන් කියවිය යුත්තකි. මන්ද මෙහි සෑම වදනකින්ම ඔබට වැදගත් දැනුමක් හා අවබෝධයක් ලැබේ.
Rs. 900.00Original price was: Rs. 900.00.Rs. 720.00Current price is: Rs. 720.00. -
(0)
12.12.12
ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන්නෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේය. ඔවුන්ගේ සිහින විනාශ කර දැමුවේ ය. බැලූ බැල්මට එය පරිපූර්ණ මිනීමැරුමකි. කිසිඳු සැක සටහනක් නොමැත.
මිනී මරුවා පලපුරුදු අයෙකි. පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂකවරු මේ අපරාධය දෙස සියක් ආකාරයෙන් බැලූහ. හිම දියව ගොස් නගරයට හිරු පායා එන්නට පෙර අපරාධය විසඳා ගත යුතුය. එහෙත් ඔවුන් ඉදිරියේ වූයේ බිඳ දැමිය නොහැකි ශක්තිමත් පවුරකි. පිට වන්නට දොරටු නොමැති ප්‍රහේලිකාවක ඔවුහු පැටලී සිටියහ.Rs. 1,600.00Original price was: Rs. 1,600.00.Rs. 1,440.00Current price is: Rs. 1,440.00. -
(0)
11 / ELEVEN
මෙය අද්භූත, ඔබ කිසිසේත්ම විශ්වාස නොකරන කරුණුවලින් පිරි ඇත්තා වූත්, විශ්මයජනක කතන්දරයකි. දිනෙක ඔබ මෙය කියවද්දි මා ජීවතුන් අතර නොසිටියහොත්, මතක තබා ගන්න මේ ලියන්නා වූ සියලුම දැ මා විසින් මුහුණ දුන්නා වූත්, දැසින්ම දුටුවා වූත් සත්‍ය කරුණු ය.
මේ කරුණු සහ සිදුවීම්වල ඇති අතිශය ගුප්ත බව නිසා ඔබේ මනස විටින් විට මෙම ප්‍රශ්නය අසනු ඇත.
මේ සියල්ලම ඇත්තක්ද? එවිට මා යළිත් පවසමි.
“මේ සියල්ලම මා මුහුණ දුන්නා වුත් දැසින්ම දුටුවා වුත් සත්‍ය කරුණු ය.”
දෛවයේ කුමන හෝ අභාග්‍යකට මේවා ඒ ආකාරයෙන්ම සිදුවී ඇත.
Rs. 1,300.00Original price was: Rs. 1,300.00.Rs. 1,040.00Current price is: Rs. 1,040.00. -
(0)By : Hovhannes tumanyan
ගිකෝර්
Rs. 450.00Original price was: Rs. 450.00.Rs. 360.00Current price is: Rs. 360.00. -
(0)
බයෝ කරපු ඒලෙවල් 2 | Bio Karapu AL 2
එක පැත්තකට සිද්ධවෙන ප්‍රතික‍්‍රියාවක සීමාකාරී ප‍්‍රතික‍්‍රියකය එක තැනකදි ඉවර වුණා එතනිං පතික‍්‍රියාවත් නැවතුණා!
“ආදරේ කියන්නෙ සමතුලිතතාවයක්! එහෙම නැත්තං ප්‍රතිවර්ත්‍ය පතික‍්‍රියාවක්!”
මම කොයිතරම් කිව්වත් ඔයාට ආදරේ කියන්නෙ.
එක පැත්තකට සිද්ධ වෙන ප්‍රතික‍්‍රියාවක් විතරක්ම වුණා!
Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00. -
(0)
මාණික්කාවත
“උඹලගේ පඳුරු ගැනිල්ල අපට නතර කොරන්න බැරි වග උඹල දන්නවා… විසේසෙන් කෙල්ලේ උඹ බලවතියක්.ආසාවල් ඇති වෙනවා තමයි. ඒ් උණාට සිහි කල්පනාවට ගනිං,ගොයම කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලාම ගොයම හොදට පැහෙන කල් ඉන්න ඔ්නි. ඊට පස්සෙං පහු යි පැහුණු ගොයම කපාගන්නේ .ඊට පස්සෙ යි කැපූ ගොයම පාගලා අස්වනු ඒක්කාසු කොරගන්නේ.ඊට කලියෙං කුඹුරට පැනලා දැඟලුවාම මොකෑවෙන්නේ? ආයේ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නේ නෑ… මේකා ඉලන්දාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වෙළේ ඒබිලා අමුඩ ලේන්සුව මිරිකලා ඒ්කෙන් පිහදාගෙන ගෙදර යන්න ඇහැකි.හැබැයි උක්කුං කෙල්ලේ,උඹට ඒ්ක ඒහෙම කොරන්න බෑ…
Rs. 900.00Original price was: Rs. 900.00.Rs. 720.00Current price is: Rs. 720.00. -
(0)
ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට..?
ප්‍රේමයක් කියන්නේ;
කටු ඇනෙන තැන්වලම
නතර වෙන්නැ’යි කියා
හදවතට බල කරන හැඟීමයපටු අඳුරු තනි මගක
හුදෙකලාවක පවා
උරහිසක මුදු පහස දැනීමයළඟ නැතද අත නෑර
හද සෙමෙන් පිරිමදින
සියුම් උණුසුම් සුසුම් විඳීමයනිති දවන තනිකමක
ගිනියමට ළං ළං ව
දැවී හළු වී; ඉන්ම නිවීමයRs. 450.00Original price was: Rs. 450.00.Rs. 405.00Current price is: Rs. 405.00. -
(0)
ගුරු ගීතය – Guru-Geethaya කෙහෙලි ප්‍රකාශන
එසේ වුණද ඇඳ අවසාන නොකළ ඒ පින්තූර ගැන ඔබ සමඟ කතා කිරිමට මා කැමතිය.ඔබේ උපදෙස් මට බෙහෙවින්ම වටී.මා අඳින චිත්රය පළමුවැනි ගුරුවරයාට,අපේ අයිලයේ පළමුවැනි කොමියුනිස්ට් වාදියාට දුයිෂෙන්ට කැප කරන බව ඔබ දැනටමත් දන්නවා ඇතැයි මම සිතමි. සටන් වලින් පිරී, ඒ අසීරු ජීවිතයත්, විවධ ඉරණම්වලට කැපවු මිනිස් හැගීම් සහ බලාපොරොත්තුත් තෙලි තුඩින් හා සායම්විලන් පිළිබිඹු කල හැකිදැයි මම නොදනිමි.සියල්ල කැටිකොට දැක්වීමට තරම් ශක්තියක් මට තිබේද මා ආසා කරන්නේ මගේ අදහස් ඔබට කියාපෑමට පමණක් නොවේ.ඔබ මා සමඟ එක්වි නිර්මාණාත්මක කලාවේ කොටස්කරුවෙකු විය යුතුය.
Rs. 350.00Original price was: Rs. 350.00.Rs. 280.00Current price is: Rs. 280.00. -
(0)
අම්මපයි,මං කඩුව දුන්නා
කඩුව දුන්නද උදුර ගත්තදතාම සැකයක් තියෙන හින්දාකවියො අදටත් වාද කරනවාලිය ලියා කවි දෙපිල බෙදිලාහොයාගෙන මං ආවේ ඒකයිඉතින් කිසිවක් නොකර සඟවාඑදා වනයෙදි වුණේ මොනවදකුමරියනි මට දෙන්න පහදාRs. 550.00Original price was: Rs. 550.00.Rs. 495.00Current price is: Rs. 495.00. -
(0)
තෙත්සූයා නම් දුනුවායා
“දුන්නෙන් ඉවතට යන හැම හීයක් ම හදවතේ මතකයක් ඉතිරි කරනවා.
එහෙම එකතු වුණු මතක ගොන්න ඔයාව වඩාත් ශූර දුනුවායෙක් කරාවි.”
Rs. 650.00Original price was: Rs. 650.00.Rs. 520.00Current price is: Rs. 520.00. -
(0)
අහම්බයකින් මිස අපි… හමු නොවෙමු කිසිදා යලී
මම ඇතුළුව අපි ගොඩ දෙනෙක්ගෙ ජිවිත වෙනස් වෙන්නෙ එක පාරටම නෙවෙයි. හැම පුංචි වෙනස්කමක්ම වෙන්නෙ බොහොම හිමීට. එතකොට අපිට ඒක දැනෙන්නෙ නෑ. අපේ ජීවිතේ නොහිතුවම විදිහට වෙනස් වෙලා!’ කියලා තේරෙද්දි වෙන්න ඕනෙ විලම් බැසිය වෙලා ඉවරයි.
Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00. -
(0)By : Robin Sharma
ස්වර්ණමය හෝරාව – SWARNAMAYA HORAWA
ව්‍යවසායිකාව මේ මොහොතේ සිතුවේ ඇගේ ව්‍යාපාරික ලෝකය තුළ ඇය මුහුණපාන මේ අඳුරු කළු පැල්ලම් ඇය වෙතට විශේෂයෙන් ආ ආශිර්වාදාත්මක දේ බවය. එය ඇගේ ජීවිතය තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වන වටිනා අවස්ථාවක් බව ඇය තවදුරටත් සිතුවාය.
ව්‍යවසායිකාව ඉදිරියේ සිටින මේ අමුතු විචක්ෂණ ශීලී සහ අව්‍යාජ උපදේශකයා වන ස්ටෝන් රිලේ සිය හදවත ඔවුන් දෙදෙනා ඉදිරියේ විවර කළේය. තවදුරටත් ස්වර්ණමය හෝරාවේ හාස්කම් මගින් උදාකරගත නොහැකි සෞභාග්‍යය සහ එමගින් සිදු කළ හැකි වර්ධනීය ඵලදායිතාව ගැන කරුණු පැහැදිලි කරමින් සිටියේය.
Rs. 1,400.00Original price was: Rs. 1,400.00.Rs. 1,120.00Current price is: Rs. 1,120.00. -
(0)
රෝජා – ROJA
මිනිස්සු… දුබලයන්ව ඉපදෙන්නාහ. මිනිස්සු… ජීවිතයේ යම් යම් යුගවල විවිධ හේතු කාරණාවන් නිසාවෙන් දුබලයන්ව ජීවිතය රැකගන්නාහ. නමුත්… අප කිසිවෙකුටත් දුබලයන්ව මිය යන්නට අයිතියක් නැත. අපි නැඟිටිය යුතුය! අපි හිනැහිය යුතුමය!
Rs. 1,500.00Original price was: Rs. 1,500.00.Rs. 1,200.00Current price is: Rs. 1,200.00. -
(0)
කඩාවැටෙනා තරුවක් – Kadawetena Tharuwak
හැර ගිය නමුත් බඹරුන් මල් පැණිද ගෙනමලකට සතුටු වන්නට හැක සුවඳ ගැනකවියෙකු උරන වන්නේ නැත කිසිම දිනකවියක තවර ගත්තා මිස අහිමි පෙමRs. 500.00Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00. -
(0)
වස්සාන සිහිනය
ප්‍රේමයේ නිදහස හෙවත්
ස්වයංවරයට එරෙහි ව
පවතින ආර්ථික කොන්දේසි
ප්‍රශ්න කිරීමක් මෙන් ම
ප්‍රේමයෙන් ආතුරවීම උදෙසා
මිනිසා තුළ වන
මානවීය ලාලසාව මූර්තිමත් කිරීමක් ද
‘වස්සාන සිහිනය’ තුළ දැකිය හැකි ය.
Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00.
-
ආකර්ෂණිය නීතිය – Akarshaniya Neethiya
Original price was: Rs. 900.00.Rs. 720.00Current price is: Rs. 720.00.ශ්‍රේෂ්ඨ රහස් ඔබ දෝත දරා හිඳී
යුග ගණනක් පුරා එය පැවත ආවකි. පරපුරෙන් පරපුරට තිළිණවූවකි. බොහොමයක් දැඩිව ආශා කළ දෙයකි. වරෙක සොරකම් වූවකි. නොමැති නම් සැඟවුණකි. ඇතැම් විට එය අතුරුදහන් විණි. එමෙන්ම එය විශාල මුදල් කන්දරාවක් ගෙනාවකි.
සියවස් ගණනක් ඉපැරණි එම ‘රහස‍් ලෝක ඉතිහාසයේ කීර්තිමත් හා කැපී පෙනෙන පුද්ගලයෝ අවබෝධ කරගෙන සිය ගැලීලියෝ, බිතෝවන්, තෝමස් අල්වා එඩිසන්, ඩේල් කාර්නෙගි හා ඇල්බර්ට් අයින්ස්ටයින් ආදීන් ඒ අතර සිටියේ තවත් බොහෝ නවෝත්පාදකයන්, දේවධර්මවාදීන්, විද්‍යාඥයන් හා ශ්‍රේෂ්ඨ චින්තකයන් රැසක් සමඟිනි.දැන් එම ‘රහස’ ලොවට හෙළිවී තිබේ.
‘එම රහස හදාරණ විට අවශ්‍ය දේ ලැබීම, අවශ්‍ය පුද්ගලයා බවට පත්වීම හා අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැක්කේ කෙසේදැයි යන්න ඔබ හඳුනා ගනී. සැබෑ ඔබ කවුදැයි ඔබ හඳුනා ගනී. ජීවිතය තුළ ඔබ වෙනුවෙන් බලා හිඳින සැබෑ විශිෂ්ටත්වය කුමක්දැයි ඔබ හඳුනා ගනී
-
අම්මපයි,මං කඩුව දුන්නා
Original price was: Rs. 550.00.Rs. 495.00Current price is: Rs. 495.00.කඩුව දුන්නද උදුර ගත්තදතාම සැකයක් තියෙන හින්දාකවියො අදටත් වාද කරනවාලිය ලියා කවි දෙපිල බෙදිලාහොයාගෙන මං ආවේ ඒකයිඉතින් කිසිවක් නොකර සඟවාඑදා වනයෙදි වුණේ මොනවදකුමරියනි මට දෙන්න පහදා


































